Pages

Thursday, August 20, 2009

නොලියා බැරිකමට ලියමි....

විශ්ව විද්‍යාලයට ඇතුලු වී මසක් ගෙවී යන මේ මොහොතේ, ගතවූ කාලය පිළිබඳ ලිවීමට සිත් වන දෑ බෙහෙවි. පෞද්ගලිකව මා හට ඉතා විනෝදාත්මක ලෙසත්, ඉතා ප්‍රයෝජනවත් ලෙසත් ගෙවී ගිය මෙම කාල ප්‍රාන්තරය මගේ ජීවිතයේ වැදගත් කඩඉමක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මේ කාලය තුළ අප කළ කී දෑ සියල්ල වචනයෙන් වචනය ලිවීමට මට අවශ්‍ය නැත්තේ අවසානයේ එය හුදු ස්වයං-වර්ණනයක් ලෙස ඇතැමෙකු දැකීමට ඉඩ ඇති බැවිනි.

පසුගිය සති කිහිපය තුළ ම හරිහැටි යමක් ලිවීමට නොහැකිවීම පසුපස ඇති හේතුවත් සරසවියේ කටයුතු හේතුවෙන් ඒ සඳහා උචිත විවේකයක් නොලැබීමයි. උසේන් බෝල්ට්ගේ අසමසම ලෝක වාර්තාව ගැන යමක් ලියන්නට ඊයේ සිතුන ද එය ද අත්හැර දැමීමට සිදු වූයේ පරිගණක තිරය දෙස දීර්ඝ වේලාවක් දෑස් දල්වා බලා සිටීමට අපහසු, දැඩි මහන්සි ගතියක් ගතට දැනුණු බැවිනි. අද දිනයේ වුව ද යමක් ලියන්නට සිත් වූයේ ඊට හේතු වන ප්‍රබල උත්ප්‍රේරකයක ක්‍රියාව නිසාවෙන් මිස ලිවීමට උචිත, විවේකී නිදහස් වටපිටාවක් ගොඩනැගීම නිසා නොවේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම අත්දැකීම් කිහිපය අළලා මා අවසන් වරට ලියූ ලිපිය ඇති කළ ආන්දෝලනය මා හඳුනන බොහෝ දෙනා දනිති. සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය වෙළාගෙන පවතින, "නවක වදය" නම් බියකරු කළු වලාව ගැන ලියැවුණු එම ලිපිය අවසානයේ, නැවත එවැන්නක් නොලිවීමට මා අදිටන් කරගත්තේ එම ලිපිය හා ඊට කලියෙන් ලියැවුණු ලිපි කිහිපය හරහා මා කිව යුතු සියල්ලම පාහේ කියා තිබුණු බැවිනි.

එමගින් ඇතිකළ පුළුල් කතිකාව හේතුවෙන් එම ලිපිය ගැනත් යමක් නොකියා ම බැරි ය. ගතවූ සති දෙකක කාලය තුළ 2700කට අධික වාර සංඛ්‍යාවක් දර්ශනය කර ඇති එම සටහන බොහෝ දෙනා තුළ කම්පනයක් ඇති කළ බව මා ලද ප්‍රතිචාර හරහා පැහැදිලි විය. ඒ අතර විශ්ව විද්‍යාලයේ විවිධ වසර වල සිසුන්, වෙනත් විශ්ව විද්‍යාල සිසුන්, බාහිර පුද්ගලයන් පමණක් නොව විශ්ව විද්‍යාල ආචාර්ය මහත්ම මහත්මීන් පවා විය. ඒ කම්පනය තුළින් මා හට කතා කළ බොහෝ දෙනා එය අගය කළෝය. ඇතැම්හු මා හට වඩාත් පරෙස්සම් වන ලෙස අවවාද කළහ. එසේම තවත් ස්වල්ප පිරිසක් නිර්ණාමිකව හෝ අන්වර්ථ නාම වලින් මට තර්ජන එල්ල කළහ. කෙනෙකු ලියූ වචන කිහිපයක් වෙනුවෙන් මරණ තර්ජන එල්ල කිරීමට තරම් යමෙකු උත්සුක වේ නම් එම වචන කිහිපය කොතරම් ප්‍රබල විය යුතුද? (එම මරණ තර්ජන තවමත් ඔබට උක්ත සටහනෙහි ප්‍රතිචාරයන් අතර දැකගත හැක). යම් චෝදනාවක් කොහේවත් යන බොරු බේගලයක් නම් ඒ අළලා මරණ තර්ජන කිරීමට ඉදිරිපත් වන්නේ කවුද මානසික රෝගියෙකු මිස?

එසේ නම් ඉන් අපූරුවට පැහැදිලි වන කරුණ වන්නේ මා ලියූ සටහනෙහි වූ, අදහාගත නොහැකි ඍජු බව කරණය කොටගෙන
කිහිප දෙනෙකු තම සිත් රිද්දවා ගත් අතර කිහිප දෙනෙකු තමන් ජීවත්ව සිටි මිථ්‍යාවෙන් අත්මිදුණු බවයි. ඉන් දෙවැනුව වර්ගීකරණය කළ පිරිස කෙරෙහි මා තුළ පවතින්නේ බලවත් ප්‍රසාදයකි. එම සටහන ලිවීම තුළ මාගේ අරමුණ වූයේ ද "නවක වදය" නම් තිරය පිටුපස ඇති කතාව නවක ශිෂ්‍යයෙකුගේ සහ සාමාන්‍ය පුරවැසියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් සමාජය හමුවට ගෙනයාමයි. නමුත් යටගැසීමට වලිකන සත්‍යය නිරුවත් වීම හමුවේ කුපිත වූ ඇතැමෙක්, මා විසින් මා ඉගෙනගන්නා සරසවියට අපහාස කර ඇති බවට චෝදනාවක් ගොතමින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබුණි. අවසානයේ ඊට පිළිතුරු සැපයීමට යාමට සිදුවීම හරහා මා ලියූ ලිපියෙහි පදනම පැහැදිලි කිරීමේ අපූරු අවස්ථාවක් මට උදා විය. එම අවස්ථාව උදා කර දුන් සියලු දෙනාට මගේ හෘදයාංගම කෘතඥතාව හිමි වේ!

වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටුණා කියා කතාවක් ජනවහරේ ඇත්තේය...

ඉදිරිපත් වූ, "විශ්ව විද්‍යාලයට අගෞරව කිරීමේ" චෝදනාව පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම වටී. මා අධ්‍යාපනය ලබන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුවිශේෂී භාවය ගැන කිසිවක් අමුතුවෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැත. එහි පවතින පහසුකම් හා සම්පත් ප්‍රමාණය සම කළ හැකි වෙනත් අධ්‍යාපන ආයතනයක් මුළු මහත් ආසියාවේම වේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහි පවතින අධ්‍යාපනයට උචිත, අත්‍යාලංකාර වටපිටාව ගැන කියන්නට කිසිම අවශ්‍යතාවක් නැත්තේ එය ලෝක ප්‍රකට කරුණක් වන හෙයිනි. ඒ ඇරත් පේරාදෙණියෙන් රටට හා ලෝකයට බිහිකළ ප්‍රාඥයන් සංඛ්‍යාව සළකා බැලීමෙන් පේරාවේ අති උත්කෘෂ්ඨභාවය මොනවට වටහාගත හැක.

ශ්‍රී ලංකාව විවිධ සංවර්ධන ක්ෂේත්‍රයන්ගෙන් අද ලෝකයේ කිසියම් හෝ ස්ථානයක් දිනා තිබේද, ඊට පේරාව තුළින් දායාද කළ භෞතික හා මානව සම්පත් ප්‍රමාණය අසමසම ය. එවන් උත්කෘෂ්ඨ, වන්දනීය අධ්‍යාපන ස්ථානය දශමයෙන් දශමය විනාශ කරන මහා උවදුර නවක වදය බව මම පැහැදිලිව ප්‍රකාශ කළේ කකියන හදවතිනි. එබැවින්, සිදුකළ යුත්තේ එවැන්නක් පවතින බව සැඟවීම නොව එය පිළිගෙන ඊට උචිත ප්‍රතිකර්ම යෙදීමයි. නැතිනම් රටට සිදුවන්නේ හණමිටි අදහස් කරපින්නාගත්, නමට උගතුන් වන පිරිසකගෙන් සන්තෘප්ත වී වළපල්ලට යාමටයි. ස්වකීය අධ්‍යාපනස්ථානය තුළ අසාධාරණයෙන්, අවනීතියෙන් රජ කරන පිරිසක්, වෘත්තිකයන් ලෙස සමාජගත වූ විට ඔවුනගෙන් අවංක, සාධාරණය සේවයක් රටට බලාපොරොත්තු විය හැකිද?

ප්‍රශ්නයේ එක් පැතිකඩක් එසේ වන අතර තවත් වැදගත්, එහෙත් නොකියවුණු අංගයක් නම් විශ්ව විද්‍යාල අතර ඇති තරඟයයි. විවිධ අංශ වලින් අනෙක් විශ්ව විද්‍යාල අභිබවා යාමට සෑම විශ්ව විද්‍යාලයක් ම උත්සාහ දරනු ලැබේ. ඒ අතරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පහත හෙළීමට ඇතැම් විශ්ව විද්‍යාල එල්ල කරන එක් ප්‍රබල චෝදනාවක් නම් නවක වදයයි. නවක වදය තිබූ පමණින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ කෙරෙන කාර්යයන් ප්‍රමාණය හීන වේයැයි කීමට යම් බාහිර පුද්ගලයෙකු උත්සාහ දරයි නම් එය අමූලික බොරුවකි. ඒ සඳහා ඇතිතරම් උදාහරණ ඉතිහාසයෙන් ලබාගත හැක. නමුත් නූතන යුගය තුළ පේරාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ම දැඩි පසුගාමී තත්ත්වයක් (විදේශයන්ට සාපේක්ෂව) උද්ගත වීමට ප්‍රබලම හේතුව නවක වදය බව අවිවාදිත ය.

ශ්‍රී ලාංකේය සරසවි සිසුන් තම විෂය නිර්දේශයෙන් පරිබාහිරව යමක් සිතන්නේ ඉතා කලාතුරකින් බව ප්‍රසිද්ධ රහසකි. මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකේය සරසවිය තුළ මතුවී ඇති මහා වියවුලට ප්‍රධාන හේතුව නම් සිසුන් තමන්ට කෙරෙන දේශනය කටු සටහන් කරගෙන ගෙදර ගෙනගොස් එය පාඩම් කර පිළිතුරු ලිවීමට වඩා දෙයක් නොකරන බවයි. සාතිශය බහුතරයක් වූ ශිෂ්‍යයන් විෂයෙහි එය සත්‍යයක් බව මම අත්දැකීමෙන් දනිමි. මෙම තත්ත්වයට මූලික ම හේතු දෙක ලෙස මා දකින්නේ පවතින විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පවතින නොගැළපෙන ස්වභාවය සහ "නවක වදය" යි. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අවුල පෙන්වීමට මම සරල උදාහරණයක් ඉදිරිපත් කරමි.

එය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා දන්නා හඳුනන විශ්ව විද්‍යාල සිසුවෙකුට ලබා දුන් පැවරුමකි. එදිනට නියමිත පාඩම වූයේ "පාලම්" ය. පාලම් වල ව්‍යුහය හෝ අන් කිසිවක් ගැන ප්‍රකාශ කිරීමට කලින් දේශකයා සිසුනට මීළඟ දේශනය දිනය වනවිට කරගෙන ඒමට සරල ක්‍රියාකාරකමක් ලබා දුන්නේ ය. එනම් බීම බට වලින් පාලමක් නිර්මාණය කරගෙන ඒමටයි. එම පාලම මතින් සැහැල්ලු, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන සෙල්ලම් කාරයක් ධාවනය කළ විට එය කඩා නොවැටීම එහි එකම නිර්ණායකයයි. බැලූ බැල්මට ඉතා සරල වුවද මෙය තරමක සංකීර්ණ ක්‍රියාවකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමට පෙරාතුව සිතිය යුතු පැතිකඩ රාශියකි. පාලමේ ව්‍යුහය, බර ක්‍රියාත්මක වන ආකාරය, බල බෙදී යන ආකාර ඉන් ප්‍රධාන ය. දේශකයා පාලම් ගැන පළමු වචනය ප්‍රකාශ කරන්නේ සෙල්ලම් පාලම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. මෙය යම් විෂයක් කෙනෙකුට හඳුන්වා දීම අරභයා ඉතා බුද්ධිමත් වූ ආරම්භයකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමේදී සිසුවා මුහුණදෙන ගැටලු සමුදාය ඉදිරි විෂය කරුණු අවබෝධ කරගැනීම සඳහා ඔහුට මහෝපකාරී වේ. නමුත් අපේ රටවල විෂය ඉගැන්වෙන්නේ සම්පූර්ණයෙන් ම අනිත් පැත්තට නිසා එමගින් සිසුනට තමන් විසින්
යමක් කිරීමට උද්‍යෝගීමත් වන මනෝභාවයක් නිර්මාණය වීම ඉතා උගහට ය.

අනෙක් ගැටලුව නවක වදයයි. නවක වදයෙන් නිර්මාණය කෙරෙන්නේ ළිං මැඩි මානසිකත්වයෙන් හෙබි පිරිසකි. නූතන නවක වදයේ අරමුණ ද එයයි. සමානාත්මතාවයේ නාමයෙන් වැඩ පුළුවන් එකාට ද වැඩ බැරි කිරීම නවක වදය හරහා සිදුවේ. මෑත ඉතිහාසයේ, උසස් පෙළින් දිවයිනේ ඉහළ ම ස්ථාන ලබා සරසවියට පැමිණ වාත වූ කළ තිබූ ස්ථාන සියල්ල අහිමි කරගත් සිසුන් මට දුසිම් ගණනින් ප්‍රකාශ කළ හැක. ප්‍රතිවිරුද්ධ මතයක්, න්‍යායයක් (rival theory) ඉවසිය නොහැකි විද්‍යාත්මක ප්‍රජාවකින් ඇති ඵලය කුමක්ද? තමා ඉගෙනගත් දෙයට වඩා අලුත් දෙයක් ඉදිරිපත් වූ කළ එය මධ්‍යස්ථව විමසා බැලිය නොහැකි විද්‍යාඥයෙකුගෙන්, ඉංජිනේරුවෙකුගෙන් ලෝකයට නව නිපැයුමක්, සංකල්පයක් ඉදිරිපත් වේද? "නවක වදය වැරදියි!" යන මතයට පක්ෂව ඉදිරිපත් වී ඇති කරුණු වල ප්‍රබලත්වය සළකා බලා නිවැරදි කුමක්ද යන්න තීරණය කළ නොහැකි අයෙකු, තම කාර්යාලය තුළ අලුත් මතයක් ගොඩනැගුණු විට ඒ කෙරෙහි නවමු ඇසකින් බලන්නේ යැයි සිතිය හැක්කේ කෙසේ ද? "ශ්‍රී ලාංකේය ගණිතඥයෙකුට මෙතෙක් කාලයකට එකම නව ගණිත ප්‍රමේයයක් ඉදිරිපත් කළ නොහැකි වූයේ මන්ද?" කියා මෙවර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය නලින් ද සිල්වා විමසා සිටියේ ය. කෙනෙකුට අලුත් සංකල්පයක්, අදහසක් සිතට නැගෙන්නේ පවතින අදහසක් හා ගැටෙමින් එය විශ්ලේෂනය කරමින් යන විටයි. පවතින මතය ඉස් මුදුනින් පිළිගෙන එහි හරි වැරැද්ද සොයා නොබලා හුදු එහෙයියෙකු මෙන් කටයුතු කිරීමට උගන්වන නවක වද උප සංස්කෘතිය තුළින් නව චින්තන රටාවක් බිහි වේ යැයි කිව හැක්කේ කාටද? තවමත් නවක වදය වෙනුවෙන් මරහඬ දෙන, විහින් මොළ ශෝධනය කරගත් ආත්මාර්ථකාමී ශිෂ්‍ය ප්‍රජාවගෙන් මට විමසීමට ඇති පැනය එයයි. එපමණකුදු නොව, පවත්නා විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව තුළ සාධනීය වෙනසක් ඇතිකළ යුතු බව පිළිගන්නා, මෙම සටහන කියවන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්/වරියන් හට ද මම එම පැනය ම යොමු කරමි...

නැවතත් නවක වද "වදය" දෙස සමීපව බලමු.

නවක වදය තුරන් කළ හෝ ඉතා අවම වශයෙන් සිදුවන පීඨයන්හි ඊට හිතකර ලෙස බලපෑ යම් ලක්ෂණ කිහිපයක් තිබේ. ප්‍රථම වසර සිසුනට නේවාසික පහසුකම් ලබා නොදීම, නිදහසේ අපයෝජන ක්‍රියාවක් ක්‍රියාත්මක කරවීමේ මඟ අවුරාලන ඉඩකඩ ප්‍රශ්නය ඒ අතරින් ප්‍රමුඛ වේ. කාරණය වඩාත් පැහැදිලි වන ලෙස, නවක වදය ක්‍රියාත්මක නොවන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ගනිමු. මේ තුළ නවක වදය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතු දෙක වන්නේ පළමු වසර සිසුන්ට විශ්ව විද්‍යාලය තුළ නේවාසික පහසුකම් ලබා නොදීම හා උග්‍ර ඉඩකඩ ගැටලුවයි. ඉතා කුඩා වපසරියක් තුළ, ගොඩනැගිලි කිහිපයක් ආශ්‍රය කරගෙන, අනෙක් පීඨයන්ගෙන් වෙන්ව පිහිටා තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ නවක වදයක් ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එම පීඨයට ඇතුළු වන සියලු සිසුන් නවක වදයට එරෙහි, දැඩි මතයක සිටින නිසා නවක වදය සිදු නොවේ යැයි කියන්නේ නම් එය සත්‍යයෙන් බොහෝ දුරස් වන බව මගේ හැඟීමයි. ඕනෑම පීඨයක අතළොස්සක් හෝ මානසික විකෘතිතාවයන්ගෙන් සමන්විත පිරිසක් සිටිය හැක.


එහෙයින් සිදුවිය යුත්තේ රටේ පාසල් අධ්‍යාපනය අවසන් කර සරසවියට පිවිසෙන සිසු පිරිස තුළ ආකල්පමය වශයෙන් ප්‍රබල වෙනසක් ඇති කිරීමයි. එමගින්, මානසික රෝගී අතළොස්සකගේ අමන ක්‍රියාවන්ට අනෙක් බහුතරය යටත් නොවීමට පොළඹවන සුලු දැඩි ශක්තියක් ඔවුන් තුළ ස්ථාපනය කිරීම සිදුවිය යුතු ය. ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමේ ප්‍රබල නවක වද ක්‍රියාවක් සිදුවන රටවල් දෙක අතරට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් වන අප ලැජ්ජාවට පත්විය යුතු ය. වාත උතුමන් හැම විටම පාරම් බාන "විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ අනිවාර්ය අංගයකි රැග" යන සංකල්පය ලෝකයේ සංවර්ධිත රටවල් විෂයේ අදාළ නොවන්නේ මන්ද යන්න මට ගැටලුවකි. ලෝකයේ දියුණුම විශ්ව විද්‍යාල 2500න් එකක වත් නැති නවක වදය අපේ රටේ විශ්ව විද්‍යාලයන්ට අනිවාර්ය අංගයකැයි කීම බොළඳ තර්කයකි. එසේම එහි ඇති ඉහ වහා ගිය ස්වභාවය තුළ නවක වදය යනු නැති කළ නොහැකි ක්‍රියාවකැයි සිතා සිටින අතළොස්සක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුනට ද තවත් නොබෝ දිනකින් සිදුවනු ඇත්තේ, කායික, මාසනික, අධ්‍යාත්මික හිංසනයකින් අධ්‍යාපනය අරඹන උසස් අධ්‍යාපන ආයතනයක ආචාර්ය වරයෙකු වීම සම්බන්ධයෙන් ලැජ්ජා වීමටයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිටියත් ඊට එරෙහිව ප්‍රබල පියවරක් නොගැනීම පසුපස වැදගත් හේතුවක් තිබේ. එය නම්, සිසුන්ට හොඳක් කිරීමට යම් පියවරක් ගත් විට එම කළ හොඳ කැරකී එම ආචාර්ය වරයා හෝ වරියට පහරදීමයි. මේ සිදුවීම කලින් ද සිදුවී ඇත. එනම් සිසුවෙකු නවක වදයට භාජනය වෙමින් සිටියෙදී නවක් වද කරුවා සහ ගොදුර යන දෙකම අල්ලාගත් විට, පසුව, එම වදයට භාජනය වූ සිසුවා පැමිණ එවැන්නක් නොවූ බව පැවසීමයි. වාත ක්‍රියාවලියේ අභ්‍යන්තරය ගැන මනා වැටහීමක් ඇති අයෙකුට මෙය සිදුවන ආකාරය වටහාගැනීම ඉතා පහසු ය. නවක වදයට භාජනය වන සිසුවෙකුට වාත උතුමන් විසින් පනවන ප්‍රධාන නීති තුනක් තිබේ. ඉනුදු ඉතාමත් වැදගත් නීතිය නම් කිසිම විටෙක, කිසිම හේතුවක් මත තම බැච් එකේ බැචෙකු, බැචියක හෝ ජ්‍යෙෂ්ඨ වාත උතුමෙකු පාවා නොදීමයි. මෙම නීතිය සියලු වාත ශිෂ්‍යයන් තම පණ මෙන් සුරැකීම අනිවාර්ය වේ. එසේ නොකළහොත් ලැබීමට හැකි ප්‍රතිවිපාක ගැන ද ඔවුනට හොඳ අවබෝධයක් ලබාදෙනු ලැබේ. මෙහි අරමුණ වන්නේ ඔවුන් ලක්වන සියලු කුණුහරුප ක්‍රියාවන් පිළිබඳ විස්තර බාහිරට ගලායාම වැළැක්වීමයි. එපමණක් ද නොවේ. කිසියම් අවස්ථාවක වැරදීමකින් හෝ යම් ශිෂ්‍යයෙකු අතින් තොරතුරු පිටතට යාම වැළැක්වීම පිණිස වාත වන කිසිදු ශිෂ්‍යයෙකුට, විශෙෂයෙන්ම නේවාසිකාගාරය තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබේ. ජංගම දුරකථනයක් තබාගෙන හසු වුවහොත් ඊට සිදුවන දෙය කිසිවෙකු දන්නේ නැත. වාත උතුමන් විසින් දඬු අඬුවකින් මෙන් තම කණිෂ්ඨ සිසුන් ග්‍රහනයට ගන්නේ මේ ආකාරයටයි. ඉදින් මෙවන් තත්ත්වයක් තුළ කිසිදු නවක සිසුවෙකුට තමන්ට සිදුවන අතවරය පිළිබඳ විශ්ව විද්‍යාල පාලනාධිකාරුයට පැමිණිලි කිරීමට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. එසේම නවක වදයට ලක්කර හසු වූ විටෙකදී එයට ලක්වන ශිෂ්‍යයාට විවිධාකාර බලපෑම් සිදුකිරීම හරහා ජ්‍යෙෂ්ඨ වාතයා තමන්ට කිසිවක් නොකළ බව ඔහු ලවාම විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පාපොච්චාරණය කිරීමට සැළැස්වේ. එසේම යම් ආචාර්ය වරයෙකු නවක වදයට විරුද්ධව පියවරක් ගත් විට සංවිධානාත්මකව ඔහුට විරුද්ධ ව්‍යාපාරයක් දියත් කිරීමට ජ්‍යෙෂ්ඨ වාතයන් කටයුතු කරනු ලැබේ. ඔවුනගේ අරමුණ තමන්ට එරෙහි වන ඕනෑම කෙනෙකු තම මඟින් ඉවත්කර දැමීමයි.

ඊට හොඳම උදාහරණය නම් 2007 මාර්තු මාසයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා අංක 10 දී සිදු වූ ක්‍රියාදාමයයි. එම දිනයේදී මෙම වාත උතුමෝ පිරිසක් නවකයන් වදයට භාජනය කරමින් සිටියහ. එය දුර සිට බලා සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්ය, ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා කාමරය තුළ සිදුවූ සිදුවීම් මාලාව රහසින් වීඩියෝ ගතකොට, හදිසියේ කාමරය තුළට කඩාපැන නවක වදය ක්‍රියාත්මක කරමින් සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිස වහා අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කළේ ය. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද? ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් පිරිසක් උපයෝගී කොටගෙන, ඔවුනට බොරු ක්ලාන්ත ගතියක් මවා පා, එය එම ආචාර්යවරයාගේ ක්‍රියාවෙන් සිදු වූවක් යැයි හංවඩු ගසා, මාසයක පමණ දීර්ඝ පන්ති වර්ජනයක් (Strike) ක්‍රියාත්මක කොට, පීඨයේ කටයුතු සිදු නොවන තැනට පත්කර අවසානයේ ප්‍රශ්නය "ගොඩින් බේරාගන්නා" තැනට උපකුලපති වරයා ගෙන ඒමයි. එහෙත් අවසානයේ එවකට ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ (ESU) සභාපතිවරයා ලෙස සිටි ශිෂ්‍යයාට පවා පන්ති තහනමකට ලක් වීමට සිදු විය. නමුත් ප්‍රශ්නය "ගොඩින් බේරාගැනීම" හරහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නවක වදය තුරන් කිරීමට තිබූ මහඟු අවස්ථාවක් මඟහැරී ගියේ ය. අවසානයේ ප්‍රශ්නය විසඳුනේ රැගාලා විසින් සුපුරුදු, "අපි අවුරුද්දෙන් අවුරුද්ද, රැග් එක ටික ටික අඩුකරගෙන යනවා" යන බෝලය බැස්සවීම හරහා ය. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද සිදුවන්නේ රැග ටික ටික අඩු වීම ද, වැඩිවීම ද යන්න දන්නෝ දනිති.

රැග් එක තුළ සිදුවන තවත් ක්‍රියාවන් රාශියක් පසුගිය දින කිහිපය තුළදී මට දැනගන්නට ලැබිණි. ඒවා සියල්ල මෙහි සටහන් කිරීමට මට අවශ්‍යතාවක් නැත්තේ, ඉන් සිදුවන්නේ මගේ බ්ලොගය තවත් කුණුහරුප ගොඩකින් පිරීයාම පමණක් වන නිසා ය. නවක වදය හා කුණුහරුපය අතර ඇති අතිශය සමීප සබඳතාවය විටෙක මට අදහා ගැනීමටත් අපහසු ය. කුණුහරුපයෙන් තොර නවක වදයක් බිහිකිරීම සිහිනයක් ම පමණක් වන්නේ සමස්ත නවක වදයම කුණුහරුපයක් නිසා කුණුහරුපය තුරන් කළ තැන නවක වදය ද තුරන් විය යුතු බැවිනි.

දැන් මා හට මෙම සටහන ලිවීමට උත්ප්‍රේරක වූ කරුණු දෙක සඳහන් කිරීම වටී. සුපුරුදු පරිදි අපි ඊයේ ද සවස් කාලයේ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියෙමු. ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නවක වදයට විරුද්ධ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඉන් බැහැරට යන අවස්ථාවේ ඔවුනට කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම වාත උතුමන් පිරිසක් කටයුතු කර තිබිණි. නමුත් අවාසනාවක මහත! එම එකදු කුණු බිත්තරයක් වත් ඔවුනට වැදුණේ නම් නැත! අඩි දහයකටත් අඩු දුරක සිට එම පහර හරි හැටි එල්ලකරගත නොහැකි වීම ඉතාමත් කණගාටුවට කරුණෙකි. ඒ ඔවුනගේ නොහැකියාව නිසා විය යුතු ය.

පිරිමි කමටත් නොගැළපෙන මෙවන් ක්‍රියා හරහා ඔවුන් උත්සාහ කරන්නේ තම මතයට එරෙහි වන්නන් බියගැන්වීමටයි. නමුත් ඉන් ඉස්මතු වන්නේ තම හෙළුවම බව නොදන්නා ඔවුන් කෙරෙහි මා තුළ ඇත්තේ මහත් අනුකම්පාවකි. රට කරන්නට සමාජයට පිවිසෙන ඉංජිනේරුවන් මෙවැනි බොළඳ මානසිකත්වයකින් හෙබියවුන් නම් රටට යන කල දසාව ගැන තේරුම් ගැනීම එතරම් අපහසු වන්නේද?

ඊයේ දිනයේ සිදුවීම් එතෙකින් අවසන් නැත. ක්‍රීඩා කිරීමෙන් පසු ක්‍රීඩාගාරයෙන් පිටතට පිවිසි මම මඳක් වටපිට බැලුවෙමි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සිව් දෙනෙක් අසල තැනක වාඩි වී සිටියෝය. ඔවුන් බලා සිටියේ මා එනතුරු බව වැටහීමට මට එතරම් වෙලාවක් ගතවූයේ නැත. ඔවුන් පසුකර පාරේ දිගටම පැමිණි මා මඳක් පිටුපස හැරී බැලූ විට ඔවුන් සිව් දෙනා මා හඹා එන ආකාරය දැකිය හැකි විය. ඒ සමඟම ඉදිරිපසින් පැමිණි තවත් තුන්දෙනෙකු සමඟ 7 දෙනෙකු මා වටා රොක් විය. ඒ අතරින් දෙදෙනෙක් ඉදිරිපත් වී "උඹ මොන ෆැකල්ටි එකේද?", "උඹ මොන ඉයර් එකේ ද?" යනාදී සාමාන්‍ය ප්‍රශ්න අසමින් වටින් ගොඩින් මාතෘකාවට පිවිසෙන්නට පටන්ගත්තෝය.

නමුත් ඒ සමඟ ම කට පරෙස්සම් කරගැනීමට නොහැකි වූ එක් උතුමෙක් එක් වරම, "තෝ anti නේද?" කියා ඇසුවේ ය. අනතුරුව පොඩි කුණුහරුපයක් දෙකක් කියා, මා බිය නොවූ බව දැන "ආයෙත් ජිම් හරි ග්‍රවුන්ඩ්ස් හරි ඇවිල්ල තිබුණොත් බලාගමු" කියා තර්ජනය කළේ ය. මා කළ එකම දෙය සිනාසෙමින් ඔවුන් කී දෑ අසා සිටීමයි. කතාවේ ලස්සන ම කොටස එළඹෙන්නේ දැන් ය. එක් වරම මගේ දුරකතනය නාද විය. දුරකතනය දුටු පිරිස වහා කළබල වී අඩියක් පිටුපසට ගත්තෝ ය. කතා කළේ මගේ මිතුරෙකි. මම ඔහුට, "මචං, මෙන්න කට්ටියක් ඇවිත් මට සද්දෙ දානවා" කියා කීවෙමි.

මෙන්න බොලේ ඒක ඇහුණු ගමන් 7 දෙනා පණ කඩාගෙන ආපහු දුවනවා! එය දැක
මට බඩ පැලෙනකන් හිනා ය. මම වහා මගේ මිතුරන්ට මා සිටි පැත්තට එන්නැයි කියා, දුරකතනය විසන්ධි කර වහා ඔවුන් පසුපස දිව ගියෙමි. ඔවුන් වහා දිවගොස් වැදුණේ විශ්ව විද්‍යාලයේ WUS කැන්ටිමට ය. මම ද ඒ තුළට එබිකම් කොට බැලුවෙමි. කාරණය වැටහුණේ එවිට ය. ඒ තුළ නවක ශිෂ්‍යාවන් ගජරාමෙට වාත කරනු ලැබෙමින් තිබිණි. ඒ සමඟ මගේ මිතුරෝ ද එතැනට පැමිණියහ. වාත වන ශිෂ්‍යාවන් නැරඹීමේ ආශාවක් අප තුළ නොවූ බැවින් ආපසු හැරී යාමට අපි කටයුතු කළෙමු. ඊයේ සිදුවීම එසේ ය.

ඊයේ එල්ල කළ තර්ජනය නිසාම වඩාත් සුපරික්ෂාකාරීව, සියලු ආරක්ෂක පියවර ගැනීමෙන් අනතුරුව අදත් ක්‍රීඩාගාරයට යාමට අපි කටයුතු කළෙමු. අදත් අප පිළිගැනීමට වාත උතුමන් කිහිපදෙනෙකු සැදී පැහැදී බලා සිටිය ද අප භාවිතා කළ ආරක්ෂක පියවර නිසා කිසිවක් කරගැනීමට ඔවුනට හැකියාවක් ලැබුණේ නැත. මෙය කලාතුරකින් සිදුවන සුවිශේෂී සිදුවීමකැයි ඔබට සිතෙනු ඇත. කිසිසේත් නැත! මෙම ක්‍රියාවලිය එකම ආකාරයට සෑම වසරකම සිදුවේ. ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් තහනම් කළ අපරාධයකට විරුද්ධ වීමේ ආදීනව මෙසේය. පසුගිය වසරේ ද නවක "නවක වදයට එරෙහි" ශිෂ්‍යයනට හිරිහැර කරන්නට ගොස් අතේ මාට්ටු වූ ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ වාත උත්තමයෝ තිදෙනෙක් බොහෝ කල් බෝගම්බර සිරගෙදර කල්දේරම් බතේ රස බලමින් පසු වූහ.

දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර බලන කළ මෙහි ඇත්තේ මානව ධර්මතාවන් පිළිබඳ ගැටලුවක් බව වැටහේ. කෙනෙකුට ජීවිතයේ මුහුණදිය හැකි අතිශයින්ම තියුණු කඩඉම් විභාගයෙන් සමත්ව, ඉන් ද නොනැවතී උසස් අධ්‍යාපනය නොමිලේ හැදෑරීමට වරම් ලබන අතිශයින්ම සුලුතරයක් වූ ශිෂ්‍ය ප්‍රජාවට ද අයත්ව රටේ අතිශයින්ම ගෞරවාදරයට පාත්‍ර වූ උසස් අධ්‍යාපන ආයතනයේ සෙවනට එන තරුණ පිරිසගෙන් රට බලාපොරොත්තු වන දෙය මෙය ද? අනාගතයේ රට වෙනුවෙන් විශාල වගකීමක් කරට ගැනීමට සූදානම් වන පිරිස කිසිදු අරමුණක් නොමැති, "නවක වදය" නම් බහුබූත කුණුහරුපයට ලක්වී මොළ ශෝධනය කරගත යුතුද? (නවක වදය යනු බහුබූත කුණුහරුපයක් බව තේරුම් ගැනීමට මා කලින් ලියූ ලිපියට ඇතැමුන් එක්කළ ප්‍රතිචාර පමණක් ම ප්‍රමාණවත් වේ. මේ ගැන ඉතාමත් දීර්ඝ වශයෙන් කලින් සාකච්ඡා කර ඇති නිසා ඒ ගැන තවදුරටත් කීමට මා උත්සුක වන්නේ නැත) එම කුණුහරුපයට මුහුණදී තම මොළ ශෝධනය කරගැනීමට අකැමැතිව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම ඉතාමත් අභියෝගාත්මක ක්‍රියාවකි. මගේ මිතුරන් බොහෝ විට කියන කතාවක් නම් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට පැමිණීමට වඩා ඒ තුළ තමන් බිලිගැනීමට බලා සිටින උගුඩුවන්ගෙන් බේරී නිදහසේ ජීවත් වීම අපහසු ක්‍රියාවක් බවයි.

නමුත් මෙම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ ස්වභාවයක් ඉසිලීමට පටන්ගැනෙන්නේ නවක වදයට විරුද්ධව නිදහස්ව සිසුන් පිරිස වෙනම කල්ලියක් ලෙස හැඳින්වීමට ඇතැමුන් උත්සාහ කිරීම නිසා ය. මෙය ඉතා වැරදි සංකල්පයකි. මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද? මෙම කරුණ, මගේ කලින් ලිපියට ප්‍රතිචාර දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද සඳහන් කළේය. 70 දී දශකය තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස තමා තමා ඉතා අකැමැත්තෙන් නවක වදයට භාජනය වූ සති තුන තම ජීවිතයෙන් මකා දැමීමට උත්සාහ ගත් බව ඔහු සඳහන් කර තිබිණි.

අවාසනාවකට මෙන් ඊට එරෙහි වීමේ හැකියාවක් එකල කිසිදු විශ්ව විද්‍යාල සිසුවෙකුට තිබුණේ නැත. නමුත් එකල රැග අද තරම් දරුණු නොවූ තත්ත්වයක් තුළ එය එතරම් ගැටලුවක් ද නොවිණැයි මම උපකල්පනය කරමි. ඇතැම් විට මා වැරදි විය හැක. ඒ කෙසේ හෝ වේවා, ක්‍රීඩාගාරයට යාම අවහිර කිරීම වැනි කුඩා ගැටලුවක් අළලා ප්‍රශ්නයක් මතු වූ විට එය හුදු ශිෂ්‍ය කල්ලි දෙකක් අතර ගැටුමක් ලෙස ඇතැම් පිරිස් අර්ථදැක්වීමට යාම පිළිබඳ මම කිසිසේත් එකඟ නොවෙමි. කලින් කී පරිදි එතැන පවතින්නේ මානව ධර්මතාවයන්ට ගරු කිරීම හෝ නොකිරීම පිළිබඳ ගැටලුවක් පමණක් මිස කල්ලි භේදයක් නොවේ!


උසස් අධ්‍යාපනයේ සැබෑ අභිමතාර්ථ පවතින විශ්ව විද්‍යාල රටාව තුළ සාක්ෂාත් කරගැනීමේ දුෂ්කරතාව ගැන හා ඊට පිළියම් යෙදිය හැකි ආකාර ගැන සිතීමට තම මොළය වෙහෙසීමට කැමති සියලු දෙනාට මේ ලිපිය සිතන්නට යමක් ඉතිරි කරනු ඇතැයි මම අපේක්ෂා කරමි...

10 comments:

Anonymous said...

ආපු අලුත ඕක වාත තමයි.. ඉවසන් හිටපං... ඕක මාස 3යි නේ

අංජන said...

ඇත්ත. සම්පූර්ණ ඇත්ත. උඹ වගේ යතාර්තය දැක්ක අයියල අක්කල ‍අපේ මොරටුව ඉංජිනේරු පීඨයේ ඔය කියන වෙනස ඇති කරල තියෙන විත්තිය කවුරුත් දන්නවා. අපිට අල කැම්පස් එක කියල හංවඩු ගැහුවත් අපේ ගමන අපි යනවා. ඒ ගමනට ඔය වගේ හිතන අය සිටීම සැබෑ ශක්තියක්.

නමුත් මේ ටිකත් කියන්න ඕන. ලිපිය තරමක් දිග නිසා බස තරමක් සරල වූවා නම් වඩා හොඳය.

Anonymous said...

Dear Chamitha,
Though late this is a response to Meeharaka , who was the only coherant supporter of ragging. This will gige some insite to Palitha as well, and resolve to youe cause...Sorry it is long :

part 1:
“ මුලින්ම කියන්න ඕනෙ අනිත් කැම්පස් වල තියෙන ගොන් රැගක් නෙවෙයි පේරාදෙණියෙ තියෙන්නේ. “

Yes, Peradeniya had its own cruel variant of ගොන් රැග for years. The unfortunates were holed up in isolated halls of residence. They are like cattle to slaughter. They have no way to run and no one to protect them. The sub wardens who were there were fully aware of what is going on, but did not respond. The hapless freshers were put together with seniors. The rag that existed in Peradeniya was the most cruel, inhuman, brutal, sadistic and infamous of all rags and it was the most feared. In 1970’s there was no escape from the rag, as every fresher was forced and to face it from the common rag at 4.30 am till late night without a brake. Fortunately those days it lasted only for 3 weeks. Even the most resistant boys and girls were scared out of their wits to succumb. Students residing outside in boarding houses escaped, but the some were forcibly smuggled into the halls after the lectures. Lenin, Marcus, JP, Akbar, sangaramaya and Hilda were the most notorious for ragging. Aru , Jayathilake and Marrs halls accommodated super seniors, who were gentlemen by then, and not much interested.

මල්ලී, ඔයා තාම යකාගෙ නියම ස්වරූපය දැකලා නෑ. එකක් ඔයා තාම අළුත්, අනික් එක ඔයා අල. ඔයා දැකලා තියෙන්නෙ යකාගෙ එක ඇඟිල්ලක් විතර පොඩි කොටසක්. නියම යකාව දැක්කොත් සිහි නැති වෙයි. අනිත් එක රැග් එක කියන්නේ මේ යකාගෙ එක පැතිකඩක් විතරයි. තව පැති ගොඩක් තියෙනවා.

I have seen this YAKA for five years and I was not අල . The front, the back and inside out. It was not a YAKA, but just a little genie in a bottle those days. The yaka came out in the rag season, brought to life by some deranged rag leaders, and spurred on by hateful second years, sometimes by outsiders who have passed out, with jobs or without jobs. These rag leaders regularly visited the halls to scavenge on the scared, frightened newcomers. One such notorious sicko I can remember was “මාකස් අබේ “, who appeared regularly to conduct the common rag in Hilda. This is no sub-culture, it’s a hate-revange-jealosy-thing .In our time boys from rich families, good schools, E Fac and Med Fac students, Handsome students , were hunted down and tortured. It’s a concept which is seen only in some Indian Universities and in the Army. It’s just a convenient time to vent off the frustrations, anger and hatred you got infected with, when you got ragged. It’s just pay back time. This මාකස් අබේ is a big shot now, so are most of the others who propagated this heinous act. Where are they now? Well they have all come out of their “subcultures “and living cushy lives. I have seen these so called Marxist-Leninist සහෝදරයා’s all around the country, adorning newspapers, in high positions, posing as politicos and technocrats.

Anonymous said...

Part 2:
“ අනිත් එක මේ නවක වධය කියන එක බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් කියල හිතනවා නම් ඒක මෝඩකමක්. ඒක මේ කැම්පස් එකේ උප සංස්කෘතිය කියන එකත් එක්ක තදින්ම බැඳිලා තියෙන්නේ. ඒ වගේම මේවා පේරාදෙණියෙ කැම්පස් එකේ මිනිස්සුන්ගෙ ලේ වලට වගේම ගොඩනැගිලි වල බිත්ති වලටත් කා වැදිල තියෙන්නෙ.”

I was in this blessed campus for several years and the some; I don’t have a single drop of my blood contaminated with this so called subculture. I erased the event, the people, and the whole nightmare when the three weeks were over. I have never ever ragged anybody; I saved several people using my seniority over the coming years. Yes, මී හරකා is correct in one aspect, already Peradeniya University has Rupa Rathnaseeli’s, and Varapagasam’s blood in it, and people like මී හරකා should meet Dr Pragasam or Mr. R P Piyasena, Kelum Thushara’s father and try to explain why their loving sons died, or should have visited poor Rupa with her broken back and shattered soul. You could have explained and convinced them the importance of this subculture. Then try to convince your own parents that their deaths were justifiable in the subculture. If the VC’s and Deans and the Politicians and the police implement the law of the land, all the raggers will be out of the campus in two days. We had only one culture in this country for years, AHIMSA.

ආචාර්ය වරුන්ට කියල මේකට දඬුවම් දෙන්න පුළුවන් කියල හිතනවානම් ඒකත් මෝඩකමක්. ඉස්සරහට තමන් රැගට දැඩි ලෙස විරුද්ධයි කියල පෙන්නන සමහර ආචාර්යවරු පිටිපස්සෙන් සෑහෙන උදව්වක් දෙනවා රැග් එකට!

Yes, inferiority complex is something that you are born with. You are poor, you come from a socially underprivileged family, you are ugly, and you are dumb.. But most of us mature, metamorphosis, and evolve in the campus. And when we fly out we fly out as swans.. Not as ugly ducklings. We manage to get out of our complexes. But some cant. They are the minority of teachers / staff who help and support මී හරකා and their lot. But as a university teacher for 20 years, I can assure මී හරකා that they are a minority. We don’t need the ආචාර්යවරු to eradicate ragging. There is a law of the land. This law is common to all. Ragging is a criminal offence by SL Law. Implement it, and there will be no ragging, not in Peradeniya, or anywhere.

අනිත් එක මේකෙ තව තව නාඩගම් බලන්න පුළුවන් රැග් සීසන් එකෙන් පස්සෙත්. ඇත්තටම කියනවා නම් නියම යකා මතුවෙන්න ගන්නෙ රැග් සීසන් එකෙන් පස්සෙයි. රැග තියෙන්නෙ මේ පස්සෙ එක යකා දකින්න පුරුදු කරන්නයි.

Well. This is just bullshit. Once the 3 week old rag season was over we openly hated and altercated with the sadists who tormented us. Those days, there was an “Oath “ after the rag season, after the oath, the freshers could bucket and pond the seniors till morning. I still remember with what vengeance we threw those rag leaders into Hilda pond, Alwis pond any waterhole we could find, even the big water tank at Lenin Hall. With relish we bucketed those bastards again and again, their rooms, books and valuables, that was sweet revenge. The next morning, THERE WAS NO YAKA. The yaka has gone back to the bottle. There was no sub culture. We went to Soc, Doc, Wala, Sukhawatiya, hikes, gym, WUS, Gemba, Apaaya….We did what we wanted. We enjoyed our life with our friends. I never saw this YAKA till the next rag season.

Anonymous said...

Part 3 :
ඔයා රැග් කරන අයට මානසික විකෘති කියල අවඥාවෙන් හෙලා දැක්කට මේක පිටිපස්සෙ තියෙන මානසික තත්ව ඉතා සංකීර්ණයි. තව අධ්‍යයනය කරන්න. මේවා සාමාන්‍ය මිනිස්සු තුල නැති ඒවා නෙවෙයි. තියෙනවා. මෙතන තියෙන්නේ හැංගිලා තියෙන තිරිසන් ලක්ෂණ ඉස්මතු කරල අරගෙන, වර්ධනය කරලා, විශේෂකරණය කරල, ඒවා මිනිසාගේ තියුණු කපටි බුද්ධියත් එක්ක මිශ්‍ර කරල හදපු හොඳ ගුලි! හරියට සරසවි කල්කය වගේ!!! ඒ වගේම මානසික හා කායික හිංසන සඳහා යොදාගන්නා උපක්‍රම, යාන්ත්‍රණ වගේ දේවල් ගැනත් හොඳට අධ්‍යයනය කරන්න.(ඔයා අල හින්ද මේක කරන්න ටිකක් අමාරුයි. මොකද ඔයාට හම්බෙන්නේ first-hand experience නෙවෙයිනේ; කාගෙන්හරි අහගන්න දෙයක්නේ. ඒ වගේම අපි අද්දැකීමෙන් දන්න විධියට අලයොන්ට කොච්චර යාළු වාතයො හිටියත් අලයොන්ට යන්නෙ පොඩි පොඩි විස්තර විතරයි. හොඳ හොඳ ඒවා කොහොමටත් ලීක් වෙන්නෙ නෑ. ඒකට බලපාන හේතු ගොඩක් තියෙනවා. පස්සේ තේරෙයි.)



More bullshit. මී හරකා. This comes from first hand experience from the 70’s. I say that without any exemption, all the raggers were sick. They were insecure people who wanted to show off their colors to a group of frightened boys and girls. You can give it high-sounding definitions, but what is wrong is wrong. As a person who underwent the worst of 70’s rag, I can say these people who ragged did not deserve free education. They deserved a prison sentence for violation of human rights and psychological trauma which haunt you for years. Who killed Rupa, Varaprgash and Kelum Thushara? Give me a simple answer මී හරකා.


අනිත් එක මේ වාත කරන මොට්ටයෝ අධිරාජ්‍යවාදයට විරුද්ධයි කියල කෑ ගැහුවට උන්ගෙ පුංචි මොළ වලට තේරෙන්නේ නෑ උනුත් ඒකට කඩේ යනවා කියල. පේරාදෙණිය ආරම්භ කරන්නේ ලංකාවට අධිරාජ්‍යවාදී බලපෑම තිබ්බ කාලෙක. අනිත් එක මේ කැම්පස් එක ආරම්භ කලෙත් සුද්දො, නැතුව අපේ මිනිස්සු නෙවෙයි. මේ මැට්ටොන්ට තේරෙන්නෙ නෑ සුද්දා ලංකාවෙ කැම්පස් හදන්නේ ලංකාවෙ මිනිස්සුන්ට ආදරෙන්, ලංකාවට දැනුම දෙන්න නොවන විත්තිය. උදාහරනයක් විධියට මුලින්ම වෛද්‍ය පීඨයක් හදන්නේ බ්‍රිතාන්‍ය සෙබලුන්ට ප්‍රතිකාර කරන්න බ්‍රිතාන්‍යයෙන් වෛද්‍යවරු ගේන එක වියදම් අධික නිසයි. නැතුව අපේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න නෙවෙයි. ඉතින් අධිරාජ්‍යයට අවශ්‍යයයි මේ කැම්පස් වලින් එන උගත්තු තවදුරටත් අධිරාජ්‍යයට යටත් තත්වයක තියාගන්න. මේ ඉලව් උප සංස්කෘතියත් ඒහා බැඳුනු නවක වධයත් බිහිවෙන්නෙ මේ පසුබිම යටතේයි. ලංකාවෙ මෙච්චර උගත්තු ඉදලත් තාම එකතැන පල් වෙන්න ඇයි කියල පස්සෙ වෙලාවක හිතල බලන්න. මේකෙ වැඩිහරියක් ඉන්න එවුන්ට තියෙන්නෙ එංගලන්ත(හෝ බටහිර) මානසිකත්වයක්. ආචාර්ය, මහාචාර්ය වෙනකොට ඒක සීයෙ(හෝ දාහෙ) ගුණාකාර වලින් වැඩිවෙනවා. (නිකං විහිලුවට වගේ ඔය ලැබ් වල තියෙන බඩු made in කොහෙද කියලත් බලන්නකෝ - මීටර් රූල පවා)

Well මී හරකා, what are you going to do when you qualify as an Engineer? Are you going to go ahead with this mentality? There were some good things that we got from සුද්දො . What the hell do you know about present day doctors and the services they render? A frog in the well like you may not know that we have got the best health statistics for our region. Present day University graduates become spineless, opinonless people because people like you broke their spirits on the very first days they entered the university. There are enough professors in this country who love this country, and that is why they returned back from their foreign training. The so called nationalists are the ones who change their minds and don’t return to this country. When we were University students, we respected our teachers, but this is what you preach to your rag victims in her brainwashing period –“ මේකෙ වැඩිහරියක් ඉන්න එවුන්ට තියෙන්නෙ එංගලන්ත(හෝ බටහිර) මානසිකත්වයක්. ආචාර්ය, මහාචාර්ය වෙනකොට ඒක සීයෙ(හෝ දාහෙ) ගුණාකාර වලින් වැඩිවෙනවා. Well මී හරකා I am a person you assume to be like that. I didn’t overstay by a single day and returned to serve my motherland , and I remain a person with sinhala Buddhist thinking with love to my country. Look back in another 10 years time මී හරකා and see who is right . When you are a lecturer or a Don only you will realize how wrong you are.

Anonymous said...

Part 4 :
මේවා හරිගස්සන්න නම් අලයො පිටින් විප්ලව කරල හරියන්නෙ නෑ. නියමිත පරිදි ටක්කෙටම වදින ප්‍රභල අභ්‍යන්තර විප්ලවයක් කරන්නම ඕනෙ. ඒකට මේකෙ අලගිය-මුලගිය තැන් දැනගෙන ඉන්න ඕනෙ. නවක වධයේ සැබෑ ගැඹුරු අරමුණු දැනගන්න ඕනෙ. මෙතෙන්දි භාවිතා කරන මානසික අවි(ප්‍රභාකරන් මිනිස් බෝම්බ හදන්න brain wash කරන විධියට වඩා ලොකු වෙනසක් නෑ.) ගැන නියම විධියට දැනගන්න ඕනෙ. මේකත් එක්ක බැඳිල තියෙන දහසකුත් එකක් දේවල් ගැන දැනගන්න ඕනෙ. මේක කැම්පස් එකට විතරක් බලපාන දෙයක් නෙවෙයි. සමස්ථ සමාජයත් මේකෙ කොන්වලින් ගැටගැහිල ඉන්නවා. මේවා හරිහැටි දැනගන්න. මානසික හා සමාජ විද්‍යාත්මක කෝණ වලින් මේවා දකින්න. නැතුව උඩින් පල්ලෙන් දැනගෙන කෑ ගහල වැඩක් නෑ.

When, Prabakaran and his brain-washing failed. JVP failed in 1971, 1989 and it is gasping for breath now. I can remember so many so called JVP leaders who have left for greener pasture the moment the passed out of the University. Look at our cabinet, how many corrupt ex – JVP’rs you can see? In the same way you will preach what the sahodaraya’s preached you. But Just like how Prabakaran failed, you will fail. Terror will never work. You can never force attitudes on people. The rag will fail. All we need is a strong leader, VC’s and Deans who have backbones, and more people like Chamitha for the “Revolution “against oppression.

I don’t think a few weeks of filth, humiliation, self-degradation and physical exercises is going to change a 22 year old’s thinking forever. People with inferiority complexes and insecurities will fall prey to the ragger’s ideology. These people will ruin the most enjoyable time one can ever have in his life – the campus days. The moment they pass out , they will change their colors and ideology . When මී හරකා , becomes an engineer, will he have the same sentiments towards ragging if his son or daughter gets a chance to enter E Fac, Peradeniya ? Would he like them to go trough the same fears and oppression ? I know about these because I am in that age, and I realize how useless and unnecessary the rag was. I went through a most grueling and traumatic ragging in my time, I hate all who ragged me; the few people who saved me and helped be are still my best friends. There are university dons and professors and top professionals who ragged me severely and three decade later I still hate them. I have never ragged anybody in my life.

So long මී හරකා, don’t bother to reply me. Your type will never change me. I was a victim of the rag and hated the rag even before you were born! My advice to you is same your father gives you, enjoy the free education, appreciate the people who pay for your meals and lectures, respect the teachers who give you wisdom, love your university and enjoy university life and let fellow students do what they want with their life, and pass out as soon as possible, and serve you Moherland, and look after your parents.

Anonymous said...

Finally, I was an undergraduate in Peradeniya University in the seventies. I qualiied nearly 30 years ago, finished all my post graduate studies, and served my country for the last 30 years. I have been teaching Peradeniya University students for the last 20 years. As a frsher I got mercilessly ragged,in every imaginable and unimaginable manner without consent, out of mortal fear.

Izza said...

Dear sir,

Thank you very much for expressing your view and experiences upon this matter. We, as uindergraduate students who stand against ragging, appreciate your contribution with utmost gratitude.

Since your post is very much related to Chamitha's previous article, I'll put it's link right here....

http://chamithar.blogspot.com/2009/08/blog-post.html

With a staff like you and an administration with a strong backbone, I think it is not too much to say that we can have hopes for a brighter 'Pera' in the near future.

Hoping to have a productive discussion under this......

Chamitha said...

Thank you very much dear sir! Sorry for my delay in replying. I take this chance to express my sheer gratitude for your great endeavour in sharing your own opinion and personal experiences. The words of a senior academic staff member at the university is more poweful than that of anyone else regarding an issue like this. Hope your long comment will open eyes of every and each person who is misguided and skeptic about this useless thing called 'ragging'.

Your comments have inspired us a lot sir. It will help us to continue on this manner which we feel the path of ahimsa. I kindly ask you to act strictly, based on the information provided (And I have more, which could be revealed accordingly), on behalf of my colleague studentes who are muted forcefully.

It will be necessity of today and the necessity of nation. This nation needs intellectuals who can act depending on an unwavered opinion. Intellectuals should not be yesmen or cowards. No matter how advanced the admission criteria or the course is, this nation would never be develpoed unless the mindset is rectified among the undergrads.

One last thing to ponder: Anagarika Dharmapala once told that smooth words alone can't rectify the profoundly contaminated minds of the people in the society. It needs suitable, decisive and strong action taken at the right place on the right time...

Anonymous said...

Chamitha,
I would like to respond to two of your comments:

" අවාසනාවකට මෙන් ඊට එරෙහි වීමේ හැකියාවක් එකල කිසිදු විශ්ව විද්‍යාල සිසුවෙකුට තිබුණේ නැත."

True : No one was able to say no to or refuse the ragging in my time ( 1970's ) There was no strong student, parents, political, lobby OR public outcry against the rag at that time. Ragging was a secret cult. Student intake was small. Almost ALL the Pera freshers got accommodation in the halls of residence. There was a lot of support from the staff for the ragging (wardens, sub wardens etc) For example, the " P King contest " (the contest to select the fresher with the most equipped private parts, was held in the common room, around 8 pm, in Hilda common room, just one floor below the sub warden's room, when that bastard was physically there in his room. The common rag was conducted every morning without failure, beginning 4.30 am in the courtyard between 4th and 5th wings. And anybody, including all the sub-wardens could hear the loud roll-call and booing which heralded the common rag. Freshers running across corridors without a stitch on them was a common site. Freshers eating with their plates on their heads was a common site in the dinner hall, also was in full sight of some spineless sub wardens. Because we were incarcerated in halls, there as no escape from this hell hole for the entire 3 weeks. If you locked the door, it will be broken open, of bucketed from the grill holes till soggy. So this was a different setup altogether.... And remember it took nearly 25 years to start an ANTI RAG movement.

2. නමුත් එකල රැග අද තරම් දරුණු නොවූ තත්ත්වයක් තුළ එය එතරම් ගැටලුවක් ද නොවිණැයි මම උපකල්පනය කරමි. ඇතැම් විට මා වැරදි විය හැක - No son, you are very wrong there. IF I give of a list of rags, classified into sexual, physical, psychological groups, that I went through as a 19 year old, even you might faint. For ragging me, one second year was forced to get a re-rag (one of the most humiliating things that can happen to a second year those days) by the super-seniors. Some of the things I was forced to do or perform were on bordering insanity. But those days, everything ended with the oath, and NO ONE had any control over you after the rag season, you were free enjoying the campus. But the rag now lasts the entire campus life. The batch is divided into two groups from the beginning. The division between the haves and have-nots is much more. And the broken down spirits and the lack of self esteem you see now among the undergraduates is pathetic. So it is my personal view, that even the content of ragging is less, the effects are far reaching.. Aimed methodically in the guise of a subculture, to create a herd, who are commanded by an insane few.


But remember, there are many senior dons who in their silent wisdom are aware of what’s going on, and who are the leaders. I personally don’t forgive them; there come a tome these people stand in front of us, finally in their senses, wanting to get through their exams. We know these are the people who call us traitors, capitalists, relics of the colonial era. And when I have the spoon in my hand I give them the share they deserve. When the law of the land fails, as in Dr J Edirisinghe’s case, the vigilantes take over. This is something those pro rag leaders have to keep in the back of their minds when they slander and intimidate their own teachers…..


So take care Chamitha. The world is full of short-sighted cannibals. So take your path you have chosen, but tread very carefully.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.