Pages

Wednesday, April 29, 2009

The Curious Case of Benjamin Button (2008) පිළිබඳ පසු විපරමක්

මම සාමාන්‍යයෙන් චිත්‍රපට පිළිබඳව වැඩිපුර ලියන්නෙක් නෙවෙයි. නමුත් මෙම සිනමා සිත්තම, The Curious Case of Benjamin Button බැලුවට පස්සෙ නම් ඒ පිළිබඳව කුමක් හෝ ලිවිය යුතුයි කියල මට හිතුනා (මං දැක්ක මේ පිළිබඳව පොතේ ගුරා සහෝදරයත් කලින් ලියල තිබ්බ).

නමුත් කොහොම පටන්ගන්නද කියල මට හිතාගන්නත් අමාරුයි...

හ්ම්... මුලින්ම මම මෙහෙම කියන්නම්. මේක මම බලල තියන විශිෂ්ටතම චිත්‍රපටය නෙවෙයි. ලස්සනම චිත්‍රපටයත් නෙවෙයි...! දැන් ඔයගොල්ලො බලයි මොන බහුබූතයක්ද මං මේ කියවන්නෙ කියල. හික්ස්... මෙහෙමයි, මට හිතෙන හැටියට මේක අපි බලන වෙනත් චිත්‍රපට එක්ක එක මිම්මෙන් මනින්න අමාරුයි. මොකද මේක සම්ප්‍රදායට මුලුමනින්ම පටහැනි, කෙනෙකුට ලේසියෙන් හිතාගන්න බැරි මාතෘකාවක් මත පදනම් වී බිහිවූ චිත්‍රපටයක්. ඔයගොලොන්ට තේරුම්ගන්න ලේසි වෙන්න මම කතාව කෙටියෙන් කියන්නම්.

කැත්‍රිනා කුණාටුව ඇමරිකාවෙ නිව් ඔර්ලියන්ස් නගරය හඹා එනවා. මේ අතරෙ, වයස්ගත ඩේසි විලියම්ස් මෑණියන් නගරයෙ රෝහලක් තුල ඇගේ මරණ මංචකයෙ වැතිර ඉන්නව. පසෙකින් ඉන්නෙ ඇයගෙ දුව කැරොලයින්. ඔහොම ඉන්නකොට ඩේසි, කැරොලයින්ගෙන් ඉල්ලනව ඇගේ ඇඳුම් බෑගයෙ තියන පරණ දිනපොතක් අරන් ඇයට කියවන්න කියල. ඒක අයත් වෙන්නෙ ඇගේ පරණ මිතුරෙක් වුණ බෙන්ජමින් බට්න්ට. ඔහු ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. කායික විකෘතිතාවයක් එක්ක ඉපදුනු ඔහුගෙ වයස ගියේ අනිත් පැත්තට. විස්වාස කරන්න පුලුවන්ද, ඉපදෙනකොට ඔහුගෙ වයස අවුරුදු 80යි..! ඒක වෙන්නෙ මෙහෙමයි. ප්‍රමාණයෙන් සාමාන්‍ය අත දරුවෙක් වගේ වුනාට ඔහුගෙ හැඩය, හම, ඇඟේ අවයව විතරක් නෙවෙයි හෘද ස්පන්දනයත් අවුරුදු 80 ක පුද්ගලයෙක්ගෙ වගේ..!

ඔහුගෙ මේ විකෘති බව දැක්ක පියා, තෝමස් බට්න්, ඔහුව ගෙයක් ළඟ අතහැරල දාල යනව. ඒක වැඩිහිටි නිවාසයක්. ඒකෙ ඉන්න වැඩිහිටියන් බලාගන්න ක්වීනි කියන කලු ජාතික කාන්තාව බාරගන්නව ඔහුව හදාගන්න. කාලයත් එක්ක ටික ටික ලොකු වෙනකොට වෙන ළමයින්ට වයස වැඩි වුනත් බෙන්ජමින්ට වෙන්නෙ වයස අඩු වෙන එක..! ඔය අතරෙ තමයි ඔහුට ඩේසි විලියම්ස් හම්බෙන්නෙ. ඩේසිට වයස 6ක් වෙනකොට බෙන්ජමින්ට හැත්තැ ගානක්; ඩේසිට වයස 20ක් වෙනකොට බෙන්ජමින්ට පනස් ගානක්. පෙනුමෙ මේ වගේ ලොකු වෙනසක් තිබුනත් ඒක ඔවුන්ගෙ පුංචි කාලෙ මිත්‍රත්වයට බාධාවක් වෙන්නෙ නෑ. විවිධාකාර හැලහැප්පීම් මධ්‍යයෙ ඔවුන්ගෙ ජීවිත ගෙවිල යනව. නමුත් එක තැනක නෙවෙයි දෙතැනක..! ඒත් මේ විදියට ගිහින් අන්තිමට ඔවුන්ගෙ වයස ආසන්න වශයෙන් සමාන වෙනකොට පුදුමාකාර ලෙස ඔවුන් ආපහු එක් වෙනව...

නමුත් කතාව එතනින් ඉවර නෑ. මම ඉතුරු ටික කියන්න යන්නෙත් නෑ. මොකද බලපු නැති කට්ටියගෙ කුතුහලය රැකගනු පිණිස;) ඔන්න ඔය විදියෙ ඉතා සුවිශේෂී කථාන්තරයක් තමයි මේ චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නෙ.

Curious case කිව්වට ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්ෂක කතාවක වගේ රහසිගත බවක් වත් කාලයෙන් පසුපසට යනව කිව්වට විද්‍යා ප්‍රබන්ධයක අයුර වත් නෙවෙයි මේකෙ තියෙන්නෙ. නමුත් කුතුහලය දනවන බව නම් ඇත්තයි. පැය 2යි මිනිත්තු 46ක් පුරා දිවයන මේක, මිනිස්සුන්ගෙ ගති සොබාවන් මනාව විදහා දක්වන කලාත්මක චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්.

චිත්‍රපටය පුරාවට තියෙන්නෙ ඉතා සෞම්‍ය සංගීතයක්. වේගයෙන් දිවයන (tensed) අවස්ථා වල පවා තේමාවට හානියක් නොවී එය රඳවාගන්න නිර්මාණකරුවා සමත් වෙලා තියනව. ඊට අමතරව දෙබස් භාවිතයත් සුවිශේෂියි. උචිත තැන් වල පමණක් උචිත පරිදි දෙබස් පරිහරණය කරමින් හැම රූප රාමුවක්ම ප්‍රේක්ශකයාට නරඹා අදහස ග්‍රහණය කරගත හැකි වන ලෙස ඉදිරිපත් කරල තිබෙනව. තවත් විශේෂයෙන්ම සඳහන් කලයුතු දෙයක් තමයි බෙන්ජමින් බට්න්ගෙ චරිතය. පීටර් ඩොනල්ඩ් බැඩමෙන්ටි (බෙන්ජමින් 1928-31), රොබට් ටවර්ස් (බෙන්ජමින් 1932-34), ටොම් එවර්ට් (බෙන්ජමින් 1935-37) හා බ්‍රැඩ් පීට් (බෙන්ජමින් ප්‍රධාන අවධිය) එම චරිතය නිරූපණය කරල තියනව. මේ සියලු දෙනා ඒ ඒ අවධි වල බෙන්ජමින්ගේ නිහඬ චරිතය සහ එහි ගැඹුර විදහා දක්වන ආකාරය අද්විතීයයි. මීට අමතරව ඩේසිගේ තරුණ හා වැඩිහිටි අවධි නිරූපණය කරන කේට් බ්ලැන්කට් ද එම චරිතයට උපරිම වශයෙන් සාධාරණය ඉටුකර ඇති බව පවසන්න ඕනෙ.

තවත් අනිවාර්යයෙන්ම පැවසිය යුතු කරුණක් තියනව. ඒ තමයි චිත්‍රපටය පුරාවට 'නිරුවත' භාවිතා කර ඇති අන්දම..! එය ඉස්මතු වන අවස්ථා විශල ප්‍රමාණයක් තිබුණත් ඒ හැම එකක්ම ඉතා සංයමයෙන් භාවිතා කරන්න චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර් පරිස්සම් වෙල තියනව. කොහොම වුණත් මෙහි පවතින නිහඬ, ගලායන ස්වභාවය නිසා ඇක්ෂන් ප්‍රිය කරන අයට මේ චිත්‍රපටය නොගැලපෙන්නත් පුලුවන්.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මේක බලපු නැති හැම දෙනාටමත් බලන්න කියන එකයි. මොකද ඒකට ඔබේ චින්තනය අලුත් මානයකට ගෙනියන්න පුලුවන් නිසා..! හැමදාම ඇක්ෂන් ෆිල්ම්ස් බලන එකේ ඉඳල හිටල සීරියස් එකක් බැලුවට අවුලක් නෑනෙ?:-)

Monday, April 27, 2009

ලෝකේ පොඩිම සුරංගනා කතාව

හරීම ලස්සන කුමාරිකාවක් අබියසට අසු පිටින් පැමිණි කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය. තරහින් ඔරවා ඉවත බලාගත් කුමරිය ගත් කටටම බෑ කීවාය. ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය.

More drawings







Sunday, April 26, 2009

ඔබාමා මොකද කරන්නේ?

පසුගිය ඇමරිකානු මැතිවරණය අපේ රටේ ඇති කළේ දැවැන්ත කතිකාවක්. ඒකෙදි අපේක්ෂක බැරැක් ඔබාමා වෙනුවෙන් කැන්වසින් කළ පුද්ගලයන් ප්‍රමාණය, ලෝක ගෝලය අනිත් පැත්තෙ තිබුණත් ශ්‍රී ලංකාවේත් සුලු පටු අගයක් ගත්තෙ නෑ. කොහොම වුනත් 2009 ජනවාරි 20 වැනිදා වැඩ භාරගත් ජනාධිපති ඔබාමාගෙ ධූර කාලයෙන් දැන් දින 100ක් ගත වෙලා. මේ කාලය තුල ඔහු ඔහුගෙ රටටත් ලෝකයටත් කළේ මොකක්ද? සොයාබලන්න කාලය එලඹිලා....

මේ කාලය තුල ඔහු ගත්ත වැදගත්ම තීරණය, කඩා වැටෙමින් පැවති සහ පවතින ඇමරිකානු ආර්ථිකයට ඔක්සිජන් දීමේ අරමුණින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 787ක ආධාර පැකේජයක් මුදාහැරීම බව සඳහන් කරන්න පුලුවන්. මීට අමතරව රාජ්‍ය ලේඛන වල රහස්‍යතාව අඩු කිරීම, මාස 18ක් තුල ඉරාකයෙන් ඇමරිකානු හමුදාව ඉවත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම, ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු හමුදා ශක්තිය 17000 කින් ඉහළ නැංවීම, 2010 ජනවාරි මාසයට පෙර කියුබාවේ 'ග්වන්තනමෝ බේ' හමුදා කඳවුර වසා දැමීමට උපදෙස් දීම, බුෂ් පරිපාලනය යටතේ තහනම් කල ගබ්සා නීතිගත කර ඇති විදේශ ආයතනයන්ට මූල්‍යාධාර පිරිනැමීම යලි ක්‍රියාත්මක කිරීම සහ වෙනිසියුලාව, කියුබාව වැනි සතුරු ප්‍රතිපත්තියක සිටි රටවල් සමඟ වඩා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියකට පැමිණීම යනාදියත් වැදගත් තීරණ ලෙස සඳහන් කල යුතුයි.

ඉන් අවසානයට සඳහන් කල කරුණ ලෝකයේ මධ්‍යස්ථ මතධාරී පිරිස් වල මහත් ප්‍රමෝදයට හේතු වුණා. වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් සමඟ අතට අත දී සාකච්ඡා කිරීම ඇතැමුන්ගේ බලවත් විවේචනයට ලක් වුණත් චාවේස් එය හඳුන්වා දී තිබුනේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අදහාගත නොහැකි වෙනසක් විදියට. බුෂ් පරිපාලනයට එරෙහිව දේශපාලන වේදිකා වල මොර දිදී කෑගහපු චාවේස් මේ ආකායට මිතුරු කරගැනීම මම නම් දකින්නෙ සුභවාදී දෙයක් හැටියට.

නමුත්, මේ සියලු සිදුවීම් මධ්‍යයේත්, ඔබාමා ආගමනයත් සමඟ ලෝකය බලාපොරොත්තු වූ ආකාරයේ දැවැන්ත වෙනසක් නම් තාමත් සිදුවී නොමැති බව සඳහන් කරන්න ඕනෙ. ඒක තවත් තහවුරු කරන්නට මෙන්, නැවත නැගිටියි කියල හිතුව ඇමරිකානු ආර්ථිකයෙ නැගිටීමකට වඩා තියෙන්නෙ පසුබෑමක්.

ජනවාරියත් එක්ක සසඳද්දි 'ඩෝ ජෝන්ස්' කොටස් මිල දර්ශකය දැවැන්ත ලෙස පහල ගිහින්. විරැකියා ප්‍රතිශතය 7.6% ඉඳන් 8.5% දක්වා ඉහල ගිහින්. මේ මාසෙ ඒක තවත් වැඩි වෙන්නට නියමිතයි. දැනට රජයෙ ආධාර මත පවත්වාගෙන යන ජෙනරල් මෝටර්ස්, ක්‍රයිස්ලර් තව ටික දවසකින් බංකොලොත් වෙයිලු..!

ආර්ථිකයට අමතරව තවත් අංශ ගැන ගැටළු මතු වෙලා. 14 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයෙ (ලංකාවෙ නෙවෙයි) 3න් දෙනෙක්ම පසුගිය දින 100 තුල ඉල්ලා අස් වෙලා (එක් අයෙක් නීතිමය ප්‍රශ්නයක් මත, තවත් කෙනෙක් බදු අර්බුදයක් මත සහ අනිත් කෙනා ඔබාමා සමඟ පවතින ප්‍රතිපත්තිමය වෙනස මත) ඔන්න ඔහොමයි දැන් තත්වය. ප්‍රශ්නය තවත් සංකීර්ණ කරමින් කැබිනට් මණ්ඩලයෙ දැන් සිටිය පුද්ගලයින්ගෙනුත් 6 දෙනෙක්ට බදු සම්බන්ධ නීතිමය ගැටළු මතු වෙලා.

ඇමරිකානු මැතිවරණ සටනෙදි අදහස් දැක්වූ පරිදි ගෝලීය උණුසුම ඉහල යාමේ ගැටළුවට විවිධ පියවර අරන් තිබුණත් කියෝතෝ සංධානයට අනුව එකඟ වෙච්ච කරුණු ක්‍රියාත්මක කිරීම තවමත් සිදුකරල නැහැ. ඒ පිළිබඳව මෑතකදි නගපු ප්‍රශ්නයකට ඔහු දීල තිබ්බ පිළිතුර වුනේ ඒක දැන් කල් ඉකුත් වීමට නියමිත නිසා අත්සන් තැබීමෙ තේරුමක් නෑ කියල.

කොහොම වුණත් ඇමරිකානු සහ වෙනත් ගෝලීය ගැටළු සම්බන්ධව දරන ස්ථාවරයන් සහ ගන්නට යෙදුණු පියවර ඔහොම වෙද්දි ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය කාලයෙ ඇමරිකානු රජය දැරූ ස්ථාවරය පිළිබඳවත් ශ්‍රී ලාංකීය ජනතාව අතරත් පවතින්නෙ එතරම් හොඳ ආකල්පයක් නෙවෙයි. ඒක ඔබාමාගෙ පෞද්ගලික ස්ථාවරයදැයි දැනගන්නට නැතත් සටන් විරාමයකට යාමට ඔහුගේ රාජ්‍ය ලේකම්, හිලරි රොඩ්හැම් ක්ලින්ටන් ඉදිරිපත් කල යෝජනා සහ ඇගේ වෙනත් ප්‍රකාශ ශ්‍රී ලංකාව තුල දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.

දැනට පවතින තත්වය ඔහොමයි. ලොකු ලොකු සද්ද දාගෙන ආවත් සැබෑවටම වැඩ කරන්න යද්දි කියන තරම් පහසු නැති බව ඒකෙන් අපට පේනව. නමුත් දින 100ක් තුල කෙනෙකු පිළිබඳ සම්පූර්ණ නිගමනයට ඒම වැරදියි. ඒක නිසා ඔබාමා ඉදිරියේදි පෙන්වන වැඩ කිඩ අනුව තමයි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයා ද නැද්ද යන වග තීරණය කරන්නට සිදුවනු ඇත්තෙ...

Friday, April 24, 2009

Groundbreaking feats of LTTE

LTTE is the terror father of the world. It was formed centralizing the village called Valvettithurai, Jaffna in 1976. But its roots go back to 1972. Group of boys with rebellious thoughts gathered around Velupillai Prabakaran and launched their fight called 'freedom fight'. It came into existence with no money, no arms, simply nothing but rebellious thoughts. Since then, the status it has gained, innovations it has made and atrocites it has claimed are unimaginable. While it is in its brink of defeat, I thought of summing up the groundbreaking feats it gained in its 33 year old history.

• The LTTE have perpetrated more suicide bombings than Hamas and Hezbollah combined.

• The LTTE’s suicide vest design has been copied by nearly a dozen organizations.

• The LTTE is an equal opportunity employer: the LTTE has used female bombers in a more than 3-2 ratio. The LTTE fields a conventional women’s corp.

• The LTTE has used suicide bombing as a weapon of choice in terms of targeted assassination, including the 1991 assassination of Indian Prime Minister Rajiv Gandhi, 1993 assassination of Sri Lankan President Ranasinghe Premadasa and the near assassination of Sri Lankan President Chandrika Bandaranaike Kumaratanga in 1999. The LTTE assassinated nearly 50 prominent moderate Tamil leaders, and is estimated to have killed thousands of moderate and anti-LTTE Tamils.

• The LTTE has used suicide frogman and other special operatives to penetrate far behind enemy lines.

• The LTTE targeted pillars of the Sri Lankan economy, including bombings of the Central Bank in 1996 and Columbo’s World Trade Center in 1997. In 2001, LTTE operatives penetrated the international airport and destroyed three jetliners, half of Airlanka’s fleet, in addition to 23 military aircraft.

• The LTTE was the first organization to post martyrs’ posters for the “Black Tigers” their suicide corp.

• The LTTE is the first sub state actor to use suicide naval vessels. There have been over 40 suicide naval attacks since June 1990, seven years before the USS Cole attack.

• The LTTE had a full-fledged navy, and many of their craft were indigenously designed and built.

•The LTTE is the only terrorist organization to possess submarines.

•The LTTE was the only terrorist organization to attack enemy using underwater scooters.

• The LTTE was one of only two terrorist organizations to use a WMD (Weapon of Mass Destruction) (the other being Aom Shinrikyo). The Tigers used a chlorine gas bomb against Sri Lankan forces in 1990.

• The LTTE became the first sub-state actor to acquire an air force. Though used in desperation, in two attempted "kamikaze" attacks, the LTTE has used their Czech trainers 9 times since March 2007 Sri Lankan forces captured six airfields in LTTE territory.

While their innovations on the battlefield were remarkable, it is nothing in terms of their innovations in finance and logistics. In short, the LTTE wrote the book on terrorist financing. Originally supported by India, the Tigers, turned on their patron in 1987, and since pursued a policy of self-reliance. The "Snow Tigers" under the leadership Tharmalingham Shunmugham aka Kumaran Pathmanathan (KP), have funded themselves through legal and extralegal means and have procurement operatives based in around the world.

The LTTE have used arms dealers in Hong Kong, Singapore, Malaysia, Lebanon, Egypt and Cyprus; shopped black markets in former war zones – Cambodia (Thailand), Afghanistan, Mozambique and the former Yugoslavia; and shopped the countries of the former Soviet bloc - Bulgaria, Czech Republic, Ukraine, Slovakia and Kazakstan, as well as North Korea and China. In one famed case, China North Industries Corp (Norinco) sold the LTTE two consignments of assault rifles, light artillery, rockets and ammunition, each large enough to fill a 230-foot cargo ship. The purchases in September 2003 and October 2004 were arranged through a middleman and certified with North Korean “end user” documents. The Sri Lankan President Mahinda Rajapaksa personally appealed to Chinese leaders in Beijing in February 2007 to halt a third consignment. One senior procurement officer arrested had a laptop with spreadsheets detailing more than $13 million in payments in the summer of 2006 for military equipment, including anti-aircraft guns and 100 tons of high explosives. His passport showed more than 100 trips in the past five years to countries such as China, Kenya.

The Tiger’s revenue stream has been estimated to be between $50 to $80 million per year. The money was diversified and invested around the world in money and stock markets through an array of front companies.

The LTTE invest directly or front money for supporters as a terrorist venture capitalist, in freight forwarding, gold and jewelry shops, restaurants, magazines and video sales, stores, bus companies, telephone and computer services. At one time, the Tigers owned and operated 11 merchant ships, flying under the flags of Panama, Honduras and Liberia, repeatedly changing the name of the ships, and manifest details.

More money came from illicit sources, including, racketeering, extortion, drug smuggling, money laundering, gold smuggling, and human smuggling. The LTTE have been behind some of the largest human trafficking rings in the European Union.

Perhaps the single-most important revenue stream is a baseline tax on the 800,000-strong Tamil Diaspora, known as the Tamil Tax. They are most active in countries with large Diaspora communities, especially, Canada, Switzerland, Australia, UK, US, Scandinavia, Malaysia, and Singapore. Canadian security forces estimated that the LTTE earned $6.5 million from investments in Canada between October 1998 - October 1999. The Canadian intelligence report estimated that Tamil communities in the UK, Canada and Australia, alone, provided $1.5 million per month. In Canada, the tax began as roughly C$1/day per family, though was increased. In the UK it’s roughly £300 per year.

These facts evidently show the superiority of LTTE in the world of terrorism. That's why Sri Lanka should be proud of eradicating it with her single handed pursuit.

Thursday, April 23, 2009

හෆොයි

හෆොයි දෙයියනේ මට අද මාර වැඩක්නෙ උනේ. අද මං ටවුන් එකට ගියා වැඩ වගේකට. නුවර ටවුන් එක පුරා දඩාර රවුමක් ගහල අර කඩේටයි මේ කඩේටයි ගිහින් අම්ම ගේන්න කිව්ව බඩු වගේකුත් උස්සන් බැංකුවටත් ගියා. අම්මට සිරි, එතකොටනෙ දන්නෙ වෙල තියන වින්නැහිය:O
මං ගෙදර ඉඳන්ම ඇවිත් තියෙන්නෙ ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන...!!

මට හීං දාඩිය දැම්ම. මං වට පිට බැලුව ටොයිලට් එකක් තියනවද කියල රිංගන්න. මොන... බැංකු වල කොහෙද පොදු වැසිකිළි?

කොහොම උනත් අවසාන වශයෙන් මට සිද්ධ උනේ බැංකුවෙනුත් එළියට පැනල බස් එකට දුවන්න. ඒකෙත් මුල්ලකට වෙන හැංගිල තමයි ගෙදර එන්න උනේ. මදැයි ඉඳල ඉඳල ගියා රවුමක් ගහන්න...

මේ වගේ හේතු නිසා මං යෝජනා කරනව නගරයෙත් තැනින් තැන චේන්ජින් රූම්ස් ඇතිකරන්න ඕනෙ කියල. නෑ මං කියන්නෙ දවසකට කී දෙනෙක්ට මේ වගේ අකරතැබ්බ සිදුවෙනව ඇද්ද නේ? හෙ හේ...

අද මේ වගේ දෙයක් ගැන ලියන්න හිතුනෙ, වෙන ලියන්න බරපතල කරුණක් මතක් උනේ නැති හින්ද. කමක් නෑනෙ? :-)

Wednesday, April 22, 2009

ලංකාවේ වටිනාම රාජ්‍ය සේවකයා

ලංකාවේ තනතුරෙන් උසස්ම, එනම් පරිපාලන සේවයේ ඉහළටම ගිය රාජ්‍ය සේවකයා ජනාධිපති ලේකම් ය. එහෙත් වටිනාම රාජ්‍ය සේවකයා කවුද?

දැනට ජනාධිපති ලේකම් ධූරයේ වගකීම දරන ලලිත් වීරතුංග මහතා රටට මහත් සේවයක් කලත් ඔහු නැතත් එම වගකීම දැරීමට පුද්ගලයන් මෙරට සිටියි. අන් කුමන තනතුර ගත්තත් එය දැරීමට පුද්ගලයෙක් සිටින අතර ඔහු ඉන් ඉවත් වුවහොත් ආදේශ කිරීමට තවත් අයෙකු ද සොයාගැනීම එතරම් අපහසු නැත.

ඒ සාමාන්‍ය තත්වයයි. නමුත් මා දැන් කතා කිරීමට යන්නේ ඉන් මුලුමනින්ම අපගමනය වූ පුද්ගලයෙක් ගැනයි. ගණිතමය වශයෙන් ප්‍රකාශ කලහොත් පිටත පිහිටීමක් ගැනයි.

ඔහු අප රටේ අතිශයින්ම වැදගත් තනතුරක් දරන පුද්ගලයෙකි. මේ දිනවල වඩිපුරම කතාබහට ලක්වන චරිතයකි. ඒ අන් කවරෙකුත් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා යි.

මාස දෙකකට වරක්වත් අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන ශ්‍රී ලංකාවේ ඔහුට පැවරී තිබෙන වගකීම සුලුපටු එකක් නම් නොවේ. ගහ මරාගැනීම අනූන ශ්‍රී ලාංකේය දේශපාලන පොරපිටියේ විනිසුරුවා ඔහු ය. ඡන්දය දැමූ දින රාත්‍රියේ පටන් පසුදා දහවල් වනතුරු ලොකු කුඩා සියලුදෙනාම බලා සිටින්නේ ඔහු දෙස ය. ඉන් පසු හැමෝගේම මතකයෙන් ගිලිහී යන ඔහු නැවතත් මතකයට නැගෙන්නේ තවත් ඡන්දයක් සමඟ ය.

අපේ මේ හොඳටත් හොඳ නරකටත් හොඳ මැතිවරණ කොමසාරිස්තුමාගේ සේවාකාලය අවසන් වීමට තිබුනේ 2002 වසරේ ය. නමුත් අද, 2009 අප්‍රේල් 22 වනදාත් ඔහු සේවයේ යෙදී සිටියි. එතුමා සේවයේ යෙදෙන්නේ ස්ව කැමැත්තෙන් ද නොවේ. හැමදාම ඡන්දයක් අවසානයේ ම පවසන්නේ "අනේ මට යන්න දෙන්න අනේ මට යන්න දෙන්න" කියාය. ඒ ස්වරය දෑස් වලට කඳුළු උනන තරම් ය. නමුත් කියන්නට කණගාටු කරුණ නම් ඔහුට ගැලවීමක් පෙනෙන මානයේ වත් නැති බවයි.

මන්ද මේ වසර මැතිවරණ වසරකි. මහා මැතිවරණයක් ඒමට තිබේ. තව කොතරම් පළාත් සභා, එකී මෙකී නොකී සභා මැතිවරණ පැවැත්වේ දැයි කිව නොහැක. මේ අතර ජනාධිපතිවරණයකුත් මඟ එන ලකුණු පෙනෙන්නට තිබේ. මේවා හේතුකොටගෙන ඔහුට නුදුරු අනාගතයේ නම් විශ්‍රාම යාමට නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලි ය.

මේ සියලු හේතු හේතුකොටගෙන අද ඔහු තම ඉරණම පිළිබඳ මෙසේ කීවේය. "මරණයෙන් මිස මට නම් මේ කරුමයෙන් ගැලවිල්ලක් නැත."


දයානන්ද දිශානායක මැතිතුමනි, ශ්‍රී ලංකාවේ වටිනාම රාජ්‍ය සේවකයා ඔබයි :)))

සිදුවීම් සිදුවීමේ වේගය

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට පවතිනුයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක ය. මෙතරම් තීරණාත්මක මොහොතකට මා ජීවත් වූ වසර 20ක කාලසීමාවේ දී ශ්‍රී ලංකාව මුහුණදී තිබුණේ නම් ඒ 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි රළ පහර එල්ල වූ අවස්ථාවේ පමණක් බව සිහිපත් කල හැක. සියල්ල ඉතා වේගයෙන් සිදුවෙමින් තිබේ. එය ප්‍රකාශ කිරීමට මගේ යතුරුකරණයේ වේගය මදිදැයි සිතේ.

කෙසේ වෙතත් කරුණු 3ක් මීට මූලික වශයෙන්ම හේතු පාදක වී ඇතිබව සඳහන් කල හැක.

1. LTTEයේ කෘර හස්තයට මැදිව සිටි දැවැන්ත ජනකායක් රජයේ පාලන පෙදෙස් වලට ඇදී එමින් තිබේ. 20 වැනිදා (20-04-2009) ඇරඹි ක්‍රියාන්විතය සමඟ පටන්ගත් මේ පිරිසේ ප්‍රමාණය මොහොතින් මොහොත වැඩිවෙමින් පවතී. ඒ කොතෙක් ද යත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය Exodus Count එකක් පවා අරඹා තිබේ. ලිපිය ලියන මොහොත වන විට එහි සටහන්ව ඇති අගය 90 097කි. මීලඟ යාවත්කාලීනය එනතුරු සියලුදෙනා බලා සිටින්නේ ඉමහත් උද්‍යෝගයෙනි. (ඔබ මේ ලිපිය කියවන විට එහි අගය තවත් ඉහළ ගොස් තිබිය හැක)

2. මානුෂික මෙහෙයුම් සම්බන්ධයෙන් රජයට ජ්‍යාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ. අද දවසේ ලොව වඩාත්ම පීඩනයට පත් රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බවට සැකයක් නැත (එසේ පවතින අතරත්, සෙනසුරාදා එළඹෙන බස්නාහිර පළාත් මැතිවරණය තකා රැස්වීම් පැවත්වීමට ඔහු අමතක කර නැත. එම අවස්ථාවන් ඡන්ද දායකයිනුත්, ජ්‍යාත්‍යන්තරයත්, ප්‍රභාකරනුත් ඇමතීමට වේදිකාවන් කරගැනීමට තරම් ඔහු උපායශීලී වී තිබේ. එක ගලෙන් කුරුල්ලන් බහුතරයක් බාගැනීම යනු මෙයයි. එහි හොඳ නරක කෙසේ කුමක්දැයි යන්න වෙනම කතාවකි). එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යනාදී රටවලත් තමිල්නාඩුවේත් අග නගර දෙවනත් කරමින් කොටි හිතවාදීන් පෙළපාලි යන අතර ඉන් කලබලයට පත්වූ එම
ඇතැම් රටවල් නින්දෙන් ඇහැරියා සේ කෑගැසීමට පටන්ගෙන තිබේ. මානුෂික මෙහෙයුම් හරහා හමුදාව දස දහස් සංඛ්‍යාත දමිළ ජනතාවක් මුදාගනු දැක දැකත් මෙසේ ක්‍රියාකිරීම ඉතා ශෝචනීය තත්වයකි. මේ අතර ඇතැමුන්ට ලොකුම ගැටලුව වී ඇත්තේ නිදහස් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වන බටහිර දැවැන්ත මාධ්‍ය ආයතන (Mass media) වල මාධ්‍යවේදීන්ට නිදහසේ උතුරුකරයේ සැරිසැරීමට රජය මගින් ඉඩ ලබා නොදීමයි. ඔවුන් එසේ සැරිසරන්නට ගොස් LTTEයේ වෙඩි උණ්ඩයකට ගොදුරුව මියපරලොව ගියවිට එයටත් කට උත්තර දීමට සිදුවන්නේ රජයටම නොවේද?

3. ලොව කුරිරුතම ත්‍රස්තවාදියා සොයා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සහ කමාන්ඩෝ බලසේනාවේ විශේෂ කණ්ඩායම් මෙහෙයුම් අරඹා තිබේ. 1987දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වඩමාරච්චි මෙහෙයුමෙන් ගිය තැනට අද ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු හමුදා කණ්ඩායම් පැමිණ තිබේ. දැනටත් යුද මුක්ත කලාපයෙන් අඩකටත් වඩා මුදාගෙන අවසන්ය. දැන් එළඹ තිබෙන්නේ පිරබාහරන්ගේ හෝරාවයි. ඔහු දැන් කුමක් කරනු ඇත් ද? ලෝකයම බලා සිටියි.

කෙසේ වෙතත් ඉදිරි පැය 48ක කාලය තවත් තීරණාත්මක වනු ඇත. ඉහත කරුණු 3න් ම සංවාදයට බඳුන් කල තත්වයන් කුමන දිශාවකට හැරෙනු ඇත්දැයි අපට නිශ්චය කරගත හැකිවනු ඇත්තේ ඉන් අනතුරුවයි.....

Tuesday, April 21, 2009

මගේ බ්ලොග් එකත් සින්ඩියේ...!!

අද නම් මට ඉතාමත් ප්‍රීතිමත් දවසක්. ඒකට මුල්ම හේතුව තමයි අපේ හමුදාවෙ කොල්ලො. උන් ඊයෙ ඉඳන් දාපු වැඩ කිඩ දැකල මම ෆුල්ම ආතල් එකේ තමයි අදත් ඊයෙ දවස පුරාමත් හිටියෙ. ඒක කොච්චරද කියනව නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියත්, ලංකාපේජ් පුවත් අඩවියත්, ලංකාව ගැන ගූග්ල් පුවත් සෙවුමත් විනාඩි 5න් 5ට රීෆ්‍රෙෂ් කර කර ඉන්න තරන් උද්දාමයක් මට තිබ්බ. නමුත් ඒ අතරෙ තවත් වැදගත් සිද්දියක් වෙලා කියල මං දැනගත්තෙ දැන් ටිකකට ඉස්සෙල්ල.

ඒක තමයි මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයේ බ්ලොග් කියවනයට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කිරීම. මෙය මගේ චිත්ත සන්තානය අහ්ලාදයෙන් (මේ වචනෙ තිබ්බෙ ඕ ලෙවල් සිංහල පොතේ ගී ද මෝපසාං ලිව්ව 'දියමන්ති මාලය' - The Necklace කියන කෙටිකතාව අඩංගු පාඩමේ බව මට තාම මතකයි) ප්‍රමුදිත කරවීමට හේතු උනා.

නමුත් අවාසනාවකට වගේ මං ඒක දන්නෙ දැන් උනත් ඇත්තටම මාව එක් කරල තියෙන්නෙ ඊයෙ. මං මට ලැබුණු ඊමේල් හරියට පරීක්ෂා කරල බැලුවෙ නැති නිසා තමයි මේ වින්නැහිය උනේ. හෆොයි. ඉතින් මං මොනව කරන්නද දෙයියනේ, මගෙ ඉන්බොක්ස් එකේ ඊමේල් ගොඩායි. ඔය අනං මනං ගෲප්ස් වලින් ආපු ඒව. ඕව අස්සෙ තමයි මේ බව දන්නල එවපු ඊමේල් එකත් තිබ්බෙ.

කොහොම උනත් මේ සද් කාර්යය කිරීම ගැන මං කාලිංග ඇතුලත්මුදලි අයියට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. අයියෙ ඔබට ගොඩාක් පින්...!

දැන් වත් ටිකක් මොළේ කල්පනා කරල වැදගත් දෙයක් ලියන්න ඕනෙ.

Monday, April 20, 2009

කරුණානිධිගේ දේශපාලන විහිලු

තමිල්නාඩු මහ ඇමති මුතුවේළු කරුණානිධි මහතා ලෝකයටම විහිලු සපයන විහිලුකාරයෙකුගේ තත්වයට පත්ව තිබේ.

පසුගිය ඉරිදා (19-04-2009) ඔහු පැවසූයේ LTTE නායක වේලුපිල්ලේ පිරබාහරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ය. "He is my friend. And I'm not a terrorist" ("ඔහු මාගේ මිත්‍රයා ය. එසේම මා ත්‍රස්තවාදියෙකු නොවේ") දකුණු ඉන්දියානු NDTV රූපවාහිනී චැනලය අමතා එසේ පැවසීය. එතෙකින් නොනවතින ඔහු මෙසේ ද පවසයි. "යම්හෙයකින් ඔහු (පිරබාහරන්) ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනය වුවහොත් තමා අතිශයින්ම කම්පනයට පත්වනු ඇත"

ඒ ඉරිදා ය. මේ සඳුදා (20-04-2009) ඔහු කරන අපූරු ප්‍රකාශයයි.

"LTTEය යනු අන්තවාදී සංවිධානයකි. එය ආරම්භ වූයේ නැක්සලයිට් කල්ලියක් වැනි අන්තවාදී සංවිධානයක් ලෙස නොව විමුක්ති සංවිධානයක් ලෙසයි. නමුත් කාලයත් සමඟ එය අන්තවාදී තත්වයට පත්විය". ඉරිදා ඔහුගේ ප්‍රකාශයට පාලක කොංග්‍රස් පක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මේ හදිසි වෙනසට හේතුව බවට සැකයක් නැත. තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද කියයි "පිරබාහරන් සහ ඔහුගේ සංවිධානය ත්‍රස්තවාදය අතට ගන්නට ඇත. නමුත් එය පිරබාහරන්ගේ වැරැද්ද නොවේ".

මේවා දකින අප හට ඇසීමට තිබෙන්නේ කරුණානිධි මේවා පවසන්නේ රෙදි ඇඳගෙන ද යන්නයි. අද ප්‍රතිපත්තිය හෙට වෙනස් කරන, වාසිය තකා තම මූලික මතවාදයන් පවා පාවාදෙන දේශපාලනඥයන් සිටිනුයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව මෙම උදාහරණය අපට පසක් කරවයි. ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව දිනාගැනීම ඉහත මුල්ම ප්‍රකාශය පිටුපස පැවති කූට උපාය බව පැහැදිලි ය. නමුත් අනපේක්ෂිත පරිදි පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඔහුට සිදු වූයේ රෙදි ගලවා පසෙකින් තබා තම මුල් ප්‍රකාශය මෘදු කිරීමටයි. දැඩි LTTE විරෝධී ස්ථාවරයක සිටි විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද මැතිවරණ ජයග්‍රහණය උදෙසා කොටි හිතවාදී වයිකෝ වැන්නන් තම ඔඩොක්කුවේ රොවාගෙන සටන් වදින සන්දර්භයක් තුල කරුණනිධි ද මෙවන් දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ අප පුදුමයට පත්විය යුතු නැත. නමුත් තම ප්‍රකාශය පැය කිහිපයක් තුල තමාටම පාරාවළල්ලක් වීම පිලිබඳව අප ඔහුට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ යුතුය.

ඊට අමතරව ඔහු තවත් අපූරු ප්‍රකාශයක් මෑතකදී කළේ ය. යම් හෙයකින් වේලුපිල්ලේ පිරබාහරන් ශ්‍රී ලංකා හමුදාවට අසු වුවහොත් ඔහුට, ග්‍රීක අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර්, පෝරස් රජුට සැලකූ ආකාරයට සැලකිය යුතුය යනු එයයි. ඔහු අදහස් කළේ පිරබාහරන් ජීවග්‍රහයෙන් අල්ලාගතහොත් ඔහුට රජෙකුට සමාන අයුරින් සැලකිය යුතුය යන්නයි. නමුත් ඔහු සඟවන එක් කරුණක් තිබේ. එනම් සිංහල ජාතියට, තම සතුරාට සලකන ආකාරය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති බවයි. යුද්ධයෙන් පරාජයට පත්ව ජීවිතක්ෂයට පත්වූ එළාර රජුට දුටුගැමුණු රජු සැලකූ ආකාරය ඔහු නොදන්නේයැයි සිතිය නොහැක.

එසේ නම් එම සිද්ධිය සඟවා අසලක වත් නොමැති ඇලෙක්සැන්ඩර් රජු සම්බන්ධ සිද්ධියක් ඈඳාගැනීමෙන් පැහැදිලිවන්නේ ඔහුගේ කුහකත්වයයි. එක් අතකින් එහි ද පුදුමයක් නැත. මන්ද තම වර්ගයාහේ පරාජයක් වසාගැනීමට ඔහුගේ සිත යොමුවීම ඉතා ස්වභාවික සංසිද්ධියක් වීමයි. නමුත් දෛවෝපගත කරුණ වන්නේ එම විරුද්ධවාදියාගේම භූමිය උදුරාගැනීමට සටන් වැදුණු තම මිත්‍රයා අරභයා නැවතත් උක්ත ඉතිහාසගත පරාජය සිය මුවින්ම අවදි කරවීමට කරුණානිධි දායක වීමයි.....

Saturday, April 18, 2009

'ගැටලුව' සහ 'විසඳුම'

දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාව දවාලූ යුදමය ගැටලුව (මා මීට 'ජනවාර්ගික' ගැටලුව යන වදන භාවිත කිරීමට නොකැමැති වන්නේ, 'ජනවාර්ගික' හා 'යුදමය' යනු සංකල්පීයමය වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ගැටලු ද්විත්වයක් වන බැවිනි. මම මේ පිළිබඳව මතුවට කතාකිරීමට බලාපොරොත්තු වෙමි ) අවසානය කරා ළඟාවෙමින් තිබේ. එය සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුගේ හදවතක්ම අහ්ලාදයෙන් අභිමානයට පැමිණවිය යුතු කරුණකි. වර්ග කිලෝමීටර් 14ක් වූ යුද මුක්ත කලාපයේ වෙසෙන 40 000 සිට 70 000 ක් වූ සාමාන්‍ය ජනතාව ආරක්ෂිත ප්‍රදේශයට පැමිණි පසු හෝ යුද හමුදාව විසින් එය මුලුමනින්ම තම ග්‍රහණයට ගත් පසු මෙම 'යුදමය' ගැටලුව 'නිල වශයෙන්' අවසානයට පත්වනු ඇත.

නමුත් ඒ හරහා, ශ්‍රී ලංකාව මුහුණපෑ මහා අර්බුදය එක් වරම අවසන් වනු ඇත්ද?

එසේ වෙතැයි සිතීම උගහට ය. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී යුදමය ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබුණ ද දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් සහ පැවැත්මේ අවිනිශ්චිතතාවයෙන් බැට කෑ අහිංසක දමිළ ජනතාවට සැබෑ විමුක්තිය උරුම කර දීමේ මහඟු කර්තව්‍යය පාලක ප්‍රජාව මෙන්ම අනෙකුත් සාමාන්‍ය ජනතාව මත ද පැවරෙනු ඇත. තව දුරටත් බියෙන් සැකයෙන් තොරව එකම රටක් තුල තම අනන්‍යතාව රැකගෙන විසීමට හැකි බව එම පීඩිත ජනතාවට ප්‍රත්‍යක්ෂ කරදීම, අප රට මුහුණදුන් ගැටලුවට නැවතීමේ තිත තැබීම සඳහා වූ අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාව වනු ඇත.

සැකෙවින් කිවහොත් "තමා ද අයත් දමිළ ප්‍රජාවට, සිංහල ජනතාව සමඟ එකම රටක් තුල නිදහස්ව, නිවහල්ව, ඔවුනට තමන් යටත්ය යන අනුභූතියෙන් තොරව විසිය හැකිය" යන සංකල්පය එම ජනතාවගේ සිත් සතන් තුලට අභිප්‍රේරණය කිරීම, යුගය විසින් අප වෙත පවරා ඇති වගකීමයි.

සමස්තයෙන් 60% ක් තරම් වූ, දකුණේ වෙසෙන ද්‍රවිඩ ප්‍රජාවගෙන් සාතිශය බහුතරය (අන්තවාදී අතළොස්සක් හැර) මෙය මනාව අවබෝධ කරගෙන තිබුණ ද දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ ගේ මොළ සේදීම් වලට ලක් වූ උතුරේ ජනතාවට මෙය නිවැරදිව වටහා දීම සඳහා දකුණේ සිංහල බෞද්ධ ජනතාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට සිදුවනු ඇත්තේ තමන්ට තම උපතින් උරුම වූ කරුණාව, දයාව සහ රැකවරණය පිළිබඳ බුදු පණිවුඩය ද සිහියට නගාගනිමිනි...

Friday, April 17, 2009

ඇස්ට්‍රොනොමි ද? ඇස්ට්‍රොනොමිකල් ද?

මට පුංචි ගැටලුවක්...!! පුංචිත් නෑ, ටිකක් ලොකුයි වගේ.......:O
මේක මම අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයට බැඳුන කාලෙ (11 වසරෙ මුල් හරියෙ) ඉඳලම කල්පනා කරපු දෙයක් (නමුත් තාරකා විද්‍යාව ගැන නම් නෙවෙයි;) )
සරලව කිව්වොත් මෙහෙමයි...

අපි අපේ ඉස්කෝල වල තාරකා විද්‍යාව හැදෑරීම සඳහා පිහිටුවාගෙන තියන සංගම් වලට කියන්නෙ, '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යා සංගමය' කියලනෙ? නමුත් ඒක ඉංගිරිසියට පරිවර්තනය කරද්දි බොහෝ විට යෙදෙන්නෙ 'Astronomical Society' of '........ College' කියල. මං නිවැරදියි නෙ?

නමුත් ඒ භාවිතය හරිද?

ඕක තමයි මගේ ගැටලුව.

ලෝකෙ බොහෝ පිළිගත් තාරකා විද්‍යා සංගම් භාවිතා කරන්නෙත් Astronomical Society යන නම නිසා එහි වැරැද්දක් ඇතැයි සිතීම අපහසුයි. උදාහරණයක් වශයෙන් රාජකීය තාරකා විද්‍යා සංගමය, ඇමරිකානු තාරකා විද්‍යා සංගමය, පැසිෆික් කලාපීය තාරකා විද්‍යා සංගමය, දකුණු අප්‍රිකානු තාරකා විද්‍යා සංගමය යනාදිය දැක්විය හැකියි.

නමුත් මේ භාවිතය සම්බන්ධව මගේ නම් එතරම් නිච්චියක් නෑ.මොකද Astronomical Society යන්නෙහි සිංහල අර්ථය තාරකා විද්‍යාත්මක සංගමය යන්නයි. නමුත් සංගමයක් තාරකා විද්‍යාත්'මක' විය හැකිද? එය තාරකා විද්‍යාව හැදෑරීම පිණිස ස්ථාපනය කළ පමණින් තාරකා විද්‍යාත්'මක' නොවන බවයි මගේ පිළිගැනීම.

මේ කරුණ පිළිබඳ මම වරක් අපගේ ඉංගිරිසි බාසාව භාර ගුරු භවතා සමඟ ද තර්ක කළත් ඔහුට කීමට තිබුනෙ ඒක සම්ප්‍රදායක් මිස තර්කයෙන් යෙදෙන භාවිතයක් නොවෙයි කියල. (නමුත් අවාසනාවකට වගේ මම ඒක ගැන තර්ක කරන්න ගියේ වාර විභාගයට ඊට අදාල ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ නිසා මගේ තර්කය නිසා අහිමි වෙච්ච ලකුණු නම් මට ආපහු ලැබුනෙ නෑ... දුක තමා. ඉහි ඉහි..) ඉතින් දැන් කළ යුත්තේ කුමක් ද? සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අභිබවා යන පුද්ගලයෙකු වශයෙන් එය අනුමත කිරීම මට අමාරු වුණත් ලොව ප්‍රකට සංගම් ද එයම භාවිතා කරන නිසා ඊට අනුගත වීමට මට හිතෙනව. මගේ තීරණය නිවැරදි ද කියන්න නම් ම්ං දන්නෙ නෑ....

නමුත් එතකොට තවත් ගැටළුවක් පැනනගිනව. එසේ නම් අපි සිංහලෙන් එම සංගමයට භාවිතා කළ යුතු නම '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යාත්මක සංගමය' නේද? මේ හේතුව නිසා අපට අපේ සිංහල යෙදුම වෙනස් කරන්න සිදුවෙයිද?

මම නං අන්දුං කුන්දුං වෙල ඉන්නෙ... ඔයගොල්ලො කොහොමද දන්නෑ.. හෙ හෙ.. ;)

මොසිල්ලා ෆයර්ෆොක්ස් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයක් (Add-On)

පරිගණක වෙළඳ සලකට නොගොස් සිය ජාල සබඳතාව තුලින්ම තමන්ගේ සියලු මෘදුකාංග, සංගීත සහ චිත්‍රපට අවශ්‍යතා ඉටුකරගන්නා මා වැනි නව පරපුරේ පරිගණක පරිශීලකයන් හට එතරම් නුහුරු නුපුරුදු වෙබ් අඩවියක් නොවේ 'රැපිඩ් ෂෙයා' (www.rapidshare.com).

නවකයන් හට වැටහෙන භාෂාවකින් පවසතොත්, එම අඩවිය මගින් තමන් සතු යම් ලිපියක් හෝ ලිපි ගොනුවක් අන්තර්ජාල පරිශීලකයන් ඇති තරම් සංඛ්‍යාවකට බාගත කරගැනීම පිණිස අප්ලෝඩ් කර තැබීමට වෙබ් අවකාශය සකස් කර දෙනු ලබයි. (සැ.යු.: එම පහසුකම සලසා දෙන එකම අඩවිය රැපිඩ් ෂෙයා නොවේ. නමුත් වඩාත්ම ජනප්‍රිය එයයි. ඒ කොතෙක්ද කිවහොත් රැපිඩ් ෂෙයා සර්වර තුල මේ වනවිට පෙටා බයිට 5.4 ක (5.4 PB) දත්ත ගබඩා වී ඇතැයි පැවසේ)

මෙම අඩවිය ආකාර 2 කින් භාවිතා කළ හැක.
1. මුදල් ගෙවා පරිහරණය කළ යුතු Premium User ආකාරය
2. මුදල් නොගෙවා පරිහරණය කළ හැකි Free User ආකාරය

කලාතුරකින් හමුවන, එසේම වැඩිකල් නොපවතින Premium ගිණුමක සුරැකුම් පදයක් වැරදීමකින් මෙන් හමු වුවහොත් මිස සාමාන්‍ය පොදු ජනතාවට එය භාවිතා කිරීමට සිදුවන්නේ Free User ආකාරයටයි.
මෙම ආකාරයට ලිපි බාගත කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලු වන්නේ එකවර ලිපි එකකට වඩා බාගත කළ නොහැකි වීමත් එක් ලිපියක් බාගෙන තවත් ලිපියක් බෑමට යාමේදී ක්ලික් කිරීම් විශාල සංඛ්‍යාවක් කිරීමට සිදුවීමත් එක් පියවරකින් තවත් පියවරකට යාම අතරතුර සැලකිය යුතු කාලයක් නිකරුණේ බලා සිටීමට සිදුවීමත් ය. මෙවන් හේතු කරණය කොටගෙන බොහෝ දෙනා ටොරන්ට (Torrents) බාගත කිරීමට යොමුවන අයුරක් දැන් දැකගත හැක.

රැපිඩ් ෂෙයා හි මෙවන් දුර්වලතා රැසක් මඟහරවා ගැනීම පිණිස භාවිතා කළ හැකි ඇඩෝනයක් මෑතකදී මා හට හමුවිය. පහත දැක්වෙන්නේ එයයි...

https://addons.mozilla.org/en-US/firefox/addon/8376


Rapidshare Downloader 0.5.9 යනුවෙන් හැඳින්වෙන එය, මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් හට පමණක් භාවිතයට ගත හැකි ඇඩෝනයකි. බාගත කිරීමට අවශ්‍ය ලිපි වල සබැඳි (Links) ලැයිස්තුවක් සකසා දුන් විට, එක් ක්ලික් කිරීමකින් අදාල සියලු ලිපි බාගත කරගැනීමේ හැකියාව එමගින් ලැබේ.
එබැවින් තවදුරටත්, කොටස් රාශියකින් සමන්විත චිත්‍රපටයක් බාගත කිරීම පිණිස දෑස් දල්වා පරිගණක තිරය දෙස බලා සිටිය යුතු නැත. රාත්‍රියට බාගත වීමට තබා නින්දට ගිය විට පසුදා උදෑසන වන විට ලිපිය මුළුමනින්ම බාගත වී තිබෙන සුබ සිහිනය දැකීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී ඇත...:D :D

සැ.යු.: මෙම ඇඩෝනය....
*මගින් බාගත වීමේ වේගය අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැත.
*මගින් බාගත කිරීම් 2ක් අතර පවතින විනාඩි 15ක කාල ප්‍රාන්තරය අහෝසි වන්නේ නැත.
*මොසිල්ලා ෆයර්ෆොක්ස් 3.0 හෝ නව බ්‍රිව්සරයන් සඳහා පමණයි.

Thursday, April 9, 2009

HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය

HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය කිරීම බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි තද කළු අකුරින් යමක් ටයිප් කිරීමටවත් නොදන්නවුන් ඇති තරම් අප අතර සිටියි. එය ලැජ්ජාවීමට කරුණක් නොවේ.(ඇත්ත වශයෙන්ම කිවහොත් මා ද එය දැනගන්නට යෙදුනේ ඉතාම මෑතකදී ය)
මීට හේතුව නම් අප බොහෝ දෙනෙකු තාක්ෂණය භාවිතා කරණුයේ එහි පාරිභෝගිකයෙකු ලෙස විනා එහි පෙරගමන්කරුවෙකු ලෙස නොවීම
යි.
හොඳයි, එසේ නම් HTML ටැග භාවිතයෙන් අප හට කළ හැක්කේ කුමක්දැයි බලමු. සැබැවින්ම වර්ඩ් ප්‍රොසෙසරයක් භාවිතයෙන් කළ හැකි සියලුම කටයුතු ටැග භාවිතයෙන් කළ හැක. උදාහරණයක් වශයෙන් තමන් ටයිප් කරන ලද දෙයක් බෝල්ඩ් කිරීම (Bold) , ඉටැලික් කිරීම (Italic) මෙන්ම අන්ඩර්ලයින් (Undeline) කිරීම ද දැක්විය හැක.
ඒ සඳහා කළ යුත්තේ මෙපමණයි...

1. විශේෂකරණයේ ආරම්භය (Start of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >

2.ඔබට අවශ්‍ය දෑ ඇති තරම් ටයිප් කරන්න.

3. විශේෂකරණයේ අවසානය (End of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *යතුරු පුවරුවේ ස්ලෑෂය ඔබන්න: / (මෙය බැක් ස්ලෑෂය සමඟ පටලවා නොගන්න) *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >

උදාහරණ:

[u][b][i]ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි[/u][/b][/i]
(ඔබ මෙය භාවිතා කරන විට [ වෙනුවට < ද, ] වෙනුවට > ද භාවිතා කිරීමට සැලකිලිමත් වන්න ) ප්‍රතිඵලය පහත පරිදි වනු ඇති...

ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි

අවවාදය: මෙම පාඩම ප්‍රභාත් රණසිංහ වැනි වෙබ් ගුරාලා
(Web Gurus) ට නොව පරිගණකකරණයේ යෙදෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනගැනීම පිණිසයි...