මටත් අද හම්බුණා නොවැ free උබුන්ටු CD එකක්! Ubuntu 9.04 Desktop Edition එකයි ස්ටිකර්ස් 4යි ඇවිත් තිබ්බ. නොමිලේ මොකක් හරි හම්බුණාම පුදුම සතුටක්නෙ හැබෑට ඇතිවෙන්නෙ?:O Microsoft එකත් මේ වගේ කැම්පේන් එකක් කරන්නෙ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ...
දැන් ටික දවසකට ඉස්සෙල්ල අනුරාධ රත්නවීර අයිය දාල තිබ්බ ලින්ක් එකක් හරහා ගිහින් තමයි මම ඒක ගෙන්නගත්තෙ. ඉතින් අනුරාධ අයියට බොහොම පින්:-) මම හිතන්නෙ තාම ඒ offer එක තියනවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න. නිකන් දෙන දේනෙ, ඔයගොල්ලොත් request එකක් දාන්න:D
FOSS කියන්නෙ නැගල යන subject එකක් තමයි. මේකෙ speeds එක එහෙම නියමයි. විස්ටා කැලේ. ඒත් විස්ටා තරම් ලස්සන නෑනෙ. ඒක නිසා දැන්ම මාරුවෙන්න අයිඩියාවක් නෑ. මුලින්ම උබුන්ටු, විස්ටා ද්විත්ව ස්ථාපිතයක් තියාගෙන පස්සෙ හිමින් සැරේ මාරුවෙන්න ඕනෙ.
ඒකටත් මට තියන ලොකුම බාධකේ තමයි disk space එක. මම තාම වැඩ කරන්නෙ මගේ ආදි කාලීන 80GB හාඩ් එකෙන්නෙ. ඒකෙන් ගිගා බයිට් 4ක් මේකට වෙන්කරන්න මොකද්දෝ වගේ. හිනා වෙන්න එපා;-) ඒත් මගේ හාඩ් එකේ සින්දුයි ෆිල්ම්සුයි පුරවලා... මෑතකදී බාපු ෆිල්ම්ස් 25කට වැඩිය තියනවා තාම බලපු නැති. මම පුරුදු වෙල ඉන්නෙ ඒවා බලල DVDs වලට write කරාට පස්සෙ මකන්න නිසා දැන්ම මකල දාන්න හිතෙන්නෙ නෑ. සින්දුත් 2000කට වැඩියි. සින්දුත් write කරල තිබ්බට ඒව අහන්නෙ නැතුව මොනව කරන්නද? ඉතින් ඒවත් එහෙම්ම තියනවා. කොහොම වුණත් දැන් නම් කොහෙන් හරි ගිගා බයිට් 4ක් ඉඩ හදාඩන්න ඕනෙ. අලුත් හාඩ් එකක් ගන්නව නම් ඉතින් කාලෙ හැටියට 500GB එකක් වත් ගන්න එපැයි. ඒකටත් මූල්‍ය ප්‍රතිපාදන ලැබුණෙ නෑ තාම. ළඟදි හම්බෙන පාටකුත් නෑ:-(
හ්ම්ම්..... ඔහොම තමයි ඉතින් මගේ ජීවිතේ. බලමු බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා......
ආ, request එකක් දැම්ම නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා;-)
Showing posts with label Technology. Show all posts

Monday, May 25, 2009
Sunday, May 24, 2009
බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් නිසා තමයි මට මේ ගැන ලියන්න හිතුනෙ. HTML දන්න කියන උදවියට නම් මේක එතරම්ම වැදගත් නැතිවෙන්න පුලුවන්. නමුත් ඒ ගැන නොදන්න සාමාන්‍ය බ්ලොග්කරුවන්ට නම් ඉතාම වැදගත් වෙයි.
කාරණාව මේකයි. අපිට ලිපියක් ලියද්දි සමහර වෙලාවට උවමනා වෙනවා ඒකට HTML sripts යොදන්න. උදාහරණයක් විදියට මගේ මේ ලිපිය බලන්නකෝ. නමුත් මේකෙ තියන HTML script එක කෙලින්ම බ්ලොග් සටහන ලියන්න තියෙන ඉඩේ සටහන් කළාට ඒක ඔබේ අඩවියෙ පෙන්නන්නෙ නෑ. හේතුව තමයි ඔබේ වෙබ් බ්‍රිව්සරය මගින් ඒක පෙන්නනවා (Display කරනවා) වෙනුවට ක්‍රියාත්මක (Execute) කිරීම. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් වෙබ් බ්‍රිව්සරයකින් වෙන්නෙ HTML entities, decode සහ encode කිරීම නිසා.
බ්‍රිව්සරය මේක HTML script එකක් කියල හඳුනගන්නෙ ඒකෙ තියන <, > හා & (Ampersand) ලකුණු වලින්. මේකෙ 'අඩු', 'වැඩි' ලකුණු දෙක < > විදියට භාවිතා වෙන ඕනෙම තැනක මේ අවුල එනවා. හරියටම ෂුවර් නැත්තම් නිකන් පෝස්ට් එකක පහත script එක අලවල පෝස්ට් කරල බලන්නකෝ.
දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.
ඉතින් තවත් ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.

<em>Ampersands & angle brackets need to be encoded.</em>පෙන්නන්නෙ නෑ නේ?
දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
- < ලකුණ වෙනුවට < ත්
- > වෙනුවට > ත්
- & වෙනුවට & ත්
Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
<em>Ampersands & angle brackets need to be encoded.</em>නමුත් මේක එපා කරපු කර්තව්‍යයක් වෙන්නෙ මහා දිග script එකක් encode කරන්න වුණාම. උදාහරණයක් විදිහට මගේ කලින් පෝස්ට් එකේ තියන script එක බලන්න.
මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.
ඉතින් තවත් ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.
Saturday, May 23, 2009
ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
බලන්න මගේ sidebar එකේ තියන "මගේ බ්ලොග් තේමාවන්" කියන ගැජට් එක. මම මේක හොය හොයා හිටියෙ ටික දවසක ඉඳල. ඊයෙ තමයි හම්බුනේ. ඔන්න ඔයගොල්ලන්ගෙ දැනගැනීම පිණිස අදම දැම්ම ගුරු මුෂ්ටි නැතුව:-)
මේකෙන් වෙන්නෙ එකේ තියන ලිපි වලට අදාළ labels පෙන්නන එක. Categories කියන ගැජට් එකේ කාර්යයම තමයි ඒකෙනුත් කෙරෙන්නෙ. නමුත් flash animated නිසා වඩාත් ලස්සනයි. ලොකු පොඩි කවුරුත් මේ වගේ දේවල් වලට ආස නිසා ඔබේ බ්ලොග් එකටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න කියාපු අංගයක්.
දැන් බලමු මේක පිහිටුවාගන්න විදිය. සරල සුගම පියවර කීපෙකින් විනාඩි 2ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.
පියවර 1: බ්ලොගර් තුලට ලොග් වෙලා Layout> Edit HTML තෝරන්න. එවිට පහත කවුළුව දිස්වනු ඇති.

පියවර 2: ක්‍රියාවලිය අතරමගදී වරදී යැයි සැක නම් කෝකටත් කියා මෙහි ඇති Download Full Template, click කර ඔබේ බ්ලොග් template එක පරිගණකයේ ගබඩා කරගන්න.
පියවර 3: Edit Template හි ඇති Expand Widget Templates කොටුව tick නොකර, පහත සඳහන් පේළිය template එක තුලින් සොයාගන්න.
පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.
දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.
මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.
හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.
මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.
වැඩේ හරි නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා:-)

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>පියවර 4: දැන් ඊට හරියටම පහළින් මේ code එක අලවන්න.
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>පියවර 5: Preview කර ගැටලුවක් නැතිනම් save කරන්න.
<b:includable id='main'>
<b:if cond='data:title'>
<h2><data:title/></h2>
</b:if>
<div class='widget-content'>
<object type="application/x-shockwave-flash" data="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" width="250" height="200" allowscriptaccess="always" >
<param name="movie" value="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" />
<param name="bgcolor" value="#ffffff" />
<param name="flashvars" value="tcolor=0x000000&mode=tags&distr=true&tspeed=100&tagcloud=<tags>
<b:loop values='data:labels' var='label'>
<a expr:dir='data:blog.languageDirection' expr:href='data:label.url' style='12'><data:label.name/></a>
</b:loop>
</tags>" />
<p>Blogumulus by <a href='http://www.roytanck.com/'>Roy Tanck</a> and <a href='http://www.bloggerbuster.com'>Amanda Fazani</a></p>
</object>
</div>
<b:include name='quickedit'/>
</b:includable>
</b:widget>
පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.
දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.
මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.
හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.
මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.
Tuesday, May 12, 2009
මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන මෘදුකාංග අන්තර්ජාලයේ පහසුවෙන්ම බාගත කිරීමට තියෙද්දීත් කෙනෙකු මුදල් ගෙවා ලබාගන්නා මෘදුකාංග පසුපස යන්නේ යැයි කීම විහිළුවක් නොවේද? නමුත් එහි තවත් පැත්තක් ද තිබේ. අනවසර ලෙස පරිහරණය කරන එක මෘදුකාංග පිටපතක් පාසා එහි හිමිකරුවාට අහිමි වන්නේ විශාල මුදලකි. එමෙන්ම ඒ සමඟ අනතුරට පත්වන රැකියා ගණන ද සුලුපටු නොවේ. ලෝක ආර්ථිකය ද බරපතල ඇදවැටී ඇති මොහොතක එවන් දෙයක බලපෑම ඉතා විශාල ය. 2008 වසරේදී මෘදුකාංග මංකොල්ලය නිසා අහිමි වූ මුලු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 53ක් යැයි කියවේ. එය 2007 වසර හා සන්සන්දනය කළ විට 11% ක වර්ධනයකි. එහෙත් ඒ පැතිකඩයන් කෙසේ වෙතත් මේ මංකොල්ලයට නම් පහසුවෙන් නැවතීමේ තිත තැබිය නොහැකි බව ඉඳුරාම කිව හැක.
මෘදුකාංග මංකොල්ලය ප්‍රධාන වශයෙන්ම කොටස් 4කි.
- Industrial piracy: මහා පරිමාණයෙන් සැබෑ මෘදුකාංග ව්‍යාජ ලෙස පිටපත් කොට විකිණීම.
- Corporate piracy: ඕනෑම අයෙකුට ලබාගත හැකි ලෙස peer-to-peer, LAN හෝ අන්තර්ජාලයෙන් හුවමාරු කිරීම.
- Reseller piracy: පරිගණක දෘඩාංග විකුණන ආයතන මගින් ව්‍යාජ මෘදුකාංග හාඩ් ඩිස්කයේ තැන්පත් කොට පාරිභෝගිකයාට ලබා දීම..
- Home piracy: මිතුරන් අතර හෝ සැබෑ මෘදුකාංගයක් හුවමාරු කිරීම. Bulletin board system එකක් ක්‍රියාත්මක කිරීම.

VLC 0.9.9 ඇවිත්..!!

තවමත් ඉපැරණි Windows Media Player එක අල්ලගෙන දඟලන ඈයොත් ඉන්න පුලුවන් නිසා මම ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඔබ කවදා හෝ media file එකක් play කරගන්න බැරුව කරදරයට පත්වෙලා තියනවද? ඔබ film එකක් බලන්න හෝ සින්දුවක් අහන්න යද්දි ඔබේ player එක කියල කියනවද "---- doesn't recognize this media format" කියලා? ඒ කියන්නෙ ඔබ පාවිච්චි කරන්නෙ VLC Media Player එක නෙවෙයි.
VLC භාවිතා කරන කෙනෙකුට කවදාවත් ඒ වගේ අකරතැබ්බයකට මුහුණදෙන්න වෙන්නෙ නෑ. මොකද ඒකට සාමාන්‍යයෙන් මිහිමත තියන ඕනෙම media file එකක් play කරන්න පුලුවන් නිසා..!! VLC කියන්නෙ මුලුමනින්ම නිදහස් කේත මෘදුකාංගයක්. ක්‍රැක් කිරීම් අනවශ්‍යයි. පැච් කිරීම් අනවශ්‍යයි. කිසිම කරදරයක් නෑ. බාපු ගමන් එක දිගට පාවිචිචි කරන්න පුලුවන් මැරෙනකල්;-)
ඒක තමයි මේක අතිශය ජනප්‍රිය වෙන්න හේතුව...
දැන් ඇවිත් තියෙන්නෙ ඒකෙ අලුත්ම වෙළුම, VLC 0.9.9. ඊලඟට එන්නෙ හැමෝම බලාගෙන ඉන්න VLC 1.0.0. මේ වෙළුම තුලත් අලුත් features ගණනාවක්ම අන්තර්ගත වෙනව මෙන්න මේ ආකාරයේ.
- Windows මත පැනල කිහිපයක play කළ හැකියි. මේක මම ගොඩක් අගය කරන දෙයක්. උදාහරණයක් විදියට සින්දු අහද්දි මේ හරහා, play list එකකට නොදමා වෙන වෙනම සින්දු කිහිපයක්ම play කරන්න පුලුවන්.
- Intel මත පදනම් වූ MAC පරිගණක මත හොඳ video performance එකක් ලබාදෙන්න පුලුවන්.
- Windows මත විවිධ decoders හා යාවත්කාලීනයන්.
- libxml2 >=2.7.3 සමඟ workaround bug එකක්.
- මීට අමතරව FFmpeg භාවිතා කරමින් Real Video 3.0 හා 4.0 සඳහා experimental native decoder එකකුත් එකතු කරල තියනවා. මේ මගින් Real media files වලට තිබෙන බාධාවන් ඉවත්ව යනවා.
VLC වලට ඇතැමුන් එල්ල කරන චෝදනාව තමයි එහි interface එක. ඒක වැඩිදියුණු කරගන්න ඕන කෙනෙකුට මෙතනින් ඕනෙ තරම් skins හොයාගන්න පුලුවන්. නමුත් ලස්සන ගැන සැලකිලිමත් නොවන, වැඩ විතරක් අගය කරන කෙනෙක්ට නම් ඒව ඕන නැතිවෙයි...:-)
Friday, May 8, 2009
මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
මේක නම් බ්ලොග් සටහනක් ලියන්න තරම් දෙයක් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනෙ:-) මේ නිකන් විස්ටා වල පොඩි ෆන්ෂන් එකක්. නමුත් වැඩි දෙනෙක් දන්නෙ නෑ මම හිතන්නෙ. මොකද මේක පරිගණකයෙ විස්ටා පිහිටුවද්දි ඩිෆෝල්ට් ලෙස සැකසිල එන්නෙ නෑ. මටත් අහු වුණේ කොම්පියුටරය නිකරුණේ අතපත ගගා ඉද්දි. (උබුන්ටු වල නම් කොහොමද දන්නෙ නෑ)
අටුවා ටිකා නෑ, වෙන්නෙ මෙච්චරයි. පරිගණකයේ වැඩ කරද්දි නිතරම ඩයලොග් බොක්සස් මතුවෙනවනෙ තිරයෙ? ඒවගෙ බොහෝ විට ඩිෆෝල්ට් බොත්තමක් තියනව.
ඒක බොහෝ විට Yes හෝ No වෙන්න පුලුවන්. ඩිෆෝල්ට් බොත්තම තියෙන්නෙ පරිශීලකයා වැඩිපුරම තෝරාගනියි කියල මෘදුකාංගය ප්‍රෝග්‍රෑම් කරන පුද්ගලයා හිතන බොත්තම වෙත ඔහු යොමුකරවන්න. ඔබේ පරිගණකයේ Mouse Properties (Control Panel> Mouse> Pointer Options) වල පහත දැක්වෙන සැකසුම කිරීමෙන් ඔබට පුලුවන් කෙලින්ම, මීයා ඇදගෙන යාමෙන් තොරව මවුස් පොයින්ටරය එම Default බොත්තම වෙත යොමු කරවන්න.

හරිම සරලයි. නිකන් වැඩකටත් නෑ වගේ. ඒත් දවස පුරාම පරිගණක තිරය දිහා බලාගෙන ඉන්න අයට නම් මවුසය ඇදගෙන යාමේදී සිදුවන ශක්ති හානිය අඩුකරගන්න පුලුවන්:-)

Friday, April 17, 2009
මොසිල්ලා ෆයර්ෆොක්ස් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයක් (Add-On)
පරිගණක වෙළඳ සලකට නොගොස් සිය ජාල සබඳතාව තුලින්ම තමන්ගේ සියලු මෘදුකාංග, සංගීත සහ චිත්‍රපට අවශ්‍යතා ඉටුකරගන්නා මා වැනි නව පරපුරේ පරිගණක පරිශීලකයන් හට එතරම් නුහුරු නුපුරුදු වෙබ් අඩවියක් නොවේ 'රැපිඩ් ෂෙයා' (www.rapidshare.com).
නවකයන් හට වැටහෙන භාෂාවකින් පවසතොත්, එම අඩවිය මගින් තමන් සතු යම් ලිපියක් හෝ ලිපි ගොනුවක් අන්තර්ජාල පරිශීලකයන් ඇති තරම් සංඛ්‍යාවකට බාගත කරගැනීම පිණිස අප්ලෝඩ් කර තැබීමට වෙබ් අවකාශය සකස් කර දෙනු ලබයි. (සැ.යු.: එම පහසුකම සලසා දෙන එකම අඩවිය රැපිඩ් ෂෙයා නොවේ. නමුත් වඩාත්ම ජනප්‍රිය එයයි. ඒ කොතෙක්ද කිවහොත් රැපිඩ් ෂෙයා සර්වර තුල මේ වනවිට පෙටා බයිට 5.4 ක (5.4 PB) දත්ත ගබඩා වී ඇතැයි පැවසේ)
මෙම අඩවිය ආකාර 2 කින් භාවිතා කළ හැක.
1. මුදල් ගෙවා පරිහරණය කළ යුතු Premium User ආකාරය
2. මුදල් නොගෙවා පරිහරණය කළ හැකි Free User ආකාරය
කලාතුරකින් හමුවන, එසේම වැඩිකල් නොපවතින Premium ගිණුමක සුරැකුම් පදයක් වැරදීමකින් මෙන් හමු වුවහොත් මිස සාමාන්‍ය පොදු ජනතාවට එය භාවිතා කිරීමට සිදුවන්නේ Free User ආකාරයටයි.
මෙම ආකාරයට ලිපි බාගත කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලු වන්නේ එකවර ලිපි එකකට වඩා බාගත කළ නොහැකි වීමත් එක් ලිපියක් බාගෙන තවත් ලිපියක් බෑමට යාමේදී ක්ලික් කිරීම් විශාල සංඛ්‍යාවක් කිරීමට සිදුවීමත් එක් පියවරකින් තවත් පියවරකට යාම අතරතුර සැලකිය යුතු කාලයක් නිකරුණේ බලා සිටීමට සිදුවීමත් ය. මෙවන් හේතු කරණය කොටගෙන බොහෝ දෙනා ටොරන්ට (Torrents) බාගත කිරීමට යොමුවන අයුරක් දැන් දැකගත හැක.
රැපිඩ් ෂෙයා හි මෙවන් දුර්වලතා රැසක් මඟහරවා ගැනීම පිණිස භාවිතා කළ හැකි ඇඩෝනයක් මෑතකදී මා හට හමුවිය. පහත දැක්වෙන්නේ එයයි...
https://addons.mozilla.org/en-US/firefox/addon/8376
Rapidshare Downloader 0.5.9 යනුවෙන් හැඳින්වෙන එය, මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් හට පමණක් භාවිතයට ගත හැකි ඇඩෝනයකි. බාගත කිරීමට අවශ්‍ය ලිපි වල සබැඳි (Links) ලැයිස්තුවක් සකසා දුන් විට, එක් ක්ලික් කිරීමකින් අදාල සියලු ලිපි බාගත කරගැනීමේ හැකියාව එමගින් ලැබේ.
එබැවින් තවදුරටත්, කොටස් රාශියකින් සමන්විත චිත්‍රපටයක් බාගත කිරීම පිණිස දෑස් දල්වා පරිගණක තිරය දෙස බලා සිටිය යුතු නැත. රාත්‍රියට බාගත වීමට තබා නින්දට ගිය විට පසුදා උදෑසන වන විට ලිපිය මුළුමනින්ම බාගත වී තිබෙන සුබ සිහිනය දැකීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී ඇත...:D :D
සැ.යු.: මෙම ඇඩෝනය....
*මගින් බාගත වීමේ වේගය අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැත.
*මගින් බාගත කිරීම් 2ක් අතර පවතින විනාඩි 15ක කාල ප්‍රාන්තරය අහෝසි වන්නේ නැත.
*මොසිල්ලා ෆයර්ෆොක්ස් 3.0 හෝ නව බ්‍රිව්සරයන් සඳහා පමණයි.

Thursday, April 9, 2009
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය කිරීම බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි තද කළු අකුරින් යමක් ටයිප් කිරීමටවත් නොදන්නවුන් ඇති තරම් අප අතර සිටියි. එය ලැජ්ජාවීමට කරුණක් නොවේ.(ඇත්ත වශයෙන්ම කිවහොත් මා ද එය දැනගන්නට යෙදුනේ ඉතාම මෑතකදී ය)
මීට හේතුව නම් අප බොහෝ දෙනෙකු තාක්ෂණය භාවිතා කරණුයේ එහි පාරිභෝගිකයෙකු ලෙස විනා එහි පෙරගමන්කරුවෙකු ලෙස නොවීමයි.
හොඳයි, එසේ නම් HTML ටැග භාවිතයෙන් අප හට කළ හැක්කේ කුමක්දැයි බලමු. සැබැවින්ම වර්ඩ් ප්‍රොසෙසරයක් භාවිතයෙන් කළ හැකි සියලුම කටයුතු ටැග භාවිතයෙන් කළ හැක. උදාහරණයක් වශයෙන් තමන් ටයිප් කරන ලද දෙයක් බෝල්ඩ් කිරීම (Bold) , ඉටැලික් කිරීම (Italic) මෙන්ම අන්ඩර්ලයින් (Undeline) කිරීම ද දැක්විය හැක.
ඒ සඳහා කළ යුත්තේ මෙපමණයි...
1. විශේෂකරණයේ ආරම්භය (Start of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
2.ඔබට අවශ්‍ය දෑ ඇති තරම් ටයිප් කරන්න.
3. විශේෂකරණයේ අවසානය (End of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *යතුරු පුවරුවේ ස්ලෑෂය ඔබන්න: / (මෙය බැක් ස්ලෑෂය සමඟ පටලවා නොගන්න) *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
උදාහරණ:
[u][b][i]ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි[/u][/b][/i]
(ඔබ මෙය භාවිතා කරන විට [ වෙනුවට < ද, ] වෙනුවට > ද භාවිතා කිරීමට සැලකිලිමත් වන්න ) ප්‍රතිඵලය පහත පරිදි වනු ඇති...
ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි
අවවාදය: මෙම පාඩම ප්‍රභාත් රණසිංහ වැනි වෙබ් ගුරාලා (Web Gurus) ට නොව පරිගණකකරණයේ යෙදෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනගැනීම පිණිසයි...