.: චමිතගේ සිහින කොදෙව්ව :.

THE VIEW OF A BIRD'S EYE - උකුසු ඇසින් විශ්වය දෙස බලමු...

මේක නම් බ්ලොග් සටහනක් ලියන්න තරම් දෙයක් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනෙ:-) මේ නිකන් විස්ටා වල පොඩි ෆන්ෂන් එකක්. නමුත් වැඩි දෙනෙක් දන්නෙ නෑ මම හිතන්නෙ. මොකද මේක පරිගණකයෙ විස්ටා පිහිටුවද්දි ඩිෆෝල්ට් ලෙස සැකසිල එන්නෙ නෑ. මටත් අහු වුණේ කොම්පියුටරය නිකරුණේ අතපත ගගා ඉද්දි. (උබුන්ටු වල නම් කොහොමද දන්නෙ නෑ)

අටුවා ටිකා නෑ, වෙන්නෙ මෙච්චරයි. පරිගණකයේ වැඩ කරද්දි නිතරම ඩයලොග් බොක්සස් මතුවෙනවනෙ තිරයෙ? ඒවගෙ බොහෝ විට ඩිෆෝල්ට් බොත්තමක් තියනව.

ඒක බොහෝ විට Yes හෝ No වෙන්න පුලුවන්. ඩිෆෝල්ට් බොත්තම තියෙන්නෙ පරිශීලකයා වැඩිපුරම තෝරාගනියි කියල මෘදුකාංගය ප්‍රෝග්‍රෑම් කරන පුද්ගලයා හිතන බොත්තම වෙත ඔහු යොමුකරවන්න. ඔබේ පරිගණකයේ Mouse Properties (Control Panel> Mouse> Pointer Options) වල පහත දැක්වෙන සැකසුම කිරීමෙන් ඔබට පුලුවන් කෙලින්ම, මීයා ඇදගෙන යාමෙන් තොරව මවුස් පොයින්ටරය එම Default බොත්තම වෙත යොමු කරවන්න.


හරිම සරලයි. නිකන් වැඩකටත් නෑ වගේ. ඒත් දවස පුරාම පරිගණක තිරය දිහා බලාගෙන ඉන්න අයට නම් මවුසය ඇදගෙන යාමේදී සිදුවන ශක්ති හානිය අඩුකරගන්න පුලුවන්:-)

Share/Save/Bookmark

5 comments:

පොඩි දෙයක් උනාට වටින ටිප් එකක්.. :)

May 8, 2009 11:00 PM  
Anu said...

මේක මට මතක හැටියට එක්ස් පී වලත් තියනවානේ. ප්‍රස්නෙ වෙන්නෙ ඔබ ඔබ ගිහින් වැරදි බටන් එකක් ඩිෆෝල්ට් වෙලා තිබුනොත් තමා.

May 8, 2009 11:41 PM  

මා ලග තියෙන්නේ එක්ස්පි.මමත් දා ගත්තා.එකත් පොඩි නැ අරංචිය දැන් තියෙන්නේ බලලා ක්ලික් කරන්න විතරයිනේ.

May 9, 2009 12:03 AM  
Chamitha said...

හෙ හේ. XP වලත් තියනව කියල මම දැනන් හිටියෙ නෑ. කොහොම වුණත් මේ වගේ සුලු දෙයක් හැමෝටම මඟහැරිච්ච එක තමයි පුදුමෙ;-)

May 9, 2009 12:12 AM  

ලැප්ටොප් පරිගණකයක නම් ඔය සැකසුම අක්‍රිය කර තබන්න. (touchpad නිසා)

May 9, 2009 12:13 AM  

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.