මේ විශිෂ්ට සිනමා සිත්තම ගැන මම මුලින්ම කිව්වෙ Forrest Gump ගැන විවරණයක් ලියද්දි. එතෙන්දි මම කිව්ව Schindler's Listට පස්සෙ මම බලපු විශිෂ්ටතම චිත්‍රපටය ඒක කියල. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෙ. මොකද Schindler's List තුලින් මට ඇතිවෙච්ච හැඟීම වෙන කිසිම චිත්‍රපටයක් තුලින් දැනිල නෑ. ඒ නිසා තමයි ඒක 'සියවසේ සිනමා සිත්තම' කියල හඳුන්වන්න තරම් මට සිත් වුණේ..!
මුලින්ම මේ චිත්‍රපටයෙ පසුබිම ගැන ටිකක් කියන්නම් බලල නැති අයට අදහසක් ගන්නත් එක්ක. 1993 දී බිහිවුණු මේක එම වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය (Best picture) ඇතුලු ඔස්කාර් සම්මාන 7ක් හිමි කරගත්තා; තවත් 5කට නිර්දේශ වුණා. ඒවාට අමතරව වෙනත් චිත්‍රපට උළෙවල් හිදී සම්මාන 63ක් හිමිකරගත්තා. අධ්‍යක්ෂණය කළේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්. මං හිතන්නෙ ඒ ටිකෙන්ම පුලුවන් මේකෙ විශිෂ්ටත්වය ගැන හොඳ අදහසක් ගන්න.
මේ චිත්‍රපටය පදනම් වෙන්නෙ 1943-45 අතර කාලෙ නාසි ජර්මනියෙ සිදුවන සැබෑ සිදුවීම් මාලාවක් මත. ඔස්කාර් ෂින්ඩ්ලර් කියන්නෙ නාසි පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්; මුදල් වලට තරමක් කෑදරයි; ගත කරන්නෙ සුපිරි ජීවිතයක්; චාටු කතාබහ සහ මුදල් බලයෙන් මිනිසුන් නම්මගන්න අති දක්ෂයෙක්. ඉක්මනින් ලාභ ලාභලැබීමේ උවමනාව මත සරණාගත කඳවුරු වල ගාල් කළ යුදෙව්වන් අයුතු ලෙස තමන්ගෙ කර්මාන්ත ශාලාවට බඳවගන්න ඔහු කටයුතු කරනව. නමුත් වැඩි කලක් යන්න මත්තෙන් පුදුමාකාර ලෙස ඔහුගෙ මුදල් තණ්හාව, මානව දයාවක් බවට පත්වෙනව.
එතැන් පටන් ඔහු කර්මාන්තශාලාව පවත්වගෙන යන්නෙ ලාභ ලබන්න නෙවෙයි. අවුෂ්විට්ස් බන්ධනාගාරයෙ ගෑස් කුටි තුල මියැදෙන්න නියමිත අසරණ යුදෙව්වන්ගෙ ජීවිත තවත් එක දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්නට කටයුතු කරන තැනක් විදිහට.
නාසි සාමාජිකයෙක් වූ පමණින් ඒක ඔහුට පහසු කාර්යයක් වෙනව කියල ඇති කියලද ඔයගොල්ලො හිතන්නෙ? කොහොමටවත් නෑ. මේ සඳහා ඔහුට ගෙවන්න වෙන මිල අති විශාලයි.
තමන් යටතෙ තියාගන්න යුදෙව්වො එක්කෙනෙක්ට, නියමිත ප්‍රමාණයක් බැගින් දවස ගානෙ පගාව ගෙවන්න සිද්ධ වෙනව, කාටද? හමුදා නිලධාරීන්ට. නමුත් යුදෙව්වන්ට අභයදානය දීම වෙනුවෙන් පගාවක් වත් ගන්න නිලධාරීන් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ෂින්ඩ්ලර්ට පිටට පෙන්නන්න සිද්ධ වෙන්නෙ මේක ඔහුගෙ කර්මාන්තශාලාව පවත්වගෙන යන්න කරන වැඩක් විදිහට. නමුත් කාට හරි සැකයක් ඇති වුණෝතින් ඔක්කොම වැඩ එදායින් ඉවරයි. මේ හැම වැඩකදිම ඔහුට සහයට එන්නෙ ඔහුගෙ කූට බුද්ධියත්, චාටු කතාබහත් විතරයි.
ඔය භයානක සෙල්ලම ඔහුට කරන්න වෙනව 1945 මැයි මාසෙදි ස්ටාලින්ගෙ රුසියානු හමුදා නැගෙනහිරින් බර්ලිනයටත්, ජෙනරාල් අයිසන්හවර්ගෙ මිත්‍ර හමුදා බටහිරින් ජර්මනියටත් ඇතුලු වෙනකන්. ඒ වෙනුවෙන් ඔහු එතෙක් කල් වැය කරල තියන මුදල මාර්ක් මිලියන ගණනක්..!
ඔහු බේරගත්ත සම්පූර්ණ යුදෙව්වන් ගණන 1200ක්. තමාට පවරගන්න පුද්ගලයින්ගෙ ලැයිස්තුවක් ඔහුට හදල දෙන්න වෙනව නිලධාරීන්ට. ඒ ලැයිස්තුවට තමයි Schindler's List කියල කියන්නෙ. ඒ අතරෙ විවිධ හේතු නිසා මියයන පුද්ගලයන් (ඒ දවස්වල මරණය අහඹු දෙයක් නෙවෙයි) අතහැරියම, පූර්ණ නිදහස ලබාදෙන තෙක් යුදෙව්වන් 1100ක් පමණ පණපිටින් තියාගන්නට ඔහුගෙ මුදල් බලයත් කරුණාවත් සමත් වෙනව.
නමුත් අවසානයෙදි ඔහුට පැනල යන්න සිද්ධ වෙනව. මොකද ඔහු නාසි සාමාජිකයෙක්. මිත්‍ර හමුදා හිතන්නෙ ඔහු යුදෙව්වන් මරවා වැඩගත්ත කෙනෙක් හැටියට. අවසානය ඔබටම බලාගන්නට ඉඩ තියල මම කතාව ඉවර කරනව:-) නමුත් ඔහුගෙ අසීමිත මානව දයාව ඉස්මතු වෙන තැන් දෙකක් තියනව මට සඳහන් නොකර ඉන්න අමාරු.
පළවෙනි අවස්ථාව ඔහුගෙ කම්හල තුළ සිද්ධ වෙන දෙයක්. ජර්මානු හමුදාවෙන් ඔහුට චෝදනා එල්ල වෙනව ඔහුගෙ කම්හලේ නිපදවෙන කාලතුවක්කු උණ්ඩ පිපිරෙන්නෙ නැහැ කියල. මේ බව කම්හලේ දෙවනිය ඔහුට කියද්දි ඔහු උත්තර දෙනව, "මගේ කම්හලේ නිපදවෙන එක උණ්ඩයක් හරි පිපිරුණොත් මං ඒක ගැන ගොඩක් දුක් වෙනව" කියල. ඇත්තටම ඔහුගෙ කම්හලේ යුදෙව්වො පාවිච්චි කරල වැඩක් කෙරෙන්නෙ නැහැ. තම කම්හලේ කාලතුවක්කු උණ්ඩ කියල ඔහු හමුදාවට දෙන්නෙ කළුකඩ වලින් සල්ලි දීල ගත්ත උණ්ඩ..!
දෙවනි අවස්ථාව උදා වෙන්නෙ මිත්‍ර හමුදා ආවට පස්සෙ බේරගත්ත යුදෙව්වොන්ට නිදහස දීල ඔහු පැනල යන්න සූදනම් වෙද්දි. ඒ වෙද්දි ඔහුට ඉතුරු වෙල තියෙන්නෙ තමන්ගෙ රත්තරන් මුද්දත්, වාහනයත් විතරයි. ඔහුගෙ කරුණාව කොච්චරද කියනව නම් ඒ අවස්ථාවෙ ඔහු, "මේ බලන්න මගෙ මුද්ද. මේක විකුණුව නම් මට තව මිනිස්සු දෙන්නෙක් බේරගන්න තිබ්බා. මේ බලන්න මගෙ වාහනේ, මේක විකුණුව නම් මට තව මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා...." කියල තමන් ඉදිරියේ ඉන්න පිරිසට කියමින් කෑගහල අඬනවා. නමුත් ඒ වෙනකොටත් ඔහු මිනිසුන් 1200ක් බේරගෙන අවසන්..!!
චිත්‍රපටයක මම දැකල තියන සංවේදීම මොහොත ඒකයි.....
චිත්‍රපටය අවසන් වෙන්නෙ ෂින්ඩ්ලර්ගෙ සොහොන් කොතට උපහාර පිදීමෙන්. ඒ සඳහා එතෙක් (1993 දක්වා) ජීවත්ව සිටි 'ෂින්ඩ්ලර්ගේ යුදෙව්වන්' (Schindler's Jews) 600ක් පමණ සහභාගි වෙනව. ඔවුන් හැම එක්කෙනාම ෂින්ඩ්ලර්ගෙ සොහොන් කොතට එක ගල් කැටය ගානෙ ගෙනත් තියනව. සොහොන් කොත ගල් කැට වලින් පිරිල යනව. අවසාන වශයෙන් නාසි යුදෙව් සංහාරයෙදි මියගිය මිලියන 6 ක් වූ යුදෙව්වන් සිහි කරන්න එක රෝස මලක් එහි තැන්පත් වෙනව. ඒකත් ඉතාමත් සංවේදී මොහොතක්.
මේ චිත්‍රපටය අපට මනුෂ්‍යත්වය ගැන ඉතාමත් වැදගත් පාඩමක් උගන්නනව. මිනිසෙකුට මේ තරම් කරුණාවන්ත වෙන්න පුලුවන්ද? එය ඉතා විශේෂයි. ඒ එක්කම මිනිහෙක් විදියට මම මේ ලෝකෙ ජීවත් වෙන්නෙ ඇයි කියල මට නැවත වරක් සිතන්න සිද්ධ වුණා මේක බැලුවට පස්සෙ. මේ ලෝකෙ ඇවිද ගියපු තවත් එක් ජීවියෙක් වගේ කාල, බීල, නිදාගෙනල, මැරිල යනවට වඩා යමක් මේ ලෝකයට අපි ඉතිරි කර යා යුතුයි නේද?
ඉතින් ඒ වගේ ගැඹුරු දෙයක් හිතන්න තරම් කෙනෙක් පොළඹවන චිත්‍රපටයක් තමයි මං නම් හිතන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්‍රපටයක් කියල. (වෙනත් වර්ග වල ඒව පහත් කරනව නෙවෙයි මම). කොහොම වුණත් මේ සුවිශේෂී සිනමා සිත්තම ගැන මට දැනෙන සියලුම හැඟීම් ලියන්න ගියොත් මේ බ්ලොග් පෝස්ට් එක නවකතාවක් තරම් දික් වෙනව සිකුරුයි.
ඒ අතරෙම තව දෙයක් මතක් කරන්න ඕනෙ. මේක කලු සුදු චිත්‍රපටයක්. අන්තර්ජාලයෙන් මම බාගත කරපු .avi පිටපතත් ගොඩක්ම හොඳ තත්වෙක තිබ්බෙ නෑ. අනිත් ඒවත් බොහෝ විට ඒ වගේ වෙන්නැති. ඔබ මේ චිත්‍රපටය බාගත කරගෙන බලන්න බලාපොරොත්තු වෙනව නම් මතක තියාගන්න ඔය කිව්ව ස්වභාවහ නිසා පටන්ගන්නකොටම කළකිරෙන්න එපා. මොකද මට මේක ගැන මුලින්ම කිව්ව මිත්‍රයට මං මේක බාගත කරල දුන්නට පස්සෙ මට ඒ පොරගෙන් බැනුම් අහගන්නත් උනා පිටපතේ තත්වය ගැන. හේතුව තමයි අද ගොඩක් දෙනාට කලු සුදු චිත්‍රපට අල්ලන්නෙ නෑ. මේක රසවිඳින්න නම් හොඳ අවධානගෙන් යුතුව තිරය දිහා බලන් ඉන්න. නැත්තම් එපා වෙයි. එපා වෙල එන්න එපා මට බැනගෙන එහෙම:-)
ඔබ මේක ගැන කොයි ආකාරයට හිතුවත් ඒකෙ විශිෂ්ටත්වය නම් චුට්ටක් වත් අඩු වෙන්නෙ නැහැ. අනික මේ වගේ අතිශයින් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් බලල රසවිඳින්නත් පුලුවන් ඉහළ රසඥතාවයක් තියන අයට විතරයි කියල මම නම් හිතන්නෙ;-)
මේ බ්ලොග් සටහන මා නැරඹූ විශිෂ්ටතම චිත්‍රපටයට උපහාරයක් ම වේවා...
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

6 comments:
ඇත්ත. The reader හා shindler's list කියන්නේ විශිෂ්ඨ නිර්මාණ කෘති වලින් හොඳම දෙකක්.
May 7, 2009 11:45 PMඔබ සඳහන් කරන අන්තිම කොටස ඇත්තටම සංවේදියි. ඔහුට අන්තිමේදී ඇති වන දුක ප්‍රේක්ෂකයින් විදිහට අපිටත් දැනෙනවා. ඒ වගේම බලන්න දෙවන ලෝක යුද්ධ සමයේදී මිනිස් ජීවිතයක හා සල්ලි වල සම්බන්ධය.
චිත්‍රපටිය කලු සුදු එකක් තමයි. හැබැයි ඔබ දුටුවද warsaw මුඩුක්කුවට හමුදාව පැනලා මිනිස්සු මරලා ඒක සුද්ධ කරලා දාන කොට එහාට මෙහාට දුවන පොඩි ළමයා? ඇයව පමණක් වර්ණයෙන් දක්වලා තියෙනවා. ඒ වගේම පසුව කොටසකදී යුදෙව් මීනී පුලුස්සද්දී ඇයගේ මිනියත් එතනට ගෙනෙනවා. එතනත් ඇය වර්ණයෙන් පෙන්වලා තියෙනවා. මෙයින් මොකක් හරි වැදගත් දෙයක් පෙන්වනවා. මම දන්නේ නෑ මොකද්ද කියලා.
The pianist බලන්න. සමකාලීන සත්‍ය සිදුවීම් තිබෙන චිත්‍රපටියක්.
බොහෝම ස්තූතියි පිටස්තරයා..:) ඔබ කිව්වට පස්සෙ තමයි මට ඒ රතු පාට කෝට් එක දාගත්ත ගෑණු ළමයා ගැන මතක් වුණේ. ඒකෙ ඇත්තටම ලොකු විශේෂත්වයත් තියනව. මං දැන් ඒක දැක්කෙ විකිපීඩියාවෙ. එතැනදි ලු ඔස්කාර් ෂින්ඩ්ලර් අර මම ලිපියෙ කිව්ව "මුදල් තණ්හාව, මානව දයාවක් බවට පත්වුණේ". ඒක ඇත්ත නේ? මට හොඳට මතකයි ඔහුගෙ බිරිඳ නාසින්ගෙ කෘරත්වය බලන් ඉන්න බැරුව යනකොට ෂින්ඩ්ලර් අශ්වය පිට ඉඳන් ඒ ගෑණු ළමය දිහා බලන් හිටපු හැටි. විකිපීඩියාවෙ ඒක දැක්වෙන්නෙ මේ විදිහට....
May 8, 2009 1:08 AMThe girl in the red coat
Schindler sees a little girl wearing a red coat. The red coat is one of the few instances of color in the black-and-white scenes of the film.
Though the film is primarily shot in black-and-white, red is used to distinguish a little girl in a coat. The red coat symbolizes the fact that Oskar Schindler has now opened his eyes to the cruelty which the Nazis are comitting on the Jews. Later in the film, she is seen dead, recognizable only by the red coat she is still wearing. This character is based on Roma Ligocka, who was well known in the Warsaw Ghetto for her red coat. Ligocka in fact survived the Holocaust and, after the film was released, published a novel in 2000 entitled The Girl in the Red Coat: A Memoir.
According to Andy Patrizio of IGN, the girl in the red coat is used to indicate that Schindler has changed: "Spielberg put a twist on her Ligocka's story, turning her into one more pile on the cart of corpses to be incinerated. The look on Schindler's face is unmistakable. Minutes earlier, he saw the ash and soot of burning corpses piling up on his car as just an annoyance." Andre Caron wondered whether it was done "to symbolize innocence, hope or the red blood of the Jewish people being sacrificed in the horror of the Holocaust?" Spielberg himself has explained that he only followed the novel, and his interpretation was that
"America and Russia and England all knew about the Holocaust when it was happening, and yet we did nothing about it. We didn’t assign any of our forces to stopping the march toward death, the inexorable march toward death. It was a large bloodstain, primary red color on everyone’s radar, but no one did anything about it. And that’s why I wanted to bring the color red in."
බොහොම ස්තූතියි මාව ඒ වැදගත් නමුත් සැඟවුණු රූප රාමුව ගැන සොයන්න යොමු කළාට..:D
ප.ලි. මම The Pianist බලලත් තියනවා. ඒකත් මගේ සිත ඇද බැඳගත් චිත්‍රපටයක්.
May 8, 2009 1:10 AMSchindler's List HQ - Ending (Saving The Jews)
May 9, 2009 6:31 AMhttp://www.youtube.com/watch?v=lPHvLtitxug&feature=player_embedded
Thanks Sanjaya. That's my all time favourite scene of a movie i've watched. I even added that clip to the post:-)
May 9, 2009 11:42 AMthanx.
May 10, 2009 9:55 AMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.