ටිකක් හිනා වෙන්න තමයි මේක දැම්මෙ. මෙහෙමත් රටවල් ලෝකෙ තියනව නේද කියල හිතෙනව මේව දැක්කම. හෙ හේ. මේ සිම්බාබ්වේ... ලෝකයේ වැඩිම උද්ධමන වේගය තිබෙන රට. 1980 දි එහේ උද්ධමනය 7% යි. 2008 ජූලි වෙද්දි සියයට මිලියන 231යි. 2008 නොවැම්බර් වෙද්දි සියයට සෙක්ස්ටිලියන 89.7 යි:-) ඔබ දන්නවද සෙක්ස්ටිලියනයක් කියන්නෙ කීයක්ද කියලා? නම වගේම ඒකෙ අගයත් හිනා යන ගණනක්. එකයි බින්දු 21යි. ඒ කියන්නෙ ඒ වෙනකොට සිම්බාබ්වේ දේශයේ උද්ධමනය 89 700 000 000 000 000 000 000% ක්..!! ඒ මදිවට මේ සුපිරි උද්ධමනය පැය 24.7කට වරක් දෙගුණ වෙනවා. ඉතින් මේව දකිද්දි හිනා නොවී පුලුවන්ද?
සිම්බාබ්වේ වල මුදල් නෝට්ටු දැක්කම ඊටත් වඩා හිනා යනව. මේ තියෙන්නෙ සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සියයේ නෝට්ටුව.
අධික උද්ධමනයෙන් බේරෙන්න ඒ රටේ නිලධාරීන් කරපු එකම දේ අලුතෙන් මුදල් අච්චු ගහන එක. මේ සෙල්ලම කොච්චර දුර දිග ගියාද කියනවනම් ජර්මනියෙන් මුදල් නෝට්ටු අච්චු ගහන කොළ එරටට එවන එකත් නවත්තන්න ගියා. ගණන් කරන්නත් බැරි තරම් විශාල අගයන් වලට නෝට්ටු වල අගය ඉගළ ගියාම මේ රටේ මහ බැංකුව (Reserve Bank of Zimbabwe) කළේ අලුතෙන් ගහන නෝට්ටු වල බින්දු හලන එක. එක සැරයක් මදිවට දෙසරයක්ම කරන්න සිද්ධ වුණා මේ වැඩේ. ඒ අවස්ථා දෙකේදි හලපු මුලු බින්දු ගණන 25ක්..!! ඒ කියන්නෙ සෙප්ටිලියන 10ක්. (හි හී... ආයෙත් අවුල් ගැහුව නේ?) මෙහෙම බින්දු ඉවත් කරන්නෙ නැතුව තවත් නෝට්ටු මුද්‍රණය කළා නම් මේ වෙනකොට සිම්බාබ්වේ මහ බැංකුව නිකුත් කරන්නෙ සෙප්ටිලියට 10යේ නෝට්ටු. ඒ කියන්නෙ ඒවා මත තියෙන්නෙ මේ වගේ අගයක්: 10 000 000 000 000 000 000 000 000 ZWD
මේ තියෙන්නෙ සිම්බාබ්වේ ජාතිකයගේ එදිනෙදා ජීවිතය.
පාන් ගෙඩියක් ගන්න ගෙදර ඉස්සරහ තියෙන කඩේට යන ගමන්...
මුදල් නෝට්ටුව සහ ඒකෙන් ගන්න පුලුවන් බිත්තර ගණන...
ඇඳුමක් ගන්න ගියාම...
පොකට් මනී වලට කීයක් හරි...
නවාතැන්පොළට සල්ලි ගෙවන ගමන්...
මීට පෙරාතුව ලෝකයේ වැඩිම උද්ධමනය වාර්තා වෙලා තියෙන්නෙ හංගේරියාවෙන්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සමයේදී. අගය සියයට ක්වින්ටිලියන 4.19ක්. ඒ කියන්නෙ එකයි බින්දු 18යි. එනම් 4 190 000 000 000 000 000% යි.
කොහොම වුණත් සිම්බාබ්වේ රටෙන් මේ කියවෙන කතාව ඉතාම දුක්බරයි. අපිටත් මෙහෙම වුණා නම්? හෆොයි...............
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

4 comments:
අපේත් ඔහොම වෙයි, පිට රට වල න්‍යාය පත්‍ර වලට වැඩ කරානම්...
May 21, 2009 1:21 AM'ගෙයක් එහෙම ගන්න' සල්ලි අරන් යන්න ඕනේ උනෝතින් ලොරියක් ඕනේ වෙයිනේ... හික් හික්.....
නියමයිනේ....
@'පිස්සා'-
May 21, 2009 1:33 AM"අපේත් ඔහොම වෙයි, පිට රට වල න්‍යාය පත්‍ර වලට වැඩ කරානම්... "
පොඩ්ඩක් පැහැදිලි කොරා නම් මචං? තේරුණේ නෑනේ.
බුදු අම්මෝ....
May 21, 2009 7:30 AMමේ මොන විකාරයක්ද මේ? :/
මේ කඩදාසි (නෝට්ටු) වලින් අභ්‍යාස පොතක් හැදුව නම් ඊට වඩා වටි... ;)
ඒක තමයි කියන්නෙ මේ ලක් බිම වාසනාවන් කියලා:D
May 22, 2009 10:38 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.