Pages

Friday, May 8, 2009

රතු වත හැඳි ගැහැණු ළමයා

මට මේ කාරණාව වැඩිදුරටත් සොයා බලල බ්ලොග් එකට ලියන්න හිතුනෙ ඊයෙ මම ලිව්ව Schindler's List චිත්‍රපටය පිළිබඳ විවරණයට පිටස්තරයා සහෝදරයා යොදපු කමෙන්ට් එක නිසා. කොහොම වුණත් පැය 12ක් ඇතුළත දෙවන වරටත් එකම චිත්‍රපටය ගැන ලියන්න සිදුවීම මම හිතන්නෙ එම චිත්‍රපටයෙ විශිෂ්ටත්වය පිළිබිඹු කරන ලකුණක්. මේ කාරණය මීට කලිනුත් මගේ වෙනත් යාළුවෙක් කියල තිබ්බට ඒකෙ වැදගත්කම තේරුම් ගන්න ඒ වෙලාවෙ මට බැරි වුණා. ඔබ Schindler's List බලල නැත්තම් මගේ මුල් විවරණය කියවන්න. නැතුව මේ කියන්නෙ මොකද්ද කියල තේරුම්ගන්න බෑ.

ඔබ දන්නව Schindler's List කියන්නෙ කළු සුදු චිත්‍රපටයක්. මේකෙ අවසාන කොටසෙ, එනම් වර්තමාන කතාවෙ විතරයි වර්ණ රූප රාමු භාවිතා කරල තියෙන්නෙ. නමුත් අතීත කතාවෙ එත් තැනකට විතරක් විශේෂයෙන් රතු වර්ණය යොදන්නට අධ්‍යක්ෂ වරය (ස්ටීවන් ස්පිල්බර්ග් ) මහන්සි වෙල තියනව. එසේ රතු පාට යොදල තියෙන්නෙ පාරෙ නිකන් ඇවිද යන යුදෙව් ගෑණු ළමයෙකුගෙ කබායට. කතාවෙ ප්‍රධාන චරිතය, ඔස්කාර් ෂින්ඩ්ලර් ගොඩාක් ඈත් ඉඳන් ඇය දිහා බලන් ඉන්නව. අවසානයෙදි පෙන්වනව මේ ගෑණු ළමයම මියගොස් සිටිනව.

ඒ දර්ශනයෙ වැදගත්කම මේකයි. ඔස්කාර් ෂින්ඩ්ලර් කියන්නෙ මුදල් පසුපස හඹා ගිය, ආඩම්බරකාර වෙළෙන්දෙක් මුල් කාලයෙ. ඔහුගෙ දෑස් ඇරිල නාසින්ගෙ කෲරත්වයට එරෙහිව උතුම් වූ මානව දයාවෙන් යුතුව අසරණ යුදෙව්වොන්ට යම් සේවයක් කළ යුතුයි කියන අදහස ඔහුට ඇතිවෙන්නෙ මේ ගෑණු ළමයා දැකීමෙන්. චිත්‍රපටයෙ එන එම දර්ශනය තමයි පහත දැක්වෙන්නෙ.



මේ රතු වත හැඳි ගැහැණු ළමයගෙ චරිතය පදනම් වෙල තියෙන්නෙ රෝමා ලිගොකා කියන යුදෙව් කාන්තාවගේ චරිතය මත. නාසින් පෝලන්තය ආක්‍රමණය කරාට පස්සෙ එහෙ සිටි සියලුම යුදෙව්වන් වෝර්සෝ නගරය කොණේ වෙනම මුඩුක්කු වැනි ප්‍රදෙශයකට දාල තාප්පෙකින් වෙන්කරල වහල තිබ්බ. ඒ ප්‍රදේශයෙ ඇය ප්‍රසිද්ධ වෙල හිටියෙ ඇයගෙ රතු කබාය නිසා. ඇය සිහිවෙන්න තමයි මේ ගැහැණු ළමයගෙ චරිතය යොදාගෙන තියෙන්නෙ. ඇත්තටම ෂින්ඩ්ලර්ගෙ හිත වෙනස්වෙන්න බලපෑ හේතුව ඒකම විශේෂ සිද්ධිය ඒක නොවුණත් මේ ගැහැණු ළමයගෙ චරිතය නිරූපණය කිරීම තුල මහත් වැදගත්කමක් ගැබ් වෙල තියෙනව.

තව දුරටත් මෙහි අධ්‍යක්ෂවරයා මේ රතු වර්ණය ගැන මෙහෙම කියනව:
"America and Russia and England all knew about the Holocaust when it was happening, and yet we did nothing about it. We didn’t assign any of our forces to stopping the march toward death, the inexorable march toward death. It was a large bloodstain, primary red color on everyone’s radar, but no one did anything about it. And that’s why I wanted to bring the color red in."

මේ සියලු කරුණු චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්නට බැහැ. ඒ නිසාම එහි වැදගත්කම තවත් වැඩි වැඩියි. මොකද චිත්‍රපටය අවසානයෙ අධ්‍යක්ෂවරය ප්‍රේක්ෂකයට හිතන්න විතරක් නොවෙයි, හොයන්නත් යමක් ඉතුරු කරන්නට තරම් බුද්ධිමත් වී තිබෙනවා.

Schindler's List මගේ ප්‍රියතම චිත්‍රපටය වෙන්නෙ ඒකයි.

3 comments:

පිටස්තරයා said...

ස්තුතියි චමිත. The pianist වල මෙච්චර සංකේත භාවිතයක් නැති වුනත් එයත් හොඳ චිත්‍රපටියක්.

Narada said...

චමිත, විඩීයෝවක් දමද්දි යු-ටුබ් එකට අප්ලෝඩ් කර හෝ දැමිය හැකි නම් මැනැවි.

Chamitha said...

හොඳයි බිன்ku අයියා. බ්ලොගර් මතදි full screen play කරන්න බැරිවීමෙන් මතුවෙන අපහසුතාව මට තේරෙනවා..

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.