ලෝකයේ දරුණුම ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකුණු LTTEය මුලුමනින්ම පරාජයට පත් වී ඇති මොහොතක අතීතයේ බොහෝ දෙනා ඒ වෙනුවෙන් කළ කී දෑ සිහිපත් කිරීම ආශ්වාදය ගෙන දෙන කරුණකි. අනිටා ප්‍රතාප්... යනු වේලුපිල්ලේ ප්‍රභාකරන් යන නම සමඟ සමීපවම බද්ධ වී ඇති නමකි. ඔහු අසලටම ගොස් සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට සමත් වූ ලොව එකම මාධ්‍යවේදිනිය ඇයයි. ඇතැමුන් කීවේ ඔවුන් අතර ප්‍රේමයක් ඇති බවයි. ඒ කෙසේ වෙතත් ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා මෙලොවින් තුරන් වී ඇති මොහොතක ඇය ඔහු ගැන කී දෑ කෙටියෙන් හෝ සළකා බැලීම වටී.
අනිටා ප්‍රතාප් යනු ඉන්දීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම චරිතයකි. මුල් කාලයේදී Indian Express හා India Today යන පුවත්පත් වලට සේවය කළ ඇය පසුව ජාත්‍යන්තර TIME සඟරාවේ වසර 8ක් ද ඉන් අනතුරුව කලක් CNN රූපවාහිනී සේවයේ ආසියානු කලාප ප්‍රධානියා ලෙස ද සේවය කළ සම්මානනීය ජනමාධ්‍යවේදිනියකි. ලොව උසම යුද පිටිය (ඉන්දියාව හා පාකිස්ථානය අතර) වූ අඩි 22000ක් උස සියාචෙන් ග්ලැසියරයේ සිට රූපවාහිනී වාර්තාවක් ගෙන ආ ප්‍රථම ජනමාධ්‍යවේදිනිය ඇයයි. තලේබාන් ත්‍රස්තවාදීන් 1997දී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නගරය සියතට ගැනීම ගැන රූපවාහිනී වාර්තාව ගෙන ඒම වෙනුවෙන් එම වසරේ ඇමරිකානු George Polk සම්මානය ද හිමි වූයේ ඇයටයි.
ඇය මුල් වරට ප්‍රභාකරන් හමු වූයේ 1985දී වන්නි කැලයේදී ය. එම හමුව ගැන ඇය මෙසේ කියයි. "මගේ සිතේ ඔහු ගැන තිබූ හැඟීම සහමුලින්ම වෙනස් විය. ඔහු ඉතාම සාමාන්‍ය ලෙස ලා නිල් පාට කමිසයකුත් අළු පාට කලිසමකුත් හැඳ සිටියේ ය. ඔහු ඉතාම පහසුවෙන් කඩවසම් දකුණු ඉන්දීය ව්‍යාපාරිකයෙකු ලෙස වරදවා වටහාගැනීමට ඉඩ තිබිණි".
මුල් කාලයේ සිටම ඇය ප්‍රභාගේ කල්ලිය හැඳින්වූයේ නිදහස් අරගලයක යෙදෙන කැරලිකරුවන් පිරිසක් කියා ය. එපමණක් නොව ඇය ඔවුන්ගේ අරගලය සාර්ථක වන බව ද පැවසුවා ය. ඇය සම්මුඛ සාකච්ඡා ලබාගැනීම පිණිස ඔහුව අවස්ථා දුසිමකට වඩා හමුවිය. දිල්ලියේදී, මදුරාසියේදී මෙන්ම වන්නි කැලයේදී ද ඇය ඔහු හමු වී ඇත. මේ හමුවීම් අළලා ඇය ශ්‍රී ලංකාව පිළිබඳ 'Island of Blood' නමින් කෘතියක් ද ලියා ඇත.
ඇයට 'ඊළම' පිළිබඳ තිබුණේ අචල විශ්වාසයකි. LTTEය පරාජය වීගෙන එක 2008 නොවැම්බරයේ ද ඇය පැවසුවේ මෙවන් අදහසකි. "මම හිතන විදියට ඊළම දැනටමත් පවතිනවා. ඒ දෙමළ ජනතාවගේ හදවත් වල. ඊළම යනු සත්‍යයක්".
ඇය එතැනින් ද නවතින්නේ නැත. 2008 ජූලි මාසයේදී LTTE හිතවාදී 'පුතිනම්' වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී (මෙන්න ඒ සාකච්ඡාව) ප්‍රභාකරන් ගැන පෞද්ගලික වර්ණනාවක් කරමින් මෙසේ ද කියයි. "ඔහු අපේ කාලයේ වැදගත්ම ගරිල්ලා නායකයා ය".
තමාගේ අනාගත බලාපොරොත්තුව ගැන ද පවසන ඇය, "මම තවමත් ප්‍රාර්ථනා කරනවා, මට දිනයක මේ රටට පැමිණ ප්‍රභාකරන්ගේ ජීවිත කථාව ලියන්නට හැකි වේ යැයි කියා. ඒක මගේ ජීවිතයේ සපුරාගැනීමට තියෙන හීනයන්ගෙන් එකක්".
ඒ හීනය දැන් හීනයක්ම පමණයි. ජීවිත කථාව අසාගන්නට දැන් ප්‍රභාකරන් කෙනෙකු නැත. සැබෑ කරගන්නට දැන් ඊළමක් ද නැත. ප්‍රභාකරන් මියයාමෙන් අනතුරුව දැන් අනිටා ප්‍රතාප්ලා ද නිහඬ ය.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්‍රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

1 comments:
පව් හොයාගන්න තිබ්බ ගාන ගැනිට මිස්වුනා.
May 26, 2009 10:47 AMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.