මටත් අද හම්බුණා නොවැ free උබුන්ටු CD එකක්! Ubuntu 9.04 Desktop Edition එකයි ස්ටිකර්ස් 4යි ඇවිත් තිබ්බ. නොමිලේ මොකක් හරි හම්බුණාම පුදුම සතුටක්නෙ හැබෑට ඇතිවෙන්නෙ?:O Microsoft එකත් මේ වගේ කැම්පේන් එකක් කරන්නෙ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ...
දැන් ටික දවසකට ඉස්සෙල්ල අනුරාධ රත්නවීර අයිය දාල තිබ්බ ලින්ක් එකක් හරහා ගිහින් තමයි මම ඒක ගෙන්නගත්තෙ. ඉතින් අනුරාධ අයියට බොහොම පින්:-) මම හිතන්නෙ තාම ඒ offer එක තියනවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න. නිකන් දෙන දේනෙ, ඔයගොල්ලොත් request එකක් දාන්න:D
ඒකටත් මට තියන ලොකුම බාධකේ තමයි disk space එක. මම තාම වැඩ කරන්නෙ මගේ ආදි කාලීන 80GB හාඩ් එකෙන්නෙ. ඒකෙන් ගිගා බයිට් 4ක් මේකට වෙන්කරන්න මොකද්දෝ වගේ. හිනා වෙන්න එපා;-) ඒත් මගේ හාඩ් එකේ සින්දුයි ෆිල්ම්සුයි පුරවලා... මෑතකදී බාපු ෆිල්ම්ස් 25කට වැඩිය තියනවා තාම බලපු නැති. මම පුරුදු වෙල ඉන්නෙ ඒවා බලල DVDs වලට write කරාට පස්සෙ මකන්න නිසා දැන්ම මකල දාන්න හිතෙන්නෙ නෑ. සින්දුත් 2000කට වැඩියි. සින්දුත් write කරල තිබ්බට ඒව අහන්නෙ නැතුව මොනව කරන්නද? ඉතින් ඒවත් එහෙම්ම තියනවා. කොහොම වුණත් දැන් නම් කොහෙන් හරි ගිගා බයිට් 4ක් ඉඩ හදාඩන්න ඕනෙ. අලුත් හාඩ් එකක් ගන්නව නම් ඉතින් කාලෙ හැටියට 500GB එකක් වත් ගන්න එපැයි. ඒකටත් මූල්‍ය ප්‍රතිපාදන ලැබුණෙ නෑ තාම. ළඟදි හම්බෙන පාටකුත් නෑ:-(
හ්ම්ම්..... ඔහොම තමයි ඉතින් මගේ ජීවිතේ. බලමු බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා......
ආ, request එකක් දැම්ම නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා;-)


8 comments:
මම නම් ඕක බාගත්තා. කොච්චර තිබ්බත් ඉඩ නම් මදි තමා. 500GB Hitachi SATA2 හාඩ් ඩිස්ක් තියෙනවා 7500 ට, බ්‍රෑන්නිව්...
May 25, 2009 3:56 PM"නිකන් දෙන දේනෙ, ඔයගොල්ලොත් request එකක් දාන්න"
May 25, 2009 5:16 PMමෙහෙම කියන එක වැරදියි. මම Ubuntu පාවිච්චි කරන්න පටන් ගත් කාලේ CD තොග පිටින් ගෙන්නගෙන යාළුවන්ට බෙදලා දුන්නා. ඒත් අද වෙනකොට ඒ අයගෙන් Ubuntu පාවිච්චි කරන අය ඉන්නෙ දෙතුන් දෙනයි. වැඩිහරියක් CD අපතේ. මුලින්ම FOSS ගැන concept එක දෙන්න. ඒක අවබෝධ කරගන්න අයව විතරක් නොමිලේ තැටි ගෙන්නගන්න වැඩේට උනන්දු කරන්න. නිවැරදි අවබෝධයක් නැතිව ගෙන්නගන්න Ubuntu තැටි ටික දවසකින් ත්‍රිරෝද රථ වල එල්ලලා තියේවි.
"මුලින්ම උබුන්ටු, විස්ටා ද්විත්ව ස්ථාපිතයක් තියාගෙන පස්සෙ හිමින් සැරේ මාරුවෙන්න ඕනෙ."
මේ ක්‍රමය හරි. මොකද කිසිම දේකට අපට එකපාරටම හුරු වෙන්න අමාරුයි. මම අවුරුදු හතරක් Ubuntu/Windows ද්විත්වය පාවිච්චි කළේ ලිනක්ස් ගැන නොදැන හිටි නිසා.
"ඒකටත් මට තියන ලොකුම බාධකේ තමයි disk space එක."
ජපනගෙන් ඉගෙනගන්න. Seiri-Seiton-Seiso-Seiketsu-Shitsuke
හෙ හේ... හොඳ firsthand experience එකක් අයියා..... උත්සාහයක් දාල බලමු:D
May 25, 2009 6:12 PMඅපිටනම් cd එක අවිත් ගොඩක් කල්,Microsoft cd නිකන් හම්බ වෙන්නෙ කොල්ලො හීනෙන් තමයි!
May 25, 2009 10:33 PMහික් හික්...
May 26, 2009 12:04 AM"ඒත් විස්ටා තරම් ලස්සන නෑනෙ."
May 26, 2009 3:04 PMඋබුන්ටු පෙර නිමියෙන්ම එච්චර ලස්සන නැහැ. ඒත් කම්ෆිස්(compiz fusion),එමරල්ඩ්(emerald theme manager) එහෙම දාලා බලන්න උබුන්ටු(not only ubuntu for all linux distros) වලට ගහන්න (ලස්සන අතිනුත් ) OS හොයන්න බැරි වේවි
මාත් වම්බොට්ටා එක්ක එකඟයි.ඔය උබුන්ටු අලංකරනය ගැන උදව්වක් එහෙම ඕන නම් මගේ බ්ලොග් එකේ Ubuntu අයිසිං කිරීම කියල පෝස්ට් කීපයක්ම ලියල ඇති.
May 28, 2009 7:49 PMඑළ එළ. බොහොම ඉස්තූතියි:D
May 28, 2009 10:40 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.