බලන්න මගේ sidebar එකේ තියන "මගේ බ්ලොග් තේමාවන්" කියන ගැජට් එක. මම මේක හොය හොයා හිටියෙ ටික දවසක ඉඳල. ඊයෙ තමයි හම්බුනේ. ඔන්න ඔයගොල්ලන්ගෙ දැනගැනීම පිණිස අදම දැම්ම ගුරු මුෂ්ටි නැතුව:-)
මේකෙන් වෙන්නෙ එකේ තියන ලිපි වලට අදාළ labels පෙන්නන එක. Categories කියන ගැජට් එකේ කාර්යයම තමයි ඒකෙනුත් කෙරෙන්නෙ. නමුත් flash animated නිසා වඩාත් ලස්සනයි. ලොකු පොඩි කවුරුත් මේ වගේ දේවල් වලට ආස නිසා ඔබේ බ්ලොග් එකටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න කියාපු අංගයක්.
දැන් බලමු මේක පිහිටුවාගන්න විදිය. සරල සුගම පියවර කීපෙකින් විනාඩි 2ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.
පියවර 1: බ්ලොගර් තුලට ලොග් වෙලා Layout> Edit HTML තෝරන්න. එවිට පහත කවුළුව දිස්වනු ඇති.
පියවර 2: ක්‍රියාවලිය අතරමගදී වරදී යැයි සැක නම් කෝකටත් කියා මෙහි ඇති Download Full Template, click කර ඔබේ බ්ලොග් template එක පරිගණකයේ ගබඩා කරගන්න.
පියවර 3: Edit Template හි ඇති Expand Widget Templates කොටුව tick නොකර, පහත සඳහන් පේළිය template එක තුලින් සොයාගන්න.<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
පියවර 4: දැන් ඊට හරියටම පහළින් මේ code එක අලවන්න.<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
පියවර 5: Preview කර ගැටලුවක් නැතිනම් save කරන්න.
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<object type="application/x-shockwave-flash" data="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" width="250" height="200" allowscriptaccess="always" >
<param name="movie" value="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" />
<param name="bgcolor" value="#ffffff" />
<param name="flashvars" value="tcolor=0x000000&mode=tags&distr=true&tspeed=100&tagcloud=<tags>
<b:loop values='data:labels' var='label'>
<data:label.name/>
</b:loop>
</tags>" />

Blogumulus by Roy Tanck and Amanda Fazani

</object>

<b:include name='quickedit'/>
</b:includable>
</b:widget>
පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.
දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.
මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.
හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.
මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය

2009
(78)

June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...

May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව

June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව

විවාහය1 week ago

රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago

කඩේ යාම සහ කඩේ යැවීම1 month ago

I love to seek3 months ago

To indeed be a god!7 months ago

72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago

කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

6 comments:
අඩේ එළනේ. බොහොම ස්තුතියි.
May 23, 2009 9:14 PMඔන්න එහෙනම් තැන්කූ කිව්වා :-)
මෙය වැඩ කරන්නේ ඉංශ්‍රිසි ටැග් වලට පමණක් නොවැ?
May 25, 2009 6:37 AMඔව්, ඒක තමයි එකම අවුල:-(
May 25, 2009 10:58 AMඑලටම වැඩ කරනවා පොඩි පුරස්නයකට තියෙන්නෙ ඔක්කොම ටැග් ටික ගන්නෙ නෑ. ඒ මොකෝ ? ඒනිසා මම ඊට අනුව මගේ බ්ලොග් එකේ ටැග් වෙනස්කලා :)
November 23, 2009 1:44 AMමගේ නම් ඔක්කොම ටැග් ගත්තා නොවැ? english tags විතරයි හැබැයි
November 23, 2009 7:36 PMමමනං තාම හදනවා තීම් එකේ අවුලක්ද බලන්න ඒකත් මාරු කලා... හරි ගියේ නෑ :( හැම වෙලාවෙම tag එකක් දෙකක් අඩුවෙන් තමා ගන්නේ
November 23, 2009 10:11 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.