Pages

Saturday, May 23, 2009

ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්

බලන්න මගේ sidebar එකේ තියන "මගේ බ්ලොග් තේමාවන්" කියන ගැජට් එක. මම මේක හොය හොයා හිටියෙ ටික දවසක ඉඳල. ඊයෙ තමයි හම්බුනේ. ඔන්න ඔයගොල්ලන්ගෙ දැනගැනීම පිණිස අදම දැම්ම ගුරු මුෂ්ටි නැතුව:-)

මේකෙන් වෙන්නෙ එකේ තියන ලිපි වලට අදාළ labels පෙන්නන එක. Categories කියන ගැජට් එකේ කාර්යයම තමයි ඒකෙනුත් කෙරෙන්නෙ. නමුත් flash animated නිසා වඩාත් ලස්සනයි. ලොකු පොඩි කවුරුත් මේ වගේ දේවල් වලට ආස නිසා ඔබේ බ්ලොග් එකටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න කියාපු අංගයක්.

දැන් බලමු මේක පිහිටුවාගන්න විදිය. සරල සුගම පියවර කීපෙකින් විනාඩි 2ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.

පියවර 1: බ්ලොගර් තුලට ලොග් වෙලා Layout> Edit HTML තෝරන්න. එවිට පහත කවුළුව දිස්වනු ඇති.


පියවර 2: ක්‍රියාවලිය අතරමගදී වරදී යැයි සැක නම් කෝකටත් කියා මෙහි ඇති Download Full Template, click කර ඔබේ බ්ලොග් template එක පරිගණකයේ ගබඩා කරගන්න.

පියවර 3: Edit Template හි ඇති Expand Widget Templates කොටුව tick නොකර, පහත සඳහන් පේළිය template එක තුලින් සොයාගන්න.
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
පියවර 4: දැන් ඊට හරියටම පහළින් මේ code එක අලවන්න.
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>
<h2><data:title/></h2>
</b:if>
<div class='widget-content'>

&lt;object type="application/x-shockwave-flash" data="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" width="250" height="200" allowscriptaccess="always" &gt;
&lt;param name="movie" value="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" /&gt;
&lt;param name="bgcolor" value="#ffffff" /&gt;
&lt;param name="flashvars" value="tcolor=0x000000&amp;mode=tags&amp;distr=true&amp;tspeed=100&amp;tagcloud=&lt;tags&gt;
<b:loop values='data:labels' var='label'>
<a expr:dir='data:blog.languageDirection' expr:href='data:label.url' style='12'><data:label.name/></a>
</b:loop>
&lt;/tags&gt;" /&gt;
&lt;p&gt;Blogumulus by &lt;a href='http://www.roytanck.com/'&gt;Roy Tanck&lt;/a&gt; and &lt;a href='http://www.bloggerbuster.com'&gt;Amanda Fazani&lt;/a&gt;&lt;/p&gt;
&lt;/object&gt;



</div>

<b:include name='quickedit'/>
</b:includable>
</b:widget>
පියවර 5: Preview කර ගැටලුවක් නැතිනම් save කරන්න.

පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.

දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.

මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින්
ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.

හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.

මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.

වැඩේ හරි නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා:-)

7 comments:

Anonymous said...

අඩේ එළනේ. බොහොම ස්තුතියි.
ඔන්න එහෙනම් තැන්කූ කිව්වා :-)

Narada said...

මෙය වැඩ කරන්නේ ඉංශ්‍රිසි ටැග් වලට පමණක් නොවැ?

Chamitha said...

ඔව්, ඒක තමයි එකම අවුල:-(

සහන් සටහන් said...

එලටම වැඩ ක‍රනවා පොඩි පුරස්නයකට තියෙන්නෙ ඔක්කොම ටැග් ටික ගන්නෙ නෑ. ඒ මොකෝ ? ඒනිසා මම ඊට අනුව මගේ බ්ලොග් එකේ ටැග් වෙනස්කලා :)

Chamitha said...

මගේ නම් ඔක්කොම ටැග් ගත්තා නොවැ? english tags විතරයි හැබැයි

සහන් සටහන් said...

මමනං තාම හදනවා තීම් එකේ අවුලක්ද බලන්න ඒකත් මාරු කලා... හ‍රි ගියේ නෑ :( හැම වෙලාවෙම tag එකක් දෙකක් අඩුවෙන් තමා ගන්නේ

Desh said...

Thanks a lot, now I can attract my visitors with tag clouds !!

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.