Pages

Sunday, May 3, 2009

Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්

කැම්පස් පටන්ගන්න රාවයක් වත් නැති නිසා මේ දවස් වල මගේ ලොකුම කාර්යය වෙන්නෙ චිත්‍රපට බලන එක. ඒක නිසා අලුත් අලුත් මාදිලි වල අලුත් සහ පරණ චිත්‍රපට නිතරම දැන් බැලෙනවා. දැන් මම බලල ඉවර කළේ. 1994 නිෂ්පාදිත, වසරේ හොඳම චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන 6ක් දිනපු මේ චිත්‍රපටයෙ තියෙන්නෙ මානසික අඩු වර්ධනයක් පෙන්වන ළමයෙක් පිළිබඳ කතාවක්. මෙයාගෙ චරිතය වන ෆොරස්ට් ගම්ප් රඟපාන්නෙ සුප්‍රසිද්ධ නළු ටොම් හෑන්ක්ස්. ඒ ළමයගෙ මුළු ජීවිත කතාවම මේ චිත්‍රපටයෙ කියවෙනවා. ඒකෙ අවසාන මොහොතෙදි ඔහු තමන්ගෙ බිරිඳගෙ සොහොන් කොත ළඟ ඉඳල කරන කතාව හරිම, හරිම කියන්නෙ ඉතාමත්ම සංවේදියි. දැන් ගොඩක් රෑ වෙල නිසා මං කතාව දිගින් දිගට කියන්න යන්නෙ නෑ කලින් The Curious Case of benjamin Button වලදි කිව්ව වගේ. නමුත් මේක මාව ඉතාමත් සසල කරපු චිත්‍රපටයක් වුණා. දැන් මට හිතෙනව මේ මම බලපු විශිෂ්ටතම චිත්‍රපටය ද කියල. බොහෝ විට Schindler's List ට පස්සෙ මං බලපු විශිෂ්ටතම චිත්‍රපටය වෙන්නැති. (Schindler's List ගැන මං පස්සෙ ලියන්න ඉන්නෙ.)

ඔයගොල්ලො හැමෝම එහෙම හිතයිද මං දන්නෙ නෑ. නමුත් ඔබ මේක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න කියල මං ඉල්ලා සිටිනව. ඒක ඒ තරම්ම ආදරණීය සහ අපේ ජීවිත ගැන හිතන්න පොළඹවන චිත්‍රපටයක්. සමහර නැන් වලදි මැරෙන්න හිනා යනව. හිනා වුණාට පස්සෙ හිතෙනව ඒ තමන්ටම නේද හිනා වුනේ කියල. මං හිතන විදියට සාමාන්‍ය ත්‍රිලර් හෝ වෙනත් කොමඩි වලට වඩා මේ වගේ මනසට රසඳුනක් වෙන වගේම හොඳ ගැඹුරක් තියන චිත්‍රපට අපිට වැඩි යමක් ලබා දෙනව. මං නැවතත් කියනව, බලල නැත්තන් බලන්න Forrest Gump..!! Forest Gump නෙවෙයි.. :)

මේකෙ ඉතා සංවේදී සහ අර්ථවත් කියමන් කීපයක් තියනව. දැනට මම දෙකක් කියන්නම්

"My mama used to say that life is like a box of chocolates. You never know what you get next"

"My mama used to say not so much fortune man needs. And the rest should be thrown off"

අද රෑට මට නින්ද යයිද දන්නෑ ඒකෙන් මට දැනිච්ච හැඟීම නිසා. හෆොයි, හෙට උදේම නැගිටින්නත් තියනව. මං ගියෝ....

5 comments:

පොතේ ගුරා said...

මම මේක බලල නෑ..දැන් ඉතින් බලන්න ඕන.. :)

keheliya said...

ඇත්තටම හරිම අගනා නිර්මාණයක්.මේ ඒ සම්මානනීය කලා කෘතිය තවත් කෙනෙක් දැකපු හැටි...
http://www.youtube.com/watch?v=nOvgJ0TxdfI&feature=player_embedded

Chamitha said...

@ පොතේ ගුරා: ඔව්, මේක ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්..:)

@ Keheliya: හරිම සරලයි. මුලු කතාවම හරියට විනාඩියක් ඇතුළත කියනව නේ?...:D

Yasith said...

"You will never see the world the same again, once you've seen it through the eyes of Forrest Gump" - read so somewhere ;-)

Anonymous said...

මම torrent එකක් බාගන්න හැදුවා. හරිගියේ නෑ.
Seeds නෑ... :(

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.