LTTE ත්‍රස්තවාදයේ අවසන් රාත්‍රිය අදයි. ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා දැනටත් ජීවත්ව සිටියි නම් ඔහු තම ජීවිතයේ ගත කරන අවසන් රාත්‍රිය ද අදයි. හෙට ශ්‍රී ලංකාවට හිරු පායන්නේ නැවුම් බලාපොරොත්තු නැවුම් අපේක්ෂා පොදි බැඳගත් එකම ශ්‍රී ලාංකීය මිනිස් කැලක් ලෙසයි. මහා වැස්සක් වැස්සාට පසුව ඇතිවන නිස්කලංක භාවය සාමය අගයන සෑම සියලු ජනතාවගේ සිත් සතන් වලට දැනෙන්නේ හෙටයි.
තවත් සැකෙවින් කිවහොත් "යුද්ධය" යන ලේබලය යටතේ බ්ලොග් පෝස්ට් ලිවීමට සිංහල බ්ලොග්කරුවන් හට තව දුරටත් ඇවැසි නොවන්නේ හෙට දිනයේ සිටයි.
1983 සිට ශ්‍රී ලාංකිකයන් සෑම කෙනෙකුටම අවශ්‍යව තිබුණු දෙය මෙයයි. නිදහසේ පාරේ ඇවිද යන්න පුලුවන් රටක්! දවස ගානේ බෝම්බ නොපිපිරෙන රටක්! කාටවත් යටත් නැති රටක්! යුද්ධයක් නැති රටක්! දවස ගානේ මිනී නොමැරෙන රටක්.....!! මේ රටේ වයස 26ට අඩු කිසිම කෙනෙක් යුද්ධයක් නැති මාතෘ භූමියක මෙතෙක් කල් ජීවත් වී නැත. හෙට අප ලබන ජයග්‍රහණයේ වටිනාම පැතිකඩ එයයි... හෙට සිට අප ජීවත් වන්නේ "යුද්ධය" නැති රටකයි..!!
ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි වුවත් "යුද්ධය" යන වචනය තුරන්ව ගිය තැන අනෙක් සියලු දෑ කෙමෙන් කෙමෙන් ක්ෂිතිජයේ සැඟව යනු ඇත.
මානව චර්යාවේ නොදියුණුම අංගය යුද්ධයයි. නමුත් "යුද්ධය" යන වචනය මහා බලවත් ය. එයට සමාජයේ අන් සියලු අවස්ථාවන් යටපත් කර දැමීමේ හැකියාවක් පවතී. "යුද්ධය" යන වචනය නොඇසෙන තැන සිතටත් ගතටත් දෙසවනටත් ප්‍රියංකර වූද අහ්ලාදජනක වූද සුරම්‍ය පුරයක් වන්නේ එබැවිනි.
දැන් වහාම කළ යුතු එක් දෙයක් තිබේ. අපේ සහෝදරයන්ගේ රුධිරය මතින් මේ ලබාගත් ජයග්‍රහණය නැවත වරක් වියැකී යන්නට නොදී ආරක්ෂා කරගැනීමයි. එක් යුද්ධයක් අවසන් වූ විගස තවත් යුද්ධයක් ඇරඹීමේ අඩිතාලම දමා දීමෙන් සෑම සියලු දෙනාම වැළකිය යුතුය. මන්ද අප මේ කර්තව්‍යය වෙනුවෙන් දැනටමත් ඇති තරම් කාලය වැය කර තිබෙන බැවිනි; ශ්‍රමය වැයකර තිබෙන බැවිනි; මුදල් වැය කර තිබෙන බැවිනි; එමෙන්ම.... රුධිරය වැය කර තිබෙන බැවිනි. තවත් වැය කරන්නට ඒවා අප සතුව නැත. දශක තුනක් තිස්සේ මේ උමතු මැරතන් තරඟය දුවා ශ්‍රී ලංකා මාතාව දැන් සිටින්නේ හති වැටිලා ය.
ඒ නිසා හෙටින් ඇරඹෙන අලුත් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රභාකරන් කෙනෙකුට උපත ලබා නොදෙන තැනකට අප ඕ පත්කළ යුතු ය... හෙට ලබන ජයග්‍රහණය සැබෑම විජයග්‍රහණයක් වන්නේ එවිටයි....
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
▼
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්‍රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
- මුන්ට අවුල් දැ?
- ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්
- Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
- Forrest Gump (1994) : මා හද සසල කළ චිත්‍රපටයක්
- කෙලියා තාප්පෙට
- නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවසන් බ්ලොග් සටහන
Posted by
Chamitha
Saturday, May 16, 2009
Subscribe to:
Post Comments (Atom)

1 comments:
ජය ජය.... ලංකාවට, රණවිරුවන්ට ජය
May 17, 2009 8:03 AMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.