.: චමිතගේ සිහින කොදෙව්ව :.

THE VIEW OF A BIRD'S EYE - උකුසු ඇසින් විශ්වය දෙස බලමු...

මේ තියෙන්නෙ මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය,
වික්ටර් රත්නායකගේ
දෙව්රම් වෙහෙරේ, හිමි වැඩ සිටි සමයේ.......



මේක මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අහන විට ඇතිවෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම එදා හිටියා නම් කියල හිතෙනවා.....
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

සහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ.....
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්, නිවී නිවී යන අරුමය කිමදෝ.....

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහෙයි......
එහෙයින් හිමි අනුරුව අබියස සිට, බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට......


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....
.
Share/Save/Bookmark

2 comments:

ඇත්ත. හිතට දැනෙන්න හදපු ගීතයක්

June 1, 2009 1:29 AM  

ඇත්තටම කොච්ච‍ර හොද තේරුමක් තියෙනවද..වෙන මොනවත් ඔලුවට එන්නෙ නෑ මේ වගේ සිංදුවක් අහනකොට..

June 1, 2009 8:48 AM  

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.