ඇත්තටම මේ මිලිබෑන්ඩ් කවුද? පෙනුමෙන් නම් ඔහු තරුණ කොලු ගැටයෙකු වැනිය. මෙවන් පුද්ගලයෙකුට එවන් වැදගත් තනතුරක් දැරිය හැකිදැයි කෙනෙකුට ගැටලුවක් පැනනැගිය හැක (මගේ අදහස අනුව නම් ඔහුට බැරිය). එසේ වුවත් ඔහුගේ සැබෑ වයස 44කි. වයස 29දී එංගලන්තයේ හිටපු අගමැති (එවකට විපක්ෂ මන්ත්‍රී) ටෝනි බ්ලෙයාර් ගේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන උපදේශක බවට ඔහු පත්විය. පසුව පාරිලිමේන්තුවට පත්ව විවිධ ඇමතිකම් දරා අවසානයේ ඉහත වැදගත් තනතුරට පත්වීමට වරම් ලැබීය. තවද තමා දෙවියන් විශ්වාස නොකරන බව ඔහු ප්‍රසිද්ධියේ කියා ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. නමුත් ඔහුගේ වැඩ කටයුතු වලට ලැබෙන ප්‍රතිචාර දකින විට නම් දෙවියන් මතක් නොවන්නේදැයි දන්නේ ඔහුම පමණෙකි. මන්ද යත් මෙම මිලිබෑන්ඩ් ප්‍රසිද්ධව සිටින්නේ යන යන තැන ගැටුම් ආරවුල් ඇතිකරගන්නෙකු ලෙසත් ආරවුල් ඇතිකරගත් පුද්ගලයින්ගෙන් හොඳවයින් දෙකක් අසාගෙන නැවත පැමිණෙන්නෙකු ලෙසත් ය.
2008 ජූලි මාසයේදී ඔහු 'ද ගාර්ඩියන්' පුවත්පතට ලිපියක් ලීවේ ය. එය බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්ගේ නායකත්වයට එල්ල කළ පහරක් ලෙස බොහෝ දෙනා සැලකීය. මේ හේතුවෙන් ඔහුට ඔහුගේ කම්කරු පක්ෂයෙන්ම් දැවැන්ත ගල් මුල් එල්ල විය. ඒ පළමු අවස්ථාව ය.
අනතුරුව ඔහු මුම්

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය ද ඉන් විශාල අපගමනයක් පෙන්වූයේ නැත. සාකච්ඡාවක් අතරතුරදී ගෝඨාභය රාජපක්ෂ සමඟ පෞද්ගලිකව ගැටුණු ඔහුට සටන් විරාමයකින් ද තොරව හිස් අතින් ආපසු යාමට සිදුවිය. ඔහු පිටත් වූ විගස මෙරට ආරක්ෂක ලේකම්වරයා පැවසූයේ ඔහු පැමිණ තමාගේ කාලයද කා දමා ආපසු ගිය බව ය.
කෙසේ හෝ වේවා ඔහුගේ මෙම කුඩුකේඩු, පණ්ඩිත ක්‍රියාකාරකම් වලට ජ්‍යාත්‍යන්තරය දැන් වත් නැවතීමේ තිත තැබිය යුතුය.
මිලිබෑන්ඩ් හැදෙන්නේ කවදා ද? ඒ මගේ ගැටලුවයි.
3 comments:
පිස්සු හාදයෙක් වෙන්න ඇති. රනිල් විකාරසිංහ ලංකාවට විහිළු සැපයීම බාගෙන තියනව වගේ, උණු උණු එංගලන්‍ත විහිළු ලෝකෙට බෙදන්නෙ එයා වෙන්න පුළුවං.
"පොඩි කොල්ලෙක් නිසා සමාව දෙනව" කියපු වචනෙට මංමෝහංගෙ කටේ මසුරං දාන්න වටිනව.
@Supun B,
"පොඩි කොල්ලෙක් නිසා සමාව දෙනව" කියපු වචනෙට මංමෝහංගෙ කටේ මසුරං දාන්න වටිනව.අපිටවත් අපේ දේශපාලන ඇත්තෝටත් ඒ වගේ සංගමයක් නැති එකයි දුකේ. පේනවානේ බිලෝග් වල එක එක අය ලියන එව්වායි ප්‍රතිචාරයි?
සමහර විට අපේ මර්වින් උත්තමය වගෙද දන්නේ නෑ කිං ආතර්ගෙ පරපුරෙන් පැවතෙන එක්කෙනෙක් වෙන්න ඇති
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.