Pages

Wednesday, May 6, 2009

මුන්ට අවුල් දැ?

"ශ්‍රී ලංකාවේ යුද මුක්ත කලාපය යැයි නම් කර තිබෙන ප්‍රදේශය පිහිටා ඇත්තේ කොතනද?"
මේ ප්‍රශ්නය ලංකාවේ ඉන්නා කෙනෙකුගෙන් නොව ලංකාව යන නම හෝ අසා තිබෙන ඕනෑම ගොනෙකුගෙන් ඇසුවහොත් නිවැරදි පිළිතුර ලබාගත හැකිවනු නිසැකය; ලංකා සිතියම දී ලකුණු කරන්නට කිවහොත් 100%ක් නිවැරදිව ලකුණු කරනවාට ද කිසිදු සැකයක් නැත. මොකද එය දිනකට වරක් දෙවරක් නොව දහ වරක් පමණ ලෝකයේ 'ලොකුම' ප්‍රවෘත්ති සේවාවන් වල පෙන්වන නිසා ය. නමුත් මාධ්‍ය ලෝකයේ මහා බලවතෙක් යැයි කියාගන්නා BBCය එය පිහිටා ඇත්තේ කොහේදැයි තවමත් දන්නේ නැත. මේ තිබෙන්නේ අද ඔවුන්ගේ වෙබ් අඩවියේ පළවූ එක්තරා පුවතක ලංකාවේ යුද මුක්ත කලාපය ලකුණු කර තිබූ තැනයි.



ඔය තිබෙන්නේ දැන් යුද මුක්ත කලාපය නොව පරණ යුද මුක්ත කලාපයයි. ඒ කාලයේ යුද මුක්ත කලාප ගැන අද තරම් ලොකුවට කතා කළේ නැත. එම නිසා පැටලීමකට කිසිදු හැකියාවක් නැත. මේ හරහා මනාව පැහැදිලි වන්නේ මෙම ප්‍රවෘතිය 'කොළඹ' සිට වාර්තා කරන මාධ්‍යවේදියාගේ හා එය සංස්කරණය කරන පුද්ගලයන්ගේ නොදැනුවත්කමයි; අඳබාලත්වයයි.

ඉතින් මෙවන් ගොන් වහන්සේලාට දිය යුතු දඬුවම කුමක්දැ?

2 comments:

ශාකුන්තල | Shaakunthala said...

බ්‍රහ්මදණ්ඩණය! ;)

Sasika Nanayakkara said...

මුන් ලොකේම හොල්ලන්න කැගැහුවට නිසි අවබෝධයකින් තොරව මෙම ප්‍රවෘත්ති නිකුත් කරන බව මෙයින් හොදින්ම වැටහේ.ගැටළුව තිබෙන්නේ මොවුන් මොනා කිව්වත් ඇත්තය කියන පිරිසක් සිටිමයි.එම නිසා දඩුවම් කලයුත්තේ මොවුන්ට නොව කියන්නා කෙසේ කිවද සිහිබුදියෙන් නොඅසන ගොන් හැත්තටය.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.