වර්තමාන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ප්‍රශ්නය නවක වදයයි. පසුගිය කාලයේ මා මේ සම්බන්ධව කොතෙකුත් ලීවේ මෙම ගැටලුවේ පවතින බරපතල තත්ත්වය ඒ ගැන මගේ අදහස් පළකිරීමටයි. ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක වද ගැටලුව සම්බන්ධයෙන් පළවූ මෙම ලිපිය මගේ අවධානයට යොමු විය. මා මෙය පළකරන්නේ, වැරැද්ද කොතැනක සිදු වුවත් වැරැද්දම බව පෙන්වාදීමේත්, නවක වදයේ "හොඳ" ගැන කතාකරන ඇතැමුන්ට, නවක වදය පිළිබඳ නූතන සමාජය දරන ආකල්පය පෙන්වාදීමේත් අටියෙනි.
කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට පසුගිය දිනෙක හදිසියේම ගිලන් රථයක් පැමිණියේය. ඉන් බැසගත් තරුණයන් තරුණියන් කිහිප දෙනෙක් තවත් තරුණියක වත්තන් කරගෙන ආහ. එම තරුණිය දැඩි අපහසුතාවයෙන් හුස්‌ම ගන්නා ආකාරයක් පෙනිණි. ඇය සමග පැමිණි තරුණයන්ට හෝ තරුණියන්ට ඇයගේ අපහසුතාවයපිළිබඳ එතරම් හැඟීමක් තිබූ බවක් පෙනෙන්නට නොතිබිණි. එම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ තවත් කිහිප දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිය වාරය එන තුරු බලා සිටියහ. අපහසුවෙන් හුස්‌ම ගනිමින් සිටි තරුණියට අවස්‌ථාව ලැබුණේ ඉන් පසුවය. ප්‍රතිකාර සඳහා වන මුදල් ද සිය පසුම්බියෙන් දුන්නේ ඇය සමග පැමිණි තරුණයෙකි. ඔවුහු යළිත් ගිලන් රථයේ නැගී ගියහ.
මෙම සිදුවීම එක් අතකින් සැක උපදවන්නකි. දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවූ එම තරුණිය පිළිබඳව ඇය සමග පැමිණි කිසිවකුට හැඟීමක් නොතිබීම නිසාවෙනි. අනෙක් අතට තරුණිය පිළිබඳව අවධානයකින් නොසිටිමුත් ඔවුන් අවට සිටියවුන් දෙස නෙත් යොමු කළේ බියවුණු සැකයකිනි. කවුරුන් හෝ යමක් ප්‍රශ්න කරනු ඇතැයි යන සැකයක් ඔවුන්ගේ සිත්වල තිබුණා විය හැකිය.
සත්‍ය වශයෙන්ම මෙම පිරිස කවුදැයි දැන ගැනීම අසීරු කරුණක් නොවුණේ ගිලන් රථයේ සඳහන් වු අකුරුවලිනි "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" යන අකුරු ගිලන් රථයේ සඳහන් කර තිබිණි. දැඩි ලෙස අසනීපව සිටි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළත්වූ ශිෂ්‍යාවක වන අතර ඇයව රැගෙන ආවෙත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ය. ඇය අසනීප වූයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නවකවදයෙනි. කුමන විශ්වවිද්‍යාලයක වුවද හදිසියේ අසනීප වන සිසුන් ප්‍රථමයෙන්ම යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයේ පවතින සෞඛ්‍ය මධ්‍යස්‌ථානයටය. සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව අවශ්‍ය නම් ගිලන් රථයෙන් රජයේ රෝහලක් වෙත යොමු කරයි. සාමාන්‍යයෙන් සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන එම ක්‍රමවේදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පොදු නැත. එහි කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවලට මෙවර අලුතින් ඇතුළත් වු නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වන්නේ දැඩි භීතියකිනි. දේශන ආරම්භ වීමට පැයකට දෙකකට කලින් ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුය. දේශන ආරම්භ වන තෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ හිංසාකාරී නවකවදයට ගොදුරු වීම අනිවාර්යය. දේශනවලට යා හැකි වන්නේ ඉන් පසුවය. දිවා ආහාරය සඳහා දේශන අවසන් කළ පසු යළිත් ජ්‍යෙෂ්ඨ සිසුහු ඔවුන් කරා පැමිණෙති. නේවාසිකව සිටින්නන් හැර සෙසු සිසු සිසුවියෝ දිවා ආකාරය නිවසින් රැගෙන එති. අලූයම අවදී වී අම්මලා උයා පිහා බැඳ දෙන බත් පත කන්නට ඔවුන්ට ඉඩ නොලැබේ. දහවල් ගිනි අව්වේ පිට්‌ටනියට කැඳවන නවකයන්ගේ දිවා ආහාර එකතු කරන්නේ ජ්‍යෙෂ්ඨයෝය. ඔවුහු. විකෘති මානසික තත්ත්වයෙන් පසුවන මුග්ධයෝ විය යුතුය. පිට්‌ටනියේ ගිනිඅව්වේ බිම වාඩි කරවන නවකයන් පස් හය දෙනකුට කන්නට ලැබෙන්නේ එක බත් පාර්සලයකිනි. එය තමන් නිවසින් රැගෙන ආ බත්පත නොව වෙනත් එකකි. ආහාර ගත යුතු වන්නේද අමු තිත්ත කුණුහරුප සමගය. එතරම්ම අසික්‌කිත අන්දමින් ජ්‍යෙෂ්ඨයන් හැසිරීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනටම එපා වී සිටින පිරිස බොහෝය. මින් වැඩි පිරිසක් ශිෂ්‍යාවෝය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවසන නවක වදය නවකයන්ට පමණක් නොව දෙමව්පියන්ට ද මහා වදයකි. මේ පිළිබඳව දෙමව්පියෝ උපකුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාට ද පැමිණිලි කර ඇත. සිය දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා දෙමව්පියන්ටද දැන් විශ්වවිද්‍යාලයට පැමිණීමට සිදු වීම කෙතරම් නම් අභාග්‍යයක්‌ද? ගිනි අව්වේ සිටුවා සිදු කරන නවකවද ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට සිහිමූර්ජා වන ශිෂ්‍යාවන් පිළිබඳ සංඛ්‍යාලේඛණ විශ්විද්‍යාලය සතුව නැත. අසනීප වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ තොරතුරු විශ්වවිද්‍යාලය සතුව නැත. මන්ද ඒ සියලු දෙනා යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයට පිටතින් වන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන වෙතය. ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට නම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන කරා යා යුතුය.
නවකයන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු වේලාව. දිවා ආහාරය ගත යුතු වේලාව, දේශන අවසන් වී නේවාසිකාගාරවලට යා යුතු වේලාව විශ්වවිද්‍යාලයට පැමිණීමේ දී සැරසිය යුතු ඇඳුම් පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල ශිෂ්‍ය සංගම්ය. ඔවුන්ගේ නියෝගවලට පිටින් යැමට කිසිවකුට අවසර නැත. එම නියෝගයන්ට පිටින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. දඬුවම් දෙන්නේ පරිපාලන අංශ නොව මානසික විකෘතියෙන් පෙළෙන තිරස්‌චීනයෝය. නවකයන්ට විශ්වවිද්‍යාලය එපා කඑවන මේ අධමයන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහි වීමට අද කිසිදු ආචාර්යවරයෙක් ඉදිරිපත් නොවේ. නවකවදයට එරෙහි ආචාර්යවරු කොතෙකුත් විශ්වවිද්‍යාලයේ සිටියද ඔවුහු ඊට එරෙහිව හඬ නොනගා නිහඬව සිටිති. හේතුව අන් කිසිවක් නොව පරිපාලන අංශ ඔවුන් රැකීමට ඉදිරිපත් නොවන හෙයිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නාසි කඳවුරක් යෑයි සිතෙන්නට තරම් නවකයන් පෙළමින් සිටින ශිෂ්‍ය සංගම්වලට ඉඩදී බලා සිටින පරිපාලනය ආචාර්යවරුන්a වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි යන්න සිතන්නටවත් නොහැකි යෑයි ආචාර්යවරු පවසති.
කිසිදු විශ්වවිද්‍යාලයක කෙදිනකවත් නොසිදුවූ දේ අද මෙහි සිදු වෙයි. මෙවර නවක සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදී ඇත්තේද ශිෂ්‍ය සංගම්වල බලපෑමට යටත්ව වීම විශේෂත්වයකි. හොඳ තත්ත්වයේ පවතින විමලා ද සිල්වා නේවාසිකාගාරය මෙවර සිට නවක සිසුවියන් සඳහා වෙන් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබිණි. ඒ අනුව කළමනාකරණ අධ්‍යයන ශාස්‌ත්‍ර, විද්‍යා සහ වෛද්‍ය විද්‍යා යන පීඨවල නවක සිසුවියන් එම නේවාසිකාගාරයට යොමු කෙරිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඊට දැඩි විරෝධය පළ කළහ. ඔවුන් විමලාද සිල්වා නේවාසිකාගාරයට කඩා වැද බලහත්කාරයෙන් එය අල්ලා ගැනීමට සුදානම් වන බවට පරිපාලන අංශවලට තොරතුරු ලැබිණි. මේ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරීන් කැඳවා පරිපාලනය සාකච්ඡා කර ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට එකඟතාව පළ කළේය. ඒ මහල් හතරකින් යුත් විමලාද සිල්වා නේවාසිකාගාරයේ මහල් දෙකක් ජ්‍යෙෂ්ඨයන් සඳහා වෙන් කිරීමටය. එම මහල් දෙකේ සිසුවියන්ට සෝරත, ධර්මපාල සහ සෝරත ධර්මපාල යන නේවාසිකාගාර තුනට මාරු වන ලෙස පරිපාලන අංශ විසින් දන්වන ලද්දේ ද ශිෂ්‍ය සංගම් හරහාය. ශිෂ්‍ය සංගම්වල දැනුම් දීමට අනුව නේවාසිකාගාර මාරු කිරීමට සිසුවියෝ එකඟ නොවූහ. ඉන් පසුව පරිපාලන අංශ නවක සිසුවියන්ගෙන් කළ ඉල්ලීමට එකඟ වූයේ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පීඨවල සිසුවියන් පමණි. කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල සිසුවියෝ නේවාසිකාගාරය මාරු කිරීම ප්‍රතික්‍ෂේප කළහ. එම නිසා එම අදහස අත්හැර දැමීමට පරිපාලන අංශවලට සිදු විය.
ඉන් පසුව සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලට ජ්‍යෙෂ්ඨ සිසුන් ඇතුළත් කළ යුතු යෑයි කියමින් ශිෂ්‍ය සංගම් පරිපාලන අංශවලට බලපෑම් කිරීමට පටන් ගත්තේය. මෙලෙස එල්ල වන බලපෑම් නිසා පරිපාලන අංශ කළේ සිසුන් 56 දෙනෙක් වෙනත් නේවාසිකාගාරයකට යෑවීමය. එහි පහසුකම් නැති බව පවසමින් පසුදින සිට යළි පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට පටන් ගත්තේය. මෙම බලපෑම් හමුවේ යළිත් අසරණ වූ පරිපාලනය මෙම සිසුන් 56 දෙනා යුරෝලංකා නේවාසිකාගාරයට යෑවීය. මේ වන විට එහි දැඩි තදබදයක් පවතී.
මේ අතර සිසුන්ගේ බලපෑම නිසා සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලටද අමතර සිසුවියන් විශාල පිරිසක් යොමු කර තිබේ. එහෙයින් සය දෙනකුට පහසුකම් ඇති කාමරවල සිසුවියන් අට දෙනකු බැගින් දමා ඇත. මෙම තත්ත්වය මත සිසුවියන්ට පැදුරු දමා බිම නිදා ගැනීමට සිදු වී තිබේ. කාමරයේදී අධ්‍යයන කටයුතු කිරීමට හැකියාවක් නැත.
පසුගිය දිනයක තවත් අපූරු සිද්ධියක් වාර්තා විය. ඒ මහාචාර්ය ඩබ්ලිව්. එස්. ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවති උළෙලය. එය සංවිධානය කළේ ශිෂ්‍ය සංගමය. ප්‍රධාන ආරාධිතයා උපකුලපතිවරයාය. තවත් දෙදෙනෙක් ආරාධිතයන් ලෙස එම අවස්‌ථාවට එක්‌වුහ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නය. අනෙක් පුද්ගලයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සුජිත් කුරුවිටය. මේ පුද්ගලයන්ගේ දේශන අසන්නට නවකයන් එම ස්‌ථානයට ගාල් කර සිටිනු දුටු තමන් මහත් කම්පාවට පත්වූ බව එහි සිටි ආචාර්යවරයෙක් අප සමග පැවසීය. එම උළෙල අවසන් වන තෙක් නවකයන්ට එතැනින් ඉවත් වීම තහනම් කෙරණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවල නවකයන්a එදා එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් බඳවා ගෙන බලහත්කාරයෙන් යුද පුහුණුව දී යුද්ධයට යෑවූ ළමා සොල්දාදුවන් හා සමාන යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක් නොවේ. නවකයෝ එතරම්ම කායික හා මානසික පීඩාවට ලක්‌වෙති.
ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙතරම් බඩපිනුම් ගසමින් නවකයන් පීඩාවට පත් කරන්නේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශවල නිවට නියාලු ප්‍රතිපත්ති නිසාවෙනි. විශ්වවිද්‍යාලය අද පාලනය කරන්නේ පරිපාලන අංශද නැතහොත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද යන්න පවතින පැහැදිලි ගැටලුවකි. විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යටත් වී සිටින්නේය හැඟීම කා අතරත් පවතී. කණගාටුව නම් නවකවදය දෙන ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ බලයෙන් උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් සියලු උපකුලපතිවරුන් සන්නද්ධ කරනු ලැබ තිබියදීත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාව භීතියෙන් වෙව්ලමින් කඳුළු සැලීමය.
නිලන්ත මදුරාවල
යොමුව : දිවයින ඉරිදා සංග්‍රහය (21-09-2009)
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

5 comments:
ඔය යුනිවසිටි වල සද්ද දාන එවුන් පිට ඇවිත් සද්ද දාන් නෑ නේ... ඇතුලෙ විතරයි... ඕකුන්ගේ ඇ:: තලන්න ඕන
September 21, 2009 7:15 AMඔය ආනන්දෙයි නාලන්දෙයි කෙරුමොත් ඕවට යනවා නේද ? උනුත් කරබාගෙන බලන් ඉන්නවද ජෙප්පො පිස්සු නටනකං ?
September 21, 2009 9:00 AMනවකයන්ට තියෙන්නෙ පොඩි collection එකක් දාලා, order එක බාර දෙන්න. ඕක ඇතුලෙ ඉන්න චන්ඩි දෙතුන් දෙනෙකුට එලියෙදි අල්ල රැග් එකක් දෙන්න. ගානක් වියදම් උනත් පාඩු නැහැ. ඔහොම එවුන්ට උන් දන්න බාසාවෙන් කියන්න ඕනෙ.
September 21, 2009 10:40 AMඅලුත් පිට රැග් වෙලා උපකුලපති ලඟටත් ගිහින් පැමිණිලි කරන එවුන්ම තමයි ඊලඟ අවුරුද්දේ තදටම රැග් කරන්නේ, ඒක තමයි මුලින්ම වෙනස් කරන්න ඕන
September 21, 2009 2:58 PMමේවා ගැන නම් කතා කරල වැඩක් නෑ මල්ලි!
October 3, 2009 8:08 AMඕකුන්ට සිංහල තේරෙනව කියලයැ...
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.