කාලෙකින් ලියන්නත් බැරි වුණු එක ගැන හිතටත් දුකයි. ඒත් මොනවා කරන්නද, කැම්පස් ගියානම් ඉතින් වැඩ කරන්නත් එපැයි. දැන් අපි කැම්පස් ගොහින් මාස තුනකට ටිකක් වැඩියි. මේ කාලය තුළ ලබපු අත්දැකීම් ප්‍රමාණය අප්‍රමාණයි. හොඳ, නරක, ප්‍රියජනක, අප්‍රියජනක, ආතල්, චාටර් ඔක්කොම විදි වල අත්දැකීම් අති විශාල ප්‍රමාණයක් එක පිට එක ලැබුණු මේ කාලය මගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී එකක්.
මේ කාලයේ අපි කරපු වැඩ ගැන කියන්නත් එක්ක අපි බ්ලොග් එකකුත් පටන්ගත්තා. තාමත් වැඩ කටයුතු අවසන් නැති වුණත් ඒ වියුණ කියෙව්වොතින් ඔබට අපි ගෙවන ජීවිතය ගැන හොඳ අදහසක් ලබාගන්න පුලුවන් වෙයි. අනිත් හැමදෙනා වගේම අපිත් සරසවි ජීවිතය පටන්ගත්තෙ හරිම කලබලකාරී විදියකට. ඒ මොකක් නිසාද කියලා දන්නවා නේ? මේ කලබලයට විරුද්ධව මා කලින් ලියපු ලිපි දැකලා ඇතැමුන්ගේ හිත් ගොඩාක් රිදුණා. නමුත් ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ කාලයේ මම ලිව්ව "සරසවිය, මම සහ අපි" කියන ලිපියට ලැබුණු ප්‍රතිචාර කියවනකොට දැන් මටම හිනා.
අපි විශ්ව විද්‍යාලය තුළ ගතකරපු මාස තුනකට අධික කාලය තුළ අපි කළ දේවල් වලින් වඩාත්ම ආඩම්බර වන කරුණ මොකද්ද කියා විමසුවොත් කියන්නට තිබෙන දේ තමයි "නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිට, ඍජුව කටයුතු කිරීම" යන්න. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම ඉතාම අමාරු වැඩක්. ඒකට දැඩි අධිෂ්ඨානයක් වගේම ප්‍රබල කැපවීමකුත් තියෙන්න ඕනෙ. මොකද නිකන් සුළඟට අහුවෙලා ගහගෙන යන කොළයක් වගේ පිරිස යන අතට යන්නට මෙහිදී අපට ඉඩ නොලැබෙන නිසා.
ආපහු පරණ කතන්දරයමයි, වෙනසක් නෑ.
නවක වදය කියන්නෙ මාසෙකට දෙකකට විතරක් සීමා වන දෙයක් කියලයි මම මුලින්ම හිතාගෙන හිටියෙ. ඒත් ගැඹුරින් බලද්දි ඒක එහෙම නෑ. රැග කියන්නෙ විශ්ව විද්‍යාලයේ ගෙවන අවුරුදු හතර පුරාවටම ක්‍රමිකව ලක්වන කායික මානසික අපයෝජනයක්. ඒක වෙන්නෙ කොහොමද? ඒකට උදාහරණයක් තමයි පහුගිය බදාදා (28-10-2009) කොළඹදී පැවති ශිෂ්‍ය උද්ඝෝෂණය. පා ගමනින් අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා අතට සංදේශයක් බාරදීමට කියා සංවිධානය කෙරුණු මෙහි පරම අභිප්‍රාය වුණේ නාවල දේශීය වෛද්‍ය ආයතනයට පැන රජයේ දේපළ වලට අලාභ හානි කිරීම වෙනුවෙන් අත් අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්නට කඩේ යාම. මේ ක්‍රියාදාමය සිදු වූ ඔක්තෝබර් 28 වැනිදාට පෙර දිනත් එදින උදයේත් අප විශ්ව විද්‍යාලයේ සිදු වූ ජවනිකා මාලාවත් ඉතා හාස්‍යජනකයි.
පසුදින තමන් කොළඹට දක්කාගෙන යන බව දන්නා වාත පිරිස, පසුදින නවක වද විරෝධී සිසුන් වන අප, දේශන වලට යාම නිසා තමන්ට සිදුවන හානිය මඟහරවාගැනීම පිණිස, අප සමඟ චාටුවෙන් කතාකොට අප ද දේශන වලට යාම නවත්වාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. "අපි මචං කැම්පස් එකේ තියන ප්‍රශ්න ගැන තමයි කොළඹ ගිහින් උද්ඝෝෂණේ කරන්නෙ. අපි ටෝකන් එකක් ඉල්ලලා තියෙන්නෙ. උඹලත් ලෙක්චර්ස් යන්න එපා හොඳේ?" කියා, පෙරදින රාත්‍රියේ කතාකොට ඔවුන් අප හා කීවා. ඔවුන් ඇදබාන බොරුව ගැන මනා වැටහීමක් තිබුණු අප ඊට එකඟ වූයේ නැහැ. පසුදින අප විශ්ව විද්‍යාලයට යන බවත් ඔවුනගේ හේතුව ගැන වැඩිදුරටත් කතා කොට තීරණයක් ගන්නා බවත් අප ඔවුනට පැවසුවා.
පසුදින විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ වීමට පෙරාතුව පැමිණි වාත ශිෂ්‍යයන්, කලින් අපට තග නොදැමූ විලසින් අප හා කතා කරන්නට පටන්ගත්තා. අප විශ්ව විද්‍යාලයේ ආපන ශාලා නිදහසේ පරිහරණය කිරීමට විරුද්ධව, වරක් කුණුහරුප කියාගෙන පැමිණ මහත් කලබැගෑනියක් ඇතිකිරීමට වෙරදැරූ එක්තරා ශිෂ්‍යයෙක් මෙවර "අඩේ මචං" කියාගෙන පැමිණ මහත් වගකීමෙන් සංවාදයක් ඇරඹීමට උත්සාහ දැරුවා. තග දමන විට ද, චාටුවෙන් කතාකරන විට ද යන දෙ අවස්ථාවේදී ම මොවුන් කරන රඟපෑම ගැන හොඳින් දන්නා අප ද සාවධානව ඔවුන් කියන දේට ඇහුම්කන් දුන්නා.
"මචං, අපි මේ උද්ඝෝෂණය කරන්නෙ අරමුණු 3ක් ඇතුව. ඒව තමයි,
1. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය වසා දැමීමට විරෝධතාව පළකිරීමට,
2. ක්‍රීඩා පිටියක් පරිහරණය කිරීම සඳහා වරක් රු.1500 ක මුදලක් අයකිරීමට එරෙහිව
3. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව.
ඔය අරමුණු පමණයි අපිට තියෙන්නේ. වෙන කිසිම සැඟවුණු අරමුණක් නෑ"
"ඔය පිකට් එක කරන්නෙ උදුල්ට කඩේ යන්න නෙවෙයිද?" කියා ඇසූ හැම විටම ඔවුන් ප්‍රකාශ කළේ "අපි උදුල්ට කඩේ යන්නෙ නෑ" යන්නයි. කලින් වාරයක් ද සංවිධානය කොට අසාර්ථක වූ උදුලට කඩේ යාමේ පිකැට්ටුවට තමන් සහභාගී නොවූ බව පවසා අප මුලා කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වූ මේ පිරිස ඉදිරිපත් කළ අනෙක් සටන් පාඨ ද බිඳ දැමීමට අපට ගත වූයේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඔවුන් ඉදිරිපත් කළ සම සෞඛ්‍ය විද්‍යා පීඨ පැනය කලින් ද ඇති තරම් කතා කොට තිබූ එකක් වූ අතර, පසුව එතැනට පැමිණි වාතයෙකු ගේ මුවින්, "මේ පිකට් එකට AHS ප්‍රශ්නය අදාළ නෑ" කියා කියැවීමත් සමඟ බළලා මල්ලෙන් එළියට පැන බොරුව අතේ පත්තු වී මහත් අකරතැබ්බයකට මුහුණදීමට වාත පිරිසට සිදු වූවා. ඔවුනගේ දෙවැනි හේතුවටත් අත් වූයේ එවැනිම ඉරණමක්. පේරාදෙණියේ ක්‍රීඩාංගණ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකය හෝ උපකුලපතිවරයා සමඟ සාකච්ඡා නොකොට ජනාධිපතිවරයා වෙත ගොස් සංදේශයක් බාරදීමේ පදනම කුමක්දැයි විමසී විට ඔවුනට දීමට උත්තරයක් තිබුණේ නැහැ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නැමැති සිය දහස් වර පට්ටගැසූ සටන්පාඨය පෙරට දාගත් විට සියල්ල හරි යැයි සිතන මේ පිරිසට, අප නැගූ ප්‍රශ්න හමුවේ දීමට පිළිතුරක් තිබුණේ නැහැ.
ඔවුන් දිගින් දිගටම කීවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැරදි බවත්, රජයේ විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක් රට තුළ තිබීම වැරදි බවත්. නමුත් එසේ කියන ඔවුන් කිසිවෙකුත්, වසරකට 7000කට අධික ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්, ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට වරම් නොමැතිකමින් විදේශගත වන බවත් ඉන් ශ්‍රී ලංකාවට වසරකට බිලියන 5ක පමණ මුදලක් අහිමි වන බවත් දැන සිටියේ නැහැ. නිදහස් අධ්‍යාපන රටාවට හානියක් නොවන අයුරින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ආරම්ඹ කිරීමට අප එකඟ බව පෙන්වා දීමෙන් පසුන කීමට දෙයක් නොමැතිකමින් සංවාදය අවසන් වී ඔවුන් ආපසු ගියා. එහෙත් සංවාදය අවසන් වන තෙක්ම තමන් උදුල් ප්‍රේමරත්නට කඩේ යන බැව් පිළිගැනීමට ඔවුන් කැමති වූයේ නැහැ. අවසානයේ අපි දේශන වලට ගියා. හිට්ලර් යුදෙව්වන් ප්‍රවාහනය කළ අන්දමින්, බස් රථ වලට නංවා කොළඹට ප්‍රවාහනය කෙරුණු මොවුන් එදින කොළඹ නගරයේ කළ හදිය රාත්‍රියේ රූපවාහිනියෙන් මුළු රටටම විකාශය කෙරුණා. "ශිෂ්‍ය උද්ඝෝෂණය අසාර්ථකයි" යන්න එදින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට ප්‍රධාන පුවතක් වුණා.
කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට, නගරය පුරා දැවැන්ත වාහන තදබදයක් ඇතිකොට, සාමාන්‍ය ජන ජීවිතයට මහත් හානියක් සිදුකොට, කෝටි ගණනක ඉන්ධන හා මුදල් නාස්ති කොට අසාර්ථක උද්ඝෝෂණයක් වෙනුවෙන් පේරාදෙණිය ඇතුලු සෑම විශ්ව විද්‍යාලයකම වාතයන් තම ජීවිතයෙන් දිනක් කැප කළා. මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් එදින රාත්‍රියේ සෑම ප්‍රවෘත්ති ප්‍රකාශයකම දැඩි අප්‍රසාදය පළ වුණා. ජනපතිවරයාට සංදේශයක් බාරදීමට පැමිණි පිරිසට අරලියගහ මන්දිරය දෙසට අඩියක් වත් තැබීමට ඉඩ ලැබුණේ නැහැ. සංවිධාන ශක්තියේ දුර්වලතාව ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අඩියෙන් අඩියට හැලෙන්නට වුණා. අවසානයේ අරලියගහ මන්දිරයට යාමට පොලීයිය අවසරය රැගෙන එන විට උද්ඝෝෂණයට සහභාගි වී පොලිස් බැරියර් බිඳ දැමීමට ලෑස්තිව සිටියවුන්ගෙන් එක් අයෙකු වත් ඉතිරිව සිටියේ නැති ලු!
විශ්ව විද්‍යාලයට ඉතා දුකසේ ඇතුළත්ව කරන්නේ මෙය දැයි සෑම මාධ්‍යයක්ම එදින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් විමසුවා. "...අවසානයේ ශිෂ්‍ය නියෝජිතයන්ට සිදු වූයේ තම පටු දේශපාලන අදහස් තම සගයන්ටම දේශනා කොට විසිර යාමටයි" ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් උද්ඝෝෂකයන්ට කණේ පහරක් ලබා දුන්නා. "තම සගයා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට පැමිණි" කියා විශේෂණ පදයක් ද එදින උද්ඝෝෂණයට පැමිණි සිසුනට හිමි වුණා. තමන් කිසි විටෙක උදුල් ප්‍රේමරත්නට කඩේ නොයන බැව් පැවසූ අපේ වාත සොයුරන්ට දැන් කීමට ඇත්තේ කුමක්ද?
ඒවාට පිළිතුරු ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතයි...
අතළොස්සකගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අහක සිටි අපට ද නින්දාවන්ට මුහුණදීමට සිදුවුණා. පසුදින බස් රථයේ එන විට, උද්ඝෝෂණය සම්බන්ධයෙන් මහජනතාව දරන අදහස් ගුවන් විදුලියේ විකාශය වුණා. සරසවි සිසුන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් සෑම දෙනාගේම බලවත් අප්‍රසාදය හා කළකිරීම ප්‍රකට වුණා. බස් රථයේ සිටි බොහෝ දෙනා, විශ්ව විද්‍යාල සිසුන් ලෙස පහසුවෙන් හඳුනාගත හැකි අප දෙස පුදුමයෙන් මෙන් බලන්නට වුණා. අපට සිදු වූයේ කිසිවක් නොදන්නවාක් මෙන් වටපිට බැලීමටයි. කිහිප දෙකෙකුගේ අතකොළු බවට පත්ව ඇති වාතයන්ගේ මෙවන් දුර්ජන ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අපහසුතාවයන්ට පත් වන්නේ විශ්ව විද්‍යාලය නියෝජනය කරන අප සැමයි.
මේක තනිකරම සිසුන් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් කරපු උද්ඝෝෂණයක් බව හෙළිවුණේ පහුවදා, ඊට සහභාගි වූවන් අප හා කළ කතාබහෙනුයි. කලින් දා සිදු වී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ වාත ශිෂ්‍යයන් අතරත් තිබුණේ බලවත් අප්‍රසාදයක්. ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමේ දැඩි බලපෑමක් ඉහළින් එල්ල වන නිසා නොවන්නට මෙවන් කාලකණ්ණි පිකැට් වලට කිසිවෙක් සහභාගි වන්නේ නෑ. ඒ බව ඔවුන් කෙළින්ම කීවා. රැග් එක යන්න අවුරුදු 4 පුරාවටම විඳින්න සිදුවන වද බන්ධනයක් කියා මම කියන්නේ මෙවන් පදනමක් තුළ ඉඳගෙනයි.
උද්ඝෝෂණය වෙනුවෙන් "ටෝකන් එකක්" ඉල්ලා ඇති බව ඔවුන් කීවේ කලින් දිනයේ සියමයි. මෙම වාතයන් ඉල්ලන "ටෝකන්" වලට විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් ලැබෙන ප්‍රතිචාරය ප්‍රකට වූයේ එදින, ඉංජිනේරු පීඨ පීඨාධිපතිතුමා ම කළ නියෝගයකින්මයි. ඒ තමයි එදිනට නියමිතව තිබූ විභාගයක් එදින අනිවාර්යයෙන්ම පවත්වන ලෙස ඔහු කළ නියෝගයකින්. යම් හෙයකින් එදින යම් ශිෂ්‍යයෙකු නොපැමිණියේ නම් වෛද්‍ය සහතිකයක් රහිතව ඔහුට නැවත විභාගයට පෙනී සිටීම තහනම් කර තිබුණා. බොහෝ සිසුන් එදින් පැමිණ නොසිටි නිසා විභාගය පැවැත්වීම සුදුසු නොවන බව අප ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශ කළත් පීඨාධිපතිතුමාගේ නියෝගයට පිටින් යාමට ඔවුනට හැකියාව තිබුණේ නැහැ. අවසානයේ අපට එම විභාගයට ඉදිරිපත් වීමට සිදු වූයේ එදින ඊට ඉදිරිපත් නොවීමෙන් පත්විය හැකි අපහසුතාව සැලකිල්ලට ගෙනයි. පසුදින මෙය ඇසූ එක් වාත ශිෂ්‍යයෙකුගේ මුවින් පිට වූයේ "ඕන් බලපන්, ටෝකන් එකක් ඉල්ලලා අපිට වෙච්ච දේ...."
උදුල්ට කඩේ යාම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා පාලනාධිකාරියේ ප්‍රතිචාරයයි ඒ...
ඇතැමුන්ගේ නොහොබිනා ක්‍රියාවන් නිසා අප සැමගේ නම විනාශ වීමත්, මෙම නොහොබිනා ක්‍රියාවන්ට අනුබල නොදෙන, ඊට විරුද්ධ වන පිරිසක් සිටින බව බොහෝ සාමාන්‍ය ජනයා නොදැන සිටීමත් ගැන මට නම් තියෙන්නේ බලවත් කණගාටුවක්. අද (31-10-2009) දිනයේ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බස් රථ කිහිපයකට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය වල සිරස්තල ලෙස පළවන මෙම ප්‍රවෘත්ති ගැන අප කතාකිරීමත් ඇතැමුන්ට අනුව වැරැද්දක්. මෙවන් කරුණු නිර්දය ලෙස විවේචනය කිරීමෙන් හෝ නිවැරදි කරගැනීමට හැකියාවක් ඇත්තම් එය ඉතා වටිනා කර්තව්‍යයක්.
මා සමඟ මූණු පොතේදී වාදයට පැටලුණු එක්තරා වාතයෙක් වරක් ප්‍රකාශ කර සිටියේ විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට අපට ශක්තියක් නොමැති බවයි. ඔහුට අනුව, විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට ඇති එකම සුදුසුකම නම් නවක වදය නැමැති කායික, මානසික අපයෝජනයට ලක්වීමයි. මීට මාසයකට පෙර අතවරයට, අපයෝජනයට හා ලිංගික හිංසනයට ලක් වූවෙකු ලෙස ඔහු එවැන්නක් ප්‍රකාශ කිරීමත් ඉතා හාස්‍යජනකයි. සිංහලයා යනු දවස් 7ක් යන්නට මත්තෙන් සියල්ල අමතක වන්නෙකු ලෙස මීට මාස කිහිපයකට උඩදී මිය පරලොව ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් දී තිබූ නිර්වචනය එම වාතයා විසින් සත්‍යාපනය කර පෙන්වූවා. ඔහුට එදා මම දුන්න පිළිතුර මම අද එලෙසින්ම මෙහි පළකරන්නම්:උඹ කියනවා මම කැම්පස් කල්චර් එක දන්නෙ නෑලු. උඹ කියන කල්චර් එක රැග් එක නම් මම කෙළින්ම කියනවා, මම ඔය කල්චර් එකට අනුගත වෙන්නෙ නෑ. මම ඕකට ප්‍රබල විදියට විරුද්ධයි. රැග් සංකල්පය සෛද්ධාන්තිකවම වැරදියි. මම ඒ බව මම ලියපු ලිපි වල පෙන්නා දීලා තියනවා. කියවලා ඇති නොවැ? මතක නැත්තම් ආපහු කියවන්න. උඹ කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයිලු. උඹ කියන විශ්ව විද්‍යාල මානවකයා සාමාන්‍ය පිළිගත් මානව සම්ප්‍රදායන් කඩකරන, මූලික මිනිස් අයිතිවාසිකම් වලට නිගරු කරන, කාගෙවත් කීමට බෝඩ් ලෑල්ලක් උස්සාගෙන ගිහිල්ලා ලිප්ටන් වටරවුමෙ කෑගහන අන්තවාදී දේශපාලන අතකොලුවක් නම් මම කෙළින්ම කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයි. මට සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුණාම හොඳටම ඇති. තවත් එක දෙයක් කියන්න තියනවා. උඹල සහ අපි අතර තියෙන්නෙ වෙනස්කම් දෙකයි. ඒවා තමයි,
මම හිතන්නෙ මට කියන්න තිබෙන හැම දෙයක්ම ඒ තුළ තිබෙනවා. ඒ වගේම තවත් දෙයක්. ඔහු නැවතත් විමසුවා මට කලින් ලිපි ලියන්නට පාදක වුණු මූලාශ්‍ර මොනවාද කියා. ඉන් පෙනෙන්නේ විනිවිද පෙනෙන සත්‍යය හමුවේ ඔවුන් පත්ව තිබූ අපහසුතාවයි.
ඔය දෙක හැරුණුවිට වෙන කිසිම වෙනසක් අපි අතර නැහැ. උඹලා ගොඩනගාගෙන තියන අනිත් හැම දෙයක්ම හුදු මනස්ගාත. ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ.
ඔන්න ඔහොමයි ඉතින් ඔවුන්ගෙ තත්ත්වය.
තවත් කියන්න දේවල් ගොඩක් තිබුණත් එක්වරම හැමදේම කියන්න විදියක් නෑ නොවැ. පුලු පුලුවන් වෙලාවට සටහනක් දෙකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් අදට සමුගන්න අවසරයි...
ආ.. ආයෙත් කියන්න ඕනෙ මේක. අපි කරපු දේවල් දකින්න නම් මේ අඩවියට පිවිසෙන්න.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්‍රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

10 comments:
එළ
November 1, 2009 6:18 AMඔබ ලියන ලිපි වලින් විශ්ව විදියාලයේ කීර්ති නාමයට හානි වන බවට ඇතැමුන් දොස් නැගුවා ඔබට මතක ඇති!
November 1, 2009 7:31 AMඑම පදනම් විරහිත තර්ක වලට පිලිතුරු, මේ දිනවල විද්‍යුත් මධ්‍ය වලට සවන් දෙන ඕන් කෙනෙක් ට වැටහෙන්න ඕන!
වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වූ කලී, සිසූවාගේ කායික, මානසික හා අධ්‍යාත්මික සියලූ සංකල්පයන් දැවැන්ත බිදවැටීමකට ලක් කරන්නාවූ ස්ථානයකි. මෙවැනි ආයතනයකින් පිටවන උපාධිධාරියා තුල ඇත්තේ හුදු තාර්කිත බුද්ධියක්මැ පමණක් වන අතර, එයින් එහාට ගිය අධ්‍යාත්මක දියුණුවක් නොමැති මෙවැනි හිකනළුන්ගෙන් මවූබිමට කවරනම් සෙතක් වේද?
November 1, 2009 9:35 AM.....කොටි ත්‍රස්තවාදේ නම් ඉවර උනා.අනේ අපොයි දෑන් පින්තුර පෙට්ටිය බලනකොට හිතෙනවා ආයෙත් අලුත් ත්‍රස්තවාදයක් ආයෙත් එන්න දගලන බව නම්..පේනවා.ඊයෙත් ඔන්න අර ජේ.වී.පි කියන මේ රට දෙපාරක් විනාස කොරපු කාලකන්නි ඉන්න මහාඅ සන්ගමේ පේරාදෙනියෙ විස්ව විද්යාලෙ.පොල් මන්ඩලේ වෑඩ කොරාපු මහත්වරුන්ගෙ බස් කීපයක්ම පොඩි කොරලා කියලා ප්‍රවුර්ති වලට කිව්වෙ.89 වගේ ආන්ඩුවෙ බස් ගිනි තියලා නම් නෑ...මුන් ලගදිම කන බව නම් පේනවා..අනේ මුන්ට ....මේ මහතෑන්ගෙ ලිපිය අගේ කොරනව....අනුන්ට හරියනවට කෑමති නෑති සමාජෙටම වයිර කොරන ඉරිසියාකරයො නෙ ඕකුන්.රජයෙ සේවකයො මරලා,මිනිය දනින් උඩට උස්සන්න එපා කියලාඅ,ආන්ඩුවෙ බස් ගිනි තියලා,ලයිට්,ටෙලිපොන් කනු බිදලා හමුදා පොලිcඉ වලට ගෑහුවෙ ඕකුන්නෙ මුන් නිසා තාත්තලා නෑති උන කී දෙනෙක් අද ඉන්නවාද ....අනේ මුන්ගෙ සමාජවාදෙ..උම්බෑ..wahupatta...
November 1, 2009 10:56 AMmekath baluwanam
http://taboosubjects.wordpress.com/2009/10/24/2345/
ඒකනන් නියම කතාවක් තමයි...
November 1, 2009 2:37 PMරටේ සල්ලි වලින් අවුරුදු 13ක් ඉගෙනගෙන, ඊට පස්සෙ කැම්පස් ඇවිත් රුපියල් කෝටි ගානක් වටිනා පාඨමාලා තඹ සතයක් වියදම් නොකර ඉගෙන ගන්න ගමන් රටට වන්දි ගෙවන හැටි තමා ඔය.
කා වෙනුවෙන්ද ඔය කරන්නෙ?
මෙච්චර කාලයක් උගන්නපු රටට ද?
දුප්පත් අහින්සක දෙමව්පියන්ටද?
නැත.
අවුරුදු ගානක් මේ රට කුජීත කරල වලපල්ලට යවපු අවස්ථාවාදී සහෝදර රැලකගෙ න්‍යාය පත්‍ර ඉටු කරන්ට...
ඔය උද්ඝෝෂන කරන එක දවසකට රටට රුපියල් කෝටි ගානක් පාඩුයි. ඉතින් එව්ව ගෙවන්නෙ ඔය සහෝදරයන්ගෙ පොකට් එකෙන්ද?
නැත.
එව්ව ගෙවන්ටත් වෙන්නෙ රටේ දුප්පත් මිනිහට...
ඉතින් ඇයි මුන්ට උගන්නන්නෙ?
අනේ මන්ද.....,
දැන්නන් කැම්පස් කියල කියන්ටත් ලැජ්ජයි!
කො අර රාමචන්ද්‍ර කියන එකයි උගේ හොර ගෑනි වගේ ඉන්න පාලිතයයි.....බ්ලොග් සන්ගමේ එවුන් එකතු වෙලා මුන්ව බදිමු ගොන් කරත්තෙක.....දීපන් ඈවිත් උත්තර.............හොර ජෙප්පො දෙන්නා
November 1, 2009 5:52 PMරැග් එකට නුඹ ඇතුලු බොහෝ දෙනෙක් විරුද්ධ වන්නේ ජෙප්පන් සහ අනෙකුත් මානසික රෝගීන් විසින් එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වධයක් බවට පත්කොට ඇති බැවිනි. එහෙත් දැන් පවතින පරපීඩක කාමුකයන් මෙහෙයවන කාලකන්නි නවකවධය නොවන සුන්දර රැගක්ද විශ්ව විද්‍යාල තුල යම් කාලයක තිබුනි.
November 10, 2009 11:53 AMබංකුවක් උඩට නැග මනෝමය ගිටාරයක් වැයීම, බස් එකක් ලෝඩ් කරන ආකාරය රඟ දැක්වීම ආදී හාස්‍ය ජනක දේවල් පමනක් නවකයන්ට කිරීමට සිදුවිය. නවකයන් සහ ජ්‍යේෂ්ඨයන් මාසයකදී හොඳින් සුහදව මිතුරු විය. ඔබ මෙය ගොන්පාට් රැග් එකක් බවද, මෙවැනි ගොන් පාට නැතිව වුවද ශිෂ්‍යයන් අතර සුහදතාවය ඇතිකල හැකි බවද කියනු ඇත. නමුත් මේ ගොන්පාට් ඉවත් කොට සම්පූර්න ඇන්ටි රැග් පරිසරයක් බිහිකලවිට දන්නා හඳුනන කල්ලි වශයෙන් සෙට් වීම සිදුවේ. මෙය මම කොළඹ විශ්ව විද්‍යාලයේ කලමනාකරන සහ මුල්‍ය පීඨයේදී අත්දැක ඇත්තෙමි.
නමුත් රැග් කරන්නේ නම් එය පාලනය කිරීමට තරම් පෞරුෂයක් සහිත පුද්ගලයන් සිටිය යුතුය.
මම රැග් එක හොඳයයි නොකියමි. එදවස මම රැග් එකට විරුද්ධ වීමි. පලමු වසරේදීද හැකි තරම් රැග් එක කට් කලෙමි. දෙවෙනි වසරේ රැග් එකට සම්බන්ධ නොවුනෙමි. තෙවෙනි වසරේ සිට ගොන්පාට් ඉවත් කලනිසා රැග් එකක් තිබුනේ නැත. දැන් මම සරසවියෙන් සමුගෙන සයවසරකට ආසන්නවේ. ආපසු හැරී බලනවිට පලමු වසරේ මම කට්ටි පැන්නද (සැලකියයුතු වතාවක් රැග් වීමි.) රැග් එක සුන්දර යයි මට සිතේ.වෙසෙසින් සඳහන් කලයුතුව ඇත්තේ රැග් එකට පින් සිදුවීමට මම සමහර මිතුරන් හඳුනා ගත් බවය. සැමදා කාර් එකෙන් කැම්පස් එන සුද්දන්ට නොදෙවෙනි ලෙස ඉංග්‍රීසි බස චතුරව හසුරන විශ්ව විද්‍යාලයට එනවිටම CIMA, CIM, Chartered වැනි වෘත්තීය සුදුසුකම් සැපිරීමට ඉතා ආසන්නව සිටි ශාන්ත තෝමස් වැනි අමුතු පන්නයේ පාසල් ගිය සිසුවන් සමග මා මුහු වන්නේ රැග නිසා බවය.
පෝස්ට් එක ගැන (සුදුසුකම් ලැබුනත් කැම්පස් නොගියකු ලෙස) කියන්න දන්නෑ....
November 17, 2009 1:53 AMඅදාල නැතත් දැනගන්න දෙයක් තියනවා දැනගන්න Animated Tag cloud එක හැදුවෙ කොහොමද කියන්න පුලුවන්ද? (පුද්ගලිකවනම් sahanmw@gmail.com)
මෙන්න මේක කියවන්න:
November 17, 2009 10:11 PMhttp://chamithar.blogspot.com/2009/05/tag-cloud_1046.html
Tag cloud වැඩේ අල ! මම ඔයා දුන්න ලින්ක් එකේ comment කලා පුලුවන්නම් මගේ ඊ-මේල් එක හරහා මාව සම්බන්ද ක‍්රගන්න්න ලොකු උදව්වක්
November 23, 2009 10:50 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.