ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලැවෙන කැළෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්..//
කෙළෙස් මල පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ//
සොයා ආවෙමි පොළෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට
ඇසේ මතුවන..
ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝද බුදු බඳ//
මගේ නෙත සිත මෝහනය කර
මගේ බුදුබව පසක් කර ඇත
ඇසේ මතුවන..
ගායනය: පණ්ඩිත් අමරදේව
2 comments:
one of my favorites too :)
ගීත රචකයාගේ බුදුන් වහන්සේ කෙරෙහි ඇති අපරිමිත ශ්රද්ධාව මොනොවට විදහා පාන ගීතයක්
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.