මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මහා අවුල කියාපාන තවත් නිදසුනක් අද දින ප්‍රදර්ශනය විය. 2008 වසරේ අගෝස්තු මස පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉන් හරියටම මාස 11කට පසුව අද නිකුත් වීමයි ඒ. මාස 11ක්? යනු කොතරම් විශාල කාලයක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙම විභාගයේ ප්‍රතිඵල මුල් වරට නිකුත් කර අන්තර්ජාලයට එක් කෙරුණේ 2009 ජනවාරි 2 වැනි දිනයි. එහි බොහෝ දෝෂ තිබූ බව එම ප්‍රතිඵල විශ්ලේෂනය කිරීමෙන් පැහැදිලි විය. ඒ අනුව ඉතා විශාල සිසුන් පිරිසක් ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් යොමු කළහ. ඒ කොතරම්ද යත් ලක්ෂ 2කින් 46 000 ක් විභාගය සමත් වන විට, 40 000ක් ම recorrection දැමූහ. ඉන් හරියටම මාස 6කුත් එක් දිනකට පසු, එනම් 2009 ජූලි 3වන දින පාසල් වලට, නැවත සමීක්ෂණ ප්‍රතිඵල හොර රහසේ එවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. මෙවර නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල පැමිණි ආකාරයේ ද දක්නට ලැබෙන්නේ අමුතුම ගුප්ත බවකි.
පළමුවෙන් ඒවා එවන බව ජූනි මස අග සතියේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුවත් කෙරිණි. ඉන් දින කිහිපයකට පසු එක් එක් ශිෂ්‍යයාගේ නැවත සමීක්ෂණ ශ්‍රේණි ප්‍රතිඵල පාසල් වලට එවා තිබිණි. ඒවායින් වෙනසක් වී තිබුණා නම් ඒ ඉතාමත් ස්වල්ප දෙනෙකුගේ ප්‍රතිඵල පමණි. මා දන්නා තරමින් මහනුවර දිස්ත්‍රික්කයේම එසේ වෙනසකට භාජනය වී තිබුණේ සිසුන් දෙදෙනෙකුගේ ප්‍රතිඵල පමණි.
බොහෝ දෙනාට මෙය එතරම් පුදුමයක් නොවූයේ මීට අවුරුදු කිහිපයක සිටම ජාතික තලයේ විභාග වල නැවත සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් නොවන තත්ත්වයක් දක්නට ලැබුණු බැවිනි. ඉන් තවත් දින කිහිපයකට පසු, එනම් 2009 ජූලි 2 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කෙරිණි. ඒවාට අනුව විශ්ව විද්‍යාලයේ යම් පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් ලබතැයි අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුට ඒවාට ඇතුළත් විය නොහැකි තත්ත්වයක් උද්ගත විණි. (ඊට මා ද අයත් විය. මේ මගේ අත්දැකීමයි). අපූරුම නාටකය රඟදැක්වුණේ පහුවැනිදා (03/07/2009) උදේ කාලයේදී ය. කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක සෑම පාසලකටම 2008 උසස් පෙළ විභාගය වෙනුවෙන් දෙවන වරටත් ප්‍රතිඵල ලේඛනයක් ලැබී තිබිණි. වෙනදා සිදුවන්නේ නැවත සමීක්ෂණය මගින් වෙනස් වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් පාසලට දැන්වීම ය. නමුත් මෙවර පාසලට ලැබී තිබුණු ලේඛනයක් විභාගයට මුහුණදුන් සියලුම සිසුන්ගේ ප්‍රතිඵල අඩංගු විය. මෙහි විශේෂත්වය වූයේ සෑම සිසුවෙකුගේම ප්‍රතිඵල වෙනස් වී තිබීමයි. ඇතැමුන්ගේ Z ලකුණු 0.1, 0.15 තරම් විශාල අගයන්ගෙන් වෙනස් වී තිබිණි. Z අගය 0.0001කින් ශිෂ්‍යයෙකුට විශ්ව විද්‍යාලයට ඇතුලු වීමේ වරම හිමි/අහිමි වන තත්ත්වයක් තුළ 0.1ක් කියන්නේ කොතරම් විශාල ප්‍රමාණයක් දැයි ඔබට වටහාගැනීම අපහසු නොවනු අත.
මෙම නාටකයේ තවත් ජවනිකාවක් වශයෙන් අද දින (09/07/2008) උසස් පෙළ ප්‍රතිඵල දෙවන වරටත් අන්තර්ජාලයට එක් කර තිබිණි. (මෙතැන ඔබන්න) විභාගය පැවතී දැන් මාස 11කුත් ඉක්ම ගොස් ය. නියම ප්‍රතිඵල නිකුත් වන්නේ දැන් ය. කලින් අන්තර්ජාලයට එක්වූ ප්‍රතිඵල දේශීය හා විදේශීය වශයෙන් කොතරම් භාවිතා වන්නට ඇත්ද? එසේ භාවිතා වූ පසු දැන් එම සිසුන්ට කළ හැක්කේ කුමක්ද? පුදුමය නම් මේ සියල්ල රටේ අවධානය යොමු නොවන පරිදි, ඉතා හොර රහසේ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබීමයි.
විභාගයට මුහුණ දුන් සිසුන් සියල්ලගේම ප්‍රතිඵල එකවර වෙනස් වූ වෙනත් කිසිදු අවස්ථාවක් මා මේ වනතුරු අසා තිබුණේ නැත. මෙහි වඩාත්ම ශෝචනීය පැත්ත නම් මෙම වෙනස් වීම හරහා තිබූ ලකුණුත් අහිමි වූ සිසුන්ගේ තත්ත්වයයි. මා ඇසූ පරිදි මා ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා වැදගත් පාසලක ශිෂ්‍යාවකගේ දිස්ත්‍රික් කුසලතාව 86 සිට 94 දක්වා අඩුවී තිබිණි . මහනුවර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ 93න් දෙනෙකි. ඉහත සඳහන් ශිෂ්‍යාවට වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ වරම් අහිමි වී ඇත්තේ ලකුණු 0.0005ක පමණ පරතරයකිනි. මීට පෙර කිසි දිනෙක මෙවන් ආකාරයට දිස්ත්‍රික් කුසලතාවයන් වෙනස් වූයේ නැත. මෙවර වෙනසට හේතුව හැම ශිෂ්‍යයෙකුගේම ලකුණු වෙනස් වීමයි. අඩු තරමින් නැවත සමීක්ෂණයට අයදුම් නොකළ සිසුන්ගේ පවා ලකුණු වෙනස් වී තිබේ. එසේ සිදු වන්නේ අදාළ විෂය සඳහා රටේම සාමාන්‍යය වෙනස් වීම නිසා වුවද මීට කලින් එසේ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැත.
ඒ අනුව පෙනී යන්නේ මෙවර අවසාන වශයෙන් නිවැරදිව ප්‍රතිඵල නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළද එය සිදු වූ ආකාරය ඉතා දීර්ඝ මෙන්ම අවිධිමත් බවයි. වෙනදා මාර්තු මාසය වනවිට නිකුත්කරන නැවත සමීක්ෂණ ප්‍රතිඵල ජූලි මාසය දක්වා කල් යාම තුළ මෙරට බොහෝ දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය අඳුරේ වැටී තිබේ. එය ඔවුනගේ ජීවිතය පුරාවටම බලපාන්නක් බවට පත්වීමට ද ඉඩ ඇත. හැමදාමත් සිදුවන පරිදි අදත් බලධාරීන් නිහඬ ය.
අවසාන වශයෙන් අපට අසන්නට ඇත්තේ "කවුද මේවට වගකියන්නේ?" යන පැනයයි.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

5 comments:
ඕක වුණේ පලමු පාරම නොවෙයිනේ මචෝ, අපි ලියද්දී ආතල් ඒකට එහෙම වෙන්න කියලා ලිව්වාට අපිටත් ඒකම වෙයි කියලා කවුද හිතුවේ!
July 10, 2009 4:05 AMඉතිහාසයේත් අත්වැරදීම් වලිනුත් පාඩම් ඉගෙන ගන්නේ නැති අයත් මේ අභාග දේපාර්තමේත්තුවත් වග කියන්න ඕනේ. ඇත්ටම විකාරයක් වගේ නෙමේද? මට නම් ඉතිං ඔය Update ඒකෙන් වෙන සෙතකුත් නෑ. වුණත් පරක්කුයි හොඳටම යාවත්කාලීනය දෙන්න. ඔය වැඩ හින්දා අන්තිමේ විදේශ රටක විශ්ව විද්‍යාලයට අයදුම්කරන අයයි "චා" වෙන්නේ.
මගුලක් මළම මගුලක්, ඔය ගැන කතා කරල වැඩක් නැ අධ්‍යාපන ඇමතිටත් ගානක් නැති හැටි
July 10, 2009 9:32 AMප්‍රවෘත්ති වලට මේ දැන් කිව්වේ අධ්‍යාපන ඇමති කිව්වලු සාධාරනය ඉෂ්ඨ කරනවා කියල. දැන කාලෙක ඉදන් මේ අය කරන්නේ අශ්වයා ගියාම ඉස්තාලේ වහන වැඩ. අන්තිමේදි වෙන්නේ විශ්ව විද්‍යාල වලට ළමුන් ගැනීම තවත් ප්‍රමාද වෙන එක. ඊලඟට වෙන්නෙ විශ්ව විද්‍යාල වල කාල සටහන් තවත් අවුල් වීම. නැත්නම් ප්‍රමාණයට වඩා ළමුන් අරගන විශ්ව විද්‍යාල වල තවත් අවුල් හැදීම ( ළමුන් ගන්න එක හොඳයි ඒත් පහසුකම් එක්ක ) ගුරුවරුන් වර්ජනය කරද්දි ඒක විසදනවා වෙනුවට තර්ජනය දාලා මේ අය වීරයො වෙනවා අන්තිමට වන්දි ගෙවන්නේ ළමයි.
July 10, 2009 12:18 PMපිස්සු යක්කු ටිකක්.
July 10, 2009 4:26 PMදැං විභාග කීයක් වන කළාද ?
විබාග කොමා කියන අර කාලකණ්ණියා දන්නේ තමංගෙ වැරදි වහන්න බොරු බේගල් දෙසා බාන්න විතරයි.
@සුපුන්, පරිස්සමෙන් මලේ මේක දැකලා උඹට මොනා හරි කරොත්? ඔයාට තව තියෙනවානේ එකක් කරන්න.
July 11, 2009 4:24 AMකෝමා කොහොමත් වයසත් එක්ක ෂුවර් නැති වෙන්න අරන් නෙව අපේ මැතිවරණ කෝමා වගේම.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.