නවක වදයට විවිධාකාර අර්ථකථන ලැබේ. එය ශිෂ්ට සමාජය විසින් පිළිකුල් කරන ක්‍රියාවක් බවට විවාදයක් නොමැත. නමුත් පිළිකුල අභිබවා අතළොස්සකගේ පෞද්ගලික අභිමතාර්ථ ඉස්මතුවීම නිසා ඊට තවමත් ජීවය ලැබී තිබේ. පුදුමය නම් මෙම සරල සත්‍යය අවබෝධ කරගත නොහැකි ශිෂ්‍ය ප්‍රජාවක් අදටත් ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල තුළට ඇතුල් වීමයි. "බුද්ධිමත්" යැයි කියාගන්නා පිරිස හැසිරෙන්නේ මෙසේ නම් එවන් පිරිසකගෙන් අනාගත ලෝකයට ඉටුවනුයේ කුමන ආකාරයේ සේවයක් දැයි වටහාගැනීම අපහසු නැත.
ඇතැමෙකු තවමත් "නවක වදය" යනු නීති විරෝධී ක්‍රියාවක් බව වත්, ඊට සහභාගි වීම හෝ අනුබල දීම වසර දෙකේ සිට දහය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් බවත් දන්නේ නැත. මේ "පුහු බුද්ධිමතුන්" සිතා සිටින්නේ විශ්ව විද්‍යාලය යනු වෙනම ලෝකයක් බවත් බාහිර සමාජය හා එය අතර සම්බන්ධයක් නැති බවත් ය. නමුත් ඔවුන්ට සත්‍යය වැටහෙන්නේ විශ්ව විද්‍යාලයෙන් එළියට පැමිණි දිනයි. එවිට ලෝකය ඔවුන් අභිබවා ගොස් ඇති තරම දුටු විට ප්‍රමාද වැඩි ය.
පහත දැක්වෙන්නේ මෙම වසරේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුල් වන සිසුන්ගේ දෙමාපියන් හට පීඨාධිපතිවරයා කරන සිහිකැඳවීමයි. නවක වදය යනු සාධාරණ ක්‍රියාවක් බවට තවමත් කියන අයවලුන්ගෙන් අපට විමසීමට ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට දිය හැකි පිළිතුර කුමක්ද යන්නයි.පහත දැක්වෙන්නේ විශ්ව විද්‍යාලය තුළදී තමා නවක වදය ආශ්‍රිත කිසිදු ක්‍රියාවකට සහභාගී නොවන බවට කරන ප්‍රකාශයයි. නවක වදය යුක්ති සහගත යැයි කියන පුද්ගලයන්ට ද විශ්ව විද්‍යාලය තුළට පැමිණීමට සිදුවන්නේ මෙම ප්‍රකාශයට අත්සන් තැබීමෙන් පසුව වීම දෛවයේ සරදමක් බඳු ය. එවන් එක් අයෙකුට හෝ, තමා මීට එකඟ නොවන බවත්, එහෙයින් මීට අත්සන් නොතබා විශ්ව විද්‍යාලය තුළට පිවිසීමට අවශ්‍ය බවත් පාලකයන් හට දැනුම් දීමට කොන්ද පණ නොතිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් ද ලෝකයට විහිළු සපයන්නන් බව මිස අන් කවරක්ද?
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ පීඨාධිපතිගෙන් නවක වදයට කණේ පහරක්!
Posted by
Chamitha
Friday, July 10, 2009
Subscribe to:
Post Comments (Atom)

37 comments:
නවක වදය කියන්න හොඳ හෝ නරක දෙයක් කියල මම කියනව නෙමේ. එක අතකට ඔය ඈත පිටිසර පළාත් වල ඉඳන් එන ශිෂ්‍යයො නවක වදය හරහා කොළඹ තියන සමාජ පද්ධතියට යම් විදියකට හුරු වෙනවා. මම හිතන්නෙ නෑ වෙන කිසිම ක්‍රමේකට මේක එයාලට දෙන්න පුලුවන්ද කියල.
July 10, 2009 9:42 PMහැබැයි ඉතිහාසයේදී සිදුවුනු වරප්‍රකාශ් වගේ අයගේ මරණයන් නම් මම නම් අනුමත කරන්නෙ නෑ. ඒව සහමුලින්ම වැරදියි.
අනික මම දන්න ඔය කැම්පස් යන ගොඩක් දෙනා නවක වදය ලබනවට කැමතිය වගේ කියලයි මට නං තේරුනේ. එයාල ඒක දකින්නෙ තමංගේ ජීවිතයට ගොඩක් දේවල් අලුතින් එකතු කරපු දෙයක් විදියට.
නමුත් ඒ කියපු යහපත් දේවල් ජීවිතයට එකතු කරන්න රැග ම ඕනෙ නැහැ නේ? ඊට වඩා සදාචාර සම්පන්න විධි මේ ලෝකෙ නැද්ද? රැග කියන්නෙ කායික, මානසික, අධ්‍යාත්මික හිංසනයක්. ඒ වගේ හිංසාකාරී ක්‍රියාවන් තුළින් යම් එක් යහපතක් සිදු වුණත් ඒ හරහා වෙන අයහපත ඒ වගේ දස දහස් ගුනයක් කියලයි මට හිතෙන්නෙ. වරප්‍රකාශ් මරණය එහි උච්චතම අවස්ථාව විතරයි. නමුත් අප අතරෙ සැඟවී ගිය කතා ප්‍රමාණය අපමණයි. මේ ගැන කලිනුත් සංවාදයක් ගියා. (http://chamithar.blogspot.com/2009/05/blog-post_27.html)
July 10, 2009 9:51 PMඅවසාන වශයෙන් කියන්න තියෙන්නෙ එමගින් මොකක් හරි හොඳක් වෙනව නම් නවක වදය අපරාධයක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයෙ හඳුන්වන්න හේතුවක් නැහැ නේ?
මම නවක වදය අනුමත කලා නෙමේ.. මල්ලි කියන එක හරි.. මේක අපේ ඔෆිස් වල පවා තියන දෙයක්. ඔෆිස් එකක ඉහල තැන සේවය කරන්නන් අලුත් අය එනකං ඉන්නේ ඔවුන්ට කරන්න බැරි තරම් වැඩ දී රස්සාව එපා කිරීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙතුවක් කල් තමන් කෑ කට්ට අනික් අයටද ලබා දීමයි මෙය පැහැදිලිවම ඊර්ෂ්‍යාවකි, සැඟවුන වෛරයකි.
July 10, 2009 10:12 PMවිශ්ව විද්‍යල තුල ඇත්තේද මීට බොහෝදුරට සමාන දෙයකි
ඔව් මාත් නවක වදයට විරුද්ධයි. මට කවුරුත් රැග් කළෙත් නෑ - මම කාටවත් රැග් එක දීලත් නෑ. ගොඩක් අය ඕව කරන්නෙ පොරවල් වෙන්නනෙ - එහෙම නැත්තං අලුත් නැවෙන් 'බඩුවක්' බා ගන්න. තවත් මනුස්සයෙක්ව තේරුම් ගන්න - හඳුනා ගන්න ඒ මනුස්සයට වද දෙන්න ඕන නෑනෙ.
July 10, 2009 10:14 PMනමුත් මේ නීති රීති නිසි විදියට ක්‍රියාත්මක වෙයිද කියල ප්‍රශ්නයක් තිබෙනව.
@අනු:
නවක වදය කියන්නෙ පුංචි සින්දු කෑල්ලක් කියන එක වගේ එකක් නම් ඒකට ගොඩක් අය අකමැති නොවේවි. නමුත් ඒ වගේ දෙයක් උනත් තමන්ගේ කැමැත්තට එරෙහිව බලහත්කාරකම් කිසි විටෙක නොවිය යුතුයි නේද?
http://www.legalserviceindia.com/articles/ragging.htm
July 10, 2009 10:32 PMඔබ අප පීඨයේ සිසුවෙක්ද? මම නම් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ :D
July 10, 2009 11:51 PMනවක වදය අපේ ඒවාගේ නම් නැත. එහෙත් බොහෝ තැන් වල ඇත
July 11, 2009 5:33 AM.
@niroshinie
July 11, 2009 8:27 AMමම කැම්පස් යන්නෙ නෑ. ඒත් ඕකට යන ගොඩක් යාලුවො ඉන්නව එක එක වයස් ප්‍රමාණ වල. එයාලගේ කතාවලින් පේන විදියට එයාල නවක වදය ලැබීමෙන් සතුටක් බලනවා වගේ. මට මේක තේරුම් ගන්න අමාරුයි..
කොහොම නමුත් විශ්ව විද්‍යාලයෙන් මේවගේ දෙයක් කරනවනම් නවක වදය නැතිවෙයි.
නවක වදය වදයක්ම ලෙස පමනක් දකින අයට නොව නිදහස්ව මද්යස්තව සිතන අයට ලියමි.
July 11, 2009 12:57 PMනිර්වචන වලට සිමා නොවී ප්‍රස්නය දිහ බලමු.
පාසල් නීති මගින් පාලනය කර තිබුන හිත් වල තියන තරුන ජවය එලියට දාගන්න විදියක් නැතුව ඉන්න සමාජය ගැන නොදන්න දුර බැහර පලාත් වල ලමයි ( විතරක් නෙවෙයි ) කැMපස් ආවම එයාල දකින දෙවල් නිසා ලොකු පීඩනයකට පත් වෙනවා.සමහරුන්ට තමන් ගැන ලොකු හීන මානයක් පවා ඇතිවෙන්න ගන්නවා.
කොහොම කියුවත් මිනිස්සු හසිරෙන්නෙ තමන්ට ඔනි විදියටයි.. සල්ලි තියන අය බොහොම අඩුවෙන් තමයි තමන්ට පහල කෙනෙක් ගැන හොයන්නෙ බලන්නෙ
ගොඩාක් ලමයි මත් ද්‍රව්ය වලට පුරුදු වෙනව.කවදාකවත් ගෙදරින් පිට නොඉදපු කෞරුත් නැතුව තනි වෙන දුර ඉඩල ආපු ගෑනූ ලමයෙක් හොයන්නෙ තම්න්ව බලාගන්න කෙන්ක්, එකෙන් ප්‍රයොජන ගන්න බලාගෙන ඉන්න මිනිස්සු ඔනි තරම්.
මෙවිදියට ලමයින්ගෙ මානසික තත්වය ගොඩාක් වෙනස් වෙන්න නොදි තමන්ගෙ අලුත් පරිසරයට හැඩගැහෙන්න, අලුත් හැමදෙනම එක්ක යාලුකමක් ගොඩනගාගන්න අපි අද පිලිකුලෙන් කතා කරන රැග් එක එ කාලෙ උදවු වෙලා තියනවලු....ඔය රැග් එක ගැන ටිකක් ඈත කාලෙ කැMපස් හිටපු කෙනෙක්ගෙන් අහුවොත් කියාවි කොයි තරම් දැන් එක වෙනස් වෙලාද කියලා.
මම මෙ කියන දෙ අර මම මුලින් කතව පටන් ගනීද්දි කියපු අයට තෙරෙන්නෙ නතුව ඇති...
ගෙඩර ඉඩල කMපස් එන ,වියදම් කරන්න ඔනි තරම් අතෙ සල්ලි තියන බුද්දි ගොචරව නොව අක්ශි ගොචරව හිතන අය ගැන මාගෙ අනුකම්පාව....!!!!
මම කියපු ඇත කාලෙන් පස්සෙ ආපු දෙශපාලන බලපැම්.....වගෙ දෙවල් නිසා ඔය තත්වෙ කනපිටම හරුනා...අහින්සක තරුන ජීවිත වලට කාලකන්නි සිතුවිලි පොවන්න පටන්න් ගන්නව.ඖරුඩු 20ක් විතර තිස්සෙ මෙ විදියට කැම්පස් වල දෙශපාලනෙ මුල් බහිනවා...රැග් එකෙ අරමුනු වෙනස් වෙනවා. රොස මලක් අතට දීල ජොලියට ගැනු ලමයෙක්ට කමතිය් කියන්න කියන්නෙ නැතුව අහින්සක ලමියින්ගෙ ජීවිතෙ නැති වෙනකල්ම රැග් එක දරුනු වේනව.ඊට පස්සෙ මෙ දෙශපාලනයෙ මුල් ගලවන්න යොදන උපක්‍රමයක් විදියට රැග් එක සම්පුර්නයෙන්ම අයින් කරන්න පටන් ගන්නවා. දැන් අලුතෙන් කැම්පස් එන ලමයින්ට ඊට කලින් හිටපු අයතෙක්ක කතා කරන්නවත් තහනම්...ඊටත් එහ රැග් එකෙ දරුනු කම වගෙම රැග් නිසා විකුර්ති වෙන ලමයින්ගෙ අනුම් බනුම් ඉවසන්න බරුව තවත් පිරිසක් වෙන් වෙල...ඔය වෙන් වෙන පිරිසටම එකතු වෙනව දුප්පත් ලමයෙක්ගෙ හුලගක්වත් වදින්නෙප කියාගන්න දනවත් පන්තියෙ සමහර ලමයි.ඔය විඩියට ටිකෙන් ටික කැම්පස් අතුලෙ සාමන්ය මිනිස් සමජයක් ගොඩනගෙන්න පටන් ගන්නවා.
ඇත කාලෙ කැම්පස් ඇතුලෙ තිබුනෙ වෙනමම විදියෙ "උප" සන්ස්කෘතියක්ලු...එක JVපී එකට බැනර් උස්සපු..........නැත්තන්...ෆැකල්ටි බෙදිලා ගහගත්තු සන්ස්කෘතියක් නම් නෙවේලු.
මෙහෙම යනකොට ලමයි අතරෙ විශ්වසය නැතුව යනව....මනසික විකුර්ති තියන ලමයි හදෙනවා.ලොකුම ප්‍රස්නෙ තම්යි දනුමෙන් පරිපුර්න උගත්
ඉතිරිය පසුවට
July 11, 2009 1:01 PM@ අනූ: මම නම් හිතන්නෙ නෑ වර්තමාන රැග් සංකල්පය තුළ කාටවත් enjoy කරන්න දෙයක් තියනවා කියලා. තමන්ට හිරිහැරයක් කරනවට කවුද ඇත්තටම කැමති? සතෙක් වත් කැමති නෑ නොවැ? කොහොම වුණත් පාලකයන් නිසි පියවරක් ගන්නවා නම් ඔය රැග් එක පිටිපස්සෙ ඉන්න JVPකාරයන්ගෙ බල බිඳෙයි කියල මටත් හිතෙනවා. රටේ 3%ක් වත් ඡන්ද ගන්න බැරි පක්ෂයක් රටේ වැදගත්ම ආයතන පද්ධතියක් වන විශ්ව විද්‍යාල පාලනය කිරීම ඉතාම කණගාටුදායකයි...
July 11, 2009 4:15 PM@ ඇනො: ඔබ කියන කතාවට මම එකඟ වෙනවා. අතීතයේ නවක වදය කිව්වෙ වෙනම දේකට. යම් තැනකට අලුතෙන් ආවම සින්දුවක් දෙකක් කියල පොඩි fun එකක් අරගෙන, කට්ටිය දැන හඳුනගෙන වැඩ පටන්ගන්න කවුද අකැමැති? ඉස්සර වුණේ ඒකනෙ? ඒත් දැන් රැග කියන්නෙ මහා විකෘතියක් නොවැ? සමලිංගිකත්වය හා කුණුහරුප තමයි අද රැග් එකේ අභිමතාර්ථ. මේකෙන් වෙන ප්‍රයෝජනය මොකද්ද?
නමුත් ඔබේ මුල්ම පේළියට විතරක් මම එකඟ නැහැ. නවක වදය වදයක් ලෙස දැකීම තමයි මට හිතෙන හැටියට මධ්‍යස්ථ මතය. කෙනෙකුට යමක් බලෙන් කරවනවා නම් එය අනිවාර්යයෙන්ම වදයක්. ඉස්සර තිබුණා කිව්ව උප සංස්කෘතිය වෙනස් නිසා ඒ තුළ අලුතෙන් එන ළමයෙකුට සින්දුවක් කියන්න දෙන එක යනාදී වැඩ වලට නවක් වදය යන පදය යෙදීම උචිත නැහැ. එයට අපි වෙනත් වදනක් සොයාගත යුතුයි. මන්ද එය වදයක් නොවන නිසා!
@ රුක්ෂාන්: මම ඔබව ටිකක් විතර දන්නවා අයියා:-) ඔව් මම ඔබේ පීඨයෙම තමයි. ඔබේ බ්ලොග් එක මම ඉතාම ප්‍රිය කරන ඒවායින් එකක්. මම ඒ හැම එකකටම කැමතියි, නමුත් අකැමැති එකම දේ ඔබ නවක වදය ගැන දරන මතයට විතරයි. අනිවාර්යයෙන්ම ඒ ගැන නැවතත් හිතා බලන්න. මට හිතෙන විදියට ඔබ වගේ බුද්ධිමත් කෙනෙකුට මීට වඩා මධ්‍යස්ථව හා ස්වාධීනව සිතිය හැකි විය යුතුයි.
To: Chamitha, Rukshan, SBS Weerakoon and all concerned.
July 11, 2009 8:06 PMNo one can force you do anything. Why dont you simply say no.
I guess, most of the first year students follow the ragging instructions from seniors willingly.
During my four years at E-fac, I have only heard about just one student who said NO!
If all freshers say NO, that would be the end of it.
http://kathandara.blogspot.com/
========================================
Sorry the Unicode translater is not wroking right now.
@Chamitha
July 12, 2009 8:51 PMඔබ අකමැති වුනත් මම දරන මතය ගැන මම සෑහීමකට පත් වෙනවා, නමුත් ඔබ පීඨයේ සිසුවෙකු වීමටත් පෙර මෙවැනි ලිපි පළ කිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ
මම නම් මේ කාරණය දකින්නෙ නිදහස් ශ්‍රී ලාංකේය පුරවැසියෙක් විදිහට. මොකද අපේ දෙමාපියන් ගෙවන බදු මුදල් වලින් මේ ආයතන නඩත්තු වෙන්නේ. ඒක නිසා හිංසනයෙන් තොරව අධ්‍යාපනය ලැබීමට ඕනෑම ශිෂ්‍යයෙකුට නිදහස තියෙන්න ඕනෙ. ගහක් කපන පොරව තනන්න තවත් ගහක්ම උදව් වෙනව වගේ ශිෂ්‍යයනේ අයිතීන් උල්ලංඝනය කිරීමට තවත් ශිෂ්‍යයන් කටයුතු කිරීම තමයි මේකෙ ලොකුම අවාසනාව.
July 12, 2009 9:08 PM@ Chamitha
July 12, 2009 10:26 PMමම අදහස් දැක්වූයේ පීඨයේ වසර 4ක අත්දැකීම් සහිතව, ශිෂ්‍යයනේ අයිතීන් උල්ලංඝනය වෙනවනම් රටේ නීතියක් නැද්ද?
තියනවා. 1998 අංක 20 දරණ "උසස් අධ්‍යාපන ආයතන වල නවක වදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත" ගෙනල්ලා තියෙන්නෙ ඒක නිසා තමයි. ඒත් මේකනෙ අයියා. කොච්චර නීති තිබ්බත් පාතාලය තාම ක්‍රියාත්මක වෙනවනේ? ඒ වගේ තමයි කොච්චර නීති තිබ්බත් නවක වදයත් තාම ක්‍රියාත්මක වෙනවා. කළ හැක්කේ දැනුවත් කිරීම මගින් එය පාලනය කිරීම පමණයි...
July 12, 2009 10:44 PMරැග් එක නතිම කරපු කැම්පස් ඩිහා පොඩ්ඩක් බලමු....දන් එවගෙ ගැනු ලමයෙක්ට තනියම යන්න එන්න බැහැ....කාන්තා වසිකිලි වල පවා එ ලමයි ගැන කුනුහරුප ලියවෙලා ( රැග් නැති වුනත් )
July 13, 2009 12:45 AMතමන් ඉගෙනගත්තු පාසලට පන වගෙ ආදරෙ කරපු සන්වර කම හිස මුදුනෙ තියාගෙන ආපු ලමයි දන් අහක් අරල බලන්න බැරි ගානට අඩුම් අදිනවා.....මෙ තරම් දෙමව්පියන්ගෙ මුදල් ගැන .....රජයෙ මුදලින් ඉගෙනගන්න එක ගැන කතා වෙනව නම් රටෙ බුද්දිමත් පරපුරෙ සන්වර කමත් මෙතනඩි කතා කරමු.
පෙරාදෙනිය ගන කතා කරනවනම් දැනටත් රැ 12 ට වුනත් ගැනු ලමයෙක්ට තනියම යන්න එන්න පුලුවන් වාතාවරනයක් පෙරාදෙනිය තියනවා කියල සතුටෙන් මතක් කරන්න කැමතියි.
July 13, 2009 12:47 AMවැසිකිලියක තියා ඩෙස් එකක වත් එක පැන් ඉරක් අදින්නෙ නැතුව ඉන්න පුලුවන් තරම් ස්වයන් පාලනයක් තියන ලමයි ඉන්න ෆැකල්ටි තවමත් පෙරාදෙනියෙ ඉතුරැ වෙලා තියනවා චමිත.
මම මෙ දෙවල් කියන්නෙ ඔය කියන නිදහස විදින ගැනු ලමයින්ව මම දන්න නිසා....
රට පුරා තැන් වලින් ආපු තරැන කන්ඩායමක් ඉන්න තැනක ස්වයන් පාලනය කියන වචනෙ ගොඩාක් බරපතල වචනයක් බව ඔනිම මද්යස්ත චින්තකයෙකුට තෙරෙනවා......
July 13, 2009 12:56 AMඔය ස්වයන් පාලනය කියන දෙ පෙරාදෙනිය ලන්කාවෙ තියන එකම රෙසිඩන්ශල් කැම්පස් එක විදියට ආරවුල් වලින් තොරව තියෙන්න ගොඩාක් උදවු වුනා.
මෙ ලගකදි වුන පොඩි කොලහලයක් ඇරෙන්න පෙරාදෙනිය ඉන්න දස දහසකටට් වඩා වඩි ලමයි ජාති භෙද නැතුව.....බොහොම එකමුතුව ඉන්නවා..JVපී එක කරන්නෙ ලමයින්ගෙ තියන එ එකමුතු කම අයුදයක් කරගන්නෙක පමනයි.මෙතනදි වෙන්න ඔනි JVපී එක ලමයින්ගෙන් ඇත් කරනෙකද නත්තන් රැග් එක නැතර කරනෙකද???
රැග් එක නතර කරනෙකෙන් JVපී එක ලමයින්ගෙන් ඇත් වෙයි කියලා මම නම් හිතන්නෙ නැ. අනික චමිත මම රුක්ශාන් කියපු දෙටත් එකගයි........
July 13, 2009 1:07 AMතවත් දෙයක්....රැග් එක ගැන හො කැම්පස් එකක් තුල දෙවල් ගැන එ තුලම ඉදල නොදැන ඔයා ක්යන සමහර දෙවල් වලින් මට පෙනෙන්නෙ ඔයා ඔය දෙවල් දනගන්නෙ තවත් ඔයා වගෙ අයගෙන් කියලයි.........සමාජයෙ මද්යස්ත මතය නිර්නය කරන්න ඔයාට බැ චමිත...හෙතුව ඔයා මුලු සමාජයම නිදර්ශකයක් ලෙස දකල නැහැ.අනික මෙ මාතෘකාව යටතෙ අදහස් ඩක්වන්න ඔනි පර්ශව කරුවන් ගොඩාක් ඉන්නව.දෙමව්පියන්ගෙ මතය යම්තාක් එලියට එනවා...දෙශපාලනය පත්තෙනුත් එනවා...නමුත් මෙ නිසා වඩිපුරම විදින විදවන ලමයි දරන මතය මද්යස්ත මතය සලකන වෙලාවෙ ඔයාට අමතක වෙලා...මම කියුව ඔය පර්ශව කරුවන්ගෙ අදහස් සමානව හිතලා බලන්න.
ඔයා, යන්නෙ කොහෙද මල්ලෙ පොල්, වගේ කතාවක්නෙ ඇනෝ කියන්නෙ? මම කතා කළේ නෑනෙ ගෑණු ළමයිට පාරෙ යන්න පුලුවන්කමක් හෝ බැරිකමක් ගැන? මම කතාකරන්නෙ අපරාධයක් ගැන. ශිෂ්ට සමාජය පිළිකුල් කරන, ඉස්කෝලෙ ඉඳන් සරසවියට එන අහිංසක ළමයි නිරපරාදෙ මරු තුරුලට රැගෙන යන, බරපතල සමාජ ව්‍යසනයක් ගැන! ඔයා කියන කතාව කොහොමටවත් මෙතෙන්ට අදාළ වෙන්නෙ නෑ. ඔයා කියන කතාව පට්ටපල් බොරුවක් කියන එක අර උඩම තියන, Peradeniya Engineering Faculty එකේ Dean එවපු ලියුමෙ පැහැදිලිව සඳහන් වෙනවා. ඒක ආපහු කියවලාම බලල මට ආපහු උත්තරයක් දෙන්නකො.
July 13, 2009 1:10 AMනවක වදය තුළින් ඔය වගේ සේවයක් විශ්ව විද්‍යාලයට වෙනව නම් එහි පීඨාඪිපති වරයෙක් කියන එකක් නැහැනෙ "සාමාන්‍ය පිළිගත් මිනිස් සම්ප්‍රදායන් කඩ කරන" නවක වදය කියලා?
පුලුවන් නම් දෙන්නකො බලන්න ඒකට උත්තරයක්?
මම මෙ කියන දෙවල් රැග් එක සාදරනිකරනය කරන්න නෙවෙයි...මෙතන ප්‍රස්නය විසදන විදිය බොහොම පටු විදියටයි කරන්නෙ.....එකෙන් වෙන අනිටු විපාක අපෙ ඇස් පනා පිටම මෙ වෙද්දි සිද්ද වෙනවා....
July 13, 2009 1:14 AMමෙව දකින..............මෙවා ගැන සමාජයට කියන්න වෙර දරන විශ්ව විද්යාල සිසුවා ( මම කියන්නෙ JVපී යට කත් අදින්නෙ නැති ශිශ්ය භාවය අහොසි වී නැති ...තමන් ආ අරමුන අමතකව නැති සිසුවා ) සමාජයෙන් ලබන්නෙ ගැරහුම් පමනයි....
ඔයාට මෙ කතා යන්නෙ කොහෙඩ මල්ලෙ පොල් වෙන්න හෙතුව රුක්ශාන් කලින් කියුවා........
July 13, 2009 1:33 AMමම ගැනු ලමයි ගැන කියපු කතාව නිඩර්ශනයක් පමනයි...
රැග් එකෙන් වෙන සෙවයක් ගන මම කියුවෙ නැහැ...
මම කියුවෙ....ඔයත් එකග උන අර එකමුතු කම අතිවෙන්න හෙතුව කුමන විදියකින් හරි නතිවෙලා යන එක ගනයි....
ඔයා කියන කතවෙ හටියට ඔයා එන්න ඉන්නවනම් .......ඉදිරිය නොදක කරන මෙ දෙවල් නිසා සිහින කොදෙව්වක් ඉතිරි වෙන්නෙ නති වෙයි.
මෙතනිදි dean ගැන මම විස්වාසය තියන්නෙ නැ...හෙතුව engineering ෆැකල්ටියෙ ලමයි තවත් (science) ෆැකල්ටියකට ගහන්න තරම් ප්‍රස්නයක් දුර දිග යවන්න *****JVපී කත් කාරයොන්ට**** අමතරව ෆැකල්ටියෙ dean ගෙ තීරන ගැනීමෙ හකියාවයි බව දන්න නිසා....
චමිතට පුලුවන්නම් පෙරාදෙනියෙ මෙ වෙනකල් ඉතුරු වෙලා තියන මම ( අපි ) අත්දකින අර මම කියපු සදාචාරත්මක ස්වයන් පාලනය ( එක සමාජ වියසනයන් පාලනය කරනවා වෙන්න පුලුවන්, එ කියන්නෙ එක මෙ කතාවට ගොඩක් බලපානවා ) ඉතුරු වෙලා තියෙන්නෙ කොහොමද කියලාත් ටිකක් හොයල බලන්න.
July 13, 2009 2:03 AMමතක තියා ගන්න ගොඩාක් වෙලාවට මෙ දෙවල් වලට හවුල් වෙලා වඩ ඔක්කොම අවුල් කරගන්නෙ අහින්සක නොදනුවත් දෙමව්පියන්ගෙ දරුවො......
ඔබ අදහස් දක්වන විලාශය මම අගය කරනවා ඇනෝ. නමුත් මට ඔබේ අදහස් පිළිබඳ ප්‍රබල විවේචන තිබෙනවා. මම ඒවා එකින් එක ඉදිරිපත් කරන්නම්.
July 13, 2009 2:25 PM1. රැග තිබීමයි/නොතිබීමයි හා කාන්තා වැසිකිලි වක කුනුහරුප තිබීමයි/නොතිබීමයි අතර කිසිම සම්බන්ධයක් මා දකින්නේ නෑ. අද කාලෙ බාලිකා පාසලක වැසිකිළියක වුණත් කුණුහරුප ලියල තියනවා. (විවිධ කටයුතු වලට එම පාසල් වලට ගිය වෙලාවල් වල මම ඒවා පෞද්ගලිකව දැකලා තියනවා). අනික මට ඔයා ඔය කතාව කියද්දි හිනා ගියා මේ කතාව මතක් වෙලා. විශ්ව විද්‍යායලෙදි රැග් වෙන්න එන ගැහැණු ළමුන් ලවා කුණුහරුප කියවලා අවර ගණයේ වින්දනයක් ලබන්නෙත් රැග් කරන කට්ටියම නේද? මගේ හොඳම මිත්‍රයෙකුගෙ අක්කා කෙනෙක්ට කුණුහරුප ලියපු කොළයක් දීල කට පාඩම් කරගෙන පිරිසක් ඉස්සරහා කියන්න දීල තිබ්බ වරක්. එයා ඒකෙ තිබ්බ කුනුහරුප වලින් බාගයක් වත් දැනගෙන හිටියෙ නෑලු!
ඉතින් අයියා, රැග් කාපු හා රැග් කරන කෙනෙක් විදියට ඔයාට සදාචාරයක්/සංවරකමක් ගැන කතාකරන්න වත් තියන අයිතිය මොකද්ද කියල මට ඉස්සෙල්ලාම කියන්නකෝ?:D
රැග් කාලෙ රෑට රෑට බෝංචි කඩනකොට රැග් කන හා රැග් දෙන අයට මේ රටේ සදාචාරයක්/සංස්කෘතියක් කියල එකක් තියනවා කියල මතක් වෙනවද? "තමන් ඉගෙනගත්තු පාසලට පන වගෙ ආදරෙ කරපු සන්වර කම හිස මුදුනෙ තියාගෙන ආපු" අයට එහෙම දෙයක් නිකමට වත් මතක් වෙනවද? ;-)
"රජයෙ මුදලින් ඉගෙනගන්න එක ගැන කතා වෙනව නම් රටෙ බුද්දිමත් පරපුරෙ සන්වර කමත් මෙතනඩි කතා කරමු" කියන ඔයා මේවා අනුමත කරනවාද? ඇයි ඔබ සත්‍යය පිළිගන්න ඔය තරම් බය?
2. පේරාදෙණියෙ අවුල් අඩු බව මම පිළිගන්නවා. (නැහැම කියල කියන්නත් බෑ. මම දන්න තරමින් අඩුගානෙ අවුරුද්දකට මහා පාරිමාණයෙ ගුටිකෙළි 2-3ක් වත් ඕක අස්සෙ යනවා) නමුත් ඒකට (සාපේක්ෂව අඩු වීමට) හේතුව රැග කියල ඔබ කියන්නෙ කොහොමද? ඔව ඔය කියන සමීකරණය හැම තැනටම ගැළපෙනව නම් ජ'පුර, කැළණිය වගේ රැග් විමාන වලටත් ඕක හරියන්න එපැයි. ඊයෙ පෙරේදත් කැළණියෙ කොල්ලො ගමේ උන් එක්ක කෙළගත්තෙ එතකොට? ඒ විතරක් නෙවෙයි මම පුවත්පතක කියෙව්වා කැළණිය සරසවියෙ පමණක් අවුරුද්දකට ගබ්සා 60 කට වැඩිය වෙනව කියලා. සාමය, සහජීවනය, සහෝදරත්වය හා සදාචාරය (lol) රැග් එක තුළින් ආරක්ෂා වෙනවා කියන ඔබ මේවට දෙන උත්තර මොනවද?
3. ඔබ කියනවා පේරාදෙණිය කැම්පස් එක ඇතුළෙ ජාති භේද නෑලු. අපොයි, ඒ කියන්නෙ මම දන්න කියන හැම දේම වැරදියි නේ? මම නම් අහල තියෙන්නෙ දෙමළ කොල්ලො ඉන්නෙ වෙනම කියලා (කලාතුරකින් එක්කෙනෙක් දන්නෙක් ඇරුණහම ). ඒ විතරක් නෙවෙයි, සිංහල කොල්ලො වුණත් කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල ආදී වශයෙන් කාණ්ඩ වලට බෙදිලා. මොකද්ද මේ විහිලුව? කැම්පස් එක අස්සෙ ඔහොම නම් රට ගැන කුමන කතාද? හරිම කණගාටුදායකයි. පුදුමය වෙන්නෙ සමගිය, එකමුතුකම ගැන කතාකරන 'රැග්' කට්ටිය අස්සෙම මේ වගේ පහත් පෙළේ භේදයක් තියන එක. ඔබ වැනි අය කවදා මේව අවබෝධ කරගනියිද මන්දා...
"මෙ ලගකදි වුන පොඩි කොලහලයක් ඇරෙන්න පෙරාදෙනිය ඉන්න දස දහසකටට් වඩා වඩි ලමයි ජාති භෙද නැතුව... බොහොම එකමුතුව ඉන්නවා..." මේක ගැන නම් ඉතින් මම මුකුත්ම කියන්න යන්නේ නෑ:D
4. ඔබ කියනවා "JVපී එක කරන්නෙ ලමයින්ගෙ තියන එ එකමුතු කම අයුදයක් කරගන්නෙක පමනයි.මෙතනදි වෙන්න ඔනි JVපී එක ලමයින්ගෙන් ඇත් කරනෙකද නත්තන් රැග් එක නැතර කරනෙකද???" JVPඑක සහ රැග කියන්නෙ එකක්. ඒකට උදාහරණ ඕනෙද? හැමදාම රැග් එකේ ලොකු ලොක්කො ගිහින් නතර වෙන්නෙ JVPඑකේ මධ්‍යම කාරක සභාවෙ නේ? ඒක හැමෝම දන්න සත්‍යයක්. JVPඑක විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බලපෑම් කිරීමෙන් ඉවත් වුණ දාට නවක වදය බොහෝ දුරට අකර්මන්‍ය වෙනවා.
"රැග් එක නතර කරනෙකෙන් JVපී එක ලමයින්ගෙන් ඇත් වෙයි කියලා මම නම් හිතන්නෙ නැ" මට මේක පැහැදිලි නෑ. ඔබත් පිළිගන්නව නේද රැග් එක හා JVPඑක අතරෙ තියෙන්නෙ ඉතාම සමීප සම්බන්ධයක් කියලා?
5. "රැග් එක ගැන හො කැම්පස් එකක් තුල දෙවල් ගැන එ තුලම ඉදල නොදැන ඔයා ක්යන සමහර දෙවල් වලින් මට පෙනෙන්නෙ ඔයා ඔය දෙවල් දනගන්නෙ තවත් ඔයා වගෙ අයගෙන් කියලයි" මම වගේ අයගෙන් කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද? මම අදහස් ගන්නෙ රැග් එක කාපු (මගේ පවුලෙ, මට කලින් පරම්පරාවෙ අයත් රැග් එකට භාජනය වෙලා තියනවා. ඔවුන් ඒ අත්දැකීම් මතක් කරන්න වත් කැමති නෑ!), නොකාපු අයගෙන්, ජනමාධ්‍යවලින් සහ අන්තර්ජාලයෙන්. මම හැම වෙලේම යමක් දැනගත්තම ඒක ටිකක් කල්පනා කරල බලලයි පිළිගන්නෙ. ඉතින් මට හැඟෙන අදහසුයි මම මේ ලියල තියෙන්නෙ.
July 13, 2009 2:25 PMඔබ කියනවා දෙමව්පියන්ගෙ මතයත් මෙතෙන්දි වැදගත් කියලා. අනිවාර්යයෙන්ම! ඒකනෙ දෙමව්පියන්ටම ලියුමක් එවල තියෙන්නේ! ඔයාට පුළුවන් නම් මට කොහෙන් හරි හොයල දෙන්න තමන්ගෙ දරුවට කරදරයක්, හිරිහැරයක්, අතවරයක් වෙනවට කැමති දෙමාපියෙක්? පුළුවන්ද?;-)
6. "මම මෙ කියන දෙවල් රැග් එක සාදරනිකරනය කරන්න නෙවෙයි... මෙතන ප්‍රස්නය විසදන විදිය බොහොම පටු විදියටයි කරන්නෙ.....එකෙන් වෙන අනිටු විපාක අපෙ ඇස් පනා පිටම මෙ වෙද්දි සිද්ද වෙනවා...." අපරාධයක් සාධාරණීකරනය කරනව නෙබෙයි නම් ඔබ ඔය මොකද්ද කරන්නේ? මොකද්ද ඔබ ඔය කියන "පටු විදිය"? මොනවද නවක වදය නැමැති අපරාධයට විරුද්ධ වීමේ අනිටු විපාක? සමාජ සදාචාරය නැතිවෙනව කියල නම් මාව හිනාගස්සන්න එපා ඕං;-) මට එතකොට මතක්වෙන්නෙ බෝංචි කැඩිල්ල හා "කුනුහරුප කියවීම" මයි. හික් හික්...
7. "ඔයාට මෙ කතා යන්නෙ කොහෙඩ මල්ලෙ පොල් වෙන්න හෙතුව රුක්ශාන් කලින් කියුවා" කෝ රුක්ෂාන්ට මම කිව්ව ඒවට තාම හරියට උත්තරයක් නෑනේ?
"රැග් එකෙන් වෙන සෙවයක් ගන මම කියුවෙ නැහැ..." සේවයක් නැති නිසා සේවයක් ගැන කියන්නෙ කොහොමද?
"ඔයා කියන කතවෙ හටියට ඔයා එන්න ඉන්නවනම් .......ඉදිරිය නොදක කරන මෙ දෙවල් නිසා සිහින කොදෙව්වක් ඉතිරි වෙන්නෙ නති වෙයි". තර්ජනය කරන්න එපා. තර්ජනයෙන් වෙන්නෙ ප්‍රතිවිරුද්ධ මතය තවත් ශක්තිමත් වෙන එක විතරයි. ඒ වෙනුවට අදහස් වලින් ගැටෙන්න..!!
"මෙතනිදි dean ගැන මම විස්වාසය තියන්නෙ නැ...". ඒක කෙලින්ම කිව්වට ස්තූතියි. ඔබට වැරදියි කියන්න පුලුවන් ඒත් රටේ ව්‍යවස්ථාවෙන් තහනම් කරපු අපරාධයක් එමගින් සාධාරණීකරනය වෙන්නේ නෑ. 1998 අංක 20 දරන පනතට අනුව නවක වදයට සහයෝගය දැක්වීමත් වරදක්!
8. "පුලුවන්නම් පෙරාදෙනියෙ මෙ වෙනකල් ඉතුරු වෙලා තියන මම (අපි) අත්දකින අර මම කියපු සදාචාරත්මක ස්වයන් පාලනය (එක සමාජ වියසනයන් පාලනය කරනවා වෙන්න පුලුවන්, එ කියන්නෙ එක මෙ කතාවට ගොඩක් බලපානවා) ඉතුරු වෙලා තියෙන්නෙ කොහොමද කියලාත් ටිකක් හොයල බලන්න.
මතක තියා ගන්න ගොඩාක් වෙලාවට මෙ දෙවල් වලට හවුල් වෙලා වඩ ඔක්කොම අවුල් කරගන්නෙ අහින්සක නොදනුවත් දෙමව්පියන්ගෙ දරුවො......"
ඔබේ කතාව ස්ව-ප්‍රතිවිරුද්ධයි (self-contradictory). මුලින් ඔබ කියනවා කැම්පස් එක ඇතුලෙ ස්වයං පාලයනක් තියනවාලු. ඊළඟට කියනවා ඊට අහුවෙලා ළමයින් ඔක්කොම අවුල් කරගන්නවලු. මොකද්ද ඒකෙ තේරුම? ඔබ පෙනී හිටින මතය නෙවෙයිනෙ ඔය? ඕක මගේ මතය;-) රැග මගින් වෙන්නෙ ව්‍යසනයක් පාලනය කරන එක නෙවෙයි ව්‍යසනයක් ඇති කරන එක. ඒක තමයි මම මෙච්චර වෙලාවක් කිව්වේ..!!
මල්ලි ඔයා නම් කාගේ හෝ උවමනාවක් මත මේ ලිපි පළ කරන පාටයි, නැත්නම් පීඨයට ඇතුළු වෙන්නත් පෙර විවිධ කතාන්දර කීමට මෙම ලිපි ලියන්නේ.
July 13, 2009 9:39 PMමොකද මමත් මහනුවර පාසලක සිසුවෙකු ලෙස පීඨයට තේරුන විට පැතිර යන කතා ඇහුවම බියවූ කෙනෙක්, නමුත් වසරක් ගතවන විට දිවයිනේ වැඩි පිරිසක් හදුනා ගත්විට ඇත්ත තේරුම් ගත්තා. විශ්ව විද්‍යලයේ උප සංස්කෘතිය අප රැකිය යුතුයි.
ඔබ සදහන් කරන ආකරායට පීඨාධිපතිතුමන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? ඒ හැම සියලු දෙනාම ඔබ ඔය කියන ආකරයේ වැරැද්දක් නොදකින නිසා ......
අපොයි, මම නම් කාගෙවත් උවමනාවන් ඉෂ්ට කරන්නෙ නෑ අයියා මේ ආත්මෙට:-) මං රැග් වෙන්න කැමති නැත්තෙත් ඒ හේතුව නිසාමයි. මම අහම්බෙන් රැග් එක විවේචනය කරන්න බ්ලොග් එකක් පටන්ගත්තෙත් නෑ අයියා. මම ගිය අවුරුද්දෙ ඉඳන් බ්ලොග් සටහන් ලිව්වා. නමුත් මම රැග් එක ගැන කල්පනා කරනකොට මට ඇත්වෙච්ච අදහස් ඇතුළත් කරලා සටහන් දෙකක් (මේක හා කලින් එකක්) ලිව්වා. එච්චරයි. මට එතනින් එහාට මගේ හෝ වෙනත් කාගේ හෝ පෞද්ගලික අවශ්‍යතාවන් ඉෂ්ට කරගැනීමේ/කර දීමේ අවශ්‍යතාවක් නෑ.
July 13, 2009 10:07 PMමට මේ අදහස් හඳෙන් වැටිච්ච මනෝවිකාර නෙවෙයි. මම අවුරුදු ගණනක් තිස්සෙ අහපු, දැකපු, කියෙව්ව දේවලුයි මේ ලිව්වෙ. මම කාව වත් කොපි කරලත් නෑ. ඒක ගැන මම වග කියනවා. මගේ අදහස් වැරදි නම් ඔයාලගෙ පෞද්ගලික අත්දැකීම් එක්ක මාව නිවැරදි කරන්න පුලුවන්නෙ ඔයාලාට? ඒත් තවමත් මට පිළිගත හැකි මට්ටමේ කිසිම උත්තරයක් ලැබුනේ නැහැ මේ සම්බන්ධව. මම බලන් ඉන්නවා.....
විශ්ව විද්‍යාලයේ උප සංස්කෘතිය රැකිය යුතු යැයි ඔබ කියනවා, නමුත් මම කාලයක් තිස්සේ පැවතගෙන ආපු හණමිටි අදහස් කරේ දාගන්න කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවොත් කාලාම සූත්‍රයෙදි කිව්වා "බුද්ධියෙන් කල්පනා කර බලා තීරණයකට එළඹෙන්න" කියා. මගේ බුද්ධියෙන් මම එළඹි තීරණය වැරදියි කියන්න පුලුවන් එකම කාරණයක් වත් මට නම් තවමත් හමු වුණේ නැහැ. ඔයාලාට මගේ මතය වැරදි බව තහවුරු කරන්න ඕනෙ නම් අර උඩ තියන කරුණු වලට හරියට, කෙලින් පිළිතුරු දෙන්න. මම වැරදියි කියල තේරුණොත් මම ඒක පිළිගන්නවා. ඒත් ඍජු පිළිතුරු ලැබෙන තාක්කල් ඒක වෙන්නෙ නැහැ.
මම අසා තිබෙන පරිදි පීඨාධිපති තුමා ක්‍රියාත්මක වී තිබෙනවා. නවක වදය ආශ්‍රිත සිද්ධි නිසා එතුමා/එතුමන්ලා ශිෂ්‍යයන් කීප දෙනෙකුගෙම ශිෂ්‍ය භාවය මාස 3-6 වගේ කාල වලට අහෝසි කර තිබෙනවා. ඔබ කියන්නෙ කවදාවත් එහෙම වුනේ නෑ කියලද? නමුත් ඊට භාජනය වන හා භාජනය කරවන සියලුම ශිෂ්‍යයන්ට දඬුවම් දීම ප්‍රායෝගික නැහැ. පැහැදිලිවම ඔප්පුවන අවස්ථාවක විතරයි ඔහුට ක්‍රියාතමක වෙන්නෙ, නේ?
" මම වගේ අයගෙන් කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද? මම අදහස් ගන්නෙ රැග් එක කාපු (මගේ පවුලෙ, මට කලින් පරම්පරාවෙ අයත් රැග් එකට භාජනය වෙලා තියනවා. ඔවුන් ඒ අත්දැකීම් මතක් කරන්න වත් කැමති නෑ!), නොකාපු අයගෙන්, ජනමාධ්‍යවලින් සහ අන්තර්ජාලයෙන්. මම හැම වෙලේම යමක් දැනගත්තම ඒක ටිකක් කල්පනා කරල බලලයි පිළිගන්නෙ. ඉතින් මට හැඟෙන අදහසුයි මම මේ ලියල තියෙන්නෙ.
July 13, 2009 10:19 PMපටලවාගන්නෙපා චමිත...මම අදහස් කරෙ නැහැ ඔයා රැග් වෙලා බලන්න කියලා.......මම කියුවෙ ඔයා වගෙ තවත් කැම්පස් නොගිය තවමත් කැම්පස් එකක ඉගෙනගන්නෙ නැති අය ගැනයි.....
දැන්ඩ ලියුම් ලියන්නෙ?
ප්‍රිමි ලමයින් ගහ මරාගන්නකොට.... දනවත් බලවත් මිනිස්සුන්ගෙ මැරයො ඇවිත් කැම්පස් ඇතුලෙදිම සිහි විකල් වෙන්නම ගහල යද්දි
ගැනු ලමයින්ව ෆැකල්ටි අතුලෙදිම අතවර වෙද්දි ( මෙ පෙරාදෙනියෙ නෙවෙයි ) තමන්ගෙ ආරක්ශාව තමන්ම සලසගන්න කියන ලා දන් ඉන්නවා!!!
කො එවට දෙමව්පියන්ට ලියුම්???
ඇත්ත තමයි චමිත තමන්ට දුරින් .....ගෙදරින් ඇතට අවිත් හොස්ටල් වල ඉදලා ඉගෙනගන්න දරුවන්ගෙ දෙමවුපියොත් දරුවන්ට කරදර අතවර වෙනවට කැමති නැහැ!!!
ඔබේ බුද්ධිමත්කමට මම ගරු කරනවා, නමුත් විශ්ව විද්‍යාලයේ 90% අනුමත කරන මතයට මම ඒ හා සමානව ගරු කරනවා. මල්ලී, නුවර අවට අවට වෙන දේවල් ගැන අප හොදින් දන්නවා, විශේෂයෙන් ඉංජිනේරු පීඨයට තේරුනාම සුළු පිරිසක් කරන Brain wash එක ගැන අත්දෑකීම් සහිතව අපි දන්නවා....
July 13, 2009 10:29 PMමම වගේ අයගෙන් කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද? මම අදහස් ගන්නෙ රැග් එක කාපු (මගේ පවුලෙ, මට කලින් පරම්පරාවෙ අයත් රැග් එකට භාජනය වෙලා තියනවා. ඔවුන් ඒ අත්දැකීම් මතක් කරන්න වත් කැමති නෑ!), නොකාපු අයගෙන්, ජනමාධ්‍යවලින් සහ අන්තර්ජාලයෙන්. මම හැම වෙලේම යමක් දැනගත්තම ඒක ටිකක් කල්පනා කරල බලලයි පිළිගන්නෙ. ඉතින් මට හැඟෙන අදහසුයි මම මේ ලියල තියෙන්නෙ.
July 13, 2009 10:44 PMපටලවාගන්නෙපා චමිත...මම අදහස් කරෙ නැහැ ඔයා රැග් වෙලා බලන්න කියලා.......මම කියුවෙ ඔයා වගෙ තවත් කැම්පස් නොගිය තවමත් කැම්පස් එකක ඉගෙනගන්නෙ නැති අය ගැනයි.....
දැන්ඩ ලියුම් ලියන්නෙ?
ප්‍රිමි ලමයින් ගහ මරාගන්නකොට.... දනවත් බලවත් මිනිස්සුන්ගෙ මැරයො ඇවිත් කැම්පස් ඇතුලෙදිම සිහි විකල් වෙන්නම ගහල යද්දි
ගැනු ලමයින්ව ෆැකල්ටි අතුලෙදිම අතවර වෙද්දි ( මෙ පෙරාදෙනියෙ නෙවෙයි ) තමන්ගෙ ආරක්ශාව තමන්ම සලසගන්න කියන dean ලා දන් ඉන්නවා!!!
කො එවට දෙමව්පියන්ට ලියුම්???
ඇත්ත තමයි චමිත තමන්ට දුරින් .....ගෙදරින් ඇතට අවිත් හොස්ටල් වල ඉදලා ඉගෙනගන්න දරුවන්ගෙ දෙමවුපියොත් දරුවන්ට කරදර අතවර වෙනවට කැමති නැහැ!!!
6. පටලවගෙන්නෙපා චමිත...මම නැවතත් කියනවා රැග් එක කියලා ඔයා හදුන්වන අපරාදයට මම විරුද්දයි!!!!
මම ඔයාට ඇත අය ගැනත් මතක් කලා.......එ අය එකමුතු කම රැකගෙන ආවෙ පරිපාලනයෙ උඩවුඑන් නෙවෙයි....ඔයාට තෙරෙනවා අති ....ද්හස් ගානක් තරුනයො ඉන්න තැනක එකමුතු කම තියාගන්නෙකෙ බරපතලකම........
පෙරාදෙනිය රෙසිඩෙන්ශල් කැම්පස් එක තුල ඇත කාලෙ ඔය එකමුතු කම බොහොම හොදින් තියාගෙන තියනවා......
ඔය එකමුතු කම......ස්වයන් පාලනය....ඩැනටත් එහි ඉතුරු වෙලා තියෙනවා....එකට හෙතුව ඔයා කියපු කුනුහරුප.....ඔය රැග් එක නම් නෙවෙයි....නමුත් රැග් එක නති කරන්න යනකොට ඇත කාලෙ තිබුන හොද දෙවලුත් එ සමග නති වෙන එක අපිට පෙනවා ( එක රැග් එක නෙවෙයි චමිත පටලවාගන්නෙපා )
එකෙන් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියලා....
මෙ හොද දෙවල් තියෙන්නෙ රැග් එක තුල නෙවෙයි.....
.ඉතින් මෙව නැති වෙනකොට ස්වයන් පාලනය නැතිවෙලා මම කලින් කියපු අතවර කරදර වලට ලමයින් මුහුන පාන්න පටන් ගන්නවා.....
චමිත .... හොදින් තෙරුම්ගන්න ...මම නියොජනය කරන්නෙ කැම්පස් එක තුල ඉන්න JVපීයට කත් අදින්නෙ නැති අරමුන අමතක නැති ශිශ්ය පරපුර....
ඔය ශිශ්ය පරපුර කියන දෙවල් බහිර සමජය දකින්නෙ අහන්නෙ බොහොම අඩුවෙන්......එහෙම අහන වෙලාවටත් කරන්නෙ " ආ මෙන්නෙ JVපී කාරෙයො කියලා මගහරින එකයි " ඔයා වුනත් මෙ වෙනකල් කරෙ එ වගෙ දෙයක්....
7. චමිත.......මට ඔයාට තර්ජනය කලා කියලාවත්....මෙ බ්ලොග් එකෙ මගෙ කාලය භාවිතා කරල ලියුවා කියලවත් මට ඇති වෙන හොදක් නැහැ........
July 13, 2009 10:57 PMඅනික මට කාටවත් තර්ජනය කරන්න උවමනාවක් නැහැ......
මම මෙතන විරුද්ද පක්ශයක්වත් එ පක්ශය ශක්තිමත් කියලවත් දකින්නෙ නැහැ......
මම දකින්නෙ එක පැත්තකින් විතරක් ප්‍රස්නයක් විසදන්න හදන පිරිසක් විතරයි......මට වගෙම මම නියොජනය කරන ශිශ්ය පිරිස උත්සාහ කරන්නෙ එ නිසා වෙන ඔවුන් නොදකින....ලොකු ප්‍රස්නයක් වෙන්න ඉඩ තියෙන දෙයක් පෙන්වන්නයි.....
මට කිසිම කෙනෙක් සමග ගැටෙන්න උවමනා නැහැ....ගැටීමකින් කිසිම පලක් වෙන්නෙ නැහැ චමිත....අදහස් වලින් වුනත්...........
මම අපරාද සාදාරනිකරනයක් කලෙ නැහැ
එ ගැන මම් 5. 6. කියුවා..
මම dean ව විස්වාස කරන්නෙ නැහැ.....එක මගෙ අයිතියක්!!!!!
මම නවක වදයට සහයොගය දක්වන්නෙ නැහැ!!
1. 2.
July 13, 2009 11:21 PMචමිත පටලවාගන්නෙපා මමක්යුවෙ නැ රැග් එක මම අනුමත කරනව කියලා.... 5. 6. ....
අනිත් එක චමිත ....කොහොමද ඔයා දන්නෙ මම රැග් එක කාලා වගෙම රැග් එක දීල තියනවා කියලා...???
මට සදාචාරය සන්වරකම ගැන කතා කරන්න අයිතියක් ඔයාගෙන් ලබන්න ඔනි නැහැ......... අනික මට එ අයිතිය ලබුනෙ ඔයාටත් කලින් වෙන්න පුලුවන්.....මට එ ගැන අභියොග කරන්න එපා
අපිට තියෙන අයිතින් ගැන කත කරන්න වෙනම පිටුවක් විවෘත කරමු.....
තමන් ඉගෙනගත්තු පාසල ගැන හැගිමක් සමහර විට ඔයාට වඩා මට තියෙන්න පුලුවන් චමිත....එ ගැනත් ඔයාට මට අභියොග කරන්න බැහැ.....
කොහොම වුනත් නැවත නැවතත් ඔයා කතා කරන්නෙ රැග් එක ගැනමයි.......එ ගැන මට ඔයාගෙන් විස්තර උවමනා නැහැ
මම නියොජනය කරන කන්ඩායම මම ඉහත කියුවා....මම රැග් කාපු....රැග් දීපු අය නියොජනය කරන්නෙ නැහැ..............!!!!
3....චමිත......ඔයා කැම්පස් එක අතුලට වත් එන්නෙ නැතුව.....වෙන කෙනෙක් කියන දෙවල් අහලා කැම්පස් එක අතුලෙ දෙවල් ( ගුටි කෙලි......... )ගැන මෙ කියන කතා අනුමත කරන්න කොහෙත්ම බැහැ.......මෙව ඔයාට කියන්න ඇත්තෙ කවුද කියලා මට නිකමට වගෙ හිතාගන්න පුලුවන්....එ අය ගැන කතා කරන එකෙන් මම වලකෙනවා......
July 13, 2009 11:51 PMඔයාට ඇත්තට මුහුන දෙන්න ඔනි නම් කැම්පස් ඇවිත් තවදුරටත් මෙ ගැන කතා කරන්න....( නමුත් හැම දෙනාගෙම අද්හස් ඇතුව )
ඔයා දන්න දෙට වදා කැම්පස් තුල දෙවල් ගොඩාක් වෙනවා....ගබ්සා ගැන ....මම හිතන විදියට ඔයිට වඩා වැඩියි...චමිත...ඔයා මෙතනදිත් කතා කරන්නෙ රැග් එක සාදරනිකරනයට විරුද්දව.... 5. 6.
රැග් එකට මමත් විරුද්දයි.....
නැවතත් ඔයා අහල තියන දෙවල් අනුව කැම්පස් එක ඇතුලෙ දෙවල් ගැන හරියට නොදැන කතා කරනෙක නතර කරන්න කියල ඉල්ලනවා....
දෙමල කන්ඩායම් ගැන කතාවා මම එකග වෙනවා...එක අපෙ මතෘකාවෙන් එහාට දුවන ප්‍රස්නයක්....නමුත් සින්හල මුස්ලිම් සහ බොහොමයක් දෙමල අය වෙන තැන් වලට වදා පෙරාදෙනිය තුල හොදින් ඉන්නවා...මෙව මම කැම්පස් එක තුල සිට දැකපු දෙවල් චමිත......
මම ඔයාට කියුව නෙද දෙශපාලන බලපැම් එක්ක කැම්පස් තුල පරිසරය සමන්ය සමජයක් වගෙ වෙන්න ගත්ත කියලා......එ දෙ ප්‍රතිපලයක් විදියටයි ඔය 1. 2. 3. කතා කරන දෙවල් සිද්ද වෙන්නෙ.....
චමිත මම කතා කරන්නෙ ඔබගෙ සිහින කොඩෙව්ව වන පෙරදෙනිය සරසවියෙ ටිකක් හරි ඉතිරිව පවතින දෙයක් පිලිබන්දවයි
නමුත් එ රැග් එක නෙවෙයි.......................!!!!!!!!!!
රැග් එක නති කරන වඩ පිලිවෙල නිසා නති වීමට ඉඩ තිබෙන දෙයක් පිලිබන්දවයි චමිත.....!!!!!!!!!
චමිත.........මම නියොජනය කරන ශිශ්යයන්ට මෙය අතිවිම හො නතිවීමෙන් ලොකු බල පැමක් එල්ල වෙන්නෙ නැහැ.....එල්ල වෙලත් නැහැ
@ රුක්ෂාන්: ඔබ කියන 90% කතාව වැරදියි. මම දන්න තරමින් E/07 බැච් එකේ රැග් ශිෂ්‍යයන් සංඛ්‍යාව 243යි. ඇන්ටි-රැග් ශිෂ්‍ය සංඛ්‍යාව 52යි. ඉතිරි සිසුන් 120දෙනා රැග් නොවන දෙමළ ශිෂ්‍යයන්. මම හරිද? ඔබට සරල ගණිතයෙන් පේනවා මේ අනුව නවක වදයට භාජනය වන ශිෂ්‍ය පිරිස ආසන්න වශයෙන් 59% ක් බව. වෙනම ඉන්න දෙමළ ශිෂ්‍යයන් ඔබේ අණට කීකරු නොවන නිසා ඔවුන් ඔබේ ගොඩට දාගැනීමට හැකියාවක් නැහැ.
July 15, 2009 12:08 PMඅනෙක් අතට ඔබට මම තවත් දත්තයක් කියන්නම්. 2005ට පෙර හැම E/බැච් එකකම හිටපු ප්‍රති-නවක වද ශිෂ්‍ය ප්‍රමාණය 20 ගණනක්. උපරිම වුණොත් 30 ගණනක්. මම හරි නේ? නමුත් E/06 බැච් එකේ Antirag ශිෂ්‍යයන් ගණන 40යි. E/07 ට එද්දි ඒක 52 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒකෙන් ඔබට තේරෙන්න ඕනෙ මෙම ඇන්ටි-රැග් සංකල්පය දැන් ප්‍රචලිත වෙමින් යන බව. ලෝකය දෙස තරම්ක් පුළුල්ව දකින, ඈත ගම් පළාත් වලින් එන ශිෂ්‍යයන් පවා දැන් රැග් වෙන්න කැමති නැහැ!
අනික මතක තියාගන්න 50ක් කියන්නෙ සුලු ගණනක් නොවෙයි. මම හිතන හැටියට රැග් එක තුළ තියන උප කොටස් (sub-division) එකක ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා ඒක ගොඩක් වැඩියි.
අනික අයියා, මට නම් තියෙන්නෙ ඔබට තියන ආකාරයේ "සංඛ්‍යාව" පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මට තියෙන්නෙ ප්‍රතිපත්තිමය ගැටලුවක්! "සංඛ්‍යාව" 1ක් වුණත් යමක් මගේ ප්‍රතිපත්තියට පටහැනි නම් මම ඒකට එකඟ වෙන්නෙ නැහැ.
මම නම් brain wash එකකට අහුවෙලා නැහැ. ඒක නිසා ඔබට මා සම්බන්ධයෙන් එවැනි කතාවක් කියන්න බැහැ හොඳේ:-)
@ Anonymous: ඔබ අදහස් පළකරන ආකාරය ඉතාම සුවිශේෂීයි. ඔබ ඔබේ කමෙන්ට් ඇතුලෙ 4 වරක් කියල තියනව ඔබ රැග් එකට විරුද්ධ බව. මේ තියෙන්නෙ ඒවට උදාහරණ:
July 15, 2009 1:56 PM*පටලවගෙන්නෙපා චමිත...මම නැවතත් කියනවා රැග් එක කියලා ඔයා හදුන්වන අපරාදයට මම විරුද්දයි!!!!
*නමුත් රැග් එක නති කරන්න යනකොට ඇත කාලෙ තිබුන හොද දෙවලුත් එ සමග නති වෙන එක අපිට පෙනවා ( එක රැග් එක නෙවෙයි චමිත පටලවාගන්නෙපා ). එකෙන් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියලා....
*මෙ හොද දෙවල් තියෙන්නෙ රැග් එක තුල නෙවෙයි.....
*මම අපරාද සාදාරනිකරනයක් කලෙ නැහැ
*මම නවක වදයට සහයොගය දක්වන්නෙ නැහැ!!
*1. 2. චමිත පටලවාගන්නෙපා මමක්යුවෙ නැ රැග් එක මම අනුමත කරනව කියලා....
*ඔයා දන්න දෙට වදා කැම්පස් තුල දෙවල් ගොඩාක් වෙනවා....ගබ්සා ගැන ....මම හිතන විදියට ඔයිට වඩා වැඩියි...චමිත...ඔයා මෙතනදිත් කතා කරන්නෙ රැග් එක සාදරනිකරනයට විරුද්දව....5. 6. රැග් එකට මමත් විරුද්දයි.....
ඉතින් ඔබට පිළිතුරක් දෙන්න යන මම තමයි දැන් අමාරුවේ වැටෙන්නෙ. මම හිතන්නෙ නැහැ රුක්ෂාන් අයියා වගේ රැග් සංකල්පය තුළ කිඳාබැස ඉන්න කෙනෙක් ඔබේ අදහස් අනුමත කරයි කියලා...
හරි, කමක් නෑ. මම මුලින්ම ඔබ ගැන මම තේරුම් ගත්ත දේ කියන්නම්. ඔබ නවක වදය අනුමත කරන්නෙ නැහැ. (ඔබ රැග් එක තුළ තියන, ගැහැණු ළමයින් ලවා කුණුහරුප කියවීම වත්, සමලිංගික ක්‍රියා වත් අනුමත නොකරන බව මට අනුමාන කරන්න පුලුවන්) නමුත් ඔබ නවක වදයෙහි යම් යම් සාධනීය ලක්ෂණ දකිනවා. ඔබ මුලින්ම කිව්වා එමගින්, ගැහැණු ළමයෙක්ට රාත්‍රී 12ට වුණත් නිදහසේ පාරෙ බැහැලා යන්න පුලුවන් වටපිටාවක් හදනවා කියලා. තවද රැග් එකෙන් විශ්ව විද්‍යාලය තුළ විනය හා සදාචාරය ආරක්ෂා වන බවත් ඔබ කියනවා. ඒ හැර ඔබ කියන කරුණු වලින් මට හැඟුණා ඔබ රැග් එකෙන් එකමුතුකම ආරක්ෂා වන බව සිතන ආකාරයක්.
මම ඔය සියල්ලටම කලින් කමෙන්ට් දෙකේ දී පිළිතුරු ලබා දීලා තියනවා. නමුත් ඔබ මට නැවත නැවතත් කියනවා කැම්පස් එක ඇතුළට නොපැමිණ මට මේවා කියන්න අයිතියක් නැහැ කියා. ඉතින් කැම්පස් එකේ අභ්‍යන්තරය ගැන හොඳින් ම දන්න ඔබලාට මේ කරුණු වලට හරියට හරියට උත්තරයක් දෙන්න බැරුව මට "ඇතුළට ඇවිල්ලා බලන්න" කියන එකේ තේරුම මොකද්ද? ඔබ ඇත්ත වශයෙන්ම නවක වදයේ කිසිම ආකාරයක ප්‍රයෝජනයක් ඇතැයි සිතනවා නම් මෙම පැන වලට සාධාරණ පිළිතුරු ඔබ සතුව තිබිය යුතුයි.
මම මේක පිළිගන්නවා. කුමන හෝ ආකාරයකින් විශ්ව විද්‍යාල තුළ සාමය, එකමුතුකම, විනය හා සදාචාරය ආරක්ෂා විය යුතුයි. නමුත් රැග් එක තුළින් ඒ එකක් වත් සිදු නොවන බව මම ඉහත පියවරෙන් පියවර පැහැදිලි කළා! ඔබට එය පිළිගන්න බැරි නම්, රැග් එකෙන් ඔය සියල්ල ආරක්ෂා වෙන බව ඔබ සිතනවා නම් මට කරුණාකර ඒක විද්‍යාත්මකව පැහැදිලි කර දෙන්න. එහෙම නැතුව "ඇතුළට ඇවිත් බලන්න" වගේ කතා කියා මාව හිනස්සන්න එපා:-)
ඔබ කිව්වා රැග් එක වැරදි වුණත් රැග් එක නැතිකරන්න යාම තුළින් එහි තිබ්බ හොඳ ලක්ෂණ සියල්ල අහිමි වෙලා යනවා කියලා. (ඉතින් මෙව [නවක වදය] නැති වෙනකොට ස්වයන් පාලනය නැතිවෙලා මම කලින් කියපු අතවර කරදර වලට ලමයින් මුහුන පාන්න පටන් ගන්නවා.....) ඇත්තටම මොනවද ඔය තිබෙනවා යැයි කියනා ස්වයං පාලනයෙහි ඇති හොඳ ලක්ෂණ? අර එකමුතුකම, සමානාත්මතාව හා විනය කියන පරණ සින්දුවම ද?;-)
July 15, 2009 1:57 PMමම ඔය එකක් වත් රැග් එකෙන් ආරක්ෂා නොවන බව පැහැදිලිවම, උදාහරණ සහිතව පෙන්නුවා
1. එකමුතුකම : රැග් එකෙන් එකමුතුකම ආරක්ෂා වෙනව නම් මහනුවර/කුරුණෑගල/ අනුරාධපුරය/මොණරාගල මෙන්ම සිංහල/දෙමළ ලෙස බෙදී ඉන්නෙ ඇයි?
2. සමානාත්මතාව : මේක කොහොමටවත් රැග් එකේ නෑනෙ? රැග් කන්නා අදි මදි කරන අය හලනවා. රැග් එක කාලා "පොර" වගේ ඉන්න අය වීරයෝ වෙනවා. මොන සමානාත්මතාවයක්ද?
3. විනය : කුණුහරුප සහ බෝංචි වලින් විනය රැකෙන බවක් මම නම් අසා නැහැ
ඔබ නවක වදය තුළින් වන විනාශය ද්විතියික ලෙස දැක්කත් (ඒකෙන් වෙනව කියලා "ඔබ හිතන" හොඳට පසුව) මම නම් ඒක දකින්නෙ ප්‍රධානතම කරුණ හැටියට. ඇයි ඔබට රැග් එක තුළින් සිසුන්ට කායිකව හා මානසිකව වෙන හානිය ගැන නිකමට වත් හිතන්න බැරි? කල්පනා කරන්න, රැග් කාලය තුළ හැම සිසුවෙක්ම හැමදාම රෑට වතුරෙ බස්සලා තියනවා. ඕකට ලක්වෙන සිසුන් අතරෙ කීදෙනෙක් ඇද්ද සෙම් අමාරු තියන අය? ඔවුන්ට එක දවස්ක් වැස්සෙ තෙමුණත් තම රෝගය උත්සන්න වෙනවා. නමුත් ඒක පිට අයට කියන්න කැමති නැහැ. අන්තිමට දවස් ගානක් කිටි කිටි ගාන සීතලේ වතුරෙ බැහැල ඉඳලා ඔවුන් පූර්ණකාලීන ඇදුම රෝගීන් බවට පත්වෙනවා. ඔවුන්ගෙ ජීවිතයම විනාශයි. ඔබ සමහර විට හිනාවෙනව ඇති "අයියෝ ඕව මොනවද? ඕක වත් කරන්න බැරි නම් කොල්ලෙක් වෙලා ඇති වැඩේ මොකද්ද?" කිය කිය. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් ඒවා ශරීරයට ඉතාම අහිතකර දේවල්. ඇදුම හැදුනට පසුව නිට්ටාවට සුව කළ් නොහැකියි. කොල්ලෙක් වුණත්, කෙල්ලෙක් වුණත් එකයි.
ඔබ නොදන්නවා වුණාට වාර්ෂිකව ඉතා විශාස සිසුන් ප්‍රමාණයකට මානසික වෛද්‍යවරුන් ළඟට යන්න වෙනවා රැගෙන් සිදුවුණු මානසික ව්‍යාකූලත්වය මඟහරවාගන්න! මම දන්නා එක් ශිෂ්‍යයෙකුටත් එය සිදු වුණේ. ඔහුට රැග් කාලයේ සිදුවූ ඉතා අප්‍රසන්න ලිංගික හිරිහැරයක් නිසා විශ්ව විද්‍යාලයෙන් පැන ගිහින් ත්‍රිකුණාමලයෙ ඔහුගෙ නිවසෙ සැඟවී ඉඳ මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකර්ම ලබාගෙන තමයි මාසෙකට පස්සෙ ආපහු විශ්ව විද්‍යාලයට පැමිණෙන්න හැකි වුණේ. ඔයාල ඒවත් දකින්නෙ නවක වදයෙ හොඳ ඵල හැටියටද? ROFL...
ඇයි ඔබට මේ වගේ සුලු සුලු දේවල් හිතන්න බැරි? ඇයි ඔබලාට මෙම කරුණු හරි හැටි බුද්ධියෙන් නිශ්චය කරගන්න බැරි? මම පෞද්ගලිකව සිතනවා ඔබ රැගෙන් ආරක්ෂා වනවා යැයි "සිතාගෙන සිටින" (මම කිව්ව ආකාරයට ඒක වෙන්නෙත් නෑ!) මහ ලොකු යහපතට වඩා මෙම කුඩා දේවල් ඉතා වැදගත් බව!
ඔබ මට උපදෙස් දෙනවා රැග් කන්න යනකොට JVPකාරයෙක් හමුවුණාම මඟහරින විදිය ගැන. ඔබ ඒකෙන්ම පිළිගන්නවා නේද නවක වදය කියන්නෙ JVP බළල් අතක් කියන එක?
විශ්ව විද්‍යාල සිසුන්ට දේශපාලන අදහස් තිබිය යුතුයි. නමුත් විශ්ව විද්‍යාලය, දේශපාලන අදහස් වැපිරීමට ස්ථානයක් කර නොගත යුතුයි. මන්ද විශ්ව විද්‍යාලය කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අධ්‍යාපන ස්ථානයක්. ජනතාවගෙ මුදලින් මේවා නඩත්තු වෙන්නෙ දේශපාලනය කරගෙන, කුණුහරුප කියාගෙන, ගුටි ඇණගන්න නොවෙයි. නමුත් මේවට ඇතුළුවන ශිෂ්‍යයන්ට ම තම මූලික අරමුණ අමතක වීම තමයි ලොකුම අවාසනාව!
P.S: ඔබ මාව දන්න කෙනෙක් නේද? ඔබේ භාෂා විලාශයෙන් ඒ බවත්, ඔබ ශිෂ්‍යාවක් බවත් කියන්න පුලුවන්;-)
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.