අන්තිම බ්ලොග් සටහන ලිව්වෙ මීට දවස් පහකටත් කලින්! දවස් පහක් කියන්නෙ මහ ලොකු කාලයක් නොවුණට අප්‍රේල් මාසෙ ඉඳලම දිනපතාම වගේ බ්ලොග් සටහන් එකක් වත් (වෙන වැඩක් නැතුවට) ලිව්ව නිසා දවස් පහක් කියන්නෙත් ලොකු කාලයක් වගේ දැනුණෙ. වෙනදට ලියන්න බැරි වුණා නම් බැරි වුණේ ලියන්න දෙයක් හිතාගන්න බැරිවුණ නිසා. ඒත් මේ දවස් ටිකේ නම් බැරි වුණේ වෙනත් විශේෂ හේතු රාශියක් නිසා. හරියටම කිව්වොත් කාලයක් තිස්සෙ බ්ලොග් එක වටා කේන්ද්‍රගත වෙච්ච මගේ හිත ඉන් බැහැර වුණු නිසා. ඊට හේතු වූ කරුණු තරමක් පෞද්ගලිකයි. ඒත් කාට හෝ ඉන් ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් කියල හිතුණ නිසා ලියලම දාන්න තමයි හිත.
මම උසස් පෙළ කළේ ගිය අවුරුද්දෙ නොවැ. උසස් පෙළත් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න තමයි මේ ටිකේ බලාගෙන හිටියෙ සහ තාමත් ඉන්නෙ. උසස් පෙළ කඩඉම් ලකුණු එන්න නියමිතව තිබුණෙ පසුගිය බ්‍රහස්පතින්දා (02-07-2009). ඒ කියන්න සාමාන්‍ය කාලයටත් ගොඩක් පහු වෙලා. මම බලාපොරොත්තුවෙන් හිටියෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන්න. නමුත් උසස් පෙළ ප්‍රතිඵල වලින් මම හිටියෙ හරියටම කඩඉම් සීමාවෙම වගේ. ඒ කියන්නෙ මහනුවර දිස්ත්‍රික්කයෙන් 84ක් 85ක් ගන්න නියමිත වෙනකොට 82 වැනි තැන වගේ. උසස් පෙළින් වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරිවුණු වැරැද්ද මගේමයි. ඒක ආයෙ අහන්න දෙයක් නෑ. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව එළටම කරපු මම සංයුක්ත ගණිතය වනාගත්තා. පුදුමෙ කියන්නෙ විභාගෙ දවසටත් කලින් ඔය නස්පැත්තිය වෙන බව මම හොඳටම දැනගෙනයි හිටියෙ. හික්.... ඒකට හේතුව තමයි උසස් පෙළ පටන්ගත්ත දවසෙ ඉඳලම මං හරියට සංයුක්ත ගණිතය විෂයට වැටිච්ච නැති එක. සාමාන්‍ය පෙළ කාලෙ ඉස්කෝලෙ ගණිතය විෂයට වැඩිම ලකුණු ගත්ත මට උසස් පෙළට ඇවිත් ඒ ආකාරයටම වැඩේ කරගත නොහැකිවීම පිටුපස තියෙන්නෙ ඉතාම සුලු හේතුවක්. ඒ තමයි මට ඕනෙ හැටියට වැඩ නොකර මම අනුන්ට ඕනෙ හැටියට වැඩ කරන්නට යාම.
හැබැයි ඉතින් ඕක තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි.
සාමාන්‍ය පෙළ දවස් වල මම ගිය පන්තියේ ගුරුතුමා (ආදරයෙන් මතක් කරන්න ඕනෙ ඔහුව මේ අවස්ථාවෙ. ඒ තමයි මහින්ද බණ්ඩාරනායක ගුරු පියාණන්) මට ඉතාම නිදහසේ පරිසරයක් හදල දුන්නා වැඩ කරන්න. ඒක මගේ හිතට කොයි තරම් වැදුනද කියනව නම් මට ගණිතය කිරි කජු වගේ වුණා. හදන හදන ගාන හරි. ඒ කාලෙ මට අප්සෙට් ගහන්නෙ ගණිතය paper එකට 100ක් නැති වෙනකොට. අඩු තරමින් ඒ වෙනකොට ගණිතයට මම අඩුම ලකුණු අරන් තිබ්බෙ 7 වසරෙ දෙවැනි වාරයෙදි . ඒ 90ක්. නමුත් උසස් පෙළට ආවම ඒ ඔක්කොම උඩු යටිකුරු වුණා. ගණිතයට හොඳ පදනමක් වැටුණෙම නැහැ. ඉස්සර හදන හදන ගාන හරිගිය මගෙ හදන හදන ගාන වැරදෙන්න පටන් ගත්තා. ඉස්සර ගණිතයේ සෑම කොටසකටම ආස කරපු මම ඒකෙ ඇතැම් කොටස් හලන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි මට, මට අවශ්‍ය කරන විදිහට වැඩකරන්න නිදහසක් නොලැබීම. ගුරුවරුන්ටම දෝෂාරෝපණය කරන එක වැරදියි, නමුත් සාමාන්‍ය පෙළ කාලෙ ලැබුණු තල්ලුව නම් ලැබුණෙ නෑ ගුරුවරු රාශියක් මාරු කර කර බැලුවත්. සමහර විට වැරැද්ද තියෙන්නෙ ගුරුවරු මාරු කිරීමෙම වෙන්නත් පුලුවන්.
කොහොම කොහොම හරි ඔන්න ඔය විදියට මට මුලු සංයුක්ත ගණිතයම කෙළ වෙලා ගියා අන්තිම වෙද්දි. ඒත් Physics හා Chemistry බලේ නිසා මම බය වුණේ නැහැ. කොහොමහරි උසස් පෙළ පාස් වෙන්න පුලුවන් කියල හිතුවා. උසස් පෙළත් කළා කියමුකො අන්තිමට. ගණිතය නම් හිතපු විදියටම බොක 70යි. ඒත් ලකුණු 60ට වඩා තියෙයි කියල මට තේරුණා. රසායන විද්‍යාවත් හිතපු තරම්ම හොඳට කරගන්න බැරි වුණත් අවුලක් වුණේ නෑ. භෞතික විද්‍යාව නම් අවුලක්ම නෑ. දෙවනි කොටසට උපරිම ලකුණු තියෙයි කියල හිතුවා. කාලය ගෙවිල ගිහින් 2009 ජනවාරි 2 වැනිදා ප්‍රතිඵල ආවා. හිතුව හරි A 2යි, C 1යි. ප්‍රතිඵලේ අවුලක් නෑ කියමුකො. ඒත් rank එක තමයි අප්සෙට් වුණේ. (82 නොවැ). මෙච්චර පල්ලෙහාට බැස්සෙ කොහොමද කියලා මට කොහොමටවත්ම තේරුම් ගන්න බැරි වුණා. අන්තිමට recorrection එහෙම දාලා බලාගෙන හිටියා ඉතුරු වැඩ ටික වෙනකන්. 85ක් ඇතුලෙ කිව්ව නිසා ආපහු පාඩම් කරෙත් නෑ (පාඩම් කරල තව පාරක් ලිව්ව නම් තිබ්බ ටිකත් නෑ කියන එක වෙනම කතාවක්). එපමණක් නොවෙයි. මේ වෙනකොට මම හිතාගෙන හිටියෙ ඉංජිනේරු පීඨයට නැතුව භෞතික විද්‍යා පීඨයට ඇතුලු වෙන්න. ඒ මගේ දීර්ඝකාලීන ආසාවක් ඉෂ්ට කරගන්න. (ඒක තවත් දිග කතාවක්. ඒ නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ) ඒත් අන්තිමට යම් යම් හේතු නිසා ඉංජිනේරු පීඨයටම යනව කියලා තමයි හිතාගෙන හිටිය. ඔහොම ඉන්න අතරෙ තමයි ගිය බ්‍රහස්පතින්දා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු ආවෙ.
හවස 2ට එළියට දානවා කිව්ව ලකුණු එනකම් අපි පරිගණක තිර දිහා දෑස් දල්වාගෙන බලන් හිටියා. 2 වෙනකොටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අවවියේ ලකුණු නැහැ. මම හිතපු නැති මොහොතක, (හවස 3ට විතර) මගේ හිතමිතුරු නාග බුද්ධික මගේ Z ලකුණු ඇහුවා. (ඔහු කොහොමත් සුදුසුකම් ලබනවා). මම කිව්වා ගාන. 1.8956 යි. ඔහු පිළිතුරක් දෙන්න වෙලා ගියා. මට තේරුණා වැඩේ අප්සෙට් බව. අන්තිමට ඔහු කිව්වා, "මචං 1.8966 යි". මට පොඩි කැරකිල්ලක් වගේ දැනුණා. ටිකකින් හරි ගියා. ඒත් මොනව කරන්නද, ඔහු කිව්ව හරි. මහනුවර දිස්ත්‍රික්කය සඳහා 2009 වසර වෙනුවෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 1.8966 යි! දැන් ඉතින් මොනව කරන්නද. අම්මටත් කිව්වම මාර දුකයි.
එක මොහොතකට ලෝකයම කඩාගෙන වැටුණා වගේ දැනුණා. නමුත් ඒකෙන් ගොඩ එන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඇත්තටම මට ඒ තරම්ම විශාල දුකක් දැනුණෙ නෑ. හේතුව තමයි මම කලින් හිතාගෙන හිටියේ විද්‍යා පීඨයට යන්න නෙ. පස්සෙ ඒක වෙනස් වුණේ නැත්තම් මේ කිසි අවුලක් නෑ. ඒක ගැන හිතල මම හිත හදාගත්තා. නමුත් නිව්ස් එක ගියා විතරයි මෙන්න එකසිය ගානට කෝල්ස් එනවා. ගොඩක් දෙනා මගේ හිත හදන්න උත්සාහ කළා. ඒ හැම දෙනාටම මම ණයගැතියි. මට ඔවුන් හැමදාටම මතක හිටියි. ඒ වගේම සමහරු මට special intake එකෙන් හෝ යන්න පුලුවන් කියා කිව්වා. පුදුම වැඩේ කියන්නෙ මම විවිධ තරඟ වලින් දිනලා, දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා, ඊට අමතර ජ්‍යාත්‍යන්තර තරඟ වලින් ද ජයග්‍රහණය කර තිබුණත් special intake එකට ඉල්ලුම් නොකිරීම. කවුද දන්නෙ මෙහෙම වැඩක් වෙයි කියලා? කලින් ඒක ඕනෙ වෙන්නෙ නෑ කියලනෙ හිතුවෙ. ඉතින් ඒ අවස්ථාවත් මට අහිමියි.
ටික වෙලාවක් යනකොට මට පැහැදිලි දැක්මක් ලැබුණා, කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. ඒ තමයි ලැබුණු දෙය හොඳයි කියා එම මාර්ගයේ දිගටම ගමන් කිරීම. අන්තිමට මට පොඩි දුකක් වත් ඉතිරි වුණේ නැහැ. නමුත් බොහෝ දෙනා සිතුවේ ඒකෙ අනෙක් පැත්ත. අන්තිමට අර කතාව මට ඇහෙන්නෙ නැති තරමට හොඳයි කියල මට හිතුණා, අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇතිවෙන නිසා.
ඔන්න ඔය විදිහට පහුවෙනිදාටත් එළිවුණාය කියා කියමුකො. මම උදේ නැගිටලා ඉංජිනේරු පීඨයට අවශ්‍ය, මා ළඟ තිබුණු දෑ ඉවත් කර කාමරයත් අස්පස් කළා. ඉන් අනතුරුව නැවතත් දුරකථන ඇමතුම් එන්න පටන්ගත්තා. ඔවුන් හැම දෙනාමත් හිතන් හිටියේ වුණු සිද්ධිය නිසා මට දුක ඇති කියලා. නමුත් මට ඒක ගානක් නැති බව මම ඔවුන්ට නැවත නැවතත් කිව්වා. කාලය ටිකෙන් ටික ගත වෙලා ගියා. මම පත්තරයක් ගේන්න නිවසින් එළියට ගිය මොහොතක තවත් දුරකථන ඇමතුමක් ආවා. මම පත්තරයත් අරන් නැවතත් ගේ තුළට ආවා එම දුරකථන ඇමතුමත් ගන්න. එතකොට වෙලාව උදේ 9.45 විතර ඇති. අත්තම්මා දුරකථනය රැගෙන මට දුන්නා. කථා කළේ මගේ පාසලෙන්, මා හොඳට දන්නා හඳුනන ශාන්ති මැඩම්. "චමිත, ඉක්මනට ඉස්කෝලෙට එන්න. මේ දැන්මම" ඇය කිව්වා. මම ඇහුවා ඇයි කියා. එවිට, "ඔයාගෙ rank එක 69 වෙලා, Z score එකත් වැඩි වෙලා. ඒක බලන්න දැන්ම එන්න" ඇය කිව්වා. මගේ ඔලුව, පැය 24ක් ඇතුළත දෙවන වරටත් කැරකෙන්න පටන්ගත්තා.
මම පාසලට ගිහින් බැලුවාම වැඩේ හරි. Rank එක 69ට වැඩි වෙලා. Z score එක 1.9833 වෙලා. ලබාගත්ත ශ්‍රේණි නම් වෙනස් වී නැති බව කලින්ම පාසලට දැනුම් දී තිබුණා.
ඔන්න ඔහොමයි පහුගිය දවස් ටිකේ මට වෙච්ච සිද්ධි සමුදාය.
"පිස්සු හැදෙන සඳ" කියන්නෙ මේ වගේ වැඩ වලට වෙන්න ඇතැයි කියා හිතෙනවා. කොහොම වුණත් මේ දින ටික ගතකරන්න මට උදව් වෙච්ච හැම දෙනාම, මගේ යහලුවන්, දෙමාපියන් හා විශේෂයෙන්ම අත්තම්මා මම ආදරයෙන් සිහිපත් කරනවා. නාට්‍යයේ අවසානය යහපත් එකක් වීම විශේෂයෙන්ම ගෙදර කට්ටියට ලොකු අස්වැසිල්ලක් වුණා.
අවසානම වශයෙන් කියන්න තිබෙන්නෙ මේකයි. මම ජීවත් වූ අවුරුදු 20 තුළදී මට කරුණු කිහිපයක් පමණක් හරියට වැටහී තිබෙනවා. එකක් තමයි ඔබ මා ඇතුලු සියලුම මිනිසුන් ජීවත් වෙන්නෙ සතුට වෙනුවෙන් බව. කෙනෙකුට සතුට ලැබන්නෙ ක්‍රම දෙකකට. පළමුවැන්න, සින්දුවක් ඇසීම වැනි තාවකාලික සංසිද්ධියකින් නැතහොත් අත්දැකීමකින්. දෙවැන්න, තම දිවියේ අරමුණු සාක්ෂාත් වීම වැනි දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵල වශයෙන්. මෙම කිසිවක් ඉටු නොවුණ තැන තමාට ලැබෙන්නෙ කුමක්ද? ඒ දුක පමණයි. ආශාවන් අඩුවන තරමට, තණ්හාවන් අඩුවන තරමට දැනෙන දුක අඩුයි. මට ඒක පසුගිය දවස් දෙක තුනේ තදින් ම දැනුණා.
කෙනෙකුගේ ප්‍රයත්නය විය යුත්තෙ ආශාවන් හැකිතරම් අඩුකරගෙන තමන්ට එදිනෙදාට නියමිත කාර්යය හරියට, තමාට ගැළපෙන පරිදි ඉටුකරකර ගැනීමයි. ඒ අතරෙම තමන්ගෙ අරමුණක් (දීර්ඝකාලීන හෝ) ඉටු නොවුණ තැන, තමන්ගෙ සිහින රාජ්‍යයක් බිඳ වැටුණු තැන එම සංසිද්ධිය උපේක්ෂාවෙන් යුතුව බාරගැනීමේ ගතිගුණයක් තමන් පුරුදු පුහුණු කර තිබීම අවශ්‍යයි. එවැනි තැන් අනාගතයේ ඔබට පමණක් නොව මට ද උදාවනු ඇති. නමුත් මේ සියල්ලටම නිත්‍ය පිළියම ආශාවන් හැකිතරම් අවම කිරීමම තමයි. විශ්මයට කරුණ වෙන්නෙ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් අවුරුදු ගවේෂණය කොට අවබෝධ කරගත් සනාතන ධර්මතාවත් එයම වීමයි. බුදුරජාණන්වහන්සේගේ හා මා අතර වෙනස වන්නේ මම එම සත්‍යය ඡායා මාත්‍රයක් පමණක් ලෙස දැකීමත් උන්වහන්සේ එය ඉතා නිවැරදිව, සෑම මොහොතකටම, සංසිද්ධියකටම ඉතා ප්‍රායෝගිකව යෙදිය හැකි තරමට අවබෝධ කරගෙන තිබීමත් පමණයි. නමුත් ඒ දෙක අතර තිබෙන වෙනස අහසට පොළොව තරම් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මම මෙය දැන්ම ලියාතැබීමට එක් කරුණක් හේතු වුණා. ඒක මෙහෙමයි. සත්‍යය සාමාන්‍ය කෙනෙකුට නිවැරදිව පෙනෙන්නෙ ඉතා සුලු මොහොතකට පමණයි. එනිසා ඒ මොහොත තුළ එය වටහාගෙන හැකි තරම් අවබෝධ කරගත යුතුයි. නො එසේනම් එම අවබෝධය තවත් ඇසිපිය හෙළන ක්ෂණයකින් අතුරුදන්ව නැවතත් මිථ්‍යාව නැමැති ඝන අන්ධකාරයට පුද්ගලයා ඇදවැටෙනු ඇති. මෙය ලියන මට වුවත් එය එක සේ සත්‍යයි. මන්ද මමත් තවමත් අඳුරේ හිඳ අතපත ගාන නිසා. එබැවින් මෙය කියවන හිත මිතුරන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා. යම් දවසක මම මේ සත්‍ය මාර්ගයෙන් බැහැරව මහා පිස්සුවක් නටන්නට ලෑස්ති වනවා නම් කරුණාකර මෙම බ්ලොග් සටහනේ URL එක මට නැවත ලබා දෙන්න. ඒ තරමට ඔබට කළහැකි උතුම් වූ උපකාරයක් තවත් නැහැ.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
►
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
►
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

23 comments:
Congrats malayo ....
July 7, 2009 3:08 AMwell-done !!
July 7, 2009 3:26 AMසුභ අනාගතයක්!!!!
July 7, 2009 8:30 AMආ.. එල එල .. :)
July 7, 2009 8:53 AMසුබ පැතුම් වගේම සුබ අනාගතයක් කියලත් ප්‍රාර්ථනා කරනවා.
--
ඔය ගණිතය ප්‍රශ්නෙ මටත් තියෙනවා. ඒලෙවල් මුල් මාස තුනේ මම ගියේ ඇල්වතුර පියෝ පංතියකට. ඒකෙන් මගේ ගණිතයට පදනම හරියට වැටුනෙ නෑ. ඒ ප්‍රශ්නෙ මට අදටත් තියෙනවා. විශ්වවිද්‍යාලෙ අනිත් සබ්ජෙක්ට් දෙකට ලකුණු හොඳට තිබුනත් ගණිතයට අන්තිමයි.
මල්ලි අපෙන් උණුසුම් සුබපැතුම් .
July 7, 2009 8:53 AMසුභම සුභ අනාගතයක්!!!
July 7, 2009 9:45 AMසුභ අනාගතයක් මල්ලි..
July 7, 2009 10:27 AMමචෝ, උඔ අපේ වයසේ යාලුවෙක් නෙව!
July 7, 2009 11:53 AMඔයාට සුභාසිරි පතනවා මම ඇත්තටම, ඉංජිනේරු පීඨයට බැදුණු ඔබට එහිදීද දුක් ගැටලු බාධක මැද්දේ ජය ගන්න ලැබේවා කියා පතනවා. දිනෙක ලක් මවට ආඩම්බරයක් වෙන්න.
යම් දවසක මම මේ සත්‍ය මාර්ගයෙන් බැහැරව මහා පිස්සුවක් නටන්නට ලෑස්ති වනවා නම්
එහෙම නොවෙන්න බලා ගන්න, මිත්‍රයන් ආශ්‍රය කරන්නේ පරිස්සමෙන්. සෑමවිටම බුද්ධ දර්ශනය හිතේ තබා ගන්න.
සුභ පැතුම් මලේ. සුභ අනාගතයක්.
July 7, 2009 3:49 PMජයවේවා. ඊලඟ පාර එහෙනම් මකරට උගන්නන්න බ්ලොග් කරුවෙකුත් ඉන්නවා. නියමයි නියමයි. අක්බාර් පාලමෙන් මෙගොඩට ඇහැක් ගහන්න දැන්මම හිතේ ඇතිනේද එහෙනම්??එනවනම් අපිටත් කියල එන්න.
July 7, 2009 6:09 PMමොනව උනත් හොඳට ඉතිරි වැඩ ටික කරගන්න. කැම්පස් එක කියන්නේ ඉස්කෝලෙට හාත්පසින්ම වෙනස් තැනක්. පස්සෙන් ඉඳල තල්ලු කරන්න කවුරුත් නෑ. ඔයාට ඒ ටික කරගන්න එක අමාරු වෙන එකක් නෑ කියල හිතනව මේ ටික කියෙව්වම.
සුභ පැතුම්...
මේ ඔයාගේ අර ගණන් සර්ගේ (මහින්ද බණ්ඩාරනායක ) දුව (තිශාණි ) පුශ්පදාන නේද? මගේ හොඳම යාලුවෙක්
බොහොම ස්තූතියි හැම දෙනාටම:-)
July 7, 2009 9:42 PM@ Deeps: ම්ම්..... ඒ සර්ට දුවල එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හිටියා කියල මතකයි. නම් නම් හරියට දන්නෙ නෑ. ඔබ කියන එක්කෙනාත් වෙන්නැති:-)
July 7, 2009 10:30 PMප්‍රීති ප්‍රීති ප්‍රීති !!!
ඉංජිනේරු පීඨයට සාදරයෙන් පිළිගනිමු !!!
මගෙන් සුභ පැතුම් !!!
July 9, 2009 5:32 PMZ-score වෙනස් උනේ recorrection වලින්ද ??
@ මකරා අයියා: ප්‍රීතී ප්‍රීති... හම්බෙමුකො fac එකේදි:D
July 9, 2009 6:58 PM@ : ඔව් ඔව්. මේ සැරේ recorrection වලින් හැමෝගෙම Z-scores වෙනස් වෙලා. සමහරුන්ගෙ පල්ලෙහාටත් බැහැලා. ඒක නම් හැබැයි පවු වැඩේ:-(
ela ela macho!! patta a ;)
July 17, 2009 6:59 PMහී හී මම මේක දැක්කේ අදනේ බන්,උඹට ඔහොම වැඩම තමා උනොත්,කොහෙද අපි කියන ඒවා අහන එකෙක් යැයි,හී හී
July 17, 2009 6:59 PMකීපාරක් කීවද මැත හලන්න එපා කියලා,අපි දෙන්නම උ.පෙ. මුල කාලේ එකම පන්ති වලින්නේ ඇදගෙන නෑවේ.හී හී
හෙ හේ, අනිවා;-)
July 18, 2009 12:01 AMඅප්පා... මේක කියවන්න වුනේ අද නෙව චමිත අයියේ, ගොඩක් පරක්කුයි මම මයෙ හිතේ මේ සටහන කියවන්න. ඒ කොහොම වෙතත් පරක්කු වෙලා හරි මගේ උණුසුම් සුබ පැතුම්! අර කතාවකුත් තියෙනවා නෙව සුදුස්සාට සුදුසු තැන අනිවා හිමිවෙනවා කියලා. බුද්ධ චරිතයේ ආනන්ද හාමුදුරුවන්ට අග්‍ර උපස්ථායක තනතුර ලැබුනා වගේ...
July 23, 2009 1:18 PM(මට කොහොමටත් වැදගත් වෙන බ්ලොග් සටහනක් තමයි මේ! :)
මල්ලි...මන් මල්ලිගෙ බ්ලොග් සටහන් සහෙන්ඩ කියෙව්ව ,මන් මෙ බ්ලොග් එක කියෙව්වෙ මෙ ඩන්, මට අන්ටිමට කියවපු මෙ බ්ලොග් එක අන්ටිම හරිය ඩකින කොට සහෙන ඩුක හිටුන...මොකඩ ඔය science fac එන්නෙ නති නිස./..ඔය වගෙ නියම අඩහස් තියන ,රග් එකට සපුර විරුඩ්ඩ නියම කොල්ලෙක් අපෙ අන්ටිරග් පවුලට එකතු වුන නම් සහෙන සන්තොසඉ!!!!
July 24, 2009 9:07 AMඑත් මල්ලි වෙච්ච ඩෙට congrats මල්ලි,,,,
ඔයගෙ ලිපියෙ මුල් ටික අරෙන්ඩ ඔක්කොම වගෙ මටත් මගෙ ජීවිතයෙ අත් විඩින්ඩ හම්බුන...
cඋට් ඔෆ් මර්ක් එකට වඩ ( රන්ක් 73) ලකුනු හුගක්ම පොඩ්ඩක් මඩි වුන!!!
පස්සෙ වෙන කෙන්කු ගොනු කල නඩුවක් නිස නවත මෙඩි ෆc යන ටට්වයක් අති වෙනකොට sci fac එකට හොඩ්ටාම් හුරු වෙල . අන්ටිමට ම කමත්තෙන් සිටි සත්ව විඩ්යව විශය කරන්ඩ මට හම්බුන!!!
මල්ලි ටර්ගෙට් එකක්ට යන්න...මොන ෆc එකට ගියත්
JAYAWEWA
ප්.ස් ඔයගෙ අම්ම අපිට 2 වසරෙ ඉගන්නුව ..මඩම් මට හම්බුන හුගක්ම හොඩ මඩම් කෙනෙක්...මට ටාම මටකඉ ඉස්කොලෙ අන්ටිම ඩවසෙ මඩම්ට අඉයල අක්කලගෙන් හම්බුන ක්ම ඔක්කොම අපිට
බෙඩල ඩුන්න
හෙ හේ.... බොහොම ස්තූතියි සුදාරක මලයා. තව අවුරුදු 2ක් තියනවා නොවැ ඔයාගෙ විභාගෙට. දැන් ඉඳන් ම ගානට වැඩ ටික කරගෙන යන්න, අපිට වැරදුණු තැනුත් හදාගෙන. එතකොට අන්තිමට කිසි අවුලක් නෑ:)
July 25, 2009 3:10 PM@ Anonymous : අයියා කවුද කියන්න පුලුවන්ද? මම දන්න කියන කෙනෙක් වෙන්න එපැයි:D ලකුණු පොඩ්ඩක් මදි වෙච්ච එක ගැන නම් මට ගොඩක් දුකයි අයියා. ඒත් දැන් ඔයා ඔයාගෙ field එකේ වැඩ පටන්ගෙන තියන නිසා ඒක හොඳටම කරන්න. අද කාලෙ හොඳ තැනකට යන්න Engineering හෝ Medicine ම කරන්න ඕනෙ කියන එක බොරුවක්:)
congrates. Be a good engineer to mother Lanka
July 25, 2009 10:12 PMමුලින්ම මල්ලිට සුභ පැතුම්,
August 3, 2009 4:42 AMලියන්න හිතුනෙ මීට අවුරුඩු 4කට කලින් මම ලබපු අතැකීමම මල්ලිත් ලබපු නිසා. හැබයි මම ගියේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉජිනේරු පීඨයට.
මල්ලිට ඩන් හිත්තිච දේ ගොඩක්ඩුරට මට හිතිච්ච දේට සමානයි.
කොහොම උනත්
මල්ලිට සුභම සුභ අනාගතයක්
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.