Pages

Showing posts with label Astronomy. Show all posts
Showing posts with label Astronomy. Show all posts

Sunday, July 19, 2009

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2)

පූර්ව ලිපියට ඇතැම් දැඩි භෞතිකවාදීන් කෙරෙන් ප්‍රබල විවේචන එල්ල වුවද ඉන් එහි වැදගත්කම හීන වූ බවක් නොපෙනේ. බෞද්ධ විශ්ව න්‍යායවේදයෙහි එන කරුණු හුදු ප්‍රබන්ධ යැයි කීමට වෙර දරනා මොවුන් නානාප්‍රකාර දෘෂ්ටීන්ගෙන් මේ දෙස බැලිය හැකි වුවද මෙම කරුණු ඉදිරිපත් කරනුයේ අති බහුතරයක් වූ සාමාන්‍ය බෞද්ධ ජනයාට බුදු දහමේ ඇති විශ්ව සංකල්පය පිළිබඳ අවබෝධයක් ලබාදීමට විනා බුදු දහම හුදු විද්‍යාත්මක කිරීමේ අටියෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.

කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි. සැකෙවින් කිවහොත් විශ්වය තුළ දක්නට ලැබෙන පොකුරු ගැසීම් (groupings) වේ. බෞද්ධ දර්ශනය විශ්වය අදියර තුනකින් බෙදා දක්වයි. (මෙම ලිපියේ එන ඇතැම් කරුණු කලින් ලිපියේ එන කරුණු සමඟ ඍජුවම සම්බන්ධ වන බව කරුණාවෙන් සලකන්න). ඒවා නම්;
  1. සහස්සී චූලනිකා ලෝක ධාතුව -- Small Chiliocosm : සහස්සී චූලනිකා ලෝක ධාතුව යනුවෙන් හැඳින්වෙන ඒකකය නිර්මාණය වී ඇත්තේ කුඩා ලෝක 1000 ක එකමුතුවෙනි. මෙහිදී කුඩා ලෝකයක් ලෙස ගැනෙන්නේ කලින් ලිපියේ සඳහන් කරන ලද මානසික ස්තර 31 අතරින් 14 වන තලයේ සිට පහළට ඇති ලෝකයි. ඒවා අතරට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3 ද, සුර ලෝක 6 ද, මානව ලෝකය ද දුක්ඛ ලෝක 4 අයත් වේ. මෙවන් සංකලනයකින් යුතු එක් කුඩා ලෝක පද්ධතියක් කල්ප එකක් අවසානයේ ගින්නෙන් විනාශ වී යයි. මෙවන් කුඩා ලෝක 1000ක එකමුතුවෙන් සහස්සී (අංග 1000කින් යුත්) චූලනිකා (චූල/කුඩා) ලෝක ධාතුවක් නිර්මාණය වේ. මෙම ලෝක ධාතුවෙහි ඇති සෑම කුඩා ලෝකයක් ම එක්වර නිර්මාණය වී විනාශ වී යාමට හේතුවක් නැත. එය සහස්සී චූලනිකා ලෝක ධාතුවේ ආයු කාලය වන කල්ප 8ක් පුරාවට විවිධ අවස්ථා වලදී නැවත නැවතත් සිදුවීට ඉඩකඩ ඇත. මෙසේ එම එක් එක් කුඩා ලෝකය විනාශ වන වාරයක් පාසා එය නැවත ජනාවාස වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට අයත්, එහෙත් කුඩා ලෝකයට පිටතින් පිහිටි, ද්විතියික රූප ධ්‍යාන ලෝක හෙවත් ආභස්සර ලෝක වල (ස්තර 17-15) වැසියන්ගෙනි. කල්ප 8ක් අවසානයේ සහස්සී චූලනිකා ලෝක ධාතුව ද ජලයෙන් විනාශ වී යයි.
  2. ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව -- Medium Dichiliocosm : ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව නිර්මාණය වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක (ස්තර 20-18) පිහිටා ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට පිටතින් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව තුළ ය. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන මිලියනයකි. සෑම කල්ප 64ක් අවසානයේම ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව ද සුළඟින් විනාශ වී යයි. කල්ප 8කට වරක් සහස්සී චූලනිකා ලෝක ධාතුව ජලයෙන් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ සුභක්ෂ්ණ බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි.
  3. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව -- Great Trichiliocosm : ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව නිර්මාණය වන්නේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක වල (ස්තර 23-21) සිට ඉන් ඉහළට ඇති සියලුම ලෝකයන් පිහිටා ඇත්තේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුවෙන් පිටත ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව තුළයි. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන බිලියනයකි. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව කිසි දිනෙක විනාශ වී යන්නේ නැත. කල්ප 64කට වරක් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව සුළඟින් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි. බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වලින් පිටත ඇති ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල වැසියන් කිසි දිනෙක තමන් ලබා සිටින අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී පහළට වැටෙන්නේ නැති අතර (අනාගාමී වී ඇති නිසා) අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැසියන්ට රූපයක් නැති නිසා ඔවුන් අන් ලෝක වල වැසියන් සමඟ අන්තර්ක්‍රියා කරන්නේ නැත.
මීට සාපේක්ෂව නූතන තාරකා විද්‍යාවට අනුව ද විශ්වය ප්‍රධාන කොටස් තුනකින් සංයුක්ත වී ඇත. ඒවා නම්;
  1. මන්දාකිණි -- Galaxies : මන්දාකිණියක් යනු තාරකා (Stars), වායු පටල (Gas clouds)හා දුහුවිලි අංශු (Dust particles) ඇතුළත් අන්තර්තාරීය මාධ්‍යය (Interstellar medium) සහ උපකල්පිත අඳුරු පදාර්ථයෙන් (Drak matter) නිර්මිත ගුරුත්වයෙන් එකට බැඳුනු අති විශාල තනි පද්ධතියකි. මේවායෙන් ඇති ඇතැම් තාරකා වටා ග්‍රහ මණ්ඩල පිහිටා ඇති අතර තවත් ඒවායේ එසේ නැත. තාරකා විවිධ ප්‍රමාණයන්ගෙන් එක්වී මන්දාකිණි නිර්මාණය වේ. අප වාසය කරන ක්ෂීරපථයෙහි ආසන්න වශයෙන් තාරකා බිලියන 200ත් 400ත් අතර සංඛ්‍යාවක් ඇත.
  2. මන්දාකිණි පොකුරු -- Galaxy Clusters : මන්දාකිණි කණ්ඩායම් (Groups) හා පොකුරු (Clusters) ලෙස මේවා කොටස් දෙකකි. කණ්ඩායමක ආසන්න වශයෙන් මන්දාකිණි 10ත් 50ත් අතර සංඛ්‍යාවක් ඇති අතර පොකුරක 50සිට දහස් ගණනක් දක්වා පිහිටිය හැක. මේවා අතර නිශ්චිත බෙදුම් ලකුණක් නැතත් මේවායේ විශේෂත්වය වන්නේ විශ්වය තුළ ගුරුත්වය මගින් බැඳී ඇති විශාලතම ව්‍යුහ පද්ධතීන් මේවා වීමයි. අප වසන ක්ෂීරපථය ඇත්තේ Local Group නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුර තුළ ය. එහි මන්දාකිණි 40කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මේවා තුළ එක් එක් තනි මන්දාකිණි වල ප්‍රවේගයන් සළකා බලන විට, ඒවාට එතරම් විශාල ප්‍රවේගයක් අත්කරගන්නා අතරම ගුරුත්වයෙන් බැඳී පැවතීමට නම් තවත් විශාල, දර්ශනය නොවන, අද්භූත ස්කන්ධයක් පැවතිය යුතු යැයි විශ්වාස කෙරේ. ඊට අඳුරු පදාර්ථය යන නම ව්‍යවහාර වේ. මේවා පරීක්ෂණාත්මකව සොයාගෙන නැත.
  3. සුපිරි මන්දාකිණි පොකුරු -- Galaxy Superclusters : සුපිරි මන්දාකිණි පොකුරු යනු මන්දාකිණි පොකුරු (Galaxy Clusters) විවිධ ප්‍රමාණයන්ගෙන් එක් වී ඇති පද්ධතියකි. අප වසන පොකුර වන එක අයත් වන්නේ Local Supercluster හෙවත් Virgo Supercluster එකටයි. මෙහි මන්දාකිණි පොකුරු 100ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. කලක් යනතුරු සිතා සිටියේ විශ්වයේ විශාලතම ව්‍යුහයන් මේවාය කියා ය. නමුත් ප්‍රබල දුරේක්ෂ භාවිතයෙන් මෑතකදී කළ අධ්‍යයනයන් වලින් Superclusters වලටත් වඩා විශාල සූත්‍රිකා (Filaments), ප්‍රාකාර (Walls) වැනි අති විශාල පද්ධතීන් විශ්වයේ ඇතැයි සොයාගෙන තිබේ. නමුත් මේ එකක් වත් ගුරුත්වයෙන් බැඳී නැති අතර එක පොදියට පිහිටා ඇති අතර Voids නම් ඒවා අතර ඇති විශාල හිස් ඉඩ ප්‍රමාණ වලින් වෙන්වී ඇති නිසා ව්‍යුහයන් ලෙස නිර්ණය කෙරේ. මේවාට කිසිදු නිශ්චිත හැඩයක් නැති අතර පොදුවේ super cluster complexes යන නම ව්‍යවහාර කෙරේ.
බෞද්ධ විශ්ව න්‍යාය වේදය සහ නූතන විශ්ව න්‍යායවේදය යන විෂයන් අධ්‍යයනය කරන කිසිවෙක් මෙම පද්ධතීන් සන්සන්දනය නොකළ යුතුය. ඊට හේතුව නූතන විද්‍යාඥයන් අතර නූතන විද්‍යාවේ, මහා පරිමාණ විශ්ව ආකෘතිය (large scale structure of universe) පිළිබඳ කිසිදු එකඟතාවන් නොමැති වීමයි. මෙහි එන කරුණු බොහෝමයක් සොයාගන්නට යෙදුනේ 90දශකය අග භාගයේදී සහ 21වන සියවසේදී ය. එම කරුණු දිනපතා කරන සොයාගැනීම් හරහා දිනපතාම වෙනස් වීම් වලට භාජනය වේ. එසේම Dark matter, Dark energy වැනි උභතෝකෝටිකයන් ගැන තවමත් නිසි අවබෝධයක් විද්‍යාඥයන් අතර නැත. Dark matter යන සංකල්පය කරළියට පැමිණියේ ම මන්දාකිණි වල ස්කන්ධය පිළිබඳ මතුවූ ගැටලුවක් නිසා ය. එනම් ගණිතමය වශයෙන් බලන විට තිබිය යුතු ලෙස පෙනෙන ස්කන්ධය නිරීක්ෂණයෙන් දැකිය නොහැකි හෙයිනි. (මේ නිරීක්ෂණය මුල් වරට කරන ලද්දේ 1933 දී Fritz Zwicky නම් විද්‍යාඥයා විසිනි). අප සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙනි. විද්‍යුත් චුම්බක තරංග වලට හසු නොවන දෙයක් ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක පරීක්ෂාවකින් තහවුරු කළ හැකි නොවේ. වත්මන් විශ්ව න්‍යායවේදීන් ද මුහුණදී ඇති ගැටලුව මෙයයි. පුදුමයකට මෙන් නිවන හෝ සුර ලෝක පිළිබඳ බෞද්ධ මතය විවේචනය කරන ඇතැම් බක පණ්ඩිතයන් මේවා දන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ පරීක්ෂණාත්මකව තහවුරු කළ නොහැකි කිසිදු දෙයක් සැබෑවට පවතින්නේ නැතැයි කියා ය.

නැවතත් Dark Matter දෙසට හැරෙමු. තවත් විද්‍යාඥයන් පිරිසක් තර්ක කරන්නේ Dark Matter ආශ්‍රිත මෙම ස්කන්ධ ගැටලුව ඇතිවන්නේ නිව්ටන් නියම හරිහැටි අවබෝධ කර නොගැනීම නිසායැයි කියා ය. ඔවුනට අනුව අප දැනට භාවිතා කරන නිව්ටන්ගේ දෙවන නියමය වැරදි ය. අප සෑම විට ම ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් සඳහා F=ma සමීකරණය යෙදීමට පුරුදුව සිටියත් ත්වරණය ඉතාමත් කුඩා වන මන්දාකිණියක් වැනි පද්ධතියකට එය එසේ යෙදිය නොහැක. ඒ වෙනුවට F=ma සමීකරණය මෙසේ වෙනස් වේ.
F=m.µ(a/a0).a
µ(a/a0)=µ(x)
ලෙස ගනිමු
|x|≫1 විට µ(x)=1
0 <|x|≪1 විට µ(x)=x ද වේ
මෙහි;
m= වස්තුවේ/මන්දාකිණියේ ස්කන්ධය,
a= වස්තුවේ/මන්දාකිණියේ ත්වරණය,

a0
= නිර්ණය කළ යුතු නියතයක්.
a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් ඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි.

මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් නිවන හා මානසික ස්තර 31 පර්යේෂණාත්මකව ඔප්පු කළ නොහැකි යැයි පැවසීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මෙහිදී පැහැදිලි කළයුතු තවත් කරුණක් තිබේ. එනම් විශ්වයේ මහා පරිමාණ ආකෘතිය පිළිබඳ නූතන විද්‍යාත්මක අ(න)වබෝධයයි. නූතන විද්‍යාවට අනුව විශ්වය වසර බිලියන 13.7ක් පමණ පැරණි ය. මේ පිළිබඳ විවිධ තර්ක ඇති බව මා කලින් ලිපියක සඳහන් කරන ලදී. එම නිසා ඒ ගැන නැවත නැවත කීමට යන්නේ නැත. නමුත් නූතන විද්‍යාවට අනුව විශ්වයේ ව්‍යුහය ගැන අපූරු කරුණු සොයාගෙන ඇත. මා කලින් සඳහන් කළ මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු යනාදී සියල්ල අයත් වන්නේ නිරීක්ෂණය කළහැකි විශ්වය (Observable Universe) ටයි.

Obsevable universe යනු අපට පෙනෙන විශ්වයයි. අපට පෙනෙන විශ්වයක් ඇත්තම් අපට නොපෙනෙන විශ්වයක් ද තිබිය යුතු ය. අපට පෙනෙන විශ්වය යනු නිරීක්ෂකයා කේන්ද්‍ර කරගත් අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46.5ක් පමණ වූ ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවකි. නමුත් එහි අදහස විශ්වයේ මධ්‍යය පෘථිවිය බව නොවේ විශ්වයේ කුමන තැන සිට බැලුව ද එය වටා පෙනෙන ලෝකය (විශ්වයේ) අරය ආලෝක වර්ෂ බිලියන 46.5කි. ඇතැමුන්ට මෙය ආගන්තුක සංකල්පයක් විය හැක. මන්ද නූතන අයින්ස්ටයිනීය සාපේක්ෂතාවාදය මගින් යම් වස්තුවක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට බාධක දමන බැවිනි. ඔව් එය සැබෑ ය! නමුත් අවකාශය යනු තවත් එක් වස්තිවක් නොවේ. අවකාශය ප්‍රසාරණය වන්නේ අවකාශය තුළ ම ය. එසේම අවකාශ කාලය පැතලි (flat) දෙයක් නොවේ. අවකාශ කාලය වක්‍ර වී ඇත. එම නිසා විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් වූ පමණින් (ප්‍රතිවිරෝධතා ගහණ ය) විශ්වය ද අරය ආලෝක වර්ෂ බිලියන 13.7ක් වූ ගෝලයක් වීමට අවශ්‍ය නැත. අඩුම තරමින් විශ්වය ගෝලයක් දැයි කියා වත් නූතන විද්‍යාව නොදනී!

නූතන විද්‍යාවම අනුමාන කරන පරිදි සැබෑ විශ්වය අප දකින විශ්වයට වඩා බෙහෙවින් විශාල ය. එය කොතෙක් දැයි කිවහොත් අප දකිනා සහ නොදකින විශ්වය අතර ප්‍රමාණ අනුපාතය
ms−2 ට අඩු නිසා ඒ තුළ අවම වශයෙන් 1:1023 ත් 1:1026ත් අතර වේ. මෙය සාපේක්ෂව සඳහන් කළහොත් අපට පෙනෙන විශ්වය දොඩම් ගෙඩියක් නම් නොපෙනෙන විශ්වය පෘථිවිය තරම් විශාල ය! (සාපේක්ෂ පරිමාණය 1:1024). අපට එසේ නොදැකිය හැකි කොටසක් තිබීමට හේතුව එතරම් ඈතක සිට විද්‍යුත් චුම්බක තරංග අප වෙත ඒමට හැකියාවක් නැතිකම ය. අප ඈත මන්දාකිණි කියා දකින්නේ අතීතයයි. කෙනෙකුට කාලය හරහා පිටුපසට යෑමට ඇති එකම ක්‍රමය ඈත තරු එළිය දෙස බලා සිටීමයි. එපමණක් ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් අපට පෙනෙන විශ්වයේ ඇති දෑ ද නොපෙනී යමින් තිබේ. ඊට හේතුව නම් ඈත ඇති මන්දාකිනි අපේ එකේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event horizon) එපිටට වැටීමයි. එබැවින් තවත් දීර්ඝ කාලයකින් ක්ෂීරපථය අඳුරු විශ්වයේ තනි වනු ඇත.

දැන් නැවතත් බෞද්ධ විශ්ව න්‍යායවේදය දෙසට යොමුවෙමු. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් නිර්මාණය වී ඇත්තේ ජනාවස වූ ලෝක 1000 කිනි. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් පිටත එහි වැසියන් හට නොපෙනෙන ලෝක ගණන අපමණ ය. නූතන විද්‍යාව එය පිළිගනී. පෙනෙන විශ්වය තුළ ඇති බිලියන 80ක් පමණ වන මන්දාකිණි හැරුණු විට ඉන් පිටත ද අනන්තවත් වූ මන්දාකිණි පිහිටා ඇති බව එය කියයි. එසේම නූතන විද්‍යාවට දැකිය හැක්කේ විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය කරන වස්තූන් පමණි. එසේ නොමැති කිසිවක් දැකීමට ඊට හැකියාවක් නොමැති බව අඳුරු පදාර්ථය පිළිබඳබ නිර්මාණය වී ඇති ගැටලුවෙන් පෙනී යයි. සුරලෝක, බ්‍රහ්ම ලෝක පෙනෙන්නේ නැත්තේ මන්දැයි විමසන ඇත්තන්ගේ තර්ක අතේ පත්තු වන්නේ දැන් ය.

බුදුරජාණන් වහන්සේට විශ්වය කරුණු එකින් එක පැහැදිලි කිරීමේ අවශ්‍යතවක් නොවුණි. ක්‍රි.පූ. 6වන සියවසේ ඉන්දීය ජන සමාජයේ ජනතාව එකක් තබා ඉර වටේ පොළොව යන බව වත් දැන සිටියේ නැත. එවන් තත්ත්වයක් තුළ උන්වහන්සේ දේශනා කළ විශ්වය පිළිබඳ කරුණු අකාලික-හැමදාටම ගැළපෙන ලෙස දේශනා කිරීම සැබැවින්ම ආශ්චර්යයකි.

අවසාන වශයෙන් අප බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology) දෙසට යොමුවෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ විශ්වයේ එක් එක් මට්ටම් වල සම්භවය, පැවැත්ම, විනාශය යන කරුණුයි. බුදු දහමේ විශ්වය පිළිබඳ කරුණු වලදී යෙදෙන ප්‍රධානතම කාල මානන ඒකකය කල්ප, නැතහොත් මහා කල්ප (Great Eon) වේ. මහා කල්පයක අගය වත්මන් කාල ඒකක වලින් සඳහනක් නැත. නමුත් එය අනිවාර්යයෙන්ම පෘථිවි වර්ෂ බිලියනය ඉක්මවා ගියහොත් මිස ඊට අඩුවන්නේ නැත. සෑම කල්පයකට වතාවක් ම සෑම ලෝක ධාතුවක්ම (ස්තර 14 සිට පහළට ) විනාශ වී නැවත හටගැනීම සිදුවේ. මෙම මහා කල්පය නැවත වරක් උප කොටස් (Eons) 4කට බෙදේ. එම එක් එක් කල්පය ද නැවත වරක් අන්තර් කල්ප (Inside Eons) 20 කට බෙදේ.

ප්‍රධාන බෙදීම් 4න් එකක් වන සාම්වට්ඨ ස්ථායී කල්පය තුළදී මෙම උප බෙදීම් හුදු නාමයන් පමණක් වන අතර එහිදී විශේෂ සිදුවීම් කිසිවක් වන්නේ නැත. එම ප්‍රධාන බෙදුම් කොටස් හා ඒ එක් එකක් තුළදී සිදුවන ක්‍රියා කෙටියෙන් මෙසේ ය.
  1. විවට්ඨ කල්පය -- Eon of Evolution : මෙය ලෝක ධාතුවේ ආරම්භක අවස්ථාවයි. මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය. එහිදී ද විශ්වයේ තැනුම් ඒකකය වූ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය, අණුක වළා (Molecular Clouds) ලෙස ගුරුත්වය යටතේ එක්වීමට පටන්ගනී. අනතුරුව එම අණු, මධ්‍යය වටා ඉතා ප්‍රචණ්ඩ ලෙස පරිභ්‍රමණය වීමට පටන්ගනී. එහිදී තවතවත් අණු එම වළාවට එක්වීමට පටන්ගනී. අවසානයේ එම සමස්ත පද්ධතියේ ස්කන්ධය එක් නියත අගයක් (Jeans Mass) ඉක්මවා ගිය විට තම ගුරුත්වය යටතේ එම අණුක වළාව බිඳවැටීමට පටන්ගනී. ජීන්ගේ ස්කන්ධය අත්කර නොගත් අවස්ථා වලදී ද අණුක වළා අතර ගැටුම්, සුපර්නෝවා වලින් නික්මෙන ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ ධාරා, මෙන්ම අණුක වලා සහ අතර ඇතිවන ගැටුම් යනාදියෙන් නික්මෙන කම්පන තරංග (Shock Waves) යනාදී බාහිර බලපෑම් මත මෙය සිදුවිය හැක. එමගින් මධ්‍ය තාරකාව නිර්මාණය වන අතර වටේ ඇති අණු වලින් accretion disk එකක් සෑදී ජීවී පැවැත්මට උචිත ග්‍රහලෝක ඇතුලු ග්‍රහ පද්ධති බිහිවේ. ලෝක බිහි වූ පසුව වඩාත් ඉහළින් ඇති, විනාශ නොවූ ලෝක ධාතු වලින් ජීවීන් පැමිණ, ජීවයට උචිත ග්‍රහලෝක අතර සංචාරය කිරීමට පටන්ගනී. ඒවා අතර ගමන් කරන විට ඔවුන් ඒවා නැරඹීමට වන් කල්හි ඒ කෙරෙහි ආශාවක් ඔවුන් තුළ ජනිත වේ. ඊට හේතුව නම් ඒවායේ සුන්දරත්වයයි; එහි ඇති ද්‍රව්‍ය ආහාරයට ගත්විට දැනෙන ප්‍රණීත රසයයි. මෙම රසයන්ට සිත ඇදී ගිය කල්හි ඔවුනට ඔවුනගේ කලින් පැවති අධ්‍යාත්මික දියුණුව පිරිහීමට් පටන්ගනී (ධ්‍යානයක් ලැබූ විට එය මහත් උත්සාහයෙන් යුතුව රැකගත නොහැකි වුවහොත් ඉන් පිරිහී පහළට ඇද වැටීමට වැඩි කාලයක් ගත නොවේ). අවසානයේ ඔවුන් කලින් තිබූ සියලු සම්පත් අහිමි, නවතම ජීවී ප්‍රජාවක් බවට පරිණාමය වේ. ඔවුන් අතර කලින් නොතිබූ දුෂ්චරිතයන් හටගනී. දුෂ්චරිතයන් වැඩිවෙමින් යන විට 14වන මානසික ස්තරයේ සිට පහළට, එක් එක් ලෝක පිරෙමින් යාමට පටන්ගනී. එම එක් එක් ලෝකය ද නැවත නැවතත් පරිණාමය වේ. (බුදු දහම හැරුණුකොට පරිණාමවාදය පිළිගන්නා එකම දහමක් වත් මෙලොව නැත). උදාහරණයක් ලෙස මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ජීවීන් ක්‍රම ක්‍රමයෙන් තමන්ට ආවේණික අර්ථ ක්‍රමයක් නිර්මාණය කරගන්නා අතර දේශපාලන ව්‍යුහයක් ද නිර්මාණය කරගනී. ඊට හේතුව නම් මිනිසුන් කණ්ඩායම් අතර බෙදීම්, කළකෝලාහල, හැළහැප්පීම් ඇතිවීමයි. එම තත්ත්වයන් පාලනය කිරීමට මුලුමහත් මානව වර්ගයාටම එක් නායකයෙකු බිහිවේ. ඔහු "මහා සම්මත" (the great appointed one) නමින් හැඳින්වේ. (වැඩිදුර කරුණු : අග්ගඤ්ඤ සූත්‍රය, දීඝ නිකාය, 27 වන සූත්‍රය)
  2. විවට්ඨ ස්ථායී කල්පය -- Eon of Evolution-Duration : පළමු අන්තර් කල්පය : විවට්ඨස්ථායී කල්පය ආරම්භයේදී පළමු ජීවීන් නරකයන්හි බිහිවේ. මෙහිදී අපාය යනුවෙන් ස්ථිර දෙයක් නොපවතින බව සැළකුව මැනවි. ජීවීන් නැති කාලයේ කිසිදු ලෝකයක් පවතින්නේ නැත. විවට්ඨස්ථායී කල්පයේ පළමු අන්තර්කල්පයේදී ද ලෝකය පාලනය කරන්නේ චක්‍රවර්ති නම් තනි රජ කෙනෙකි. මෙවැනි රජවරු 7 දෙනෙක් පහළ වේ. ඒ සෑම කෙනෙක්ම නිශ්චිත කාලයක් (මහා සුදස්සන නම් එවන් චක්‍රවර්ති රජ කෙනෙකුගේ වසර 336 000ක් දක්වා දිවෙන පාලන කාලය ගැන මහා සුදස්සන සූත්‍රයෙහි - දීඝ නිකාය, 26 වන සූත්‍රයෙහි - සඳහන් වේ) මානව වර්ගයා පාලනය කොට ශ්‍රමණ ජීවිතයකට ඇතුළත් වේ. නමුත් මෙම පරපුරේ 7 වන රජු පමණක් නියමිත කාලයේ පාලනය තම අනුප්‍රාප්තිකයාට භාරදීමට අකැමැති බේ. මේ නිසා මානව වර්ගයාගේ පාලනය පාලන තන්ත්‍රයෙන් ගිලිහී ගොස් ලෝකය අරාජික වේ. හොරකම, දූෂණය වැඩිවේ. අවසානයේ මානව සංහතිය කොටස් කිහිපයකට කැඩී යයි. අවසානයේ මානවයාගේ ආයු කාලට 80000 සිට 100 දක්වා අඩු වේ. මෙම කාල පරිච්ඡේදය තුළ බුදුවරුන් සිව් දෙනෙකු මානව ලෝකයෙහි පහළ වේ (ගෙවී යන්නේ මහා භද්‍ර කල්පයක් නිසා බුදුවරුන් 5 දෙනෙකු විවිධ කාල ප්‍රාන්තරයන් තුළ පහළ වේ. වෙනත් කල්ප වල එසේ නොවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස මෛත්‍රී බුදුරජාණන් වහන්සේහ්ගෙන් අනතුරුව බුදු කෙනෙක් නැවත පහළ වන්නේ කල්ප 59කිනි). මානවයාගේ වයස අවුරුදු 40000 දී කකුසඳ බුදුරජාණන් වහන්සේ ද, 30000 දී කෝනාගමන බුදුරජාණන් වහන්සේ ද 20000දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පහළ වේ. අවසාන වශයෙන් , මෙම අන්තර් කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ මානවයාගේ සාමාන්‍ය වයස අවුරුදු 100 ක් වන විට ය. මානවයාගේ ඉතිරි කාල පරිච්ඡේදය දුෂ්චරිතයෙන් ගහණ ය. ඔවුන්ගේ ආයු කාලය 100 සිට 10 දක්වා පහත වැටේ. සියලුම ආකාරයේ දුෂ්චරිතයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මහා යුද්ධයකින් සියල්ල අවසාන වේ. එමගින්, මානව වර්ගයාගෙන් ඉතා සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම මියයන අතර පළමු අන්තර් කල්පය අවසන් වේ (කොතරම් සාධාරණ තර්කයක් ද? මානව වර්ගයා සතුව අද පවතින න්‍යෂ්ටික අවි ප්‍රමාණය, පෘථිවිය මත මානව හා ජෛව ප්‍රජාව කිහිප වරක් විනාශ කර දැමීමට සමත් ය). දෙවන අන්තර් කල්පය : යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සැඟවී සිටි ගුණදහම් රැකගෙන සිටි මානව පිරිස නව ශිෂ්ඨාචාරයක් පෘථිවිය මත ආරම්භ කරති. ඔවුන් යහපත් ලෙස කල් ගෙවීම නිසා වසර 10 සිට 80000දක්වා ඔවුන්ගේ ආයු කාලය දික් වේ. මෙය කාලයත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බව සැළකුව මැනවි. මේ කාලය වනවිට සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් මානව වර්ගයා පාලනය කරයි. ඔහුගේ කාලයේදී තුසිත දිව්‍යලෝකයේ වැඩවෙසෙන නාථ නම් බෝධිසත්තවයන් වහන්සේ මානව වර්ගයා අතර අජිත ජන නමින් ඉපිද මෛත්‍රෙය යන නමින් බුද්ධත්වයට පත්වේ. තවත් කල්ප ගණනාවකට ඉන් අනතුරුව බුදු කෙනෙක් පහළ වන්නේ නැත. එම බුදුන් වහන්සේගෙන් අනතුරුව නැවතත් මානව වර්ගයා පිරිහීමට ලක්වේ. කලින් සිදු වූවා සේම අන්තර් කල්පයෙන් අන්තර් කල්පය ගතවේ. අවසානයේදී 19 වන අන්තර් කල්පය අවසානයේ මානවයාගේ ආයු කාලය 80000දක්වා දික් වූ විට එය නැවත අඩුවීම ඇණහිටී. විවට්ඨස්ථායී කල්පයේ අවසානය එයයි.
  3. සාම්වට්ඨ කල්පය -- Eon of Dissolution : සාම්වට්ඨ කල්පය යනු විවට්ඨ කල්පයෙහි විරුද්ධ අවස්ථාවයි. එනම් මෙහිදී එක් එක් ජීවීන් එක් එක් මානසික ස්තරයෙන් පහළට යාම සිදු නොවී එහි විරුද්ධ අතට, එනම් එක් එක් ස්තරයෙන් ඉහළට යාමට පටන් ගනී. මේ අනුව නිරයේ ඉපදුණු ජීවීන් තිරිසන් ලෝකයේ ද, තිරිසන් ලෝකයෙන් අසුර ලෝකයට ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගමන් කරමින් අවසානයේ 14 වන මානසික ස්තරයෙන් ඉහළට සියලුම ජීවීන් ගමන් ගනී. බ්‍රහ්ම ලෝක ජීවීන්ගෙන් පිරී යයි. මෙසේ reverse order එකට සිදුවීම් සිදුවීම නූතන විද්‍යාවට අලුත් සංකල්පයක් නොවේ. නූතන විද්‍යාවේ එන එක් විශ්ව මොඩලයක් (Cosmological Model) වන Closed Universe ට අනුව සිදුවන්නේ මෙයයි. එනම් විශ්වයේ ඝනත්වය වැඩිවීම නිසා යම් අවස්ථාවක ප්‍රසාරණය නැවතී නැවතත් විශ්වය ගුරුත්වය යටතේ බිඳවැටීමයි. එහිදී සියලු සිදුවීම් නැවත පිටුපසට (Reverse order එකට) සිදුවේ. නමුත් තාපගති විද්‍යාව දෙවන නියමය මීට බාධා එල්ල කරයි. එනම් විශ්වයේ සසම්භාවී ස්වභාවය (Entropy) වැඩිවනවා මිස අඩුවිය නොහැක යන තර්කයයි. නමුත් ආපසු අතට සිදුවන ක්‍රියාවලි නූතන විද්‍යාව තුළ ද පවතින වැදගත් සංකල්ප වේ. සාම්වට්ඨ කල්පය අවසානයේ ලෝක ධාතුව ගින්නෙන් විනාශ වී යයි. කල්ප 8කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත සහස්සී චූලනිකා ලෝක ධාතුවම ජලයෙන් විනාශ වී යයි. කල්ප 64 කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත මඣ්ඣිමනිකා ලෝක ධාතුවම සුළඟින් විනාශ වී යයි.
  4. සාම්වට්ඨ ස්ථායී කල්පය -- Eon of Dissolution-Duration : මෙහිදී සමස්ත ලෝක ධාතුව ම තුළ පවතින්නේ ශූන්‍යත්වයයි. එහි අලුතෙන් සිදුවන දෙයක් නැත. අන්තර් කල්ප පවා සිදුවී වලින් තොරව ගෙවී යයි.
බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය විනාශ වීම හා සුළඟින් ලෝකය විනාශ වීම යන කරුණු ඇතැමුන්ට ආගන්තුක විය හැක. නමුත් නූතන විශ්ව න්‍යායවේදය තුළ ද මෙම කරුණු පතින බව සිහිපත් කිරීම වටී.

උදාහරණයක් ලෙස, අපගේ සූර්යයාගේ ජීව කාලය අවසානයේ, තව වසර බිලියන 5කින් පමණ සූර්යයා රතු යෝධ තාරකාවක් (Red Giant Star) බවට පත්වේ. මෙහිදී සූර්යයා කොතරම් විශාල වේදැයි කිවහොත් අඟහරු කක්ෂයෙනුත් ඉවතට යන ගණනට සූර්යයාගේ අරය වැඩිවේ. මේ වනවිට පෘථිවිය ඇතුලු මුලු මහත් සූර්යග්‍රහමණ්ඩලයම සූර්යයාගේ ගිනිදැල් වලට හසුවී විනාශ වේ. මින් අදහස් කෙරෙන්නේ කල්පයක් අවසානයේ ගින්නෙන් විනාශ වී යන ලෝක ධාතුව පෘථිවිය බව නොවේ. මා ඉදිරිපත් කරන්නේ ගින්නෙන් ලෝකයක් විනාශ වී යෑම අරුමයක් නොවන බව ය.එපමණක් ද නොවේ කාලයෙන් කාලයට සිදුවන මන්දාකිණි ගැටීම් (Galactic Collisions) නිසා ද ඇතැම් ලෝක විනාශ වී යයි. ඊට හේතූන් වන්නේ ගැටීම් වලින් හටගන්නා ප්‍රබල කම්පන තරංග (Shock Waves) ය. සුළඟ යනු අන්වායාම තරංග වලින් හටගන්නා කම්පන තරංගයන්හි ප්‍රතිඵලයක් වන අතර අන්තර් මන්දාකිණි කම්පන තරංග (Galactic Shock Waves) යනු ද අන්වායාම තරංග විශේෂයක් වේ.

එපමණක් ද නොවේ. විශ්වයේ අවසානය සිදුවිය හැක්කේ කෙසේ ද යන පැනයට නූතන විද්‍යාඥයන් දෙන පිළිතුරක් තුනකි. ඒවා මෙසේ ය:
  1. Open Universe : විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය අවම කිරීමට සමත් පදාර්ථ ප්‍රමාණයක් එහි අන්තර්ගත නොවේ නම් විශ්වය සදාකාලිකව ම ප්‍රසාරණය වනු ඇත. 1998දී කරන ලද Type 1a Supernovae අධ්‍යයනයන් මගින් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බැව් සොයාගෙන තිබේ. මේ අනුව දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් යෑමේදී සිදුවනු ඇත්තේ යම් දිනෙක අප වටා ඇති සියලුම මන්දාකිණි අපගේ නිරීක්ෂණාත්මක විශ්වයෙන් (Observable Universe) ඈත්ව ගොස් ක්ෂීරපථය පමණක් "අපගේ" විශ්වයේ තනි වීම ය. එවිට අන්තර් මන්දාකිණි ගුරුත්ව බලපෑම් (Inter galactic gravitational effects) නැති වී, අප වාසය කරන ලෝක වලට බාහිර විශ්වයෙන් ලැබෙන ශක්තීන් නොමැති වී සියලුම ලෝක "සිසිල් මරණයකට" මුහුණදීම ය. විශ්ව න්‍යායවේදීන් මෙවන් අවස්ථාවකට භාවිතාකරන වදන වන්නේත් පුදුමයකට මෙන් Cold Death යන්නයි. දැනට ඔවුන් විශ්වාස කරන පරිදි වඩාත්ම වියහැකි (likely) විශ්වාවසානය මෙයයි.
  2. Flat Universe : විශ්වයේ යම් නිශ්චිත පදාර්ථ ඝනත්වයක් (Critical Density, Ω=(1 හෝ 2) × 10-26 kg/m3) ඇති අවස්ථාවකදී එය සංකෝචනයත් නොවී, දිගින් දිගටම ත්වරණයකින් ප්‍රසාරණයත් නොවී, සංකෝචනය වීම වැලැක්වීමට අවශ්‍ය යම් නියත ප්‍රවේගයකින් පමණක් ප්‍රසාරණය වේ. නමුත් ඉතා සුලු ඝනත්ව වෙනසකින් මෙම තත්ත්වය දෙපැත්තෙන් එක් පැත්තකට පරිවර්තනය විය හැක. මෙය හරියට පිහි තලයක් මත පැන්සලක් සමබර කිරීමට සමාන ය. එබැවින් විද්‍යාඥයෝ මෙය සිදුවිය නොහැකි සිදුවීමක් ලෙස දකිති. (දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයේ ඝනත්වය මීට වඩා සියගුණයකින් පමණ අඩු වේ. එය ආසන්නව ඝන මීටරයට පරමාණු 0.2ක් පමණි).
  3. Closed Universe : යම් හෙයකින් විශ්වයේ ඝනත්වය උක්ත ඝනත්වයට (Critical Density, Ω) වඩා වැඩි නම් විශ්වය තම ගුරුත්වය යටතේ බිඳවැටේ. අනතුරුව එහි තිබෙන සියලුම පදාර්ථ එකට පොදියකට ගොනු වී "තාපමය මරණය"කට විශ්වය භාජනය වේ. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ heat death යනුවෙනි.
නමුත් මේ හරහා බෞද්ධ විශ්ව න්‍යායවේදය සහ නූතන විශ්ව න්‍යායවේදය ඍජු ලෙස සන්සන්දනය කිරීම උචිත නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ස්ථිර (Definite) විෂයක් බවයි.

Tuesday, July 14, 2009

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)

බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක.

බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,
  1. අවකාශ විශ්ව න්‍යායවේදය (Spatial Cosmology)
  2. පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology)
මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්,
  1. චක්‍රවාද විශ්ව න්‍යායවේදය (Vertical Cosmology)
  2. සහස්‍ර විශ්ව න්‍යායවේදය (Horizontal Cosmology)
මින් නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය (විශ්වයේ උපත, පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන සහස්‍ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා, මන්දාකිණි, ස්ථානීය පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - Groupings) පිළිබඳව පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු, උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත. විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්‍රක් බුදු දහමේ නැති නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. 27 වන සූත්‍රය), මහා සුදස්සන සූත්‍රය (දීඝ නිකාය. 17 වන සූත්‍රය), චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. 26 වන සූත්‍රය), මහා පදාන සූත්‍රය (දීඝ නිකාය, 14 වන සූත්‍රය) ප්‍රමුඛ පාලි විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී තිබේ.

නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි.

නූතන විශ්ව න්‍යායවේදය සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර ඇත්තේ විශ්වයේ උපත, විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික ආකෘති (Physical Models) පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් (Physical Structure) මෙන්ම අධ්‍යාත්මික සැකැස්මක් (Psycological Structure) ද ඇත. නමුත් මෙම අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් (Telescopic studies or spectroscopy) හෝ අංශු භෞතික පරීක්ෂණ (Particle Physics experiments) මගින් අනාවරණය කරගත නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය.

විශ්වයේ සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද? මෙම පැනයට පිළිතුරු සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා 'විශ්වය' නමින් හඳින්වමු) ස්තර 31 කර බෙදේ. මෙහිදී 'ස්තර' යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ 'කොටස්' යන්නයි. මෙම කොටස් 31 ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි.

තවදුරටත් පැහැදිලි වීම සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන් කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස් මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර 29ක් පවතී. මා මෙම උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා බුදු දහමේ එන 'මානසික ස්තර' සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි.

චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි.

දැන් අප මෙම ස්තර 31 වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් 'දේව' හා 'බ්‍රහ්ම' යන ඒවායි. බුදු දහමේ එන දේව සංකල්පය, බටහිර දේව සංකල්පයට වත්, බ්‍රහ්ම සංකල්පය, හින්දු ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය. බුදුරජාණන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා කළේ ක්‍රි.පූ 6 වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ.

මිනිස් වර්ගයාට ඉහළින් ජීවන ස්තර 26ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්, අධිපති බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව, බ්‍රහ්ම යන වචන වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක් වශයෙනි. (මගේ මතයට අනුව, දේව, බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත).

සැ.යු. මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල -විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන් මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත.

අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 : 4 Immaterial Brahma Realms

සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.

අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි:


(31) නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- Plane of Neither Perception-nor-non-Perception
: සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.
(30) ආකිඤ්චඤ්ඤායතන -- Plane of Nothingness : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි.
(29) විඤ්ඤාණඤ්චායතන -- Plane of Infinite Consciousness
(28) ආකාසානඤ්චායතන -- Plane of Infinite Space


රූපාවචර බ්‍රහ්ම ලෝක 16 : 16 Material Brahma Realms


අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ජනවසභ සූත්‍රයේ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත. එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක -- Pure Abodes


ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැන්නේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවට ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි.

(27) අකනිටා -- Highest plane of pure adobes: රූප ධාතූන්ගෙන් ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් මිදීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 167 772 160 කි.
(26) සුදස්සි -- Plane of Clear Sight : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 83 886 080 කි.
(25) සුදස්ස -- Plane of Beauty: උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 41 943 040 කි.
(24) අතප්ප -- Plane of Serenity : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 971 520 කි.
(23) අවීහ -- Plane of Durablility : අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 485 760 කි.

චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක -- Fourth Jhana Planes


මෙම ලෝක ද්විත්වයට පත්වන්නේ චතුර්ථ රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික ලක්ෂණය වන්නේ උපේක්ෂාවයි (equanimity). සෑම කල්ප 64 කටම වරක් සුළඟින් විශ්වය විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. (සෑම කල්පයක්ම අවසානයේ 14 වන ස්තරයේ සිට පහළ විශ්වය ගින්නෙන් විනාශ වී යන අතර, සෑම කල්ප 8ක් ම අවසානයේ 17වන ස්තරයේ සිට පහළ විශ්වය ජලයෙන් විනාශ වී යයි. එසේම සෑම කල්ප 64ක් ම අවසානයේ 20 වන ස්තරයේ සිට පහළ විශ්වය සුළඟින් විනාශ වී යයි. කල්ප අවසාන රටාව මෙයයි. මේ අනුව කල්ප 64ක් ගත් විට 56ක් ගින්නෙන් ද, 7ක් ජලයෙන් ද 1ක් සුළඟින් ද වශයෙන් විශ්වයේ විවිධ ස්තර පද්ධති විනාශ වී යයි)

(22) අසඤ්ඤසත්ත -- Plane of non-percipient, matter only, no mind
(21) වෙහප්ඵල -- Plane Great Fruit (Consequence) : ඇතැම් අනාගාමී පුද්ගලයන් මෙම ලෝකයේ ද ඉපදේ. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 242 880 කි.

තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක -- Third Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ තෘතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණය වන්නේ සුඛයයි (Quiet joy). සෑම කල්ප 8 කටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. නමුත් සෑම කල්ප 64කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි.

(20) සුභකින්න -- Third Jhana, highest degree
උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 655 360 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 64 කි.
(19) අප්පමානසුභ -- Third Jhana, medium degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 327 680 කි.මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 32 කි.
(18) පරිට්ඨසුභ -- Third Jhana, minor degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 163 840 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 16 කි.

ද්විතියික ධ්‍යාන (ආභස්සර) බ්‍රහ්ම ලෝක -- Second Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ද්විතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). මෙම ලෝක වලට එළඹුණු විගස ඔවුන්ට දැනෙන සැපය කොතරම් වේද යත් ඔවුනට, "අහෝ සුඛං, අහෝ සුඛං" (අනේ සැපයි, අනේ සැපයි) යැයි කියවේ. මෙම ලෝක වල වැසියන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝකයක් ද පිටවේ. ඔවුන් රූපයෙන් බොහෝ දුරට සමාන වුවද චිත්තයන් තරමක් වෙනස් ය.

සෑම කල්පයකටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. සෑම කල්පයක්ම අවසානයේ විනාශ වී යන ලෝකය නැවත ජනාවාස වීම ආරම්භ වන්නේ මෙම ලෝකයේ වැසියන් පහළ ස්තරයන්ට ගමන් කිරීමත් සමඟිනි. නමුත් සෑම කල්ප 8 කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. එවිට මීටත් වඩා ඉහළ ලෝක වල වැසියන්ගෙන් මෙම ස්තර ඇතුලු අනෙක් ස්තර ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම ආරම්භ වේ.

(17) ආභස්සර -- Second Jhana, highest degree (Abhassara) : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි.
(16) අප්පමානාභ -- Second Jhana, medium degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 960 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 4 කි.
(15) පරිට්ටාභ -- Second Jhana, minor degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 480 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 2 කි.

ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක -- First Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ප්‍රථම රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ විතර්කය (Observation), විචාරය (Reflection), ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy).

(14) මහාබ්‍රහ්ම -- Plane of Maha Brahma : සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර භර්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා "මහා බ්‍රහ්ම" නම්වේ. බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 240 කි.
(13) බ්‍රහ්මපුරෝහිත -- Plane of Brahma's ministers : මහා බ්‍රහ්මයාට පසුව ඔහුට අසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 120 කි.
(12) බ්‍රහ්මපාරිසජ්ජ -- Plane of Brahma's retinue : මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් "බ්‍රහ්ම කායික" යනුවෙන් ද හැඳින්වේ. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 2 560 කි.

කාම ලෝක 11: 11 Sensuous Realms


ඉහත සඳහන් කළ ලෝක වලින් පහළ ඇති සියලු ලෝක කාම ලෝක නම් වේ. ඔවුන් සෑම දෙනාම විවිධ මට්ටම් වලින් කාලයෙහි ඇලී ගැලී සිටිති. නමුත් ඔවුන් වසන ස්තරය අනුව ඔවුන් ලබන සැප හා දුක් ඵල වෙනස් ය. එමෙන්ම මෙම ස්තර සියල්ලෙහිම වැසියෝ (අරහත් හා බුදුරජාණන් වහන්සේලා හැර) මාර බලවේගයට ගොදුරු වෙති. මින් ඉහළ ලෝකයන්ට බලපෑම් කිරීමට මාරයාට හැකියාවක් නැත.

සදිව්‍යලෝක -- Six Deva planes


කාම ලෝක වලින් සැප ඵල වැඩිම ලෝක හය දිව්‍යලෝක ලෙස හැඳින්වේ. ඉන් දෙකක් (තාවතිම්සය හා චාතුර්මහාරාජිකය) සුමේරු නම් මහා පර්වතය (අර්ථය අපැහැදිලි ය) මත පිහිටා ඇති අතර, ඊටත් වඩා සැප ඵල අතින් උසස් දිව්‍ය ලෝක හතර සුමේරු පර්වතයට ඉහළින් විවිධ උස මට්ටම් වල පිහිටා ඇත.

(11) පරනිම්මිත-වසවර්ති -- Plane of Controlling others' creations
: කාම ලෝක අතරින් ඉහළම ලෝකය වන මෙහි වැසියන් හට අනුන් විසින් නිර්මාණය කරන ලද හෝ අත්පත් කරගත් කාම භෝගයක් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට භාවිතා කළ හැක. ඔවුන් තමන්ටම කියා කිසිවක් අයත් කරගැනීමට හෝ උපයාගැනීමට උත්සාහ දරන්නේ නැත. මෙම ලොවෙහි නායකයා වන්නේ 'වසවර්ති' නම් දේවතාවා ය. එමෙන්ම 'මාර' දිව්‍ය පුත්‍රයාට ද නිවහන වන්නේ මෙම දිව්‍ය ලෝකයයි. ඔහුගේ අරමුණ වන්නේ කාම ලෝක වල වෙසෙන සියලුම වැසියන් කාම වස්තූන්ටම ඇලී ගැලී වාසය කරවීම ය. යමෙකු කාමා තණ්හාව නැති කිරීමට උත්සාහ කරයි නම් මොහු කරන්නේ එම පුද්ගලයාට බාධා කිරීම එල්ල කිරීම ය. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 1 280 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 9 216 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 4500ක් යැයි කියැවේ.
(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.
(9) තුසිත -- Delightful Plane : බුද්ධත්වයට පෙර බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ වෙසෙන්නේ මෙම ලෝකයේ ය. මීට වසර 2553 කට කලින් වන තෙක් එම ලෝකයෙහි විසූ බෝධිසත්ත්වයන් වහන්සේ 'සෙතකේතු' නම් විය. 'සිද්ධාර්ථ' යන නමින් මනු ලොව ඉපිද 'ගෞතම' යන නමින් බුද්ධත්වයට පත්වූයේ එම බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉන් අනතුරුව, දැනට එහි වැඩවසන බෝධිසත්ත්වයන් වහන්සේ 'නාථ' නම්වේ. උන්වහන්සේ තව දීර්ඝ කාලයකින් අනතුරුව 'අජිත' යන නමුන් මනුෂ්‍ය ලොව ඉපිද 'මෛත්‍රෙය' යන නමින් බුද්ධත්වයට පත්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 320 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 576 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3000ක් යැයි කියැවේ.
(8) යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.
(7) තාවතිම්සය -- Realm of the Thirty-three : සුමේරු නම් පර්වත මස්තකයෙහි පිහිටා ඇති මෙම ලෝකයෙහි පාලකයා 'ශක්‍ර' නම්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 80 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 30 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 1500ක් යැයි කියැවේ.
(6) චාතුර්-මහාරාජිකය -- Plane of 4 Great Kings : සුමේරු කඳු බෑවුම් වල පිහිටා තිබෙන මෙම ලෝකයෙහි විරූධක, දෘඨරාශ්‍ර, විරූපාක්ෂ, සහ එම සියල්ලගේම නායන වෛශ්‍රවණ යන රජවරු 4ක් වෙසෙති. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 90 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 750ක් යැයි කියැවේ.

(5) මනුෂ්‍ය ලෝකය -- Human Beings
: මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,
  1. ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.
  2. පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.
  3. අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.
  4. උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.
දුක්ඛ ලෝක -- Lower Realms of Woe

මෙම ලෝක වල දුක් අධික ය. මෙම ලෝකයන්හි පහළට පහළට යන විට දුක් එන්න එන්නම දරුණු වන අතර, සැපක් කියා දෙයක් නැත්තටම නැති වන තරම් වේ. මෙම ලෝක කිසිම අකාරයේ අධ්‍යාත්මික දියුණුවකට සුදුසු නොවේ. මේවායින් නිදහස් විය හැක්කේ කළ පාපකර්ම ගෙවා දැමීමෙන් ම පමණි.

(4) ප්‍රේත ලෝකය -- Ghosts
: ප්‍රේත ලෝකයේ වැසියෝ ද මනුෂ්‍ය වර්ගයා අතරම වාසය කරති. නමුත් ඔවුන් සිටින්නේ මනුෂ්‍යයන්ට වඩා ඉතාම පහත් තලයක ය.
(3) අසුර ලෝකය -- Asuras
: මෙම ලෝකය පිහිටා ඇත්තේ සුමේරු කඳු පාමුල ය. තාවතිම්ස ලෝකයෙන් ඇද වැටුණු (වැරදි හැසිරීම නිසා) පුද්ගලයන්ගෙන් මෙම ලෝකය නිර්මාණය වී ඇත. මෙහි පාලකයන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන් තමන්ට අහිමි වූ තාවතිම්සය ලබාගැනීමට විශාල උත්සාහයක් දැරුවත් රජවරුන් සිව් දෙනාගේ (චාතුර් මහාරාජිකයේ) බලය බිඳහෙලීමට ඔවුන්ට නොහැක. සුර-අසුර යුද්ධය යනු මෙයයි.
(2) තිරච්චීණ යෝනි -- Animal realm
: ඒක සෛලික ඇමීබාවාගේ සිට අලියා දක්වා සියලු සතුන් අයත් වන්නේ මෙම කුලයට ය.
(1) නරක -- Hell realms : ජීවන ස්තර 31 අතරින් ඉතාම දුක්ඛදායක වන්නේ නරකය යි. යමෙකු මීට පත්වන්නේ ඔහුගේ අකුශල කර්ම ඉතාම බලවත් වූ විට ය. නරකයන් වර්ග දෙකකි. එනම් ශීතල හා උණුසුම් යනුවෙනි. මේවා දෙවර්ගයෙන් ම 8 බැගින් පවතී. ඒවා නම්,
ශිශිර නරක :
  • අර්බුද – the "blister" Naraka
  • නිරර්බුද – the "burst blister" Naraka
  • අටට – the Naraka of shivering
  • හහව – the Naraka of lamentation
  • හුහුව – the Naraka of chattering teeth
  • උත්පල – the "blue lotus" Naraka
  • පද්ම – the "lotus" Naraka
  • මහාපද්ම – the "great lotus" Naraka
උෂ්ණ නරක :
  • සඤ්ජීව – the "reviving" Naraka. කාලය වසර 162*1010 කි.
  • කාලසූත්‍ර – the "black thread" Naraka. කාලය වසර 1296*1010 කි.
  • සම්ඝාත – the "crushing" Naraka. කාලය වසර 10,368*1010 කි.
  • රෞරව – the "screaming" Naraka. කාලය වසර 82,944*1010 කි.
  • මහාරෞරව – the "great screaming" Naraka. කාලය වසර 663,552*1010 කි.
  • තාපන – the "heating" Naraka. කාලය වසර 5,308,416*1010 කි.
  • ප්‍රතාපන – the "great heating" Naraka. කාලය වසර 42,467,328*1010 කි.
  • අවීචි- the "uninterrupted" Naraka. කාලය වසර 339,738,624*1010 කි.
බෞද්ධ චක්‍රවාද විශ්ව න්‍යායවේදය කෙටියෙන් මෙසේ ය. වැඩිදුර විස්තර සඳහා දීඝ නිකාය කියවා බලන්න.

බෞද්ධ සහස්‍ර විශ්ව න්‍යායවේදය හා බෞද්ධ ආකාශ විශ්ව න්‍යායවේදය පිළිබඳ කරුණු අනාගතයට........

Friday, May 15, 2009

හබල් නියතය නැවතත් අලුත් වෙයි

නූතන විශ්ව න්‍යායවේදයේ (Cosmology) වැදගත්ම සංකල්පය මහා පිපිරුම් න්‍යායයි (Big Bang Theory). මින් කියවෙන්නේ විශ්වය යනු එක්තරා ක්ෂණයකදී නොගිණිය හැකි තරම් කුඩා වූ ද අනන්ත වූ ඝණත්වයකින් යුක්ත වූ ද ලක්ෂ්‍යකින් ඇරඹී නොනවත්වා ප්‍රසාරණය වෙමින් පවතින පද්ධතියක් බවයි. ගණිතමය වශයෙන් ද පරීක්ෂණාත්මක වශයෙන් ද මෙහි ආරම්භය කෙසේ වෙතත් ප්‍රසාරණය වන බව තහවුරු කරනු ලැබ තිබේ.

ගණිතමය වශයෙන් තහවුරු කිරීමට යාමේදී විශ්ව න්‍යායවේදීන්ට විසඳීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් නම් විශ්වය ප්‍රසාරණය වන වේගය කුමක් ද යන්නයි. මෙහිදී සැලකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ ප්‍රසාරණ වේගය සෑම තැනම එක සමාන නොවන බවයි. මෙය තේරුම් ගැනීම ඉතා පහසු ය. වැලි ගොඩක සඟවා තිබෙන පුපුරණ ද්‍රව්‍යයක් ගැන සිතන්න. එය පුපුරා යන විට වඩාත්ම වේගයෙන් ඉවතට විසි වන්නේ පොළොවට සමීපවම ඇති වැලි තට්ටුව ය. පොළොව තුල ඇති වැලි විසි වන්නේ ඊට වඩා අඩු වේගයෙනි. ඒ ආකාරයටම ප්‍රසාරණය වන විශ්වයේ ඈතම කොණේ ඇති මන්දාකිණි වඩාත් වේගයෙන් ඉවතට ඇදී යයි. නමුත් ඒ එක් සබඳතාවකට අනුව ය.

එනම්,

මන්දාකිණියක් ඉවතව ඇදී යන වේගය එයත් නිරීක්ෂකයාත් අතර දුරට අනුලෝමව සමානුපාතික වේ.

Vr α D

මෙහි
Vr = Radial Velocity (ඈත් වීමේ ප්‍රවේගය)
D = Distance (දුර)

මෙය සිදුවීමට නිරීක්ෂකයා විශ්වය මධ්‍යයේම සිටිය යුතු නොවේ. හරියට බැලුමක් මත ඇඳි තිත් කිහිපයක් බැලුම පුම්න්බන විට එක ලෙස ඈත් වන්නාක් මෙන් නිරීක්ෂකයා කුමන ස්ථානයක සිට නිරීක්ෂණය කළත් මන්දාකිණි එක ලෙසටම ඔහුගෙන් ඈත්ව යනු පෙනේ. මේ බව මුලින්ම ලොවට ප්‍රකාශ කළේ එඩ්වින් හබල් විසින් 1929දී ය. හබල්ට ගරු කිරීමක් වශයෙන් මෙහි සමානුපාතික නියතය, හබල් නියතය ලෙස නම් කරන ලදී.

සමානුපාතික නියතය යෙදූ පසු,
Vr = H0D

මෙහි
H0 = හබල් නියතය
මෙම හබල් නියතය වෙනත් නියතයන් මෙන් සෛද්ධාන්තිකව සොයාගැනීමට හැකියාවක් නොමැති නිසා අනිවාර්යයෙන්ම ඈත තිබෙන මන්දාකිණි වල ඈත්වීමේ ප්‍රවේගයන් පරීක්ෂණාත්මකව මැන, ඒ සමඟම ඊට ඇති දුර ද සොයාගෙන ඉහත සමීකරණයට ආදේශ කිරීම මගින්ම සොයාගත යුතු ය. ඈත් වීමේ ප්‍රවේගයන් රක්ත විස්ථාපනය මැනීමෙන් ඉතා පහසුවෙන් සොයාගත හැකි වුවත් දුර සොයාගැනීමට නම් ඉතා සංකීර්ණ ක්‍රමවේදයන් භාවිත කළ යුතු වේ. එනිසා හබල් නියතයට ලැබෙන අගය 100%ක් නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසු ය.

මෙය පළමුව ගණනය කළ එඩ්වින් හබල් ඊට ලබාගත් අගය (මන්දාකිණි 46ක් අධ්‍යයනය කිරීමෙන්) දැන් පිළිගත් අගය පරාසයට වඩා හත් ගුණයකින් පමණ වැඩි ය. එනම් මෙගා පාසෙක් එකට, තත්පරයට කිලෝමීටර් 500කි. (500 km/s/Mpc). ඊට කාලයත් සමඟම විවිධ අගයන් ලැබිණි. නමුත් අවසානයේදී සැබෑ අගය තිබිය යුත්තේ 50ත් 100ත් km/s/Mpc අතර බව විද්‍යාඥයන් හට පසක් විය. ඒ අනුව 2003දී අභ්‍යාවකාශගත කළ WMAP චන්ද්‍රිකාවේ (Wilkinson Microwave Anisotropy Probe) ගණනය කිරීම් වලට අනුව ලබාගත් අගය 72 km/s/Mpc විය. නමුත් මෙහි වැරදීමේ ඉඩකඩ ± 8ක් විය.

ඉන් අවුරුදු 6කට පසු දැන් හබල් නියතයට තවත් අගයක් ලැබී තිබේ. එය 74.2 km/s/Mpc කි. නමුත් මෙය කලින් අගයට වඩා දෙගුණයකින් පමණ නිරවද්‍ය ය. එනම් වරදේ ඉඩකඩ ± 3.6 km/s/Mpc වේ. මෙය තාරකා විද්‍යාත්මකව ඉතා වැදගත් ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මන්ද විශ්වයේ වයස නිර්ණය කිරීමට මෙන්ම විශ්වයේ උපත විශ්ලේශනය කිරීමට පවා H0හි අගය ඉතා වැදගත් වන බැවිනි. මෙම සොයාගැනීම කරනු ලැබූයේ Space Telescope Science Institute හි හා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ Supernova H0 for the Equation of State (SHOES) පර්යේෂණ කණ්ඩායම මගිනි. මේ සඳහා උපයෝගී කරගනු ලැබූයේ හබල් දුරේක්ෂය මගින් ලබාගත් NGC 4258 නම් මන්දාකිණියේ සහ වෙනත් මන්දාකිණි වල Type 1a සුපර්නෝවා පිපිරීම් වලට අදාළ ඡායාරූප ය.

Tuesday, May 12, 2009

STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්

STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම සිදු වුණේ අපේ වෙලාවෙන් ඊයේ (11-05-2009) රාත්‍රී 11.30 ට. ඇට්ලන්ටිස් ෂටලය තමයි ඊයේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත වුණේ. මම ඒක සජීවීව බැලුවා Nasa TV එකේ. පිස්සු හැදෙන සඳ. කියල වැඩක් නෑ. මාර ගති. කලින් ඒක ගැන කියන්න බැරි වුණාට සමා වෙන්න ඕනෙ. අපි ඊළඟ සැරේ ලයිව් බලමු හොඳේ?

මේ තියෙන්නෙ ඊයෙ සිදුවුණු සිදුවීම් මාලාවෙ වැදගත් දර්ශන පෙළක්. ඔබටත් උනන්දුවක් තියනව නම් හොදින් නරඹන්න...

Saturday, May 9, 2009

විශ්වයේ ලොකුම තරුව

විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තරුව වන්නේ VY Canis Majoris ය. වෙනත් මන්දාකිණි වල තරු එකින් එක අධ්‍යයනය කිරීම අපහසු නිසා (සුපර්නෝවා හැර) මුලු විශ්වයේම පවතින විශාලතම තරුව මේ යැයි සහතික වශයෙන්ම කීම අපහසු වුවත් අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ ඇති විශාලතම තරුව මෙය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම නිසා දැනට අපි මෙය අප දන්නා ලොකුම තරුව ලෙස හඳුන්වමු.

පෘථිවියට ආලෝක වර්ෂ 4900ක් දුරින් මහ බල්ලා තාරකා රශියේ පිහිටා ඇති VY Canis Majoris, රතු අධියෝධ ස්පන්දමාන විචල්‍ය තාරකාවකි (Red hypergiant pulsating variable star). විශාලත්වයෙන් ගතහොත් අරය අපේ සූර්යයාගේ මෙන් 1800ත් 2100ත් අතර ගුණයකි. අප වැඩිපුර අසා තිබෙන, එමෙන්ම අති විශාලයි කියා දන්නා බිට්ල්ජූස් තාරකාව ද සංසන්දනාත්මකව ගත්විට විශාලත්වයෙන් සූර්යයා මෙන් 1000 ගුණයක් පමණි. 7වන කාණ්ඩයේ (7th Magnitude) දීප්තිමත් තාරකාවක් වන මේ පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ 1801 දී ජෙරම් ලලන්ඩේ විසින් පිළියෙල කළ තාරකා වර්ගීකරණයේ ය. මෙය ආසන්න වශයෙන් සූර්යයා මෙන් මිලියන භාගයක තරම් ගුණයකින් දීප්තිමත් වන නමුත් ඒ වටා ඇති දැවැන්ත අසමමිතික අඳුරු නිහාරිකාව නිසා පිට කරන ආලෝකයෙන් වැඩි ප්‍රමාණයක් ඊට අවශෝෂණය වේ.

ප්‍රමාණයෙන් විශාලතම තාරකාව වුවත් ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩිම තරුව VY Canis Majoris නොවේ. මන්ද එහි ඝනත්වය සාපේක්ෂව අඩු බැවිනි.
2007දී කරන ලද රේඩියෝ තරංග විශ්ලේශන වලින් VY Canis Majoris අවට ඇති වළාව හයිඩ්‍රන් සයනයිඩ්(HCN), සිලිකන් මොනොක්සයිඩ්(SiO), සෝඩියම් ක්ලෝරයිඩ්(NaCl) හා පොස්පරස් නයිට්‍රයිඩ්(PN) යන අණු සහ අයනික සංඝටක නිෂ්පාදනය කරන කර්මාන්තශාලවක් බව සොයාගෙන ඇත. මේ අතරින් PN අණුව තාරකා ජීව විද්‍යාඥයන්ගේ මහත් අවධානයට ලක්ව ඇත්තේ පොස්පරස් මූලද්‍රව්‍යය විශ්වයේ සාපේක්ෂව හිඟ වන අතරම එය DNA, RNA සහ ATP වැනි ජීවයට ඇවැසි සංයෝග වල අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලද්‍රව්‍යයක් බැවිනි.

පහත දැක්වෙන්නේ VY Canis Majoris හි භෞතික දත්ත කීපයකි.

දෘශ්‍ය දීප්ති විශාලනය 7.4–9.6
නිරපේක්ෂ දීප්ති විශාලනය -9.4
වර්ගය (spectral type) M3Ie–4Ie
දීප්තතාවය (Luminosity) 500,000 Lsun
අරය 1,800–2,100 Rsun
ස්කන්ධය 30–40 Msun
දුර 4900 light-years (1,500 pc)
පිහිටීම R.A. 07h 22m 59s,
Dec. -25° 46' 02"
වෙනත් හැඳින්වීම් HD 58061, HIP 35793

එහි විශාලත්වය අවබෝධ කරගැනීමට පහත වීඩියෝ දර්ශනය නරඹන්න.

Friday, May 1, 2009

නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව

අයින්ස්ටයින්ගේ නිවුන් විරුද්ධාභාෂය පිළිබඳව ඔබ හැමදෙනාම අසා ඇතැයි සිතනවා. මොකද සරලව කිව්වොත් නූතන විද්‍යාවේ තියන වඩාත්ම ජනප්‍රිය මෙන්ම වඩාත් ආකර්ශනීයම විරුද්ධාභාෂය ඒක නිසා. දන්නෙ නැති අයට දැනගන්නත් අමතක අයට මතක් වෙන්නත් එක්ක මම ඒක කෙටියෙන් කියන්නම්. ඔන්න එහෙනං අහගන්න...

එක පවුලක නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නීතීඥයෙක්. අනිත් එක්කෙනා අභ්‍යාවකාශගාමියෙක්. මේ දෙන්නම ඉන්නෙ වයස විසි ගණන් වල. දැන් මේ අභ්‍යාවකාශගාමියා අභ්‍යාවකාශ සංචාරයක් සඳහා පිටත්වෙල යනවා. ඔහු යන්නෙ එසේ මෙසේ අභ්‍යාවකාශ යානයක නෙවෙයි. ආලෝකයේ වේගයට (ප්‍රවේගය නෙවෙයි) ආසන්න වේගයකින් ගමන් කරන අභ්‍යාවකාශ යානයක..! ඔන්න ඉතින් ඔහොම ගිහිල්ල එයා එනව කියමුකෝ. දැන් ඔහු තමන්ගෙ නිවුන් සහෝදරය බලන්න යනවා. මොකක් වෙල කියලද හිතන්නෙ? දෙන්නම තාම එක වගේද? නෑ, නීතීඥය හොඳටම වයසට ගිහිල්ල. රස්සාවෙ හොඳකම නිසාද? :-) එහෙමත් නෙවෙයි. ඇත්තටම ඔලුවෙ කෙස් පැහිල කාලයත් එක්කම වයසට ගිහිල්ල. නමුත් අභ්‍යාවකාශගාමියා නම් හිටිය වගේම කොල්ල වගේ ඉන්නව. අවුරුදු කීපෙකින් වයසට ගිහිල්ල විතරයි.

ඔන්න ඕක තමයි අපේ සියවසේ මිනිසා, ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු නිවුන් විරුද්ධාභාෂය. නමුත් මොකද්ද ඇත්තටම මේකට හේතුව?

භෞතික විද්‍යාව කරපු කට්ටිය නම් දන්නව. පෘථිවියෙ වාසය කරන සහෝදරය ඉන්නෙ එක සමුද්දේශ රාමුවක (ඒක අවස්ථිති සමුද්දේශ, ඒ කියන්නෙ ත්වරිත නොවන, නැතිනම් භෞතික නියම නිවැරදිකිරීම් නොයොදා ඒ ආකාරයෙන්ම භාවිතා කල හැකි රාමුවක්). නමුත් අභ්‍යාවකාශගාමියා ඉන්නෙ තවත් අවස්ථිති සමුද්දේශ රාමුවක. පෘථිවි රාමුව ඉතා කුඩා වේගෙකින් චලනය වෙද්දි ඒක චලනය වෙන්නෙ ආලෝකයේ වේගයට ආසන්න
වේගයකින්. මේ බව නිර්ණය කරන්න ඕනෙ රාමු 2ටම අයත් වෙන්නෙ නැති තුන්වන රාමුවක ඉඳල, හරියට ඉර වගේ තැනක. මොකද නිරීක්ෂකයා අභ්‍යාවකාශ යානයෙ ඉඳල බැලුවාම පේන්නෙ හරියට පෘථිවිය ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් පස්සට යනව වගේ..!

ඉතින් ඔය විදියට විශාල වේගෙකින් වස්තුවක් ගමන්ගනිද්දි ඒ මත කාලය ගතවීමේ වේගය අඩු වෙනව. ඒක අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙ එක් අතුරුඵලයක්. ඒක නිසා පෘථිවියෙ ඉන්න සහෝදරය පෘථිවිය මත යම් අවුරුදු ගානක් ජීවත් වෙද්දි ඔහුට යම් කාලයක් ගතවුණාද ඒකෙන් ඉතා අඩු කාලයක් තමයි අභ්‍යාවකාශගාමියට ගතවෙල තියෙන්නෙ. ලොරෙන්ට්ස් පරිණාමන සමීකරණයක් භාවිතා කරල ගණනයක් කරනව නම් මෙහෙමයි. පෘථිවිය මත ඉන්න සහෝදරය අවුරුදු t ගානකින් වයසට ගියා නම් අභ්‍යාවකාශයට ගිය සහෝදරයට ගතවෙච්ච කාලය t' වෙන්නෙ අවුරුදු
t' = t x √(1-v²/c²)
මේකෙ v කියන්නෙ පෘථිවියට සාපේක්ෂව යානයේ වේගය, c කියන්නෙ ආලෝකයේ වේගය.

ඕකෙ අපි දකින විද්‍යාත්මක පැත්ත ඒකයි. නමුත් මම අද ඔයගොල්ලන්ට කියන්න ගියේ වෙනස්ම දෙයක් ගැන. ඒක තමයි 1905දි ඇල්බට් අයින්ස්ටයින් ඔය කතාව කියන්න අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල ඉඳන් ඔය කතාව ඔයවිදියටම බෞද්ධ සාහිත්‍යයෙ තිබිල තියනව. මම ඒක දැක්කෙ අද මම කියවපු පොතක. ඒක දැක්ක ගමන් තමයි දඩි බිඩි ගාල මේ බ්ලොග් සටහන ලියන්න පටන්ගත්තෙ.

බෞද්ධ සාහිත්‍යය තුල මේ කතාව එන්නෙ පැරණි පාලි ධම්මපදට්ඨ කතාවෙ. මම දන්න තරමින් අටුවා කියන්නෙ ත්‍රිපිටක අභිධර්මයට අයත් ග්‍රන්ථ නෙවෙයි. ඒ කියන්නෙ බුදුරජණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය නෙවෙයි (වැරදි නම් මාව නිවැරදි කරන්න). කොහොම වුණත් කතාව මෙන්න මෙහෙමයි..

ඒකෙ නම, "පතිපූජිකා කථා වස්තුව"

පූජිත කුමාරි නම් දෙවඟනක් එක්තරා දෙව් ලොවක වාසය කළා. මේ අතර එක් අවස්ථාවක ඇය තම දිව්‍ය විමානයෙන් මඳක් පිටතට පැමිණියා. නමුත් ඒ මොහොතේම ඇය එම දෙව් ලොවින් චුත වී මිනිස් ලොව උපත ලැබුවා. ඊට පස්සෙ ඇය එහි හැදී වැඩී, ළමා විය පසුකර, වැඩි වියට පත්ව, විවාහ වී, දූ දරුවන් ද පෝෂණය කර, මුණුපුරු මිණිපිරියන්ගේ ද සෙනෙහස ලබා 80 හැවිරිදි වියේදී කලුරිය කළා. ඒ කාලයේදි ඇය ප්‍රගුණ කළ පින නිසා ඇය නැවතත් කලින් සිටි දෙව් ලොවටම ප්‍රවිශ්ඨ වුණා. එතකොට එහි සිටි දෙවිවරු ඇයගෙන් ඇසුවේ මොකක්ද දන්නවද? "පැය 3ක් තිස්සේ කොහේ ගිහින් හිටියාද?" කියලා...!!

මේක තරමක් හිනා යන කතාවක් වුණත් ඒකෙ ගැබ්වෙලා තියන අදහස නම් කොහොමටවත්ම සරල නැහැ. මේ තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ නිවුන් විරුද්ධාභාෂයෙම වෙනත් අර්ථකතනයක් නෙවෙයිද? ඇත්තටම කිව්වොත් නිවුන් විරුද්ධාභාෂය කියන්නෙ පතිපූජිකා කථාවස්තුවේ වෙනත් 'වර්ෂන්' එකක් නෙවෙයිද?

මගේ අදහස මේකයි. වෙනස් වේග වලින් චලනය වන අවස්ථිති සමුද්දේශ රාමු වල විවිධ කාල මානයන් තිබෙනව නම් අර කිව්ව දිව්‍යලෝකයත් ඒ වගේ එකක් නෙවෙයිද? විවිධ ලෝකයන් වල විවිධ කාල රාමු තියන බව බෞද්ධ සාහිත්‍යයෙ කියවෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයක් පොළොවේ අවුරුදු 100ක් බවත් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ එක් අයෙකුගේ ආයු කාලය මහා කල්ප 8ක් බවත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 1600ක් බවත් කියවෙනවා. ඉතින් ඒ සියල්ල එකිනෙකට වෙනස් අවස්ථිති සමුද්දේශ රාමු ලෙස සලකන්න බැරිකමක් නෑ නේද?

නමුත් මේකත් කියන්න ඕනෙ. බෞද්ධ දර්ශනයේ එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක්. මොකද නූතන විද්‍යාව ස්ථිර පදනමක් මත පිහිටා නැති නිසා. එහිදී යම් නියමයක් සත්‍ය වෙන්නෙ ඊට වඩා දියුණු නියමයක් ඉදිරිපත් නොවනකන් විතරයි. හරියට සාපේක්ෂතාවාදය ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ල හැමෝටම නිව්ටන් නියම සත්‍ය වුණා වගේ. නමුත් බෞද්ධ දර්ශනය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක පදනම් වෙලා තියෙන්නෙ ස්ථිර දර්ශනයක් මත නිසා කාලයත් සමඟ එය වැරදියි කියල ඔප්පු කරන්න හැකියාවක් නැහැ.

මගේ ඉහත නිගමනය පදනම් වුනේ බුදු දහමත් නූතන විද්‍යාවත් අතර මා දුටු එක් සමානතාවක් මත. ඒක සියයට සියයක්ම හරිද කියල නම් මට කියන්න බැහැ.

Friday, April 17, 2009

ඇස්ට්‍රොනොමි ද? ඇස්ට්‍රොනොමිකල් ද?

මට පුංචි ගැටලුවක්...!! පුංචිත් නෑ, ටිකක් ලොකුයි වගේ.......:O
මේක මම අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයට බැඳුන කාලෙ (11 වසරෙ මුල් හරියෙ) ඉඳලම කල්පනා කරපු දෙයක් (නමුත් තාරකා විද්‍යාව ගැන නම් නෙවෙයි;) )
සරලව කිව්වොත් මෙහෙමයි...

අපි අපේ ඉස්කෝල වල තාරකා විද්‍යාව හැදෑරීම සඳහා පිහිටුවාගෙන තියන සංගම් වලට කියන්නෙ, '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යා සංගමය' කියලනෙ? නමුත් ඒක ඉංගිරිසියට පරිවර්තනය කරද්දි බොහෝ විට යෙදෙන්නෙ 'Astronomical Society' of '........ College' කියල. මං නිවැරදියි නෙ?

නමුත් ඒ භාවිතය හරිද?

ඕක තමයි මගේ ගැටලුව.

ලෝකෙ බොහෝ පිළිගත් තාරකා විද්‍යා සංගම් භාවිතා කරන්නෙත් Astronomical Society යන නම නිසා එහි වැරැද්දක් ඇතැයි සිතීම අපහසුයි. උදාහරණයක් වශයෙන් රාජකීය තාරකා විද්‍යා සංගමය, ඇමරිකානු තාරකා විද්‍යා සංගමය, පැසිෆික් කලාපීය තාරකා විද්‍යා සංගමය, දකුණු අප්‍රිකානු තාරකා විද්‍යා සංගමය යනාදිය දැක්විය හැකියි.

නමුත් මේ භාවිතය සම්බන්ධව මගේ නම් එතරම් නිච්චියක් නෑ.මොකද Astronomical Society යන්නෙහි සිංහල අර්ථය තාරකා විද්‍යාත්මක සංගමය යන්නයි. නමුත් සංගමයක් තාරකා විද්‍යාත්'මක' විය හැකිද? එය තාරකා විද්‍යාව හැදෑරීම පිණිස ස්ථාපනය කළ පමණින් තාරකා විද්‍යාත්'මක' නොවන බවයි මගේ පිළිගැනීම.

මේ කරුණ පිළිබඳ මම වරක් අපගේ ඉංගිරිසි බාසාව භාර ගුරු භවතා සමඟ ද තර්ක කළත් ඔහුට කීමට තිබුනෙ ඒක සම්ප්‍රදායක් මිස තර්කයෙන් යෙදෙන භාවිතයක් නොවෙයි කියල. (නමුත් අවාසනාවකට වගේ මම ඒක ගැන තර්ක කරන්න ගියේ වාර විභාගයට ඊට අදාල ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ නිසා මගේ තර්කය නිසා අහිමි වෙච්ච ලකුණු නම් මට ආපහු ලැබුනෙ නෑ... දුක තමා. ඉහි ඉහි..) ඉතින් දැන් කළ යුත්තේ කුමක් ද? සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අභිබවා යන පුද්ගලයෙකු වශයෙන් එය අනුමත කිරීම මට අමාරු වුණත් ලොව ප්‍රකට සංගම් ද එයම භාවිතා කරන නිසා ඊට අනුගත වීමට මට හිතෙනව. මගේ තීරණය නිවැරදි ද කියන්න නම් ම්ං දන්නෙ නෑ....

නමුත් එතකොට තවත් ගැටළුවක් පැනනගිනව. එසේ නම් අපි සිංහලෙන් එම සංගමයට භාවිතා කළ යුතු නම '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යාත්මක සංගමය' නේද? මේ හේතුව නිසා අපට අපේ සිංහල යෙදුම වෙනස් කරන්න සිදුවෙයිද?

මම නං අන්දුං කුන්දුං වෙල ඉන්නෙ... ඔයගොල්ලො කොහොමද දන්නෑ.. හෙ හෙ.. ;)

Wednesday, December 10, 2008

Sky Trackers Discussion

These are the excerpts from my discussion with my fellow Trinitian, Uthpala Herath at the facebook group Sky Trackers: Window on the Universe. The discussions started as an attempt to find the answer for a question raised by Uthpala, regarding Loop Quantum Gravity (A subject that is quite alien me) but ended as a deep discussion on cosmological implications of Buddhism.

Post#1
Hey Uthpala, I think you got the answer for that Q at the official NASA facebook group. [His Q was whether Loop Quantum Gravity can be applied to black holes] We know the theory of LQG has inspired most ppl around the globe with it's 3 magnificent applications (nonperturbative quantization, calculation of the entropy of black holes and Big Bounce). As scientists vehemently feel uneasy with present standard model and the theory of big bang, I think we need huge refinements in our fundamental theories (Do you know that Stephen Hawking has bet that LHC would not find the Higgs Boson? If that happens, the future of Standard Model is at stake and ultimately could lead to the entire collapse of it!!!) Besides, to my mind, BBT too is purely unscientific with it's implication on the genesis of the universe... Don't you think it is hilarious to suggest an exact, predetermined moment some 13.7 Gigayears ago to bang our infinitely dense progenitor atom, or suggest that the entire universe has come out of nothing? Here I'm not pertaining to the Buddhist implication on universe, but pointing out the erroneousness of linear thinking (Thinking everything has an exact starting point and an exact ending, just like a straight line). Scientific community should ponder the fact that there’s something terribly wrong in our present understanding of the universe. There are some interesting new theories came out during last two decades or so, like MOND (Modified Newtonian Dynamics), String Theory and LQG, but none of them has proved correct due to the built-in mathematical complexity of them. And even our cutting edge technologies in particle physics can’t support them due to the huge energy gap in plank scale. But I hope those new attempts to overcome our barriers would result in a satisfactory understanding in a theoretical basis, at least.
Way go the Loop Quantum Theory, huh………………

Post#2
Yes Uthpala, Buddhism has a unique view on universe. To my knowledge, regarding Buddhist view, there is a continuous process such in one period universe expands and in other, it shrinks on its own (I need citation for this fact as I'm not edified beyond what was on the grade 10 text book for Buddhism) Therefore you see that there is a nice correlation between Buddhist view of universe and the Big Bounce scenario predicted by LQG. Actually this is not the first time scientists forwarded a cyclic model on universe, but as my memory serves it was Alexander Strenagon during late 18th century was the first one to come up with such an idea. He called his theory, the 'Theory of Oscillatory Universe'. But it had a major deviation from the present LQG implication as it predicted a singularity situation (Just like what at the moment of big bang) at the end of each shrink. This theory was dismissed later, due to the fact that entropy of a closed system (here, in the universe) cannot decrease with time as a shrink of the universe would suggest that its entropy decreases with time. But even Einstein did favor the idea that universe could not have an exact birth and an end, but rather a have cyclic nature in evolution. This theory was refined by modern theorists introducing new methods to shrink our model universe without violating the second law in Thermodynamics. According to the big bounce scenario created by LQG, the universe does not collapse back to a singularity, but the gravity creates repulsion between collapsing matter acting as a repulsive force rather than acting as an attractive force at this highly dense situation.

Post#3
Hey Uthpala, many thanks for explaining the Buddhist view on structural classification of universe. I admit that I'm no good at Buddhist Cosmology. And I will need some time to improve on that. I suppose these 31 mental states you mentioned include 16 Brahma loka, 4 heavens, 1 manussa loka, 1 pretaloka, 1 asura, 8 naraka. But out of them, the only world that is subjected to our matter on physical universe is manussa loka (human universe), isn't it? As I remember that is where Lord Buddha stated that 10^11 different human worlds (loka dhathu - sahassi, dwisahassi etc.) reside. And this physical world is further divided to 3 different worlds in size as Chulanika loka dhathu (Local cluster), Majjimanika loka dhathu (Local super cluster) and Maha loka dhathu (the entire universe). Your definition comes to the place of local cluster i think. Maha loka dhathu is described as immense and not to be measured or thought of by any means. This last explanation is so true that modern cosmology can't see anything beyond the observable universe as electromagnetic radiation - which is the source of all astrophysical observations, is not available beyond that region which is roughly a sphere of a radius 13.7B light years. It should be noted that this limit confines all our knowledge into this sphere whereas present acceleration of universe permits it to expand still far beyond that distance.
I think this website - which I found today - will be of a great use if you are particularly interested in Buddhist Cosmology : http://wapedia.mobi/en/Buddhist_cosmology
Besides, my heartfelt thanks go to Uthpala, who brought me into this discussion:-)

Post#4
Yes Uthpala, I'm so pleased to start a discussion of this kind, with you, regarding some controversial topics like cosmology and spirituality. But I wonder why no one else has contributed towards it yet as discussion is the best way to promote knowledge and understanding in all communities.
Back to the topic: although it’s not in your sense, I think combining sound waves with electromagnetic was done a long ago. Take an FM radio for instance. In it, the sound waves are modulated and transmitted all around the world as radio (EM) waves till an FM receiver grabs it. When it was demodulated, we get the exact sound wave (at least its footprint) we used before modulating. With reference to the Buddhist culture, the problem we encounter here is the how it is done in the context of a ‘person’ - that is, by not involving any kind of high tech method. In many Buddhist stories there are notations that Lord Buddha speaking to a group of people by sending a light wave. I’ve heard that Dr. Chandana Jayaratne mentioning many scientific researches do take place today to verify this fact. However, with the immenseness of our physical universe, we encounter rather big problem than that. That is that how Lord Buddha addressed human habitats all over the universe by a speck of thought whereas theories of Albert Einstein confines us to a magical number of 299 792 456 meters per second, which is nothing but the speed of light. Implications of his special relativity forbid us thinking of higher speeds beyond that. You know that, this is a highly rooted number in Physics. All those ‘side effects’ including time dilation, length contraction, mass inflation happen when a physical object tries to acquire this speed. Even EM radiation must stick to this speed. As this has become a headache to those who experiment in this subject, Stephen Hawking has indicated that even if we can’t go against Einstein, there should be a method to overtake or dismiss him! But, due to the fact that we yet see no way to break this barrier in the context of theoretical Physics, we have to think of a metaphysical methodology overcome this issue. Uthpala, my friend, I think you must have read the biography of late Ven. Balangoda Ananda Maithreeya thero that is compiled by Ven. Iththapaane Dhammalankara thero under the heading of ‘Budubawa Pathana Balangoda Ananda Maithreeya Mahanahimi’. I’ve got to read it only recently but WHOA, the unimaginable spiritual feats mentioned in that book, took me away to a new dimension of thinking about relation between physical and metaphysical universe. The world that we see before our eyes is a speck of this entire ‘sakwala’. It is rude to explore it with primordial equipment such as super huge telescopes but with our own mind - resides not far away, but inside if our mere 6 foot body!