Pages

Showing posts with label Jokes. Show all posts
Showing posts with label Jokes. Show all posts

Tuesday, April 13, 2010

මේ ඉන්නෙ කවුද බලන්න...

සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සෙට් වුණේ. හරියටම කිව්වොත් මාස 8 කින් විතර. ඒකත් විශේෂ දෙයක් ගැන නෙවෙයි. මට හම්බුණු ඊ මේල් පණිවුඩයක් ගැන....
එක අතකට මේක ඔබට ලැබෙන අනගි අවස්ථාවක් කියන්නත් පුලුවන්. පහත තිබෙන්නේ පින්තූරයක්. (හෝව්! බලන්නෙ එහෙම නෑ දැන්ම:P) මේ පින්තූරෙ බලලා අහල තියන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් පාපන්දු ලෝක කුසලානය බලන්න යන්න ටිකට පතක් නොමිලේ ලැබෙනවාලු!
ඔන්න එහෙනම් ප්‍රශ්න ටික:
  1. මේ රූපයේ සිටින පුද්ගලයන් අතරින් නිදිබර ගතියකින් සිටින අය කවුද?
  2. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් නිවුන්නුන් කවුද?
  3. මේ රූපයේ ඉන්න ගැහැණු ළමුන් ගණන කීයද?
  4. මේ රූපයේ ඉන්න නිවුන්-ගැහැණු ළමුන් කවුද?
  5. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් ගුරුවරයා කවුද?



දැන් ඉතින් පින්තූරෙ බලන්න පහළට යන්න....




















හහ් හා... එහෙනම් world cup එක බලන්න යමුද මල්ලී??? :D

Wednesday, May 20, 2009

උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)

ටිකක් හිනා වෙන්න තමයි මේක දැම්මෙ. මෙහෙමත් රටවල් ලෝකෙ තියනව නේද කියල හිතෙනව මේව දැක්කම. හෙ හේ. මේ සිම්බාබ්වේ... ලෝකයේ වැඩිම උද්ධමන වේගය තිබෙන රට. 1980 දි එහේ උද්ධමනය 7% යි. 2008 ජූලි වෙද්දි සියයට මිලියන 231යි. 2008 නොවැම්බර් වෙද්දි සියයට සෙක්ස්ටිලියන 89.7 යි:-) ඔබ දන්නවද සෙක්ස්ටිලියනයක් කියන්නෙ කීයක්ද කියලා? නම වගේම ඒකෙ අගයත් හිනා යන ගණනක්. එකයි බින්දු 21යි. ඒ කියන්නෙ ඒ වෙනකොට සිම්බාබ්වේ දේශයේ උද්ධමනය 89 700 000 000 000 000 000 000% ක්..!! ඒ මදිවට මේ සුපිරි උද්ධමනය පැය 24.7කට වරක් දෙගුණ වෙනවා. ඉතින් මේව දකිද්දි හිනා නොවී පුලුවන්ද?

සිම්බාබ්වේ වල මුදල් නෝට්ටු දැක්කම ඊටත් වඩා හිනා යනව. මේ තියෙන්නෙ සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සියයේ නෝට්ටුව.

අධික උද්ධමනයෙන් බේරෙන්න ඒ රටේ නිලධාරීන් කරපු එකම දේ අලුතෙන් මුදල් අච්චු ගහන එක. මේ
සෙල්ලම කොච්චර දුර දිග ගියාද කියනවනම් ජර්මනියෙන් මුදල් නෝට්ටු අච්චු ගහන කොළ එරටට එවන එකත් නවත්තන්න ගියා. ගණන් කරන්නත් බැරි තරම් විශාල අගයන් වලට නෝට්ටු වල අගය ඉගළ ගියාම මේ රටේ මහ බැංකුව (Reserve Bank of Zimbabwe) කළේ අලුතෙන් ගහන නෝට්ටු වල බින්දු හලන එක. එක සැරයක් මදිවට දෙසරයක්ම කරන්න සිද්ධ වුණා මේ වැඩේ. ඒ අවස්ථා දෙකේදි හලපු මුලු බින්දු ගණන 25ක්..!! ඒ කියන්නෙ සෙප්ටිලියන 10ක්. (හි හී... ආයෙත් අවුල් ගැහුව නේ?) මෙහෙම බින්දු ඉවත් කරන්නෙ නැතුව තවත් නෝට්ටු මුද්‍රණය කළා නම් මේ වෙනකොට සිම්බාබ්වේ මහ බැංකුව නිකුත් කරන්නෙ සෙප්ටිලියට 10යේ නෝට්ටු. ඒ කියන්නෙ ඒවා මත තියෙන්නෙ මේ වගේ අගයක්: 10 000 000 000 000 000 000 000 000 ZWD

මේ තියෙන්නෙ සිම්බාබ්වේ ජාතිකයගේ එදිනෙදා ජීවිතය.

පාන් ගෙඩියක් ගන්න ගෙදර ඉස්සරහ තියෙන කඩේට යන ගමන්...

මුදල් නෝට්ටුව සහ ඒකෙන් ගන්න පුලුවන් බිත්තර ගණන...

ඇඳුමක් ගන්න ගියාම...

පොකට් මනී වලට කීයක් හරි...

නවාතැන්පොළට සල්ලි ගෙවන ගමන්...

මීට පෙරාතුව ලෝකයේ වැඩිම උද්ධමනය වාර්තා වෙලා තියෙන්නෙ හංගේරියාවෙන්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සමයේදී. අගය සියයට ක්වින්ටිලියන 4.19ක්. ඒ කියන්නෙ එකයි බින්දු 18යි. එනම් 4 190 000 000 000 000 000% යි.

කොහොම වුණත් සිම්බාබ්වේ රටෙන් මේ කියවෙන කතාව ඉතාම දුක්බරයි. අපිටත් මෙහෙම වුණා නම්? හෆොයි...............

Monday, April 27, 2009

ලෝකේ පොඩිම සුරංගනා කතාව

හරීම ලස්සන කුමාරිකාවක් අබියසට අසු පිටින් පැමිණි කුමාරයෙක් ඇයට විවාහ යෝජනාවක් කළේය. තරහින් ඔරවා ඉවත බලාගත් කුමරිය ගත් කටටම බෑ කීවාය. ඉන් පසු කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් විය.