බ්ලොග්කරණය, සයිබර් අවකාශය තුළ තමාගේ 'හඬ' අවදි කිරීමට ප්‍රියකරන බොහෝදෙනාගේ ප්‍රියතම විනෝදාංශයකි. එය අප රට තුළ තවමත් පුළුල් ලෙස ව්‍යාප්තව නැතත් ව්‍යාප්ත වීගෙන එන පෙරමඟ ලකුණු මනාව දක්නට ලැබේ. බ්ලොග් සටහනක් ලිවීම සඳහා කෙනෙකුටම උවමනා ම වන, ආදේශක නොමැති මෙවලම නම් 'වර්ඩ්ප්‍රෙස්' වත් 'බ්ලොගර්' වත් නොව 'භාෂාව'යි. අන්තර්ජාලයේ ප්‍රධානතම භාෂාව ඉංග්‍රීසිය වුවද උපතින් ඉංග්‍රීසි කතා නොකරන රටවල ඉපදුණු අප වැනි බොහෝ දෙනා, ඉංග්‍රීසි දතත්, තවමත් ප්‍රිය කරන්නේ අපේ හුරුපුරුදු මවු භාෂාවෙන් ලිවීමටයි; කියැවීමටයි. එය සිංහලයන් තුළ උපතින්ම පිහිටි ගුණාංගයක් බව විදේශයන්හි සිට ද සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපේම සහෝදර සහෝදරියන් දෙස බැලීමෙන් මනාව ප්‍රකට වේ.
අද මාගේ අරමුණ සිංහල බ්ලොග්කරණයේ වැදගත්කම ගැන කීමටවත්, එය අගය කිරීමටවත් නොව සිංහලෙන් බ්ලොග් ලියන්නන් තුළ භාෂාව පිළිබඳ යම් හැඟීමක් ඇතිකිරීමයි. මීට හේතුව නම් ඇතැම් බ්ලොග්කරුවන් භාෂාව කෙරෙහි දක්වන දැඩි නොසැලකිල්ලයි. (මෙය අදාළ වන්නේ සුලු පිරිසකට බව සැලකුව මනාය). ඇතැමුන් බ්ලොග් සටහන් ලියන්නේ සිංහල භාෂාවේ භාෂා රීති පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයෙන් නොවන බව එම බ්ලොග් කියවීමෙන් මනාව පැහැදිලි වේ. මා හට අදත් එවන් බ්ලොගයක් හමුවූ අතර කලින් ද එවන් සටහන් කිහිපයක්ම කියවා ඇත. මුලින්ම එම පුද්ගලයාට ඒ බව දන්වා සිටීමට සිතුනත් ඔහු අධෛර්යයට පත්වීමට හෝ වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ තිබූ නිසා එසේ නොකියා පොදුවේ කීම යෝග්‍ය යැයි මම අදහස් කළෙමි.
මෙහිදී මතුකළ යුතු එකම කරුණ නම් බ්ලොගයක් ලිවීමට ඔබ භාෂා විශාරදයෙකු වීමට අවශ්‍ය නොවන බව ය. කළ යුත්තේ පාඨකයාට එය කියවිය හැකි පරිදි ලිවීම පමණි. මෙම සටහන ලියන මා ද සාමාන්‍ය පෙළ පන්තියට පසු සිංහල උගෙන නොමැත. එබැවින් මාගේ සටහන් කියවූ විට ද වැරදි සොයාගත හැකි අතර එවන් දෑ මටම හමුවී ද ඇත. නමුත් සමස්තයක් වශයෙන් ඒවා කියවිය නොහැකි තත්වයේ නැතැයි මම උපකල්පනය කරමි.
පාඨකයාට 'කියවිය හැකි පරිදි' ලිවීමට නම් ලේඛකයා භාෂා රීති, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ගැන මඳක් හෝ අවධානය යොමු කළ යුතුය. කියවන්නාට අමු අමුවේ පෙනෙන වැරදි බහුලව ඇති විට කොතරම් වැදගත් ලිපියක් වුවද කියවීමට සිත් නොදේ. සිංහල, තරමක් සංකීර්ණ භාෂාවක් වී ඇත්තේ එහි ලේඛණ ව්‍යවහාරය හා සාමාන්‍ය ව්‍යවහාරය යනුවෙන් භාවිතයන් දෙකක් ඇති බැවිනි. බ්ලොගයක් ලිවීමේදී මෙම රීති දෙකම භාවිත කළ හැක. සෑම විටම ලේඛන ව්‍යවහාරය භාවිතා කිරීම සුදුසු නොවන්නේ එවිට සටහන පාඨකයාට නීරස වීමට ඉඩකඩ ඇති බැවිනි. පාඨකයාට වඩාත් සමීප ස්වභාවයක් ගන්නා බැවින්, එතරම් ගැඹුරු නොවන ලිපියක් (උදා: චිත්‍රපට විචාරයක් හෝ පෞද්ගලික අත්දැකීමක් වැනි යමක්) සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිවීම උචිත වේ. නමුත් එහිදී ද භාෂා රීති ගැන සැලකිළිමත් වීම අවශ්‍ය ය. පළමුව කී, අමු අමුවේ භාෂාව වරදවා භාවිත කරන කිහිප දෙනා අමතක කරන කරුණ නම් භාෂා රීති උල්ලංඝණය නොකර සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපියක් ලිවිය හැකි බවයි. උක්ත ආඛ්‍යාත පද අතර සරල සම්බන්ධය ගැන සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපිය ලිවීමේදී ද සැලකිළිමත් විය හැකි නම් මේ ගැටලුව මතු නොවේ. එහි වරද තේරුම් ගැනීමට නම් ඔබ ලියූ ලිපිය මුල සිට සිතෙන් කියවාගෙන යා යුතුය. එවිට එහි නොගැළපෙන තැන් ඉතාම පහසුවෙන් හඳුනාගත හැකිය.
අනෙක් වරද නම් අක්ෂර වින්‍යාසයයි. අවම වශයෙන් අවුරුදු 11ක් සිංහල භාෂාව ඉගෙනගත් ඔබේ නෙතට "ලමයා" යන වදන අප්‍රියජනක විය යුතුය. සමහර විට වැරැද්ද කොතැනදැයි හරියටම හඳුනාගැනීම අපහසු වුවද කොතැනක හෝ වරදක් ඇති බව තේරුම් ගැනීමට ඔබේ නෙතට හැකියාව ඇත.
නමුත් මේ සරල දේ ගැන අවධානය යොමු නොකරන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු තවමත් දැකිය හැක. ඔවුන් තම වැරදි වහ වහා නිවැරදි කරගත යුත්තේ ඔබ සහ අප සහ 'ඔවුන්', විශ්ව පවුලේ සිංහලයට ඇති උරුමය නියෝජනය කරන්නන් වන බැවිනි.
Showing posts with label Internet. Show all posts

Tuesday, June 16, 2009
Sunday, May 24, 2009
බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් නිසා තමයි මට මේ ගැන ලියන්න හිතුනෙ. HTML දන්න කියන උදවියට නම් මේක එතරම්ම වැදගත් නැතිවෙන්න පුලුවන්. නමුත් ඒ ගැන නොදන්න සාමාන්‍ය බ්ලොග්කරුවන්ට නම් ඉතාම වැදගත් වෙයි.
කාරණාව මේකයි. අපිට ලිපියක් ලියද්දි සමහර වෙලාවට උවමනා වෙනවා ඒකට HTML sripts යොදන්න. උදාහරණයක් විදියට මගේ මේ ලිපිය බලන්නකෝ. නමුත් මේකෙ තියන HTML script එක කෙලින්ම බ්ලොග් සටහන ලියන්න තියෙන ඉඩේ සටහන් කළාට ඒක ඔබේ අඩවියෙ පෙන්නන්නෙ නෑ. හේතුව තමයි ඔබේ වෙබ් බ්‍රිව්සරය මගින් ඒක පෙන්නනවා (Display කරනවා) වෙනුවට ක්‍රියාත්මක (Execute) කිරීම. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් වෙබ් බ්‍රිව්සරයකින් වෙන්නෙ HTML entities, decode සහ encode කිරීම නිසා.
බ්‍රිව්සරය මේක HTML script එකක් කියල හඳුනගන්නෙ ඒකෙ තියන <, > හා & (Ampersand) ලකුණු වලින්. මේකෙ 'අඩු', 'වැඩි' ලකුණු දෙක < > විදියට භාවිතා වෙන ඕනෙම තැනක මේ අවුල එනවා. හරියටම ෂුවර් නැත්තම් නිකන් පෝස්ට් එකක පහත script එක අලවල පෝස්ට් කරල බලන්නකෝ.
දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.
ඉතින් තවත් ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.

<em>Ampersands & angle brackets need to be encoded.</em>පෙන්නන්නෙ නෑ නේ?
දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
- < ලකුණ වෙනුවට < ත්
- > වෙනුවට > ත්
- & වෙනුවට & ත්
Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
<em>Ampersands & angle brackets need to be encoded.</em>නමුත් මේක එපා කරපු කර්තව්‍යයක් වෙන්නෙ මහා දිග script එකක් encode කරන්න වුණාම. උදාහරණයක් විදිහට මගේ කලින් පෝස්ට් එකේ තියන script එක බලන්න.
මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.
ඉතින් තවත් ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.
Saturday, May 23, 2009
ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
බලන්න මගේ sidebar එකේ තියන "මගේ බ්ලොග් තේමාවන්" කියන ගැජට් එක. මම මේක හොය හොයා හිටියෙ ටික දවසක ඉඳල. ඊයෙ තමයි හම්බුනේ. ඔන්න ඔයගොල්ලන්ගෙ දැනගැනීම පිණිස අදම දැම්ම ගුරු මුෂ්ටි නැතුව:-)
මේකෙන් වෙන්නෙ එකේ තියන ලිපි වලට අදාළ labels පෙන්නන එක. Categories කියන ගැජට් එකේ කාර්යයම තමයි ඒකෙනුත් කෙරෙන්නෙ. නමුත් flash animated නිසා වඩාත් ලස්සනයි. ලොකු පොඩි කවුරුත් මේ වගේ දේවල් වලට ආස නිසා ඔබේ බ්ලොග් එකටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න කියාපු අංගයක්.
දැන් බලමු මේක පිහිටුවාගන්න විදිය. සරල සුගම පියවර කීපෙකින් විනාඩි 2ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.
පියවර 1: බ්ලොගර් තුලට ලොග් වෙලා Layout> Edit HTML තෝරන්න. එවිට පහත කවුළුව දිස්වනු ඇති.

පියවර 2: ක්‍රියාවලිය අතරමගදී වරදී යැයි සැක නම් කෝකටත් කියා මෙහි ඇති Download Full Template, click කර ඔබේ බ්ලොග් template එක පරිගණකයේ ගබඩා කරගන්න.
පියවර 3: Edit Template හි ඇති Expand Widget Templates කොටුව tick නොකර, පහත සඳහන් පේළිය template එක තුලින් සොයාගන්න.
පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.
දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.
මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.
හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.
මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.
වැඩේ හරි නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා:-)

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>පියවර 4: දැන් ඊට හරියටම පහළින් මේ code එක අලවන්න.
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>පියවර 5: Preview කර ගැටලුවක් නැතිනම් save කරන්න.
<b:includable id='main'>
<b:if cond='data:title'>
<h2><data:title/></h2>
</b:if>
<div class='widget-content'>
<object type="application/x-shockwave-flash" data="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" width="250" height="200" allowscriptaccess="always" >
<param name="movie" value="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" />
<param name="bgcolor" value="#ffffff" />
<param name="flashvars" value="tcolor=0x000000&mode=tags&distr=true&tspeed=100&tagcloud=<tags>
<b:loop values='data:labels' var='label'>
<a expr:dir='data:blog.languageDirection' expr:href='data:label.url' style='12'><data:label.name/></a>
</b:loop>
</tags>" />
<p>Blogumulus by <a href='http://www.roytanck.com/'>Roy Tanck</a> and <a href='http://www.bloggerbuster.com'>Amanda Fazani</a></p>
</object>
</div>
<b:include name='quickedit'/>
</b:includable>
</b:widget>
පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.
දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.
මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින් ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.
හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.
මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.
Tuesday, May 12, 2009
මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට
මෘදුකාංග මංකොල්ලය හෙවත් software piracy වලින් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ කොතෙක්ද යත් ලංකාවේ භාවිතා වන මෘදුකාංග වලින් 90% ක්ම අනවසර ඒවා බව හෙළි වී තිබේ. මේ පුවත අද Daily Mirror පුවත්පතේ දුටු මට නැගුණේ එකම පැනයකි. ඉතිරි 10% කෝ??? මේ රටේ නීත්‍යානුකූල මෘදුකාංග (නිදහස් කේත් හැරුණු විට) පාවිච්චි කරන පුද්ගලයන් 10%ක් ඉන්නවා යැයි කීම අදහාගත නොහැකි දෙයක් බවට දැන් පත්වී තිබේ.ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන මෘදුකාංග අන්තර්ජාලයේ පහසුවෙන්ම බාගත කිරීමට තියෙද්දීත් කෙනෙකු මුදල් ගෙවා ලබාගන්නා මෘදුකාංග පසුපස යන්නේ යැයි කීම විහිළුවක් නොවේද? නමුත් එහි තවත් පැත්තක් ද තිබේ. අනවසර ලෙස පරිහරණය කරන එක මෘදුකාංග පිටපතක් පාසා එහි හිමිකරුවාට අහිමි වන්නේ විශාල මුදලකි. එමෙන්ම ඒ සමඟ අනතුරට පත්වන රැකියා ගණන ද සුලුපටු නොවේ. ලෝක ආර්ථිකය ද බරපතල ඇදවැටී ඇති මොහොතක එවන් දෙයක බලපෑම ඉතා විශාල ය. 2008 වසරේදී මෘදුකාංග මංකොල්ලය නිසා අහිමි වූ මුලු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 53ක් යැයි කියවේ. එය 2007 වසර හා සන්සන්දනය කළ විට 11% ක වර්ධනයකි. එහෙත් ඒ පැතිකඩයන් කෙසේ වෙතත් මේ මංකොල්ලයට නම් පහසුවෙන් නැවතීමේ තිත තැබිය නොහැකි බව ඉඳුරාම කිව හැක.
මෘදුකාංග මංකොල්ලය ප්‍රධාන වශයෙන්ම කොටස් 4කි.
- Industrial piracy: මහා පරිමාණයෙන් සැබෑ මෘදුකාංග ව්‍යාජ ලෙස පිටපත් කොට විකිණීම.
- Corporate piracy: ඕනෑම අයෙකුට ලබාගත හැකි ලෙස peer-to-peer, LAN හෝ අන්තර්ජාලයෙන් හුවමාරු කිරීම.
- Reseller piracy: පරිගණක දෘඩාංග විකුණන ආයතන මගින් ව්‍යාජ මෘදුකාංග හාඩ් ඩිස්කයේ තැන්පත් කොට පාරිභෝගිකයාට ලබා දීම..
- Home piracy: මිතුරන් අතර හෝ සැබෑ මෘදුකාංගයක් හුවමාරු කිරීම. Bulletin board system එකක් ක්‍රියාත්මක කිරීම.
දැන් දැන් බොහෝ දෙනා අර්ධ වශයෙන් හෝ නිදහස් කේත මෘදුකාංග භාවිතයට යොමු වුණත් භාවිත කරන ප්‍රමාණයත් නීති විරෝධී නිසා අනාගතයේදී මේ ප්‍රතිශතය තවත් වැඩි වුණොත් මිස අඩු වෙතැයි බලාපොරොත්තු විය නොහැක.Tuesday, May 5, 2009
Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්
Facebook පිළිබඳව බොහෝ දෙනා කතා කරනු පෙනේ. ඇතැමුන් ඊට දැවැන්ත විවේචන එල්ල කරනු මම දැක ඇත්තෙමි. ඒවායේ සත්‍යතාවක් ද ඇත, එසේම අසත්‍ය යම් ප්‍රමාණයක් ද ඇත. ඒ මට හිතෙන හැටියට ය. මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ ඒ කිසිවෙකුට පිළිතුරක් සැපයීම වත් කිසිවෙකු සමඟ උණුසුම් සංවාදයකට පිවිසීම වත් නොවේ. නිකම්ම නිකන් Facebook ගැන මගේ අදහස පැහැදිලි කිරීම ය. එය නොවැදගත් ලෙස සලකා බැහැර කිරීමේ පූර්ණ අයිතිය පාඨකයා සතු ය.
Facebook හි පදනම, නැතහොත් අරමුණ කියා කියනුයේ social networking ය. එනම් සමාජයේ සෑම තරාතිරමකම කෙනෙකුට තමන්ගේ හඬට තැනක් ලබාදීම ය. නැතිනම් 'මම' කියා කෙනෙකු ඉන්නා බව අන්‍යයන්ට සිහිපත් කිරීම ය. ඇයි 'මම' ඉන්නා බව පෙන්නන්නට මේතරම් අවශ්‍ය? හේතුව මිනිසා යනු සමාජ සත්ත්වයෙකු වීම ය. කලාතුරකින් හමුවන කෙනෙකු හැර සාතිශය බහුතරයක් වූ මිනිසුන් තමා සිටිනා බව හැමෝටම ඇඟවීමට කැමති ය. ඇතැම් සත්ත්වයන් අතර ද මේ ලක්ෂණය පැහැදිලිවම දක්නට ලැබේ. එහෙයින් එසේ නොකරන මිනිසෙකු සිටී නම් ඔහු,
නමුත් නූතන සමාජය තුළ එය සිදුවනුයේ තරමක් වෙනස් ආකාරයට ය. මන්ද අධ්‍යාපනයේ යෙදෙන්නන් නිවසින් පන්තියටත් පන්තියෙන් නිවසටත් සීමා වෙලා ය. රැකියාවේ යෙදෙන්නන් කාර්යාලයේ බිත්ති හතරට සීමා වෙලා ය. අතීතයේ මෙන් තම මිතුරු සමාගමයේ වෙසෙමින් ඒ තුල ඉස්මතු වීම අපහසු කටයුත්තක් වී තිබේ. Social networking නම් සංකල්පය එන්නේ ඒ අඩුව පිරවීමට ය.
දැන් පවතින ප්‍රවණතාවය අනුව ශ්‍රී ලංකාව තුළ social networking වෙනුවට facebooking යන වදන භාවිත කළත් ගැටලුවක් නැත. මන්ද hi5, My Space වැනි අනෙකුත් social networking අඩවි පාගාගෙන facebook ගොස් ඇත්තේ ඒවාට ළං වීමට වත් නොහැකි ඉසව්වකට ය.
Facebook යනු කිසිවෙකු විසින් වත් භාවිතා නොකළ යුතු වෙබ් අඩවියක් ලෙසට ඇතැමුන් වර්ගීකරණය කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. මා දකින ආකාරය ඔවුන්ගේ තර්කයට පදනම් වන හේතු කාරණා 2කි.
පළමුව මුල් කරුණ සලකා බලමු. කෙතරම් ආකර්ෂණීය දෙයක් වුවත් ඒ වෙනුවෙන් පණ දීමට තරම් ඇබ්බැහි වීමට කිසිවෙකුට අයිතියක් නැත. Facebook සම්බන්ධයෙන් කතා කළහොත්, මිතුරන් සමඟ සම්බන්ධ වීමට පෙර තම ජීවිතය ගොඩනගාගැනීමේ වගකීම තම තමන්ට පැවරේ. එහෙයින් විභාග අතපසු කරගෙන, වැදගත් කටයුතු පසුවට දමා facebook හි එල්ලී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් කෙනෙකුට පැන නොනැගේ. එසේ ස්වයං විනයක් පවත්වාගැනීමට අපහසු නම් පමණක් ඔහු හෝ ඇය තම ගිණුම අවලංගු කළාට වරදක් නැත.
පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලුව තරමක් සංකීර්ණ ය. මන්ද එය භාවිතා කරන පුද්ගලයා මත ද රඳා පවතින බැවිනි. අවුරුදු 20ක 25ක තරුණයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් එහි ගැටලුවක් ඇත්තේම නැත. ඔබ එය වැඩි වශයෙන් භාවිතා කරන තරමට සිදුවන්නේ ඔබ මිතුරන් වශයෙන් එක් කරගෙන ඇති පුද්ගලයන් කැලට වැඩි වැඩියෙන් නිරාවරණය වීම ය. එය ඇතැමුන් කියන තරමටම නරක දෙයක් ද? මට නම් සිතෙන ආකාරයට එහි කිසිදු වැරැද්දක් නැත. ලෝකයෙන්ම සඟවාගෙන සිටීමට තරම් ඔබට ඇති පෞද්ගලිකත්වය කුමක්ද? ඔබ ඔබේ පෞද්ගලිකත්වය සුරැකිව තබාගැනීමේ අරමුණින් facebook තුලින් ඉවත් වේ නම් ඉන් පැහැදිලි වන්නේ ඔබට ලෝකයෙන් සඟවාගෙන සිටීමට අවශ්‍ය යමක් ඇති බව ය. නැතිනම් කුහකත්වය ය. ලෝකයට තමාගේ සැබෑ ස්වභාවය නොපෙන්වා අර්ධයක් වසාගෙන සිටීම 'පෞද්ගලිකත්වය' යැයි යමෙකු අර්ථදක්වයි නම් එවැන්නෙකුට උචිතම කාර්යය තම facebook ගිණුම වසා දැමීම විය හැක.
නමුත් මෙය කියවන ඔබත් ලියන මමත් අන්තර්ජාලයේ කොටස්කරුවෝ වෙමු. ඔබේත් මාගේත් ජීවිතයෙන් යම් කොටසක් ඒ වෙනුවෙන් කැපකර අවසන් ය. අපගේ පෞද්ගලිකත්වයෙන් ද කොටසක් ඊට අන්තර්ගත ය. පෞද්ගලික තොරතුරු සියල්ල අතහැරියත් කෙනෙකුගේ අදහස් හා සංකල්පයන් ද අයත් වනුයේ ඔහුගේ පෞද්ගලිකත්වයට ය. ඔබ බ්ලොග්කරුවෙකු ලෙස සැලකුවොත් ඔබ යම් කරුණක් ගැන සිතන ආකාරය ඔබේ සටහන කියවන සැවොම දකිති. ඉන් යම් අදහසක් ඔවුහු ඔබ පිළිබඳව ඇතිකරගනිති. එය ඔබට වැලැක්විය නොහැක. එහි වැරැද්දක් තිබේද? අවශ්‍ය නම් ඔබ ගැන අදහසක් ඇති කරගැනීම ඔබ පාරේ ඇවිද යන ආකාරයෙන් වුවද කළ හැක. ඒ ගැන 'ඔබ' එතරම් වද විය යුතු නැත. ඊට වඩා වද විය යුතු ගැටලු ජීවිතයේ නැතිද? බුදුරජාණන්වහන්සේ වැනි කෙනෙකු ගැනත් වැරදි මතවාද පළවූ එකේ අප ගැන කුමන කතාද?
Facebook හරහා ඔබගේ නියම ස්වභාවය ලෝකයාට හෙළි විය හැකි ප්‍රධාන ආකාර 3කි.
නමුත් ඔබ ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳව තවමත් සැලකිලිමත් වේ නම් ද facebook තුල ඔබ පළ කරන ඡායාරූප හෝ වෙනත් දෑ යමෙකුට නොපෙන්වා සිටීමට අවශ්‍ය නම් ද කළ යුත්තේ privacy settings අවශ්‍ය පරිදි සකසා ගැනීම පමණි. එහෙත් තාක්ෂණික අඩුලුහුඬුකම් උපයෝගී කරගෙන කෙනෙකු එය සොරාගැනීමේ අවදානමක් පවතී නම් කළ යුත්තේ එවන් සංවේදී දෑ පළ නොකර සිටීමය. උදාහරණයක් ලෙස relationship status එක පළ නොකර සිටීමෙන් කිසිවෙකුටත් අවැඩක් සිදු නොවන බව මම සිතමි.
තවත් අපූරු කරුණු ඇතැම්හු ඉස්මතු කරති. එක් අදහසක් නම් තමන් පෞද්ගලිකව දැන හඳුනන පුද්ගලයන් හැර අනෙකුත් අය මිතුරන් ලෙස එක් කරගැනීම අවශ්‍ය නොවන බව ය. මගේ අදහසට අනුව එය මුලුමනින්ම වැරදි සංකල්පයකි. Facebook හරහා දැන හඳුනාගෙ සැබෑ ජීවිතයේ මගේ මිතුරන් වූ පුද්ගලයන් ගණන 50කට නොඅඩු බව මාගේ හැඟීමයි. ඇතැමුන් facebook තුලින් හඳුනා නොගන්නට ඔවුන් කිසි දිනෙක දැන ගැනීමට වත් නොලැබෙන බව මගේ විශ්වාසයයි. නමුත් මිතුරන් ලෙස එක් කරගත් පුද්ගලයන් කළණ මිතුරන්, පාප මිත්‍රයන් හෝ වැඩකට නැති මිත්‍රයන් ලෙස වෙන් කර තැබීමේ නොහැකියාව එහි ඇති අඩුපාඩුවක් විය හැක. එසේ වුවද වැඩකට නැතැයි ලෙස සලකා මුලින් එක් කර අවසානයේ කළණ මිත්‍රයන් වූ පුද්ගලයන් සුළු පටු නොවන සංඛ්‍යාවක් සිටින මම උක්ත මතවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.
අවසාන වශයෙන් social networking හෙවත් facebooking හි මා දකින වැදගත්ම ලක්ෂණය වන්නේ එහි පවතින සජීවී ස්වභාවයයි. ඔබට විදේශයක සිටින ඔබේ මිත්‍රයෙකුට ඊමේල් පණිවිඩයක් යැවීමෙන් ලැබෙනවාට වැඩි හැඟීමක් wall කමෙන්ට් එකක්, photo කමෙන්ට් එකක් දැමීම මගින් ලබාගත හැක. මේ හේතුව නිසාම ඇමරිකා එක්සත් ජනපදය තරම් දුර ඈත සිටින යහලුවන් නිවස අසල සිටින අයට වඩා සමීප වන අවස්ථා මා අත්දැක ඇත.
තවද තමාගේ නිර්මාණාත්මක කෞෂල්‍යය වර්ධනය කරගැනීම පිණිස facebook අඩවිය ප්‍රකාශන මාධ්‍යයක් කරගත්තවුන්ද ඇති තරම්ය. එය ඉතා සුවිශේෂී සිද්ධියක් වන්නේ අතීතයේ කවියන්, කෙටිකතාකරුවන් නොලද වරමක් අද facebook තුලින් එසේ වීමට අදහස් කරන්නන් හට උදාකර දී ඇති බැවිනි. (වැඩි විස්තර)
කෙසේ හෝ වේවා තාක්ෂණය යනු අවබෝධයෙන් පරිහරණය කළ යුතු මෙවලමකි. මන්ද යත් සමාජයේ අන් ඕනෑම තැනක මෙන් තාක්ෂණය තුල ද ස්වල්පයක් වූ 'අමන' ප්‍රජාවට ඉඩක් වෙන්වී ඇති බැවිනි. එය පහසුවෙන් වෙනස් කළ හැකි තත්ත්වයක් නොවන නිසා උපේක්ෂාවෙන් විඳදරාගත යුතු ය. නමුත් අතලොස්සකගේ බලපෑම හේතු කොටගෙන තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්නන් ද ඉන් බැහැර විය යුතු නැත...

- සමාජ භීතිකාවකින් පෙළෙන්නෙකි.
- ආගමික හෝ අධ්‍යාත්මික හේතුවක් නිසා සමාජයෙන් වෙන්ව විසීමට උත්සාහ ගන්නෙකි. (උදාහරණයක් ලෙස බුදු දහමේ එන පරිදි ගිහි ගෙයින් අභිනිෂ්ක්‍රමණය කළ අයෙකි. දැන් නම් ඇතැම් ස්වාමීන්වහන්සේලාත් facebook අඩවි පවත්වාගෙන යනු පෙනේ. එය වෙනම කතාවකි. මා මෙම සටහන ලියන්නේ, කියවන කිසිවෙකුත් අභිනිෂ්ක්‍රමණය කළ අයෙකු නොවේය යන උපකල්පනයේ පිහිටා ය)
නමුත් නූතන සමාජය තුළ එය සිදුවනුයේ තරමක් වෙනස් ආකාරයට ය. මන්ද අධ්‍යාපනයේ යෙදෙන්නන් නිවසින් පන්තියටත් පන්තියෙන් නිවසටත් සීමා වෙලා ය. රැකියාවේ යෙදෙන්නන් කාර්යාලයේ බිත්ති හතරට සීමා වෙලා ය. අතීතයේ මෙන් තම මිතුරු සමාගමයේ වෙසෙමින් ඒ තුල ඉස්මතු වීම අපහසු කටයුත්තක් වී තිබේ. Social networking නම් සංකල්පය එන්නේ ඒ අඩුව පිරවීමට ය.
දැන් පවතින ප්‍රවණතාවය අනුව ශ්‍රී ලංකාව තුළ social networking වෙනුවට facebooking යන වදන භාවිත කළත් ගැටලුවක් නැත. මන්ද hi5, My Space වැනි අනෙකුත් social networking අඩවි පාගාගෙන facebook ගොස් ඇත්තේ ඒවාට ළං වීමට වත් නොහැකි ඉසව්වකට ය.
Facebook යනු කිසිවෙකු විසින් වත් භාවිතා නොකළ යුතු වෙබ් අඩවියක් ලෙසට ඇතැමුන් වර්ගීකරණය කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. මා දකින ආකාරය ඔවුන්ගේ තර්කයට පදනම් වන හේතු කාරණා 2කි.
- එය භාවිතය කෙනෙකුට පහසුවෙන් ගැලවිය නොහැකි ඇබ්බැහියකට හේතු වේ.
- එය නොදැනුවත්වම තමාගේ පෞද්ගලිකත්වයට මහත් බලපෑමක් එල්ල කරයි.
පළමුව මුල් කරුණ සලකා බලමු. කෙතරම් ආකර්ෂණීය දෙයක් වුවත් ඒ වෙනුවෙන් පණ දීමට තරම් ඇබ්බැහි වීමට කිසිවෙකුට අයිතියක් නැත. Facebook සම්බන්ධයෙන් කතා කළහොත්, මිතුරන් සමඟ සම්බන්ධ වීමට පෙර තම ජීවිතය ගොඩනගාගැනීමේ වගකීම තම තමන්ට පැවරේ. එහෙයින් විභාග අතපසු කරගෙන, වැදගත් කටයුතු පසුවට දමා facebook හි එල්ලී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් කෙනෙකුට පැන නොනැගේ. එසේ ස්වයං විනයක් පවත්වාගැනීමට අපහසු නම් පමණක් ඔහු හෝ ඇය තම ගිණුම අවලංගු කළාට වරදක් නැත.
පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලුව තරමක් සංකීර්ණ ය. මන්ද එය භාවිතා කරන පුද්ගලයා මත ද රඳා පවතින බැවිනි. අවුරුදු 20ක 25ක තරුණයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් එහි ගැටලුවක් ඇත්තේම නැත. ඔබ එය වැඩි වශයෙන් භාවිතා කරන තරමට සිදුවන්නේ ඔබ මිතුරන් වශයෙන් එක් කරගෙන ඇති පුද්ගලයන් කැලට වැඩි වැඩියෙන් නිරාවරණය වීම ය. එය ඇතැමුන් කියන තරමටම නරක දෙයක් ද? මට නම් සිතෙන ආකාරයට එහි කිසිදු වැරැද්දක් නැත. ලෝකයෙන්ම සඟවාගෙන සිටීමට තරම් ඔබට ඇති පෞද්ගලිකත්වය කුමක්ද? ඔබ ඔබේ පෞද්ගලිකත්වය සුරැකිව තබාගැනීමේ අරමුණින් facebook තුලින් ඉවත් වේ නම් ඉන් පැහැදිලි වන්නේ ඔබට ලෝකයෙන් සඟවාගෙන සිටීමට අවශ්‍ය යමක් ඇති බව ය. නැතිනම් කුහකත්වය ය. ලෝකයට තමාගේ සැබෑ ස්වභාවය නොපෙන්වා අර්ධයක් වසාගෙන සිටීම 'පෞද්ගලිකත්වය' යැයි යමෙකු අර්ථදක්වයි නම් එවැන්නෙකුට උචිතම කාර්යය තම facebook ගිණුම වසා දැමීම විය හැක.
නමුත් මෙය කියවන ඔබත් ලියන මමත් අන්තර්ජාලයේ කොටස්කරුවෝ වෙමු. ඔබේත් මාගේත් ජීවිතයෙන් යම් කොටසක් ඒ වෙනුවෙන් කැපකර අවසන් ය. අපගේ පෞද්ගලිකත්වයෙන් ද කොටසක් ඊට අන්තර්ගත ය. පෞද්ගලික තොරතුරු සියල්ල අතහැරියත් කෙනෙකුගේ අදහස් හා සංකල්පයන් ද අයත් වනුයේ ඔහුගේ පෞද්ගලිකත්වයට ය. ඔබ බ්ලොග්කරුවෙකු ලෙස සැලකුවොත් ඔබ යම් කරුණක් ගැන සිතන ආකාරය ඔබේ සටහන කියවන සැවොම දකිති. ඉන් යම් අදහසක් ඔවුහු ඔබ පිළිබඳව ඇතිකරගනිති. එය ඔබට වැලැක්විය නොහැක. එහි වැරැද්දක් තිබේද? අවශ්‍ය නම් ඔබ ගැන අදහසක් ඇති කරගැනීම ඔබ පාරේ ඇවිද යන ආකාරයෙන් වුවද කළ හැක. ඒ ගැන 'ඔබ' එතරම් වද විය යුතු නැත. ඊට වඩා වද විය යුතු ගැටලු ජීවිතයේ නැතිද? බුදුරජාණන්වහන්සේ වැනි කෙනෙකු ගැනත් වැරදි මතවාද පළවූ එකේ අප ගැන කුමන කතාද?
Facebook හරහා ඔබගේ නියම ස්වභාවය ලෝකයාට හෙළි විය හැකි ප්‍රධාන ආකාර 3කි.
- ඔබේ පෞද්ගලික තොරතුරු
- ඔබගේ ඡායාරූප
- විවිධ ස්ථාන වල ඔබ යොදන කමෙන්ට්ස්
නමුත් ඔබ ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳව තවමත් සැලකිලිමත් වේ නම් ද facebook තුල ඔබ පළ කරන ඡායාරූප හෝ වෙනත් දෑ යමෙකුට නොපෙන්වා සිටීමට අවශ්‍ය නම් ද කළ යුත්තේ privacy settings අවශ්‍ය පරිදි සකසා ගැනීම පමණි. එහෙත් තාක්ෂණික අඩුලුහුඬුකම් උපයෝගී කරගෙන කෙනෙකු එය සොරාගැනීමේ අවදානමක් පවතී නම් කළ යුත්තේ එවන් සංවේදී දෑ පළ නොකර සිටීමය. උදාහරණයක් ලෙස relationship status එක පළ නොකර සිටීමෙන් කිසිවෙකුටත් අවැඩක් සිදු නොවන බව මම සිතමි.
තවත් අපූරු කරුණු ඇතැම්හු ඉස්මතු කරති. එක් අදහසක් නම් තමන් පෞද්ගලිකව දැන හඳුනන පුද්ගලයන් හැර අනෙකුත් අය මිතුරන් ලෙස එක් කරගැනීම අවශ්‍ය නොවන බව ය. මගේ අදහසට අනුව එය මුලුමනින්ම වැරදි සංකල්පයකි. Facebook හරහා දැන හඳුනාගෙ සැබෑ ජීවිතයේ මගේ මිතුරන් වූ පුද්ගලයන් ගණන 50කට නොඅඩු බව මාගේ හැඟීමයි. ඇතැමුන් facebook තුලින් හඳුනා නොගන්නට ඔවුන් කිසි දිනෙක දැන ගැනීමට වත් නොලැබෙන බව මගේ විශ්වාසයයි. නමුත් මිතුරන් ලෙස එක් කරගත් පුද්ගලයන් කළණ මිතුරන්, පාප මිත්‍රයන් හෝ වැඩකට නැති මිත්‍රයන් ලෙස වෙන් කර තැබීමේ නොහැකියාව එහි ඇති අඩුපාඩුවක් විය හැක. එසේ වුවද වැඩකට නැතැයි ලෙස සලකා මුලින් එක් කර අවසානයේ කළණ මිත්‍රයන් වූ පුද්ගලයන් සුළු පටු නොවන සංඛ්‍යාවක් සිටින මම උක්ත මතවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.
අවසාන වශයෙන් social networking හෙවත් facebooking හි මා දකින වැදගත්ම ලක්ෂණය වන්නේ එහි පවතින සජීවී ස්වභාවයයි. ඔබට විදේශයක සිටින ඔබේ මිත්‍රයෙකුට ඊමේල් පණිවිඩයක් යැවීමෙන් ලැබෙනවාට වැඩි හැඟීමක් wall කමෙන්ට් එකක්, photo කමෙන්ට් එකක් දැමීම මගින් ලබාගත හැක. මේ හේතුව නිසාම ඇමරිකා එක්සත් ජනපදය තරම් දුර ඈත සිටින යහලුවන් නිවස අසල සිටින අයට වඩා සමීප වන අවස්ථා මා අත්දැක ඇත.
තවද තමාගේ නිර්මාණාත්මක කෞෂල්‍යය වර්ධනය කරගැනීම පිණිස facebook අඩවිය ප්‍රකාශන මාධ්‍යයක් කරගත්තවුන්ද ඇති තරම්ය. එය ඉතා සුවිශේෂී සිද්ධියක් වන්නේ අතීතයේ කවියන්, කෙටිකතාකරුවන් නොලද වරමක් අද facebook තුලින් එසේ වීමට අදහස් කරන්නන් හට උදාකර දී ඇති බැවිනි. (වැඩි විස්තර)
කෙසේ හෝ වේවා තාක්ෂණය යනු අවබෝධයෙන් පරිහරණය කළ යුතු මෙවලමකි. මන්ද යත් සමාජයේ අන් ඕනෑම තැනක මෙන් තාක්ෂණය තුල ද ස්වල්පයක් වූ 'අමන' ප්‍රජාවට ඉඩක් වෙන්වී ඇති බැවිනි. එය පහසුවෙන් වෙනස් කළ හැකි තත්ත්වයක් නොවන නිසා උපේක්ෂාවෙන් විඳදරාගත යුතු ය. නමුත් අතලොස්සකගේ බලපෑම හේතු කොටගෙන තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්නන් ද ඉන් බැහැර විය යුතු නැත...
Friday, April 17, 2009
මොසිල්ලා ෆයර්ෆොක්ස් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයක් (Add-On)
පරිගණක වෙළඳ සලකට නොගොස් සිය ජාල සබඳතාව තුලින්ම තමන්ගේ සියලු මෘදුකාංග, සංගීත සහ චිත්‍රපට අවශ්‍යතා ඉටුකරගන්නා මා වැනි නව පරපුරේ පරිගණක පරිශීලකයන් හට එතරම් නුහුරු නුපුරුදු වෙබ් අඩවියක් නොවේ 'රැපිඩ් ෂෙයා' (www.rapidshare.com).
නවකයන් හට වැටහෙන භාෂාවකින් පවසතොත්, එම අඩවිය මගින් තමන් සතු යම් ලිපියක් හෝ ලිපි ගොනුවක් අන්තර්ජාල පරිශීලකයන් ඇති තරම් සංඛ්‍යාවකට බාගත කරගැනීම පිණිස අප්ලෝඩ් කර තැබීමට වෙබ් අවකාශය සකස් කර දෙනු ලබයි. (සැ.යු.: එම පහසුකම සලසා දෙන එකම අඩවිය රැපිඩ් ෂෙයා නොවේ. නමුත් වඩාත්ම ජනප්‍රිය එයයි. ඒ කොතෙක්ද කිවහොත් රැපිඩ් ෂෙයා සර්වර තුල මේ වනවිට පෙටා බයිට 5.4 ක (5.4 PB) දත්ත ගබඩා වී ඇතැයි පැවසේ)
මෙම අඩවිය ආකාර 2 කින් භාවිතා කළ හැක.
1. මුදල් ගෙවා පරිහරණය කළ යුතු Premium User ආකාරය
2. මුදල් නොගෙවා පරිහරණය කළ හැකි Free User ආකාරය
කලාතුරකින් හමුවන, එසේම වැඩිකල් නොපවතින Premium ගිණුමක සුරැකුම් පදයක් වැරදීමකින් මෙන් හමු වුවහොත් මිස සාමාන්‍ය පොදු ජනතාවට එය භාවිතා කිරීමට සිදුවන්නේ Free User ආකාරයටයි.
මෙම ආකාරයට ලිපි බාගත කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලු වන්නේ එකවර ලිපි එකකට වඩා බාගත කළ නොහැකි වීමත් එක් ලිපියක් බාගෙන තවත් ලිපියක් බෑමට යාමේදී ක්ලික් කිරීම් විශාල සංඛ්‍යාවක් කිරීමට සිදුවීමත් එක් පියවරකින් තවත් පියවරකට යාම අතරතුර සැලකිය යුතු කාලයක් නිකරුණේ බලා සිටීමට සිදුවීමත් ය. මෙවන් හේතු කරණය කොටගෙන බොහෝ දෙනා ටොරන්ට (Torrents) බාගත කිරීමට යොමුවන අයුරක් දැන් දැකගත හැක.
රැපිඩ් ෂෙයා හි මෙවන් දුර්වලතා රැසක් මඟහරවා ගැනීම පිණිස භාවිතා කළ හැකි ඇඩෝනයක් මෑතකදී මා හට හමුවිය. පහත දැක්වෙන්නේ එයයි...
https://addons.mozilla.org/en-US/firefox/addon/8376
Rapidshare Downloader 0.5.9 යනුවෙන් හැඳින්වෙන එය, මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් හට පමණක් භාවිතයට ගත හැකි ඇඩෝනයකි. බාගත කිරීමට අවශ්‍ය ලිපි වල සබැඳි (Links) ලැයිස්තුවක් සකසා දුන් විට, එක් ක්ලික් කිරීමකින් අදාල සියලු ලිපි බාගත කරගැනීමේ හැකියාව එමගින් ලැබේ.
එබැවින් තවදුරටත්, කොටස් රාශියකින් සමන්විත චිත්‍රපටයක් බාගත කිරීම පිණිස දෑස් දල්වා පරිගණක තිරය දෙස බලා සිටිය යුතු නැත. රාත්‍රියට බාගත වීමට තබා නින්දට ගිය විට පසුදා උදෑසන වන විට ලිපිය මුළුමනින්ම බාගත වී තිබෙන සුබ සිහිනය දැකීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී ඇත...:D :D
සැ.යු.: මෙම ඇඩෝනය....
*මගින් බාගත වීමේ වේගය අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැත.
*මගින් බාගත කිරීම් 2ක් අතර පවතින විනාඩි 15ක කාල ප්‍රාන්තරය අහෝසි වන්නේ නැත.
*මොසිල්ලා ෆයර්ෆොක්ස් 3.0 හෝ නව බ්‍රිව්සරයන් සඳහා පමණයි.

Thursday, April 9, 2009
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය කිරීම බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි තද කළු අකුරින් යමක් ටයිප් කිරීමටවත් නොදන්නවුන් ඇති තරම් අප අතර සිටියි. එය ලැජ්ජාවීමට කරුණක් නොවේ.(ඇත්ත වශයෙන්ම කිවහොත් මා ද එය දැනගන්නට යෙදුනේ ඉතාම මෑතකදී ය)
මීට හේතුව නම් අප බොහෝ දෙනෙකු තාක්ෂණය භාවිතා කරණුයේ එහි පාරිභෝගිකයෙකු ලෙස විනා එහි පෙරගමන්කරුවෙකු ලෙස නොවීමයි.
හොඳයි, එසේ නම් HTML ටැග භාවිතයෙන් අප හට කළ හැක්කේ කුමක්දැයි බලමු. සැබැවින්ම වර්ඩ් ප්‍රොසෙසරයක් භාවිතයෙන් කළ හැකි සියලුම කටයුතු ටැග භාවිතයෙන් කළ හැක. උදාහරණයක් වශයෙන් තමන් ටයිප් කරන ලද දෙයක් බෝල්ඩ් කිරීම (Bold) , ඉටැලික් කිරීම (Italic) මෙන්ම අන්ඩර්ලයින් (Undeline) කිරීම ද දැක්විය හැක.
ඒ සඳහා කළ යුත්තේ මෙපමණයි...
1. විශේෂකරණයේ ආරම්භය (Start of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
2.ඔබට අවශ්‍ය දෑ ඇති තරම් ටයිප් කරන්න.
3. විශේෂකරණයේ අවසානය (End of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *යතුරු පුවරුවේ ස්ලෑෂය ඔබන්න: / (මෙය බැක් ස්ලෑෂය සමඟ පටලවා නොගන්න) *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
උදාහරණ:
[u][b][i]ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි[/u][/b][/i]
(ඔබ මෙය භාවිතා කරන විට [ වෙනුවට < ද, ] වෙනුවට > ද භාවිතා කිරීමට සැලකිලිමත් වන්න ) ප්‍රතිඵලය පහත පරිදි වනු ඇති...
ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි
අවවාදය: මෙම පාඩම ප්‍රභාත් රණසිංහ වැනි වෙබ් ගුරාලා (Web Gurus) ට නොව පරිගණකකරණයේ යෙදෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනගැනීම පිණිසයි...