Pages

Thursday, April 9, 2009

HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය

HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය කිරීම බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි තද කළු අකුරින් යමක් ටයිප් කිරීමටවත් නොදන්නවුන් ඇති තරම් අප අතර සිටියි. එය ලැජ්ජාවීමට කරුණක් නොවේ.(ඇත්ත වශයෙන්ම කිවහොත් මා ද එය දැනගන්නට යෙදුනේ ඉතාම මෑතකදී ය)
මීට හේතුව නම් අප බොහෝ දෙනෙකු තාක්ෂණය භාවිතා කරණුයේ එහි පාරිභෝගිකයෙකු ලෙස විනා එහි පෙරගමන්කරුවෙකු ලෙස නොවීම
යි.
හොඳයි, එසේ නම් HTML ටැග භාවිතයෙන් අප හට කළ හැක්කේ කුමක්දැයි බලමු. සැබැවින්ම වර්ඩ් ප්‍රොසෙසරයක් භාවිතයෙන් කළ හැකි සියලුම කටයුතු ටැග භාවිතයෙන් කළ හැක. උදාහරණයක් වශයෙන් තමන් ටයිප් කරන ලද දෙයක් බෝල්ඩ් කිරීම (Bold) , ඉටැලික් කිරීම (Italic) මෙන්ම අන්ඩර්ලයින් (Undeline) කිරීම ද දැක්විය හැක.
ඒ සඳහා කළ යුත්තේ මෙපමණයි...

1. විශේෂකරණයේ ආරම්භය (Start of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >

2.ඔබට අවශ්‍ය දෑ ඇති තරම් ටයිප් කරන්න.

3. විශේෂකරණයේ අවසානය (End of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *යතුරු පුවරුවේ ස්ලෑෂය ඔබන්න: / (මෙය බැක් ස්ලෑෂය සමඟ පටලවා නොගන්න) *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >

උදාහරණ:

[u][b][i]ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි[/u][/b][/i]
(ඔබ මෙය භාවිතා කරන විට [ වෙනුවට < ද, ] වෙනුවට > ද භාවිතා කිරීමට සැලකිලිමත් වන්න ) ප්‍රතිඵලය පහත පරිදි වනු ඇති...

ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි

අවවාදය: මෙම පාඩම ප්‍රභාත් රණසිංහ වැනි වෙබ් ගුරාලා
(Web Gurus) ට නොව පරිගණකකරණයේ යෙදෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනගැනීම පිණිසයි...

1 comments:

බුද්ධික said...

හොද ලිපියක්...මම මුලින්ම HTML ගැන දැන ගත්තේ win95 dialup help files(Comperserv,AOL..etc) වගේ ඒවා අත ගාලා...ඒකෙ එක එක දේ වෙන්න තිබ්බ tag මම අරගෙන මට ඕනි දේවල් දැම්මා..ඒ කියන්නේ ඒකෙ text වෙනුවට....කොහොම හරි අන්තිමට වෙබ් පිටුවක් හදා ගන්න පුලුවන් උනා...
දැන්නම් WYWIWYG (What You Write Is What You Get ) Editiors තියෙන නිසා වැඩේ හරිම ලේසි...ඒත් php වලින් වගේ web programing කරද්දී නම් කෝඩින් ගොඩක් වැදගත්....

(මම ඔය එකක් වත් හරියට දන්නේ නෑ කිව්වට)

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.