Pages

Showing posts with label Blogging. Show all posts
Showing posts with label Blogging. Show all posts

Tuesday, April 13, 2010

මේ ඉන්නෙ කවුද බලන්න...

සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සෙට් වුණේ. හරියටම කිව්වොත් මාස 8 කින් විතර. ඒකත් විශේෂ දෙයක් ගැන නෙවෙයි. මට හම්බුණු ඊ මේල් පණිවුඩයක් ගැන....
එක අතකට මේක ඔබට ලැබෙන අනගි අවස්ථාවක් කියන්නත් පුලුවන්. පහත තිබෙන්නේ පින්තූරයක්. (හෝව්! බලන්නෙ එහෙම නෑ දැන්ම:P) මේ පින්තූරෙ බලලා අහල තියන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ලබා දුන්නොත් පාපන්දු ලෝක කුසලානය බලන්න යන්න ටිකට පතක් නොමිලේ ලැබෙනවාලු!
ඔන්න එහෙනම් ප්‍රශ්න ටික:
  1. මේ රූපයේ සිටින පුද්ගලයන් අතරින් නිදිබර ගතියකින් සිටින අය කවුද?
  2. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් නිවුන්නුන් කවුද?
  3. මේ රූපයේ ඉන්න ගැහැණු ළමුන් ගණන කීයද?
  4. මේ රූපයේ ඉන්න නිවුන්-ගැහැණු ළමුන් කවුද?
  5. මේ රූපයේ ඉන්න කට්ටියගෙන් ගුරුවරයා කවුද?



දැන් ඉතින් පින්තූරෙ බලන්න පහළට යන්න....




















හහ් හා... එහෙනම් world cup එක බලන්න යමුද මල්ලී??? :D

Tuesday, June 16, 2009

බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!

බ්ලොග්කරණය, සයිබර් අවකාශය තුළ තමාගේ 'හඬ' අවදි කිරීමට ප්‍රියකරන බොහෝදෙනාගේ ප්‍රියතම විනෝදාංශයකි. එය අප රට තුළ තවමත් පුළුල් ලෙස ව්‍යාප්තව නැතත් ව්‍යාප්ත වීගෙන එන පෙරමඟ ලකුණු මනාව දක්නට ලැබේ. බ්ලොග් සටහනක් ලිවීම සඳහා කෙනෙකුටම උවමනා ම වන, ආදේශක නොමැති මෙවලම නම් 'වර්ඩ්ප්‍රෙස්' වත් 'බ්ලොගර්' වත් නොව 'භාෂාව'යි. අන්තර්ජාලයේ ප්‍රධානතම භාෂාව ඉංග්‍රීසිය වුවද උපතින් ඉංග්‍රීසි කතා නොකරන රටවල ඉපදුණු අප වැනි බොහෝ දෙනා, ඉංග්‍රීසි දතත්, තවමත් ප්‍රිය කරන්නේ අපේ හුරුපුරුදු මවු භාෂාවෙන් ලිවීමටයි; කියැවීමටයි. එය සිංහලයන් තුළ උපතින්ම පිහිටි ගුණාංගයක් බව විදේශයන්හි සිට ද සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපේ සහෝදර සහෝදරියන් දෙස බැලීමෙන් මනාව ප්‍රකට වේ.

අද මාගේ අරමුණ සිංහල බ්ලොග්කරණයේ වැදගත්කම ගැන කීමටවත්, එය අගය කිරීමටවත් නොව සිංහලෙන් බ්ලොග් ලියන්නන් තුළ භාෂාව පිළිබඳ යම් හැඟීමක් ඇතිකිරීමයි. මීට හේතුව නම් ඇතැම් බ්ලොග්කරුවන් භාෂාව කෙරෙහි දක්වන දැඩි නොසැලකිල්ලයි. (මෙය අදාළ වන්නේ සුලු පිරිසකට බව සැලකුව මනාය). ඇතැමුන් බ්ලොග් සටහන් ලියන්නේ සිංහල භාෂාවේ භාෂා රීති පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයෙන් නොවන බව එම බ්ලොග් කියවීමෙන් මනාව පැහැදිලි වේ. මා හට අදත් එවන් බ්ලොගයක් හමුවූ අතර කලින් ද එවන් සටහන් කිහිපයක්ම කියවා ඇත. මුලින්ම එම පුද්ගලයාට ඒ බව දන්වා සිටීමට සිතුනත් ඔහු අධෛර්යයට පත්වීමට හෝ වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ තිබූ නිසා එසේ නොකියා පොදුවේ කීම යෝග්‍ය යැයි මම අදහස් කළෙමි.

මෙහිදී මතුකළ යුතු එකම කරුණ නම් බ්ලොගයක් ලිවීමට ඔබ භාෂා විශාරදයෙකු වීමට අවශ්‍ය නොවන බව ය. කළ යුත්තේ පාඨකයාට එය කියවිය හැකි පරිදි ලිවීම පමණි. මෙම සටහන ලියන මා ද සාමාන්‍ය පෙළ පන්තියට පසු සිංහල උගෙන නොමැත. එබැවින් මාගේ සටහන් කියවූ විට ද වැරදි සොයාගත හැකි අතර එවන් දෑ මටම හමුවී ද ඇත. නමුත් සමස්තයක් වශයෙන් ඒවා කියවිය නොහැකි තත්වයේ නැතැයි මම උපකල්පනය කරමි.

පාඨකයාට 'කියවිය හැකි පරිදි' ලිවීමට නම් ලේඛකයා භාෂා රීති, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ගැන මඳක් හෝ අවධානය යොමු කළ යුතුය. කියවන්නාට අමු අමුවේ පෙනෙන වැරදි බහුලව ඇති විට කොතරම් වැදගත් ලිපියක් වුවද කියවීමට සිත් නොදේ. සිංහල, තරමක් සංකීර්ණ භාෂාවක් වී ඇත්තේ එහි ලේඛණ ව්‍යවහාරය හා සාමාන්‍ය ව්‍යවහාරය යනුවෙන් භාවිතයන් දෙකක් ඇති බැවිනි. බ්ලොගයක් ලිවීමේදී මෙම රීති දෙකම භාවිත කළ හැක. සෑම විටම ලේඛන ව්‍යවහාරය භාවිතා කිරීම සුදුසු නොවන්නේ එවිට සටහන පාඨකයාට නීරස වීමට ඉඩකඩ ඇති බැවිනි. පාඨකයාට වඩාත් සමීප ස්වභාවයක් ගන්නා බැවින්, එතරම් ගැඹුරු නොවන
ලිපියක් (උදා: චිත්‍රපට විචාරයක් හෝ පෞද්ගලික අත්දැකීමක් වැනි යමක්) සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිවීම උචිත වේ. නමුත් එහිදී ද භාෂා රීති ගැන සැලකිළිමත් වීම අවශ්‍ය ය. පළමුව කී, අමු අමුවේ භාෂාව වරදවා භාවිත කරන කිහිප දෙනා අමතක කරන කරුණ නම් භාෂා රීති උල්ලංඝණය නොකර සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපියක් ලිවිය හැකි බවයි. උක්ත ආඛ්‍යාත පද අතර සරල සම්බන්ධය ගැන සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපිය ලිවීමේදී ද සැලකිළිමත් විය හැකි නම් මේ ගැටලුව මතු නොවේ. එහි වරද තේරුම් ගැනීමට නම් ඔබ ලියූ ලිපිය මුල සිට සිතෙන් කියවාගෙන යා යුතුය. එවිට එහි නොගැළපෙන තැන් ඉතාම පහසුවෙන් හඳුනාගත හැකිය.

අනෙක් වරද නම් අක්ෂර වින්‍යාසයයි. අවම වශයෙන් අවුරුදු 11ක් සිංහල භාෂාව ඉගෙනගත් ඔබේ නෙතට "ලමයා" යන වදන අප්‍රියජනක විය යුතුය. සමහර විට වැරැද්ද කොතැනදැයි හරියටම හඳුනාගැනීම අපහසු වුවද කොතැනක හෝ වරදක් ඇති බව තේරුම් ගැනීමට ඔබේ නෙතට හැකියාව ඇත.

නමුත් මේ සරල දේ ගැන අවධානය යොමු නොකරන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු තවමත් දැකිය හැක. ඔවුන් තම වැරදි වහ වහා නිවැරදි කරගත යුත්තේ ඔබ සහ අප සහ 'ඔවුන්', විශ්ව පවුලේ සිංහලයට ඇති උරුමය නියෝජනය කරන්නන් වන බැවිනි.

Sunday, May 24, 2009

බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් නිසා තමයි මට මේ ගැන ලියන්න හිතුනෙ. HTML දන්න කියන උදවියට නම් මේක එතරම්ම වැදගත් නැතිවෙන්න පුලුවන්. නමුත් ඒ ගැන නොදන්න සාමාන්‍ය බ්ලොග්කරුවන්ට නම් ඉතාම වැදගත් වෙයි.

කාරණාව මේකයි. අපිට ලිපියක් ලියද්දි සමහර වෙලාවට උවමනා වෙනවා ඒකට HTML sripts යොදන්න. උදාහරණයක් විදියට මගේ මේ ලිපිය බලන්නකෝ. නමුත් මේකෙ තියන HTML script එක කෙලින්ම බ්ලොග් සටහන ලියන්න තියෙන ඉඩේ සටහන් කළාට ඒක ඔබේ අඩවියෙ පෙන්නන්නෙ නෑ. හේතුව තමයි ඔබේ වෙබ් බ්‍රිව්සරය මගින් ඒක පෙන්නනවා (Display කරනවා) වෙනුවට ක්‍රියාත්මක (Execute) කිරීම. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් වෙබ් බ්‍රිව්සරයකින් වෙන්නෙ HTML entities, decode සහ encode කිරීම නිසා.

බ්‍රිව්සරය මේක HTML script එකක් කියල හඳුනගන්නෙ ඒකෙ තියන <, > හා & (Ampersand) ලකුණු වලින්. මේකෙ 'අඩු', 'වැඩි' ලකුණු දෙක < > විදියට භාවිතා වෙන ඕනෙම තැනක මේ අවුල එනවා. හරියටම ෂුවර් නැත්තම් නිකන් පෝස්ට් එකක පහත script එක අලවල පෝස්ට් කරල බලන්නකෝ.
<em>Ampersands & angle brackets need to be encoded.</em>
පෙන්නන්නෙ නෑ නේ?

දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
  • < ලකුණ වෙනුවට &lt; ත්
  • > වෙනුවට &gt; ත්
  • & වෙනුවට &amp; ත්
යොදන්න. හරිම ලේසියි නේ?

Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
&lt;em&gt;Ampersands &amp; angle brackets need to be encoded.&lt;/em&gt;
නමුත් මේක එපා කරපු කර්තව්‍යයක් වෙන්නෙ මහා දිග script එකක් encode කරන්න වුණාම. උදාහරණයක් විදිහට මගේ කලින් පෝස්ට් එකේ තියන script එක බලන්න.

මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.

ඉතින් තවත්
ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.

Monday, October 20, 2008

My First Day

Hey guys, this is my first time blogging at Chamitha's day!
I had a very satisfactory morning today as I took my fourth practice test and ended up with some better results than those of previous attempts....
Huh, but it's not yet over. A single miscalculation, a single misunderstanding or a single erratic interpretation could ruin what was gained through two months of painstaking studying all the way alone. So I've got to be more prudent! (An idea of revelation, isn't it? He he...)
In fact, if everyone can be more cautious in doing their day-to-day activities, the world will be a pleasant place than what we see today...