වර්තමාන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ප්‍රශ්නය නවක වදයයි. පසුගිය කාලයේ මා මේ සම්බන්ධව කොතෙකුත් ලීවේ මෙම ගැටලුවේ පවතින බරපතල තත්ත්වය ඒ ගැන මගේ අදහස් පළකිරීමටයි. ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක වද ගැටලුව සම්බන්ධයෙන් පළවූ මෙම ලිපිය මගේ අවධානයට යොමු විය. මා මෙය පළකරන්නේ, වැරැද්ද කොතැනක සිදු වුවත් වැරැද්දම බව පෙන්වාදීමේත්, නවක වදයේ "හොඳ" ගැන කතාකරන ඇතැමුන්ට, නවක වදය පිළිබඳ නූතන සමාජය දරන ආකල්පය පෙන්වාදීමේත් අටියෙනි.
කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට පසුගිය දිනෙක හදිසියේම ගිලන් රථයක් පැමිණියේය. ඉන් බැසගත් තරුණයන් තරුණියන් කිහිප දෙනෙක් තවත් තරුණියක වත්තන් කරගෙන ආහ. එම තරුණිය දැඩි අපහසුතාවයෙන් හුස්‌ම ගන්නා ආකාරයක් පෙනිණි. ඇය සමග පැමිණි තරුණයන්ට හෝ තරුණියන්ට ඇයගේ අපහසුතාවයපිළිබඳ එතරම් හැඟීමක් තිබූ බවක් පෙනෙන්නට නොතිබිණි. එම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ තවත් කිහිප දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිය වාරය එන තුරු බලා සිටියහ. අපහසුවෙන් හුස්‌ම ගනිමින් සිටි තරුණියට අවස්‌ථාව ලැබුණේ ඉන් පසුවය. ප්‍රතිකාර සඳහා වන මුදල් ද සිය පසුම්බියෙන් දුන්නේ ඇය සමග පැමිණි තරුණයෙකි. ඔවුහු යළිත් ගිලන් රථයේ නැගී ගියහ.
මෙම සිදුවීම එක් අතකින් සැක උපදවන්නකි. දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවූ එම තරුණිය පිළිබඳව ඇය සමග පැමිණි කිසිවකුට හැඟීමක් නොතිබීම නිසාවෙනි. අනෙක් අතට තරුණිය පිළිබඳව අවධානයකින් නොසිටිමුත් ඔවුන් අවට සිටියවුන් දෙස නෙත් යොමු කළේ බියවුණු සැකයකිනි. කවුරුන් හෝ යමක් ප්‍රශ්න කරනු ඇතැයි යන සැකයක් ඔවුන්ගේ සිත්වල තිබුණා විය හැකිය.
සත්‍ය වශයෙන්ම මෙම පිරිස කවුදැයි දැන ගැනීම අසීරු කරුණක් නොවුණේ ගිලන් රථයේ සඳහන් වු අකුරුවලිනි "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" යන අකුරු ගිලන් රථයේ සඳහන් කර තිබිණි. දැඩි ලෙස අසනීපව සිටි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළත්වූ ශිෂ්‍යාවක වන අතර ඇයව රැගෙන ආවෙත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ය. ඇය අසනීප වූයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නවකවදයෙනි. කුමන විශ්වවිද්‍යාලයක වුවද හදිසියේ අසනීප වන සිසුන් ප්‍රථමයෙන්ම යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයේ පවතින සෞඛ්‍ය මධ්‍යස්‌ථානයටය. සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව අවශ්‍ය නම් ගිලන් රථයෙන් රජයේ රෝහලක් වෙත යොමු කරයි. සාමාන්‍යයෙන් සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන එම ක්‍රමවේදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පොදු නැත. එහි කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවලට මෙවර අලුතින් ඇතුළත් වු නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වන්නේ දැඩි භීතියකිනි. දේශන ආරම්භ වීමට පැයකට දෙකකට කලින් ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුය. දේශන ආරම්භ වන තෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ හිංසාකාරී නවකවදයට ගොදුරු වීම අනිවාර්යය. දේශනවලට යා හැකි වන්නේ ඉන් පසුවය. දිවා ආහාරය සඳහා දේශන අවසන් කළ පසු යළිත් ජ්‍යෙෂ්ඨ සිසුහු ඔවුන් කරා පැමිණෙති. නේවාසිකව සිටින්නන් හැර සෙසු සිසු සිසුවියෝ දිවා ආකාරය නිවසින් රැගෙන එති. අලූයම අවදී වී අම්මලා උයා පිහා බැඳ දෙන බත් පත කන්නට ඔවුන්ට ඉඩ නොලැබේ. දහවල් ගිනි අව්වේ පිට්‌ටනියට කැඳවන නවකයන්ගේ දිවා ආහාර එකතු කරන්නේ ජ්‍යෙෂ්ඨයෝය. ඔවුහු. විකෘති මානසික තත්ත්වයෙන් පසුවන මුග්ධයෝ විය යුතුය. පිට්‌ටනියේ ගිනිඅව්වේ බිම වාඩි කරවන නවකයන් පස් හය දෙනකුට කන්නට ලැබෙන්නේ එක බත් පාර්සලයකිනි. එය තමන් නිවසින් රැගෙන ආ බත්පත නොව වෙනත් එකකි. ආහාර ගත යුතු වන්නේද අමු තිත්ත කුණුහරුප සමගය. එතරම්ම අසික්‌කිත අන්දමින් ජ්‍යෙෂ්ඨයන් හැසිරීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනටම එපා වී සිටින පිරිස බොහෝය. මින් වැඩි පිරිසක් ශිෂ්‍යාවෝය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවසන නවක වදය නවකයන්ට පමණක් නොව දෙමව්පියන්ට ද මහා වදයකි. මේ පිළිබඳව දෙමව්පියෝ උපකුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාට ද පැමිණිලි කර ඇත. සිය දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා දෙමව්පියන්ටද දැන් විශ්වවිද්‍යාලයට පැමිණීමට සිදු වීම කෙතරම් නම් අභාග්‍යයක්‌ද? ගිනි අව්වේ සිටුවා සිදු කරන නවකවද ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට සිහිමූර්ජා වන ශිෂ්‍යාවන් පිළිබඳ සංඛ්‍යාලේඛණ විශ්විද්‍යාලය සතුව නැත. අසනීප වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ තොරතුරු විශ්වවිද්‍යාලය සතුව නැත. මන්ද ඒ සියලු දෙනා යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයට පිටතින් වන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන වෙතය. ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට නම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන කරා යා යුතුය.
නවකයන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු වේලාව. දිවා ආහාරය ගත යුතු වේලාව, දේශන අවසන් වී නේවාසිකාගාරවලට යා යුතු වේලාව විශ්වවිද්‍යාලයට පැමිණීමේ දී සැරසිය යුතු ඇඳුම් පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල ශිෂ්‍ය සංගම්ය. ඔවුන්ගේ නියෝගවලට පිටින් යැමට කිසිවකුට අවසර නැත. එම නියෝගයන්ට පිටින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. දඬුවම් දෙන්නේ පරිපාලන අංශ නොව මානසික විකෘතියෙන් පෙළෙන තිරස්‌චීනයෝය. නවකයන්ට විශ්වවිද්‍යාලය එපා කඑවන මේ අධමයන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහි වීමට අද කිසිදු ආචාර්යවරයෙක් ඉදිරිපත් නොවේ. නවකවදයට එරෙහි ආචාර්යවරු කොතෙකුත් විශ්වවිද්‍යාලයේ සිටියද ඔවුහු ඊට එරෙහිව හඬ නොනගා නිහඬව සිටිති. හේතුව අන් කිසිවක් නොව පරිපාලන අංශ ඔවුන් රැකීමට ඉදිරිපත් නොවන හෙයිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නාසි කඳවුරක් යෑයි සිතෙන්නට තරම් නවකයන් පෙළමින් සිටින ශිෂ්‍ය සංගම්වලට ඉඩදී බලා සිටින පරිපාලනය ආචාර්යවරුන්a වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි යන්න සිතන්නටවත් නොහැකි යෑයි ආචාර්යවරු පවසති.
කිසිදු විශ්වවිද්‍යාලයක කෙදිනකවත් නොසිදුවූ දේ අද මෙහි සිදු වෙයි. මෙවර නවක සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදී ඇත්තේද ශිෂ්‍ය සංගම්වල බලපෑමට යටත්ව වීම විශේෂත්වයකි. හොඳ තත්ත්වයේ පවතින විමලා ද සිල්වා නේවාසිකාගාරය මෙවර සිට නවක සිසුවියන් සඳහා වෙන් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබිණි. ඒ අනුව කළමනාකරණ අධ්‍යයන ශාස්‌ත්‍ර, විද්‍යා සහ වෛද්‍ය විද්‍යා යන පීඨවල නවක සිසුවියන් එම නේවාසිකාගාරයට යොමු කෙරිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඊට දැඩි විරෝධය පළ කළහ. ඔවුන් විමලාද සිල්වා නේවාසිකාගාරයට කඩා වැද බලහත්කාරයෙන් එය අල්ලා ගැනීමට සුදානම් වන බවට පරිපාලන අංශවලට තොරතුරු ලැබිණි. මේ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරීන් කැඳවා පරිපාලනය සාකච්ඡා කර ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට එකඟතාව පළ කළේය. ඒ මහල් හතරකින් යුත් විමලාද සිල්වා නේවාසිකාගාරයේ මහල් දෙකක් ජ්‍යෙෂ්ඨයන් සඳහා වෙන් කිරීමටය. එම මහල් දෙකේ සිසුවියන්ට සෝරත, ධර්මපාල සහ සෝරත ධර්මපාල යන නේවාසිකාගාර තුනට මාරු වන ලෙස පරිපාලන අංශ විසින් දන්වන ලද්දේ ද ශිෂ්‍ය සංගම් හරහාය. ශිෂ්‍ය සංගම්වල දැනුම් දීමට අනුව නේවාසිකාගාර මාරු කිරීමට සිසුවියෝ එකඟ නොවූහ. ඉන් පසුව පරිපාලන අංශ නවක සිසුවියන්ගෙන් කළ ඉල්ලීමට එකඟ වූයේ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පීඨවල සිසුවියන් පමණි. කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල සිසුවියෝ නේවාසිකාගාරය මාරු කිරීම ප්‍රතික්‍ෂේප කළහ. එම නිසා එම අදහස අත්හැර දැමීමට පරිපාලන අංශවලට සිදු විය.
ඉන් පසුව සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලට ජ්‍යෙෂ්ඨ සිසුන් ඇතුළත් කළ යුතු යෑයි කියමින් ශිෂ්‍ය සංගම් පරිපාලන අංශවලට බලපෑම් කිරීමට පටන් ගත්තේය. මෙලෙස එල්ල වන බලපෑම් නිසා පරිපාලන අංශ කළේ සිසුන් 56 දෙනෙක් වෙනත් නේවාසිකාගාරයකට යෑවීමය. එහි පහසුකම් නැති බව පවසමින් පසුදින සිට යළි පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට පටන් ගත්තේය. මෙම බලපෑම් හමුවේ යළිත් අසරණ වූ පරිපාලනය මෙම සිසුන් 56 දෙනා යුරෝලංකා නේවාසිකාගාරයට යෑවීය. මේ වන විට එහි දැඩි තදබදයක් පවතී.
මේ අතර සිසුන්ගේ බලපෑම නිසා සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලටද අමතර සිසුවියන් විශාල පිරිසක් යොමු කර තිබේ. එහෙයින් සය දෙනකුට පහසුකම් ඇති කාමරවල සිසුවියන් අට දෙනකු බැගින් දමා ඇත. මෙම තත්ත්වය මත සිසුවියන්ට පැදුරු දමා බිම නිදා ගැනීමට සිදු වී තිබේ. කාමරයේදී අධ්‍යයන කටයුතු කිරීමට හැකියාවක් නැත.
පසුගිය දිනයක තවත් අපූරු සිද්ධියක් වාර්තා විය. ඒ මහාචාර්ය ඩබ්ලිව්. එස්. ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවති උළෙලය. එය සංවිධානය කළේ ශිෂ්‍ය සංගමය. ප්‍රධාන ආරාධිතයා උපකුලපතිවරයාය. තවත් දෙදෙනෙක් ආරාධිතයන් ලෙස එම අවස්‌ථාවට එක්‌වුහ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නය. අනෙක් පුද්ගලයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සුජිත් කුරුවිටය. මේ පුද්ගලයන්ගේ දේශන අසන්නට නවකයන් එම ස්‌ථානයට ගාල් කර සිටිනු දුටු තමන් මහත් කම්පාවට පත්වූ බව එහි සිටි ආචාර්යවරයෙක් අප සමග පැවසීය. එම උළෙල අවසන් වන තෙක් නවකයන්ට එතැනින් ඉවත් වීම තහනම් කෙරණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවල නවකයන්a එදා එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් බඳවා ගෙන බලහත්කාරයෙන් යුද පුහුණුව දී යුද්ධයට යෑවූ ළමා සොල්දාදුවන් හා සමාන යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක් නොවේ. නවකයෝ එතරම්ම කායික හා මානසික පීඩාවට ලක්‌වෙති.
ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙතරම් බඩපිනුම් ගසමින් නවකයන් පීඩාවට පත් කරන්නේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශවල නිවට නියාලු ප්‍රතිපත්ති නිසාවෙනි. විශ්වවිද්‍යාලය අද පාලනය කරන්නේ පරිපාලන අංශද නැතහොත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද යන්න පවතින පැහැදිලි ගැටලුවකි. විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යටත් වී සිටින්නේය හැඟීම කා අතරත් පවතී. කණගාටුව නම් නවකවදය දෙන ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ බලයෙන් උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් සියලු උපකුලපතිවරුන් සන්නද්ධ කරනු ලැබ තිබියදීත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාව භීතියෙන් වෙව්ලමින් කඳුළු සැලීමය.
නිලන්ත මදුරාවල
යොමුව : දිවයින ඉරිදා සංග්‍රහය (21-09-2009)
Monday, September 21, 2009
Saturday, September 5, 2009
යකා නැවතත් මතුවේ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ. මේ සිද්ධිය මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල අවධානයට පාත්‍ර වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මෙම සිසුන් දෙදෙනා පසුගිය බදාදා (02-09-2009) රාත්‍රියේ සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ පැවති 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යයේ දර්ශනයක් නරඹා පැමිණෙමින් සිටියෙදී විශ්ව විද්‍යාලයීය අක්බාර් ශාලාව අසල බස්නැවතුම්පොලේදී රාත්‍රී 10.30ත් 11.00ත් අතර මෙම පහරදීමට භාජනය වී තිබේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. මීට පෙරාතුව් ද මෙවන් සිදුවීම් ඇති තරම් වාර්තා වුවද වෛද්‍ය පීඨ සිසුන් මෙවන් දරුණු ගණයේ පහරදීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැක. මෙය පේරාදෙණිය වෛද්‍ය පීඨ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස ඉතිහාසගත වනු ඇත.
අක්බාර් නේවාසිකාගාරයේ වෙසෙන අති බහුතරක් වූ සිසු පිරිස ඉංජිනේරු පීඨයට අයත් වෙති. මෙම දිනයේදී එම නේවාසිකාගාරය තුළින් ඉවතට පැමිණි 200ක පමණ සිසුන් පිරිසක් සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි සිසුන් දෙදෙනෙකුට පහර දීම පසුපස තිබෙන කතාව මේ බ්ලොගය කියවූ අයට නම් ඉතා හුරු පුරුදු ය. එනම් නවක වදය නැමැති යක්ෂයා යි. 200කට අධික සිසුන් පිරිසක් පැමිණ 2 දෙදෙනෙකුට පහරදීම කෙතරම් නිර්ලජ්ජිත ද? විශ්ව විද්‍යාලය නම් පින්බිම තුළ මෙවන් මාෆියාවක් නිර්මාණය කිරීමට අවසර දී ඇත්තේ කවුද? දොස්තරවරුන් ඉංජිනේරුවන් වීමට සිටින ඇත්තන් හැසිරෙන ආකාරය මෙසේ නම් වෙනත් පුද්ගලයන් ගැන කවර කථා ද? අපේ රට අද පත්ව ඇති පසුගාමී තත්ත්වයට හේතුව දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් බිහිවූ මෙයාකාරයේ ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොවේද?
ජ්‍යෙෂ්ඨයන් විසින් තම සිත් වලට කාවද්දන හණමිටි අදහස් කරේ තබාගැනීම නිසා වෙනත් මතයකට ගරුකිරීමට නොදන්නා, විශ්ව විද්‍යාලයෙන් පිට ලෝකයක් නොදන්නා කණිෂ්ඨයන් පිරිසක් බිහිවන බව මම මීට පෙරාතුව ලිපි කිහිපයක්ම හරහා පැහැදිලිව සඳහන් කළෙමි. එය සනාථ කරන්නට මෙන් මෙම සිදුවීම සිදුවන අතරවාරයේ නවක සිසුන් පිරිසක් මෙම සිදුවීම නැරඹීමට ගෙන්වාගෙන, ඉදිරියට පවත්වාගෙන යන සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබාදීමට වාත උතුමන් කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. මෙම තත්ත්වය නැතිකිරීමට ගතයුතු පියවර පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවිය යුතුය. නො එසේනම් මෙම පිළිලය සදාකාලිකව පවතිනු ඇත. එබැවින් බලධාරීන් කළ යුත්තේ මෙවන් සිදුවීම් සිදුවන බව වසන් කිරීම නොව මෙම තත්ත්වය මනාව විශ්ලේෂණය කර එය වැළැක්වීමට ඇවැසි කටයුතු සංවිධානය කිරීමයි. එය මෙරට අනාගතය වෙනුවෙන් ඔවුනට ඉටුකළ හැකි මහඟු සේවයක් වේ.
අවාසනාවකට මෙය තවත් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් ඇතැමුන් උත්සාහ දරනු පෙනේ. 200ක පමණ පිරිසක් පොලු මුගුරු රැගෙන විත් දෙදෙනෙකුට පහරදීම දෙපිරිසක් අතර ගැටුමක් ලෙස අර්ථදැක්වීම හාස්‍යජනක නොවේද? නමුත් එවන් කතා කියා කිසිවෙකුටත් ඇඟ බේරාගැනීමට හැකියාවක් නැත. එසේ කරන්නන් උකසට තබන්නේ පේරාදෙණිය සරසවිය නම් උතුම් නාමයේ ගෞරවයයි. එවන් ස්ථානයක් විනාශ කිරීමට වෙර දරන පිරිසකට විරුද්ධව ක්‍රියාකිරීම වැරැද්දක් ද?
කෙසේ හෝ වේවා මෙවර සිදුවූ සිදුවීමේ බරපතළකම හේතුවෙන් මෙය ලෙහෙසියෙන් කෙළවරක් දකිනු ඇතැයි සිතීම උගහට ය. ප්‍රහාරකයන් රැසක් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ඉංජිනේරු පීඨ සිසුන් වහාම ගෙදර යවන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය S.B.S. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම අපේ රටේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන රටාව තුළින් ඉටුකරගැනීමට වෙරදරන දහස් ගණනක් වූ දුවා දරුවන් හට කරන මහඟු සේවයක් වනු ඇත.
මේ දිනවල මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලියැවුණු පුවත්පත් ලිපි කිහිපයකි මේ:
පේරාදෙණිය පිරිමි නේවාසිකාගාර වල අමානුෂික නවක වද
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර වල මේ වනවිට ඉතාම අමානුෂික අන්දමින් පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් අලුතින් විශ්ව විද්‍යාල පේවේශය ලැබූ සිසුන් මහත් අපහසුතාවට පත්වී සිටින අතර නවක වදය දීමට එරෙහිව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ද හිංසාකාරී ක්‍රියා සිදුකෙරෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. විශ්ව විද්‍යාල සිසුනට කිසිසේත්ම නොගැළපෙන අයුරින් ඉතාමත් අමානුෂික ආකාරයට මෙම නවක වදය ලබාදීම සිදු කෙරෙන අතර [continued...]
ඇසුර: රිවිර ඉරිදා සංග්‍රහය (06-09-2009)
KANDY - Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.
The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital. They were returning after watching the stage play "Tharavo Igillethi" at the theatre ‘Wala’ of the university.
The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.
It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya. According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]
ඇසුර: The Island News (04-09-2009)

වෛද්‍ය සිසුන් දෙදෙනාට ප්‍රහාරයක්
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "වළේ" වේදිකාවේ තාරාවෝ ඉගිලෙති නරඹා ආපසු යමින් සිටි වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට විශ්වවිද්‍යාලය භූමියේදී බදාදා (2) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඇත.
පහරකෑමට ලක්‌වූ කසුන් රඹුක්‌වැල්ල සහ එන්. වීරසිංහ නමැති වෛද්‍ය සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
සිසුන් දෙදෙනාට දැඩි ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ රාත්‍රි 10.30 ට පමණ අක්‌බාර් නෙල් නේවාසිකාගාරය දෙසට ගමන් කරමින් සිටියදී බව පැවසේ. [continued...]
ඇසුර: දිවයින දිනපතා සංග්‍රහය (04-09-2009)
KANDY - Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.
The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital. They were returning after watching the stage play "Tharavo Igillethi" at the theatre ‘Wala’ of the university.
The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.
It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya. According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]
ඇසුර: The Island News (04-09-2009)
Saturday, August 29, 2009
අපේ අලුත් බ්ලොග් එක...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2008 කණ්ඩායමේ සිසු කැළගේ වැඩ කිඩ ඇතුළත් නවතම බ්ලොග් සටහනයි මේ..... ඔබේ අදහස් උදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් සියල්ලට මෙහි ඉඩකඩ....
තාම වැඩ පටන්ගෙන මාසයක් නිසා වැඩි යමක් නැති නිසා වැඩිදුර තොරතුරු අනාගතයට....

Thursday, August 20, 2009
නොලියා බැරිකමට ලියමි....
විශ්ව විද්‍යාලයට ඇතුලු වී මසක් ගෙවී යන මේ මොහොතේ, ගතවූ කාලය පිළිබඳ ලිවීමට සිත් වන දෑ බෙහෙවි. පෞද්ගලිකව මා හට ඉතා විනෝදාත්මක ලෙසත්, ඉතා ප්‍රයෝජනවත් ලෙසත් ගෙවී ගිය මෙම කාල ප්‍රාන්තරය මගේ ජීවිතයේ වැදගත් කඩඉමක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මේ කාලය තුළ අප කළ කී දෑ සියල්ල වචනයෙන් වචනය ලිවීමට මට අවශ්‍ය නැත්තේ අවසානයේ එය හුදු ස්වයං-වර්ණනයක් ලෙස ඇතැමෙකු දැකීමට ඉඩ ඇති බැවිනි.
පසුගිය සති කිහිපය තුළ ම හරිහැටි යමක් ලිවීමට නොහැකිවීම පසුපස ඇති හේතුවත් සරසවියේ කටයුතු හේතුවෙන් ඒ සඳහා උචිත විවේකයක් නොලැබීමයි. උසේන් බෝල්ට්ගේ අසමසම ලෝක වාර්තාව ගැන යමක් ලියන්නට ඊයේ සිතුන ද එය ද අත්හැර දැමීමට සිදු වූයේ පරිගණක තිරය දෙස දීර්ඝ වේලාවක් දෑස් දල්වා බලා සිටීමට අපහසු, දැඩි මහන්සි ගතියක් ගතට දැනුණු බැවිනි. අද දිනයේ වුව ද යමක් ලියන්නට සිත් වූයේ ඊට හේතු වන ප්‍රබල උත්ප්‍රේරකයක ක්‍රියාව නිසාවෙන් මිස ලිවීමට උචිත, විවේකී නිදහස් වටපිටාවක් ගොඩනැගීම නිසා නොවේ.
විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම අත්දැකීම් කිහිපය අළලා මා අවසන් වරට ලියූ ලිපිය ඇති කළ ආන්දෝලනය මා හඳුනන බොහෝ දෙනා දනිති. සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය වෙළාගෙන පවතින, "නවක වදය" නම් බියකරු කළු වලාව ගැන ලියැවුණු එම ලිපිය අවසානයේ, නැවත එවැන්නක් නොලිවීමට මා අදිටන් කරගත්තේ එම ලිපිය හා ඊට කලියෙන් ලියැවුණු ලිපි කිහිපය හරහා මා කිව යුතු සියල්ලම පාහේ කියා තිබුණු බැවිනි.
එමගින් ඇතිකළ පුළුල් කතිකාව හේතුවෙන් එම ලිපිය ගැනත් යමක් නොකියා ම බැරි ය. ගතවූ සති දෙකක කාලය තුළ 2700කට අධික වාර සංඛ්‍යාවක් දර්ශනය කර ඇති එම සටහන බොහෝ දෙනා තුළ කම්පනයක් ඇති කළ බව මා ලද ප්‍රතිචාර හරහා පැහැදිලි විය. ඒ අතර විශ්ව විද්‍යාලයේ විවිධ වසර වල සිසුන්, වෙනත් විශ්ව විද්‍යාල සිසුන්, බාහිර පුද්ගලයන් පමණක් නොව විශ්ව විද්‍යාල ආචාර්ය මහත්ම මහත්මීන් පවා විය. ඒ කම්පනය තුළින් මා හට කතා කළ බොහෝ දෙනා එය අගය කළෝය. ඇතැම්හු මා හට වඩාත් පරෙස්සම් වන ලෙස අවවාද කළහ. එසේම තවත් ස්වල්ප පිරිසක් නිර්ණාමිකව හෝ අන්වර්ථ නාම වලින් මට තර්ජන එල්ල කළහ. කෙනෙකු ලියූ වචන කිහිපයක් වෙනුවෙන් මරණ තර්ජන එල්ල කිරීමට තරම් යමෙකු උත්සුක වේ නම් එම වචන කිහිපය කොතරම් ප්‍රබල විය යුතුද? (එම මරණ තර්ජන තවමත් ඔබට උක්ත සටහනෙහි ප්‍රතිචාරයන් අතර දැකගත හැක). යම් චෝදනාවක් කොහේවත් යන බොරු බේගලයක් නම් ඒ අළලා මරණ තර්ජන කිරීමට ඉදිරිපත් වන්නේ කවුද මානසික රෝගියෙකු මිස?
එසේ නම් ඉන් අපූරුවට පැහැදිලි වන කරුණ වන්නේ මා ලියූ සටහනෙහි වූ, අදහාගත නොහැකි ඍජු බව කරණය කොටගෙන කිහිප දෙනෙකු තම සිත් රිද්දවා ගත් අතර කිහිප දෙනෙකු තමන් ජීවත්ව සිටි මිථ්‍යාවෙන් අත්මිදුණු බවයි. ඉන් දෙවැනුව වර්ගීකරණය කළ පිරිස කෙරෙහි මා තුළ පවතින්නේ බලවත් ප්‍රසාදයකි. එම සටහන ලිවීම තුළ මාගේ අරමුණ වූයේ ද "නවක වදය" නම් තිරය පිටුපස ඇති කතාව නවක ශිෂ්‍යයෙකුගේ සහ සාමාන්‍ය පුරවැසියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් සමාජය හමුවට ගෙනයාමයි. නමුත් යටගැසීමට වලිකන සත්‍යය නිරුවත් වීම හමුවේ කුපිත වූ ඇතැමෙක්, මා විසින් මා ඉගෙනගන්නා සරසවියට අපහාස කර ඇති බවට චෝදනාවක් ගොතමින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබුණි. අවසානයේ ඊට පිළිතුරු සැපයීමට යාමට සිදුවීම හරහා මා ලියූ ලිපියෙහි පදනම පැහැදිලි කිරීමේ අපූරු අවස්ථාවක් මට උදා විය. එම අවස්ථාව උදා කර දුන් සියලු දෙනාට මගේ හෘදයාංගම කෘතඥතාව හිමි වේ!
වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටුණා කියා කතාවක් ජනවහරේ ඇත්තේය...
ඉදිරිපත් වූ, "විශ්ව විද්‍යාලයට අගෞරව කිරීමේ" චෝදනාව පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම වටී. මා අධ්‍යාපනය ලබන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුවිශේෂී භාවය ගැන කිසිවක් අමුතුවෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැත. එහි පවතින පහසුකම් හා සම්පත් ප්‍රමාණය සම කළ හැකි වෙනත් අධ්‍යාපන ආයතනයක් මුළු මහත් ආසියාවේම වේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහි පවතින අධ්‍යාපනයට උචිත, අත්‍යාලංකාර වටපිටාව ගැන කියන්නට කිසිම අවශ්‍යතාවක් නැත්තේ එය ලෝක ප්‍රකට කරුණක් වන හෙයිනි. ඒ ඇරත් පේරාදෙණියෙන් රටට හා ලෝකයට බිහිකළ ප්‍රාඥයන් සංඛ්‍යාව සළකා බැලීමෙන් පේරාවේ අති උත්කෘෂ්ඨභාවය මොනවට වටහාගත හැක.
ශ්‍රී ලංකාව විවිධ සංවර්ධන ක්ෂේත්‍රයන්ගෙන් අද ලෝකයේ කිසියම් හෝ ස්ථානයක් දිනා තිබේද, ඊට පේරාව තුළින් දායාද කළ භෞතික හා මානව සම්පත් ප්‍රමාණය අසමසම ය. එවන් උත්කෘෂ්ඨ, වන්දනීය අධ්‍යාපන ස්ථානය දශමයෙන් දශමය විනාශ කරන මහා උවදුර නවක වදය බව මම පැහැදිලිව ප්‍රකාශ කළේ කකියන හදවතිනි. එබැවින්, සිදුකළ යුත්තේ එවැන්නක් පවතින බව සැඟවීම නොව එය පිළිගෙන ඊට උචිත ප්‍රතිකර්ම යෙදීමයි. නැතිනම් රටට සිදුවන්නේ හණමිටි අදහස් කරපින්නාගත්, නමට උගතුන් වන පිරිසකගෙන් සන්තෘප්ත වී වළපල්ලට යාමටයි. ස්වකීය අධ්‍යාපනස්ථානය තුළ අසාධාරණයෙන්, අවනීතියෙන් රජ කරන පිරිසක්, වෘත්තිකයන් ලෙස සමාජගත වූ විට ඔවුනගෙන් අවංක, සාධාරණය සේවයක් රටට බලාපොරොත්තු විය හැකිද?
ප්‍රශ්නයේ එක් පැතිකඩක් එසේ වන අතර තවත් වැදගත්, එහෙත් නොකියවුණු අංගයක් නම් විශ්ව විද්‍යාල අතර ඇති තරඟයයි. විවිධ අංශ වලින් අනෙක් විශ්ව විද්‍යාල අභිබවා යාමට සෑම විශ්ව විද්‍යාලයක් ම උත්සාහ දරනු ලැබේ. ඒ අතරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පහත හෙළීමට ඇතැම් විශ්ව විද්‍යාල එල්ල කරන එක් ප්‍රබල චෝදනාවක් නම් නවක වදයයි. නවක වදය තිබූ පමණින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ කෙරෙන කාර්යයන් ප්‍රමාණය හීන වේයැයි කීමට යම් බාහිර පුද්ගලයෙකු උත්සාහ දරයි නම් එය අමූලික බොරුවකි. ඒ සඳහා ඇතිතරම් උදාහරණ ඉතිහාසයෙන් ලබාගත හැක. නමුත් නූතන යුගය තුළ පේරාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ම දැඩි පසුගාමී තත්ත්වයක් (විදේශයන්ට සාපේක්ෂව) උද්ගත වීමට ප්‍රබලම හේතුව නවක වදය බව අවිවාදිත ය.
ශ්‍රී ලාංකේය සරසවි සිසුන් තම විෂය නිර්දේශයෙන් පරිබාහිරව යමක් සිතන්නේ ඉතා කලාතුරකින් බව ප්‍රසිද්ධ රහසකි. මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකේය සරසවිය තුළ මතුවී ඇති මහා වියවුලට ප්‍රධාන හේතුව නම් සිසුන් තමන්ට කෙරෙන දේශනය කටු සටහන් කරගෙන ගෙදර ගෙනගොස් එය පාඩම් කර පිළිතුරු ලිවීමට වඩා දෙයක් නොකරන බවයි. සාතිශය බහුතරයක් වූ ශිෂ්‍යයන් විෂයෙහි එය සත්‍යයක් බව මම අත්දැකීමෙන් දනිමි. මෙම තත්ත්වයට මූලික ම හේතු දෙක ලෙස මා දකින්නේ පවතින විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පවතින නොගැළපෙන ස්වභාවය සහ "නවක වදය" යි. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අවුල පෙන්වීමට මම සරල උදාහරණයක් ඉදිරිපත් කරමි.
එය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා දන්නා හඳුනන විශ්ව විද්‍යාල සිසුවෙකුට ලබා දුන් පැවරුමකි. එදිනට නියමිත පාඩම වූයේ "පාලම්" ය. පාලම් වල ව්‍යුහය හෝ අන් කිසිවක් ගැන ප්‍රකාශ කිරීමට කලින් දේශකයා සිසුනට මීළඟ දේශනය දිනය වනවිට කරගෙන ඒමට සරල ක්‍රියාකාරකමක් ලබා දුන්නේ ය. එනම් බීම බට වලින් පාලමක් නිර්මාණය කරගෙන ඒමටයි. එම පාලම මතින් සැහැල්ලු, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන සෙල්ලම් කාරයක් ධාවනය කළ විට එය කඩා නොවැටීම එහි එකම නිර්ණායකයයි. බැලූ බැල්මට ඉතා සරල වුවද මෙය තරමක සංකීර්ණ ක්‍රියාවකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමට පෙරාතුව සිතිය යුතු පැතිකඩ රාශියකි. පාලමේ ව්‍යුහය, බර ක්‍රියාත්මක වන ආකාරය, බල බෙදී යන ආකාර ඉන් ප්‍රධාන ය. දේශකයා පාලම් ගැන පළමු වචනය ප්‍රකාශ කරන්නේ සෙල්ලම් පාලම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. මෙය යම් විෂයක් කෙනෙකුට හඳුන්වා දීම අරභයා ඉතා බුද්ධිමත් වූ ආරම්භයකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමේදී සිසුවා මුහුණදෙන ගැටලු සමුදාය ඉදිරි විෂය කරුණු අවබෝධ කරගැනීම සඳහා ඔහුට මහෝපකාරී වේ. නමුත් අපේ රටවල විෂය ඉගැන්වෙන්නේ සම්පූර්ණයෙන් ම අනිත් පැත්තට නිසා එමගින් සිසුනට තමන් විසින් යමක් කිරීමට උද්‍යෝගීමත් වන මනෝභාවයක් නිර්මාණය වීම ඉතා උගහට ය.
අනෙක් ගැටලුව නවක වදයයි. නවක වදයෙන් නිර්මාණය කෙරෙන්නේ ළිං මැඩි මානසිකත්වයෙන් හෙබි පිරිසකි. නූතන නවක වදයේ අරමුණ ද එයයි. සමානාත්මතාවයේ නාමයෙන් වැඩ පුළුවන් එකාට ද වැඩ බැරි කිරීම නවක වදය හරහා සිදුවේ. මෑත ඉතිහාසයේ, උසස් පෙළින් දිවයිනේ ඉහළ ම ස්ථාන ලබා සරසවියට පැමිණ වාත වූ කළ තිබූ ස්ථාන සියල්ල අහිමි කරගත් සිසුන් මට දුසිම් ගණනින් ප්‍රකාශ කළ හැක. ප්‍රතිවිරුද්ධ මතයක්, න්‍යායයක් (rival theory) ඉවසිය නොහැකි විද්‍යාත්මක ප්‍රජාවකින් ඇති ඵලය කුමක්ද? තමා ඉගෙනගත් දෙයට වඩා අලුත් දෙයක් ඉදිරිපත් වූ කළ එය මධ්‍යස්ථව විමසා බැලිය නොහැකි විද්‍යාඥයෙකුගෙන්, ඉංජිනේරුවෙකුගෙන් ලෝකයට නව නිපැයුමක්, සංකල්පයක් ඉදිරිපත් වේද? "නවක වදය වැරදියි!" යන මතයට පක්ෂව ඉදිරිපත් වී ඇති කරුණු වල ප්‍රබලත්වය සළකා බලා නිවැරදි කුමක්ද යන්න තීරණය කළ නොහැකි අයෙකු, තම කාර්යාලය තුළ අලුත් මතයක් ගොඩනැගුණු විට ඒ කෙරෙහි නවමු ඇසකින් බලන්නේ යැයි සිතිය හැක්කේ කෙසේ ද? "ශ්‍රී ලාංකේය ගණිතඥයෙකුට මෙතෙක් කාලයකට එකම නව ගණිත ප්‍රමේයයක් ඉදිරිපත් කළ නොහැකි වූයේ මන්ද?" කියා මෙවර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය නලින් ද සිල්වා විමසා සිටියේ ය. කෙනෙකුට අලුත් සංකල්පයක්, අදහසක් සිතට නැගෙන්නේ පවතින අදහසක් හා ගැටෙමින් එය විශ්ලේෂනය කරමින් යන විටයි. පවතින මතය ඉස් මුදුනින් පිළිගෙන එහි හරි වැරැද්ද සොයා නොබලා හුදු එහෙයියෙකු මෙන් කටයුතු කිරීමට උගන්වන නවක වද උප සංස්කෘතිය තුළින් නව චින්තන රටාවක් බිහි වේ යැයි කිව හැක්කේ කාටද? තවමත් නවක වදය වෙනුවෙන් මරහඬ දෙන, විහින් මොළ ශෝධනය කරගත් ආත්මාර්ථකාමී ශිෂ්‍ය ප්‍රජාවගෙන් මට විමසීමට ඇති පැනය එයයි. එපමණකුදු නොව, පවත්නා විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව තුළ සාධනීය වෙනසක් ඇතිකළ යුතු බව පිළිගන්නා, මෙම සටහන කියවන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්/වරියන් හට ද මම එම පැනය ම යොමු කරමි...
නැවතත් නවක වද "වදය" දෙස සමීපව බලමු.
නවක වදය තුරන් කළ හෝ ඉතා අවම වශයෙන් සිදුවන පීඨයන්හි ඊට හිතකර ලෙස බලපෑ යම් ලක්ෂණ කිහිපයක් තිබේ. ප්‍රථම වසර සිසුනට නේවාසික පහසුකම් ලබා නොදීම, නිදහසේ අපයෝජන ක්‍රියාවක් ක්‍රියාත්මක කරවීමේ මඟ අවුරාලන ඉඩකඩ ප්‍රශ්නය ඒ අතරින් ප්‍රමුඛ වේ. කාරණය වඩාත් පැහැදිලි වන ලෙස, නවක වදය ක්‍රියාත්මක නොවන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ගනිමු. මේ තුළ නවක වදය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතු දෙක වන්නේ පළමු වසර සිසුන්ට විශ්ව විද්‍යාලය තුළ නේවාසික පහසුකම් ලබා නොදීම හා උග්‍ර ඉඩකඩ ගැටලුවයි. ඉතා කුඩා වපසරියක් තුළ, ගොඩනැගිලි කිහිපයක් ආශ්‍රය කරගෙන, අනෙක් පීඨයන්ගෙන් වෙන්ව පිහිටා තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ නවක වදයක් ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එම පීඨයට ඇතුළු වන සියලු සිසුන් නවක වදයට එරෙහි, දැඩි මතයක සිටින නිසා නවක වදය සිදු නොවේ යැයි කියන්නේ නම් එය සත්‍යයෙන් බොහෝ දුරස් වන බව මගේ හැඟීමයි. ඕනෑම පීඨයක අතළොස්සක් හෝ මානසික විකෘතිතාවයන්ගෙන් සමන්විත පිරිසක් සිටිය හැක.
එහෙයින් සිදුවිය යුත්තේ රටේ පාසල් අධ්‍යාපනය අවසන් කර සරසවියට පිවිසෙන සිසු පිරිස තුළ ආකල්පමය වශයෙන් ප්‍රබල වෙනසක් ඇති කිරීමයි. එමගින්, මානසික රෝගී අතළොස්සකගේ අමන ක්‍රියාවන්ට අනෙක් බහුතරය යටත් නොවීමට පොළඹවන සුලු දැඩි ශක්තියක් ඔවුන් තුළ ස්ථාපනය කිරීම සිදුවිය යුතු ය. ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමේ ප්‍රබල නවක වද ක්‍රියාවක් සිදුවන රටවල් දෙක අතරට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් වන අප ලැජ්ජාවට පත්විය යුතු ය. වාත උතුමන් හැම විටම පාරම් බාන "විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ අනිවාර්ය අංගයකි රැග" යන සංකල්පය ලෝකයේ සංවර්ධිත රටවල් විෂයේ අදාළ නොවන්නේ මන්ද යන්න මට ගැටලුවකි. ලෝකයේ දියුණුම විශ්ව විද්‍යාල 2500න් එකක වත් නැති නවක වදය අපේ රටේ විශ්ව විද්‍යාලයන්ට අනිවාර්ය අංගයකැයි කීම බොළඳ තර්කයකි. එසේම එහි ඇති ඉහ වහා ගිය ස්වභාවය තුළ නවක වදය යනු නැති කළ නොහැකි ක්‍රියාවකැයි සිතා සිටින අතළොස්සක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුනට ද තවත් නොබෝ දිනකින් සිදුවනු ඇත්තේ, කායික, මාසනික, අධ්‍යාත්මික හිංසනයකින් අධ්‍යාපනය අරඹන උසස් අධ්‍යාපන ආයතනයක ආචාර්ය වරයෙකු වීම සම්බන්ධයෙන් ලැජ්ජා වීමටයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිටියත් ඊට එරෙහිව ප්‍රබල පියවරක් නොගැනීම පසුපස වැදගත් හේතුවක් තිබේ. එය නම්, සිසුන්ට හොඳක් කිරීමට යම් පියවරක් ගත් විට එම කළ හොඳ කැරකී එම ආචාර්ය වරයා හෝ වරියට පහරදීමයි. මේ සිදුවීම කලින් ද සිදුවී ඇත. එනම් සිසුවෙකු නවක වදයට භාජනය වෙමින් සිටියෙදී නවක් වද කරුවා සහ ගොදුර යන දෙකම අල්ලාගත් විට, පසුව, එම වදයට භාජනය වූ සිසුවා පැමිණ එවැන්නක් නොවූ බව පැවසීමයි. වාත ක්‍රියාවලියේ අභ්‍යන්තරය ගැන මනා වැටහීමක් ඇති අයෙකුට මෙය සිදුවන ආකාරය වටහාගැනීම ඉතා පහසු ය. නවක වදයට භාජනය වන සිසුවෙකුට වාත උතුමන් විසින් පනවන ප්‍රධාන නීති තුනක් තිබේ. ඉනුදු ඉතාමත් වැදගත් නීතිය නම් කිසිම විටෙක, කිසිම හේතුවක් මත තම බැච් එකේ බැචෙකු, බැචියක හෝ ජ්‍යෙෂ්ඨ වාත උතුමෙකු පාවා නොදීමයි. මෙම නීතිය සියලු වාත ශිෂ්‍යයන් තම පණ මෙන් සුරැකීම අනිවාර්ය වේ. එසේ නොකළහොත් ලැබීමට හැකි ප්‍රතිවිපාක ගැන ද ඔවුනට හොඳ අවබෝධයක් ලබාදෙනු ලැබේ. මෙහි අරමුණ වන්නේ ඔවුන් ලක්වන සියලු කුණුහරුප ක්‍රියාවන් පිළිබඳ විස්තර බාහිරට ගලායාම වැළැක්වීමයි. එපමණක් ද නොවේ. කිසියම් අවස්ථාවක වැරදීමකින් හෝ යම් ශිෂ්‍යයෙකු අතින් තොරතුරු පිටතට යාම වැළැක්වීම පිණිස වාත වන කිසිදු ශිෂ්‍යයෙකුට, විශෙෂයෙන්ම නේවාසිකාගාරය තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබේ. ජංගම දුරකථනයක් තබාගෙන හසු වුවහොත් ඊට සිදුවන දෙය කිසිවෙකු දන්නේ නැත. වාත උතුමන් විසින් දඬු අඬුවකින් මෙන් තම කණිෂ්ඨ සිසුන් ග්‍රහනයට ගන්නේ මේ ආකාරයටයි. ඉදින් මෙවන් තත්ත්වයක් තුළ කිසිදු නවක සිසුවෙකුට තමන්ට සිදුවන අතවරය පිළිබඳ විශ්ව විද්‍යාල පාලනාධිකාරුයට පැමිණිලි කිරීමට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. එසේම නවක වදයට ලක්කර හසු වූ විටෙකදී එයට ලක්වන ශිෂ්‍යයාට විවිධාකාර බලපෑම් සිදුකිරීම හරහා ජ්‍යෙෂ්ඨ වාතයා තමන්ට කිසිවක් නොකළ බව ඔහු ලවාම විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පාපොච්චාරණය කිරීමට සැළැස්වේ. එසේම යම් ආචාර්ය වරයෙකු නවක වදයට විරුද්ධව පියවරක් ගත් විට සංවිධානාත්මකව ඔහුට විරුද්ධ ව්‍යාපාරයක් දියත් කිරීමට ජ්‍යෙෂ්ඨ වාතයන් කටයුතු කරනු ලැබේ. ඔවුනගේ අරමුණ තමන්ට එරෙහි වන ඕනෑම කෙනෙකු තම මඟින් ඉවත්කර දැමීමයි.
ඊට හොඳම උදාහරණය නම් 2007 මාර්තු මාසයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා අංක 10 දී සිදු වූ ක්‍රියාදාමයයි. එම දිනයේදී මෙම වාත උතුමෝ පිරිසක් නවකයන් වදයට භාජනය කරමින් සිටියහ. එය දුර සිට බලා සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්ය, ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා කාමරය තුළ සිදුවූ සිදුවීම් මාලාව රහසින් වීඩියෝ ගතකොට, හදිසියේ කාමරය තුළට කඩාපැන නවක වදය ක්‍රියාත්මක කරමින් සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිස වහා අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කළේ ය. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද? ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් පිරිසක් උපයෝගී කොටගෙන, ඔවුනට බොරු ක්ලාන්ත ගතියක් මවා පා, එය එම ආචාර්යවරයාගේ ක්‍රියාවෙන් සිදු වූවක් යැයි හංවඩු ගසා, මාසයක පමණ දීර්ඝ පන්ති වර්ජනයක් (Strike) ක්‍රියාත්මක කොට, පීඨයේ කටයුතු සිදු නොවන තැනට පත්කර අවසානයේ ප්‍රශ්නය "ගොඩින් බේරාගන්නා" තැනට උපකුලපති වරයා ගෙන ඒමයි. එහෙත් අවසානයේ එවකට ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ (ESU) සභාපතිවරයා ලෙස සිටි ශිෂ්‍යයාට පවා පන්ති තහනමකට ලක් වීමට සිදු විය. නමුත් ප්‍රශ්නය "ගොඩින් බේරාගැනීම" හරහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නවක වදය තුරන් කිරීමට තිබූ මහඟු අවස්ථාවක් මඟහැරී ගියේ ය. අවසානයේ ප්‍රශ්නය විසඳුනේ රැගාලා විසින් සුපුරුදු, "අපි අවුරුද්දෙන් අවුරුද්ද, රැග් එක ටික ටික අඩුකරගෙන යනවා" යන බෝලය බැස්සවීම හරහා ය. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද සිදුවන්නේ රැග ටික ටික අඩු වීම ද, වැඩිවීම ද යන්න දන්නෝ දනිති.
රැග් එක තුළ සිදුවන තවත් ක්‍රියාවන් රාශියක් පසුගිය දින කිහිපය තුළදී මට දැනගන්නට ලැබිණි. ඒවා සියල්ල මෙහි සටහන් කිරීමට මට අවශ්‍යතාවක් නැත්තේ, ඉන් සිදුවන්නේ මගේ බ්ලොගය තවත් කුණුහරුප ගොඩකින් පිරීයාම පමණක් වන නිසා ය. නවක වදය හා කුණුහරුපය අතර ඇති අතිශය සමීප සබඳතාවය විටෙක මට අදහා ගැනීමටත් අපහසු ය. කුණුහරුපයෙන් තොර නවක වදයක් බිහිකිරීම සිහිනයක් ම පමණක් වන්නේ සමස්ත නවක වදයම කුණුහරුපයක් නිසා කුණුහරුපය තුරන් කළ තැන නවක වදය ද තුරන් විය යුතු බැවිනි.
දැන් මා හට මෙම සටහන ලිවීමට උත්ප්‍රේරක වූ කරුණු දෙක සඳහන් කිරීම වටී. සුපුරුදු පරිදි අපි ඊයේ ද සවස් කාලයේ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියෙමු. ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නවක වදයට විරුද්ධ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඉන් බැහැරට යන අවස්ථාවේ ඔවුනට කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම වාත උතුමන් පිරිසක් කටයුතු කර තිබිණි. නමුත් අවාසනාවක මහත! එම එකදු කුණු බිත්තරයක් වත් ඔවුනට වැදුණේ නම් නැත! අඩි දහයකටත් අඩු දුරක සිට එම පහර හරි හැටි එල්ලකරගත නොහැකි වීම ඉතාමත් කණගාටුවට කරුණෙකි. ඒ ඔවුනගේ නොහැකියාව නිසා විය යුතු ය.
පිරිමි කමටත් නොගැළපෙන මෙවන් ක්‍රියා හරහා ඔවුන් උත්සාහ කරන්නේ තම මතයට එරෙහි වන්නන් බියගැන්වීමටයි. නමුත් ඉන් ඉස්මතු වන්නේ තම හෙළුවම බව නොදන්නා ඔවුන් කෙරෙහි මා තුළ ඇත්තේ මහත් අනුකම්පාවකි. රට කරන්නට සමාජයට පිවිසෙන ඉංජිනේරුවන් මෙවැනි බොළඳ මානසිකත්වයකින් හෙබියවුන් නම් රටට යන කල දසාව ගැන තේරුම් ගැනීම එතරම් අපහසු වන්නේද?
ඊයේ දිනයේ සිදුවීම් එතෙකින් අවසන් නැත. ක්‍රීඩා කිරීමෙන් පසු ක්‍රීඩාගාරයෙන් පිටතට පිවිසි මම මඳක් වටපිට බැලුවෙමි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සිව් දෙනෙක් අසල තැනක වාඩි වී සිටියෝය. ඔවුන් බලා සිටියේ මා එනතුරු බව වැටහීමට මට එතරම් වෙලාවක් ගතවූයේ නැත. ඔවුන් පසුකර පාරේ දිගටම පැමිණි මා මඳක් පිටුපස හැරී බැලූ විට ඔවුන් සිව් දෙනා මා හඹා එන ආකාරය දැකිය හැකි විය. ඒ සමඟම ඉදිරිපසින් පැමිණි තවත් තුන්දෙනෙකු සමඟ 7 දෙනෙකු මා වටා රොක් විය. ඒ අතරින් දෙදෙනෙක් ඉදිරිපත් වී "උඹ මොන ෆැකල්ටි එකේද?", "උඹ මොන ඉයර් එකේ ද?" යනාදී සාමාන්‍ය ප්‍රශ්න අසමින් වටින් ගොඩින් මාතෘකාවට පිවිසෙන්නට පටන්ගත්තෝය.
නමුත් ඒ සමඟ ම කට පරෙස්සම් කරගැනීමට නොහැකි වූ එක් උතුමෙක් එක් වරම, "තෝ anti නේද?" කියා ඇසුවේ ය. අනතුරුව පොඩි කුණුහරුපයක් දෙකක් කියා, මා බිය නොවූ බව දැන "ආයෙත් ජිම් හරි ග්‍රවුන්ඩ්ස් හරි ඇවිල්ල තිබුණොත් බලාගමු" කියා තර්ජනය කළේ ය. මා කළ එකම දෙය සිනාසෙමින් ඔවුන් කී දෑ අසා සිටීමයි. කතාවේ ලස්සන ම කොටස එළඹෙන්නේ දැන් ය. එක් වරම මගේ දුරකතනය නාද විය. දුරකතනය දුටු පිරිස වහා කළබල වී අඩියක් පිටුපසට ගත්තෝ ය. කතා කළේ මගේ මිතුරෙකි. මම ඔහුට, "මචං, මෙන්න කට්ටියක් ඇවිත් මට සද්දෙ දානවා" කියා කීවෙමි.
මෙන්න බොලේ ඒක ඇහුණු ගමන් 7 දෙනා පණ කඩාගෙන ආපහු දුවනවා! එය දැක මට බඩ පැලෙනකන් හිනා ය. මම වහා මගේ මිතුරන්ට මා සිටි පැත්තට එන්නැයි කියා, දුරකතනය විසන්ධි කර වහා ඔවුන් පසුපස දිව ගියෙමි. ඔවුන් වහා දිවගොස් වැදුණේ විශ්ව විද්‍යාලයේ WUS කැන්ටිමට ය. මම ද ඒ තුළට එබිකම් කොට බැලුවෙමි. කාරණය වැටහුණේ එවිට ය. ඒ තුළ නවක ශිෂ්‍යාවන් ගජරාමෙට වාත කරනු ලැබෙමින් තිබිණි. ඒ සමඟ මගේ මිතුරෝ ද එතැනට පැමිණියහ. වාත වන ශිෂ්‍යාවන් නැරඹීමේ ආශාවක් අප තුළ නොවූ බැවින් ආපසු හැරී යාමට අපි කටයුතු කළෙමු. ඊයේ සිදුවීම එසේ ය.
ඊයේ එල්ල කළ තර්ජනය නිසාම වඩාත් සුපරික්ෂාකාරීව, සියලු ආරක්ෂක පියවර ගැනීමෙන් අනතුරුව අදත් ක්‍රීඩාගාරයට යාමට අපි කටයුතු කළෙමු. අදත් අප පිළිගැනීමට වාත උතුමන් කිහිපදෙනෙකු සැදී පැහැදී බලා සිටිය ද අප භාවිතා කළ ආරක්ෂක පියවර නිසා කිසිවක් කරගැනීමට ඔවුනට හැකියාවක් ලැබුණේ නැත. මෙය කලාතුරකින් සිදුවන සුවිශේෂී සිදුවීමකැයි ඔබට සිතෙනු ඇත. කිසිසේත් නැත! මෙම ක්‍රියාවලිය එකම ආකාරයට සෑම වසරකම සිදුවේ. ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් තහනම් කළ අපරාධයකට විරුද්ධ වීමේ ආදීනව මෙසේය. පසුගිය වසරේ ද නවක "නවක වදයට එරෙහි" ශිෂ්‍යයනට හිරිහැර කරන්නට ගොස් අතේ මාට්ටු වූ ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ වාත උත්තමයෝ තිදෙනෙක් බොහෝ කල් බෝගම්බර සිරගෙදර කල්දේරම් බතේ රස බලමින් පසු වූහ.
දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර බලන කළ මෙහි ඇත්තේ මානව ධර්මතාවන් පිළිබඳ ගැටලුවක් බව වැටහේ. කෙනෙකුට ජීවිතයේ මුහුණදිය හැකි අතිශයින්ම තියුණු කඩඉම් විභාගයෙන් සමත්ව, ඉන් ද නොනැවතී උසස් අධ්‍යාපනය නොමිලේ හැදෑරීමට වරම් ලබන අතිශයින්ම සුලුතරයක් වූ ශිෂ්‍ය ප්‍රජාවට ද අයත්ව රටේ අතිශයින්ම ගෞරවාදරයට පාත්‍ර වූ උසස් අධ්‍යාපන ආයතනයේ සෙවනට එන තරුණ පිරිසගෙන් රට බලාපොරොත්තු වන දෙය මෙය ද? අනාගතයේ රට වෙනුවෙන් විශාල වගකීමක් කරට ගැනීමට සූදානම් වන පිරිස කිසිදු අරමුණක් නොමැති, "නවක වදය" නම් බහුබූත කුණුහරුපයට ලක්වී මොළ ශෝධනය කරගත යුතුද? (නවක වදය යනු බහුබූත කුණුහරුපයක් බව තේරුම් ගැනීමට මා කලින් ලියූ ලිපියට ඇතැමුන් එක්කළ ප්‍රතිචාර පමණක් ම ප්‍රමාණවත් වේ. මේ ගැන ඉතාමත් දීර්ඝ වශයෙන් කලින් සාකච්ඡා කර ඇති නිසා ඒ ගැන තවදුරටත් කීමට මා උත්සුක වන්නේ නැත) එම කුණුහරුපයට මුහුණදී තම මොළ ශෝධනය කරගැනීමට අකැමැතිව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම ඉතාමත් අභියෝගාත්මක ක්‍රියාවකි. මගේ මිතුරන් බොහෝ විට කියන කතාවක් නම් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට පැමිණීමට වඩා ඒ තුළ තමන් බිලිගැනීමට බලා සිටින උගුඩුවන්ගෙන් බේරී නිදහසේ ජීවත් වීම අපහසු ක්‍රියාවක් බවයි.
නමුත් මෙම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ ස්වභාවයක් ඉසිලීමට පටන්ගැනෙන්නේ නවක වදයට විරුද්ධව නිදහස්ව සිසුන් පිරිස වෙනම කල්ලියක් ලෙස හැඳින්වීමට ඇතැමුන් උත්සාහ කිරීම නිසා ය. මෙය ඉතා වැරදි සංකල්පයකි. මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද? මෙම කරුණ, මගේ කලින් ලිපියට ප්‍රතිචාර දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද සඳහන් කළේය. 70 දී දශකය තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස තමා තමා ඉතා අකැමැත්තෙන් නවක වදයට භාජනය වූ සති තුන තම ජීවිතයෙන් මකා දැමීමට උත්සාහ ගත් බව ඔහු සඳහන් කර තිබිණි.
අවාසනාවකට මෙන් ඊට එරෙහි වීමේ හැකියාවක් එකල කිසිදු විශ්ව විද්‍යාල සිසුවෙකුට තිබුණේ නැත. නමුත් එකල රැග අද තරම් දරුණු නොවූ තත්ත්වයක් තුළ එය එතරම් ගැටලුවක් ද නොවිණැයි මම උපකල්පනය කරමි. ඇතැම් විට මා වැරදි විය හැක. ඒ කෙසේ හෝ වේවා, ක්‍රීඩාගාරයට යාම අවහිර කිරීම වැනි කුඩා ගැටලුවක් අළලා ප්‍රශ්නයක් මතු වූ විට එය හුදු ශිෂ්‍ය කල්ලි දෙකක් අතර ගැටුමක් ලෙස ඇතැම් පිරිස් අර්ථදැක්වීමට යාම පිළිබඳ මම කිසිසේත් එකඟ නොවෙමි. කලින් කී පරිදි එතැන පවතින්නේ මානව ධර්මතාවයන්ට ගරු කිරීම හෝ නොකිරීම පිළිබඳ ගැටලුවක් පමණක් මිස කල්ලි භේදයක් නොවේ!
උසස් අධ්‍යාපනයේ සැබෑ අභිමතාර්ථ පවතින විශ්ව විද්‍යාල රටාව තුළ සාක්ෂාත් කරගැනීමේ දුෂ්කරතාව ගැන හා ඊට පිළියම් යෙදිය හැකි ආකාර ගැන සිතීමට තම මොළය වෙහෙසීමට කැමති සියලු දෙනාට මේ ලිපිය සිතන්නට යමක් ඉතිරි කරනු ඇතැයි මම අපේක්ෂා කරමි...

Sunday, August 2, 2009
සරසවිය, මම සහ අපි
සති දෙකකට පමණ පසු බ්ලොග් සටහනට අත තැබීමට අවස්ථාවක් ලැබුණේ මේ දැන් ය. අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට දිවියේ තිබූ ඒකාකාරී, නිස්කලංක, සන්සුන් ස්වභාවය මුලුමනින් ම වෙනස් වී කාර්ය බහුල තත්ත්වයකට මම පත්ව ඇති නිසාත් නැවත යමක් ලිවීමට විවේකයක් ලැබෙන්නේ කොයි මොහොතේ දැයි කීමට අපහසු නිසාත් මේ කාලය ප්‍රයෝජනයට ගෙන යමක් සටහන් කර තැබීමට ඉටා ගතිමි. ලියන්නට සුදුසු බොහෝ දේ මේ කාලය ප්‍රාන්තරය තුළ සමාජයේ සිදු වුණත්, කලින් ලියූ ලිපි වලට එල්ල වූ විවේචන අරභයා තවත් ලිවීමට දහසක් දේ මා සිත තුළ එක් රැස් වී තිබුණත් ඒ සියල්ල ලිවීමට කාල වේලාව නොමැති වීම පිළිබඳ මම බෙහෙවින් කණගාටු වෙමි. ඒ වෙනුවට වඩාත් සුවිශේෂී කාරණය වන මා මේ සති දෙක ගතකළ අන්දම ගැන ලිවීමට සිත් වේ.
2009 ජූලි 21 වන අඟහරුවාදා දිනය සනිටුහන් කළේ මගේ දිවියේ තවත් සුවිශේෂී කඩඉමකි. තවත් මා වැනි සහෝදර සහෝදරියන් 408 දෙනෙකු සමඟ මමත් එදින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට පිය නැගුවේ ප්‍රබෝධමත් සිතිනි. තවත් වසර හතරකට අපේ නවාතැන වන මෙම පින්බිමේ සුවය ගතට මෙන්ම සිතටත් දැනෙමින් තිබිණි. කවුරුන් මොනවා කීවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු පට්ට තැනකි. ඒ ගැන විවාදයක් නැත.
කරුණු දෙකක් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සුවිශේෂී වේ. පළමුවැන්න එහි පවතින අති සෞන්දර්යාත්මක පරිසරයයි. අධ්‍යාපනය සඳහා මෙතරම් උචිත වූ වටපිටාවක් සහිත ආයතනයක් මිහිපිට වේ නම් ඒ ඉතාමත් කලාතුරකින් බව කිව යුතුය. දෙවැන්න එහි ශිෂ්‍ය විවිධත්වයයි. විවිධ ජාති, ආගම්, කුල නියෝජනය කරන දස දහසකට වැඩි ශිෂ්‍ය ප්‍රජාවකට එම නවාතැන වන භූමි භාගයකි එය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශ්ව විද්‍යාලයක් ලෙස නම් කළ හැකි උසස් අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ලංකාවේ වේ නම් ඒ පේරාදෙණිය ම බව කියන්නෝ ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෝ ය.
ශ්‍රී ලංකාවේ අය වැය මගින් උසස් අධ්‍යාපනයට වැය කරන මුදලින් 1/4ක් වෙන් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යැයි කිවහොත් ඔබ පුදුම වනු ඇත. නමුත් සත්‍යය එයයි. එබැවින් එවන් විශාල මුදලක් වැය කර නඩත්තු කරන විශ්ව විද්‍යාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම එහි අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍යයන්ගේ යුතුකම හා වගකීම වන අතර එසේ නොකර වෙනත් පිස්සු නැටීමට යාමෙන් සිදුවන්නේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනියා වීම පමණෙකි. මා ඉහත කරුණ සඳහන් කළේ මා දැන් කීමට යන කරුණු සහ ඒ අතර පවතින සම්බන්ධය ඔබට අවබෝධ කරගැනීම පිණිස ය. ලිපිය අවසානයේ නැවතත් මෙම කරුණ ඔබට සිහිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.
එසේ නම් නැවත උක්ත සිදුවීම් මාලාව දෙසට යොමු වෙමු. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට (කිහිපයක හැර) පිවිසෙන ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන මුල්ම සිතුවිල්ල "නවක වදය" බව ඒ අත්දැකීම ලද ඕනෑම කෙනෙකු දනී. අන් සෑම සිසුවෙකුට මෙන්ම 2009 ජූලි 21 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසි සෑම නවක සිසුවෙකුගේ ම සිත තුළටත් එම හැඟිම තදින් කාවැදී තිබුණු බව ඔවුන් සමඟ කතාබහ තුළින් මට පසක් විය. නමුත් ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහසක් තිබුණේ ඉතාම අතළොස්සකට පමණකැයි කීම සාධාරණ ය.
විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිට ම කිසිවෙකුට හෝ මා අතවරයට/අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රබල හැඟීමක් මා තුළ වූ අතර එය ක්‍රියාවට නැංවීමට ද මට කිසිදු බාධාවක් තිබුණේ නැත. සරසවිය තුළට පිවිස පැයක් යාමට මත්තෙන් තෙල බෙදීමේ ව්‍යාපාරය ඇරඹුණු අතර එක් එක් ශිෂ්‍යයාගේ කරට අත දමාගෙන අහු මුලු වලට ඇදගෙන ගොස් "කැම්පස් එකේ නියම fun එක ගන්න නම් අපිත් එක්ක එන්න" යන පණිවිඩය විවිධාකාරයෙන් සිසුන් වෙත ගෙන යෑමට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.
නමුත් කලින් මෙම විෂය අළලා කළ කී දෑ දන්නා නිසා දෝ මා කෙරෙහි ලැබුණේ වෙනස් ආකාරයක ප්‍රතිචාරයකි. අනෙක් බොහෝ සිසුනට මෙන් තෙලක් ගැසීමට ඔවුන් මා අරභයා උත්සාහ කළේ නැත. ඒ වෙනුවට හතර පස් වතාවක් මා වටා කැරකී එකම එක ප්‍රශ්නයක් යොමු කිරීමට එක් ජ්‍යෙෂ්ඨයෙකු ඉදිරිපත් විය. "එහෙනම් මල්ලි අපි කෙළින්ම කතා කරමුකො. මොකද කියන්නෙ මේක ගැන?" මම ඊට යමක් පවසා නැවත ඔහුට ප්‍රශ්නයක් යොමු කළෙමි, "දැන් අයියලා ඔය කරන්න යන වැඩේ හරිද?". පිළිතුර : "අපි කියන්නෙ නෑ වැඩේ හරිද වැරදිද කියල. ඒක ඕගොල්ලො තීරණය කරන්න. අපි කියන්නෙ හැමෝම එක්ක එකට ඉන්න ඕනෙ නම් මේකට එන්න".
"හැමෝම එක්ක එකට ඉන්න? කවුද ඒකට කැමති නැත්තෙ? නමුත් ඒකට කියල ඔයගොල්ලො කියන කියන හැම එකම කරන්න ඕනෙද?" යන පිළිතුර මගෙන් යොමු විය. ඒවාට නිසි පිළිතුරු නොලැබුණු අතර ඔවුන්ට කීමට තිබූ එකම කාරණය "එකට ඉන්න නම් මේක කරන්න" යන්න පමණි. දැන් මෙතැන ඇති එකම ප්‍රශ්නය එකට සිටීම ය. දැන් ඔවුන් කියන්නේ නවක වදයට භාජනය වීමට අකැමැති නම් වෙන්වී තනියම සිටිය යුතු බවයි. නමුත් එය හුදු මිථ්‍යාවක් පමණක් බව මම දැන් අත්දැකීමෙන් දනිමි.
ඔවුන් කියන මේ "එකට සිටීමේ" ගැටලුවට අපි ඉතා සාර්ථකව මුහුණ දුනෙමු. ගතවූ දින 9 ඇතුළත 409ක් වූ සමස්ත බැච් එකෙන් අඩකටත් අධික සහෝදර කැළක් සමඟ ඉතා ධනාත්මක සබඳතාවයක් ගොඩනගා ගැනීමට මම පෞද්ගලිකව සමත් වූ බව නිහතමානීව සඳහන් කරමි. අවසානයේ දී මා සමඟ කතා කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීමට මේ ජ්‍යෙෂ්ඨයන් නිහීන වී ඇත. "උඹල එක්ක එකට ඉන්න උන් උඹලව හලන හැටි තව ටික දවසකින් බලනවකො" වරක් එක් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් මට තර්ජනය කළේ ය. "පුලුවන් නම් ට්‍රයි කරල බලනවකො" කියා කීමට මට සිතුණත් මුවින් නොබැන සිටීමට මම කටයුතු කළෙමි. නවක වදයට විරුද්ධ සිසුන් අනෙක් සිසුනගෙන් වෙන් කිරීමට දත කන මේ ඇත්තන්ට, එම සිසුන් අප සමඟ ඇති කරගෙන ඇති මිත්‍රත්වය ගැන දන්නේ නම් මහවැලි ගඟට පැනීමට සිදුවනු ඇත. වැඩිදුර විස්තර කීම මගින් එම සිසුනට හානියක් විය හැකි බැවින් නැවතත් නිශ්ශබ්ද වීමට මම කටයුතු කරමි.
විශ්ව විද්‍යාලය තුළ නවක වදයට ලක් වීම හඳුන්වන්නේ "වාත වෙනවා" යන නමිනි. ඊට විරුද්ධ වීම "අල වීම" නම් වේ.
උක්ත ආකාරයට අප කෙරෙහි වාත වන සිසුන් බිඳවීමට නොහැකි වූ කල අප පිළිබඳ ඉතා වැරදි ප්‍රචාරයක් ගෙන යෑමට මොවුන් කටයුතු කර තිබේ. ඉන් එකක් නම් අල වීමට නම් වාහනයක් තිබිය යුතු බවයි. කාට වාහනයක් තිබුණ ද නැත ද කිසිදු අලයෙකු වාහනයෙන් සරසවියට නො එන බව ඉඳුරාම කිව යුතු ය. අපට ඇති එකම වාහනය නම් පාරේ යන බසය ම පමණි. තවත් බොරුවක් නම් අල වීමට නම් හොඳින් කඩ්ඩ කතා කළ යුතු ය යන්නයි. යම් හෙයකින් මෙවන් ගල් පැලෙන බොරු සත්‍ය වී නම් මා ද අලයෙකු නොවේ!
මෙවන් කරුණු කියා අවසානයේ ඔවුන් උත්සාහ කරන්නේ අප සමඟ එකට සිටින සිසුන් හා අප අතර වෛරයක් නිර්මාණය කරවීමටයි. ඔවුන්ගේ තර්කය වන්නේ "අන්න බලපන් අරුන් සෙට් එක. උන් උඹලා කාපු කට්ට කෑවෙ නෑ. ඒක නිසා උන් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න එපා" යන්නයි. අවාසනාවකට මෙන් බැච් එකේ සිටින අනෙක් 408 දෙනා සමඟ ම එකවර එක සේ මිත්‍ර වීම ප්‍රායෝගිකව අපහසු බැවින් සුලුතරයක් සිසුන් මෙම බොරුවට රැවටෙති. තවමත් එවැන්නක් දක්නට නැතත් අනාගතයේ එසේ සිදු වෙතැයි සිතීම සාධාරණ ය. නමුත් මා කවුදැයි දන්නා, මා සමඟ හොඳින් ම fit වූ, එහෙත් කරගන්නට දෙයක් නොමැති නිසාවෙන් පමණක් වාත වන සිසුන් අප කවුදැයි හරි හැටි හඳුනාගනු ඇත. අප ඇතිකරගත් එම මිත්‍රත්වය සැමදාම එක ලෙස පවතිනු ඇති බව මට ඉර හඳ මෙන් විශ්වාස ය.
නවක වදයට ලක් නොවන සිසුන් කොන් කිරීමට මේ දිනවල ජ්‍යේෂ්ඨ උත්තමයෝ අසීමිත වෙහෙසක් ගනිති. ඔවුනගේ ප්‍රධානතම තුරුම්පුව වන්නේ විශ්ව විද්‍යාල ආපන ශාලාව ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ආපන ශාලා තුනක් ඇත. එකක් විශ්ව විද්‍යාලයේ එක් අර්ධයක පිහිටා ඇති අතර එය බොහෝ දුරට අලයන්ට ම අයත් එකකි. මේ දින වල වාත කිරීමට ගෙන යන නවක ශිෂ්‍යයන්ට ඒ පැත්තට වත් ඒමට ජ්‍යෙෂ්ඨ උත්තමයන් ඉඩ නොදේ. ඔවුන්ට ඇති භීතිකාව නම් අප අත්විඳින නිදහස දැක දැනට වාත වන ශිෂ්‍යයන් ද නවක වදයට එරෙහි වනු ඇත ය යන්නයි. විශ්ව විද්‍යාලය තුළ නිදහස ගැන කතා කරන බක පණ්ඩිතයන්ගේ ක්‍රියාකාරීත්වය එසේ ය.
අනෙක් ආපන ශාලාව නම් ඉංජිනේරු පීඨ සිසුන්ට වෙන්ව ඇති අක්බාර් නේවාසිකාගාරයේ ආපන ශාලාවයි. මේ දින වල නවක වදයට එරෙහි වීමට හැකියාවක් නැති නවක සිසුන් දිගට හරහට අපයෝජනයට ලක් කරන්නේ මේ ස්ථානය තුළයි. මේ තුළට ගමන් කිරීම අනිවාර්යයෙන් ම ගැටුමකට මුලපුරන කරුණක් වන නිසාත්, දිගින් දිගටම අපයෝජනයට ලක් වීම හරහා ප්‍රබල මානසික ආතතියකින් පසුවන සිසුනට, වදයට ලක්වන අතරවාරයේ, විශ්ව විද්‍යාලය තුළ සැබෑ නිදහස භුක්ති විඳින අප දැකීම ලැජ්ජාවට හා කම්පනයට හේතු විය හැකි නිසාත් මේ ස්ථානය මඟහැරීමට අපි කටයුතු කරමු.
අවසාන වශයෙන් ඇත්තේ විශ්ව විද්‍යාලයීය ප්‍රධාන ආපන ශාලාවයි. මේ තුළට අලයන්ට ගමන් කළ නොහැකි යැයි යන මිථ්‍යාවක් ගොඩනැගීමට ඇතැම්හු කටයුතු කරති. මා විශ්ව විද්‍යාලයට පිවිසීමටත් පෙර මේ කතාව අසා තිබිණි. "ඇන්ටි-රැග් වුණාම කැන්ටින් එකට වත් යන්න බෑලු නේ?" කියා ඇතැමුන් කියන්නේ ඒ තුළට යන්නේ වත් නැතිව ය. සැබැවින්ම සිදුවන්නේ රැගට විරුද්ධ වන්නන්ට භාවිත කිරීම සඳහා ආපන ශාලාවක් තිබීම නිසා උක්ත සඳහන් ආපන ශාලාවට යාමට ඒ කිසිවෙකුටත් අවශ්‍යතාවක් නොවීම ය.
නමුත් බොහෝ දෙනා සිතන්නේ විශ්ව විද්‍යාලයීය ආපන ශාලාවට යාමට කිසිදු අලයෙකුට ඉඩ නැතැයි කියා බැවින් අපි සෑම විට ම එම ආපන ශාලාව ම භාවිතා කිරීමට තීරණය කළෙමු. ඒ අනුව දැන් ඉඩක් ලැබුණු හැම මොහොතකම ඒ වෙත ගොස් රුපියල් තුනේ තේ එකක් තොල ගාමින් බොහෝ වෙලාවක් රැඳී සිටීම අපේ විනෝදාංශය බවට පත්ව තිබේ. සැබැවින්ම එය ඉතා විනෝදාත්මක ක්‍රියාවකි. මෙය සැබැවිම අපේ කාලය නාස්ති කිරීමක් වුවත් විනෝදය තකා ම අපි එහි නිරත වෙමු. අප එහි යන විට ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගේ ඇස් ගෙඩි විශාල වන හැටි දකින අප පුපුරා යාමට ආසන්න සිනහව තද කරගන්නේ ඉතා අපහසුවෙනි. මුල් දින කිහිපයේදී මේ කටයුත්ත සඳහා විශාල ප්‍රතිරෝධයක් එල්ල විය. නමුත් කාලයත් සමඟ, අප කිසිදාක "හැදිය" නොහැකි පිරිසක් බව තේරුම් යාමෙන් අනතුරුව ප්‍රතිරෝධය හීන වී ගොස් දැන් නැත්තටම නැති තත්ත්වයට පත්ව තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම තරමක අභියෝගාත්මක කරුණක් බව කිව යුතු ය. මන්ද නවක වදයට එරෙහි වන්නන් තර්ජනයෙන්, කුණුහරුපයෙන් බියගැන්වීමට පිරිසක් නිරන්තරයෙන් ම කටයුතු කරන බැවිනි. නැවත උක්ත ආපන ශාලාව දෙසට යොමු වෙමු. මෙම ප්‍රධාන ආපන ශාලාව බොහෝ විට සාමාන්‍යයෙන් උසුලන්නේ තරමක පාලු ස්වභාවයකි. එය වාත සිසුන් සඳහා යැයි වෙන් කර තිබුණත් වාත ශිෂ්‍යයෙකුට වත් ඊට යන්නට ඉඩ ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මන්ද සෑම වාතයට ලක්වන සිසුවෙකුට ම විවේකයක් ලැබෙන හැම මොහොතකදී ම අක්බාර් ශාලාවට ගොස් අපයෝජනයට ලක් වීමට ජ්‍යෙෂ්ඨයන් නියෝග කර ඇති බැවිනි. එබැවින් අප කැන්ටිමට යන විට බොහෝ විට සිටින්නේ එක් ජ්‍යෙෂ්ඨයෙකු හෝ දෙදෙනෙකු පමණි. සාමාන්‍යයෙන් මෙම ආපන ශාලාවට මුරකාවල් යෙදීමට ජ්‍යෙෂ්ඨ උතුමන් කටයුතු කළත් මෙවර එයත් හරි හැටි සිදු නොවන්නේ රැග ක්‍රියාත්මක කිරීම පිණිස පිරිස් හිඟතාවකට ද මෙවර ඔවුන් මුහුණ දී ඇති බැවිනි.
සමස්ත ජ්‍යෙෂ්ඨ බැච් එක තුළ සිසුන් 415ක් පමණ සිටියත් රැග ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීයව දායක වන්නේ 50කටත් අඩු පිරිසකි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බව කිව යුතු ය. මන්ද අති බහුතරයක් වූ සිසුන් තමන් ලද අමිහිරි අත්දැකීම තම මල්ලිලා නංගිලාට උරුම කර නොදීමට තීරණය කිරීම ඔවුන් තමන්ගේ හෘද සක්ෂිය සමඟ හෙට්ටු වී ඇතිකරගත් තීරණයක් බව පෙනෙන නිසා ය. නමුත් වාත සමය හරහා තමන් තුළ ජනිත වූ දැඩි හීන මානය දුරුකරගත නොහැකි වූ සුළුපිරිසක් අනෙක් අයගේ ද අඩුව පිරවීමට මෙන් වියරුවෙන් කටයුතු කරති. එහි අවාසනාවන්ත ගොදුරු වී ඇත්තේ දුර බැහැර පළාත් වලින් ආ, තමන්ට වන අසාධාරණය පිළිබඳ හඬක් නැගීමට අපහසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. දැන් ඔවුන් ඔවුනගේ දුක කියන්නේ අපට ය. ඔවුන් අද මුහුණදී ඇති තත්ත්වය ඉතාම කණගාටුදායක වන අතර එම තත්ත්වය මඳකට හෝ දුරු කරවීමට අපි මේ දවස් වල මහත් සේ වෙහෙසෙමු.
නැවතත් ආපන ශාලාවට...
අප ආපන ශාලාවට පිවිසෙන ආකාරය මුරට යොදා ඇති මුර උතුමෙකු හෝ අහලකින් අය උතුමෙකු දුටු විට ඔවුන් වහාම කරන්නේ තම ජංගම දුරකථනය ඇදගෙන එය තම සගයන්ට දැන්වීම ය. දැන්වූ විගස තම සියලු කටයුතු නවතා දමා ඔවුහු අප දෙසට දුවගෙන එති. සාමාන්‍යයෙන් එක් අයෙකු දෙදෙනෙකුට ප්‍රතිචාර දැක්වීමට 20ක පමණ පිරිසක් කඩාගෙන බිඳගෙන එන සිරිතක් ලෝකයේ කොහේ වත් නැත. එහෙත් උක්ත උතුමන්ගේ තත්ත්වය එයයි. නමුත් මෙය මනාව සංවිධානය කරන ලද රඟපෑමක් බව මේ සංසිද්ධියට නිරන්තරයෙන් ම මුහුණ් දෙන අපට වැටහී තිබේ. මෙසේ පැමිණෙන උත්තමයන් සිතන්නේ ඔවුන් පැමිණෙන ස්වභාවය දැක අප බිය වී පළා යා යුතු බවයි. නමුත් එය සිදු නොවන බව දැනුණු විට තරමක් හෝ පණ ඇති දෙතුන් දෙනෙක් පැමිණ පුටු ඇදගෙන වාඩි වී වචනයෙන් අප බිය ගැන්වීමට සැරසෙති.
මෙසේ පැමිණෙන උතුමන් හට අප සෑම විටම ඉතා ගෞරවයෙන් ප්‍රතිචාර දැක්වූ බව ඉතා වගකීමෙන් සඳහන් කරමි. ඔවුනගේ එක් අරමුණක් වන්නේ අප වලියකට ඇදගැනීම ය. නමුත් එය සාර්ථක නොවන බව දැනගත් විට ඇස් දෙක දෙස කෙළින් බලා, ඇඟිලි දෙකක් දික් කොට, කටහඬ ගැඹුරු කොට "උඹල ආයෙ මේ පැත්තෙ ආවෙ නැති වුණාට කමක් නෑ" කියන්නේ අප බිය වේ යැයි සිතාගෙන විය යුතුය. අවාසනාවකට මෙන් ඔවුනට වඩා මැර පෙනුමක් ඇති සිසුහු අපේ ඉස්කෝල වලත් සිටියෝ ය. අවසානයේ අප හැමදාමත් එතැන ය. නමුත් සද්දය දැමීමට එන්නෝ නැත.
තවදුරටත් සමීපව කතා කොට අධ්‍යයනය ලක් කරන කරන මොවුනගේ තවත් සුවිශේෂී ලක්ෂණ රැසක් හඳුනාගත හැක.
ඔවුන් හැමදාමත් විමසාගෙන එන්නේ අපේ නම, ගම හා පාසල ය. නමුත් අප ඊට පිළිතුරු දී පෙරළා "අයියගෙ නම මොකද්ද?" ඇසූ කළ ඔවුන් පිළිතුරු දෙන්නේ නැත. එපමණක් නොව තමා කොයි පළාතේ කෙනෙකු දැයි කියා වත් කීමට ඔවුන් නිර්භීත නොවේ. ඊට පෙරළා ලැබෙන පිළිතුර නම් "උඹලට ඒක වැඩක් නෑනෙ" යන්නයි. නමුත් අප එය අසන්නේ ඔවුන්ගේ ගෙදර යාමට නොවේ. හුදු දැන හඳුනාගැනීම පිණිස පමණි. නමුත් ඒ සැවොම තම අනන්‍යතාව හෙළි වේ යැයි මහා භීතියකින් පසු වන්නේ නවක වදය ආශ්‍රිත නීති වල පවත්වා බරපතළකම ඔවුන් ද දන්නා නිසා ය. 1998 අංක 20 දරන පනත අනුව නවක වදය යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් වසර 5 සිට 10 දක්වා සිර දඬුවමක් හා විශ්ව විද්‍යාලයෙන් නෙරපීමක් එයට අදාළ වේ. අප ආසන්නයේම සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරයා වෙත ගොස් අසවල් ජ්‍යෙෂ්ඨ සිසුවා මට අසවල් දෙය කීවා කිවහොත් ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවසානය එය විය හැක. එබැවින් මේ දින වල වාත වෙමින් සිටින සිසුන්ට ද තම අනන්‍යතාව බිඳකින් හෝ හෙළි නොකිරීමට ඔවුහු පරෙස්සම් වෙති. එපමණක් ද නොව ජ්‍යෙෂ්ඨ සිසුවෙකුට පැමිණ නවකයෙකුට බලපෑමක් තබා කතා කිරීම ද විශ්ව විද්‍යාල නීති රීති අනුව තහනම් වේ. මේ නිසා මෙම ජ්‍යෙෂ්ඨ උතුමන් තම ආධිපත්‍යයට යටත් නොවන, නවක අලයන් කෙරෙහි දක්වන්නේ අප්‍රමාණ භීතියකි.
විශ්ව විද්‍යාලය තුළ වාත උතුමන් තමන්ගේ කරගැනීමට වලි කන තවත් ස්ථානයකි ක්‍රීඩාගාරය (gym). ඉංජිනේරු ශිෂ්‍යයෙකු ක්‍රීඩාගාරයට යාමට නම් අක්බාර් පාලම උඩින් එහා පැත්තට ගමන් කළ යුතු ය. අප සෑම දිනකම සවස 4ට ක්‍රීඩාගාරයට ගොස් 6 වන තුරු ක්‍රීඩා කරමින් සිටීමට පුරුදු වී ඇති නිසා අප ඒ දෙසට යන කාලය බලා පාලම දෙපැත්තේ පෝලිම් ගැසී බලා සිටීමට මොවුහු පුරුදු වී සිටිති. පාලම මතින් යන විට කුමන හෝ කුණුහරුපයක් කීම මොවුන්ගේ සතුටයි. තවද කෙල්ලෙක් දුටු විට "ආ නංගී, ෆෝන් නම්බර් එක දෙන්න බැරිද?" යනාදී දෑ කියමින්දුකාර ස්වභාවය මොවුන් මොනවට ප්‍රදර්ශනය කරති. ඉංජිනේරුවා වුවද දොස්තර වරයා වුවද රස්තියාදුකාරයා රස්තියාදුකාරයා ම බව කියන්නේ මේ හේතුව නිසා ය. ඒ කෙසේ වෙතත් අවසානයේ අප විසින් ඔවුනට දෙන්නේ රැග් එකක් බව එම ජ්‍යෙෂ්ඨයන්ට නොපෙනීම අනිවාර්යයෙන් ම ඔවුන්ගේ බුද්ධිමය හීනතාවයකි.
පිරිමි උතුමන් පැමිණ අපට කටින් ගැසීමට උත්සාහ කළ සෑම විටම අවසානයේ ඔවුන් ම බයිට් එක බවට පත්වූ බව වැටහීම නිසා දෝ මේ වන විට අලුත් අවියක් ඔවුන් කරළියට ගෙනැවිත් තිබේ. ඒ කාන්තා උතුමියන් ය! මේ කාන්තා උතුමියන්ගේ කර්තව්‍යය ඉතා සුවිශේෂී එකකි. ඔවුහු කිසිම විටෙක අපේ මුහුණට දෝෂාරෝපණය නොකරති. ඒ වෙනුවට රැග් නොවන කොල්ලෙකු විශ්ව විද්‍යාලය තුළ තනිවම ඇවිදිමින් සිටින විට ළඟට පැමිණ "මල්ලි ඔයා හරි හැන්ඩියානෙ, එන්නකො පොඩ්ඩක් ආශ්‍රය කරන්න" යනාදී ගණිකා කතා වටින් ගොඩින් කියති. මෙම අවිය මාරාන්තික අවියක් බව කිව යුතුය. මෙම ක්‍රියාවලිය පිටුපස ඇති අභිමතාර්ථය වන්නේ නවක වදයට එරෙහි සිසුන් මානසිකව වැට්ටීමයි. නමුත් මෙවන් අවර ගණයේ උපක්‍රම වලට අප ගොදුරු නොවන බව මම ඍජුවම ප්‍රකාශ කර සිටිමි.
මා හට මේ කාලය තුළ දැනුණු විශාලතම කණගාටුව නම් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කළ හැකි අන් කිසිවක් නොමැතිකම නිසාවෙන් මෙම උවදුරෙහි ගොදුරු බවට පත්වීමයි. ආශාවෙන් වාත වන කිසිම ශිෂ්‍යයෙකු මා මේ දින කිහිපය තුළ මිත්‍ර වූ අති විශාල සිසු කැළ අතරින් නොදුටු බව කිව යුතු ය. ඒ අතර මාතර සිට යාපනය දන්වා වූ බොහෝ ප්‍රදේශ වල සිසුන් විය. එසේම ජාති භේදයකින් තොරව සියලු දෙනා මම මේ සමය තුළ ආශ්‍රය කළෙමි. ඒ අතරින් ද මුස්ලිම් සිසුන් ඉතා අවම මට්ටමින් නවක වදයේ ගොදුරු බවට පත්වන බව මම නිරීක්ෂණය කළෙමි. මුස්ලිම් ජ්‍යෙෂ්ඨ සිසුන් මෙම සාම්ප්‍රදායික නවක වදයෙහි යල්පැනගිය ස්වභාවය බොහෝ දුරට අවබෝධ කරගෙන සිටීම පිළිබඳ මගේ බලවත් ප්‍රශංසාව ඔවුනට හිමි වේ. එසේම රැග හරහා සිංහල ජ්‍යෙෂ්ඨ සිසුන් අනෙක් ජාතීන් වල සිසුන් අභිබවා "පොරත්වයක්" ආරූඪ කරගැනීමට උත්සාහ දැරීම මගේ බලවත් පිළිකුළට හා කම්පනයට හේතු වේ.
අවසාන වශයෙන් මේ දිනවල අප පීඨයේ සිටින, නවක වදයට එරෙහි වීමට නොහැකි මාගේ සහෝදර සිසුන් මුහුණදෙන බරපතල කායික හා මානසික පීඩා පිළිබඳව ද වචනයක් කිව යුතු ය.
මේ ගෙවී යන්නේ විශ්ව විද්‍යාල වල පළමු වසරේ සිසුනට ඉංගිරිසිය උගන්වන කාල පරිච්ඡේදයයි (Intensive Period). මේ කාලයේදී සැබැවින්ම ඉංගිරිසි ඉගෙනගන්නා සිසුන් නැති තරම් නිසා එය උපයෝගී කරගෙන උක්ත සඳහන් කළ ජ්‍යෙෂ්ඨ උත්තමයන් 'නවක වද සමය' ප්‍රකාශයට පත්කර තිබේ. සෑම වසරකම මෙය සිදුවන්නේ මේ ආකාරයට ම වුවත් මේ වර්ෂයේදී ජ්‍යෙෂ්ඨයන් කලින් වසර වල නොතිබුණු දැඩි අපහසුතාවකට පත්ව තිබේ. එනම් උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාද වීම නිසා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා කාලය පසු වීම කරණය කොටගෙන intensive period එක මාසයකට සීමා කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කිරීමයි.
වෙනදා මාස 3ක පමණ කාලයක් තුළ දිවෙන මෙම වාත සමය මාසයකට සීමා කිරීමට සිදුවීම නිසා නවක වදයට දායක වන සෑම ජ්‍යෙෂ්ඨයෙකුට ම කාර්ය බහුල වී ඇති අතර වෙනදා නවක වදය ආරම්භයේ පැවති "මල් සතිය" සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඒ වෙනුවට සම්පූර්ණ කාල පරිච්ඡේදය ම නවක වදයට යොදාගෙන තිබේ. එහෙයින් මල් සතියේ fun එක ද මෙවර නවක සිසුනට අහිමි ය.
විශ්ව විද්‍යාලය ආරම්භ වී තවමත් ගතවී ඇත්තේ දින 9ක් තරම් සුළු කාලයක් වුවත් මේ ටික දිනට සිසුන් අත්විඳි මානසික වද වේදනාව අපමණ ය. උදේ 8ට දේශනයට ගිය විට 8.30 වන විට පන්තියෙන් බාගයක් පමණ සිසුන් මේසය මත නිදි ය. ඇතැම් විට සවස් කාලයේ මා ද මේසය මත නිදාගැනීමට කැමැත්තක් දැක්වුවත් ඒ, කරන කාර්යයේ ඒකාකාරී බව නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ. නමුත් අනෙක් සිසුනට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඔවුනට රෑට නිදාගැනීමට ලැබෙන්නේ පැය 3 කටත් අඩු කාලයකි. සවස 4ට විශ්ව විද්‍යාලයේ කටයුතු අවසන් වූ පසු වාත වන සියලුම සිසුන් පෝලිම් ගසා ගොනුන් මෙන් අක්බාර් ශාලාවට දක්කාගෙන යනු ලැබේ.
එසේ ගෙන ගොස් මේසය වටා වාඩි කරවන ලද අවස්ථාවේ සිට රාත්‍රී 10.15, 10.30 දක්වා එක දිගට, පැය 6කට අධික කාලයක් ඉතා වෙහෙසකර වදයකට මුහුණදීමට ඔවුනට සිදුවේ. මානසිකව කොතරම් ශක්තිමත් අයෙකු වුවත් ඇද වැටීමට මේ කාලය ප්‍රමාණවත් ය. අනතුරුව තම තමන්ගේ කාමර වලට යාමට ඔවුනට අවස්ථාව හිමි වේ. නැවතත් ජ්‍යෙෂ්ඨ උතුමන් විකෘති ආශාවන්ගෙන් මත් වී නවක සිසුනගේ කාමර වලට පැමිණෙනේ රාත්‍රී 12ට පමණ ය. එතැන් සිට රාත්‍රී 1.30 හෝ 2.30 දක්වා තවත් වටයක වදයකට ශිෂ්‍යයෝ ලක් වෙති. එතැන් සිට උදේ 5.30 පමණ දක්වා පැය 3ක පමණ කෙටි නින්දක් ඔවුනට හිමි වේ.
මේ කාලය තුළ සිදුවන ක්‍රියාවලිය දැනගැනීමට දැන් ඔබට රිසි වනු ඇත.
පළමුව රාත්‍රී 12 සිට අලුයම දක්වා සිදුවන ක්‍රියාවලිය ගනිමු. මෙම කාලය තුළ නවක ශිෂ්‍යයා ලක්වන අපයෝජනයේ තරම තීරණය වන්නේ අපයෝජක ජ්‍යෙෂ්ඨ උතුමාගේ මානසික විකෘතිතාවයේ ප්‍රමාණය අනුව ය. තවමත් ලිංගික අපයෝජනයක් සිදු වූ බවට මට අසන්නට නොලැබුණත් මෙවන් ආකාරයේ හිංසනයන් සුලබ වේ. මේ දිනවල නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් හට ෂේවිං ක්‍රීම් භාවිතා කර රැවුළ කැපීමත් සපත්තු පොලිෂ් ආලේප කිරීමත් තහනම් ය. නමුත් සෑම සිසුවෙකු ම ඒවා නේවාසිකාගාරයට එද්දී ගෙන ආ යුතු ය. ඒ වියරු ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ පහත් ආශාවන් ඉටුකරගැනීම පිණිස ය.
රාත්‍රී 12ට පමණ කාමරයට පැමිණෙන ජ්‍යෙෂ්ඨයෝ සිසුනගේ උඩුකය ඇඳුම් සියල්ල ගැලවීමට නියෝග කරති. අනතුරුව ගෙන එනු ලැබූ සපත්තු පොලිෂ් සහ ෂේවිං ක්‍රීම් අනා ශරීරයේ ආලේප කර එම ආකාරයට පැය කිහිපයක් සිටීමට සළස්වනු ලැබේ. අවසානයේ රාත්‍රී 1.30ට පමණ ස්නානය කර පැමිණ නිදාගන්නට ඉඩ ලැබේ. මේ, මේ දින වල රැග කන සිසුනගේ මුවින් ම පිට වූ කතාවකි. නමුත් ආරංචි ලැබෙන ආකාරයට ඇතැම් සිදුවීම් මීටත් වඩා බෙහෙවින් බරපතළ ය. තමාට නිරුවතින් බිම බඩගෑමට අණ ලැබුණු බව නවක වදය දරාගැනීමට අපහසු වී අල වූ එක් ජ්‍යෙෂ්ඨ සොයුරෙක් මට සැළ කළේ ය. මීට අමතරව බෝංචි කැඩීම ආදී අනේකවිධ හිංසන ක්‍රම මේ ජ්‍යෙෂ්ඨ උතුමන් භාවිතා කරන බව මා කලින් කියවූ බ්ලොග් සටහනක තිබිණි. සමස්තයෙන් ඉතා ස්වල්පයක් වන මෙම වියරු ජ්‍යෙෂ්ඨ උතුමන් පිරිස නවතම ආකාරයේ හිංසන ක්‍රම පිළිබඳ පර්යේෂණ කරන්නේ ද මෙම කාලය භාවිතා කරමිනි.
බොහෝ දෙනෙකු සිතන්නේ නවක වදයේ වඩාත් දරුණු පැතිකඩ මෙම ශාරීරික හිංසනය බවයි. නමුත් සත්‍යය එය නොවේ. වඩාත් බරපතල ගණයේ හිංසාව නම් හවස හතරේ සිට රාත්‍රී 10.30 දක්වා අක්බාර් ශාලාවේ සිසුන් බලෙන් රඳවා තබාගනිමින් කරන දැඩි මානසික අපයෝජනයයි. මේ දින 9 තුළදී අප වයසේ සිටින වාත වන ශිෂ්‍යයන් මුහුණදී ඇති බරපතල මානසික ව්‍යසනය දැකගැනීමට විශ්ව විද්‍යාල තුළ මඳක් වටපිට ඇවිදීම ප්‍රමාණවත් ය. පළමු වසර සිසුන් අත්විඳින භීතිය, කම්පනය හා අසරණභාවය ඔවුන් ඇවිදින, කතා කරන ආකාරයෙන් ම තේරුම් ගත හැකි ය. යමෙකු මෙය සිදු වන්නේ ඉතා සුලු පිරිසකට පමණක් බව කිව හැක. නමුත් සැබැවින් ම එසේ නැත. වාතයට ලක් වන සෑම ශිෂ්‍යයෙකුම, ශිෂ්‍යාවක්ම අඩු වැඩි වශයෙන් මෙම මානසික සංකූලතාවයට ගොදුරු වී ඇත.
මේ දින වල වාත වන සිසුන් සිනාසෙන්නේ ද ඉතා අවම වශයෙනි. ඒ බව ඔවුන් ඇසුරු කිරීමෙන් මනාව පැහැදිලි වේ. විශ්ව විද්‍යාලය තුළ අප විඳින මනරම් වූ නිදහස මෙම අසරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොලැබේ. අප සෑම දිනක ම gym ගියත් ඔවුනට gym නොයා හවසට රැග කෑ යුතු ය. යම් අවස්ථාවක, "අපි ඊයෙ හවස සෙල්ලම් කරා මචං" යැයි වැරදීමකින් මෙන් කියවුණහොත් ඔවුහු පුදුමයෙන් දෑස් දල්වා බලති. ඔවුන් මේ කාලය තුළ gym එකට යාමට තබා එය දැකලා වත් නැත! එපමණක් ද නොවේ. නවක වද කරුවන් නවක ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට එල්ල කරන බාධාව අති මහත් ය. මේ දිනවල දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිගණක විද්‍යාගාරයන්ට යෑම පවා තහනම් ය. මේ හේතුව නිසා ඔවුන්ට දෙන පැවරුම් ද කළ යුත්තේ අප ය. එහෙත් මිත්‍රත්වයේ නාමයෙන් අප එය කරන්නේ ඔවුන් විඳින දුක් කන්දරාව ගැන මහත් අනුකම්පාවෙනි. මට පසුගිය දින වල හරියට බ්ලොග් සටහනක් වත් ලිවීමට නොහැකි වීමට එක් හේතුවක් එයයි.
මට වඩාත්ම හිතවත් වාත වන ශිෂ්‍යයෙකු මට කිව් එක් වාක්‍යයක් මගේ සිත තුළ ගලේ කෙටූ අකුරක් මෙන් කා වැදිණි. "අපේ හිතේ තියන ගින්දර උඹ දන්නෙ නෑ බං" යන එම වැකිය පිළිබඳ තවත් විස්තර අවශ්‍ය නොවේ යැයි සිතමි.
නවක වදය තුළ කෙරෙන තවත් ක්‍රියාවලි බොහෝමයකි. සෑම ශිෂ්‍යයෙකුට ම කුණුහරුප නම් දැමීම ඉන් එකකි. විශ්ව විද්‍යාලය තුළ ඔහුගේ නම වන්නේ එයයි. ඔහුගේ සැබෑ නම මෙතැන් සිට හැඳින්වෙන්නේ "කාඩ් එක" යන නමිනි. "මචං උඹේ නම මොකද්ද?" කියා වැරදීමකින් මෙන් ඇසුණොත් ලැබෙන්නේ මහා කුණුහරුපයක් නැතහොත් කුණුහරුපයක අකුරු මාරු කළ ආකාරයකි. මට මේ වැරැද්ද පසුගිය දින කිහිපය තුළ කිහිප වරක් ම සිදු විය.
හිතන්න, එය කොතරම් ප්‍රබල මානසික අපයෝජනයක් ද?
මෙවර රැගට හසුවන සිසුන් ගණන 261කි. ඔවුන් සෑම කෙනෙකුට ම අනෙකුත් 260 දෙනාගේම නම, කාඩ් එක, පුරය ආදී සෑම කරුණක් ම කටපාඩමේ තබාගත යුතු ය. එබැවින් වාත කන බොහෝ සිසුන් මේ දින වල දේශන ශාලාව තුළදී දේශකයා නොමැති විට කරන්නේ තමා වටා සිටිනා සිසුන්ගේ විස්තර කට පාඩම් කිරීම ය. වරක් එක් ජ්‍යෙෂ්ඨ උතුමෙකු මට මෙවන් ප්‍රශ්නයක් යොමු කළේ ය. "තමුසෙලා අඩු ගානෙ තමුසෙලගෙ සෙට් එකේ වත් උන්ගෙ නම් ටික දන්නවද?" මගේ පිළිතුර වූයේ "මට කාගෙවත් නම් ගම් ලියාගෙන කටපාඩම් කරන්න අවශ්‍යතාවක් නෑ. කාලයක් යද්දි ඒව ඉබේටම මතක හිටියි". සැබැවින්ම මට කාගේවත් විස්තර බලෙන් කටපාඩමේ තබාගැනීම අපහසු ය. නමුත් මේ අඳබාල ජ්‍යෙෂ්ඨ උතුමෝ නවකයන්ට තම සොයුරන්ගේ විස්තර ලියාගෙන බලෙන් කට පාඩක් කිරීමට සළස්වති. අහඹු ලෙස සිසුවෙකු තෝරාගෙන ඔහුගේ නම, ගම, කාඩ් එක, පුරය ඇසූ විට කියාගත නොහැකි වුවහොත් පැයක පමණ කුණුහරුප වර්ෂාවකට ලක් වීමට සිදුවේ. මට මේ සම්බන්ධයෙන් ත්තේ එක් ප්‍රශ්නයකි. ඔබට ඔබ වටා සිටින සියලුදෙනාගේ නම් අපහසුවෙන් කටපාඩම් කරගත හැකි විය හැක. නමුත් ඔබට ඒ සියලුදෙනාගේ සිතුම් පැතුම් දැනගැනීමට හැකි වේද?
මෙහි පවත්නා වඩාත්ම හාස්‍යජනය පැතිකඩ නම් අපයෝජනයට ලක්වන සිසුවාගේ බැච් එකේ සිටින සොයුරන්ගේ නම් කටපාඩම් කරගැනීමට දී ජ්‍යෙෂ්ඨ උතුමන් පමණක් තම නම් ගම් සියල්ල සඟවාගෙන සිටීම ය. "අරූගෙ නම මොකද්ද? මූගෙ කාඩ් එක මොකද්ද?" යනුවෙන් ප්‍රශ්න අසමින් එන ජ්‍යෙෂ්ඨයෙකුගෙන් වැරදීමකින් වත් "අයියගෙ නම මොකද්ද?" කියා ඇසුණහොත් එම නවකයාගේ දවස ඉතා අසහනකාරී එකක් වනු ඇත.
නම් ගම් වලට අමතරව වාත වන සිසුනට පාඩම් කිරීමට නියමිත ලැයිස්තු ගණන අපමණ ය. ඒවායෙන් සමහරක් ඍජුවම කුණුහරුප ය. මා ද ඉන් සමහරක් මතක තබාගැනීමට උත්සාහ කළත් මගේ මතකයේ මඳකම නිසා දෝ මතකයට නැගෙනුයේ කෑලි කෑලි වශයෙනි. ඉන් සමහරක් මෙසේ වේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුදුම හත :
මේ පිළිබඳව වැඩිදුරටත් කල්පනා කරමින් සිටි මා හට මෙම ලැයිස්තුවට අලුතෙන් එක් කළ හැකි අටවන පුදුමයක් ගැන ද සිහියට නැගිණි.
එය මෙසේ ය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය :
පුදුමය : සෞන්දර්යය, සංස්කෘතිය, තාක්ෂණය අතින් පිරිපුන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්‍යාලයක් වන දකුණු ආසියාවේ අති විශිෂ්ටතම දැනුම් ගබඩාව.
ගොං පාට් එක : නවක වදය.
පුර :
එමෙන්ම විශ්ව විද්‍යාලය තුළ ගත කළ දින කිහිපය තුළ අප කළ සහ කරමින් පවතින කටයුතු ද බොහෝ ය. ජ්‍යෙෂ්ඨ උතුමන් තම කණිෂ්ඨයන් අපයෝජනය කිරීමේ නවතම ක්‍රම අත්හදා බලමින් සිටින අතරේ අප අපේ ජ්‍යෙෂ්ඨ සිසුන් සමඟ එක්ව දුෂ්කර පාසල් වල සම්පත් නංවා සිටීමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඒ උදෙසා කටයුතු කරමින් සිටිමු. මහ ලොකුවට පන්ති භේදය හා සමානාත්මතාවය පිළිබඳ මොරදෙන මෙම විහිලු කාරයන් සහ අප අතර පවතින වෙනස එයයි.
අවසාන වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ විශ්ව විද්‍යාලය තුළ අප භුක්ති විඳින සුන්දර වූ නිදහස බහුතරයක් වූ සිසු දරු දැරියන්ගෙන් ගිලිහී යාම පිළිබඳ මහත් කණගාටුවක් සිතට දැනෙන බවත්, නවක වදය නම්, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කරන ව්‍යසනය මුලෝත්පාටනය කිරීමට සෑම ශිෂ්‍යයෙකුටම ඇති වගකීම අප හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්, ඒ සඳහා කටයුතු කිරීමේදී ඇතැමුන් කෙරෙන් එල්ල වන පුහු තර්ජන ගර්ජන, කුණුහරුපයන් හා බියවැද්දීම් වලින් අප පසුබා නොයන බවත්, නවක වදය ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් කායික, මානසික, අධ්‍යාත්මික ව්‍යසනයන්ට මුහුණපාන සිසුනට රැකවරණය සැපයීමට හැකි ඕනෑම දෙයක් කිරීමට අප පසුබට නොවන බවත් වේ...

- අක්බාර් බරාඳය (corridoor):
පුදුමය : එහි එක් කොණකින් එන්නෙකුට අනිත් කොණින් එන්නා පෙනෙන්නේ නැත.
ගොං පාට් එක : වැස්සක් වැස්ස විට මෙය ජලයෙන් යට වේ. - අක්බාර් පාලම:
පුදුමය : මැද ආධාරක නැතිව නිමවා තිබේ.
ගොං පාට් එක : මේ මත සිටගෙන එක් අයෙක් උඩ පැන්නොත් පාලම මත කිසිවෙකුට සිටගත නොහැක (හෙල්ලෙන නිසා) (මෙය බොරුවකි). - සනාතන මණ්ඩපය (senate):
පුදුමය : සුළං කපොල්ලක සාදා තිබේ
ගොං පාට් එක : ගල් කණු වලින් ඇති වැඩක් නැත. - හුතු ගහ:
පුදුමය : මේ ගස මත විවිධ ස්ථාන වල පෙම්වතුන් යුගල 7කට එකිනෙකාට නොපෙනෙන පරිදි සිටිය හැක
ගොං පාට් එක : ඇතුළේ සිටින යුගලයන්ට අනෙක් යුගල හෝ ගසෙන් පිටත නොපෙනුණත් පිට සිටින ඕනෑම කෙනෙකුට මේ යුගල දැකිය හැක. - ගල් අඟුරු ධාවන පථය:
පුදුමය : ලංකාවේ ගල් අඟුරු වලින් තැනූ එකම ධාවන පථය මෙයයි.
ගොං පාට් එක : මේක මත සපත්තු නැතිව දිවිය නොහැක (කකුලේ හම යන නිසා) (මෙය නම් සත්‍ය බව අත්දැකීමෙන් දනිමි). - සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬල (වල):
පුදුමය : ඇති අතර ස්වභාවික රඟමඬලකි.
ගොං පාට් එක : වැස්සට තෙමේ. - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගත විදුලි රැහැන් පද්ධතිය:
පුදුමය: දකුණු ආසියාවේ පර්යේෂණ මට්ටමින් සාර්ථක වූ ප්‍රථම භූගත විදුලි රැහැන් පද්ධතියයි.
ගොං පාට් එක: මෙහි යම් තැනක් පළුදු වුවහොත් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැක.
මේ පිළිබඳව වැඩිදුරටත් කල්පනා කරමින් සිටි මා හට මෙම ලැයිස්තුවට අලුතෙන් එක් කළ හැකි අටවන පුදුමයක් ගැන ද සිහියට නැගිණි.
එය මෙසේ ය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය :
පුදුමය : සෞන්දර්යය, සංස්කෘතිය, තාක්ෂණය අතින් පිරිපුන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්‍යාලයක් වන දකුණු ආසියාවේ අති විශිෂ්ටතම දැනුම් ගබඩාව.
ගොං පාට් එක : නවක වදය.
පුර :
- වැදි පුරය: කුරුණෑගල
- වැල පුරය 1: නුවර එළිය
- වැල පුරය 2: බදුල්ල
- සැක පුරය: මහනුවර
- කාක පුරය: කොළඹ
- ගොං පුරය: අනුරාධපුරය
- ගල් පුරය: පොළොන්නරුව
- ගොවි පුරය: මඩකලපුව
- ජංගි පුරය: කෑගල්ල
- පිඟන් පුරය: පුත්තලම
- ඔටු පුරය: ?
- මස් කඩය: වෛද්‍ය පීඨය
- අති උතුම් ....... පීඨය: ඉංජිනේරු පීඨය
- බයිසිකල් පයිසිකල්: ?
- etc