Pages

Tuesday, July 14, 2009

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)

බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක.

බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,
  1. අවකාශ විශ්ව න්‍යායවේදය (Spatial Cosmology)
  2. පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology)
මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්,
  1. චක්‍රවාද විශ්ව න්‍යායවේදය (Vertical Cosmology)
  2. සහස්‍ර විශ්ව න්‍යායවේදය (Horizontal Cosmology)
මින් නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය (විශ්වයේ උපත, පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන සහස්‍ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා, මන්දාකිණි, ස්ථානීය පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - Groupings) පිළිබඳව පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු, උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත. විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්‍රක් බුදු දහමේ නැති නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. 27 වන සූත්‍රය), මහා සුදස්සන සූත්‍රය (දීඝ නිකාය. 17 වන සූත්‍රය), චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. 26 වන සූත්‍රය), මහා පදාන සූත්‍රය (දීඝ නිකාය, 14 වන සූත්‍රය) ප්‍රමුඛ පාලි විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී තිබේ.

නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි.

නූතන විශ්ව න්‍යායවේදය සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර ඇත්තේ විශ්වයේ උපත, විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික ආකෘති (Physical Models) පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් (Physical Structure) මෙන්ම අධ්‍යාත්මික සැකැස්මක් (Psycological Structure) ද ඇත. නමුත් මෙම අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් (Telescopic studies or spectroscopy) හෝ අංශු භෞතික පරීක්ෂණ (Particle Physics experiments) මගින් අනාවරණය කරගත නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය.

විශ්වයේ සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද? මෙම පැනයට පිළිතුරු සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා 'විශ්වය' නමින් හඳින්වමු) ස්තර 31 කර බෙදේ. මෙහිදී 'ස්තර' යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ 'කොටස්' යන්නයි. මෙම කොටස් 31 ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි.

තවදුරටත් පැහැදිලි වීම සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන් කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස් මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර 29ක් පවතී. මා මෙම උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා බුදු දහමේ එන 'මානසික ස්තර' සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි.

චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි.

දැන් අප මෙම ස්තර 31 වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් 'දේව' හා 'බ්‍රහ්ම' යන ඒවායි. බුදු දහමේ එන දේව සංකල්පය, බටහිර දේව සංකල්පයට වත්, බ්‍රහ්ම සංකල්පය, හින්දු ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය. බුදුරජාණන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා කළේ ක්‍රි.පූ 6 වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ.

මිනිස් වර්ගයාට ඉහළින් ජීවන ස්තර 26ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්, අධිපති බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව, බ්‍රහ්ම යන වචන වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක් වශයෙනි. (මගේ මතයට අනුව, දේව, බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත).

සැ.යු. මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල -විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන් මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත.

අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 : 4 Immaterial Brahma Realms

සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.

අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි:


(31) නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- Plane of Neither Perception-nor-non-Perception
: සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.
(30) ආකිඤ්චඤ්ඤායතන -- Plane of Nothingness : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි.
(29) විඤ්ඤාණඤ්චායතන -- Plane of Infinite Consciousness
(28) ආකාසානඤ්චායතන -- Plane of Infinite Space


රූපාවචර බ්‍රහ්ම ලෝක 16 : 16 Material Brahma Realms


අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ජනවසභ සූත්‍රයේ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත. එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක -- Pure Abodes


ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැන්නේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවට ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය.

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි.

(27) අකනිටා -- Highest plane of pure adobes: රූප ධාතූන්ගෙන් ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් මිදීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 167 772 160 කි.
(26) සුදස්සි -- Plane of Clear Sight : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 83 886 080 කි.
(25) සුදස්ස -- Plane of Beauty: උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 41 943 040 කි.
(24) අතප්ප -- Plane of Serenity : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 971 520 කි.
(23) අවීහ -- Plane of Durablility : අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 485 760 කි.

චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක -- Fourth Jhana Planes


මෙම ලෝක ද්විත්වයට පත්වන්නේ චතුර්ථ රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික ලක්ෂණය වන්නේ උපේක්ෂාවයි (equanimity). සෑම කල්ප 64 කටම වරක් සුළඟින් විශ්වය විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. (සෑම කල්පයක්ම අවසානයේ 14 වන ස්තරයේ සිට පහළ විශ්වය ගින්නෙන් විනාශ වී යන අතර, සෑම කල්ප 8ක් ම අවසානයේ 17වන ස්තරයේ සිට පහළ විශ්වය ජලයෙන් විනාශ වී යයි. එසේම සෑම කල්ප 64ක් ම අවසානයේ 20 වන ස්තරයේ සිට පහළ විශ්වය සුළඟින් විනාශ වී යයි. කල්ප අවසාන රටාව මෙයයි. මේ අනුව කල්ප 64ක් ගත් විට 56ක් ගින්නෙන් ද, 7ක් ජලයෙන් ද 1ක් සුළඟින් ද වශයෙන් විශ්වයේ විවිධ ස්තර පද්ධති විනාශ වී යයි)

(22) අසඤ්ඤසත්ත -- Plane of non-percipient, matter only, no mind
(21) වෙහප්ඵල -- Plane Great Fruit (Consequence) : ඇතැම් අනාගාමී පුද්ගලයන් මෙම ලෝකයේ ද ඉපදේ. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 242 880 කි.

තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක -- Third Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ තෘතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණය වන්නේ සුඛයයි (Quiet joy). සෑම කල්ප 8 කටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. නමුත් සෑම කල්ප 64කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි.

(20) සුභකින්න -- Third Jhana, highest degree
උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 655 360 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 64 කි.
(19) අප්පමානසුභ -- Third Jhana, medium degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 327 680 කි.මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 32 කි.
(18) පරිට්ඨසුභ -- Third Jhana, minor degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 163 840 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 16 කි.

ද්විතියික ධ්‍යාන (ආභස්සර) බ්‍රහ්ම ලෝක -- Second Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ද්විතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). මෙම ලෝක වලට එළඹුණු විගස ඔවුන්ට දැනෙන සැපය කොතරම් වේද යත් ඔවුනට, "අහෝ සුඛං, අහෝ සුඛං" (අනේ සැපයි, අනේ සැපයි) යැයි කියවේ. මෙම ලෝක වල වැසියන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝකයක් ද පිටවේ. ඔවුන් රූපයෙන් බොහෝ දුරට සමාන වුවද චිත්තයන් තරමක් වෙනස් ය.

සෑම කල්පයකටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. සෑම කල්පයක්ම අවසානයේ විනාශ වී යන ලෝකය නැවත ජනාවාස වීම ආරම්භ වන්නේ මෙම ලෝකයේ වැසියන් පහළ ස්තරයන්ට ගමන් කිරීමත් සමඟිනි. නමුත් සෑම කල්ප 8 කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. එවිට මීටත් වඩා ඉහළ ලෝක වල වැසියන්ගෙන් මෙම ස්තර ඇතුලු අනෙක් ස්තර ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම ආරම්භ වේ.

(17) ආභස්සර -- Second Jhana, highest degree (Abhassara) : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි.
(16) අප්පමානාභ -- Second Jhana, medium degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 960 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 4 කි.
(15) පරිට්ටාභ -- Second Jhana, minor degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 480 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 2 කි.

ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක -- First Jhana Planes


මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ප්‍රථම රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ විතර්කය (Observation), විචාරය (Reflection), ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy).

(14) මහාබ්‍රහ්ම -- Plane of Maha Brahma : සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර භර්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා "මහා බ්‍රහ්ම" නම්වේ. බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 240 කි.
(13) බ්‍රහ්මපුරෝහිත -- Plane of Brahma's ministers : මහා බ්‍රහ්මයාට පසුව ඔහුට අසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 120 කි.
(12) බ්‍රහ්මපාරිසජ්ජ -- Plane of Brahma's retinue : මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් "බ්‍රහ්ම කායික" යනුවෙන් ද හැඳින්වේ. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 2 560 කි.

කාම ලෝක 11: 11 Sensuous Realms


ඉහත සඳහන් කළ ලෝක වලින් පහළ ඇති සියලු ලෝක කාම ලෝක නම් වේ. ඔවුන් සෑම දෙනාම විවිධ මට්ටම් වලින් කාලයෙහි ඇලී ගැලී සිටිති. නමුත් ඔවුන් වසන ස්තරය අනුව ඔවුන් ලබන සැප හා දුක් ඵල වෙනස් ය. එමෙන්ම මෙම ස්තර සියල්ලෙහිම වැසියෝ (අරහත් හා බුදුරජාණන් වහන්සේලා හැර) මාර බලවේගයට ගොදුරු වෙති. මින් ඉහළ ලෝකයන්ට බලපෑම් කිරීමට මාරයාට හැකියාවක් නැත.

සදිව්‍යලෝක -- Six Deva planes


කාම ලෝක වලින් සැප ඵල වැඩිම ලෝක හය දිව්‍යලෝක ලෙස හැඳින්වේ. ඉන් දෙකක් (තාවතිම්සය හා චාතුර්මහාරාජිකය) සුමේරු නම් මහා පර්වතය (අර්ථය අපැහැදිලි ය) මත පිහිටා ඇති අතර, ඊටත් වඩා සැප ඵල අතින් උසස් දිව්‍ය ලෝක හතර සුමේරු පර්වතයට ඉහළින් විවිධ උස මට්ටම් වල පිහිටා ඇත.

(11) පරනිම්මිත-වසවර්ති -- Plane of Controlling others' creations
: කාම ලෝක අතරින් ඉහළම ලෝකය වන මෙහි වැසියන් හට අනුන් විසින් නිර්මාණය කරන ලද හෝ අත්පත් කරගත් කාම භෝගයක් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට භාවිතා කළ හැක. ඔවුන් තමන්ටම කියා කිසිවක් අයත් කරගැනීමට හෝ උපයාගැනීමට උත්සාහ දරන්නේ නැත. මෙම ලොවෙහි නායකයා වන්නේ 'වසවර්ති' නම් දේවතාවා ය. එමෙන්ම 'මාර' දිව්‍ය පුත්‍රයාට ද නිවහන වන්නේ මෙම දිව්‍ය ලෝකයයි. ඔහුගේ අරමුණ වන්නේ කාම ලෝක වල වෙසෙන සියලුම වැසියන් කාම වස්තූන්ටම ඇලී ගැලී වාසය කරවීම ය. යමෙකු කාමා තණ්හාව නැති කිරීමට උත්සාහ කරයි නම් මොහු කරන්නේ එම පුද්ගලයාට බාධා කිරීම එල්ල කිරීම ය. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 1 280 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 9 216 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 4500ක් යැයි කියැවේ.
(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.
(9) තුසිත -- Delightful Plane : බුද්ධත්වයට පෙර බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ වෙසෙන්නේ මෙම ලෝකයේ ය. මීට වසර 2553 කට කලින් වන තෙක් එම ලෝකයෙහි විසූ බෝධිසත්ත්වයන් වහන්සේ 'සෙතකේතු' නම් විය. 'සිද්ධාර්ථ' යන නමින් මනු ලොව ඉපිද 'ගෞතම' යන නමින් බුද්ධත්වයට පත්වූයේ එම බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉන් අනතුරුව, දැනට එහි වැඩවසන බෝධිසත්ත්වයන් වහන්සේ 'නාථ' නම්වේ. උන්වහන්සේ තව දීර්ඝ කාලයකින් අනතුරුව 'අජිත' යන නමුන් මනුෂ්‍ය ලොව ඉපිද 'මෛත්‍රෙය' යන නමින් බුද්ධත්වයට පත්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 320 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 576 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3000ක් යැයි කියැවේ.
(8) යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.
(7) තාවතිම්සය -- Realm of the Thirty-three : සුමේරු නම් පර්වත මස්තකයෙහි පිහිටා ඇති මෙම ලෝකයෙහි පාලකයා 'ශක්‍ර' නම්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 80 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 30 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 1500ක් යැයි කියැවේ.
(6) චාතුර්-මහාරාජිකය -- Plane of 4 Great Kings : සුමේරු කඳු බෑවුම් වල පිහිටා තිබෙන මෙම ලෝකයෙහි විරූධක, දෘඨරාශ්‍ර, විරූපාක්ෂ, සහ එම සියල්ලගේම නායන වෛශ්‍රවණ යන රජවරු 4ක් වෙසෙති. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 90 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 750ක් යැයි කියැවේ.

(5) මනුෂ්‍ය ලෝකය -- Human Beings
: මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,
  1. ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.
  2. පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.
  3. අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.
  4. උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.
දුක්ඛ ලෝක -- Lower Realms of Woe

මෙම ලෝක වල දුක් අධික ය. මෙම ලෝකයන්හි පහළට පහළට යන විට දුක් එන්න එන්නම දරුණු වන අතර, සැපක් කියා දෙයක් නැත්තටම නැති වන තරම් වේ. මෙම ලෝක කිසිම අකාරයේ අධ්‍යාත්මික දියුණුවකට සුදුසු නොවේ. මේවායින් නිදහස් විය හැක්කේ කළ පාපකර්ම ගෙවා දැමීමෙන් ම පමණි.

(4) ප්‍රේත ලෝකය -- Ghosts
: ප්‍රේත ලෝකයේ වැසියෝ ද මනුෂ්‍ය වර්ගයා අතරම වාසය කරති. නමුත් ඔවුන් සිටින්නේ මනුෂ්‍යයන්ට වඩා ඉතාම පහත් තලයක ය.
(3) අසුර ලෝකය -- Asuras
: මෙම ලෝකය පිහිටා ඇත්තේ සුමේරු කඳු පාමුල ය. තාවතිම්ස ලෝකයෙන් ඇද වැටුණු (වැරදි හැසිරීම නිසා) පුද්ගලයන්ගෙන් මෙම ලෝකය නිර්මාණය වී ඇත. මෙහි පාලකයන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන් තමන්ට අහිමි වූ තාවතිම්සය ලබාගැනීමට විශාල උත්සාහයක් දැරුවත් රජවරුන් සිව් දෙනාගේ (චාතුර් මහාරාජිකයේ) බලය බිඳහෙලීමට ඔවුන්ට නොහැක. සුර-අසුර යුද්ධය යනු මෙයයි.
(2) තිරච්චීණ යෝනි -- Animal realm
: ඒක සෛලික ඇමීබාවාගේ සිට අලියා දක්වා සියලු සතුන් අයත් වන්නේ මෙම කුලයට ය.
(1) නරක -- Hell realms : ජීවන ස්තර 31 අතරින් ඉතාම දුක්ඛදායක වන්නේ නරකය යි. යමෙකු මීට පත්වන්නේ ඔහුගේ අකුශල කර්ම ඉතාම බලවත් වූ විට ය. නරකයන් වර්ග දෙකකි. එනම් ශීතල හා උණුසුම් යනුවෙනි. මේවා දෙවර්ගයෙන් ම 8 බැගින් පවතී. ඒවා නම්,
ශිශිර නරක :
  • අර්බුද – the "blister" Naraka
  • නිරර්බුද – the "burst blister" Naraka
  • අටට – the Naraka of shivering
  • හහව – the Naraka of lamentation
  • හුහුව – the Naraka of chattering teeth
  • උත්පල – the "blue lotus" Naraka
  • පද්ම – the "lotus" Naraka
  • මහාපද්ම – the "great lotus" Naraka
උෂ්ණ නරක :
  • සඤ්ජීව – the "reviving" Naraka. කාලය වසර 162*1010 කි.
  • කාලසූත්‍ර – the "black thread" Naraka. කාලය වසර 1296*1010 කි.
  • සම්ඝාත – the "crushing" Naraka. කාලය වසර 10,368*1010 කි.
  • රෞරව – the "screaming" Naraka. කාලය වසර 82,944*1010 කි.
  • මහාරෞරව – the "great screaming" Naraka. කාලය වසර 663,552*1010 කි.
  • තාපන – the "heating" Naraka. කාලය වසර 5,308,416*1010 කි.
  • ප්‍රතාපන – the "great heating" Naraka. කාලය වසර 42,467,328*1010 කි.
  • අවීචි- the "uninterrupted" Naraka. කාලය වසර 339,738,624*1010 කි.
බෞද්ධ චක්‍රවාද විශ්ව න්‍යායවේදය කෙටියෙන් මෙසේ ය. වැඩිදුර විස්තර සඳහා දීඝ නිකාය කියවා බලන්න.

බෞද්ධ සහස්‍ර විශ්ව න්‍යායවේදය හා බෞද්ධ ආකාශ විශ්ව න්‍යායවේදය පිළිබඳ කරුණු අනාගතයට........

54 comments:

Charitha said...

ඉතාමත් අගනා ලිපියක්. මටත් කාලයක් තිස්සේ තිබුනු ගැටලු කිහිපයකටම පිළිතුරු ලැබුනා.මට හිතෙන්නේ මෙහි දැක්වෙන ඒකක (අඩි, යොදුන්) යෙදී ඇත්තේ අද අප දන්නා අරුතින් නොවන බවයි. ඒවා ඒ යුගයේ බහුලව භාවිතා වන ජනතාවට සමීප යෙදුම් නිසා යොදා ගත්තා විය යුතුයි.

මට තිබෙන තවත් ගැටලුවක් තමයි, ඇයි මිනිසෙකුට පමනක් බුදු විය හැක්කේ කියන එක. එය ඇත්තටම ථේරවාදී බුදු දහමේ පමණක් ඇති අදහසක් (මා දන්නා තරමින්) මේ ගැනත් කාට හෝ පැහදිලි කිරීමක් කල හැකිනම් බොහෝ පින්

Anonymous said...

හොද ලිපියක් අනිවා. මම නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා දිගටම ලියන්න

Chamitha said...

@ Charitha: ඔබ අසන පැනය ඉතාම වැදගත් එකක්. ඕකට ඉතාම නිවැරදි පිළිතුරක් බුදු දහම තුළ තියනවා. මම ඒක මම දන්න තරමින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

සටහනේ තියනවානෙ මානසික ස්තර 31ක් ගැන? ඕක අපට තවත් වෙනම කොටස් තුනකට බෙදන්න පිළිවන්. ඒ තමයි සුඛ (සැප) ඵල වැඩියෙන් ලැබෙන ස්තර (අංක 6 සිට ඉහළට), සැප-දුක සමබරව ලැබෙන ස්තරය (අංක 5) සහ දුක් ඵල වැඩිපුර ලැබෙන ස්තරය (අංක 4 සිට පහළට). සරලව කිව්වොත් මනුෂ්‍ය ලෝකය තුළ දුක්-සැප සමබරවත්, ඉන් ඉහළ ලෝක වල සුඛ ඵල ම වැඩිපුරත්, ඉන් පහළ ලෝක වල දුක් ඵල ම වැඩිපුරත් ලැබෙනවා. බුද්ධත්වය හෝ නිර්වාණය අවබෝධ කරගැනීමට නම් ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයාගේ සිත දුක්-සැප වලින් තොරව, සමබරව තිබිය යුතුයි.

මම ඒක උදාහරණයක් මගින් මේ විදිහට පැහැදිලි කරන්නම්.

ඔබ ඉතා වැදගත් විභාග ජයග්‍රහණයක් ලබනවා. ඔබ ඔබේ ප්‍රතිඵලය අසා අමන්දානන්දයට පත් වෙනවා. මේ වෙලාවෙ ඔබට ඕනෙ මොකද්ද? ඔබ ලැබූ ජයග්‍රහණයේ ප්‍රීතිය විඳිමින්, ඒ බව අන් අයටත් කියමින් කාලය ගතකරන්න නේ?

නමුත් මේ වෙලාවෙ කවුරුහරි ඔබට විදර්ශනා භාවනාව වඩන්න කිව්වොත්? ඔබට එය කරන්න අමාරුයි. ඔබ පැත්තකින් වාඩි වෙලා භාවනාව පටන්ගත්තත් ටක් ගාලා ඔබේ සිතට ආයෙත් එනවා අර ජයග්‍රහණය. ඔබ නැවතත් ඉන් ප්‍රීතියට පත් වෙනවා. ඔබට පුලුවන්ද භාවනාව දිගටම කරන්න? බැහැ නේ? හරියටම ඔන්න ඔය වගේ වැඩක් තමයි මනුෂ්‍ය ලෝකයෙන් ඉහළ ස්තර වල වැසියන්ට වෙන්නේ. ඔවුන් ඉපදෙන්නේ ප්‍රීතියත් එක්ක. ඔවුන්ට ඔවුන් ලබන සැප ගැන ඉතාම සතුටුයි. අපිට විභාග ජයග්‍රහණයෙන් ලැබුණු ප්‍රීතිය දවසකින් දෙකකින් අමතක වෙලා ගියත් අරගොල්ලන්ගෙ ප්‍රීතිය ජීවිත කාලය පුරාවටම පවතිනවා. ඒ නිසා ඔවුන්ට අධ්‍යාත්මික දියුණුවක් ලබන්න, විදර්ශනා භාවනාවක් පටන්ගන්න හිතුණත් ඒක ක්‍රියාවට නංවන්න බැහැ. ඔවුන්ට ආවේණික සැප හැඟීම් වලින් ඔවුන්ව අර කාර්යයෙන් වළක්වනවා!

ඒ වගේම තමයි දුක්. ඔබේ සමීපතමයෙක් මියගිය විට ඔබට එය අමතක කර භාවනාවක නිරත වෙන්න පුලුවන්ද? බෑ නේ? ඒ වගේම තමයි දුක්ඛ ලෝකයන්හි ඉපදුණු කෙනෙකුටත් තම දුක් වලින් සිත ඉවතට ගෙන ආර්ය මාර්ගයෙහි යොදවන්න හැකියාවක් නැහැ.

ඒ අනුව පැහැදිලි වන්නේ සමස්ත මහා ලෝක ධාතුව තුළම මැදහත් චිත්ත ස්වභාවයක් (neutral mental state) ඇතිවන්නේ සහ ඇතිකරගත හැක්කේ මනුෂ්‍ය ලෝකයෙහි පමණක් බවයි. (හැම වෙලේමත් නොවෙයි). ඔබත් ඒ චිත්ත ස්වභාවය අත්දැක තිබෙනවා ඇතැයි මම සිතනවා. ඒ කියන්නෙ සමහර වෙලාවට අපේ සිතට දුකකුත් නැති, කරදරයකුත් නැති, කිසිම හැඟීමක් නැති අපූරු චිත්ත ස්වභාවයක් පහළ වෙනවා. මතක තියාගන්න, එය අත්දකින්නේ මනුෂ්‍යයෙක් ම පමණයි!

නිවන් මඟට දොරටුව එම චිත්ත ස්වභාවයයි. එවැනි හැඟීමක් දැනුණු විගස ඔබ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිත භාවනාවට යොමු කළ යුතුයි. එම හැඟීම දිගින් දිගටම පවත්වාගැනීමෙන් පමණයි ඔබට නිවන් මාර්ගයේ ගමන් කළ හැක්කේ. එබැවින් මනුෂ්‍යයාගේ අරමුණ විය යුත්තේ හැම වෙලේම දුකත් නොවිඳ, සැපක් දැනුණු විට එහි ම ජීවත් වන්නටත් උත්සාහ නොකර මධ්‍යස්ථ (indifferent) අවස්ථාවක සිත පවත්වාගැනීමටයි.

ඊට ඉඩක් තියෙන්නෙ ලෝක 31 අතරින් ම මනුෂ්‍ය ලෝකයේ පමණයි. එමනිසා සම්බුදු, අරහත් පුද්ගලයන් පහළ වන්නේත් මනුෂ්‍ය ලෝකයේ ම පමණයි.

මම හිතන්නෙ ඔබේ පැනයට පිළිතුර මෙතැන තිබෙනවා:-)

෴ .:GiniMakara :.෴ said...

තර්කාණුකූලව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා ප්‍රසංශනීයයි. කාලෝචිතව ඉතා වැදගත් ලිපි මාලාවක්. මම ඔබගේ ලිපි සියල්ල කියෙව්‍වා ඉදිරියටත් මෙවැනි වටිනා ලිපි බලාපොරොත්තු වෙනවා. දිගටම ලියන්න.

Anonymous said...

"යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ"

මේවා ඉතින් ඇත්තටම විශ්වයේ තියෙන ඒවාද?විද්‍යාව උගත් ඔබලා මේවා විශ්වාස කරනවාද?
මට නම් අවංකව පේන්නේ මේක හොද රසවත් සාහිත්‍යය ප්‍රබන්ධයක් කියල.හින්දු ආගම ව්ගේ ආගම් වලත් මෙවගේ රසවත් දේව/භූත/ප්‍රේත කතා තියෙනවා.බර සංස්කෘත වචන ටික අයින් කලාම ඉතිරි වෙන්නේ දිවිය ලෝකෙ-අපාය ගැන අර පරන කතන්දරේම තමයි.ඒක තව උප ස්ථර 31ටද කොහෙද බෙදල ටිකක් වර්න ගන්වලා තියෙනවා.
මෙහි පාලකයා (අවුරුදු දහස් ගනනාවක් දැන් ගතවෙලත්)තාම සුයාමද?:D හරියටම කොහොමද එක් දැනගත්තෙ?ඒ ලෝකයේ ජනාධිපතිවරනය තාම ඇවිත් නැහැ වගේ:)
මේ වගේ ජොලි කතන්දර ගැඹුරු දාර්ශනික විග්‍රහයන් ලෙස පිලිගන්න තරමට අපේ සමාජය ආගමික භක්තියෙන් අන්ධ වෙලා තියෙන ආකාරය හරිම හා හා හා හාස්‍යජනකයි
(දැන් ආගමික භක්තියෙන් පරල වෙලා මට පහර දෙන්න දෙනෝදාහක් එයිද දන්නෙ නැහැ.ඒත් අවංකවම හිතල බලන්න -බුද්ධිමත්ව- මේ කතන්දර විශ්වය පිලිබද විග්‍රහයකට වඩා විශ්වය ගැන සුරංගනා/දේව කතා ටිකක් නෙමෙයිද කියලා?)

සූස්ති ගුනේ said...

හලෝ බොස්,

මෙව්වා හොයා ගත්තෙ බොස් භාවනා කොරල රහත් වෙලා නෙවෙයිනේ?
කරුණාකරල මූලාශ්‍රය (source) දානවද. මේ වැරැද්ද මේ විදියටම කීප පාරක් බොස් කලා. වැඩේ කැතැයි.

Chamitha said...

@ ඇනො: ඔබ ඉදිරිපත් කරන මතය ඉතාම ළාමකයි. ඔබ නූතන තාරකා විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව හා විශ්ව න්‍යාය වේදය ගැන මොනවද දන්නෙ? මම නම් ඔය අංශයෙන් ජ්‍යාත්‍යන්තර ජයග්‍රහණ පවා ලබා තිබෙනවා. මම මෙහි සත්‍යතාව දකින්නෙ එවැනි පදනමක් මත සිටයි.

ඔබ දන්නවාද නූතන බටහිර විශ්ව න්‍යාය වේදයට පැහැදිලි කිරීමට නොහැකි ස්ථාන අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අඩුතරමින් මහා පිපිරුම් වාදයට අනුව මහා පිපිරුමෙන් අවුරුදු 380 000 කට පෙර කාලය පිළිබඳ පවතින අදහස තාමත් හුදු කල්පිතයක් විතරයි. ඒක කිසිම පරීක්ෂණාත්මක ක්‍රමවේදයකින් සත්‍යාපනය කරන්නට බැහැ. දැනට බොහෝ භෞතික විද්‍යාඥයන් පර්යේෂණයේ යෙදී සිටින TOE candidate එක වන String Theory එක කිසිම ආකාරයක පර්යේෂණයක් මගින් ඔප්පු කරන්න බැහැ. ඒව තනිකරම ගණිතමය ආකෘති සහ චිත්ත පර්යේෂණ (Thought Experiments) විතරයි. මූලික අංශු භෞතික විද්‍යාඥයන්ගෙන් 90% ක් පිළිගන්නවා අද පවතින Standard Model එකේ මොකක් හරි ලොකු අවුලක් තියනවා කියලා.

මේවා සුරංගනා කතා කියන ඔබ අඩුගානෙ Sephen Hawking ගෙ කෘතිය A Brief History of Time කෘතිය වත් කියවලා තියනවද කියල මං ප්‍රශ්න කරනවා.

(ඔබ අඩුගානෙ දන්නවාද කියන්නෙ කවුද කියලා? ) ඒකෙදි ඔහු ඉතා අපූරුවට නූතන විද්‍යාව විවේචනය කරනවා මෙන්න මේ විදියට. වරක් බර්ට්‍රන්ඩ් රසල් අජටාකාශ විද්‍යාව පිළිබඳ දේශනයක් කර කර හිටියාලු. ඔහුගෙ දේශනය අවසානයේ එක් මහලු කාන්තාවක් නැගිට කියනවාලු "ඉලන්දාරියා, ඔබ මෙතෙක් වෙලා කියපු ඔක්කොම අමූලික බොරු. ලෝකය තියෙන්නෙ සමතලා බිමක. ඒක පිහිටලා තියෙන්නෙ යෝධ ඉබ්බෙකුගෙ පිටේ!"

රසල්, හිනා වෙලා අහනවාලු "ඒ ඉබ්බා ඉන්නෙ කොහේද?"

කාන්තාව පිළිතුරු දෙනවාලු "ඉලන්දාරියා, ඔබ ඇහුවෙ බොහෝම කපටි ප්‍රශ්නයක්. ඒත් දන්නවාද, ඒ ඉබ්බා ඉන්නෙ තවත් යෝධ ඉබ්බෙකුගෙ පිටේ. ඔය විදියට අනන්තයටම යනකන් ඉන්නෙ ඉබ්බෝ!"

අන්තිමට Hawking අහනවා "එම කතාව හුදු විකාර කතාවක් ලෙස පෙනුණත් ඒ කාන්තාවට වඩා වැඩි දැනුමක් අපට ඇති බට අප හට අවංකවම පිළිගත හැකිද?" කියලා.

ඔන්න ඕකයි සහෝදරයා නූතන විද්‍යාව අද ඉන්නා තැන! විශ්ව න්‍යාය වේදය ගැන කියනවා නම් නූතන විද්‍යාව පිළිගන්න විශ්වයෙන් එපිටට ගිය සංකල්පයක් බෞද්ධ ධර්මයේ තිබෙනවා.

ඔබ බෞද්ධ විශ්ව න්‍යාය වේදය විවේචනය කරන්නට පෙර නූතන විශ්ව න්‍යාය වේදය අධ්‍යයනය කරලා එන්න! එතකොට අපිට පුලුවන් වෙයි හරවත් සාකච්ඡාවක් පටන්ගන්න. එහෙම නැතුව මක්ඛලීගෝසාල දෘෂ්ටියෙන් ලෝකය දෙස බැලුවාම සත්‍යය පෙනෙන්නෙ නැහැ. ඔබ දන්නවාද ඔබ වැනි පුද්ගලයො ක්‍රි.පූ. 6 වන සියවසේ ඉන්දියාවෙ පවා හිටියා.

අවසාන කරුණ. බුදුන් වහන්සේට ඉහත කරුණු සියල්ල දැක්කේ කෙනෙකුගේ දියුණුවට කිසිසේත් ප්‍රයෝජනවත් නොවන දේවල් ලෙස. ඇත්තටම කියනවා නම් පොළොව ඉර වටේ ගියත්, ඉර පොළොව වටේ ගියත් අපට මොකද? අපේ වැඩට ඒකෙන් බාධාවක් වෙනවැයි? හික්..... මම ඉහත සටහන ලිව්වෙ එහි අධ්‍යාපනික වැදගත්කම තකා. ඕකෙ හරය තියෙන්නෙ සුමේරු පර්වතයෙ වත්, එක් එක් පුද්ගලයන්ගෙ වයසෙ වත් නෙවෙයි. මානසික ස්තර 31ක් තියනවා කියන කතාවා තුළයි. ඔබ වැඩිදුර අධ්‍යයනය කළ යුත්තෙ ඔවුන්ගෙ මානසික ස්වභාවයන් පිළිබඳ කරුණු ගැන මිසක් එක් එක් අයගෙ වයස වත්, ජනාධිපතිවරණ (LMAO!) ගැන වත් නොවෙයි.

ඔබ ඔය කතා කියන්න ඉස්සෙල්ල අඩුගානෙ සතිපට්ඨාන භාවනාව ගැන වත් කියවලා තිබෙනවාද? එම භාවනාව විනාඩි 10ක් වැඩූ විට දැනෙන අතිශය නිස්කලංක මානසික ස්වභාවය මම පෞද්ගලිකව අත්දැක තිබෙන නිසා එය දීර්ඝකාලීනව වැඩීම තුළින් විශාල මානසික දියුණුවක් ලබා අවසානයේ අර කියන ඉහළ මානසික තත්ත්වයන්ට පත්වීම යථාර්ථය බව මම ප්‍රබලව විශ්වාස කරනවා. මම මේ කරුණු කියන්නෙ එවැනි පදනමක සිටයි. ඔබේ පදනම මොකද්ද? නූතන ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයද? හෙ හේ.....

Chamitha said...

@ සූස්ති ගුනේ: අපොයි ඔයා මේවා කවදාවත් අහලා නෑ වගේ නෙ කියන්නෙ? මගේ විවිධාකාරයි. සමහර දේවල් මම අසා දැනගෙන, මට මතක තිබ්බ දේවල්, සමහර කරුණු (පුද්ගල නම් එහෙම) මම අන්තර්ජාලයෙන් සොයාගත්තා. ඔබට අවශ්‍ය නම් Buddhist Cosmology කියල Google Search එකක් කරල බලන්න. ඒක වත් සිතාගන්න තරම් බුද්ධියක් නැති ඔබට මම අනුකම්පා කරනවා:-)

Anonymous said...

@ චමිත

නූතන විද්‍යාවේ ගැටලු සහගත තැන් තියෙනවා කියන එක ගැන විවාදයක් නැහැ.ගැටලු සමග හැපෙමින් ඒවා නිරාකරනය කරගනිමින් ඉදිරියට යන එක තමයි විද්‍යවේ ස්වරූපය.
හැබැයි නූතන විද්‍යාවේ ගැටලු සහගත නැත් තිබූ පමනින් ආගම් වලින් කෙරෙන විකාර සාමාන්‍යකරනයන් "සත්‍යය"වෙන්නෙ නැහැ.
නැවත ඔබෙම උපුටනයකට යොමු වෙමු.

ආභස්සර -- Second Jhana, highest degree (Abhassara) : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි

මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920ක් උඩ දැන් මෙහෙම එකක් තියෙනවාද?ඒකද ඔබ කියන්න යන්නෙ?
ඇත්ත කාරනය නම් ඕවා නොදියුනු අන්ධකාර යුගයක මිනිස් සිත් සතන් තුල මැවුනු මනංකල්පිත මනස්ගාත කියන එක.යොදුන් 80 000 ක් කීවම ඒ කාලේ මිනිස්සුන්ට ඒක මාර මැජික් එකක්.ඒව ගැන අහද්දි මිථ්‍යාමය වින්දනයක් එයාල ලැබුවා.ඒ කතන්දර අද මිනිස්සු "සත්‍යය" විදිහට පිලිගනිද්දි ඇත්තටම පුදුමත් හිතෙනවා.
මේවා බොරු ප්‍රබන්ධ බව වර්තමානයේ සනාථ වෙනවිට ඒක defend කරන්න වෙන වෙන අර්ථකතන ගේන අවස්ථා තියනවා.-ඔය "යොදුන්" කියන්නෙ දැන් තියෙන යොදුන් නෙමෙයි.වෙන ජාතියක්.ඔය ලෝක හැමෝටම පේන්නේ නැහැ ඒකට අධ්‍යාත්මිකව දියුනු වෙන්න ඕනෙ.--
දැන් මෙහෙම කීවම -අධිභෞතික කාරනයක් බවට මේක පත්කලාම සනාථ කිරීම සම්බන්ධ අභියෝගයෙන් ලිස්සලා යන්න පුලුවන්නෙ.
විවේක වෙලාවක් ලැබුනොත් ඔය වගේ විශ්ව න්‍යාය වේද දුසිමක් උනත් හදන්න බැරිකමක් නැහැ.
"මහාමේරු පර්වතය ගාව වෙනත් ලෝකයක් තියෙනවා.ඒකෙ රජතුමාගේ නම චමිත.එයාගෙ උස අඩි 62යි.එයාගේ බිසව සුමනා.පුත් කුමරා සිරිපාල.මේකෙ ආයුෂ කල්ප 300යි."
මේවගේ ඒවා ඔනෙතරම් හදන්න පුලුවන් නේද?
කවුරුහරි මේක සනාථ කරන්න කීවොත් මම දෙන උත්තරේ තමයි හැමෝගෙම ඇහැට මේ ලෝකෙ පේන්නෙ නැහැ.හැරත් නවීන විද්‍යාවේ අඩුපාඩු ගොඩයි.Hawking වගේ අය ඒ අඩුපාඩු පෙන්නලා දීල තියෙනවා.නූතන විද්‍යාවට මේ "සත්‍යය"ගෝචර වෙන්නෙ නැහැ.
එහෙම කියල ඕනෙ තරම් "සත්‍යයන්"අපිට නිර්මානය කරන්න පුලුවන්.මාර ජොලි නේද?
නවීන විද්‍යාවේ සීමාවන් පැවතීම රටේ නැති මිත්‍යාවන් සත්‍යෙක්ෂනය කිරීම සදහා තිබෙන ලැයිසන් එකක් නෙමෙයි.

පලි-මම ජාත්‍යන්තර තරග වලට ගිහිල්ලත් නැහැ,යන්න ආසාවකුත් නැහැ:D
ඔබ ඊලග ජාත්‍යන්තර තාරකා විද්‍යා තරගයට ගිහින් මතක් කරල යම ලෝකයයි ඒකෙ සුයාම ගෙනියන පාලනයයි ගැන thesis එකක් ඉදිරිපත් කරන්න.නවීන තාරකා විද්‍යාවේ පියා විදිහට ඔබට සම්මානයක් දෙන්නත් බැරිකමක් නැහැ එහෙම කලොත්:)තමන්ගෙ විවේචනය මේ වගේ ආතල් මිථ්‍යාවන් සමාජගත කිරීම සදහා වන බලපත්‍රයක් ලෙස යොදාගන්නා බව hawkin දන්නවනම් ඒ අහිංසක මනුස්සයාට හෘදයාබාදයක් හැදෙයි.

මහෞෂධ said...

@චමිත මල්ලි,

/// මෙ පහත දැක්වෙන එවා මහාචාර්යව‍්රය වන නලින් ද සිල්වා මහතාගේ අදහස් එවා කෙලින් ම මෙතනට අදාල වෙන් නිසා කියවලා බලන්න.

මෙ බටහිර විද්යාව යන මානසික රොගයට හසුවුන අයට මෙක තේරෙන්නේ නැ.. අපි ඒ අයට අනුකම්පා කල යුත්තේ, හොඩියේ ඉදන් බටහිර විද්යාව ඉගෙන ගන්න වෙන නිසා (අපේ කරුමෙට අපේම වැරද්ද නිසා) එතනින් එහාට ඔවුන් හිතන්න යන්නේ නෑ, දෙයක් නෑ ඔවුන්ට තියෙන මොලයත් නැති ක‍රනා නිසා..

ඔය කාලකන්නි කියන විදියට මේවා එකක්වත් අපිට බටහිර විද්යාවෙන් ඔප්පු ක‍්රන්න බැරි එකේම තියෙන ප‍්රික්ෂනාත්මක ක‍්රම්ය වැරදි නිසා.. ඉතින් එකට අපි පලි ද?

එත් ඉතින් අපේ ක‍රුමෙට, මහාචාර්යව‍රයත් අපිත් බැනුම්ම තමයි අහ්න්න වෙනෙනේ ඒකත් මෙ වගේ කාලකන්නි, නම්ක් ගමක් නැති, මන්ද බුද්ධිකයන්ගෙන්.. ඔවා ගනන ගන්නවත් උත්ත‍්ර දෙන එකවත් කිසිම තෙරුමත් නැ මගේ අදහසේ හැටියට...ඔන්න ඔහෙ කියලා ගියාවෙ කවදා හ‍්රි තේරේයි.

මහෞෂධ said...

/////////////////////////////

බූදුන් වහන්සේ ප්‍රත්‍යකෂ ගැන මිස වියූක්ත ප්‍රවාද ගැන එතරම් කතා නොකරන්නට ඇත්තේ ප්‍රත්‍යකෂ නිවැරැදි නිසා හා ප්‍රවාද නිවැරැදි නොවන නිසා විය නොහැකි ය. ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වෙයි. මනසේ නිර්මාණ ලෙස ගත් කල ඒ දෙකින් එකක්වත් ඊනියා යථාර්ථය බවට පත් නොවේ. එසේ නම්, බූදුන් වහන්සේ එකක් මඟහැර අනෙක දෑනූම ලෙස ගැනීමට දේශනා කරන්නට ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමට සිදු වෙයි. එයට ආංශික පිළිතුරක් කලින් දී ඇත. මෙහි දී එය තවත් වර්ධනය වෙයි. ප්‍රත්‍යකෂ ද අවසාන වශයෙන් ගත් කල මනසේ නිර්මාණ වූව ද, ඒ ඉන්ද්‍රිය ගෝචර වෙයි. එහෙත් වියූත්ත ප්‍රවාද ඉන්ද්‍රිය ගෝචර නොවෙයි. ගුරුත්වාකර්ෂණ කෙෂ්ත්‍රය දුටූ අයකු හෝ ස්පර්ශ කළ අයකු හෝ නැත. එහෙත් බොහෝ දෙනා සිතන්නේ ගුරුත්වාකර්ෂණය මිනිසා ගෙන් තොරව පවතින බව ය. ගුරුත්වාකර්ෂණය ද යනූ යම්කිසි පූද්ගලයෙකු ගේ, මෙහි දී නිව්ටන් පඩිවරයා ගේ නිර්මාණයක් වෙයි.

බටහිර රටවල ප්‍රපංචවේදය (phenomenology) නමින් දර්ශනයක් වෙයි. අද ඊනියා පශ්චාත්නූතනවාදීන් අතර මේ දර්ශනය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මේ සම්බන්ධයෙන් කිව යූතු වැදගත් ම කරුණක් වන්නේ ප්‍රපංචවේදීන් ප්‍රපංචය ප්‍රධාන කොට සලකන බව ය. ප්‍රපංචය, එලෙස ම, එනම් ප්‍රපංචය ලෙස ම ගැනීම විවිධාකාර ප්‍රපංචවේදීන් ගේ ප්‍රයත්නය වෙයි. ප්‍රපංචවේදීහූ අනූභූතිවාදය (empiricism) විවේචනය කරති. ඔවූන්ට අනූව ආනූභූතිකවාදීහූ ප්‍රපංචය, ප්‍රපංචය ලෙස නොගෙන එයට අර්ථකථන දෙති. අර්ථකථන දෙන්නේ මනසින් බව තේරුම් ගත් පසූ මෙයින් අදහස් වන්නේ මනසින් තොරව ඇති ප්‍රපංච ගැන කතා කිරීම බව පැහැදිලි වනූ ඇත. මනසින් තොරව ප්‍රපංච පවතින්නේ යැ යි ගැනීම කැමරාවකට ප්‍රපංච ඇතැ යි ගැනීම වැනි වූවකි. කැමරාව හා ප්‍රපංචවේදීන් අතර ඇති වෙනස නම් කැමරාව එලෙස ප්‍රපංච ඇතැ යි නොසිතීම ය. කැමරාවට සිතීමට නොහැකි වීම කෙතරම් භාග්‍යයක් ද?

මහෞෂධ said...

මෙරට සිටින ඇතැම් ඕල්කටි බෞද්ධයෝ බූදුන් වහන්සේ දෙසූ දහම අනූභූතිවාදයක් හෝ ඇතැම් විට ප්‍රපංචවේදයක් හෝ ලෙස සලකති. අනූභූතිවාදය හා ප්‍රපංචවේදය ග්‍රික යූදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි වූ දර්ශන වෙයි. මේ දර්ශන බිහි වන්නේ ම මූල් හේතුවක් ඇතැ යි යන පදනමේ සිට ය. මූලින් ම ඇත්තේ අනූභූතිය ද නැත්නම් ප්‍රපංචය ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වෙයි. ආනූභූතිකවාදීන්ට අනූව අනූභූතිය ප්‍රධාන වෙයි. එහෙත් ප්‍රපංචවේදීන් කියා සිටින්නේ ආනූභූතිකවාදීන් ගේ අනූභූතියට අනූව ප්‍රපංච, ප්‍රපංච ලෙස නොගෙනී ප්‍රපංචවලට අර්ථකථන සැපයෙන බව ය.

බූදුන් වහන්සේ අනූභූතිවාදියකුවත් ප්‍රපංචවාදියකුවත් නොවූහ. උන්වහන්සේට මූල හේතුවක් නොතිබූණි. උන්වහන්සේ දෙසූයේ මනස නමින් ගන්නා දේ ද ව්‍යාජ බවත්, මේ ව්‍යාජ මනස අව්‍යාජ ලෙස ගැනීම කාලය වැනි සංකල්ප එලෙස ඇතැ යි ගැනීමට සමාන බවත් ය. බූදුන් වහන්සේට අනූව ප්‍රපංච යනූවෙන් සංකල්පයක් තිබූණ ද ප්‍රත්‍යකෂ යන සංකල්පය වඩා ව්‍යවහාරයට ගැනිණි. ප්‍රත්‍යකෂ යන්නෙහි අත්විඳින බවක් ඇත. අත්විඳින්නේ මනස ආධාරයෙනි. මනසක් නැතිව අත්විඳිය හැක්කක් නැත. ඒ අරුතින් ද මනස ප්‍රධාන වෙයි.

දෑන් ප්‍රශ්නය වනූයේ ප්‍රත්‍යකෂය යන්න මූල හේතුවක් ද යන්න ය. එනම් බටහිර ආනූභූතිකවාදීන් හා ප්‍රපංචවාදීන් පිළිවෙළින් අනූභූතිය හා ප්‍රපංචය මූල හේතුව ලෙස ගන්නා ආකාරයෙන් ප්‍රත්‍යකෂය මූල හේතුවක් ද යන්න ය. එයට පැහැදිලි පිළිතුර එය එසේ නොවේ ය යන්න ය. ප්‍රත්‍යකෂය ඇති වීමට නාම රූප අවශ්‍ය වෙයි. එහෙත් නාම රූප මූල හේතුවක් නොවේ. නාම රූප හට ගන්නේ විඥානය හේතුවෙනි. විඥානයට සංකාරය අවශ්‍ය වෙයි. ඇතැම් තැනක නාම රූප පච්චයා විඥාන, විඥන පච්චයා නාම රූප යනූවෙන් ඒ එක එකක් අනෙක නිසා හට ගන්නා බව දෑක්වෙයි. සංකාර හට ගන්නේ අවිද්‍යාව නිසා ය. එහෙත් අවිද්‍යාව ද මූල හේතුවක් නොවේ.

මේ සියල්ල පැහැදිලි කෙරෙන තැන පටිච්ච සමූප්පාදය වෙයි. පටිච්ච සමූප්පාදයෙන් විස්තර වන්නේ මනස පිළිබඳ කතාවකි. මා දකින අයූරින් නම් පටිච්ච සමූප්පාදයෙහි කියැවෙන්නේ නැති මනස ඇති මනසක් බවට පත් කර ගැනෙන්නේ කෙසේ ද යන්න ය. මූළු පටිච්ච සමූප්පාදය ම චක්‍රිය චින්තනය මත පදනම් වෙයි. එහි එක එකක් අනෙකක් ඇති විට ඇති බවත්, නැති විට නැති බවත් කියැවෙයි. එහි මූල හේතුවක් නොවේ. පටිච්ච සමූප්පාදය සම්ප්‍රදායික ව අවිද්‍යාවෙන් පටන්ගත්ත ද, වෙනත් ඕනෑ ම තැනකින් ද පටන්ගත හැකි ය. අවිද්‍යාව යනූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අනාවබෝධය ය. ඒ අනාවබෝධ වන්නේ මනසක් ඇතැ යි ගන්නා බැවිනි. මනසක් ඇතැ යි ගන්නේ ද මනස ම ය. මෙය පටලැවිල්ලක් ලෙස සිතෙන්නේ මූල හේතුවක් ඇති ව සිතීමට අප පූරුදු කෙරී ඇති බැවිනි. මූල හේතු නැති ව සිතන්නට පටන් ගත් කල මෙහි කිසිම පටලැවිල්ලක් නොවේ.

ප්‍රත්‍යකෂය ඇති වන්නේ මනස නිසා ය. මනසක් නැත්නම් ප්‍රත්‍යකෂයක් නැත. කැමරාවට ප්‍රත්‍යකෂයක් නැත්තේ එබැවිනි. එහෙත් මනස ඇති වන්නේ කිනම් දෙයක් හෝ කරුණක් හෝ නිසා දෑ යි විමසූවොත් එයට පිළිතුරක් ලෙස මනස ඇති වන්නේ ප්‍රත්‍යකෂ එලෙස ප්‍රත්‍යකෂ කිරීම නිසා යැ යි කිව හැකි ය. මූල හේතුවක් ඇතැ යි පිළිගනිමින් මෙය හතර බිරී කතාවක් ලෙස සිතන්නන් ගෙන් ඇසිය යූත්තේ එක ම එක ප්‍රශ්නයක් පමණකි. එනම්, මූල හේතුවෙහි හේතුව කුමක් ද යන්න ය. මූල හේතුව කිසිම හේතුවක් නැති ව ඇති වීම තේරුම් ගන්නේ කෙසේ ද? ප්‍රපංචය මූල හේතුව ලෙස සලකා එතැනින් පටන් ගන්නා අය ගෙන් ප්‍රපංචය ඇති වන්නේ කෙසේ දෑ යි ඇසිය හැකි ය.

මූල හේතුව යෙහෝවා දෙවියන් වහන්සේ ගැන කතා කරන යූදෙව් චින්තනයේත්, ස්වසිද්ධිවලින් (axioms) පටන් ගන්නා ග්‍රීක චින්තනයේත් මිශ්‍රණයෙන් ඇති වූ චින්තනයක් මත පදනම් වෙයි. අප දෙවියන් වහන්සේ මෙන් ම ස්වසිද්ධි ද විශ්වාස කළ යූතු ය. ස්වසිද්ධිවලට ඇතැම් විට බටහිර ගණිතයෙහි ප්‍රත්‍යකෂ යන පදය ද භාවිත වෙයි. එසේ වන්නේ පාරිභාෂික ශබ්දමාලාවෙහි, ඇක්සියම් (~axiom) යන්නට ස්වසිද්ධිය හා ප්‍රත්‍යකෂය යන වචන දෙක ම සඳහන් වී ඇති බැවිනි. මේ ප්‍රත්‍යකෂය හා බූදුන් වහන්සේ දෙසන ප්‍රත්‍යකෂය යනූ දෙකක් මිස එකක් නොවන බව අවධාරණය කළ යූතු ය. මේ පටලැවිල්ල නිසා ඇක්සියම් යන්නට ප්‍රත්‍යකෂය යන්නට වඩා ස්වසිද්ධිය යන්න උචිත යැ යි සිතමි.

මහෞෂධ said...

අප මේ ගැන සැලකිලිමත් විය යූත්තේ අපේ ප්‍රවාද ගොඩනැගීමේ දී අප හැකිතාක් නිරවූල් විය යූතු බැවිනි. අපේ සම්ප්‍රදාය කුමක් ද, අපේ චින්තනය කුමක් ද ආදිය ගැන නොදෑන අපට අපේ ප්‍රවාද ගොඩනැගිය හැකි නොවේ. ප්‍රත්‍යකෂය යන වචනය අප තේරුම් ගත යූත්තේ එය අපේ සම්ප්‍රදායෙහි යෙදී ඇති ආකාරයට මිස පාරිභාෂික ශබ්ද මාලා ඔස්සේ නොවේ.

අප සැලකිලිමත් විය යූත්තේ මනසක් නැති ව, මනසකින් පරිබාහිරව අනූභූතියටත් ඔබ්බෙන් ඇතැ යි කියන ඊනියා ප්‍රපංච ගැන නොව, මනස ආධාරයෙන් කෙරෙන ප්‍රත්‍යකෂ ගැන ය. වේදනාවන් ගැන ය. සංඥා ගැන ය. අප තේරුම් ගත යූතු කරුණ නම් ප්‍රත්‍යකෂයක් සංකල්පයක් නොමැති ව ඇති නොවන බව ය. අපට මලක සූවඳ දෑනෙන්නේ යැ යි සිතමූ. එය හූදෙක් මනසින් තොරව ඇති වන්නක් නොවේ. මලෙහි සූවඳ ගැන අපට හැඟිමක් ඇත. ඒ හැඟිම වචනයෙන් කිව යූතු සංකල්පයක් යැ යි මම නොකියමි. වචනයක් නැති වූව ද සූවඳ පිළිබඳ සංකල්පයක් අපේ මනසෙහි වෙයි. එසේ නොවන්නට නාසය ඔස්සේ යම් සූවඳකට අදාළ දේ කෙතරම් ගිය ද අපට කිසිවක කිසිම සූවඳක් නොදෑනෙනූ ඇත.

සූස්ති ගුනේ said...

අනේ බුදු සෑර්,

අර "නිහතමානී" කමෙන්ට් එකට බොහොම ස්තුතියි, බොස්. මං මේ නොදන්න නිසා අහන්නේ... අර යොදුන් ගානක් උඩින් තියෙන "මානසික ස්තර" (ලෝක?) දෙබෑ කරං ජෙට් එකක් ගියොතින් හැබෑට මල කෙලියයි නේ?? NORAD එකට දන්නමුද??

Chamitha said...

@ Anonymous : ඔබ අදහස් ඉදිරිපත් කරන ආකාරයේ යම් වැදගත්කමක් මට පේනවා. ඒ කොහොමද කියනවා නම් මීට ටික කාලයකට පෙර මමත් සිතා සිටියේ ඔය කියන ආකාරයටම තමයි! නමුත් මගේ වෙනසට හේතු වුණේ කියවීම. මිනිසා සම්පූර්ණ වන්නේ කියවන විටයි. මට පෙනෙන ආකාරයට ඔබ නූතන විශ්ව න්‍යායවේදය වත් බුදුදහම වත් හරියට කියවා නැහැ. අඩුතරමින් ඔබ මේ ලිපිය වත් අවබෝධයෙන් නොකියවීම හරහා ඔබේ කියවීමේ නිපුණතාවය මනාව පැහැදිලි වෙනවා.

මට ඔබ කියන කතා වලට පැහැදිලි සහ ඍජු පිළිතුරු තිබෙනවා. මම එය මා දන්නා තරමින් පැහැදිලි කරන්නම්. නමුත් ඒවාට හරිම පිළිතුරු සොයාගත හැක්කේ පොත් කියවීමෙන් පමණක් ය කියන එක මම නැවතත් ඔබට මතක් කරනවා.

මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920ක් උඩ දැන් මෙහෙම එකක් [ආභස්සර බ්‍රහ්ම ලෝකය] තියෙනවාද?ඒකද ඔබ කියන්න යන්නෙ?
ඔව් තිබෙනවා!
එය සිදුවන ආකාරය පැහැදිලි කරන්න මට පුලුවන්. දේවවාදී ආගම් වල කියන්නෙ "මෙහෙම දෙයක් තිබෙනවා, මෙහෙම දිව්‍යලෝකයක් තියනවා" කියන එක පමණයි. නමුත් බුදුදහමෙ පමණක් යමක් තිබෙනවා කිවහොත් එය ඇතිවෙන්නෙ කොහොමද කියන එක ඉතා විද්‍යාත්මකව පැහැදිලි කර තිබෙනවා. බුදු දහමෙ තිබෙන විශේෂත්වය ඒකයි.

ඔබ මා කලින් ඇසූ පැනයට පිළිතුරක් දී තිබෙනවාද? ඔබ ජීවිතයේ කෙදිනක හෝ අඩු තරමින් විනාඩි 10ක් වත් සතිපට්ඨාන භාවනාව වඩා තිබෙනවාද? එය හරියට කර අත්දැකීම් තිබෙන කෙනෙක් කිසිම දිනෙක අධ්‍යාත්මික දියුණුව ලැබීම කියන කාරණය ඔය වගේ හාස්‍යයට ලක් කරන්නේ නෑ. මන්ද ඉන් ප්‍රතිඵල ලැබෙන්නට ගතවන්නේ විනාඩි 10 කටත් අඩු කාලයක්! අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි....!!

මා ද කෙටි කාලයකට හෝ එය වඩා තිබෙන නිසා ඉන් ඇතිවන මානසික සුවය ගැන මා හොඳිම දන්නවා. නමුත් එය නොදන්නා ඔබට මට කරුණු කීමට සිදුවීම අලියා දැක නැති කෙනෙකුට අලියා ගැන කීමට සිදුවීම වගේ.... (lol)

ඔබටත් එය අත්දකින්න ඕනෙ නම් රේරුකානේ චන්දවිමල හිමියන්ගෙ "සතිපට්ඨාන භාවනා ක්‍රමය" කියන පොත අරන් කියවා, විනාඩි 10 (වැඩිය එපා!) භාවනා කරලා බලන්න! ඔබේ සිත එන්න එන්නම සැහැල්ලු වීගෙන, සියුම් වීගෙන එන හැටි ඉතා මනරම් විදියට ඔබට දකින්න පුලුවන්. ඔබට එය තවදුරටත් කළ හැකි නම් එමගින් සිත සියුම් වෙමින් සියුම් වෙමින් යන හැටි ඉතා හොඳට අත්දකින්න පුලුවන්. මේ දේවල් අපේ රටේ බොහෝ දෙනා දන්නේ නැහැ. නමුත් බටහිර රටවල් වල අය අපට වඩා මේ දේවල් හොය හොයා ඉගෙනගන්න කැමැත්තක් දක්වනවා.

ඔබ මරණයට පත්වන මොහොතෙදිත් ඔබේ සිත සියුම්ව, පැහැදිලිව පවත්වාගන්න පුලුවන් නම් මරණින් අනතුරුව ඔබ ඉපදෙන්නේ සිත පමණක් නොවෙයි කයත් සියුම් ලෝකයක! ඔබ එය හාස්‍යයට ලක් කරන්නෙ ඒ කිසිම දෙයක් නොදැනයි.

කය සියුම් වීම නිසා අනෙක් ලෝක වල වැසියන්ට එම ලෝකය පෙනෙන්නෙ නැහැ. යොදුන් 81 920ක් උඩ තියන ලෝකය අපට පෙනෙන්නෙ නැත්තෙ ඒකයි. එහි පුද්ගලයෙක් මෙම මනුෂ්‍ය ලෝකයට ආවත් පෙනෙන්නෙ නැහැ මන්ද ඔහුගෙ කය සියුම්. මම ඔබට ඒක මෙසේ පැහැදිලි කරන්නම්. ඔබ පරිගණක තිරය දෙස බලා සිටිනවා. ඔබට එය පේන්නෙ ඇයි? ආලෝක කිරණ (විද්‍යුත් චුම්බක තරංග) පරිගණක තිරය නිර්මාණය වී තිබෙන අංශු වල වැදී පරාවර්තනය වී ඔබේ ඇසට පැමිණීම නිසා.

නමුත් එසේ විද්‍යුත් චුම්බක තරංගයක් පරාවර්තන වීමට නම් එය වදින අංශුවෙහි ඝනකම තරංගයේ තරංග ආයාමය මෙන් 10 ගුණයකට වැඩි විය යුතුයි. 10 ගුණයට අඩු නම් එම තරංගය රේලේ ප්‍රකිරණය (Rayleigh Scattering) ට භාජනය වෙනවා. ඝනකම, තරංගයේ තරංග ආයාමය මෙන් 1/10ට අඩු නම් එම අංශුව නොතිබ්බා සේ තරංගය එය හරහා යනවා. ඔබේ ඇසට එම කිරණ නොපැමිණෙන නිසා ඔබට එතැන වස්තුවක් තිබෙනවා දැයි පෙනෙන්නේ නැහැ. අභස්සර ආදී ලෝක වල වැසියන් අපට දැකිය නොහැක්කේ ඒක නිසයි. හේතුව ඔවුන්ගේ ශරීර සියුම්. සියුම් යන්නෙහි අදහස ඔවුන්ගේ ශරීර නිර්මාණය වී ඇති අංශු වල ඝනකම විද්‍යුත් චුම්බක විකිරණයක් පරාවර්තනය කළහැකි අවම ඝනකමට වඩා අඩුයි.

ඕකෙ විද්‍යාත්මක පැත්ත ඔහොමයි.

ඔබ කරුණු කාරණා නොදැන තර්ක කරන්නට එන්න එපා. ඔබ බෞද්ධ ධර්මයේ අල්ලාගෙන ඉන්න පොට වැරදියි. ඔබ පළමුව කළ යුත්තේ චතුරාර්ය සත්‍යය හා භාවනාව කැන කරුණු කියැවීමයි. එය කියවා මෙම පැත්තට එන එකයි කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ ද මෙම විශ්ව කරුණු කීවේ අවසානයටයි. හේතුව, කෙනෙකුට මූලික කරුණ වන අධ්‍යාත්මික දියුණුව ලැබීමේ මඟ පිළිබඳ අවබෝධයකින් තොරව විශ්ව ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් ගන්නට බැහැ. මන්ද මේවා අපේ ඇසට නොපෙනෙන දේවල්. මේවා ගෝචර වෙන්නෙ ඔබේ සිතට මිසක් ඇසට නොවෙයි.

දැන් වෙලා තියෙන්නෙ ඔබේ ඇසට පේන්නෙ නැති නිසා ඔබ හිතන් ඉන්නව මෙවැනි දේවල් නැහැ කියලා. එතකොට අර මහලු කාන්තාව කිව්වෙ ඉබ්බෙක් මත ලෝකය තියනවා කියල. ඒකත ඇසට පේන්නෙ නැති නිසා නේ? එතකොට ඔබත්, ඒ මහලු කාන්තවත් අතර තියන වෙනස මොකද්ද?

මහෞෂධ said...

@chamitha

"නමුත් එසේ විද්‍යුත් චුම්බක තරංගයක් පරාවර්තන වීමට නම් එය වදින අංශුවෙහි ඝනකම තරංගයේ තරංග ආයාමය මෙන් 10 ගුණයකට වැඩි විය යුතුයි. 10 ගුණයට අඩු නම් එම තරංගය රේලේ ප්‍රකිරණය (Rayleigh Scattering) ට භාජනය වෙනවා. ඝනකම, තරංගයේ තරංග ආයාමය මෙන් 1/10ට අඩු නම් එම අංශුව නොතිබ්බා සේ තරංගය එය හරහා යනවා. ඔබේ ඇසට එම කිරණ නොපැමිණෙන නිසා ඔබට එතැන වස්තුවක් තිබෙනවා දැයි පෙනෙන්නේ නැහැ. අභස්සර ආදී ලෝක වල වැසියන් අපට දැකිය නොහැක්කේ ඒක නිසයි. හේතුව ඔවුන්ගේ ශරීර සියුම්. සියුම් යන්නෙහි අදහස ඔවුන්ගේ ශරීර නිර්මාණය වී ඇති අංශු වල ඝනකම විද්‍යුත් චුම්බක විකිරණයක් පරාවර්තනය කළහැකි අවම ඝනකමට වඩා අඩුයි."

ඔයා යන පොට වැරදියි.. මෙකත් මනස විසින්ම නිර්මානය ක‍රගන්න ගත්ත දෙයක් ... මෙහෙම දෙයක් නැ..

කොහෙත්ම මෙවා බටහිර විද්යාවෙන් පැහැදිලි කල නොහැකියි, ඔයා කියනවා, තරංග ආයාමය අඩු නිසා මෙක වෙනවා කියලා එත් මතක තියා ගන්න එක බටහිර විද්යාවටත් නිකම්ම නිකම් මතයක් විත‍්රයි..එකෙන් ඔක ඔප්පු වෙන්නේ නැහැ...

අපිට මෙ වගෙ අයට කියන්න පුලුවන් එකම දේ, මෙච්ච‍්රයි..

අපි පිලිගන්නව බටහිර විද්යාව හ‍්රි කියලා එහෙනම් මෙ කියන එවා වැරදි බව, ඒ විද්යාව මගින්ම පෙන්වන්න.. මෙකත් ක‍්රන්න බැ, ඔවුන් කියන්නේ මෙව විය නොහැකිය කියලා එත් කුමන පදනමකින්ද ? කියන්න බැ..

එක නිසා බටහිර විද්යාවෙන් මෙවා ඔප්පු කිරිමත්, බටහිර විද්යාවෙන් මෙක වැරදි බව කිමත්, පෙරදිග විද්යාවෙන් මෙක ඔප්පු කිරිමත්, ව‍්රදි බ්ව කීමත ඔක්කොම වැරද්යි මෙව ඔක්කොම ස්වයං නැත්නම තමාම අවබොධ ක‍්රගත් යුතුයි (ප්‍රත්‍යකෂය කිව්වෙ එකයි)

මම දැක්කා (මම ඉන්නේ බටහිර රටක නිසා මට මෙවට ස්ම්පුර්ණ් නිව්ස් එන්නේ නැහැ) ඊයෙ පෙරෙදා නලින් ද සිල්ව කියනවා ත‍රංග වාදය වැරදියි කියලා ඔප්පු ක‍්රනවා කියලා, එහෙම වුනොත් ඔයා කියන ඔක හ‍රිනම් බුද්ධාගම වැරදියි නේ,එක නිසා ඔය මොඩ වැඩේ ක‍්රන්න එපා,

බටහිර විද්යාවෙ පදනම වන ඇරිස්ටොටල්ගේ තර්කනයම වැර්දියි ඉතින් කොහෙද වැඩක් ක‍රන්නේ

සූස්ති ගුනේ said...

හුටා බොස්!
ඒ පාර නලියගෙ බට්ටා සෑර්ගෙ කොස්මොලොජියට කෙලවන්නයි යන්නේ. හිහ් හිහ්..මරු නේ අර flying spaghetti moster , celestial tea pot ,GOD (මැවුම්කාර දෙවියන්වහන්සේ) වගේ ආභස්සර බ්‍රහ්මලෝකෙත් නැහැයි කියල ඔප්පු කොරන්න බැහැනේ?? හිහ් හිහ්.. මලකෙලියයි සෑර්. ඔය කියනේ තර්කෙ විදියට මැවුම්කාර් දෙවියොත් ඉන්න පුලුවං නේ හික් හික්...

සූස්ති ගුනේ said...

ඔය බටහිර රටවල ඉන්න මහ-අවුසද හාමිලා තමා බොස් අපට දේශීය ප්‍රවාද හදන්න උගන්නන්නේ..මරු නේ? උන් එහෙට වෙලා මෙහෙට ප්‍රවාද හදනව අපි ගැන සත්ව කරුනාවෙන්.. අනේ ෂෝක්..

දැන් මොකෑ කොරන්නෙ බොස්? සෑර්ගේ තියරියට කෙලියා.. ඔවර් ද බවුන්ඩ්‍රි ..හිහ් හිහ් විද්යාවයි බුද්දාගමයි පටලං ..මලකෙලියයි..සෑර් නරකද අර---- ගේ කියවල අලුත් තියරියක් පටන් ගත්ත නං...එලිගන්ට් යුනිවර්ස් එහෙම කියවල එමුකො..ස්ට්‍රින්ග් තියරියෙන් උනත් දෙන්න බැරියැ..හිහ්..

Chamitha said...

මහෞෂධ : ඔබ කලින් සටහන් කරපු නලීන් ද සිල්වා මහත්තයගෙ ලිපිය මම හොඳට කියෙව්වා. අති විශිෂ්ටයි! ඒත් මගේ දැනුම නම් තාමත් ඒ ගණනට මුහුකුරා ගිහින් නැහැ නොවැ:-) මම තාම බටහිර විද්‍යාව හදාරන කෙනෙක්. මම කළේ ඒ තුලින් මා දන්නා දෙය පැහැදිලි කිරීමක්. අප ඉගෙනගන්නා බටහිර විද්‍යාවත් ඉතාම අවිනිශ්චිත පදනමක් මත පිහිටා තිබෙන්නේ. අඩුතරමින් නූතන විද්‍යාවට විශ්වය ගැන වත් හරියට මතයක් නැහැ නේ? Big Bang Theory එකත් තියෙන්නේ කොයි වෙලාවෙ බිඳවැටෙයිද කියන්න බැරි තැනක.

නමුත් අපට නූතන විද්‍යාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැක්කේ එමගින් මානව බුද්ධිය වැඩිදියුණු කරන්නට උදව් කරන නිසා නේ? අඩු තරමින් නලින් ද සිල්වා මහතා පවා ගණිතය පිළිබඳ මහාචාර්ය වරයෙක් නේ? අනිවාර්යයෙන්ම ඔවුන්ගෙ බුද්ධිය ඉස්මතු වෙන්න උදව් වුණේ බටහිර විද්‍යාවෙ තියන, යමක් කිව් පමණින් පිළිනොගෙන, සිටා මතා පරීක්ෂා කර තීරණ ගැනීමේ සංකල්පය නිසා. ඒත් අපි මේ වගේ ගැඹුරු කරුණු ගැන මත ඉදිරිපත් කරන්න යනකොට, ඒවා යම් යම් අවස්ථා වල ප්‍රතිවිරුද්ධ වන අවස්ථාවක් දැක්කම සූත්ති ගුණේ වගේ අමනයන්ට රජ මඟුල්. උන් කියවල තියන පොතකුත් නෑ, හිතන්න තරම් මොළයකුත් නෑ, ඉතින් අපි ඕකුන්ට මොනව කරන්නද? හැමදාම අපහාස කර කර ඉන්න විතරයි දන්නෙ.

සූත්ති ගුණේ, ඔබට අපේ අනුකම්පාව ;-)

Anonymous said...

නුඹෙ දැනුම විසිරුවාලීමෙ පින්කමම නිවන් මගට හෙතු වෙවා...

සූස්ති ගුනේ said...

සෑර් මේ නිකං අහන්නේ.. ඉතිං බටහිර විද්යාව ඔච්චර කචල් නං අහවල් එකටද ඒක ඉගෙන ගන්නේ.. බවුද්ද දර්සනය හරි..ඒවගෙ මොකක් හරි කොරන්න පුලුවං නේ? ඔව් ඉතිං අපි නං නුගත් මිනිස්සු.. ඔය shroodinger ගේ CATs ලා ගැන හරි brian green ගේ elegent Universe ගැන , Fritjof capra ගේ Turning point , එහෙමත් නැත්නන් Garry Zukov ගේ Dancing Wu li Masters හරි.. බැරි බැරි ගාතෙ හරි කියවන්න ඉංගිරිසි දැනුමක් වත් තියෙන එක්කයැ සෑර්.. හික්.හික්..

මහෞෂධ said...

@chamitha,

"සියලු විද්යාවන්ට පර්යන්තයක් (ultimate) පවතියි. "

ඔව් ලොකයේ පැවතිය හැක්කේ එකම් සත්යක් පමනි, එය මොන විද්යාවෙන් සොයාගත්තද, එකක්ම විය යුතුයි. එහෙත් මම වගකිමකින් යුතුව කියනවා බටහිර විද්යාවෙන් නම් එය කිසිදා සොයගත නොහැක.

සරල පශ්නයක් ගෙන බ්ලමු, ලොකේ හැමදෙයක්ම වෙන්නේ කොහොමද ?...

බටහිර විද්යවට මිට පිලිතුරු නැත. එත් අපි දන්නව ලොකෙ හැම දෙයක්ම වෙන්නේ හේතුපල වාදයට අනුව කියලා, එහෙත් එය, කිසිදා බටහිර විද්වව පිලි නොගනි. මොකද එම රාමුව තුල එය ඔප්පු කල යුතු නිසාය.

උදාහරන්යක් ලෙස අනන්ත්වත් දිය හැකිය.

ග්ර්හලොක සොයා ගත්තේ, කෙප්ලර්, ගැලිලියො කිය කිවාට අවරුදු 3000 B.C. පුරාන මිස්ර ජාතිකයො දැන සිටියා මෙව ගැන, ඔබ කිවවට විශ්වාස නොකලට, ඔබෙ ඔය හදහනේ නැකැත සාදා තියෙන්නේ අගහරු සහ බ්ර්භස්පති, අත්ර පිහිටි ග්රක වලල්ලට් චන්ද්රයා පිහිටිම ගන්නය කිරිමේන්.

එත් බටහිර විද්යාවට, ග්රහලොක සොයා ගත්තේ, මිස්ර ජාතිකයො නොවෙ, ඔවුන් එය බටහිර විද්යව නැමති රාමුව තුල ඔප්පු කොට නැති බැවිනි, එසේ නොවුනා කියා එවා වැරදි විය නොහැක, එත් එම රාමුව තුල වැරදිය.

දැන් ප‍්රශ්නේ වෙන්නේ, මෙ සුස්ති ගුනේ වැනි අය දන්නේ බටහිර විද්යාව පමනක්ම නිසා ඔවුන් විශ්වාස ක‍රන්නේ ග‍්රහලොක සොයා ගත්තේ ගැලිලියො කියාය.. මොකද ? ඉතින් ඔය මිස‍්ර ජාතියකයන්ට අඩුගානේ, උත්තල කාචයක්වත් තිබුනද ? නැනේ ඉන්ද‍්රිය ගොච‍රවන්නේ එවා විත‍රක් ඔවුන් විශ්වාස ක‍රන නිසාය. එකනිසාය රොකට එකක් යැව්වොත් වෙන්නේ මොකද කියලා අහන්නේ..අපි ඔවාට උත්ත‍ර දිය යුතු යැයි මම නොසිතමි.

බුදු දහමේ එන බොහොමයක් ද මෙසෙමය ඔප්පු කල නොහැක...

එ සදහා විකල්පය මුලු බටහිර විද්යාවම අලුතෙන් ලිවිමය.. මෙය දැනටත් කරයි,, ක්වොන්ටම් භොතික විද්යාව, අධිමානසික විද්යාව ...

ඔබ කියයි ක්වදා හරි ඔප්පු කර්යි නෙද කියලා,

බුදුන් වහන්සේ කිය සිටියේ "කර්ම පලවාදය" අචින්ත්ය කියාය. කර්මය ස්ත්ය බව අපි දනිමු, එහෙත් බටහිර විද්යාවෙන් එය කිසිදාක ඔප්පු කල නොහක. ...

ඇයි ?

"සිතන්න බැරි දෙයක් ගැන" ප්රමෙය සාදනය ක්රන්නවත්, ප්රික්ශන ක්රන්නවත් බැරි නිසාය.

එමනිසා ඔවුන්ටත්, සුස්ති ගුනේ වැනි අයටත් මෙවා පට්ටපල් බොරුය.. අපි ඔවුන්ට මෙත‍්රිය ක‍රමු.

අවසාන වශයෙන් අපි තේරුම් ගත යුත්තේ "දැනුම ද මනස ද මනසේම නිර්මාණයක්ම පමණික් බවය".

Chamitha said...

@ සූස්ති ගුනේ:අපි බටහිර විද්‍යාව ඉගෙනගන්නෙ රස්සාවක් හොයාගන්න. රස්සාවක් හොයාගන්නෙ මොකටද? සල්ලි ටිකක් හොයාගන්න. සල්ලි ටිකක් හොයාගන්නෙ මොකටද? සල්ලි නැතුව අද ලෝකයේ ජීවත් වෙන්න බැරි නිසා. ලෝකයේ කොහොමද මේ වගේ අර්ථක්‍රමයක් නිර්මාණය වුණේ කියන එක වෙනම දිග කතාවක්. නමුත් කොහොමින් කොහොම හරි දැන් සමාජය එහෙමයි. දැන් ඔබ අහයි මෙවන් තත්ත්වයක් තුළ අහවල් මගුලකට ද ඉහත කියන කරුණු කියලා. අපි hobby එකක් විදිහට ඒ කරුණු හොයා බලන්නෙ එහි සැඟවුණු වැදගත්කමක් අපි දකින නිසා. එහෙම නැතුව ඒකම බදාගෙන කරන්න අපට නූතන ජීවන රටාව ඉඩ සළසා නැහැ.
මෙතන කතාකරන කවුරුත් භික්ෂූන්වහන්සේලා නෙවෙයි නොවැ?

ඔබ නූගත් මිනිසෙකැයි මා කිව්වෙ නැහැ. මම කියන්නෙ එකම චින්තන රටාවකට කොටු වෙලා ඒ තුළ ඉඳන් අනිත් දෘෂ්ටියක් දැක්ක විට එය වැරදියි කීම තකතිරුකමක්. මම කලින් ඇනො ටත් කිව්වෙ ඕකමයි. ඔබලට මේකෙ හිනා යන කරුණු වෙන්නෙ අසවල් දෙවියන්ගෙ උස, අසවල් ලෝක පිහිටා ඇති උස යන කරුණු බව මම දන්නවා. ඔබට පමණක් නොවෙයි මටත් ඒවා ගැටලු! නමුත් අසවල් දෙවියා අසවල් උස වුණා කියලා මට අල ද? ;-)

ඔබ තවමත් ඉහත සමස්ත සටහන පිටුපස තිබෙන වැදගත් ම ponit එක ග්‍රහණය කරගෙන නෑ. නමුත් මට එය ග්‍රහණය වෙලා තියනවා. ඒකයි මම පිස්සුවක් කියා පෙනෙන මෙහෙම දෙයක් ලිව්වේ...

ඒ එක තමයි එක් එක් ජීවන ස්තරයන්හි මානසික ස්වභාවයන්! හොඳින් කියවා බලන්න පහළම ස්තරයේ සිට ඉහළම ස්තරය දක්වා එක් එක් පුද්ගල වර්ගයාගේ මානසික මට්ටම වෙනස් වන අන්දම. ඔවුන්ගෙ උස නෙවේ ඔබ කල්පනා කළ යුත්තේ ඕකයි. ඊළඟට කල්පනා කර බලන්න ඒවාට පත්වන ආකාර. රූප ධ්‍යාන හතරෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට පත්වෙන අන්දමත්, අරූප ධ්‍යාන හතරෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට පත්වන අන්දමත් තමයි ඒ. මීළඟට කල්පනා කරන්න ධ්‍යාන යනු මොනවාද කියා. ඒ සඳහා ඔබ වැඩිදුරටත් කියවිය යුතුයි. ඔබට ඒ සඳහා ඕනෑතරම් මූලාශ්‍ර තිබෙනවා.

මේ තිබෙන්නේ ඒ සඳහා උදාහරණ කිහිපයක්;
*http://www.accesstoinsight.org/lib/authors/gunaratana/wheel351.html
*http://en.wikipedia.org/wiki/Jh%C4%81na
*http://www.budsas.org/ebud/ebmed058.htm

අවසානයට සොයාබලන්න ධ්‍යාන ලබන ආකාරය, එනම් භාවනාව ගැන. එය කල්පනා කර බලන්න, තදින්! එවිට ඔබට තේරෙයි මේ කියන කරුණු විහිළුවට, නැතිනම් කට කහනවාට නොකියන බව. එහෙම නැතුව මේක උඩින් පල්ලෙන් කියවලා යොදුන් 80000ක් උඩ තියන බ්‍රහ්ම ලෝකයක් ගැන වත් අඩි 1000ක් උස දෙයියෙක් ගැන වත් දැකලා මේ සියල්ල සුරංගනා කතාවක් යැයි සිතෙන් මවාගත්තොත් මිථ්‍යාවෙ තවදුරටත් ගිලෙන්නෙ ඔබ ම මිසක් මම නොවෙයි;-)

ඔබ කරුණු විමසා බැලිය යුතු ආකාරය ඕකයි සූත්ති;-) නැතුව ඔබ "මානසික ස්තර" (ලෝක?) දෙබෑ කරං ජෙට් එකක් ගියොතින් වෙන දේ කියන්න ගියාම සැබෑවටම මේ කරුණු අධ්‍යයනය කළ සහ කරමින් සිටින උදවියට සිනා පහළ වෙනවා.....

සක්වලයා said...

සමහරවිය මෙහෙම වෙන්න බැරිද? ඔය කියන ලෝක තියෙන්නෙ තාම හරියට හොයාගෙන නැති මානයක් තුල වෙන්න බැරිද? (මොකද දැන් විද්‍යාඥයින් හොයාගෙන තියෙන විධියට මේ විශ්වයේ අපි දන්නවාට වඩා මාන ගොඩක් තියෙනවා) එතකොට අර යොදුන් වලින් කියන්නේ ඒ මානය තුල වෙන්වීමේ පරාසය වෙන්න බැරිද? (මෙහම කියන්න සිද්ධ උනේ සමහරුන්ට බටහිර විද්‍යා මොඩලයකට අනුව කිව්වෙ නැත්නම් මොකවත් තේරෙන්නෙ නැති හින්දයි. ඔවුන් හිතාගෙන ඉන්නේ යමක් සත්‍ය වෙන්න නම් බටහිර විද්‍යා ආකෘතියකට එබ්බවිය හැකි විය යුතුයි කියාය) ඒක එහෙමනම් අර ජෙට් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑනේ!

අනිත් එක සමහරුන්ට මේක කොහොම උනන් කමකුත් නෑ. ඔවුන්ට ඕනෙ පෙරදිග දර්ශනයන්ට, සංස්කෘතීන්ට පහර ගසන්න විතරයි.

හරකා said...

@චමිත,
මේකෙ ඊළඟ ලිපිත් ඉක්මනට එයි කියල බලාපොරොත්තු වෙනවා.

සූස්ති ගුනේ said...

අනේ සෑර්, බොරු කියන්නේ මොකටද..අපි නං උගත්තු නෙවෙයි. ..නලිය උනත් කියන්නේ තමන් උගතෙක් නෙවේ කියලානේ.. අනික් සෑර් කුනු හරුප මගේ නමට ගාවන්න හොඳ නැහැනේ..මගේ නම සූස්ති ගුනේ.. පුංචි බොරැල්ලෙන් ගත්තු රොකට් (සූස්ති ) තමයි මේ දවස්වල පාවිච්චිය..එයින් එකක් දෙකක් ඇද්ද නං ඔය කොයි ලෝකෙත් පේනවා..කොහොම උනත් සෑර් භාවනාවේ එන ඔය මනෝ විකාර වලට කියන්නෙ hallucination කියල. අපි දන්නේ මෙච්චරයි..පෙනිසිලින් ගත්තම බක්ටිරියා ආසාදනය නැතිවෙනවා..දැන් ඕක වෙන ප්‍රවාදයකින් විස්තර කරන්න පුලුවන්ද?? ( කලු කුමාර දිශ්ටිය වගේ??:))

CERN වල පාටිකල් ඇක්සලරේටරේට පිං සිද්ද වෙන්න නේ උප පරමානුක අංශු ගැන අපි දන්නේ.. ඔය කියන අංශු භාවනා කරල, ධ්‍යාන ලබාගෙන, නිරීක්ශනය කල දාට අපිටත් කියන්න සෑර්...

සූස්ති ගුනේ said...

සෑර්, ජෙට් කේස් එක සාධාරනීකරණය කිරීම සදහා එක එක විලම්බීත තියරි දමන සක්වලයෝ ජෝක් වීම නැවැත්විය හැකිද?? ස්ට්‍රින්ග් තිරියෙන් වත් ගොඩ යන්ඩ බලමු නේද මල්ලී..හි.හි.හි..?

මහෞෂධ said...

@සූස්ති ගුනේ

පෙනිසිලීන් වල වෙනදේ "බිජ නියාම" යට්තේ විස්ත‍ර ක‍ර ඇත ගිහින් කියවන්න.

"flying spaghetti moster , celestial tea pot ,GOD (මැවුම්කාර දෙවියන්වහන්සේ) නෑ කියලා කියන්න බෑ නේද එහෙනම්"

ඔව්, දැන් මම අහන්නේ මේකයි, ඉන්නවනම් ඒක ඇත්තනම් බටහිර විද්යාවත් ඇත්තනම්, ඇයි බටහිර විද්යාවට බැරි මැවුම්කාර දෙවියන්වහන්සේ ඔප්පු ක‍රන්න? ඊලගට අපි අහන්නේ, ඔවුන්ට ඔවුන්ගේ දේවල්ල්වත් ඔප්පු ක‍රගත නොහැකිනම්, අපි අපී කියන දේවල් ඔප්පු ක‍රන්නේ කොහොමද ? කවදා හ‍රි එතැනට එයි කියලා කියනවනම්.. එතැනට එනකම් ඔවුන් හ‍රි කියන්නවත් අපි වැරදි කියන්නවත් කාටවත් අයිතියක් නැ නේද ? (hit wicket neda?)

@සක්වලයා

ඔක ගැන මාත් හිතුව, චතුර්මාන ලෝක, සහ ඊට එහාට ගිය ලෝක ගැන. එත් අයෙත් බ්ටහිර විද්යාවට අනුව හත‍්රවැනි මානය මොකක්ද කියලා අපි දන්නේ නැ සුවර් එකට, සමහරු කාලය කියලා කියනවා, එත් බුදු හාමුදුරුවො කිව්වෙ කාලය කියන්නේත් මිනිසාගේ හිත මගින් නිර්මාණයකරගත් දෙයක් කියලා, එක නිසා එහෙමත් අයෙත් නිගමන වලට එන එක භායානකයි..

බටහිරයන්ට හා අප වැනි රටවල ඔවූන් අනූකරණය කරන්නන්ට මේ ප්‍රශ්න තේරුම්ගැනීම අපහසූ වී ඇත්තේ ඔවූන්ට කාලය යන්න නිරපේකෂ වූවක් වීම ය. දෙවියන් වහන්සේ මවා ඇති කාලය එකිනෙකට අනූව වෙනස්වන්නේ කෙසේ දෑ යි ඔවූහූ ප්‍රශ්න කරති. අද ද බටහිරයන්ට හා ඔවූන් අනූකරණය කරන්නන්ට නිවූන් සහෝදරයන් ගේ කතා වස්තුව තේරුම් ගැනීමේ දී දුෂ්කරතා ඇති වෙයි. බූදුන් වහන්සේ මාතෘ දිව්‍යපූත්‍රයාණන්ට දහම් දෙසීමට දෙව්ලොව වැඩි පූවත දන්නා උපාසකම්මලාට නිවූන් සොහොයූරන් ගේ කතා වස්තුවෙහි ගැටලුවක් තිබිය නොහැකි ය.

මට අවශ්යනම් මෙ උස ගැන අහන ප‍්රශ්නේට ද්විමාන, තිමාණ උදාහ‍රන්යක් දෙන්න පුලුවන්.(මෙකත් ඔප්පු කිරිල්ලක් නොවෙ)

අපි ආසන්න වශයෙන් ද්විමාන සතෙක් ගත්තොත්, (උකුනා) උට කවදාවත් ත‍්රිමාන ලොකයේ මිනිසා කියන සතාව තේරුම් ගන්න බැ, එත් මිනිසා උකුනා වගේ කි ගුනයක් උසද? 9 216 000 000 ක් ??? මිනිසාට තේරෙනවා එක හ‍්රි කියලා එත් උකුනාට ?

සුස්ති ගුනේත් අයත් වෙන්නේ ඔය උකුනු කොට්ටාශයටම තමා..

Anonymous said...

හරි දැන් මෙතන මහෞෂධ කියන දේයි චමිත කියන දේයි පදනමින්ම එකිනෙකට පරස්පරයි.
ලිපිය චමිතගේ නිසා චමිතගේ අදහස් වලට විතරක් මූලිකත්වය දෙන්නම්.
බ්‍රහ්ම ලෝකය නිශ්චිත උසකට උඩින් තියෙනවද කියන ප්‍රශ්නෙට ඔවු කියල කියන ඔබ ඒක නොපෙනෙන්න හේතුව විදිහට "හැමදේම ඉන්ද්‍රීය ගෝචර නොවේ"කියන උපන්‍යාසය පිටිපස්සෙ හැංගෙනවා.උදාහරනයක් විදිහට ඔයා කියනවා විද්යුත් චුම්බක තරංග ඇහැට නොපෙනීම ගැන.
මෙතනදී ඔබ කරන්නෙ "සියලු දේවල් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට අසුනොවේ"කියන ඇත්ත මත පදනම් වෙලා ඒකට මුවාවෙලා බ්‍රහම ලෝක,කල්ප ගනන් ජීවත්විය හැකි සුරලෝක ගැන මනස්ගාත ප්‍රබන්ධයන් "සත්‍යය"යැයි දැක්වීම.
හරි ඔයාගෙම තර්කය මම තව එහාට ගෙනියන්නම්.
හැමදේම ආනුභූතිකව නිරීක්ෂනය කරන්න බැහැ.එකගයිනෙ?විශ්වයේ අධිපතියා සර්ව බලධාරී දෙවියන්වහන්සේය.උන්වහන්සේ විශවයේ නියමයන් මැවූ සේක.උන්වහන්සේ ඉන්නේ කොහෙද?එය අපිට දැකගත නොහැක.උන්වහන්සේ අනන්තය.අපිරිමිතය.බටහිර විද්‍යවේ පටු ආනුභූතිවාදයට සීමා වෙලා ඉන්නා අමනයන්ට උන්වහන්සේව දැකිය නොහැක.උන්වහන්සේව දැකීමට උන්වහන්සේ ගැන භක්තිය ඇති කරගත යුතුය.ඒ සදහා භාවනා කොට උන්වහන්සේ සමග එක්විය යුතුය.භාවනා කරල ධ්‍යාන වඩන්න.එතකොට උන්වහන්සේව පෙනේවි.
දැන් මේක එක්ක ඔයා එකගද?එකග නැත්නම් එකග නොවෙන්නේ ඇයි?සනාථ කරල නැහැ කියල ඔයාට කියන්න බැහැ.මොකද හැමදේම ආනුභූතික නොවෙන නිසා හැමදේම සනාථකල නොහැකියි කියන එක ඔබම පවසා තිබෙන නිසා.එය ඔබේ පදනම වන නිසා.
හැමදේම ඇහැට නොපෙනුන පලියට රටේ නැති මිථ්‍යාවන් සත්‍යෙක්ෂනය නොවෙන බව කලින් මා පැවසුවේ ඒ නිසා.බෞද්ධ ඔබ බ්‍රහ්ම ලෝක ගැන කියන කතන්දරත් කතෝලික අය දෙවියන්ගේ ස්වර්ගය ගැන කියන කතන්දරත් ඇත්තටම ප්‍රබන්ධයන් මින අනෙකක් නෙමෙයි.ඔයාල දෙගොල්ලොන්ගේම පදනම එකයි.ආගමික මනස්ගාතයට යමෙක් අභියෝග කරන විට විද්‍යාවේ අඩුපාඩු දෙක තුනක් පෙන්නලා ෂේප් වීම තමයි ඇත්තටම සිද්ද වෙන්නෙ.

Anonymous said...

(අනික විද්‍යාව තවදුරටත් "බටහිර"විද්‍යාවක් නෙමෙයි.ඔයාල හෙට අනිද්දා විශ්ව විද්‍යාලවලට ගිහින් අලුත් සොයාගැනීම් කරනකොට ඒවා අපේම දැනුම බවට පත්වෙනවා.ඒක දැනටම එහෙම වෙලා තියෙනවා.ආයුර්වේද දැනුම අද සූත්‍රගත වෙලා ලෝකය පුරා යොදාගැනෙන ආකාරය බලන්න.නූනත විද්‍යාව බිහිවුනේ බටහිර වුනාට අද ඒක හැදෙන්නෙ වැඩෙන්නේ බටහිර විතරක් නෙමෙයි.චීනයෙ ජපානයේ ඉන්දියාවේ.ගෝත්‍රික මානසිකත්වයක් තියෙන "මහා ආචාර්යලාගේ" බොරු වලවල්වල වැටෙන්න එපා)
හෘදයාබාදයක් හැදිල මිනිහෙක් මැරෙද්දි අවුරුදු දෙසීයකට පෙර ඒකට තිබුන පැහැදිලි කිරීම මොකක්ද?යකා ගහල මැරුනා.දේව‍කෝපය නිසා මැරුනා වගේ පැහැදිලි කිරීම් තමයි තිබුනෙ.ඒ කාලේ විද්‍යාවට ඒක පිටිපස්සෙ තියෙන "හේතුව"හොයාගන්න බැරිවෙලා තිබුනෙ.එහෙම සන්දර්භයක එදා කවුරු හරි කිවොත් විද්‍යාවට හැමදේම පේන්නේ නැහැ.එකපාරට මිනිස්සු මැරිල වැටෙන්නෙ යක්කු කියන සත්ව විශේෂය අදාල මිනිසාට පහරදෙන හින්දය කියල-ඒකට ඔයා පක්ෂ වෙනවද?හෘදයාබාධ එදා හොයාගෙන නොතිබුනාට අද ඒක හොයාගෙනා.ඒ නිසා යක්කු ගහපු කතා අද කවුරුත් කියන්නෙ නැහැ.
මේක තමයි විද්‍යාවේ ස්වභාවය.ඒක ඉස්සරහට යනවා.විද්යුත් චුම්බක තරංග කියල ජාතියක් ගැන අවුරුදු සියයකට පෙර අහලවත් තිබුනෙ නැහැ.නමුත් අද එව්ව අහුකරගන්න උපකරන විතරක් නෙමෙයි ඒවා මිනිසාගේ යහපත උදෙසා යොදාගන්න මාධ්‍යයන් පවා විද්‍යාව විසින් බිහකරල තියෙනවා.නලින්ගේ බයිලා කතන්දර හොදයි වැඩක් නැතිව හාන්සි පුටු රත් කරන උගතුන්ට.නමුත් ලෝකයට යමක් දුන්නා නම් දුන්නෙ,ඔයාල අද මේ පරිගනක තිර එක්ක හැපෙමින් වාද විවාද කරන්නේ විද්‍යවේ දියුනුව නිසා බව අමතක කරන්න බැහැ.
කොහොම වුනත් ඔබට මතුකරන්න ඕනෙ කරුන "මානසික ස්තර 31"මිස යමගේ උස මහත නොවන බව ඔබ අන්තිමට කියනවා.ඒක එහෙම නම් මානසික ස්තර 31ක් තියෙන බව සරලවම නොකියා අර බයිලා කතන්දර ඔබේ ලිපියේ අඩංගු කරන්නේ මොකද?අර ලෝකය මෙහෙමයි-මේ ලෝකය මෙහෙමයි ආදි වශයෙන් 'නිශ්චිතව'ඔබ කරනු දක්වලා තියෙනකොට ඒවා ප්‍රත්‍යක්ෂයන් බවයි කියවන ඕනෙ කෙනෙක්ට හැගෙන්නෙ.
භාවනා කරල ධ්‍යාන වැඩුවම මේවා පෙනෙන බව ඔබ කියනවා.දැන් ඔබ මේක කියන්නෙ ඔබ භාවනා කරල ධ්‍යාන වඩල නෙමෙයිනෙ.මේක ඔබ කියන්නෙ ඈත කාලයේ ලියවුන පොතක මේ විස්තර තිබෙන නිසා."ධ්‍යාන වඩපු රහතුන්"මේ පොත් ලියල තියෙනවා කියල ඔබ විශ්වාස කරනවා.ඒ නිසා පොතේ තියන එක අමු අමුවේ ඔබත් මෙතන සදහන් කරනවා.ශුද්ධ වූ දිවැසිවරයන් විසින් රචිත බයිබලයේ තිබෙන දේ සත්‍යයි කියල ඒවා පුනරුච්චාරනය කරන දේවධර්මවාදියෙක් සහ ඔබ අතර තිබෙන "වෙනස"මොකක්ද?
පොතක තිබූ පමනින් යමක් පිලිනොගන්නා ලෙස නේද බුදුන් කාලාම සූත්‍රයේ කියල තියෙන්නෙ.මේ වගේ ගොං කතා පොතක තිබුනත් පිලිගන්නේ කොහොමද?ඔබ ඔය තරමට ආගමික භක්තියෙන් අන්ධ වෙලා තියෙන්නෙ ඇයි?
අවසන් වශයෙන්-මානසික ස්තර ගැන කතාවත් හිතෙන් මවාගත්ත ප්‍රබන්ධයක් පමනයි.භාවනාවෙන් හිත යම් එකගතාවයකට ගේන්න පුලුවන් කියන එක බැහැර කල නොහැකි වුනත් ඒ හරහා "මැජික්"කරන්න පුලුවන් කියන එක අති පැරනි ජනප්‍රිය මිත්‍යාවක්.
එහෙම ස්තර නැති බව මට පර්යේෂනාත්මකව සනාථ කරන්න බැහැ කියල කියමුකො.හැබැයි ඒවා "තිබෙන"බට ඔබටත් පර්යේෂනාත්මකව සනාථ කරන්න බැහැ.(හිතේ මවාගන්න ප්‍රබන්ධයන් ඇත්තටම නොපවතින නිසා ඒවා පර්යේෂනයට හසුකරන්න බැහැ)යමක් නැති බව පර්යේෂනාත්මකව සනාථ කරන්න බැරි වුන පමනින් හිතේ තියෙන හැම මනස්ගාතයක්ම "සත්‍යය"යැයි පැවසීමත් ඒවා "මගේ මනසට"විතරක් ගෝචරවෙන "මගේ ලෝකයට"අදාල සත්‍යයන් යැයි පැවසීමත් අමු තක්කඩිකමක් පමනයි.
එහෙම පර්යේෂනාත්මකව "නැහැ"කියල ඔප්පු කරල නැති "සත්‍යයන්"ගොඩක් ඔන්න මම ලැයිස්තු ගත කරනවා
1.බුදු පිලිමෙන් රැස් විහිදීම
2.සර්ව බලධාරි දෙවියන් වහන්සේ
3.දෙවියන් වහන්සේගේ අවසන් විනිශ්චය
4.ගෙදරින් එලියට බහිද්දි හූනෙක් කෑගැහුවම ඒක අපලයි කියන "න්‍යාය"
5.ගේ ඇතුලෙ නියපොතු කපන එක අපලයි කියන අදහස
6.මැරුනට පස්සෙ දෙවියන්ට අකීකරු අය අපායෙ යනවා කීකරු අය ස්වර්ගයට යනවා කියන අදහස
නැතෙයි කියල සනාථ නොකල පමනින් මේවා ඔක්කොම "ඇත්ත"වෙනවද?
(මැරුනට පස්සෙ මානසික ස්තර 31න් එකක් වෙනවා කියන අදහසත් ඔය ලැයිස්තුවට එකතු කරගන්න :D)

Chamitha said...

@ Anonymous: මා සහ මහෞෂධ අතර ඇතිවූ මතවාදීමට වෙනස ඔබ ඔබේ වාසියට හරවාගන්නට උත්සාහ දරන බව පෙනෙනවා. මේ කරුණ ගැන අප බ්ලොග් එකෙන් පරිබාහිරවත් සාකච්ඡා කළා. ඔහු සිටින ස්ථාවරයත් මා සිටින ස්ථාවරයත් අතර ඉතා සුළු වෙනසක් තිබෙන්නේ. නමුත් අපගේ පදනම එකයි. එනම් නූතන විද්‍යාව මත පිහිටා බෞද්ධ ධර්මයෙහි එන මෙවන් පාරභෞතික කරුණු විග්‍රහ කිරීමට යාම අනුචිත බවත් ය ඒ. නමුත් ඒ තුළත් මම තවමත් නූතන විද්‍යාවට යම්තාක් දුරකට වත් 'ගැති' තත්ත්වයක සිටිනවා. ඇතැම් විට මා වැරදි විය හැකියි. එහෙත් ඊට හේතුව මා නූතන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු වීම විය හැකි බවයි මට සිතෙන්නේ. නමුත් මෙහි එන කරුණු සම්බන්ධව මා තුළ හෝ ඔහු හා මා අතර විශාල පරස්පරතාවන් හෝ ප්‍රතිවිරෝධතාවන් නැහැ.

නැවතත් ඔබ ඉදිරිපත් කරන කරුණු වෙත යොමු වෙන්නම්.

"මෙතනදී ඔබ කරන්නෙ "සියලු දේවල් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට අසුනොවේ"කියන ඇත්ත මත පදනම් වෙලා ඒකට මුවාවෙලා බ්‍රහම ලෝක,කල්ප ගනන් ජීවත්විය හැකි සුරලෝක ගැන මනස්ගාත ප්‍රබන්ධයන් "සත්‍යය"යැයි දැක්වීම." යැයි ඔබ කියනවා. මේ වාක්‍යය තුළම ඔබ පිළිගෙන තිබෙනවා සියලු දේ ම ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන බව. ඔබ නිවැරදියි. නමුත් මීළඟට ඔබ කියනවා සුර ලෝක, බ්‍රහ්ම ලෝක යනු ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන මනස්ගාත බව. හොඳයි, එහෙනම් කියන්න බලන්න ඔබ සුර ලෝක, බ්‍රහ්ම ලෝක මනස්ගාත කියන්නෙ මොන පදනමක සිට ද? ඔබම මුලින් පිළිගත්තා සෑම දේම ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන බව. එසේ නම් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන සුර, බ්‍රහ්ම ලෝක මනස්ගාත කීමට ඔබ එක්කෝ ඒවා පරීක්ෂා කර බලා එවැන්නක් නැතිබව හෝ මානසික දියුණුව කියා දෙයක් නොමැත ය කියන උච්ඡේද දෘෂ්ටියෙහි ම සිටිය යුතුයි. ඔබ සිටින්නේ මේ දෙකෙන් කුමන මතයේද?

මීළඟට ඔබ කියනවා මැවුම්කාර දෙවියන් වහන්සේ ගැන. දේවවාදීන් ද කියන්නේ මෙම කරුණම, එනම් මැවුම්කාර දෙවියන් වහන්සේ යනු පාරභෞතික සංකල්පයක්, එබැවින් විද්‍යාත්මකව එය ප්‍රශ්න කිරීම කළ නොහැක්කක් බව යැයි ඔබ සඳහන් කරනවා. ඔව්, හරියට හරි! නමුත් බුදු දහමේ දේව සංකල්පය සහ දේවවාදී (theist) ආගම් වල මැවුම්කාර දේව සංකල්පය අතර ඇති වෙනස ඔබ දන්නේ නැහැ!

මම ඔබට තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම්.

ඔබ රසායන විද්‍යාඥයෙකු යැයි උපකල්පනය කරන්න. ඔබ රසායනික පර්යේෂණයක නිරත වී සිටින විට ඔබ අතින් නවතම සංයෝගයක් නිර්මාණය වෙනවා. දැන් ඔබ හැම තැනම යනවා "මම අසවල් සංයෝගය සොයාගත්තා, මම අසවල් සංයෝගය සොයාගත්තා" කිය කිය. කිසිවෙක් ඔබ විශ්වාස කරයිද? නැහැ. අනෙක් විද්‍යාඥයන් ඔබ කිව් කරුණ විශ්වාස කිරීමට නම් ඔබ අදාළ සංයෝගය නිර්මාණය කිරීමට භාවිතා කළ මූලද්‍රව්‍ය/ද්‍රව්‍ය/උපකරණ සහ නිෂ්පාදන ක්‍රමවේදය හරි හැටි කිව යුතුයි වෙනත් පර්යේෂකයෙකුට එම සංයෝගය නිර්මාණය කිරීමට හැකි වන ලෙස.

බුදු දහම, අන් සියලු දේවවාදී ආගම් වල දේව සංකල්පයෙන් වෙනස් වන්නේ ඔන්න ඔතැනින්! අන් සියලු ආගම් වල කියන්නේ හැකි තරම් දෙවියන්ට කන්නළවු (pray) කළ විට දෙවියන් හා ඔබට එක්විය හැකි බවයි. නමුත් බුදු දහමේ පමණක් දෙවියන්, බ්‍රහ්මයන් වීමට (එක්වීමට නොවේ!) අවශ්‍ය මූලද්‍රව්‍ය/ද්‍රව්‍ය/උපකරණ සහ පරීක්ෂණාතමක ක්‍රමවේදය අකුරින් අකුර, පියවරෙන් පියවර ඉදිරිපත් කර තිබෙනවා ඕනෑම කෙනෙකුට අත්හදා බලා සත්‍ය දැයි සොයාබැලීමට හැකිවනු පිණිස! එම කරුණු කිසිවක් නොදැන ඔබ ඔබේ මනසට එන විකාර කරුණු කියන්නට යාම ඉතාම අනුවණ ක්‍රියාවක්. ඔබ ඔය කරුණු කීමට පෙර අඩු තරමින් මෙම පරීක්ෂණාත්මක ක්‍රමවේදයෙහි එක් පියවරක් වත් ක්‍රියාවට නංවා සිටිය යුතුයි. බෞද්ධ ධර්මය අකාලිකයි. එනම් එහි කුමන කොටස කොතැනින් ගත්තද එක ක්‍රියාවට නැංවූ කල, කල් නොයවා, ඕනෑම අවස්ථාවක ක්ෂණික ප්‍රතිඵල ලබා දෙනවා ක්ෂණික නූඩ්ල්ස් වලටත් වඩා වේගයෙන්:-)

"....ශුද්ධ වූ දිවැසිවරයන් විසින් රචිත බයිබලයේ තිබෙන දේ සත්‍යයි කියල ඒවා පුනරුච්චාරනය කරන දේවධර්මවාදියෙක් සහ ඔබ අතර තිබෙන "වෙනස"මොකක්ද?" කියන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරන්නේ ඔය නිසායි.

එවන් අතිශය විද්‍යාත්මක (මහෞෂධ නම් මේ වචනයට කැමති නොවෙන්න පුලුවන්;-)) ක්‍රමවේදයක් තිබෙන ඉතාම ප්‍රඥාගෝචර දහමක් වන බෞද්ධ දර්ශනයෙහි අබමල් රේණුවක් වත් නොදැන ඔබ මා හට මිථ්‍යාදෘෂ්ටිකයෙකැයි කීම ඉතා හාස්‍යජනකයි.

Chamitha said...

ඔබ ඔබේ කමෙන්ට් පුරාවට කියන කරුණු සියල්ලෙහිම සංයුතිය මෙම වාක්‍යයෙහි ගැබ්ව තිබෙනවා. "හැමදේම ඇහැට නොපෙනුන පලියට රටේ නැති මිථ්‍යාවන් සත්‍යෙක්ෂනය නොවෙන බව..." ඔබ "රටේ නැති මිථ්‍යාවන්" යන වදන පාවිච්චි කරන්නෙ කුමන පදනමකින් ද යන්න නැවතත් මට විමසීමට සිදු වෙනවා. ඔබේ "මිථ්‍යාව" ඇත්තටම මිථ්‍යාවක් දැයි සොයාගැනීමට එය පරීක්ෂා කර බැලිය යුතුයි. නූතන විද්‍යාවත් පදනම් වී තිබෙන්නේ පරීක්ෂණ-නිරීක්ෂණ-නිගමන මතයි.

හෘදයාබාදයක් හැදිල මිනිහෙක් මැරෙද්දි අවුරුදු දෙසීයකට පෙර ඒකට තිබුන පැහැදිලි කිරීම මොකක්ද?යකා ගහල මැරුනා.දේව‍කෝපය නිසා මැරුනා වගේ පැහැදිලි කිරීම් තමයි තිබුනෙ. මා කතාකරන්නෙ බුදු දහමෙ තිබෙන ඉගැන්වීම් ගැනයි. ජනවහරෙ එන කරුණු ගැන මගේ තැකීමක් නැහැ. ඒවා ජනතාව විසින් එම සමාජයේ පවතින දැනුම පද්ධතියට සාපේක්ෂ ලෙස තනාගත්ත මතවාදයි. බුදු දහම හා ජනවහර සන්සන්දනය කිරීමට යාම මෝඩකමක්.

"නමුත් ලෝකයට යමක් දුන්නා නම් දුන්නෙ,ඔයාල අද මේ පරිගනක තිර එක්ක හැපෙමින් වාද විවාද කරන්නේ විද්‍යවේ දියුනුව නිසා බව අමතක කරන්න බැහැ." හරි. ඒකත් ඇත්ත. නමුත් කෙනෙකු කාලයක් තිස්සෙ මවපු සිහින ලෝක බිඳ වැටෙන වෙලාවට, මානසික ආතතියට පත්වෙලා වහ බොන්න හිතෙන වෙලාවට පරිගණක තිර වලට වත් නවීන විද්‍යාවට වත් කළහැකි දෙයක් නොමැති බව ඔබ වටහාගන්න ඕනෙ.

පොතක තිබූ පමනින් යමක් පිලිනොගන්නා ලෙස නේද බුදුන් කාලාම සූත්‍රයේ කියල තියෙන්නෙ.මේ වගේ ගොං කතා පොතක තිබුනත් පිලිගන්නේ කොහොමද?ඔබ ඔය තරමට ආගමික භක්තියෙන් අන්ධ වෙලා තියෙන්නෙ ඇයි?
ඔබ වලිගය පාගා ගන්නා ආකාරය පෙන්වීමට මෙතරම් අලංකාර උදාහරණයක් වෙන කොහෙන්වත් හොයාගන්න අමාරුයි. පොතපතෙහි කරුණු තිබූ පමණින් පිළි නොගන්නා ලෙස කාලාම සූත්‍රයෙහි කියවෙන බව ඇත්ත. ඒත් ඒ සමඟම එහි කියවෙන අනෙක් කරුණ ඔබ ඔබේ වාසියට මඟහැර තිබෙනවා:-) ඒ තමයි පරීක්ෂා කර බලා, විචක්ෂණශීලීව යමක් පිළිගන්නවානම් පිළිගන්න යන්න. සමථ විදර්ශනාව පරීක්ෂාවට ලක් කිරීමට විනාඩි පහක් භාවනා කිරීමට සිත එකඟ කරගත නොහැකි කෙනෙක් කාලාම සූත්‍රය ගැන කරුණු කීම හාස්‍යෝත්පාදකයි :-)

"භාවනාවෙන් හිත යම් එකගතාවයකට ගේන්න පුලුවන් කියන එක බැහැර කල නොහැකි වුනත් ඒ හරහා "මැජික්"කරන්න පුලුවන් කියන එක අති පැරනි ජනප්‍රිය මිත්‍යාවක්" මෙවන් බොළඳ කරුණු වලට පිළිතුරු දීමට මා කාලය ගතකරන්නට යන්නේ නැහැ. නමුත් භාවනාව තුළින් මැජික් පෙන්වූ සහ පෙන්වන අය ඕනෑතරම් සිටිනවා. සජීවී රූපවාහිනී වැඩසටහන් වලදී පවා මේවා පෙන්වනවා දැක නැති ඔබගේ ළිං මැඩි මානසිකත්වයට තවත් නිදසුන් කුමටද? නමුත් බුදුරජාණන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ඉතා පැහැදිලිව දේශනා කළ කරුණක් තිබුණා. ඒ තමයි භාවනාවෙන් ලැබෙන විශේෂ හැකියාවන් "මැජික්" පෙන්වීමට නොව දුකට හේතුව අවබෝධ කරගැනීම නම් ආර්ය පර්යේෂණයට යොදවන ලෙස. මන්ද බෞද්ධ භාවනා ක්‍රමයේ අරමුණ "මැජික් පෙන්වීම" නොවන නිසා!

ඔබ ඉදිරිපත් කරන, "පර්යේෂනාත්මකව "නැහැ"කියල ඔප්පු කරල නැති "සත්‍යයන්"" ගැන මගේ තැකීමක් නැහැ. හූනෙක් කෑගැහුව කියල මම යන ගමන නවත්තන්නෙ නැහැ. ජනවහරෙන් එන කරුණු පිළිබඳ මට උනන්දුවකුත් නැහැ.

අවසාන වශයෙන් මට මේක නැවතත් ඔබට සිහිපත් කිරීමට සිදු වෙනවා. මමත් කාලයක් සිතා සිටියා මේ කරුණු වල කිසිම සත්‍යතාවක් නැතැයි කියා. එම අදහස දුරුවීමට මූලිකවම හේතු වූයේ පොත්පත් කියවීමෙන් එම කරුණු වල ප්‍රඥාගෝචරත්වය පිළිබඳ පැහැදිලි අදහසක් මා තුළ ජනිත වීමයි. ඔබ තුළ පවතින දැඩි භෞතිකවාදී අදහස් වලට මූල හේතුව නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ "අපේ විද්‍යාව" නමින් හඳුන්වන බටහිර විද්‍යාව ඉගෙනීමෙන් ඔබ තුළ නිර්මාණය වී ඇති බුද්ධි සෝදාපාලුවයි.

ඒකට වැරදිකරුවා ඔබ නොවෙයි. පවතින අධ්‍යාපන ක්‍රමයයි. මේ අධ්‍යාපනයෙන් බැහැරව ස්වාධීන චින්තනයකට එළඹි දවසට ඔබට මේ කරුණු වල ගැඹුරුකම වැටහෙයි. එවන් චින්තනයක නො එළඹුනහොත් කිසිදාක එය වැටහෙන්නෙ නැහැ. ඒකට මම තවත් කරුණක් එකතු කරන්නම්. ඔබ හොඳින් අධ්‍යයනය කරන්න බටහිර විද්‍යා අධ්‍යාපයන මගින් නතර කළ (විද්‍යාවේදී උපාධියෙන් වගේ) අයගේ සහ පශ්චාත් උපාධිය දක්වා ගිය අය අතර තිබෙන වෙනස!

පශ්චාත් උපාධිය දක්වා ගිය අයට කරුණු සෙවීම බැලීම පිළිබඳ විශාල උනන්දුවක් තිබෙනවා. ඔබ හිතනවාද ආචාර්ය පී. අදිකාරම්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, මහාචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන, මහාචාර්ය නලීන් ද සිල්වා (හිනා වෙන්න එපා. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කිසි කෙනෙකුට වාදයක් නැහැ), ආචාර්ය චන්දන ජයරත්න, ආචාර්ය උපාලි අමරකෝන් යනාදී මෙකී නොකී බොහෝ භෞතීය විද්‍යා ආචාර්ය මහාචාර්යවරුන් බෞද්ධ ධර්මය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නේ අන්ධ භක්තියෙන් කියලා? ඔවුන්ට අවශ්‍ය නම් ඕනෑ තරම් හැකියාව තිබෙනවා ඔවුන්ගේ ක්ෂේත්‍රයන් වන භෞතික විද්‍යාවන් එපිටට යන කරුණු වැරදියි කියලා කියන්න. එසේ නොකර ඒවා සමීපව අධ්‍යයනය කිරීමට ඔවුන් උනන්දු වීම පිටුපස තිබෙන එකම මූල හේතුව අන්ධ භක්තිය කියා ඔබට තර්ක කරන්න පුලුවන්ද?

මහෞෂධ said...

@chamitha
exactly wht i also wanted to say..(Y)

further..i want to elabarate that we can learn purely based on the mind using meditation,

from nalin when he was asked abt the same type of questions like exsitance of the "sak devidhu" ? and why western science denies the truth that we can learn from the meditation using purely mind,

he has replied like this.

"ඉන්ද්‍රියානූභූතවාදයෙහි හෙවත් යථානූභූතවාදයෙහි පූරෝගාමියකු වූ අර්නස්ටි මාක් විද්වතා කුමක් කීව ද, බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර හෝ ගෝචර නො වන හෝ සංකල්ප ඇසූරෙන් විස්තර කිරීම ය. මාක් විද්වතා බටහිර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ විය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනූමෙහි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා ගැනෙන බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය එයට හොඳ ම උදාහරණය වෙයි.

සංකල්පයක් එක්කෝ ඉන්ද්‍රිය ගෝචර විය හැකි ය. නැත්නම් ඒ ඉන්ද්‍රිය ගෝචර නො විය හැකි ය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප පිළිබඳ බොහෝ දෙනාට එතරම් ප්‍රශ්නයක් නැත. ඒ සංකල්පවලින් පවතින දෙයක් කියැවෙන්නේ යැයි ඔවූහූ විශ්වාස කරති. එහෙත් ථෙරවාදී ඇතුළු බොහෝ බෞද්ධයනට ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ද ප්‍රශ්නයක් වෙයි. ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප පිළිබඳ ඒ ඒ ගුරුකුලවල විවිධ මතිමතාත්නර වෙයි. ඒ පවතින්නේ ද නැත් ද? නො පවතින්නේ නම් අප ඒ යොදා ගන්නේ කෙසේ ද? නො පවතින්නක් එලෙස අපට යොදා ගත හැකි ද?

ඇතැමූනට ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප හූදු ආයූධයක් (උපකරණයක්) පමණකි. ඒ සංකල්පවලින් දක්වන කිසිවක් නො පැවතුණ ද ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමේ දී ඒ යොදා ගත හැකි යැයි ඔවූහූ විශ්වාස කරති. එය මාක් විද්වතා ගේ ක්‍රමයට ඉඳුරා පටහැනිි ය. ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප හමූවේ අපට ඇති අනෙක් විකල්පය නම් ඒ නො පවතින බවත් ඒ බටහිර විද්‍යාවේ සංසිද්ධි, එනම් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට හෝ යොදා නො ගත යූතු බවත් පැවසීම ය.

බටහිරයන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි පිළිබඳව දක්වන ආකල්ප හේතුකොට ගෙන විවිධ ප්‍රශ්නවලට මූහූණපාන බව පැහැදිලි ය. ඔවූන් එක් පැත්තකින් පංචේන්ද්‍රිය ගෝචරභාවය මත පදනම් ව පැවැත්ම තීරණය කිරීමත් අනෙක් පැත්තෙන් ඉන්ද්‍රිය ගෝචර නො වූ දෙවියන් වහන්සේ කෙනකු ගේ සදාකාලික පැවැත්මක් ගැන කතා කිරීමක් හේතුකොට ගෙන මේ ප්‍රශ්න පැන නගී. පැවැත්ම ඉන්ද්‍රිය ගෝචර ද නැත් ද යන්නට සතුටූදායක සංගත පිළිතුරක් බටහිර සංස්කෘතියෙන් ලබාගැනීමට නොහැකි ය.


සිංහල බෞද්ධයනට මනස ද ඉන්ද්‍රියක් වෙයි. මනස අනෙක් ඉන්ද්‍රිය සමග එකතු ව ද නැති ව ද නිර්මාණය කරන සංකල්ප ඔස්සේ ලෝකය දකිය.ි (නිර්මාණය කරයි). එහි පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැත්තේ මනස නිර්මාණය කරන කිසිවක් (මනස ද ඇතුළු ව) නො පවතින බැවිනි. එබැවින් ඉන්ද්‍රිය ගෝචර දැ පමණක් පවතින්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. පැවැත්ම යන්න ද සම්මූති සත්‍යයක් පමණකි. පවතින්නේ ද සම්මූතියෙන් ය.

this why we say, who ever denies that we cannot learn anything from meditation is complitely wrong.

futher

බටහිර විද්‍යාඥයන් එවැනි ශක්‍යතා ගැන කතා කළ ද, මනස සම්බන්ධ කරුණූවල දී එවැනි ශක්‍යතා පිළිගැනීමට ඔවූහූ අකැමැති වෙති. සක් දෙවිඳු ගෝචර වන්නේ ඉතා ටික දෙනකුට පමණක් යැයි ද ඔවූන් ඒ සඳහා මනස වර්ධනය කර ගත් පූද්ගලයන් විය යූතු යැයි ද කී විට බටහිර විද්‍යාඥයන්ට ඒ සමඟ එකඟ වීමට නොහැකි ය. ඕනෑ ම අයකුට මනස වර්ධනය කර ගැනීමේ ශක්‍යතාවක් ඇතැයි කීමට ඔවූන් ගේ දිව නො නැමෙයි. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නො වන දෙවියන් වහන්සේ ගේ පැවැත්ම පිළිගැනීම ඔවූන්ට ප්‍රශ්නයක් නො වෙයි."

සූස්ති ගුනේ said...

@මහෞෂධ

අනේ මහ -අවුසද හාමි ආයෙත් වලිගෙ පාගගෙන වගෙ. බටහිර විද්දියාව කොහෙද කවද්ද මැවුම්කාර දෙවියෙක් ඉන්නවා කියල පිලිගත්තෙ?? නිකං ගොන් කතා නොකිය ඉන්නවද?? ඔය ගොන් කතාව කියන්නෙ චින්තන පර්සදේ ඉන්න මීහරක්..රසල් ගේ celestial teapot එක, දේව වාදයට එරෙහිව ගෙනාපු එකක්. ඒ වගේමයි flying spaggeti monster සහ pink unicorn. ඒ නිසා අපිව ගොනාට අන්දන්න හදන්න එපා. බටහිර විද්දියාව දෙවියෝ වෙනුවට evolution තෝරං ඉවරයි. පර්සදේ මී හරක් තමා , ඒක එහෙම නෙවෙයි pre-determined plan වගේ බහු බූත දොඩවන්නේ..
"මම ඉන්නෙ බටහිර රටක" කියලා පම්පෝරි ගහන මහ-අවුසද ල, ලැජ්ජ නැතුව බයිල දොඩවන්නේ නැතුව, බවුද්ද ප්‍රවාදයකින් පෙන්නන්න මැවුම්කාර දෙවියෙක් නැත-එහෙත් සක්කරය ඇත කියල..කර්මය ඇත නමුත් ජජ්මන්ට් ඩේ නැත කියල..?

සූස්ති ගුනේ said...

@චමිත

චමිත පර්යේශනාත්මක ව ඔප්පු කරල නැති නිර්වාණය ගැනත් සෑර්ගෙ තැකීමක් නැද්ද?? කර්මය ගැන?? එතකොට පටිච්ච් පමුප්පාදය?? ඔය එකක් වත් පර්යේශනාත්මක ව ඔප්පු කරල නැහැ!! :) හුටා නේද?

ඔය නලිය, චන්දන, ග්‍රන්විල් වගෙ නම් ඉස්සරහට දාල ඔයාගේ තර්ක වල තියෙන බංකොලොත් කම වහගන්න එපා. ඕකට කියන්නෙ appeal to authority. ඕක logical fallacy එකක්.

සෑර් ආයෙත් ඇදගෙන නෑවා නේ

මහෞෂධ said...

@සුස්ති ගුනේ..

ඔහේ මෙක කියෙව්වේ සුස්තියක් ගහලද ? මෙකේ කියන්නේ, බටහිරයන්, දෙවියන් ඇත නැත කියන මතය අත‍ර දොලනය වෙනවා කියලා විත‍රයි. හ‍්රියට කන්න ඔනේ වුනාම කබ‍්රගොයා තල ගොයා ක‍්ර ගන්නවා වගේ.

බටහිර විද්යාවට අනුව නම්, මම දෙවියන් ඉන්නවා කියලා ඔප්පු ක‍රන්න ප‍්රික්ශ්නයක් ක‍රනවනම්,

සියලු තත්ව එක හා සමානව පවතිනම්, සියලුම ගුනාංග එකම නම එකම ප‍්රතිපල ලැබිය යුතුය, එය නිරික්ෂකයා මත පදනම් නොවිය යුතුය. මම කලත් ගුනේ කලත් , චමිත කලත්, එකම ප්ර්තිපලය ලැබිය යුතුය.

එය එසේනම්,

මම අද සොහොන් පිට්ටනියක් මැදින් යනවිට බුතයෙක් හො දෙවියෙක් දුටු විට මට එය ඔප්පු කිරිමටනම්, එම තත්ව ඒ අකාරයෙන්ම ප්ර්තිර්මානය ක‍ර ගතහොත් දෙවියා ඔන එකෙකුට පෙනිය යුතුය.

මෙක හ‍රියට, අද රැ 12.00 බොරල්ල කන්නත අසල කුනුගොඩ ලග, බල්ලේක් සිටියානම්, හෙට එම තත්ව ඒ අකාරයෙන්ම පවතිනම්, එම බල්ලා එතැන සිටිය යුතුය කිම හා සමානය.

මාර කොමිටල් නේද? විනොද සමයට හොදයි මේ තිය‍්රි, බයිලා විද්යාවෙ, සිල්ල‍්ර කතා, එත් ඉතින් බටහිර සුස්ති ගැහුවමනම් මෙවා ඇත්ත වගේ පෙනේනවා ඇති.

ඔවයින් ඔය තිය‍්රි ඔප්පු කර්න්න ගිහින් තමයි, බටහිර විද්යාවේ මහ එජන්ත උන්නාන්සේ වෙච්ච අයින්ස්ටයින් උත්තමයත් පුක රත්ක‍ර ගෙන ක‍රගන්න බැරිව, අන්තිමට කිව්වේ 2050 ඉතිරි වෙන එකම ආගම බුද්දාගම කියලා, ඉතින් ඔකට මොලේ අප්සෙට්ද නැත්නම් සුස්ති ගහන නිසාද ඔක කිව්වේ, බටහිර විද්යවෙන්ම ඔක්කොම් කෙලලා අරින්න තිබ්බනේ.. බුද්දාගමක් මොකැ?

එත් ඔහෙලගේ සර්ව බලධාරි උතුමාගේ කෂ්ටිය, අයින්ස්ටයින් බුද්ධගම ගැන කියපුවා පිච්චුවා,ආ වැරදුනා .. පිච්චුනා :D
... ඇයි ඒ ? මොක්ද් දෙවියන් වහන්සේ නැති වුනොත් ත්මන්ගේ දැනුම එකාධිකාරය නැති වෙන නිසා, අදත් බටහියන් අපිට පෙනේ පුප්පන්නේ බ්ටහිර දැනුම කියන මායාකාරි බොරුවෙන් නිසා මිසක් වෙන ඉටිගෙඩියකින් ද? ඔහෙලත් බුද්ධාගමට පාට් දාන්නේ මොකද? බටහිර විද්යාව ඉගෙන ගත්තු නිසානේ, ඔක වැරදිනම මොකැ සුද්දන්නට වෙන්නේ, ඔය භය නිසා තමයි අපී නලියට උනත් ඔවා කිව්වට වැඩක් නැත්තේ..එත් අයින්ස්ටයින් කිව්වනම් අප්පේ බලන්න තිබ්බා රගේ...

ගුනේට මම අනුකම්ප කර්න්නේ දැනුවත්ව හො නොදැනුවත්ව මේ උන්ගේ කුම්න්ත‍්රන්යට අහුවිම නිසා...

(මගේ චින්ත්න පර්ශ්දයට සම්බන්දයක් නැ, හැබැයි නලින්ගේ නිර්මානාත්මක චින්තනයට මම ගොව‍්රව කරනවා, නැත්නම් මාත් බටහිර සුස්ති ගහපු එකෙක් අත‍රත් කිසි වෙනස නැති නිසා)

Chamitha said...

හෙ හේ.... ඔබ නම් නියම භාණ්ඩයක් සූත්ති! ROFL..... මම දැකලා තිබෙන නිදහස් චින්තනය හීන ම පුද්ගලයො අතරින් ඔබටත් ප්‍රධාන තැනක් හිමිවෙනවා. ඒ මදිවාට ඔබේ කියවීමේ දුර්වලතාව නම් නින්දාවක්. ඔබ ඉහත මා කී කිසිවක් නොකියවා තවමත් කියනවා පර්යේෂණාත්මකව ඔප්පු කරලා නැති කතාවක් ගැන. ඔහොම බැලුවොත් string theory එකත් පර්යේෂණාත්මකව ඔප්පු කරලා නැහැ නොවැ?

ඔබ වැන්නන්ට දීර්ඝ පිළිතුරු සැපයීමට මා කාලය වැය කරන්නේ නැහැ. ඉංග්‍රීසි වචන ටිකක් දාලා කමෙන්ට් එක ලස්සන කරාට කවුරුත් බය වෙන්නේ නැහැ. ඕවා ගිහින් කියන්න පන්සල් වල බණ අහන උපාසිකා අම්මලට. ඒගොල්ලො නම් රැවටෙයි. හික් හික්......
නමුත් අද ලෝකයේ තරුණ පරපුර ඊට වඩා බුද්ධිමත්!

අද ඔවුන් යමක් පිළිගන්නෙ පරීක්ෂාවට භාජනය කරලා බලලා. විනාඩි 10ක් භාවනා කරලා පරීක්ෂා කරන්න කිව්වම ඒකත් බැරි ඔබ වගේ නොදියුණු මොළ නියෝජනය කරන්නෙ නූතන විද්‍යාව නම් නොවන බව මම කියනවා.

සූස්ති ගුනේ said...

හිහ් හි.. අනේ බොස් පැනලා යන්නේ ඇයි, ලැජ්ජයි ලැජ්ජයි වගේද? එක එක ගෝතයන්ගෙ නම් පිටිපස්සේ හැංගෙන්නේ නැතුව කෙලින් උත්තර දෙනවද සෑර්?

නිවන , කර්මය පර්යේශනාත්මකව ඔප්පු කරලද බොස් තියෙන්නේ? නොදන්න හිංදයි අහන්නේ...හික් හික්.. විනාඩි 10ක් භාවනා කරාම සෑර්ට පෙනෙන halucination මද හැමෝටම පේන්නේ?? පන්සල් වල බන අහන අයට හොද සෑර්ගෙ බොලොග් එක නොවැ! ඔය තියෙන්නෙ අවීචි මහ නරකාදියෙ ඉඳලා තව්තිසාව වෙනකං.. උසත් එක්කම, හික් හික්..

Chamitha said...

හික් හික්..... අනෙ මන්දා මේ සූත්තිගෙ විහිලු වල කෙළවරක් නැහැ නොවැ. හිනා වෙලා බඩත් කොර වෙනවා:P
කර්මය හා නිවන පර්යේෂණාත්මකව ඔප්පු කරලා කියල කවුද කිව්වෙ? ඒවා කවාදාවත් ඔප්පු කරන්න බැහැ නූතන භෞතික පර්යේෂණ වලින්. එය කළ හැකි එකම ආකාරයයි තියෙන්නෙ. ඒ තමයි චිත්ත පර්යේෂණ (thought experiments) වලින්. ඒක කරන පර්යේෂණ ක්‍රමය පැහැදිලිව සඳහන් වෙලා තියනවා.

ඔබ දිගින් දිගටම hallucinations ගැන කියවන නිසා මම ඒ ගැනත් පැහැදිලි කරන්නම්. වල අර්ථදැක්වීම මෙහෙමයි.
A hallucination, in the broadest sense, is a perception in the absence of a stimulus. In a stricter sense, hallucinations are defined as perceptions in a conscious and awake state in the absence of external stimuli which have qualities of real perception, in that they are vivid, substantial, and located in external objective space.
Hallucinations කියා දෙයක් ඇති වන්නේ සිතක් පහළ වීමට අවශ්‍ය මූල හේතුවක් නොමැති වීම කරණය කොටගෙන සිතක් පහළ නොවී පැවතීම නිසායි.
ඔබ දිගින් දිගටම hallucinations යනු මානසික ව්‍යාධිජනක තත්ත්වයක් යැයි පෙන්වීමට උත්සාහ කළත් සත්‍යය එය නොවෙයි. Hallucinations පිටුපස schizophrenia, Delirium tremens වැනි මානසික ව්‍යාධිජනක තත්ත්ව, නින්ද අඩුකම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිය පමණක් නොවේ ඉතා දීර්ඝ ලෙස සංගීතයට සවන්දීම වුවත් හේතු ලෙස තිබිය හැකියි. නමුත් එසේ වූ පමණින් හි ඇත්තේ ඍණාත්මක ප්‍රතිඵල පමණක් යැයි කියන්න බැහැ. සිතෙහි stimulus එකක් නැති වූ පමණින් එය මානසික හෝ කායික රෝගී තත්ත්වයක් යැයි ඔබ කියවනවා නම් ඊට හේතුව ඔබේ නූතන මානසික ජීව විද්‍යාව (neurobiology) පිළිබඳ අනවබෝධයයි.
එසේම දිගින් දිගටම භාවනා කරන පුද්ගලයන්ගෙනුත් hallucinations වාර්තා වෙනවා. භාවනාවේ ස්වභාවය එයයි. නමුත් ඔබ දැනගත යුතුයි භාවනාව කියන්නෙ ඉතා ගැඹුරු විෂයක් බව. මෙය මනස එක්ක කරන සෙල්ලමක් (මනස කියා ස්ථිර දෙයක් නෑ, ඇත්තේ ඇතිවන-නැතිවන චිත්ත/සිතුවිලි/සිත් සමුදායක් විතරයි. මනස කියා දෙයක් තිබෙනවා කියා ගන්නේත් අර කලින් කී ඇතිවන-නැතිවන සිත් වලින් එකක් පමණයි. මම ඒ ගැන පසුව ලිපියක් ලියන්න ඉන්නේ, ඔබ වගේ මනස තිබෙන්නේ මොළයේ යැයි සිතා සිටින භෞතිකවාදීන්ගේ දැනගැනීම පිණිස).

Hallucinations ඇතිවන්නේ කෙනෙක් භාවනාව කරමින් යන විට එය වැරදෙන අවස්ථාවන් නිසා. වැරදි වැරදී නිවැරදි කරගැනීමයි භාවනාවේදී කෙරෙන්නේ. සතිපට්ඨානය හෙවත් සිහිය පිහිටුවාගැනීම පහසු දෙයක් නොවෙයි. නමුත් සිත ඉවතට ගොස් සිත අලස වී අවසානයෙහි සිතෙහි කිසිවක් නැති (හරියටම කිව්වොත් සිතක් නැති) අවස්ථාවක් උදාවූ පමණින් ඔබට කියන්න බැහැ එය භාවනා කිරීමේ වැරැද්දක් කියා. ඔබ දන්නවාද බෞද්ධ භාවනා ක්‍රමයේ hallucinations මඟහැරීමේ ක්‍රම තිබෙන බව? මේ පිළිබඳව භාවනා පොතපතෙහි ඉතා දීර්ඝ වශයෙන් කරුණු තිබෙනවා. ඒවා ඔබ නොදන්නා බව මම දන්නවා.

නමුත් ඔබ ඒවා දන්නෙ නැහැ කියලා ඉන් සත්‍යයට හානියක් වෙන්නෙ නැහැ නේද?

Chamitha said...

ඔබ මට කියනවා එක එක ගෝතයන්ගෙ නම් පිටිපස්සෙ හැංගෙන්නෙ නැතුව උත්තර දෙන්න කියලා. මම කියනවා මම කාගෙ නමක් පස්සෙ වත් හැංගිලා නැහැ කියලා! මම මගේ අදහස් මගේම නමින් දක්වන්න බය නැහැ. නමුත් ඔබ එහෙම නොවෙයි නේ? හික් හික්......
සූත්ති ගුණේට පුලුවන් නම් තමන්ගෙ ඇත්ත profile එකෙන් එක කමෙන්ට් එකක් දාන්න කියා මම අභියෝග කරනවා. ඔබට පුලුවන්ද? බැහැ නේ? (ආයෙත් බඩ මොකද්දෝ වගේ. හිනා වෙලා ඉවරයක් නැහැ. lol).

ඒ නොහැකියාවට හේතුව ඔබ විශ්වාස කරන, ඔබේ මතවාදය වෙනුවෙන් පෙනී හිටින්න ඔබට පණක් නැහැ. ඒකට හේතුව ඔබේ දැනුමේ ඌනතාවය, තාර්කික බුද්ධියේ හීනකම, වියුක්ත චින්තනයක් නොමැතිකම සහ හීනමානය යන සංසිද්ධීන් හි සංකලනයක් විය හැකියි. දැන් පුලුවන් නම් ආයෙත් කියන්න මම අනුන්ගෙ නම් පිටිපස්සෙ හැංගිලා තර්ක කරනවා කියලා. lamo....

Chamitha said...

This paper reflects the findings of a neurobiological research

Hallucinations and the Human Consciousness

The idea of consciousness has been contemplated throughout the course of neurobiology and behavior. When does it begin or end? And what, precisely, is consciousness? Though researchers may only approximate the answers to these questions, a few things may be inferred. Since the subconscious mind is the sleeping mind, the conscious mind can be thought of as the awakened mind, the mind which shows itself to others most often. This is not to say that the conscious mind is reality, because (as will later be explained) reality is quite subjective. It is just that the conscious mind is the one most people associate with reality. For example, people who experience an event while dreaming will refer to it as a dream, because it occurred in their subconscious. Whereas, if the event had occurred while they were awake-in their conscious mind-frame, then it would be considered as an actual experience.

The designation between subconscious and conscious or reality and dreamlike states seem to be cut and dry. However altered mind-sets confuse the line and cause hallucinations. When we dream, our thinking is mostly pictorial and depends on memory. We may hear words, but we understand most of the dream through pictures and people from the past or present. As we awaken, our mind switches from pictorial thinking to word-based thinking. Hallucinations occur when the mind does not completely switch, or switches back, to the conscious state.

The first thing to note about hallucinations is that they have long been associated with mental illness because many people become confused as to what they are seeing or experiencing. Though hallucinations do occur in mentally ill people (most commonly in people with schizophrenia or bipolar disorder), they can occur in "normal" people as well. Since there are many causes of hallucinations--lack of sleep, drugs, certain types of epilepsy, and prolonged meditation-not all causes are related to psychological disorders. The second important issue concerning hallucinations is that people who experience hallucinations experience a lapse in perception. People who hallucinate often know what they are experiencing is caused by external factors. Therefore their perception of events is being altered, but not to the extent where they believe in a different reality. (An alteration of reality is referred to as a delusion, which is more serious than a hallucination.)

Our perception is not absolutely real. Our brain filters the environment through sensory areas. The brain's cognitive ability allows us to organize the stimulus from the external world and perceive it as the "real" world. Basically, our perception is only an approximation of reality. Since we are already constantly thinking through representations and symbols, it is not that difficult for our perception to be skewed into hallucinations. While hallucinating, the sensory regions of the brain are overridden by the memory areas of the brain. The memory areas are now in charge and call upon the sensory areas to deliver a hallucination with feeling, smell, sight, etc. Since all the senses as well as familiar memories are involved in hallucinations (unlike dreams), perception is distorted for a short while.

Chamitha said...

There are several suggestions as to how this confusion between the word-based consciousness and the pictorial subconscious occurs. Some neurochemists feel that there is a neural gate regulating the brain's arousal in certain areas. The gate, the attenuator, opens during the night (or when it is time for sleep) and activates the visual area of the brain. When the person wakes, the attenuator shuts on the visual area and opens the word-based area of the brain for conscious use. If, for example, people were fatigued, it would be simple for the brain to confuse the exhaustion with a nap and allow the attenuator to activate the visual area of the brain. Or, if someone is under the influence of a drug (i.e. peyote), the brain can react the same way. The cerebral cortex and the limbic system are the areas of the brain specifically involved because they are the centers for familiarity and meaningfulness of situations. When the brain exhibits a hallucination, and triggers a memory of a past representation, the person becomes more confused because there is an added reality to the hallucination through past experience.

Many people purposefully try to lapse into their subconscious or escape from reality into hallucinations. Among these people are not only drug users, but also serious meditators. The concept of nirvana, for example, in Buddhism revolves around a stage of enlightenment. This enlightenment is only experienced through repetitive and concentrated meditation. People who reach nirvana realize that they have removed themselves from their normal perception of reality into a new state of mind.

Nirvana demonstrates how hallucinations are not necessarily negative events. Though the mind is being distorted to a certain degree, the cause of the hallucination is more important than the hallucination itself. If drug use or a mental illness brings about the hallucination, the causes themselves are problematic. However, if one chooses to hallucinate because of a culture or religion, as in the cases of meditation and peyote, their behavior is justified. There is still much to be researched in this area of neurobiology and behavior. Not only because little is known, but also because it is far more common than most people would like to think, since psychologically and biologically ill people as well as normal people may hallucinate from time to time.

Chamitha said...

මෙහි එන කරුණු 100%ක් ම බුදු දහමේ එන භාවනා ක්‍රම සමඟ එකඟ නොවුණත් එමගින් පැහැදිලිවම hallucinations යනු තනිකරම මානසික ව්‍යාධිජනක තත්ත්වයක් ලෙස නූතන විද්‍යාව නොදකින බව පෙන්වන්න පුලුවන්.

Anonymous said...

Glad there are wise people like susthi gune in Sri Lanka. In my opinion these all religions are pure bullshit.

Dasun Sameera - දසුන් සමීර said...

සටහන දුටුවේ අදයි. ඔබේ සටහනින් අවබෝධ කරගත් සහ සිතන්නට යෙදුනු කරණු බොහෝයි. මේ සටහන ඒ ගැනනම් නොවේ. මෙහි මුල සිට කමෙන්ට් දමමින් ලිපියේ හරය විකුර්ති කර බ්ලොග් සටහන හයිජැක් කරන්නට වෙරදරනා කොන්ද පන නැති(නිර්නාමික) නිවටයින් ගැනයි.

කියවා අවබෝධ කර ගැනීමට ශක්තියක් නොමැති වූත් තම මතයට අදාල නොවන සියල්ලන් පිස්සන් සේ දකින නමුත් තමන්ගේ මතය ගැන තමන්ටම සැක ඇති(නිර්නාමිකව ලිවීමෙන් මෙය පැහැදිලිවේ) මෙවන් නිවටයන්ගේ සටහන් වලට ප්‍රතිචාර නොදැක්විය යුතු බව මගේ මතයයි. කුඩා කල අනන්ත වාද වලට පැටලී ඇතිමුත් කරණු අවබෝධ කර ගැනීමට හෝ තමන්ටද වැරදීමට ඉඩ ඇති බව පිලිනොගන්නාවුන් සමග වාදකිරීම කිසිදු ප්‍රොයෝජනයක් නොවන බව අත්දැකීමෙන් දැක ඇතතෙමි.‍ කෙටියෙන්ම කියනවනම් ගොන් ප්‍රශ්න වලට උත්තර දිය යුතු නැත.

Anonymous said...

(Qoute by chamitha - සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. )

මැවුම්කාර සන්කල්පය බුදු දහමට අදාලද? අපි නම් එහෙම එකක් අහල නැහැ..

Sanjaya said...

නූතන චින්තන වාදයේ සහ විද්‍යාවේ චන්ඩමාරුතයන්ට හසු වී තමාගේ මුල් තමන් විසින්ම කප්පාදුකොට ගෙන හරසුන් පරඩැල් සේ ඒ මේ අත ගසාගෙන යන යුගයක ඔබ වැනි තරුණ චින්තකයන් සිරිලක බිහිවීම වල්මත්වැ විවිධ දෘශ්ඨි මතවාද වලින් වේඨනය වී සිටින අපේ තරුණ පරපුරට සෞම්‍ය දිණකරයක් වැන්න.ඔබ වැනි ශ්‍රේෂ්ඨ ලක් දූ පුතුන් තව තව මෙලක ජනිත වීමට ලක්මව පිංවන්තියක්ම වේවා......!

ඩිල්-බර්ටි said...

චමිත, මෙපමණ ගැඹුරු කරුණු තර්කානුකූලව, මැනවින් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය...

මට කියන්න තියෙන්නෙ නම්, "නවීන" විද්‍යාවේ දැක්වෙන පරීක්ෂණ - නිරීක්ෂණ - නිගමන යන ක්‍රමවේදය බුදුන් වහන්සේ නවීන විද්‍යාව බිහි වීමට අවුරුදු 2000 කටත් පෙර

අපට ලබා දුන්නා. අපට තියෙන්නෙ ඒ ක්‍රමවේදය අනුව පරීක්ෂණ කරලා, උන්වහන්සේ වදාල නිරීක්ෂණ අත්දැකලා, උන් වහන්සේ පැමිණි නිගමනයටම පැමිණිමට හැකිදැයි

අත්හදා බැලීමයි!

අපේ සූස්ති ගුනෙයි ඇනොයි එහෙම නොකර මල්ලෙ පොල් උත්තර දුන්නු එකට නම් මට කනගාටු හිතුනා. ඒකත් අර කවුද හඳ දිහාට ඇඟිල්ල දික් කරලා අනිත් අයට හඳ

පෙන්නන්න හැදුවාම, ඇඟිල්ලෙ තියෙන ඇදකුද ගැන කතා වෙනවා වගේ... චමිතවත් මමවත් බුදු වෙලා නැහැනෙ.. ඉතින් කියන දේවල් වල යම් යම් අඩුපාඩු ඇති. නමුත්

ඉතාම පැහැදිලි (හැබැයි දුෂ්කර) ක්‍රම වේදයක් බුදුන් වහන්සේ වදාරලා තියෙනවනෙ. මම හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා ඒ ක්‍රම වේදය අනුගමනය කරලා ඉවර වෙලා

හැකිනම් එහි වැරැද්ද පෙන්නලා දෙන්න කියලා. එහෙම නොකර ඒ ක්‍රම වේදයේ වැරදි දකින එක අනුමත කරන්න බැහැනෙ. ඒක හරියට යම්කිසි රසායන විද්‍යා පරික්ෂණයක්

කරන්නෙවත් නැතුව එහි ප්‍රතිඵලය වැරදියි කියන්නා වගේ. දැන් බලන්න බුදුන් වහන්සෙ තමයි එකම ශාස්තෘවරයා, අන් සියලු ශාස්තෘන්ගෙ ඉගැන්වීම් හදාරලා ඉවර වෙලා

ඒවායෙ වැරදි අදුනගෙන, තම්න් සොයාගත් පටිච්ච සමුප්පාදය නමැති අතිශය විද්‍යාත්මක දර්ශනය ඉදිරිපත් කල. උන්වහන්සේ අනිත් ඉගැන්වීම් වලට ගරහන්න ගියෙ නැහැ එහි

ඇති වැරද්ද පෙන්වා ඒත් සමගම නිවැරදි මාර්ගයත් පෙන්නා දුන්නා. දැන් අපේ භෞතික වාදීන් උප පරමාණුක අංශු තිබෙනවා යැයි පිලිගන්නෙ ඒවා දැකලාද? නැහැනෙ.

යමෙක් ඉලෙක්ට්‍රොන් අන්වීක්ෂයෙන් හරි particle accelerator එකෙන් කල පරික්ෂණයක නිගමන අනුව දාපු paper එකකින්නෙ. ඉතින් දෙයියනේ,

බෞද්ධ දර්ශනයේ ඉතා පැහැදිලිව දක්වා ඇති ක්‍රමවේදය තමන්ටම පිලිපැදලා නිගමන වලට එන්න පුලුවන්නෙ. කාගෙවත් paper ඕන නැහැනෙ. බුදු දහමෙ කියන්නෙත්

එහෙම කරන්න කියලම තමයි. නැතුව ඔය මොන වාද පස්සෙ යන්නවත්, නැත්තම් මෛත්රි බුදුන් පහල වෙනකන් උඩ බලාගෙන ඉන්නවත් නෙවෙයි.

දිව්‍ය ලෝක, ප්‍රෙත ලෝකාදිය අපට ගෝචර නොවෙන්නෙ අපේ ඉන්ද්‍රිය 6න් 5ක්ම (මනස හැර අනිත් පංචේන්ද්‍රිය) ඉතා සීමිත පරාසයක ක්‍රියාත්මක වෙන නිසා. යම් යම් අය

ඉලෙක්‍ට්‍රොන් අන්වික්ෂය, හබ්ල් දුරේක්ෂය වගේ උපකරණ වලින් අපේ ඇස කියන ඉන්ද්‍රිය තරමක් ශක්තිමත් කලා. අපේ අය මේ ට්‍රයි කරලා වැඩි දියුණු කලේ අපට තියෙන

ප්‍රබලම ඉන්ද්‍රිය - මනස - නොවේ, ඉදිකට්ටකට නූලක් අමුනන්නත් මහා උත්සාහයක් දරන අපේ අනිත් ඉන්ද්‍රියයන්! බුදුන් වහන්සේ තමයි අදුන ගත්තෙ මනස කියන ප්‍රබල

ඉන්ද්‍රිය දියුණු කලොත්, අනෙකුත් 5ටම හරියන්න දේවල් විදින්න පුලුවන් කියලා.

බෞද්ධ දර්ශනයට අකැමති නම් කමක් නැහැ. තමන් කැමති ආගමක් හෝ දර්ශනයක් අදහන්න නිදහස තියෙනවනෙ. හැබැයි බෞද්ධ දර්ශණයේ හරය නොදැන එයට ගැරහීම

අනුමත කරන්න බැහැ. දැන් කවුරු හරි කියන්න පුලුවන් මම බෞද්ධ වුනේ ශුද්ධ වූ බයිබලය, ශුද්ධ වූ කුරානය ආදි සියලු දේ ගැන මැනවින් හදාරලාද කියලා. මම ඒකට

මෙහෙම උත්තරයක් දෙන්නම්. බුදුන් වහන්සේගේ කාලයේ දෘෂ්ඨි 62ක් තිබ්බා. ඔය මැවුම් වාදයත් ඊට ඇතුලත්. බුදුන් වහන්සේ ඉතාමත් තර්කානුකූලව ඒ දෘෂ්ඨි 62ම වැරදි

බව පෙන්නුවා. ඉතින් අපට ඒ පරික්ෂණ, නිරීක්ෂන, නිගමන 62ම ආයෙත් කරන්න අවශ්‍ය නැහැනෙ. ඕනනම් කරන්නත් පුලුවන් :) අප කලයුත්තෙ නිවැරදි ක්‍රම

වේදයට අදාල පරික්ෂණ, නිරික්ෂණ සහ නිගමන ගැන බලාගැනීමයි. යම්ක් වැරදි බව එක් වරක් එය ඔප්පු කලාම ප්‍රමාණවත් නේද? හැබැයි යමක් නිවැරදි බව ඔප්පු කරන්න නම

නැවත නැවතත් ඒ බව පෙන්විය හැකි විය යුතුයි (repeatable).

ඩිල්-බර්ටි said...

මහා කල්පය ගැනත් අදහසක් කියන්න කැමතියි. විද්‍යාවේ කියවෙන බිග් බැංග් සහ බිග් ක්‍රන්ච් කියන අවස්ථා දෙක අතර කාලය මහා කල්පයක් හැටියටයි මම අවබෝධ කරගෙන

සිටින්නෙ. කවුරු හරි පුලුවන්නම් අවුරුදු වලින් ඒක කොච්චරද කියලා ගණ්නය කරලා කියන්න. වසර ට්‍රිලියන ගණනක් ඒවි! ඔය මහා කල්පය අවධි හතරකට බෙදෙනවා -

විවට්ඨ, විවට්ඨායි, සංවට්ඨ සංවට්ඨායි (වචන වැරදි නම් කියන්න. සමහර තැන්වල වෙනස් වචන යෙදෙනවා). අපි දැන් ඉන්නෙ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින විවට්ඨ

අවධියෙ. විවට්ඨායි කියන්නෙ ප්‍රසාරණය නවතින අවධිය. ඊලඟට සංකෝචනය වන අවධිය. ඒක ඉවර වෙන්නෙ සියලුම පදාර්ථයන් පොඉන්ට් ඔෆ් සින්ගියුලැරිටි කියන

අවස්ථාවට ආවම. අන්තිමට එන්නෙ සංකෝචනය නැවතිලා තියෙන අවධිය. ආයෙත් විවට්ඨ අවධිය එතකොට අලුත් විශ්වයක ආරම්භය. ඇත්තම කියනවනම් මම අවබෝධ

කරගෙන ඉන්නෙ නම්, ඔය පොයින්ට් ඔෆ් සින්ගියුලැරිටි කියන්නෙ සංකල්පයක් පමණයි කියලා. ඇත්තටම වෙන්නෙ ශක්තිය පදාර්ථය බවටත්, නැවත ශක්තිය බවටත්

පරිවර්තනය වන මහා විශ්වීය ක්‍රියාවලියක් පමණ්ක් බව කියලයි මම හිතන්නෙ. ඒකත් වෙන්නෙ අපට ගෝචර වන සීමාවෙ සහ ඊට ටිකක් එපිටින් බවයි මගේ හැඟීම. ඒ නිසා

තමයි අපේ පෘතිවිය විනාශ වෙනකොට, එක්කෝ අපි ඉහල තලයකට (ඩිමෙන්ෂන්) යන්න ඕන. නැත්තම් පහල තලයකට වැටෙන්න ඕන. එහෙමත් නැත්තං නිවන්

අවබෝධ කරලා පිරිනිවන් පාන්න ඕන. ඒ ඉහල තල විනාශ වෙනකොට ඉතින්, ආයෙත් ඊට ඉහල තලයකට යන්න ඕන, නැත්තම් බොහෝ පහල තලයකට වැටෙන්න ඕන

නැත්තම් පිරිනිවන් පාන්න ඕන. ටිකක් හිතලා බලන්න අර චමිත පැහැදිලි කල තල 31 ත් සමග මෙය සැසදෙනවා නේද කියලා. ඉතින් අපි කීයෙන් කී දෙනාද ඉහල තල වලට

ලගා වන්න ඉඩ සලසන පින් කර ගන්නෙ? ධ්‍යාන වඩන්නෙ? අන්තිමට වෙන්නෙ අර පහලම නිරයෙ කල්ප ගණනක් දුක් විදින්න තමයි! මොකද එව්වට යන්න ලේසියි. එන්න

අමාරුයි නෙ.

බෞද්ධ දර්ශණයේ අනුන් පැහැදවීම එච්චරම අනුමත කරන දෙයක් නෙවෙයි මම දන්න හැටියට. කල යුත්තෙ හරි දේ කුමක්ද යන්න තමන්ට අවබෝධ කර ගැනීමයි. ඇත්තම

කියනවනම් චමිතත් මේ අත ගහල තියෙන්නෙ ඒ වගේ දෙයකටයි :) තරහකට නොවෙයි කියන්නෙ.

මගේ මේ සටහනෙත් වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න. හැබැයි කරුණා කරලා බුද්ඨිමත් තර්ක විතරක් ගේන්න. වචනයක් අල්ලගෙන ගහන්න එපා.

සංකල්පයක්/අදහසක් අල්ලගෙන ගහන්න :)

තෙරුවන් සරණයි

Mayura said...

ඉතා හොඳ ලිපියක්. බටහිර විද්‍යාවේ විශ්වවේදයේත් තියෙන්නේ බයිබලයේ කතා මිස වෙනත් ඒවා නොවෙයි කියලයි මට හිතෙන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මතු බුදු වෙන මෛත්‍රී බුදු හාමුදුරුවන් "නාථ " නමින් සිටින බවට ගෞතම බුදු හාමුදුරුවෝ කියලා කිව්වේ මොන අවස්ථාවේදී ද? (ත්‍රිපිටකයේ කොතැනක හරි තියේද?)

Unknown said...

චමිත මහත්මයාණනි,
හොඳ ලිපියක්. ඔබ බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව දුටු නිසා ඔබට මෙය කීමට සිත්විය. සැබෑ සත්‍ය සොයා යාමට නම් මෙම ලිපි පෙළ කියවනු මැනවි. http://waytonivana.blogspot.com/2012/09/2011-2012.html
(අවම වශයෙන් මුල් පොත් 5 කියවීමෙන් තොරව මෙය ප්‍රතික්ශේප නොකරන්න.)

Unknown said...

If any one interested about meditation with pure buddhism please let me know. I know a great place to learn it. Email to pemilag@gmail.com

Madhawa Sadil said...

"බෞද්ධ සහස්‍ර විශ්ව න්‍යායවේදය හා බෞද්ධ ආකාශ විශ්ව න්‍යායවේදය පිළිබඳ කරුණු අනාගතයට........"
මෙම කරුණු පිලිබදවත් විස්තරයක් ගෙන එන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබේ විස්තරය කියවීමෙන් හා Comments කියවීමෙන් බොහෝ දේ දැනගතිමි. ස්තූතියි.

E-moneyshe025 said...

https://youtu.be/KhKU2wktDT8 Consider checking this out bro,You'll definetely get some usful knowkedge which might could beat your Karma which left you in this state of wisdom.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.