Pages

Tuesday, May 12, 2009

VLC 0.9.9 ඇවිත්..!!

ලෝකයේ හොඳම media player එකේ අලුත්ම වෙළුම ඇවිත්..!

තවමත් ඉපැරණි Windows Media Player එක අල්ලගෙන දඟලන ඈයොත් ඉන්න පුලුවන් නිසා මම ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඔබ කවදා හෝ
media file එකක් play කරගන්න බැරුව කරදරයට පත්වෙලා තියනවද? ඔබ film එකක් බලන්න හෝ සින්දුවක් අහන්න යද්දි ඔබේ player එක කියල කියනවද "---- doesn't recognize this media format" කියලා? ඒ කියන්නෙ ඔබ පාවිච්චි කරන්නෙ VLC Media Player එක නෙවෙයි.

VLC භාවිතා කරන කෙනෙකුට කවදාවත් ඒ වගේ අකරතැබ්බයකට මුහුණදෙන්න වෙන්නෙ නෑ. මොකද ඒකට සාමාන්‍යයෙන් මිහිමත තියන ඕනෙම media file එකක් play කරන්න පුලුවන් නිසා..!! VLC කියන්නෙ මුලුමනින්ම නිදහස් කේත මෘදුකාංගයක්. ක්‍රැක් කිරීම් අනවශ්‍යයි. පැච් කිරීම් අනවශ්‍යයි. කිසිම කරදරයක් නෑ. බාපු ගමන් එක දිගට පාවිචිචි කරන්න පුලුවන් මැරෙනකල්;-)

ඒක තමයි මේක අතිශය ජනප්‍රිය වෙන්න හේතුව...

දැන් ඇවිත් තියෙන්නෙ ඒකෙ අලුත්ම වෙළුම, VLC 0.9.9. ඊලඟට එන්නෙ හැමෝම බලාගෙන ඉන්න VLC 1.0.0. මේ වෙළුම තුලත් අලුත් features ගණනාවක්ම අන්තර්ගත වෙනව මෙන්න මේ ආකාරයේ.
  • Windows මත පැනල කිහිපයක play කළ හැකියි. මේක මම ගොඩක් අගය කරන දෙයක්. උදාහරණයක් විදියට සින්දු අහද්දි මේ හරහා, play list එකකට නොදමා වෙන වෙනම සින්දු කිහිපයක්ම play කරන්න පුලුවන්.
  • Intel මත පදනම් වූ MAC පරිගණක මත හොඳ video performance එකක් ලබාදෙන්න පුලුවන්.
  • Windows මත විවිධ decoders හා යාවත්කාලීනයන්.
  • libxml2 >=2.7.3 සමඟ workaround bug එකක්.
  • මීට අමතරව FFmpeg භාවිතා කරමින් Real Video 3.0 හා 4.0 සඳහා experimental native decoder එකකුත් එකතු කරල තියනවා. මේ මගින් Real media files වලට තිබෙන බාධාවන් ඉවත්ව යනවා.
මෙවන් විවිධාකාර සංස්කරණයන් සහිත VLC 0.9.9 ඔබට බාගත කරගන්න පුලුවන් මෙනතින්.

VLC වලට ඇතැමුන් එල්ල කරන චෝදනාව තමයි එහි interface එක. ඒක වැඩිදියුණු කරගන්න ඕන කෙනෙකුට මෙතනින් ඕනෙ තරම් skins හොයාගන්න පුලුවන්. නමුත් ලස්සන ගැන සැලකිලිමත් නොවන, වැඩ විතරක් අගය කරන කෙනෙක්ට නම් ඒව ඕන නැතිවෙයි...:-)

2 comments:

ශාකුන්තල | Shaakunthala said...

First of all, sorry for commenting in English.

VLC is not the best media player I guess. The best media player is The KMPlayer. It can play almost all the video formats including broken video files. See http://www.kmplayer.com/forums/showthread.php?t=4094

If you are not happy with VLC's appearance, try Kantaris which is based on VLC. http://www.kantaris.org/

Anonymous said...

ගොඩක් අය mkv container එකෙන් හරි, rmvb format එකේ හරි films DL කරන්න තමා කැමති. ඒවගෙ size එක චූටි නිසා. mkv files VLC Player එකෙන් play කරන්න පුලුවන් උනාට rmvb (real video) files VLC Player එකෙන් play කරන්න බැරුව තිබ්බ නිසා එවා play කරන්න real player එක හරි, වෙන plug-ins හරි ඕන වෙනවා. ඉතින් දැන් real media fileලුත් VLC එකෙන් play කරන්න ලැබෙන එක ලොකු වාසියක්.

:)

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.