skip to main |
skip to sidebar

ආදරණීය ගුරුතුමනි,
මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.
උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...
මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.
කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...
හිට්ලර්ගේ ග්රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....
7 comments:
වටිනා උපුටනයක් පල කොට අලුතෙන් යමක් සිතීමට පෙළඹවීම ගැන ස්තූතිවන්ත වෙමි. ඒ වගේම තව දෙයකුත් කියන්න කැමතියි. ඒ තමයි පුලුවන් නම් ටිකක් වැඩියෙන් ලිපි පල කරන්න. මොකද ඔබේ ලිපි හුඟක් වටින බවයි මගේ අදහස. ඒ වගේම මේ වැඩේ අත්නොහැර දිගටම කරගෙන යන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි.
සංවේදී ලියමනක්...උදාර කියනවා වගේ මටත් අහන්න තියෙන්නේ මොකෝ දැන් වැඩිපුර ලියවෙන්නේ නැත්තේ කියලා
එක විදියකට කරුණු නොදැන ලියපු දෙයක්. එක අතකින් ඇත්ත කතාවක්.
නාසි හිර කඳවුරු වල සිද්ද වුන දේවල් ගැන "උන් යක්ෂයො" කියනවට වැඩිය දෙයක් තියෙනව. ඒකට මානව හිතවාදය අයිතිවෙන්නෙ නැහැ. ඔය කියන මානව හිතවාදය නාසිවාදයෙම තියෙනව.
අනිත් අතට අද බිහිවෙන හුඟක් උපාධිධරයින්ට මානුෂීය සමාජීය අධ්‍යාපනයක් අවශ්‍ය බව නම් ඇත්ත.
හිංසාව ලෝකෙන් තුරන් කරන්න විදිහක් නෑ. ඒක හැමදාම මොන විදිහට හරි තියෙනවා. කාලෙන් කාලෙට අඩු වැඩි වෙවී තියෙනවා. ඒවායේ ප්‍රථිපල ඛේදනීයයි. යථාර්තය අවධි කරන කවියක්...
සියලු දෙනාම ග්‍රහණයට හසු වෙලා...
විශිෂ්ට,සංවෙදී ලිපියක්...
Guys just sharing, I've found this interesting! Check it out! https://goo.gl/OjG3jZ
more info
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.