තමිල්නාඩු මහ ඇමති මුතුවේළු කරුණානිධි මහතා ලෝකයටම විහිලු සපයන විහිලුකාරයෙකුගේ තත්වයට පත්ව තිබේ.
පසුගිය ඉරිදා (19-04-2009) ඔහු පැවසූයේ LTTE නායක වේලුපිල්ලේ පිරබාහරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ය. "He is my friend. And I'm not a terrorist" ("ඔහු මාගේ මිත්‍රයා ය. එසේම මා ත්‍රස්තවාදියෙකු නොවේ") දකුණු ඉන්දියානු NDTV රූපවාහිනී චැනලය අමතා එසේ පැවසීය. එතෙකින් නොනවතින ඔහු මෙසේ ද පවසයි. "යම්හෙයකින් ඔහු (පිරබාහරන්) ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනය වුවහොත් තමා අතිශයින්ම කම්පනයට පත්වනු ඇත"
ඒ ඉරිදා ය. මේ සඳුදා (20-04-2009) ඔහු කරන අපූරු ප්‍රකාශයයි.
"LTTEය යනු අන්තවාදී සංවිධානයකි. එය ආරම්භ වූයේ නැක්සලයිට් කල්ලියක් වැනි අන්තවාදී සංවිධානයක් ලෙස නොව විමුක්ති සංවිධානයක් ලෙසයි. නමුත් කාලයත් සමඟ එය අන්තවාදී තත්වයට පත්විය". ඉරිදා ඔහුගේ ප්‍රකාශයට පාලක කොංග්‍රස් පක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මේ හදිසි වෙනසට හේතුව බවට සැකයක් නැත. තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද කියයි "පිරබාහරන් සහ ඔහුගේ සංවිධානය ත්‍රස්තවාදය අතට ගන්නට ඇත. නමුත් එය පිරබාහරන්ගේ වැරැද්ද නොවේ".
මේවා දකින අප හට ඇසීමට තිබෙන්නේ කරුණානිධි මේවා පවසන්නේ රෙදි ඇඳගෙන ද යන්නයි. අද ප්‍රතිපත්තිය හෙට වෙනස් කරන, වාසිය තකා තම මූලික මතවාදයන් පවා පාවාදෙන දේශපාලනඥයන් සිටිනුයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව මෙම උදාහරණය අපට පසක් කරවයි. ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව දිනාගැනීම ඉහත මුල්ම ප්‍රකාශය පිටුපස පැවති කූට උපාය බව පැහැදිලි ය. නමුත් අනපේක්ෂිත පරිදි පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඔහුට සිදු වූයේ රෙදි ගලවා පසෙකින් තබා තම මුල් ප්‍රකාශය මෘදු කිරීමටයි. දැඩි LTTE විරෝධී ස්ථාවරයක සිටි විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද මැතිවරණ ජයග්‍රහණය උදෙසා කොටි හිතවාදී වයිකෝ වැන්නන් තම ඔඩොක්කුවේ රොවාගෙන සටන් වදින සන්දර්භයක් තුල කරුණනිධි ද මෙවන් දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ අප පුදුමයට පත්විය යුතු නැත. නමුත් තම ප්‍රකාශය පැය කිහිපයක් තුල තමාටම පාරාවළල්ලක් වීම පිලිබඳව අප ඔහුට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ යුතුය.
ඊට අමතරව ඔහු තවත් අපූරු ප්‍රකාශයක් මෑතකදී කළේ ය. යම් හෙයකින් වේලුපිල්ලේ පිරබාහරන් ශ්‍රී ලංකා හමුදාවට අසු වුවහොත් ඔහුට, ග්‍රීක අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර්, පෝරස් රජුට සැලකූ ආකාරයට සැලකිය යුතුය යනු එයයි. ඔහු අදහස් කළේ පිරබාහරන් ජීවග්‍රහයෙන් අල්ලාගතහොත් ඔහුට රජෙකුට සමාන අයුරින් සැලකිය යුතුය යන්නයි. නමුත් ඔහු සඟවන එක් කරුණක් තිබේ. එනම් සිංහල ජාතියට, තම සතුරාට සලකන ආකාරය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති බවයි. යුද්ධයෙන් පරාජයට පත්ව ජීවිතක්ෂයට පත්වූ එළාර රජුට දුටුගැමුණු රජු සැලකූ ආකාරය ඔහු නොදන්නේයැයි සිතිය නොහැක.
එසේ නම් එම සිද්ධිය සඟවා අසලක වත් නොමැති ඇලෙක්සැන්ඩර් රජු සම්බන්ධ සිද්ධියක් ඈඳාගැනීමෙන් පැහැදිලිවන්නේ ඔහුගේ කුහකත්වයයි. එක් අතකින් එහි ද පුදුමයක් නැත. මන්ද තම වර්ගයාහේ පරාජයක් වසාගැනීමට ඔහුගේ සිත යොමුවීම ඉතා ස්වභාවික සංසිද්ධියක් වීමයි. නමුත් දෛවෝපගත කරුණ වන්නේ එම විරුද්ධවාදියාගේම භූමිය උදුරාගැනීමට සටන් වැදුණු තම මිත්‍රයා අරභයා නැවතත් උක්ත ඉතිහාසගත පරාජය සිය මුවින්ම අවදි කරවීමට කරුණානිධි දායක වීමයි.....
Monday, April 20, 2009
Saturday, April 18, 2009
'ගැටලුව' සහ 'විසඳුම'
දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාව දවාලූ යුදමය ගැටලුව (මා මීට 'ජනවාර්ගික' ගැටලුව යන වදන භාවිත කිරීමට නොකැමැති වන්නේ, 'ජනවාර්ගික' හා 'යුදමය' යනු සංකල්පීයමය වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ගැටලු ද්විත්වයක් වන බැවිනි. මම මේ පිළිබඳව මතුවට කතාකිරීමට බලාපොරොත්තු වෙමි ) අවසානය කරා ළඟාවෙමින් තිබේ. එය සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුගේ හදවතක්ම අහ්ලාදයෙන් අභිමානයට පැමිණවිය යුතු කරුණකි. වර්ග කිලෝමීටර් 14ක් වූ යුද මුක්ත කලාපයේ වෙසෙන 40 000 සිට 70 000 ක් වූ සාමාන්‍ය ජනතාව ආරක්ෂිත ප්‍රදේශයට පැමිණි පසු හෝ යුද හමුදාව විසින් එය මුලුමනින්ම තම ග්‍රහණයට ගත් පසු මෙම 'යුදමය' ගැටලුව 'නිල වශයෙන්' අවසානයට පත්වනු ඇත.
නමුත් ඒ හරහා, ශ්‍රී ලංකාව මුහුණපෑ මහා අර්බුදය එක් වරම අවසන් වනු ඇත්ද?
එසේ වෙතැයි සිතීම උගහට ය. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී යුදමය ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබුණ ද දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් සහ පැවැත්මේ අවිනිශ්චිතතාවයෙන් බැට කෑ අහිංසක දමිළ ජනතාවට සැබෑ විමුක්තිය උරුම කර දීමේ මහඟු කර්තව්‍යය පාලක ප්‍රජාව මෙන්ම අනෙකුත් සාමාන්‍ය ජනතාව මත ද පැවරෙනු ඇත. තව දුරටත් බියෙන් සැකයෙන් තොරව එකම රටක් තුල තම අනන්‍යතාව රැකගෙන විසීමට හැකි බව එම පීඩිත ජනතාවට ප්‍රත්‍යක්ෂ කරදීම, අප රට මුහුණදුන් ගැටලුවට නැවතීමේ තිත තැබීම සඳහා වූ අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාව වනු ඇත.
සැකෙවින් කිවහොත් "තමා ද අයත් දමිළ ප්‍රජාවට, සිංහල ජනතාව සමඟ එකම රටක් තුල නිදහස්ව, නිවහල්ව, ඔවුනට තමන් යටත්ය යන අනුභූතියෙන් තොරව විසිය හැකිය" යන සංකල්පය එම ජනතාවගේ සිත් සතන් තුලට අභිප්‍රේරණය කිරීම, යුගය විසින් අප වෙත පවරා ඇති වගකීමයි.
සමස්තයෙන් 60% ක් තරම් වූ, දකුණේ වෙසෙන ද්‍රවිඩ ප්‍රජාවගෙන් සාතිශය බහුතරය (අන්තවාදී අතළොස්සක් හැර) මෙය මනාව අවබෝධ කරගෙන තිබුණ ද දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ ගේ මොළ සේදීම් වලට ලක් වූ උතුරේ ජනතාවට මෙය නිවැරදිව වටහා දීම සඳහා දකුණේ සිංහල බෞද්ධ ජනතාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට සිදුවනු ඇත්තේ තමන්ට තම උපතින් උරුම වූ කරුණාව, දයාව සහ රැකවරණය පිළිබඳ බුදු පණිවුඩය ද සිහියට නගාගනිමිනි...

Friday, April 17, 2009
ඇස්ට්‍රොනොමි ද? ඇස්ට්‍රොනොමිකල් ද?
මට පුංචි ගැටලුවක්...!! පුංචිත් නෑ, ටිකක් ලොකුයි වගේ.......:O
මේක මම අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයට බැඳුන කාලෙ (11 වසරෙ මුල් හරියෙ) ඉඳලම කල්පනා කරපු දෙයක් (නමුත් තාරකා විද්‍යාව ගැන නම් නෙවෙයි;) )
සරලව කිව්වොත් මෙහෙමයි...
අපි අපේ ඉස්කෝල වල තාරකා විද්‍යාව හැදෑරීම සඳහා පිහිටුවාගෙන තියන සංගම් වලට කියන්නෙ, '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යා සංගමය' කියලනෙ? නමුත් ඒක ඉංගිරිසියට පරිවර්තනය කරද්දි බොහෝ විට යෙදෙන්නෙ 'Astronomical Society' of '........ College' කියල. මං නිවැරදියි නෙ?
නමුත් ඒ භාවිතය හරිද?
ඕක තමයි මගේ ගැටලුව.
ලෝකෙ බොහෝ පිළිගත් තාරකා විද්‍යා සංගම් භාවිතා කරන්නෙත් Astronomical Society යන නම නිසා එහි වැරැද්දක් ඇතැයි සිතීම අපහසුයි. උදාහරණයක් වශයෙන් රාජකීය තාරකා විද්‍යා සංගමය, ඇමරිකානු තාරකා විද්‍යා සංගමය, පැසිෆික් කලාපීය තාරකා විද්‍යා සංගමය, දකුණු අප්‍රිකානු තාරකා විද්‍යා සංගමය යනාදිය දැක්විය හැකියි.
නමුත් මේ භාවිතය සම්බන්ධව මගේ නම් එතරම් නිච්චියක් නෑ.මොකද Astronomical Society යන්නෙහි සිංහල අර්ථය තාරකා විද්‍යාත්මක සංගමය යන්නයි. නමුත් සංගමයක් තාරකා විද්‍යාත්'මක' විය හැකිද? එය තාරකා විද්‍යාව හැදෑරීම පිණිස ස්ථාපනය කළ පමණින් තාරකා විද්‍යාත්'මක' නොවන බවයි මගේ පිළිගැනීම.
මේ කරුණ පිළිබඳ මම වරක් අපගේ ඉංගිරිසි බාසාව භාර ගුරු භවතා සමඟ ද තර්ක කළත් ඔහුට කීමට තිබුනෙ ඒක සම්ප්‍රදායක් මිස තර්කයෙන් යෙදෙන භාවිතයක් නොවෙයි කියල. (නමුත් අවාසනාවකට වගේ මම ඒක ගැන තර්ක කරන්න ගියේ වාර විභාගයට ඊට අදාල ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ නිසා මගේ තර්කය නිසා අහිමි වෙච්ච ලකුණු නම් මට ආපහු ලැබුනෙ නෑ... දුක තමා. ඉහි ඉහි..) ඉතින් දැන් කළ යුත්තේ කුමක් ද? සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අභිබවා යන පුද්ගලයෙකු වශයෙන් එය අනුමත කිරීම මට අමාරු වුණත් ලොව ප්‍රකට සංගම් ද එයම භාවිතා කරන නිසා ඊට අනුගත වීමට මට හිතෙනව. මගේ තීරණය නිවැරදි ද කියන්න නම් ම්ං දන්නෙ නෑ....
නමුත් එතකොට තවත් ගැටළුවක් පැනනගිනව. එසේ නම් අපි සිංහලෙන් එම සංගමයට භාවිතා කළ යුතු නම '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යාත්මක සංගමය' නේද? මේ හේතුව නිසා අපට අපේ සිංහල යෙදුම වෙනස් කරන්න සිදුවෙයිද?
මම නං අන්දුං කුන්දුං වෙල ඉන්නෙ... ඔයගොල්ලො කොහොමද දන්නෑ.. හෙ හෙ.. ;)

මොසිල්ලා ෆයර්ෆොක්ස් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයක් (Add-On)
පරිගණක වෙළඳ සලකට නොගොස් සිය ජාල සබඳතාව තුලින්ම තමන්ගේ සියලු මෘදුකාංග, සංගීත සහ චිත්‍රපට අවශ්‍යතා ඉටුකරගන්නා මා වැනි නව පරපුරේ පරිගණක පරිශීලකයන් හට එතරම් නුහුරු නුපුරුදු වෙබ් අඩවියක් නොවේ 'රැපිඩ් ෂෙයා' (www.rapidshare.com).
නවකයන් හට වැටහෙන භාෂාවකින් පවසතොත්, එම අඩවිය මගින් තමන් සතු යම් ලිපියක් හෝ ලිපි ගොනුවක් අන්තර්ජාල පරිශීලකයන් ඇති තරම් සංඛ්‍යාවකට බාගත කරගැනීම පිණිස අප්ලෝඩ් කර තැබීමට වෙබ් අවකාශය සකස් කර දෙනු ලබයි. (සැ.යු.: එම පහසුකම සලසා දෙන එකම අඩවිය රැපිඩ් ෂෙයා නොවේ. නමුත් වඩාත්ම ජනප්‍රිය එයයි. ඒ කොතෙක්ද කිවහොත් රැපිඩ් ෂෙයා සර්වර තුල මේ වනවිට පෙටා බයිට 5.4 ක (5.4 PB) දත්ත ගබඩා වී ඇතැයි පැවසේ)
මෙම අඩවිය ආකාර 2 කින් භාවිතා කළ හැක.
1. මුදල් ගෙවා පරිහරණය කළ යුතු Premium User ආකාරය
2. මුදල් නොගෙවා පරිහරණය කළ හැකි Free User ආකාරය
කලාතුරකින් හමුවන, එසේම වැඩිකල් නොපවතින Premium ගිණුමක සුරැකුම් පදයක් වැරදීමකින් මෙන් හමු වුවහොත් මිස සාමාන්‍ය පොදු ජනතාවට එය භාවිතා කිරීමට සිදුවන්නේ Free User ආකාරයටයි.
මෙම ආකාරයට ලිපි බාගත කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලු වන්නේ එකවර ලිපි එකකට වඩා බාගත කළ නොහැකි වීමත් එක් ලිපියක් බාගෙන තවත් ලිපියක් බෑමට යාමේදී ක්ලික් කිරීම් විශාල සංඛ්‍යාවක් කිරීමට සිදුවීමත් එක් පියවරකින් තවත් පියවරකට යාම අතරතුර සැලකිය යුතු කාලයක් නිකරුණේ බලා සිටීමට සිදුවීමත් ය. මෙවන් හේතු කරණය කොටගෙන බොහෝ දෙනා ටොරන්ට (Torrents) බාගත කිරීමට යොමුවන අයුරක් දැන් දැකගත හැක.
රැපිඩ් ෂෙයා හි මෙවන් දුර්වලතා රැසක් මඟහරවා ගැනීම පිණිස භාවිතා කළ හැකි ඇඩෝනයක් මෑතකදී මා හට හමුවිය. පහත දැක්වෙන්නේ එයයි...
https://addons.mozilla.org/en-US/firefox/addon/8376
Rapidshare Downloader 0.5.9 යනුවෙන් හැඳින්වෙන එය, මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් හට පමණක් භාවිතයට ගත හැකි ඇඩෝනයකි. බාගත කිරීමට අවශ්‍ය ලිපි වල සබැඳි (Links) ලැයිස්තුවක් සකසා දුන් විට, එක් ක්ලික් කිරීමකින් අදාල සියලු ලිපි බාගත කරගැනීමේ හැකියාව එමගින් ලැබේ.
එබැවින් තවදුරටත්, කොටස් රාශියකින් සමන්විත චිත්‍රපටයක් බාගත කිරීම පිණිස දෑස් දල්වා පරිගණක තිරය දෙස බලා සිටිය යුතු නැත. රාත්‍රියට බාගත වීමට තබා නින්දට ගිය විට පසුදා උදෑසන වන විට ලිපිය මුළුමනින්ම බාගත වී තිබෙන සුබ සිහිනය දැකීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී ඇත...:D :D
සැ.යු.: මෙම ඇඩෝනය....
*මගින් බාගත වීමේ වේගය අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැත.
*මගින් බාගත කිරීම් 2ක් අතර පවතින විනාඩි 15ක කාල ප්‍රාන්තරය අහෝසි වන්නේ නැත.
*මොසිල්ලා ෆයර්ෆොක්ස් 3.0 හෝ නව බ්‍රිව්සරයන් සඳහා පමණයි.

Thursday, April 9, 2009
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය
HTML ටැග භාවිතයෙන් වෙබ් පිටු සංස්කරණය කිරීම බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි තද කළු අකුරින් යමක් ටයිප් කිරීමටවත් නොදන්නවුන් ඇති තරම් අප අතර සිටියි. එය ලැජ්ජාවීමට කරුණක් නොවේ.(ඇත්ත වශයෙන්ම කිවහොත් මා ද එය දැනගන්නට යෙදුනේ ඉතාම මෑතකදී ය)
මීට හේතුව නම් අප බොහෝ දෙනෙකු තාක්ෂණය භාවිතා කරණුයේ එහි පාරිභෝගිකයෙකු ලෙස විනා එහි පෙරගමන්කරුවෙකු ලෙස නොවීමයි.
හොඳයි, එසේ නම් HTML ටැග භාවිතයෙන් අප හට කළ හැක්කේ කුමක්දැයි බලමු. සැබැවින්ම වර්ඩ් ප්‍රොසෙසරයක් භාවිතයෙන් කළ හැකි සියලුම කටයුතු ටැග භාවිතයෙන් කළ හැක. උදාහරණයක් වශයෙන් තමන් ටයිප් කරන ලද දෙයක් බෝල්ඩ් කිරීම (Bold) , ඉටැලික් කිරීම (Italic) මෙන්ම අන්ඩර්ලයින් (Undeline) කිරීම ද දැක්විය හැක.
ඒ සඳහා කළ යුත්තේ මෙපමණයි...
1. විශේෂකරණයේ ආරම්භය (Start of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
2.ඔබට අවශ්‍ය දෑ ඇති තරම් ටයිප් කරන්න.
3. විශේෂකරණයේ අවසානය (End of special effects)
*යතුරු පුවරුවේ < සංකේතය ඔබන්න: < *යතුරු පුවරුවේ ස්ලෑෂය ඔබන්න: / (මෙය බැක් ස්ලෑෂය සමඟ පටලවා නොගන්න) *ඔබට කිරීමට අවශ්‍ය කටයුත්තට අදාළ සංකේතය ඔබන්න. (උදා: බෝල්ඩ් කිරීම සඳහා b, ඉටැලික් කිරීම සඳහා i, අන්ඩර්ලයින් කිරීම සඳහා u) *යතුරු පුවරුවේ > සංකේතය ඔබන්න: >
උදාහරණ:
[u][b][i]ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි[/u][/b][/i]
(ඔබ මෙය භාවිතා කරන විට [ වෙනුවට < ද, ] වෙනුවට > ද භාවිතා කිරීමට සැලකිලිමත් වන්න ) ප්‍රතිඵලය පහත පරිදි වනු ඇති...
ආයුබෝවන් ලෝකය. මම චමිත වෙමි
අවවාදය: මෙම පාඩම ප්‍රභාත් රණසිංහ වැනි වෙබ් ගුරාලා (Web Gurus) ට නොව පරිගණකකරණයේ යෙදෙන සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනගැනීම පිණිසයි...