Pages

Friday, April 17, 2009

මොසිල්ලා ෆයර්ෆොක්ස් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයක් (Add-On)

පරිගණක වෙළඳ සලකට නොගොස් සිය ජාල සබඳතාව තුලින්ම තමන්ගේ සියලු මෘදුකාංග, සංගීත සහ චිත්‍රපට අවශ්‍යතා ඉටුකරගන්නා මා වැනි නව පරපුරේ පරිගණක පරිශීලකයන් හට එතරම් නුහුරු නුපුරුදු වෙබ් අඩවියක් නොවේ 'රැපිඩ් ෂෙයා' (www.rapidshare.com).

නවකයන් හට වැටහෙන භාෂාවකින් පවසතොත්, එම අඩවිය මගින් තමන් සතු යම් ලිපියක් හෝ ලිපි ගොනුවක් අන්තර්ජාල පරිශීලකයන් ඇති තරම් සංඛ්‍යාවකට බාගත කරගැනීම පිණිස අප්ලෝඩ් කර තැබීමට වෙබ් අවකාශය සකස් කර දෙනු ලබයි. (සැ.යු.: එම පහසුකම සලසා දෙන එකම අඩවිය රැපිඩ් ෂෙයා නොවේ. නමුත් වඩාත්ම ජනප්‍රිය එයයි. ඒ කොතෙක්ද කිවහොත් රැපිඩ් ෂෙයා සර්වර තුල මේ වනවිට පෙටා බයිට 5.4 ක (5.4 PB) දත්ත ගබඩා වී ඇතැයි පැවසේ)

මෙම අඩවිය ආකාර 2 කින් භාවිතා කළ හැක.
1. මුදල් ගෙවා පරිහරණය කළ යුතු Premium User ආකාරය
2. මුදල් නොගෙවා පරිහරණය කළ හැකි Free User ආකාරය

කලාතුරකින් හමුවන, එසේම වැඩිකල් නොපවතින Premium ගිණුමක සුරැකුම් පදයක් වැරදීමකින් මෙන් හමු වුවහොත් මිස සාමාන්‍ය පොදු ජනතාවට එය භාවිතා කිරීමට සිදුවන්නේ Free User ආකාරයටයි.
මෙම ආකාරයට ලිපි බාගත කිරීමේදී මතුවන ප්‍රධානතම ගැටලු වන්නේ එකවර ලිපි එකකට වඩා බාගත කළ නොහැකි වීමත් එක් ලිපියක් බාගෙන තවත් ලිපියක් බෑමට යාමේදී ක්ලික් කිරීම් විශාල සංඛ්‍යාවක් කිරීමට සිදුවීමත් එක් පියවරකින් තවත් පියවරකට යාම අතරතුර සැලකිය යුතු කාලයක් නිකරුණේ බලා සිටීමට සිදුවීමත් ය. මෙවන් හේතු කරණය කොටගෙන බොහෝ දෙනා ටොරන්ට (Torrents) බාගත කිරීමට යොමුවන අයුරක් දැන් දැකගත හැක.

රැපිඩ් ෂෙයා හි මෙවන් දුර්වලතා රැසක් මඟහරවා ගැනීම පිණිස භාවිතා කළ හැකි ඇඩෝනයක් මෑතකදී මා හට හමුවිය. පහත දැක්වෙන්නේ එයයි...

https://addons.mozilla.org/en-US/firefox/addon/8376


Rapidshare Downloader 0.5.9 යනුවෙන් හැඳින්වෙන එය, මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් හට පමණක් භාවිතයට ගත හැකි ඇඩෝනයකි. බාගත කිරීමට අවශ්‍ය ලිපි වල සබැඳි (Links) ලැයිස්තුවක් සකසා දුන් විට, එක් ක්ලික් කිරීමකින් අදාල සියලු ලිපි බාගත කරගැනීමේ හැකියාව එමගින් ලැබේ.
එබැවින් තවදුරටත්, කොටස් රාශියකින් සමන්විත චිත්‍රපටයක් බාගත කිරීම පිණිස දෑස් දල්වා පරිගණක තිරය දෙස බලා සිටිය යුතු නැත. රාත්‍රියට බාගත වීමට තබා නින්දට ගිය විට පසුදා උදෑසන වන විට ලිපිය මුළුමනින්ම බාගත වී තිබෙන සුබ සිහිනය දැකීමේ අවස්ථාව දැන් ඔබටත් උදා වී ඇත...:D :D

සැ.යු.: මෙම ඇඩෝනය....
*මගින් බාගත වීමේ වේගය අඩු හෝ වැඩි වීමක් සිදුවන්නේ නැත.
*මගින් බාගත කිරීම් 2ක් අතර පවතින විනාඩි 15ක කාල ප්‍රාන්තරය අහෝසි වන්නේ නැත.
*මොසිල්ලා ෆයර්ෆොක්ස් 3.0 හෝ නව බ්‍රිව්සරයන් සඳහා පමණයි.

3 comments:

දිමුතු said...

බොහොම ස්තූතියි.

Pasindu said...

ඊටත් වඩ හොන Software එකක් තියෙනවා.සමහරවිට අහල ඇති cryptload (http://cryptload.info/).වැඩිදුර විස්තර (http://cryptload.info/wiki_en/wiki/Main_Page)තුලින් ලබාගන්න.

Pasindu said...

ඊටත් වඩ හොඳ Software එකක් තියෙනවා.සමහරවිට අහල ඇති cryptload (http://cryptload.info/).වැඩිදුර විස්තර (http://cryptload.info/wiki_en/wiki/Main_Page)තුලින් ලබාගන්න.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.