Pages

Friday, April 17, 2009

ඇස්ට්‍රොනොමි ද? ඇස්ට්‍රොනොමිකල් ද?

මට පුංචි ගැටලුවක්...!! පුංචිත් නෑ, ටිකක් ලොකුයි වගේ.......:O
මේක මම අපේ ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයට බැඳුන කාලෙ (11 වසරෙ මුල් හරියෙ) ඉඳලම කල්පනා කරපු දෙයක් (නමුත් තාරකා විද්‍යාව ගැන නම් නෙවෙයි;) )
සරලව කිව්වොත් මෙහෙමයි...

අපි අපේ ඉස්කෝල වල තාරකා විද්‍යාව හැදෑරීම සඳහා පිහිටුවාගෙන තියන සංගම් වලට කියන්නෙ, '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යා සංගමය' කියලනෙ? නමුත් ඒක ඉංගිරිසියට පරිවර්තනය කරද්දි බොහෝ විට යෙදෙන්නෙ 'Astronomical Society' of '........ College' කියල. මං නිවැරදියි නෙ?

නමුත් ඒ භාවිතය හරිද?

ඕක තමයි මගේ ගැටලුව.

ලෝකෙ බොහෝ පිළිගත් තාරකා විද්‍යා සංගම් භාවිතා කරන්නෙත් Astronomical Society යන නම නිසා එහි වැරැද්දක් ඇතැයි සිතීම අපහසුයි. උදාහරණයක් වශයෙන් රාජකීය තාරකා විද්‍යා සංගමය, ඇමරිකානු තාරකා විද්‍යා සංගමය, පැසිෆික් කලාපීය තාරකා විද්‍යා සංගමය, දකුණු අප්‍රිකානු තාරකා විද්‍යා සංගමය යනාදිය දැක්විය හැකියි.

නමුත් මේ භාවිතය සම්බන්ධව මගේ නම් එතරම් නිච්චියක් නෑ.මොකද Astronomical Society යන්නෙහි සිංහල අර්ථය තාරකා විද්‍යාත්මක සංගමය යන්නයි. නමුත් සංගමයක් තාරකා විද්‍යාත්'මක' විය හැකිද? එය තාරකා විද්‍යාව හැදෑරීම පිණිස ස්ථාපනය කළ පමණින් තාරකා විද්‍යාත්'මක' නොවන බවයි මගේ පිළිගැනීම.

මේ කරුණ පිළිබඳ මම වරක් අපගේ ඉංගිරිසි බාසාව භාර ගුරු භවතා සමඟ ද තර්ක කළත් ඔහුට කීමට තිබුනෙ ඒක සම්ප්‍රදායක් මිස තර්කයෙන් යෙදෙන භාවිතයක් නොවෙයි කියල. (නමුත් අවාසනාවකට වගේ මම ඒක ගැන තර්ක කරන්න ගියේ වාර විභාගයට ඊට අදාල ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ නිසා මගේ තර්කය නිසා අහිමි වෙච්ච ලකුණු නම් මට ආපහු ලැබුනෙ නෑ... දුක තමා. ඉහි ඉහි..) ඉතින් දැන් කළ යුත්තේ කුමක් ද? සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අභිබවා යන පුද්ගලයෙකු වශයෙන් එය අනුමත කිරීම මට අමාරු වුණත් ලොව ප්‍රකට සංගම් ද එයම භාවිතා කරන නිසා ඊට අනුගත වීමට මට හිතෙනව. මගේ තීරණය නිවැරදි ද කියන්න නම් ම්ං දන්නෙ නෑ....

නමුත් එතකොට තවත් ගැටළුවක් පැනනගිනව. එසේ නම් අපි සිංහලෙන් එම සංගමයට භාවිතා කළ යුතු නම '......' විද්‍යාලයීය 'තාරකා විද්‍යාත්මක සංගමය' නේද? මේ හේතුව නිසා අපට අපේ සිංහල යෙදුම වෙනස් කරන්න සිදුවෙයිද?

මම නං අන්දුං කුන්දුං වෙල ඉන්නෙ... ඔයගොල්ලො කොහොමද දන්නෑ.. හෙ හෙ.. ;)

2 comments:

බුද්ධික said...

මම අපේ ඇස්ට්‍රෝ නයිට් එකෙත් ඕක කිව්වම සමහරු හිනා උනා..අවුලක් නෑ උන් මැට්ටො ටිකනේ

වර්ඩ් වෙරිෆිකේෂ්න් අයින් කරපන්

Chamitha said...

උඹ? වෙන්න බෑ..... මට නම් තාම අවුල් ඔය කේස් එක

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.