Pages

Thursday, April 23, 2009

හෆොයි

හෆොයි දෙයියනේ මට අද මාර වැඩක්නෙ උනේ. අද මං ටවුන් එකට ගියා වැඩ වගේකට. නුවර ටවුන් එක පුරා දඩාර රවුමක් ගහල අර කඩේටයි මේ කඩේටයි ගිහින් අම්ම ගේන්න කිව්ව බඩු වගේකුත් උස්සන් බැංකුවටත් ගියා. අම්මට සිරි, එතකොටනෙ දන්නෙ වෙල තියන වින්නැහිය:O
මං ගෙදර ඉඳන්ම ඇවිත් තියෙන්නෙ ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන...!!

මට හීං දාඩිය දැම්ම. මං වට පිට බැලුව ටොයිලට් එකක් තියනවද කියල රිංගන්න. මොන... බැංකු වල කොහෙද පොදු වැසිකිළි?

කොහොම උනත් අවසාන වශයෙන් මට සිද්ධ උනේ බැංකුවෙනුත් එළියට පැනල බස් එකට දුවන්න. ඒකෙත් මුල්ලකට වෙන හැංගිල තමයි ගෙදර එන්න උනේ. මදැයි ඉඳල ඉඳල ගියා රවුමක් ගහන්න...

මේ වගේ හේතු නිසා මං යෝජනා කරනව නගරයෙත් තැනින් තැන චේන්ජින් රූම්ස් ඇතිකරන්න ඕනෙ කියල. නෑ මං කියන්නෙ දවසකට කී දෙනෙක්ට මේ වගේ අකරතැබ්බ සිදුවෙනව ඇද්ද නේ? හෙ හේ...

අද මේ වගේ දෙයක් ගැන ලියන්න හිතුනෙ, වෙන ලියන්න බරපතල කරුණක් මතක් උනේ නැති හින්ද. කමක් නෑනෙ? :-)

6 comments:

පොතේ ගුරා said...

හික් හික් හික්...

Narada said...

බුවාහ්....බුවාහ්....මචෝ සුද්දෝ සුද්දීයෝ අදින කට්ටියක් අදින්නේ කණපිට නැත්තං යට ඇදුමද කොහේද එයාලාට බස් වල ඔය 'රෑම්' ඕන නැද්ද?

Anonymous said...

අයියෝ.... පොඩි වැඩයි කරන්න තිබුනෙ.. ලඟ පාත ඇඳුම් කඩේකට ගිහින් බොරුවට ට් එකක් අරගෙන fit on කරන්න යන්නයි තිබුනෙ.......ලංක බැංකුවට නම් ගියේ, ෆෂිඔන් බුග් එක අත ලඟ... ලංකා බැංකුව,HNB or Commercial නම් පාර පැන්න ගමන් ෂූ ගාලා එක එක ජාතියෙ ඇඳුම් කඩ.... :)

Manushan said...

අඩේ අයියේ ඔඅක ගනන් ගන්න එපා දැන් කනපිට මැස්මෙන් තියෙන කමිස තියෙන්නේ දැකපු කට්ටිය හිතන්න ඇති එහෙම එකක් කියලා
හික් හික් හී :)

Anu said...

බැංකුවෙ ඒ.ටී.එම්. බොක්ස් එකට ගියා නං හරිනෙ.ගනන් ගන්න එපා මටත් ඕහොම වෙලා තියනවා.

Chamitha said...

හෙ හේ.. හැමෝටම බොහොම ස්තූතිවන්ත වෙනව සැනසුම් වදන් වලට. ඇත්තමයි අර ඇඳුම් සාප්පුවෙ සිද්ධිය මතක් වෙච්ච නැති එක ගැන දුකයි ;)

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.