Pages

Friday, June 12, 2009

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීති පොත අලුත් කරයි

පසුගිය බදාදා දින (10-06-2009) පැවති පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේදී එක් සුවිශේෂීය පන්දු රැකීමක් දක්නට ලැබිණි. ඊට දායක වූයේ ශ්‍රී ලංකා පිලේ තරුණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ය. හතරේ සීමාව අසලදී සිදුවූ එම සිදුවීම පැහැදිලි කිරීමට මෙතෙක් කල් ක්‍රිකට් නීති පොතේ නීති තිබුණේ නැත. සැකෙවින් එය මෙසේය.
  1. පන්දුව හතරේ සීමාවට මඳක් එපිටින් වැටී හයේ පහරක් සළකුණු වීමට නියමිත අවස්ථාවක හතරේ සීමාවට මෙපිටින් සිටින පන්දු රකින්නාගේ අතේ වැදී පන්දුව ඉහළ යයි.
  2. පන්දු රකින්නා හතරේ සීමාවෙන් පිටතට ගොස්, උඩ පැන පන්දුවට පහරක් එල්ල කොට එය නැවතත් සීමාවෙන් ඇතුළට දමයි.
  3. නැවතත් ක්‍රීඩකයා හතරේ සීමාවෙන් මෙපිටට පැමිණ පන්දුව කඩුළු රකින්නා වෙත යොමු කරයි.
මේ තිබෙන්නේ එම සිද්ධියයි. පුදුමයකට මෙන් මෙවන් දෙයක් මීට කලින් ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවී නැත.



මගේ මතකයේ හැටියට වරක් සිම්බාබ්වේ පිලේ හීත් ස්ට්‍රීක් ද හතරේ සීමාව අසලදී උඩපන්දුවක් රැකගෙන, සමබරතාව නැතිව ගොස් බිම වැටෙන්නට යන විට පන්දුව ඉහළට විසිකර, හතරේ සීමාවෙන් එළියට පය තබා, නැවතත් ඇතුළට පැමිණ පන්දුව රැකගත්තේය. එම අවස්ථාවේදී ද එය සළකුණු වූයේ දැවීයාමක් ලෙස ය.

ද මීට බොහෝ සමාන වන නමුත් එහිදී ක්‍රීඩකයා මේ තරම් දුරක් හතරේ සීමාවෙන් පිටත ඇවිදගෙන ගොස් පන්දු රැකීම සිදු කළේ නැත. මෙය සැබැවින්ම අග්‍රගණ්‍ය මොහොතකි. ක්‍රීඩාවේ කලාතුරකින් දක්නට ලැබෙන සිදුවීමක් මෙසේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අතින් සිදුවීම සැබැවින්ම අපට අභිමානය ගෙන දෙන කරුණකි.

එහෙත් පන්දුව රැකගැනීමෙන් පසුව ඇති වූ ගැටලුව වූයේ මෙය හයේ පහරක්ද නැද්ද යන්නයි. මෙය ක්‍රිකට් නීතියේ පැහැදිලිවම සඳහන් වී නැත. ඒ වෙනුවට නීතියේ ඇත්තේ මෙවන් දෙයකි.
Law 19.3 (a) (ii) states: A boundary shall be scored and signalled by the umpire at the bowler's end whenever, while the ball is in play, in his opinion - a fielder, with some part of his person in contact with the ball, touches the boundary or has some part of his person grounded beyond the boundary.
ඒ අනුව ක්‍රීඩකයාගේ ශරීරයේ කොටසක් පන්දුවේ ද තවත් කොටසක් හතරේ සීමාවෙන් එපිට ද එකවර ස්පර්ශ වී නැති ඕනෑම අවස්ථාවක හතරේ හෝ හයේ පහරක් බවට එය පත් නොවේ. ඒ නැතත් මෙවන් සුවිශේෂී පන්දු රැකීමකදී එහි ගෞරවය, රැකගත් ක්‍රීඩකයාට හිමිවිය යුතු බව හැමෝම එකඟවන කරුණකි. එබැවින් පිටියේ විනිසුරුවරුන් වන සයිමන් ටෝෆල් හා බිලී බව්ඩන් ගත් තීරණය ඉතාමත් නිවැරදි ය.

දැන් එහෙත් තවත් ගැටලුවක් මතුවේ. එනම් පන්දුවක් හතරේ සීමාවෙන් පිටත වැටෙන්නට මෙන් එන බව හතරේ සීමාව අසල සිටින ක්‍රීඩකයාටේ හැඟෙන්නේ නම් වහාම සීමාවෙන් පිටතට දුවගෙන ගොස් උඩ පැන පන්දුව අල්ලා සීමාවෙන් මෙපිටට විසිකළ නොහැකිද යන්නයි. කියන තරම් පහසුවෙන් කළ නොහැකි වුවද එය නොකළ හැක්කක් නොවේ. තාමත් එවැන්නක් දක්නට නොහැකි වුවද අනාගතයේදී දක්නට නොලැබෙතැයි සිතීම අපහසු ය.

කෙසේ වෙතත් ක්‍රිකට් ලොවට නව නීතියක් හඳුන්වා දුන් ඇන්ජලෝ මැතිව්ස්ට අපගේ උපහාරය..!!

3 comments:

Chrishi said...

අති විශිෂ්ඨයි..!!!!!!!!!!

Chanaka Aruna Munasinghe said...

අපේ AR challange cup match එකකදි මීට හරියටම සමාන සිද්ධියක් වුනා. අවුරුදු 4කට විතර කලින් මම තමයි පිතිකරුවා. කොහොම හරි අපේ අම්පයර් තීරණය කලා ලකුණු 6ක් දෙන්න.

එතනදිත් ඔය වගේම තර්ක විතර්ක ආවා.

ඒ වෙලාවෙ මගේ (අපේ) මතය වුනේ 6 සීමව කියන්නෙ තනි ඉරක් නෙවෙයි කියන එක.6 globe එකක් ඕනෙ කියන එක තමයි අපේ මතය වුනේ. ඒ කියන්නෙ පිතිකරුවෙකුට එක තැන උඩ ගහලත් ළකුණු 6ක් ගන්න පුලුවන් විය යුතුයි කියලා.

මතකද එක පාරක් Telstar DOme එකේදි Hayden ගහපු පාරක් ගිහින් Dome එකේ වහලේ වැදුනා. Dome එක තිබ්බෙ නැත්තන් ඒක දැවැන්ත 6 පාරක් ෂුවර් එකටම. But poor hayden got only 1 run @ that time :(

Chamitha said...

ඔව් ඒකත් හොඳ තර්කයක්. ඒත් globe කතාව ක්‍රීඩාවට ආවම ඒකෙ ප්‍රායෝගිකත්වය නැතිවෙනව නේ? International මැච් එකක කෙසේ වෙතත් අනිත් මැච් එකකදි globe එක නිර්ණය කරන්න අමාරුයි නෙ:(

ඒත් මෙතෙන්දි නම් දක්ෂතාවයට මුල් තැන හම්බෙන්න ඕනෙ. මොකද හයේ පාරක් ගහනවට වඩා මේ වැඩේ අමාරුයි මට හිතෙන විදිහට:D

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.