මෙතෙක් සාකච්ඡාවට බඳුන් කළ කරුණු ඉතා දීර්ඝ වූයේ ඒවායේ මතභේදාත්මක අංශ කිහිපයක්ම අන්තර්ගත වූ බැවිනි. නමුත් දැන් බිඳහෙළීමට යන තර්ක කිහිපය එතරම් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය නොවෙතැයි මා සිතන්නේ ඒවා බොහෝ දුරට බුදු දහම පිළිබඳ අනවබෝධයෙන් හෝ හිතා මතාම ඊට පහර ගැසීම පිණිස ඉදිරිපත් කළ තර්කයන් වන බැවිනි.
තර්කය 3: බුදු දහමේ එන ප්‍රධාන ඉගැන්වීම් 2කි චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍යයේ එන තෙවන කරුණ නම් දුකින් මිදෙන මඟ තණ්හාව දුරු කිරීම යන්නයි. සිව්වන සත්‍යය වන්නේ දුක දුරු කිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නයි. නමුත් එය අනුගමනය කිරීමට නම් එම මාර්ගය පිළිබඳ ආශාවක්/තණ්හාවක් ඇතිකරගත යුතු වේ. එබැවින් එම තර්කය තුළ ම බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍යයේ වලංගු භාවය බිඳවැටේ. මන්ද මෙම කරුණු දෙක ස්ව-ප්‍රතිවිරුද්ධ (Self-Contradictory) වන නිසා ය. (මෙම තර්කය නගා තිබුණේ Dr. Zakir Naik නැමැත්තෙකු විසින් වෙනත් වෙබ් අඩවියක ය)
මගේ පිළිතුර: මෙය දුටු විට මා තුළ ද විස්මයක් හටගත්තේ බුදුදහමේ ගැඹුරුම සංකල්ප දෙකක් මෙසේ අභියෝගයට ලක්කර තිබුණු බැවිනි. ඇත්ත වශයෙන් ම කිවහොත් බොහෝ බෞද්ධයන් පවා බුදු දහමේ එන මෙම සංකල්ප ගැන සිතීමට නොවෙහෙසෙනුයේ ඒවායේ ගැඹුරු බව නිසාවෙනි. එවන් තත්ත්වයක් තුළ අන්‍යාගමිකයෙකු මේවා හදාරා (කුහක අදහසකින් හෝ) ගැටලුවක් මතුකිරීමට කටයුතු කිරීම ගැන මගේ ප්‍රසාදය හිමි වේ.
බැලූ බැල්මට ඉතා බලවත් ස්වභාවයක් ගත්ත ද මෙය කරුණු වටහාගැනීමේ දුර්වලතාවය මත නැගුණු ගැටලුවක් බව මම මුලින්ම සඳහන් කරමි. මුලින්ම ආර්ය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මොනවාදැයි සලකා බැලීම වටී. චතුරාර්ය සත්‍යය යනු,
- දුක්ඛ ආර්ය සත්‍යය: මෙලොව පවතින සෑම දෙයක් ම දුක් ය. කුමක් සැපදායකයි යැයි සිතුව ද එයත් අවසානයේ දුකක් ම පමණි. 'දුක' යන්න මෙතරම් වැදගත් කරුණක් වන්නේ 'දුක' කියා යමක් ඇතැයි ඇතැමුන් නොදන්නා බැවිනි. තවත් ඇතැමුන් සිතා සිටින්නේ "ජීවිතය එක් වෙලාවකට සැපයි; තව වෙලාවකට දුකයි" කියාය. අති බහුතරයක් වූ බෞද්ධ අබෞද්ධ ජනයා සිතා සිටින්නේ මෙලෙස ය. මෙයත් මිථ්‍යාවකි. සැපයි කියා සිතන හැම දේම ද ගැඹුරින් විමසා බලන කල දුක් ම බව පෙනේ. මෙම උතුම් වූ සත්‍යය නියමාකාරයෙන් හඳුනා නොගන්නා තාක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මයෙන් ඇති කිසිදු ප්‍රයෝජනයක් නැත.
- දුක්ඛ සමුදය ආර්ය සත්‍යය: දුකට හේතුව තණ්හාවයි. බෞද්ධයන්ට මෙය සරල කරුණක් ලෙස පෙනුණ ද සැබැවින්ම එසේ නැත. බුදු දහම හැර වෙනත් කිසිදු දහමක දුකට හේතුව තණ්හාව බව ඉගැන්වෙන්නේ නැති අතර ඔවුන් සෑම දුකකටම හේතුව ලෙස කියන්නේ 'දෙවියන්ගේ කැමැත්ත', නැතහොත් 'තමා කළ පවුකම්' කියා ය. නමුත් බුදු දහමට අනුව දුක යනු කරුණු 12කින් සමන්විත චක්‍රයක ප්‍රතිඵලයකි. එම චක්‍රය හැඳින්වෙන්නේ පටිච්චසමුප්පාදය කියා ය. දුක ඇතිකරවන ගාමක බලවේගය නම් තෘෂ්ණාවයි. පටිච්චසමුප්පාදය:
ඉංග්‍රීසි පාඨ සංස්කෘත පාඨ With Ignorance as condition, Mental Formations arise අවිද්‍යා පච්ච සංඛාර With Mental Formations as condition, Consciousness arises සංඛාර පච්ච විඤ්ඤාණ With Consciousness as condition, Name and Form arise විඤ්ඤාණ පච්ච නාමරූප With Name & Form as condition, Sense Gates arise නාමරූප පච්ච සළායතන With Sense Gates as condition, Contact arises සළායතන පච්ච ඵස්ස (ස්පර්ෂ) With Contact as condition, Feeling arises ඵස්ස (ස්පර්ෂ) පච්ච වේදනා With Feeling as condition, Craving arises වේදනා පච්ච තෘෂ්ණා With Craving as condition, Clinging arises තෘෂ්ණා පච්ච උපාදාන With Clinging as condition, Becoming arises උපාදාන පච්ච භව With Becoming as a condition, Birth arises භව පච්ච ජාති With Birth as condition, Aging and Dying arise ජාති පච්ච ජරාමරණ - දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය: දුක නැතිකිරීමට මාර්ගයක් ඇත. එය අනුගමනය කිරීමේ වැදගත්කම මින් පහදා දේ.
- දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය: දුක නැතිකිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව මින් පැහැදිලි කර දේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්,
- සම්මා දිට්ථි (නිවැරදි දෘෂ්ටිය)
- සම්මා සංකප්ප (නිවැරදි කල්පනාව)
- සම්මා වාචා (නිවැරදි වචනය)
- සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියාව)
- සම්මා ආජීව (නිවැරදිව ජීවත් වීම) සම්මා වායාම (නිවැරදි උත්සාහය)
- සම්මා සති (නිවැරදි සිහිය)
- සම්මා සමාධි (නිවැරදි සමාධිය - නිවැරදි ලෙස ප්‍රතිපදාව පිරීම)
තර්කය 4: බෞද්ධයෝ අජීවී බුද්ධ ප්‍රතිමාවකට වැඳ ඉන් පිහිටක් බලාපොරොත්තු වෙති.
මගේ පිළිතුර: සම්පූර්ණ වැරදි තර්කයකි. කිසිදු බෞද්ධයෙකු බුද්ධ ප්‍රතිමාවකින් පිහිටක් බලාපොරොත්තු වන්නේ නැත. බෞද්ධයන් බුද්ධ ප්‍රතිමාවට වන්දනාමාන කරන්නේ බුදුරජාණන් වහන්සේට ඇති ගෞරවය ප්‍රකාශ කිරීමක් ලෙස ය. මෙය බුදු දහම හා එහි වත් පිළිවෙත් නොදැනීම නිසා නගන තර්කයකි. (Buddhism is NOT an idolatrous religion).
තර්කය 5: බුදු දහම දේවවාදය ප්‍රතික්ෂේප කරන දහමක් වුවද ඒ තුළ බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ දෙවියෙකු ලෙසයි.
මගේ පිළිතුර: නැවතත් මේ පුද්ගලයා පොට පටලවාගෙන ඇත. බුදු දහමේ කිසිම තැනක බුදුන් වහන්සේ දෙවියෙකුට සමාන කරන්නේ නැත.
මේ බව නොදැන අද්නන් ඔක්ටාර් තවත් කරුණක් කියයි. එනම් අල්ලාහ් දෙවියන්ට වෙනත් කිසිවෙකු සමාන කිරීම ඉතා බරපතල පාපයක් වන බවයි. ඔහුට අනුව සියලු බෞද්ධයන් බුදුන් වහන්සේ අදහන්නේ (ඔහු කියන ආකාරයට), අල්ලාහ් දෙවියන් වෙනුවට වන අතර එම නිසා සෑම බෞද්ධයෙකුම මහා පවුකාරයෙකු වේ.God does not forgive anything being associated with Him, but He forgives whoever He wills for anything other than that. Anyone who associates something with God has committed a terrible crime.ඇෆ්ඝනිස්ථානය, ඉරානය, සෞදි අරාබිය, යේමනය හා සුඩානය යන රටවල දෙවියන්ගේ වචනයක් අවිශ්වාස කිරීම (Apostasy) හෝ බුද්ධ රූපයකට වැඳුම් පිදුම් කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදකි. දෙවියන් නොඅදහන අන් සියලු දෙනා මිථ්‍යාදෘෂ්ටිකයන් යැයි කුරාණය සඳහන් කරන්නේ මෙලෙස යි.
Al-Qur'an 4: 48
"Say: 'God is a sufficient witness between me and you'. He knows everything in the heavens and the Earth. Those who believe in falsehood and reject God, they are losers."මීට සමගාමීව කලින් තැනක සඳහන් කළ බුද්ධ ධර්මයේ එන කාලාම සූත්‍රය සසඳා බලන ලෙස මම ඉල්ලා සිටිමි. එමගින් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කෙතරම් සාධාරණ, අනුකම්පා සහගත ශාස්තෘන්වහන්සේ නමකදැයි ඔබට වැටහෙනු ඇත.
Al-Qu'ran 29:52
මේ පිළිබඳව තවත් කරුණු කීම අනවශ්‍ය යැයි සිතේ.
මගේ පිළිතුර: මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු දීම කිසිසේත් ඇවැසි නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේවා තනිකරම දැනුමේ ඌනතාවය හෝ කුහක භාවය නිසා නගන පැන වේ. බුදුන් වහන්සේ කිසි දිනෙක නිවනට මඟ, වැඩි වැඩියෙන් දුක් දැරීම බව කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ වසර 6ක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් සොයාගත්තේ නිවනට මඟ දුක් විඳීම නොවන අතර මධ්‍යම ප්‍රතිපදාව පමණක් වන බව ය.
මේ ආකාරයේ විශාල විවේචන, චෝදනා සංඛ්‍යාවක් මේ ආකාරයේ වෙබ් පිටු පරිශීලනය කරමින් යන විට හමුවේ. ඒ අතරින් වැදගත් වේ යැයි සිතෙන තර්කයන් කිහිපයක් පමණක් මෙසේ, පිළිතුරු දීම පිණිස මම තෝරාගතිමි. අනෙක් සියල්ලම බුදු දහම පිළිබඳ ඔවුන් දරන පටු ආකල්ප නිසා ඇති වූ ඒවා බව පැහැදිලිව පෙනී යයි. එබැවින් ඒ සියල්ලටම පිළිතුරු දීමට යාම ඔබේත් මගේත් කාලය අපතේ හැරීමක් ලෙස හැඟේ.
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොටස) සමාප්තයි -
කලින් ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)


16 comments:
මල්ලි මේ ලිපි ටික නං ඇත්තටම නියමම නියමයි. ඉංග්‍රීසියෙන් තිබුනනං තමා වඩාත් හොඳ..
June 26, 2009 1:37 PMමේ ලිපි ටිකනම් නියමයි. උදාහරන, පැහදිලි කිරීම් හරිම අපූරුයි. දිගටම ලියන්න.
June 26, 2009 2:38 PMහොඳයි හොඳයි. කඩ්ඩටත් හරවමුකො පස්සෙ. හැබැයි ඊළඟට මට මේ ලෝකෙ ඉන්න බැරිවෙයිද දන්නෑ;-)
June 26, 2009 10:32 PMලිපි පෙළ නම් නියමයි. බොරු සිල් පාට් දමමින් වැදි බණ පතුරවන උන්ට වඩා වැදගත් කාර්යයක් ඔබ සිදු කර තිබෙනවා.
June 26, 2009 10:48 PMපිළිම ගැන යමක් කිව යුතුයි.
"කිසිදු බෞද්ධයෙකු බුද්ධ ප්‍රතිමාවකින් පිහිටක් බලාපොරොත්තු වන්නේ නැත"
මෙය කලින් ලිපියකදී මහා වීර පැවසූ දෙයට සමීපයි. මා දන්නා තරමින් බුදු පිළිමයක් වැඳ පිහිටක් බලාපොරොත්තු නොවන ලංකිකයින් බොහොම සීමිතයි. සිදු විය යුතු දේ ඔබ පවසා තිබෙනවා. සිදු වෙන දේ මම පැවසුවේ
තර්කය 3 :-"නමුත් එම මඟ අනුගමනය කිරීමට එම මාර්ගය පිළිබඳ ආශාවක්/තණ්හාවක් ඇතිකරගත යුතු ය" ලෙස මිත්ත්‍යාදුශ්ටකයින් පවසන්නේ කිසිදු අවබෝදයකින් තොරව වචන හරඹයක් උපයෝගී කොට ගනිමිනි...
June 26, 2009 10:56 PMමෙසේ අපහාසාත්මක ලෙස, වැඩදයි නොවූ ලෙස බුදූ දහමට පහර ගැසීම ඔවුන් අදහන යම් ආගමක් වේ නම් ඒවාටද අපහාසයකි..එසේම ඵල ඇති රුකට ගල් ගසන බව අපි වටහා ගත යුතුය.
@ චමිල: කවුරුහරි බුදු පිළිමයකට වැඳ බුදු පිළිමයෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු හෝ ඇය මේ තර්ක ගෙන එන අද්නන් ඔක්ටාර් හා Dr. Zakir Naik ටත් වඩා තකතිරුවන් විදිහටයි මම නම් දකින්නේ:D
June 26, 2009 11:49 PM@ පන්හිඳ & all: ඔබට අන්තර් ආගමික විශ්ලේශනයක් (Comparative-religious study) කරන්න වැරදීමකින් වත් අදහසක් පහළ වුණොත් බලන්න හොඳ sites කීපයක්ම තියනවා. ඒ අතරින් මේ Dr.Zakir Naik කියන පුද්ගලයාගෙ web sites ඉතා විශේෂයි. ඔහු ඉන්දියාවේ වෙසෙන, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ලෝකෙ හැම රටකම පාහේ දේශන කරනවා. ඔහු කොතරම් ජනප්‍රිය පුද්ගලයෙක්ද කියනවා නම් www.ilovezakirnaik.com කියලා fan site එකක් පවා ඔහුට තියනවා. මේවයේ ඉතාම කුතුහලය දනවන ආගමික කරුණු එහෙම අන්තර්ගතයි. උදාහරණයක් ලෙස මේ FAQ ටික බලන්න (http://www.ilovezakirnaik.com/misconceptions/index.htm) ඔහුගෙ Facebook fan page එකේ fans ලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඔහු විසින් පිහිටවූවා යැයි සිතන්න පුලුවන් Islamic Research Foundation නම් ආයතනයේ වෙබ් අඩවියට (www.irf.net) ඇතුල්වෙන්න උත්සාහ කරන විට "වාර්තාගත වූ ආක්‍රමණික වෙබ් අඩවියකි" කියලා firefox warnings පවා එනවා. හික්....
අනු කියන දේයමයි මට මේ ලිපිය මුලදී සිතුනේ, නාමිකව බැරි නම් නිර්නාමිකව හෝ කටයුතු කරන්න. ඔබට කිසියම් අනවශ්‍ය පහර ගැසීමක් හෝ අපරාධයක් කෙරෙත් නම් ඒ ඔබ ජයග්‍රහණයයි!
June 27, 2009 3:36 AMෂා නියමයි . .
June 27, 2009 2:12 PMලස්සනට ලියල තියෙනවා. . . .
ඔබට සුභ අනාගතයක් . . .
ඔවැනි හරවත් ලිපි තව තවත් පල කිරීමට
ශක්තිය දිරිය ලැබේවා. . .
ෂා නියමයි . .
June 27, 2009 2:16 PMලස්සනට ලියල තියෙනවා. . . .
ඔබට සුභ අනාගතයක් . . .
ඔවැනි හරවත් ලිපි තව තවත් පල කිරීමට
ශක්තිය දිරිය ලැබේවා. . .
June 27, 2009 2:12 PM
mata warathuna www.kalaya.org
June 27, 2009 5:52 PMපේනව නේද අයියෙ ප්‍රතිචාර!! බුදුදහම කියන්නෙ අපි ලබපු සම්පතක්. ලාංකිකයො හැටියට බුදුදහම අපිට උරුමයි. අරාබිකාරය ලෝකෙ පුරා හොඳින් සහ නරකින් ඉස්ලාම් ආගම ප්‍රචාරය කලා, සුද්ද කතෝලික ආගම ප්‍රචාරය කලා අපි ලංකාවෙ ඉඳල අපේ යුතුකම ඉටු කරමු!!
June 27, 2009 8:48 PMතව දුරටත් මේ පින කරන්න සුභ පතනවා!!
කියවන්න පෙලඹවීමක් ඇති කරන ගවේෂනාත්මක ලිපි පෙලක්.කොහොමත් කිසි අධ්‍යයනයකින් තොරව හිසට එන දේවල් හතර අතේ ලියැවෙන පසුබිමක ඔබේ උත්සාහය මරු.
June 27, 2009 10:30 PMඑකතු කිරීමක් කරන්නම්.
ඔබ විසින් සලකා බලා තිබෙන්නෙ බුදුදහම ගැන ආගමික/දේවවාදි පදනමකින් ගෙනෙන විවේචන විතරයි.නමුත් දේවවාදි නොවන/අනාගමික (atheist) පදනමකින් පොදුවේ ආගම් සහ ඒ නිසා ආගමක් වන බුදු දහමට අදාලව කෙරෙන විවේචන පවතිනවා.
මෙතන විස්තරාත්මකව සදහන් කරන්න කාලය මදි වුනත් කර්මය පුනර්භවය වගේ දේවල් ගැන අනාගමික කතිකාවත ඇතුලෙ තියන විවේචනය සලකා බලන්න.
මෙම නිර් ආගමික විවේචනයන් කොහොමත් ආගමික විවේචන වලට වඩා ගැඹුරු පසුබිමක් සහිත ඒවා.ඒ ගැනත් අවධානය යොමු කලොත් අගෙයි.
@ දුකා: දුකා, රංගික: බොහෝම ස්තූතියි:)
June 28, 2009 9:56 PM@ බුද්ධික: හොඳ අඩවියක්!
@ රාමචන්ද්‍ර: බොහොම ස්තූතියි. ඔබ කියන්නෙ කර්මය, පුනර්භවය ගැන මොන වගේ විවේචනයන්ද? එහෙම දෙයක් නැතැයි කියා කියන පුද්ගලයන්ගෙ විවේචන ද? පුනර්භවය විද්‍යාත්මකවත් හොඳින් ඔප්පු වෙලා තියනවා නේ? (එඩ්ගා කේසි වැන්නන්ගේ මානසික පර්යේෂණ, සායනික මෝහනය මෙන්ම පුනර්භවය කියන පොඩි ළමයින්ගෙ කතා ආදියෙන්). කර්මය නම් විද්‍යාතමකව ඔප්පු කරන්න අමාරුයි. නමුත් ඊට ප්‍රබල පදනමක් තියන නිසා පිළිගැනීමක් තියනවා නොවැ? නිර් ආගමික විවේචනයන් පිළිබඳව ටිකක් සවිස්තරව කිව්වොත් නම් මට තවත් හොයා බලන්න පුලුවන්:)
මා අදහස් කලේ කර්මය හා පුනර්භවය වැනි සංකල්පවලට එරෙහි විවේචන
June 29, 2009 4:14 PMඒබ්‍රහම් කොවුර්ගේ පරික්ෂන සටහන් ග්‍රන්ථ වල මේ ගැන පලල් විදිහට සාකච්ඡා වෙලා තියෙනවා.ස්ටිවන්සන් වැනි "අධිමානසික"පරීක්ෂකයන් ගැනත් ඒ තුල කතාකෙරී තිබෙනවා මට මතකයි.ඒ වගේම ලංකාවේ සිදුවූ "පුනරුත්පත්ති පරීක්ෂනයක" අභියෝගයට ලක්කරමින් ලංකා හේතුවාදි සංගමයේ සාමාජිකයෙක් විසින් ලියන ලද ගවේෂනාත්මක ලිපියක් ඔවුන් විසින් ප්‍රකාශයට පත්කල පොතක තිබෙනවා.(මගේ මතකයේ හැටියට හේතුවාදී සංදේශය කෘතිය)
කොහොමවුනත් ලංකා හේතුවාදි සංගමයේ ප්‍රකාශන ආශ්‍රය කලොත් කර්මය/පුනර්භවය ගැන ගොඩනැගෙන අනාගමික විවේචනයේ ස්වරූපය ගැන වැටහීමක් ගන්න පුලුවන්.
කර්මය ගැන නම් මාත් ලිපියක් කලෙකට පෙර ලිව්වා.මගේ අදහස වුනේ කර්මය යනු ස්වභාවික "නියමයක්" නොව මිනිසා විසින් නිර්මානය කරගන්නා ලද සමාජයීය නිර්මානයක්/සම්මුතියක් බවයි.
http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2009/03/blog-post_28.html
මේවගේ දේවල් ඇසුරින් අනාගමික විවේචනයේ ස්වරූපය ගැන අදහසක් ගන්න පුලුවන්.ඒ දේවලුත් සලකා බලන්න :)
චමිතගෙ සිහින හැබෑ දෙවල් නෙ.!!!
July 11, 2009 12:57 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.