ලෝකය පසුගිය කාලයේ ගොඩක් දුප්පත් වුණා. ලෝකයත් හරියට අපි වගේමයි. ගොඩක් වෙලාවට දුප්පත් වෙන කාලෙට හැමෝම එක සැරේ දුප්පත් වෙනවා. පොහොසත් වෙන කාලෙට හැමෝම ටික ටික හරි පොහොසත් වෙනවා. මම කියන්නෙ ආර්ථික අංශය ගැන විතරයි. වෙනත් අංශ වලින් ඒ වගේ සම්බන්ධයක් දකින්න අමාරුයි. නැත්තෙමත් නැහැ. නමුත් ගෝලීයකරණයේ බලපෑම දැනෙන ප්‍රමුඛතම අංශය වන්නේ ආර්ථිකය. ඒකෙ සැකයක් නැහැ.
පසුගිය කාලයේ ලෝකය ප්‍රබල ආර්ථික අර්බුදයකට මුහුණපෑවා. තවමත් ඒකෙ බලපෑම අවසන් නැහැ. ඕවා ගැන හොය හොය ඉන්න වෙලාවක මටත් අපූරු කරුණු පෙළක් කියවන්න ලැබුණා. ඒ තමයි ලෝකයේ ප්‍රමුඛ පෙළේ ධන කුවේරයන් ගැන. බටහිර ලෝකය මහා ධන කුවේරයෙක් කියා අර්ථ දක්වන්නෙ සමස්ත වත්කම ඇමරිකන් ඩොලර් බිලියනය ඉක්මවන පුද්ගයෙකුව. ඇ.ඩො. බිලියනයක් කියන්නෙ එසේ මෙසේ ගානක් නෙවෙයි. ගානෙ ලොකුකම නිසා අපි ගොඩක් දෙනෙක්ට මේ කොපමණ මුදලක්ද කියල එතරම්ම වැටහීමක් නෑ. ඒ නිසා උදාහරණයකින් කියන්නම්. අද දවසේ අපේ රටේ මුලු වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 32 යි. අවම වශයෙන් මේ වත්කම ඉක්මවන පුද්ගලයන් 3න් දෙනෙකු වත් අද ලෝකයේ ඉන්නවා. මයික්‍රොසොෆ්ට් ලොක්කා, අපේ බිල් අයියා ඉන් එක්කෙනෙක් පමණයි. (ලෝකයේ මෙතෙක් බිහිවූ ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ John D. Rockefeller. ඔහුගේ මුලු වත්කම අද මුදලින් ඇමරිකන් ඩොලර් බිලියන 318.3ක්. ලෝකයේ, නාමිකව මුලු වත්කම ඇ.ඩො. බිලියනය ඉක්මවා ගිය ප්‍රථම පුද්ගලයාත් ඔහුයි. ඉහත අගය ගණනය කර තිබෙන්නේ මුදලේ අගය හීන වීමත් සැළකිල්ලට ගෙනයි. අද ලෝකයේ ජීවත්වන, තම ජීවිත කාලය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 100කට වඩා ඉපැයූ එකම පුද්ගලයා - centibillionaire - බිල් ගේට්ස්. ඔහු ඉපැයූ මුදල ඇ.ඩො. බිලියන 101ක්. නමුත් ඔහුටත් ලොව බිහිවූ අති සුපිරි ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ හිමිවන්නේ 20 වන ස්ථානය!)
ඒ කියන්නෙ ඔවුන්ට අපේ රටේ සියලුම දේපළ වුණත් මිලදීගන්න පුලුවන් කියන එක නෙවෙයිද? හිතලා බලන්න ලොකයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් 15%ක් ජීවත් වෙන්නෙ දවසකට ඇ.ඩො. 1කට වඩා අඩු මුදලක් ඉපැයීමෙන්. ඇ.ඩො 2කට වඩා දිනකට උපයන පිරිස 40%ක්. මේ දත්ත දිහා බැලීමෙන් ඔබට තේරෙන්න ඕනෙ පවත්නා ක්‍රමයේ තියන ආදායම් බෙදී යාමේ විෂමතාව. මේක ගැන පසුවට තවත් ලියන්න තමයි මගේ බලාපොරොත්තුව. නමුත් අද මම සූදානම් වෙන්නෙ වෙනත් කරුණක් ගැන කියන්න. ඒ තමයි ගෝලීය ආර්ථික අර්බුදය මේ සුපිරි ධන කුවේරයන්ට බලපාපු අන්දම!
2008 වසරේ ලෝකයේ හිටපු billionairesලා ගණන 1125ක් (බිලියන 2.7ක් දවසකට ඩොලර් 2කට අඩුයි!) නමුත් 2009ට එද්දි මේ ලැයිස්තුවේ ඉතිරි වෙලා හිටියේ 793ක් විතරයි. 393ක් ධනකුවේරයන්ගේ රේඛාවෙන් පහළට ඇද වැටුණා. ඉන් 355ක් ඉවතට විසි වුණේ ආදායම පහළ බැසීමෙන්. 18 දෙනෙක් මේ වසර ඇතුළත මියගියා. කොහොම වුණත් 38 දෙනෙක් මේ ලැයිස්තුවට අලුතෙන් එකතු වෙනත් සමත්වුණා. මේ 38 දෙනාගෙන් 10ක් කලින් ලැයිස්තුවෙන් කැපිලා ගිහින් ආපහු එකතු වුණු අය. කොහොම වුණත් අවසාන ප්‍රතිඵලය නම් සමස්ත පුද්ගල නම් ගණන 30%කින් අඩු වුණා. 2003 වසරෙන් පසුව තමයි මේ වගේ පහත බැසීමක් සිදුවුණේ. ඒකෙන් පෙනෙන්නෙ ගිය වසර කාට කොහොම වුණත් ධන කුවේරයන්ට නම් ඉතාම අපල වසරක් වූ බව. අද වන විට මේ 793 දෙනාට අයත් මුලු වත්කම ඇ.ඩො. ට්‍රිලියන 2.4ක්. ඒකත් ගිය වසරේ සිට ඇ.ඩො. ට්‍රිලියන 2කින් පමණ අඩු වෙලා තිබෙනවා. මේ ලැයිස්තුව තුළ තවදුරටත් එල්ලිලා ඉන්න සමත් වෙච්ච පිරිසගෙ වුණත් වත්කම් ප්‍රබල ලෙස අඩු වුණා. ඒ අතරින් ලැයිස්තුව උඩම හිටපු දෙනාට වෙච්ච වින්නැහිය බරපතළයි.
උදාහරණයක් ලෙස බිල් ගේට්ස් ලොක්කගෙ විතරක් වටිනාකම ඇ.ඩො. බිලියන 18කින් අඩු වුණා. නමුත් මේ බරපතල ආර්ථික අවපාතය ඔහුට එක හොඳක් කළා. අවුරුදු 14ක් තිස්සෙ ලෝකයේ අංක එකේ ධනවතා වෙලා හිටපු ඔහුගෙ තැන 2008 දි අහිමි වීමෙන් අනතුරුව ඒ නැතිවුණු කිරුළ ආපහු ඔහුගෙ ඔලුවෙ පළඳවන්න මේ සිද්ධි දාමය සමත්වුණා. ඒ ඔහුව තුන්වැනි තැනට දාපු වොරන් බුෆේ ගේ සහ කාලෝ ස්ලිම්ගේ වත්කම් ඔහුටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වීම. මේ දෙන්නගෙම වත්කම් ඇ.ඩො. බිලියන 25 බැගින් අඩු වුණා. නමුත් පසුගිය වසාරෙ ලෝකෙ අවාසනාවන්තම ධනවතුන් දෙන්නා ඔවුන් නෙවෙයි. ඒ තමයි ඉන්දියාවේ අනිල් අම්බානි- මුකේෂ් අම්බානිගෙ සොහොයුරා. ඔහුගෙ වත්කම් එම වසර තුළ පමණක් ඇ.ඩො. බිලියන 32 කින් (76% කින්) අඩු වුණා (අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය!).
මේ වගේ මහා පරිමාණ අගයන් වලින් එකවරම වත්කම් අඩුවෙන්න හේතුව මොකක්ද කියල කෙනෙකුට ගැටලුවක් ඇතෙවෙන්න පුලුවන්. ඒක තමයි ඔවුන්ගේ වත්කම් බොහෝ දුරට කොටස් වෙළඳපොලේ හැසිරීම මත රඳාපැවතීම. ඔවුන්ගෙ සමාගම් වල කොටස් මිල අඩුවෙන්න පටන්ගත්තම ඒක ඍජුවම ඔවුන්ගෙ වත්කමට බලපානවා. ඔවුන්ගෙ වත්කමයි කොටස් වෙළඳපොළයි කියන්නෙ එකම කාසියේ දෙපැත්ත වගේ!
දැනට ඉන්දියාවෙ ඉන්න මුලු billionairesලා ගණන 24ක්. එය පසුගිය වසරට වඩා 29ක අඩුවීමක්. ඉන්දියාවේ මේ ඇදවැටීමත් සමඟ ආසියාවේ වැඩිම සියක් කෝටිපතියන් සිටින රට වීමේ ගෞරවය චීනයට හිමි වෙලා තියනවා. හිතන්න, ලෝකයේ ලොකුම සමාජවාදී රාජ්‍යය චීනය ලු! (අපේ සමාජවාදී මිතුරන් මට බනින්න එපා. ඕක තමයි තිත්ත ඇත්ත). ඒ විතරක් නෙවෙයි. ලෝකයේ වැඩිම billionairesලා ඉන්නා නගරය වීමේ ගෞරවය, මොස්කව් නුවර පරදවමින් නැවතත් දිනාගැනීමට නිව්යෝක් නගරය සමත් වී තිබෙනවා. 2008 දී මොස්කව් වුවර සිටි සුපිරි ධන කුවේරයන් ගණන 74ක්. නිව්යෝක් නගරයේ 71. එය මේ වසර වන විට මොස්කව් 27ක් සහ නිව්යෝක් 55ක් දක්වා පල්ලම් බැස තිබෙනවා. සමාජවාදයේ තිඹිරිගෙය ධනවාදය පසුපස හඹා යමින් ඉන්න හැටියි ඒ!
සුපුරුදු පරිදි වැඩිම ධන කුවේරයන් පිරිසකට නිජබිම වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය. නමුත් ඒ ප්‍රමාණයත් පසුගිය වසර තුළ 110 කින් අඩු වී තිබෙනවා.
ලෝක ආර්ථිකය මේ වගේ දරුණු අගාධයකට වැටෙමින් තිබෙන මොහොතක එම උවදුරෙන් ගොඩ ඒමට ධනවතුන්ට මඟක් තිබෙනවාද? පසුගිය වසර තුළ තම ධනය වැඩිකරගත් පුද්ගලයින් ගැන අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන යම් අදහසක් ලබාගත හැකියි. එක් අයෙකු තමයි මෙක්සිකෝවේ Joaquín Guzmán Loera. ඇමරිකාවේ කොකේන් සැපයුම්කරුවන්ගෙන් ප්‍රධාන තැනක් හිමිවන්නේ ඔහුට. තවත් පුද්ගලයෙක් තමයි ඇමරිකානු ජාතික John Paul Dejoria. ඇමරිකාවේ ප්‍රධානතම tequila නිෂ්පාදන සමාගමක් වන Patrón Tequila හි හිමිකරු ඔහුයි.
ලෝකය ගමන් කරමින් පවතින දිශාව නිර්ණය කිරීම ඔබට බාරයි..............
ඇසුර: Forbes
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
▼
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
▼
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

2 comments:
මට නම් බය වෙන්න දෙයක් නැහැ හිටපු තැනම තාම ඉන්නවා
June 22, 2009 3:55 PMමෙවැනි ආර්ථීක අභිහේනිය වුණේ මෙවර විතරක් නෙමේ, කලිනුත් වුණා, එකල දුගී වුණ අයමයි අද ධනවත් වෙලා ඉන්නේ. මෙවර සිදුවීම වලට හේතු වුණු කාරණාවක් තමා ඇමේරිකාවේ දිය බුබුලු ආර්ථිකය, ඒ ගැන මෙතන ඇති: http://dilanqs.blogspot.com/2008/10/blog-post_28.html . අපේ රටේ මේ තත්වයට එන්න බැරිකමක් නෑ, ඒත් රටේ ව්‍යාපාර වලට සුදුසු අස්ථාවර තත්වයක් ඕනේ මීට වඩා.
June 23, 2009 1:33 AMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.