දැන් ඉතින් යුද්දෙත් ඉවර නිසා හැමෝගෙම කතාව ක්‍රිකට්. ඒකත් එක්තරා ආකාරයකින් වැරැද්දක් නෑ. මොකද මනුෂ්‍යයා කියන්නෙ හැම දේටම ඔලුව දාන, නිකං ඉන්න බැරි සතෙක් නේ? ඒක නිසා ඔහුට හැම වෙලේම යම් කාර්යයක යෙදිල ඉන්න අවශ්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ කය වෙහෙසා කරන වැඩක්ම නොවෙයි, මනස යම් කාර්යයක යෙදවීමක්!
ක්‍රිකට් මැච් කියන්නෙ ඔය කටයුත්තට නියමෙට ගැළපෙන මෙවලමක්. දැන් T20 ලෝක කුසලාන තරඟාවලියත් පැවැත්වෙනවානෙ. අපේ කට්ටියත් දිනාගෙන යනවා. ඉතින් හැමෝගෙම අවධානය ඒ අතට යොමු වෙන එක පුදුමයක් නොවෙයි. නමුත් මම අද යන්නෙ ක්‍රිකට් ගැන කතාකරන්න නොවෙයි. ක්‍රිකට් තරඟ ප්‍රචාරය කරන අපේ මාධ්‍ය මහතුන්ට චෝදනාවක් එල්ල කරන්න!
ඒක තමයි වෙළඳ දැන්වීම්.
ප්‍රචාරණය සහ වෙළඳ දැන්වීම් කියන්නෙ විද්‍යුත් මාධ්‍යයට නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ කියන්නෙ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගන්න අනගි අවස්ථාවක්. නමුත් මේවා, තරඟය නරඹන්නන්ට බාධාවක් වනවා නම්?
කොතරම් අප්‍රියජනක වුවත් වෙන්නේ එයම තමයි. දැනට විකාශය වන T20 තරඟාවලියේ තත්ත්වය තවත් දරුණුයි. ප්‍රේක්ෂකයාට නිදහසේ තරඟය නරඹන්නට ඉඩක් ලැබෙන්නේ නැති තරම්. බොහෝ විට පන්දු ඕවරයක අවසාන පන්දුව යවා පිතිකරුවා පහර එල්ල කර අවසන් වන විටම විකාශය වන්නේ වෙළඳ දැන්වීමක්. අඩු තරමින් පන්දුව ගියේ කොහේටද වත් කියා ප්‍රේක්ෂකයාට බලාගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේම දැවීයාමක වැනි වැදගත් අවස්ථාවක replay එකක් යන විටම එන්නේත් වෙළඳ දැන්වීමක්.
වෙළඳ දැන්වීම් වල හිමිකම තියන සමාගම් සහ ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන තදින් මතක තබාගතයුතු කරුණක් නම් ප්‍රේක්ෂකයන් රූපවාහිනිය අසල රැඳී සිටින්නේ ක්‍රිකට් තරඟය නැරඹීමට මිසක් වෙළඳ දැන්වීම් නැරඹීමට නොවන බව. නරඹන තරඟයට බාධා වන ලෙස කොපමණ අලංකාර වෙළඳ දැන්වීමක් වුවද ප්‍රචාරය වනවා නම් ප්‍රේක්ෂකයාගේ සිත තුළ ඇතිවන්නේ කෝපයක්. ඉන් සිදුවන්නේ ප්‍රචාරණය කරගැනීමට බලාපොරොත්තු වන වෙළඳ භාණ්ඩය කෙරෙහිත් නරඹන්නාගේ සිතේ කෝපයක් හටගැනීම. ඒ අනුව ක්‍රිකට් තරඟයක් අරමුණු කරගෙන දිගට හරහට වෙළඳ දැන්වීම් දැමීම හරහා සිතන තරම් ජනප්‍රියත්වයක් වෙළෙඳ භාණ්ඩයකට හිමිවන්නේ නැහැ. ඇතැම් විට එය වෛරයක් තරමට දුරදිග යා හැකියි!
මට නම් පෙනෙන හැටියට දැන්වීම ප්‍රචාරය කරන ආයතනය කරන්නේ තරඟය විකාශය වෙන කාල සීමාව තුලට තමන්ට ලබාදී ඇති දැන්වීම් ප්‍රමාණය "ඔබාගැනීම" සඳහා කාලයත් සමඟ සටනක නිරත වීම. කෙසේ නමුත් භාණ්ඩයේ නිෂ්පාදකයා සහ ප්‍රචාරය කරන ආයතනය යන දෙකම මේ වැරැද්දට වගකිව යුතුයි...
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
▼
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
▼
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

4 comments:
ඔව් චමිත. ඔය කියන එක ඇත්ත.මේ දවස් වල ටීවී screen එකත් කුඩා කරලා.ලකුණු පෙනෙන්නෙත් නෑ...
June 13, 2009 3:19 PMඔවු.. මම බැලුවෙ අපි බඩු ගන්නෙ ඔය දැන්වීම් බලලම ද ?
June 13, 2009 7:33 PMgo for sattelite tv for real taste of cricket!
June 13, 2009 8:42 PMAirtel Ad එකක් දානවා. Music එකකුත් එක්කම..
June 13, 2009 9:50 PMමුංට *(&%^%%&*)^£$"£^... :/
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.