බ්ලොග්කරණය, සයිබර් අවකාශය තුළ තමාගේ 'හඬ' අවදි කිරීමට ප්‍රියකරන බොහෝදෙනාගේ ප්‍රියතම විනෝදාංශයකි. එය අප රට තුළ තවමත් පුළුල් ලෙස ව්‍යාප්තව නැතත් ව්‍යාප්ත වීගෙන එන පෙරමඟ ලකුණු මනාව දක්නට ලැබේ. බ්ලොග් සටහනක් ලිවීම සඳහා කෙනෙකුටම උවමනා ම වන, ආදේශක නොමැති මෙවලම නම් 'වර්ඩ්ප්‍රෙස්' වත් 'බ්ලොගර්' වත් නොව 'භාෂාව'යි. අන්තර්ජාලයේ ප්‍රධානතම භාෂාව ඉංග්‍රීසිය වුවද උපතින් ඉංග්‍රීසි කතා නොකරන රටවල ඉපදුණු අප වැනි බොහෝ දෙනා, ඉංග්‍රීසි දතත්, තවමත් ප්‍රිය කරන්නේ අපේ හුරුපුරුදු මවු භාෂාවෙන් ලිවීමටයි; කියැවීමටයි. එය සිංහලයන් තුළ උපතින්ම පිහිටි ගුණාංගයක් බව විදේශයන්හි සිට ද සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපේම සහෝදර සහෝදරියන් දෙස බැලීමෙන් මනාව ප්‍රකට වේ.
අද මාගේ අරමුණ සිංහල බ්ලොග්කරණයේ වැදගත්කම ගැන කීමටවත්, එය අගය කිරීමටවත් නොව සිංහලෙන් බ්ලොග් ලියන්නන් තුළ භාෂාව පිළිබඳ යම් හැඟීමක් ඇතිකිරීමයි. මීට හේතුව නම් ඇතැම් බ්ලොග්කරුවන් භාෂාව කෙරෙහි දක්වන දැඩි නොසැලකිල්ලයි. (මෙය අදාළ වන්නේ සුලු පිරිසකට බව සැලකුව මනාය). ඇතැමුන් බ්ලොග් සටහන් ලියන්නේ සිංහල භාෂාවේ භාෂා රීති පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයෙන් නොවන බව එම බ්ලොග් කියවීමෙන් මනාව පැහැදිලි වේ. මා හට අදත් එවන් බ්ලොගයක් හමුවූ අතර කලින් ද එවන් සටහන් කිහිපයක්ම කියවා ඇත. මුලින්ම එම පුද්ගලයාට ඒ බව දන්වා සිටීමට සිතුනත් ඔහු අධෛර්යයට පත්වීමට හෝ වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ තිබූ නිසා එසේ නොකියා පොදුවේ කීම යෝග්‍ය යැයි මම අදහස් කළෙමි.
මෙහිදී මතුකළ යුතු එකම කරුණ නම් බ්ලොගයක් ලිවීමට ඔබ භාෂා විශාරදයෙකු වීමට අවශ්‍ය නොවන බව ය. කළ යුත්තේ පාඨකයාට එය කියවිය හැකි පරිදි ලිවීම පමණි. මෙම සටහන ලියන මා ද සාමාන්‍ය පෙළ පන්තියට පසු සිංහල උගෙන නොමැත. එබැවින් මාගේ සටහන් කියවූ විට ද වැරදි සොයාගත හැකි අතර එවන් දෑ මටම හමුවී ද ඇත. නමුත් සමස්තයක් වශයෙන් ඒවා කියවිය නොහැකි තත්වයේ නැතැයි මම උපකල්පනය කරමි.
පාඨකයාට 'කියවිය හැකි පරිදි' ලිවීමට නම් ලේඛකයා භාෂා රීති, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ගැන මඳක් හෝ අවධානය යොමු කළ යුතුය. කියවන්නාට අමු අමුවේ පෙනෙන වැරදි බහුලව ඇති විට කොතරම් වැදගත් ලිපියක් වුවද කියවීමට සිත් නොදේ. සිංහල, තරමක් සංකීර්ණ භාෂාවක් වී ඇත්තේ එහි ලේඛණ ව්‍යවහාරය හා සාමාන්‍ය ව්‍යවහාරය යනුවෙන් භාවිතයන් දෙකක් ඇති බැවිනි. බ්ලොගයක් ලිවීමේදී මෙම රීති දෙකම භාවිත කළ හැක. සෑම විටම ලේඛන ව්‍යවහාරය භාවිතා කිරීම සුදුසු නොවන්නේ එවිට සටහන පාඨකයාට නීරස වීමට ඉඩකඩ ඇති බැවිනි. පාඨකයාට වඩාත් සමීප ස්වභාවයක් ගන්නා බැවින්, එතරම් ගැඹුරු නොවන ලිපියක් (උදා: චිත්‍රපට විචාරයක් හෝ පෞද්ගලික අත්දැකීමක් වැනි යමක්) සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිවීම උචිත වේ. නමුත් එහිදී ද භාෂා රීති ගැන සැලකිළිමත් වීම අවශ්‍ය ය. පළමුව කී, අමු අමුවේ භාෂාව වරදවා භාවිත කරන කිහිප දෙනා අමතක කරන කරුණ නම් භාෂා රීති උල්ලංඝණය නොකර සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපියක් ලිවිය හැකි බවයි. උක්ත ආඛ්‍යාත පද අතර සරල සම්බන්ධය ගැන සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපිය ලිවීමේදී ද සැලකිළිමත් විය හැකි නම් මේ ගැටලුව මතු නොවේ. එහි වරද තේරුම් ගැනීමට නම් ඔබ ලියූ ලිපිය මුල සිට සිතෙන් කියවාගෙන යා යුතුය. එවිට එහි නොගැළපෙන තැන් ඉතාම පහසුවෙන් හඳුනාගත හැකිය.
අනෙක් වරද නම් අක්ෂර වින්‍යාසයයි. අවම වශයෙන් අවුරුදු 11ක් සිංහල භාෂාව ඉගෙනගත් ඔබේ නෙතට "ලමයා" යන වදන අප්‍රියජනක විය යුතුය. සමහර විට වැරැද්ද කොතැනදැයි හරියටම හඳුනාගැනීම අපහසු වුවද කොතැනක හෝ වරදක් ඇති බව තේරුම් ගැනීමට ඔබේ නෙතට හැකියාව ඇත.
නමුත් මේ සරල දේ ගැන අවධානය යොමු නොකරන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු තවමත් දැකිය හැක. ඔවුන් තම වැරදි වහ වහා නිවැරදි කරගත යුත්තේ ඔබ සහ අප සහ 'ඔවුන්', විශ්ව පවුලේ සිංහලයට ඇති උරුමය නියෝජනය කරන්නන් වන බැවිනි.
Welcome - ආයුබෝවන්!
ආයුබෝවන්! චමිතගේ වෙබ් අවකාශයට පැමිණි ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ මෙහි ගත කරන ඉතා සුලු කාලය තුල මාගේ අදහස් හා මතවාද ඔබ හා බෙදා හදා ගැනීමට මා අපේක්ෂා කරන අතර ඔබ එකඟ නොවන යම් කරුණක් වේ නම් එය සටහන් කිරීමට කිසිසේත් පසුබට නොවන්න...
Get Sinhala Unicode
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
About Me - මගේ වත ගොත
- Chamitha
- If you can get rid of the perception called 'me', that's the ultimate victory of life. I haven't reached that goal, yet. So you can identify me as person with simple interests, but profound ideologies....
Blog Archive - ලේඛනාගාරය
-
▼
2009
(78)
-
▼
June
(13)
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොට...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කො...
- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොට...
- ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති
- මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?
- ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
- බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!
- ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්
- ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීත...
- යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
- දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා
- මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)...
- වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (200...
-
►
May
(31)
- මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය
- Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය ච...
- නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව
- අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය
- මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!
- බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම
- The End of Prabhakaran - D.B.S. Jeyaraj
- An account of war- Nalaka Gunawardene
- ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්
- ප්රභාකරන්ගේගේ නුදුටු සේයාරුව
- එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි
- උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)
- පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවස...
- ප්රභාකරන් සියදිවි හානි කරගනී
- හබල් නියතය නැවතත් අලුත් වෙයි
- සෙනසුරාදාට පෙර...
- STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්
- මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට...
- VLC 0.9.9 ඇවිත්..!!
- අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)...
- විශ්වයේ ලොකුම තරුව
- මූසිකය හැසිරවීමට ඉගෙන ගනිමු
- රතු වත හැඳි ගැහැණු ළමයා
- සුදුස්සාට සුදුසු තැන දියව්
- සියවසේ සිනමා සිත්තම: Schindler's List (1993)
-
▼
June
(13)
හිත ගිය තැන්
Blogs I Like - වියුණ ලැයිස්තුව
-
-
-
විවාහය1 week ago
-
-
රෑකියා විරහිත උපාධිධරින් සදහා5 weeks ago
-
කඩේ යාම සහ කඩේ යැවීම1 month ago
-
I love to seek3 months ago
-
-
To indeed be a god!7 months ago
-
72++ පිරිසකට කරන දැන්වීමයි..7 months ago
-
කොතැනක හො සැගවී,ජීවිතය7 months ago
හිමිකම් ඇවිරිණි
චමිතගේ සිහින කොදෙව්ව by Chamitha Rathnayake is licensed under a Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License.
Subscribe to:
Post Comments (Atom)

13 comments:
පැහැදිලිවම මම ඔබ මේ කියන්නට උත්සාහ කරනදේ ගැන එකඟයි මෙවැනි ලිපියක් පල කිරීම ගැන ඔබට ස්තුතියි ! ලියු දෙය නැවත වරක් කියවීම තුලින් බොහෝ දෝෂ සොයා ගත හැකි බව මගේ පුද්ගලික මතයයි!
June 16, 2009 6:07 PMහම්... මම උනත් පෝස්ට් එකක් දාන්නෙ කීප පාරක් කියවල..
June 16, 2009 9:31 PMඒක ඇත්ත...
June 16, 2009 10:47 PMසමහරු මූර්ධජ ලියන්න එපා කියනවා නේද ?
June 17, 2009 7:55 AMමේ බ්ලොග් අඩෙවියේ මින් පසු මූර්ධජ අක්ශර පල කරන්නේ නෑ.
http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html
මට ඟ අකුර ගහන හැටි කියනවද
June 17, 2009 10:51 AMඬ ළු ඳ ඳු ඟ අක්ෂර යුනිකෝඩ්වළ සටහන් කරනු ලබන ආකාරය පැහැදිලි කරන්න
June 17, 2009 11:02 AMඒක නම් සෑහෙන නිර්භීත තීරණයක් නේ? මූර්ධජ ඉවත් කරනවා නම් මුලින්ම ඔය 'ලොකු තැන්' වලින්ම එකඟතාවකට ආවා නම් හොඳයි. නැත්තම් එක එක එක්කෙනා එක එක විදිහට භාෂාව භාවිත කරනකොට ලොකු අවුලක් හටගනියි. නමුත් මං එකඟ වෙනවා මේක ආරම්භක පියවරක් ලෙස හොඳයි කියලා. නමුත් තව ටිකක් කල් බලාගෙන ඉන්න තමයි මගේ කල්පනාව. තාමත් "අක්ෂර" නැතුව "අක්ශර" වගේ වචනයක් දැක්කම මට නිකන් මොකද්දෝ මොකද්දෝ වගේ. හික්.....
June 17, 2009 11:20 AM@Anonymous:
June 17, 2009 11:24 AMUnicode Converter එක (http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html) භාවිතා කරනවා නම්,
ඬ-> nnDa
ළු-> Pa
ඳ-> nndha
ඳු-> nndhu
ඟ-> nnga
@Anonymous
June 17, 2009 11:57 AMKeyboard එකේ Alter-Graph (දකුණු Alt කී එක) සමඟ අවශ්‍ය අකුර ඔබන්න...
AltGr + ග = ඟ
etc.,
තේරෙන්න කොහොම ලීවම මොකද බන්,අපිට උඹලට වගේ සිංහල වලට 90 ගනන් තිබිලා නෑනේ බන්,හොද වෙලාවට උ.පෙට සිංහල තිබ්බේ නැත්තේ පෙර පිනකටද කොහොදේ,නැත්නම් ඉතින් රිවිසොන් තමා :P
June 20, 2009 8:28 PM@ බුද්ධික: ඒක වැරදි කතාවක්. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස වැරදි තිබුණත් දඟලලා දඟලලා කියන්න යන දේ තේරුම්ගන්න පුලුවන් තමයි. ඒත් ඒක නිවැරදි නැහැ. කොයිතරම් හොඳ ලිපියක වුණත් වටිනාකම ඒකෙන් අඩු වෙනවා. මම කියන්නෙ නැහැ ලිපි ලියන්න කාටවත් සිංහල ප්‍රවීණත්වයක් තියෙන්න ඕනෙ කියලා. ඇයි කෙනෙකුට ව්‍යාකරණ වැරදි නොකර, කතාකරන භාෂාවෙන්, මේ විදිහට ලියන්න බැරි. නමුත් මං දැකල තියන සමහර බ්ලොග් කියවන්න හිතෙන්නෙම නැහැ ඒවයෙ වචනයක් වචනයක් ගානෙ වැරදි නිසා. අනික බ්ලොග් ලියන කවුරුත් පහේ පන්තියට යනකන් විතරක් ඉස්කෝලෙ ගිය අය නෙවෙයිනේ?
June 20, 2009 8:40 PMඕ ලෙවල් සිංහල දැනුම හොඳටම ප්‍රමාණවත් මේ වගේ කර්යයකට. මම නම් දකින විදිහට අර කලින් කිව්ව, වචනයක් වචනයක් ගානෙ වැරදි කරන අයගෙ වැරැද්ද, ඔවුන්ගෙ දැනුම අඩුකම නෙවෙයි; නොසැලකිල්ල. හදාගන්න පුලුවන් වැරැද්දක් කියල දෙන එක වැරැද්දක් නෙවෙයිනේ?:P
@චමිත
June 20, 2009 9:40 PMයකෝ ව්‍යාකරණ දැන් ගන්න එපැයි බන් ලියන්න..මම නම් සා.පෙ.ත් ඕව පොට්ටෙ ගැහුවේ එකක් ලකුණු 0.5 නේ කියලා...හී හී.....
හි හී.... ඒක නම් ඉතින් එහෙම තමයි. ව්‍යාකරණ දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් ලියන්න පුලුවන් කතාකරන භාෂාවෙන්, හරියට;-)
June 20, 2009 9:53 PMPost a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.