- ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් වල එකමුතුවෙන් 2003 දී ඉරාකය ආක්‍රමණය කළේ එහි රසායනික අවි ඇතැයි යන එකම චෝදනාව එල්ල කරමිනි. නමුත් අවසානයේ ඉරාකයෙන් හමුවූ එකම රසායනික අවියක් වත් නැත. මෙසේ අභූත චෝදනාවක් එල්ල කරමින් රටකට ඇතුලු වී එරට විනාශ කිරීම කිසිම ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බරපතල ගණයේ වරදකි. මේ පිළිබඳව ඒ රටවල් වලට දඬුවමක් දීමට මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වී නැත.
- ඉරාකය ආක්‍රමණය කිරීම ඇරඹූ 2003 මාර්තු 20 වනදා සිට අද දක්වා පැහැදිලිවම වාර්තා වී ඇති, මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 92 146 ත් 100 604 ත් අතර අගයක් ගනී (මූලාශ්‍රය: Iraq Body Count). නමුත් බ්‍රිතාන්‍ය Lancet වෛද්‍ය ජර්නලයට අනුව එය 654 965 ක් තරම් දැවැන්ත අගයකි (නූතන ඉතිහාසයේ මේ අගය ඉක්මවා යන්නේ රුවන්ඩා ජන සංහාරය පමණි). මේ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වී නැත. (වැඩිදුරටත්).
- 2001 වසරේ ඇමරිකාවේ ඇෆ්ඝන් ආක්‍රමණය සමඟ ඒ හේතුවෙන් ඍජුවම මියගිය සිවිල් වැසියන් ගණන 7 760ත් 10 557ත් අතර වේ. වක්‍රාකාරව මියගිය ගණන 19 886කි. (මූලාශ්‍රය: Unknown News). ඍජු හා වක්‍ර මුලු මරණ සංඛ්‍යාව, විකිපීඩියා විශ්වකෝෂයට අනුව 10 960ත් 30 557ත් අතර වේ. මෑතකදී ද ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 140කට අධික පිරිසක් මියගිය අතර අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමාව අයැද නිහඬ විය.
- කෙන්යාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇති වූ කැරැල්ලේ දී මියගිය කෙන්යානු ජාතිකයන් සංඛාව 10 173කි. කිකුයු ගොත්‍රික ජනතාව 70 000ක් අත් අඩංගුවට ගැනිණි. පරීක්ෂණ පවත්වා නැත.
- පිලිපීනයේ ඇමරිකානු පාලනයට විරුද්ධව හටගත් කැරැල්ලේදී මියගිය පිලිපීන ජනයා සංඛ්‍යාව 200 000කි. මෙහිදී ඇමරිකානුවන් වෙනුවෙන් වැඩ කිරීමට විරුද්ධ, අවුරුදු 10ට වැඩි ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට ඇමරිකානු හමුදාවට නියෝග ලැබී තිබිණි. මේ යුද අපරාධ ගැන කිසිවෙකුත් දඬුවම් ලබා නැත.
- 1994 අප්‍රේල් 6 වනදා සිට ආසන්න වශයෙන් දින 100ක් මුළුල්ලේ පැවති රුවන්ඩා මානව සංහාරය. මෙහිදී රුවන්ඩාවේ මධ්‍යස්ථ හුටු, ටුට්සි ගෝත්‍රික ජනතාව අවම වශයෙන් 800 000ක් මියගිය අතර (ඇතැම් සංඛ්‍යාලේඛන වලට අනුව 1 000 000 ද ඉක්මවා යයි) එය වැළැක්වීමට එරට නිදහසට පෙර පාලනය කළ බෙල්ජියම ඇතුලු බටහිර රටවල් කිසිවක් කළේ නැත. හුටු, ටුට්සි ගෝත්‍රික වෛරය බටහිර රාජ්‍යයන්ගේ නිර්මාණයකි.
- බොස්නියානු, කාම්බෝජ හා ජපාන නැන්කින් මානව සංහාර.
- ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගර වලට හෙලූ පරමාණු බෝම්බ. හිරෝෂිමාවේදී සිවිල් වැසියන් 140 000ක් ද, නාගසාකි හිදී සිවිල් වැසියන් 80 000ක් ද මිය හියහ. එසේම ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරට හෙලූ 700 000ක් වූ පොස්පරස් බෝම්බ වලින් එහි වැසියන් 40 000ක් මරුමුවට පත්විය. තවද යුද සමයෙදී කිසිදු පරීක්ෂණයකින් තොරව ඇමරිකාවේ විසූ ජපාන ජාතිකයන්ගෙන් 2/3ක්, එනම් 120 000ක් සිරගත කරන ලදී. ඉන් වසර 50 කට ද පසුව ඒ වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමාව අයැද සිටියේය. නමුත් කිසිවෙකුට දඬුවම් පැමිණවීමක් හෝ නඩු විභාගයක් ගැන කතා කර නැත.
Saturday, June 6, 2009
යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?
ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට කැසකවන බොහෝ බටහිරයන්ට තිබෙන්නේ යුද අපරාධ ගැන අපූරු ලිපි ගොනු ය. මේ ඉතිහාසය නැවත හාරා අවුස්සා බැලීමට දැන් කාලය එළඹ තිබේ. සුවිශේෂීම කරුණ වන්නේ අමු අමුවේ මේ අපරාධයන්ට වග කිව යුතු, ඒ බව පැහැදිලිවම ඔප්පු වි තිබෙන රාජ්‍යයන් කිසිදු පරීක්ෂණයකට යටත් නොවී, දඬුවමක් නොලැබ නිදැල්ලේ සිටීම ය.
4 comments:
අනේ කාලකණ්නි ! මේවට කවුද කතා කරන්නෙ ?
අපේ රටේ යුද්ධයක් තිබුනෙ නෑ නෙ කොහොමත්, අපරාධකාරයො ටිකක් අල්ලන මෙහෙයුමක් නෙ තිබුනෙ ? ඉතිං කොහොමද යුධ අපරාධ කෙරුවයි කියන්නෙ ? :-O
අපේ රාමුවෙන් පිට මහත්තැන්ට කවුරු හරි මේ පෝස්ට් එකේ ලින්ක් එක දෙන්ට. මේ දවස් වල කොටිත් සෙත්තපෝච්චි නිසා කරන්න වෙන කිසිම වැඩක් නැතුව මිනිහා ඉන්නෙ.
should write this sort of things in English...wel done, if possible, translate this!
හා හා දරුවො කට පරිස්සමෙන්. ඕව ආරංචි වෙලා අති උතුම් සුදු උත්තමයො කෝප වෙයි. ඊටත් වඩා උන්නාන්සෙලා සූප්පුකරල විසිකරන කටුවලට වහ වැටිල ඒක තමංගෙ බඩගෝස්තරේ කරගත්ත මෙහෙ රැඩිකල් නිදහස් මාධ්‍ය උත්තමයො බොහොම අපහසුතාවයට පත්වෙයි.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.