Pages

Thursday, June 18, 2009

මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?

මෙම ලිපියට හේතුපාදක වන්නේ අධ්‍යාපනික විශ්ලේෂනයක් (Academic Analysis), නැතහොත් තර්කයක් (Argument) විනා කිසිවෙකුගේ විශ්වාස හෝ ඇදහීම් වලට අගෞරව කිරීමේ යටි අරමුණක් නොවන බව කරුණාවෙන් සලකන්න......

මෙම ලිපිය ලිවීමට මා යොමු කළේ මෑතකදී නරඹන්නට යෙදුණු එක්තරා වීඩියෝ දර්ශන පෙළකි. මේ ලිපිය අවසානයට අමුණා ඇති ඒවා ඉතා වධානයෙන් නරඹන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි. නැරඹීමට කලින් ඒවා කුමක් සම්බන්ධවදැයි දැන සිටීම වැදගත් වේ යැයි සිතිය හැක.

මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ක්‍රිස්තියානි දහමේ උපත සහ අරමුණයි. ක්‍රිස්තියානිය යනු ඒක දේවවාදී ආගමක් (Monotheism) ව
න අතර එයට අනුව දෙවියන්ගේ පණිවුඩය මෙලොවට රැගෙන ආවේ එක් දූතයෙකු විසිනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. මෙය බයිබලයේ එන කතාවයි. බොහෝ දෙනා මෙය නැවත විමසීමකින් තොරව පිළිගනිති.

නමුත් ගැඹුරට අධ්‍යයනය කරන කල මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා ගැඹුරු යමක් මෙහි ගැබ්ව ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙහිදී
සංවාදයට බඳුන් වන්නේ "ජේසුස්" (Jesus) යන චරිතයේ පැවැත්මයි (එතුමන්ගේ ඉගැන්වීම් නොවේ). සැබැවින්ම දෙවියන්වහන්සේගේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් (Jesus Christ) කියා කෙනෙකු මෙලොව පහළ වූවාද?

ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාධක අනුව පැහැදිලිව පෙනෙන කරුණ නම් එවන් කෙනෙකු කිසි දිනෙක මෙලොව වාසය කළේ නැති අතර එම චරිතය හුදෙක් පුරාණ ඊජිත්තු මිථ්‍යා කතා (Egypt Mythology) සහ ජ්‍යොතිෂ්‍යය මත පදනම් වූවක් බවයි....!

එසේ නම් මෙම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන චරිතය එන්නේ කොහෙන්ද? විශ්වාස කිරීමට අපහසු වුවත් අධ්‍යයනයන්ගෙන් හෙළිවන කරුණ නම් ඒ අන් කිසිවක් නොව සූර්යයා හෙවත් "හිරු දෙවියන්" බවයි. දැන් අපි ඍජුවම මාතෘකාවට පිවිසෙමු.

පුරාණ ඊජිත්තු ශිෂ්ඨාචාරය දේව වන්දනාව ඉතා බහුලව සිදු වූ තැනකි. එහි ආරම්භය ක්‍රි.පූ 3150 තරම් ඈත අතීතය දක්වා දිවයයි. පුදුමයකට මෙන් පුරාණ ජ්‍යොතිෂ්‍යයේ ආරම්භය ද සනිටුහන් වන්නේ එම කාලයේ ය. ඊජිත්තු මිථ්‍යා කතා වලට අනුව එහි හිරු දෙවියා "හෝරස්" නම් වේ. හෝරස්ගේ ප්‍රධාන විරුද්ධවාදියා සෙට් (Set) ය. සෙට් යනු අන්ධකාරයයි. මිථ්‍යා කතා ලෝකයේ අද්විතීයම අරගලය වන්නේ ආලෝකය (හිරු) ට එරෙහිව අන්ධකාරය, නැතහොත් හොඳ ට එරෙහිව නරක යි. මේ අනුව "හෝරස්" නියෝජනය කරන්නේ යහපතයි. හෝරස්ගේ චරිතයේ එන වැදගත් ලක්ෂණ කිහිපයක් මෙසේ ය.
  1. කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි.
  2. උපත ලබන්නේ දෙසැම්බර් 25ට අනුරූප දිනකදී ය.
  3. ඔහු උපත ලබන මොහොතේ නැගෙනහිර අහසේ දීප්තිමත් තරුවක් පායා තිබුණේය.
  4. උපත ලැබූ විගස රජවරු තිදෙනෙක් පැමිණ ඔහුට සත්කාර කළෝය.
  5. අවුරුදු 12ක් වන විට ඔහු ගුරුවරයෙකි.
  6. වයස 30 දී ඔහු ශුද්ධ වූ තත්ත්වයට පැමිණිනි (Baptized).
  7. ප්‍රධාන අනුගාමිකයන් ගණන 12කි.
  8. ජීවිත කාලය මුළුල්ලේ විශාල වශයෙන් අරුම පුදුම දෑ (මායා බලයෙන් ලෙඩ සුවකිරීම වැනි) කළේය.
  9. පාවාදීමකින් අනතුරුව කුරුසියේ තබා ඇණ ගසන ලදී (Crucified).
  10. මරණයෙන් අනතුරුව නැවත නැගිට සිටියේ ය (Resurrected).
මිථ්‍යා කතා වල ලක්ෂණයක් වන විවිධ අර්ථදැක්වීම් පැවතීම මෙහිදී ද දක්නට ලැබුණද ඉහත අවස්ථා, "හෝරස්"ගේ ජීවිතයේ සන්ධිස්ථාන ලෙස ගැනේ. මේ ලැයිස්තුව කියවාගෙන යන විට ඔබට මතක් වන්නේ කුමක්ද? වැරදීමකින් තොරවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. පුදුමයකට මෙන් මෙම සමානතාවන් හෝරස්ගේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයන්ට පමණක් සීමා නොවේ. ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන "ඇටිස්" නැමැති දෙවියා (ක්‍රි.පූ 1200), ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවිඳුන් (ක්‍රි.පූ. 900), ග්‍රීසියේ ඩයනයිසිස් (ක්‍රි.පූ.500), පර්සියාවේ මිත්‍රා (ක්‍රි.පූ 1200) යන චරිත ද මේවාට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වයි. නමුත් ඒ සියල්ලේ පොදු මූලය නම් ඊජිත්තුවේ "හෝරස්" ය.

දැන් මතුවන ගැටලුව නම් මේ සියල්ල මෙසේ සමානකමක් දැරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අරුම පුදුම සිදුවීම් අනුපිළිවෙලේ මේ තරමට තිබෙන වැදගත්කම කුමක්ද?

පුදුමයකට මෙන් ඊට හේතුව සැඟවී තිබෙන්නේ සූර්යයාගේ චලිතය තුළයි. තවත් සැකෙවින් කිවහොත් ජ්‍යොතිශාස්ත්‍රය තුළයි. ජ්‍යොතිෂ්‍යය යනු මුලුමනින්ම සූර්යයා හා ඒ වටා පිහිටි ග්‍රහයන්ගේ චලිතය මත පදනම් වූ සිද්ධාන්තයකි (සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්!). ඊජිත්තු ශිෂ්ඨාචාරය ජනිත වී හෝරස් චරිතය බිහිවන විට ඊජිත්තු ජ්‍යොතිශාස්ත්‍රඥයන් (නැතහොත් තාරකා විද්‍යාඥයන්. එම කාලය වනවිට ජ්‍යොතිශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු එකකි) අහස නිරීක්ෂණය කරමින් අගනා අධ්‍යයනයක නිරත වී සිටියහ. ඒ අනුව ඔවුනට සූර්යයාගේ හා ග්‍රහ චලිතයේ අපූරු සබඳතා රැසක් හඳුනාගත හැකිවිය.

ඔවුන් "හෝරස්" චරිතයට පණ පෙව්වේ එම ලක්ෂණ සියල්ල අන්තර්ගත කරමිනි. එනම් මෙසේ ය.
  1. ඉපදෙන මොහොතේ (දෙසැම්බර් 25) නැගෙනහිර අහසේ ඇති දීප්තිමත් තරුවක් දිස්වේ. තරුව "සීරියස්" ය. සීරියස් (Sirius) යනු අපේ අහසේ දක්නට ලැබෙන දීප්තිමත්ම තරුවයි.
  2. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.
  3. දෙසැම්බර් 25 වන දින මෙම තරු 4 ඔස්සේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලාගෙන ගිය විට ක්ෂිතිජය ඡේදනය වන ලක්ෂ්‍යය එම දිනයේ හිරු උදාවන ස්ථානයයි. රජවරුන් තිදෙනා හිරු (ජේසු බිළිඳා) සොයා එන්නේ යැයි කියන්නේ මේ නිසා ය.
  4. මේ මොහොතේ අහසේ ඇති තවත් වැදගත් රාශියක් නම් කන්‍යාවක් නිරූපණය කරන කන්‍යා (Virgo) රාශියයි. Virgo යන පදයේ තවත් අර්ථයක් නම් House of Bread ය. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම් නගරයේ තවත් අර්ථයක් ද House of Bread ය. මේරි මව් තුමිය බෙත්ලෙහෙමේදී ජේසු බිළිඳාට උපත ලබාදෙන්නේ ඒ අනුවයි.
  5. සිසිර නිවෘත්තිය (Winter Solstice) එළඹෙන්නේ දෙසැම්බර් 21-22 යන දින දෙක තුළ ය. මෙසේ එළඹුණු සිසිර නිවෘත්තිය සමඟ ඉතා වැදගත් සංසිද්ධියක් දකුණුදිග අහසේ සිදුවේ. මාස 6ක් තිස්සේ අහසේ දකුණු දෙසට ගමන් කරමින් පැවති සූර්යයා නැවතත් උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. නමුත් ඒ එක වරම නොවේ. දෙසැම්බර් 22-23-24 යන දින තුනේ දකුණු කුරුසිය (Crux හෙවත් Southern Cross) තරු රාශිය ආශ්‍රිතව නිසලව මෙන් (දෘෂ්ටි මායාවක් පමණි) පැවතී දෙසැම්බර් 25 වන දින නැවතත් අහසේ උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. ක්‍රිස්තුස් වසන්සේ "කුරුසියේ" දී මියගොස් දින 3කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි. මරණයෙන් නැගිටීම නැතහොත් සූර්යයා නැවත ඉහළට ගමන් කිරීම ඇරඹීම වසන්තයේ හෙවත් සෞභාග්‍යයේ ඇරඹුම සනිටුහන් කරයි.
  6. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සැබැවින්ම සිදුවන්නේ දෙසැම්බර් මාසයේ නොව මාර්තු මාසය ආශ්‍රිතව ය. මන්ද සැබැවින්ම වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු 21 නිසා ය. එම නිසා එම දිනය ආශ්‍රිතව Easter සමරනු ලැබේ. සශ්‍රීකත්වයේ උදාව තෙක් මරණයෙන් නැගිටීම පසුපසට ගෙන ඇත්තේ එබැවිනි.
මෙය සැබැවින්ම "පිස්සු හැදෙන" තර්කයකි. මෙය ඇසූ මුල් අවස්ථාවේම මාගේ ඇඟ කිළිපොළා ගියේය. මෙය සැබෑවක් නම් ඉන් අදහස් වන්නේ කුමක්ද? සමස්ත ක්‍රිස්තියානි දහම ම පදනම් වී ඇත්තේ පුරාතන මිථ්‍යා විශ්වාසයන් මත යන්න නොවේද? මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ හිමිකරුවන් වන්නේ පුරාණ ඊජිත්තු පූජකයන් ය. ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික මිථ්‍යා කතාවන්හි කර්තෘත්වය හිමිවන්නේ ඔවුන්ට ය. ක්‍රිස්තියානි පූජකයන් විසින් පසු කලෙක ආදර්ශයට ගෙන, නැතහොත් "කොපි කර" ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපළ වේ!

ක්‍රිස්තියානියේ සහ මිථ්‍යා විශ්වාසයන්ගේ සමානතාවන් මෙතෙකින් ද කෙළවර නොවේ. එය දැනගැනීම සඳහා මෙය නැරඹිය යුතු ය.

මෙම මතයට පොහොර දමන තවත් තර්කයක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැවැත්ම තහවුරු කෙරෙන ඓතිහාසික ලේඛන වල දැඩි හිඟතාවයයි. කොටින්ම කියතොත් ක්‍රිස්තුස් වහන්සේ කියා කෙනෙකු ගැන හරියට කියවෙන්නේ බයිබලයේ පමණි. ක්‍රි.ව. 1 වන සියවසේ ක්‍රිස්තුස් වහන්සේ වාසය කළ සමයේ එම ප්‍රදේශය ආශ්‍රිතව සිටි පුරාතන ඉතිහාසකරුවන් ගණන හැට ඉක්මවයි. නමුත් ඉන් ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කර ඇත්තේ 4 දෙනෙකු පමණි. ඉන් තිදෙනෙකුගේ සටහන් වල ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන වචනයකට හෝ පේළි කීපයකට සීමා වන අතර අනෙක් පුද්ගලයාගේ සටහන ව්‍යාජ එකක් බව පැහැදිලිවම ඔප්පු වී ඇත. මුලින් සඳහන් කළ තිදෙනාගේ සටහන් වල "ක්‍රයිස්ට්" (Christ) යන වදන ලියැවී ඇත්තේ වෙනත් අර්ථයකින් බව අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. එම අර්ථය නම් "The Anointed One" (දෙවියන්ගේ සේවයට කැපවූ පුද්ගලයා) යන්නයි.

එසේ නම් දැන් අප පිවිසෙන්නේ කොතැනකටද?

ආගමික විශ්වාසය යනු ප්‍රබල මානසික අවියකි. ඒ හරහා කොතරම් දැඩි මනසකින් යුතු පුද්ගලයෙකු වුවද පාලනය කළ හැක. එසේම ආගමික මතවාදය යනු දේශපාලනික උපකරණයක් ද වේ. "ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් මතුවට" (බයිබලයේ එන පරිදි) එළඹුණු යුගය ආගමික හිංසනයේ සහ දේශපාලනික කෲරත්වයේ උච්චතම අවධියකි. එතැන් පටන් 15 වන සියවසෙ මැද කොටස දක්වා මුලුමහත් යුරෝපයම තිබුණේ අඳුරේ ය. The Dark Ages යනුවෙන් එම කාලය ඉතිහාසඥයන් හඳුන්වන්නේ පල්ලිය විසින් එකල සියලුම ජනයා දඬු අඬුවෙන් බැඳදමා සිටි කාලයක් ලෙසට එය සටහන් වී ඇති නිසා ය. 15 වන සියවසෙන් පසුව එළඹෙන පුනරුද (Renaissance) යුගයේදී ඩා වින්සි ලා, කොපර්නිකස් ලා, ගැලීලියෝ ලා සම්ප්‍රදායෙන් බැහැරව, පල්ලියට විරුද්ධව, බයිබලයට පටහැනිව සිතන්නට ආරම්භ නොකළේ නම් යුරෝපය හා සමස්ත බටහිරම
තවමත් අඳුරේ තිබෙනවා විය නොහැකිද?





57 comments:

Buddy --බඩී said...

නියම කතාවක් කොල්ලො....
ඔකෙ දෙවනි එකත් දාන්න

ජීවන්ත said...

මාර කතාවක්නෙ! පිස්සු හැදිල ආයෙත් හැදෙනවා! උඹත් ඉඳල ඉඳල මාර දේවල්නෙ හොයාගන්නේ!! (මේක ඔයා කොහෙන්හරි හොයාගත්ත කතාවක්ද නැත්නම් කරුණු ගලපලා ඔයාම හදපු කතාවක්ද?) එල එල දිගටම ලියන්න. පුළුවන්නම් මේ ලිපිය "විදුසර" ටත් යවන්න. එය හොඳ බුද්ධිමය සාකච්ඡාවකට මුල පිරීමක් වේවි. තව පුළුවන් නම් මේක ඉංග්‍රීසියෙනුත් ලියන්න.

අමතර කතාවකුත් කියන්නම්කො! මෙතෙන්ට අදාල වෙයි කියලත් හිතෙනවා. දන්නවා ඇතිනෙ අර පිටසක්වල ජීවීන් හොයන්න ඈත අභ්‍යවකාශයට යවපු යානයේ (අර වොයෙජර්ද කොහෙද එක) සිංහලෙනුත් පණිවිඩය තියෙනවනේ. මට මේක අපේ ෆැකල්ටියේ අයිය කෙනෙක් (ඇස්ට්‍රො පප්පෙක්!) කියපු කතාවක්. ඒකෙ සිංහල තියෙන්න දෙවෙනියටද තුන්වෙනියටද කොහෙදලු. ඉතින් සිංහල එහෙම මුලට දාල තියෙන්නෙ ලෝකෙ(අතීතයේ හා වර්තමානයේ) වැඩිම පිරිසක් නමස්කාර කර ඇති දෙවියා වන සූර්ය දෙවියාගේ භාෂාව සිංහල හින්දලු. පුළුවන්නම් මේ ගැනත් හොයල බලන්න. සමහර විට ලෝකෙ විවිධාකර වූ අතීත ශිෂ්ඨාචාර අතර අමුතුම සම්බන්ධතාවයක් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ.

ප.ලි. : මේ අපේ ඉස්කෝලෙ මල්ලියෙක් නේද? උඹ එන්න ඉන්නෙ පේරාද? පේරා ආවොත් අල්ල ගන්නම්කො!:)

Chamitha said...

මේක කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවක් (Taboo Subject) බව දැනගත්තේ ලිපිය පළකිරීමෙන් අනතුරුවයි. කොහොම වුණත් මේවා ගැන ප්‍රසිද්ධ්යේ කතාකරන්න කාලය එළඹිලා කියලයි මට නම් හිතෙන්නෙ.

@ක්‍රිශාන් : ඔය කියන්නෙ අපේ මූල්‍ය පද්ධතියෙ විකෘතිභාවය ගැන කියවෙන කොටස නේ? ඔව් ඒකත් ලියන්නම ඕනෙ. ඒත් ආර්ථික විද්‍යාව ගැන මගේ දැනුම මඳකම ඒකට ලොකු බාධාවක්.:(

@ජීවන්ත: හෙ හේ... මේක මගේම නිර්මාණයක් නෙවෙයි අයියා. කියන සම්මානනීය චිත්‍රපටයේ දර්ශන ඇසුරින් තමයි ලියල තියෙන්නෙ. නමුත් මගේ අදහසුත් යම් ප්‍රමාණයක් තියනවා. ඔබ කියන කතාව ඇත්ත. සිංහල භාෂාවට ලෝකයේ භාෂාවන් අතර අද්විතීය තැනක් හිමිවෙනවා. වොයේජර් 1, 2 යානා වලත් අඩංගු වෙන්නෙ ඒකයි. ලෝකෙ භාෂා 10 000ක් පමණ තිබුණත් එම යානයේ අන්තර්ගත භාෂා 55ට (http://voyager.jpl.nasa.gov/spacecraft/languages/languages.html), ලෝකයේ ඈත කොණක තිබෙන එක් රටක පමණක් කතාකරන භාෂාවක් අන්තර්ගත වීම ඇත්තටම පුදුමයක් නොවෙයිද?

ඔව් මම පේරා තමයි එන්න ඉන්නෙ. හම්බෙමුකො අපි:D

චමින්ද said...

ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන කාලෙ තිබුන පල්ලි හරිම බලවත්, ඒකනෙ ජෙසුස් ට ඇන ගහව්වෙ, ඊට පස්සෙ ජේසුස්ට තිබුන ප්‍රසිද්ධිය එතෙක් තිබුන මිත්‍යවන් එක්ක පටලවල අරන් තියනව, ඔයගෙ ගැනීම් නිවැරදි කියල මම හිතන්නෙ, ඒත් විවිද තර්ක හා ප්‍රහාර එන්න පුලුවන්, ලෑස්ති වෙලා ඉන්න , ද්වේශ සහගතව ගෙනියන්නෙ නැති සධාරණ තර්ක ජය ගන්නවා

Unknown said...

Food for thought guys...

How can the west be blinded by such a big lie and go through a Dark Age for 15 centuries but still be more progressive today?
What has stopped us (east) from being more progressive even with the influence of the best philosophy around?
(Progressive <> Economic Development)

What do u think?
(මගෙ සිංහල 'typing' අවුල් නිස 'English' වලින් ලිව්වෙ. සමාවෙන්න)

Anonymous said...

බොහෝ දෙනා බොහෝ අදහස් නිර්මාණය කරනවා.

උදාහරණයක් ලෙස ජේසු තුමා බුදුන් වහන්සේගේ ගෝලයෙක් වෙලත් සිටියා ලු නේ :D

මේක අලුත්ම එක වෙන්න ඇති. තවත් ඒවා මග එනවත් ඇති.

තව දහසක් දේවල් කියන්න. අපි බලන් ඉන්නම්

Dasun Sameera - දසුන් සමීර said...

@ඇනෝනි
අළුත් එකක්නෙමෙයි මේක ඇවිත් දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. ;)
මෙන්න සම්පූර්ණ ඩොකියුමන්ට්‍රිය. http://www.mininova.org/get/1218583

මේව නිකන් අදහස් නෙමෙයි පදනමක් තියෙනවා. කොහොමත් පොඩි කාලේ ඉඳන් ඔළුවට පුරවපු අදහසකින් ගැලවෙන්න හරි අමාරුයි.

Chamitha said...

I will try to answer some of your questions, later. But before that, I'd like to publish a comment I made in facebook, after I posted this same article in my fb profile and someone raised a question about it.

@Someone: Yeah, I know this is really distubing and somewhat provoking. That's why this has been a taboo subject for nearly 2000 years..! As soon as I published this article, a fellow blogger messaged me asking am I crazy to tell something like this publicly and saying I've taken a great risk. And I know I am. BUT all I have is a simple question, can TRUTH be suppressed for eternity?

This documentary, Zeitgist clearly points out evidence that Judeo-Christian Theology is nothing but ancient Egyptian religion! And it is necessary to stress out that it is not a sudden occurance but the climax of the work of the ages of scholars.

Just take a note of Thomas Paine, one of the founding fathers of the United States (http://en.wikipedia.org/wiki/Thomas_Paine).
This single quote of him sums up everything...

"The Christian religion is a parody on the worship of the sun, in which they put a man called Christ in the place of the sun, and pay him the adoration originally payed to the sun".

I'm not trying to tell that the code of ethics set up by Christianity is false. For instance, the commandments are all true. We all agree one must not kill, one must not stole, one must not lie etc. These are the moral imperatives ordered by every single religion on earth! You might see that 'Pan-Sil' we observe is another version of this same code... Read More of ethics. In fact Lord Buddha never ordered us to observe Pan-Sil. In 'Thripitaka-Abhidharmaya' we don't see a single mention about Pan-Sil. Lord Buddha never wanted to tell his followers, "I order you to refrain from these five sins". Why? Do you know why?

Because it already did exist!

People knew even before Lord Buddha's birth that killing is a sin, stealing is a sin and so on. More ancient religions like 'Jainism' and 'Egyptian religion' over and over stated this same thing. So these code of ethics were nothing new to a religion. God doesn't need to order to refrain from killing!

So what is the objective of a religion? Just to make one's present life good? Yes, of course. Just to make your present life good. So what happens to Buddhism?

This rule does not apply to Buddhism as it is not a religion. It is a PHILOSOPHY!

The objective of Buddhism is not to make your present life fortunate, but to make a safe passage away from this horrible life circle. I will reproduce here a message I sent to the friend I mentioned earlier, for more details......

"Yep. I knew it was risky. But given the place or area I live in, the affect on me is minimal. It could be dangerous for you to write something like that cz u live in *******. So it's okay. But after all I think we shld start talking things like these. Because there is no use of suppressing the truth. The church could do it for 1500 years but not now, thanks to those ppl who risked their lives for the sake of truth during medival ages.

As I know, there are 2 types of religions, Aryan (i.e.Buddhism n Hinduism) and Semitic (i.e.Christiantity, Judaism n Islam). There is a sharp contrast between Semitic n Aryan as u might see. But our religion (philosophy actually) is unique among them because it is totally different. The concept of 'nibbana' comes nowhere else but in Buddhism. It is... Read More the ONLY religion that states avarice (thanhaawa) is the reason for every pain. Think deeply. How true that is? If I had no avarice for anything, I would lie in peace for eternity. Praying for someone else (i.e.god) can't bring u peace but attaing that spiritual climax, 'nibbana'. And that shld be done inside your mere 6 feet body. Your freedom lies in YOUR hands. Don't u think that is very logical than anything else? I wonder why a single other religious leader couldn't see that truth. Peculiar....

Chamitha said...

But I don't say the code of ethics (i.e. Ten Commandments in Cristianity) they developed is wrong. It helped ppl to shape up their lives. BUT, the very basis of their argument is wrong. Do you see, there is something very very wrong with this entire thing. The very concept of god is bizzare. Therefore I'm soo happy that I was a Buddhist in birth.

I don't think the existance of Lord Buddha can be questioned as of Jesus Crist. Hundreds of contemporary books and most importantly archaeological facts prove there someone called Lord Buddha did live!

..........................."


So what I am trying to emphasize is you should admit the truth as TRUTH, and wrong as WRONG. Just don't ignore the TRUTH!

According to buddhism, ignorance is a sin. Ignorance of truth is the greatest sin of all. Anyone shld be able to comprehend the truth when it is presented logically.

Lord Buddha did emphasize that. Don't believe because your parents say, don't believe because books state, don't believe because I (Lord Buddha) say, just think yourself. Just let your brain decide.............

P.S. You know, due to the awareness of this forgery, nowadays most people in North America become Atheists. (http://www.metronews.ca/ottawa/local/article/184222) That is in an even broader sense. Not only rejecting the existence of Jesus, but also the rejecting the existence of GOD! Here is the American Atheists Association's website (http://www.atheists.org/), It states that "America is home to more atheists than Jews, Muslims, Hindus, and Buddhists, combined and doubled."

Can you believe? But it is the truth. This forgery is no secret to the western world. But unfortunately, as most ppl in this part of the world is unaware of this truth, they still call this a 'Taboo Subject'. But I think it is time for everyone to rethink.....

Once a gain I say that I highly value the entire code of ethics in Christianty. But not its foundation!

Anonymous said...

මල්ලී මම මේ ටයිප් කරන තුන්වැනි ප්‍රතිචාරය. දන්නේ නෑ ඇයි කියලා, ඒත් submit කලාම ප්‍රතිචාරය නැති වෙලා යනවා.

නියම ලිපියක්. හිතුවා වගේම විවෘතව හිතන්න බැරි කෙ‍නෙක්ගේ ප්‍රතිචාරයක් ඇවිත් තියෙනවා.

මමත් ආගම් ගැන සටහනක් ලියන්න මේ දවස් වල කරුණු හොයනවා. හැබැයි ඒ ලංකාවේ තිබෙන ආගම් බිස්නස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන.

පුලුවන්නම් Religulous හොයාගෙන බලන්න. ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්, මෝර්මෝන් සහ scientology වලට නියම පහරක් එල්ල කරලා තියෙනවා ඒකෙන්.

ඕනෙම දෙයක් ආගමක් වුනාම බිස්නස් වෙන එක ස්වාභාවිකයි. ලංකාවේ බුද්ධාගමටත් (පිටරට ගැන මම දන්නෙ නැහැ) වෙලා තියෙන්නෙ ඒකයි. ඔයා බොහොම වටින කතාවක් කියලා තියෙනවා. පන්සිල් කවදාවත් නියෝග (Thou' shalt not) වුනේ නැහැ. පන්සිල් අපි අනුගමනය කරන්න භාර ගන්න ඒවා. කවුරුවත් නියෝග කරන්නේ නැහැ පන්සිල් ගන්න කියලා.

නියම ලිපියක්. හැබැයි ඔය විදියටම මධ්‍යස්තවම ලංකාවේ පවතින් බුද්ධාගම ගැනත් හිතන්න. මම කියන්නේ නැහැ ඇත්තටම බුදු දහම අනුගමනය කරන අය නැහැ කියලා. මම කියන්නේ බහුතරය පස්සෙන් පන්නන්නේ බුදු හාමුදුරුවො එපා කියපු මිත්‍ය දෘෂ්ඨිය පස්සෙන්මයි කියලා.

මේ ප්‍රතිචාරයවත් වැටියන්!!!

Kumara said...

ඉතාමත් අගනා ලිපියක්. ගොඩක් දෙනෙක් විශ්වාස කරන එකක් නැහැ. සර්ව බලධාරි දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන්න පුලුවන් නම්, මේ ගැන අවිශ්වාස කරන්න හේතුවක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

ජීවන්ත කිව්ව වගෙ, පුලුවන් නම් සිංහල ගැනත් හොයන්න. තවත් වටිනා ලිපියක් වේවි.

Chamitha said...

@ creed - Uchitha: ඉතා හොඳ පැනයක්

සැබැවින්ම පෙරදිග ලෝකය බටහිර මෙන් අන්ධකාරයේ නොසිටියත් බටහිරට වඩා ආර්ථික දියුණුවක් අත්කරගත නොහැකි වූයේ ඇයි? ඔය ප්‍රශ්නයට මගේ පිළිතුර (මට හිතෙන හැටියට) මම කරුණු වශයෙන් සටහන් කරන්නම්.

1. කිතු දහම පහළ වීමට පෙර අවධ්යේදී (ක්‍රිස්තු වර්ෂ 1 ට පෙර) අපරදිග ලෝකය තරමටම අපේ ශ්‍රී ලංකාවත් ආර්ථික වශයෙන් දියුණු රටක්. හේතුව මම කියන්න අවශ්‍ය නැහැනෙ? සියලුම ඓතිහාසික ලෙඛන වල ඒ කාලයේ ශ්‍රී ලංකාවේ වෙළඳාම ගැන සඳහන් වෙලා තියනවා. ටොලමිගෙ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව හොඳින් සටහන් වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, එම කාලයේ අද්‍යතන ලෝකයේ විශාලතම ගොඩනැගිල්ල ඉදි වුණේත් ශ්‍රී ලංකාවේ. ඒ තමයි රුවන්වැලි සෑය. (මිසරයේ පිරමීඩ අයත් වෙන්න පුරාණ ශිෂ්ඨාචාරයට ). එහි මූල්‍යමය වටිනාකම ඒ කාලයේ හැටියට කොතෙක්දැයි හිතන්න පුලුවන්ද? දැන් කාලයේ වසරකට සැරයක් එහි හුණු ආලේප කරන්න විතරක් රුපියල් කෝටියක් යනවා....

2. ක්‍රි.ව. පළමුවැනි සියවසත් එක්කම යුරෝපය අඳුරට යන්න පටන් ගත්තා. ඒ සමඟම එහි තිබුණු බුද්ධි ප්‍රබෝධය අතුරුදන් වෙන්නට පටන්ගත්තා. මේ තත්ත්වය 15 වන සියවස දක්වා ඒ ආකාරයටම පැවතුණා.

3. මේ අතර ශ්‍රී ලංකාවේත් ප්‍රබල රාජධානි බිහිවුණා. නමුත් රාජධානි අතරින් පතර සතුරු තර්ජන එල්ල වුණා.
උදා: ක්‍රි.ව.4 වන සියවසේදී ආක්‍රමණිකයන් 5 දෙනෙකු රට ආක්‍රමණය කිරීම හා ධාතුසේන රජු රට බේරාගැනීම, ක්‍රි.ව. 7 වන සියවසේ කාශ්‍යප රජු ගොඩනැගූ රාජධානිය ආක්‍රමණයකින් විනාශ වීම, ක්‍රි.ව 9 වන සියවසේ රාජ රාජ චෝළ ආක්‍රමණය, 10 වන සියවසේ රාජේන්ද්‍ර ආක්‍රමණය, 11 වන සියවසේදී විජයබාහු රජු රට බේරාගැනීම, 1215 කාලිංග මාඝ ආක්‍රමණය. මේ අනුව පැහැදිලි වන කරුණ වෙන්නෙ කවදාවත් ශ්‍රී ලංකාවට නිදහසේ ආර්ථික දියුණුවක් අත්කරගන්න ඉඩ ලැබුණෙ නැති බව. රාජධානියක් දියුණු වන විටම නැවතත් එය බිඳ වැටුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි ලංකාව කුඩා රටක් වීම. ඒ නිසා රාජධානි පැවතුනේ එකයි. නමුත් අතීත ග්‍රීසිය එහෙම එහෙම නෙවෙයි. ඔවුන්ගෙ නගර රාජධානි කීපයක් පැවතුණා. එකක් ආක්‍රමණයකට ලක්වුණත් අනෙක් ඒවාට නොනැසී පවතින්න හැකි වුණා. අපේ එක් රාජධානියක් බිමට සමතලා වුණාම රට නිදහස් කරගන්න රජුට පටන්ගන්න වුණේ බින්දුවෙන්!

Chamitha said...

4. දැන් ගැටළුවක් මතුවෙනවා. ඇයි රට මෙතරම් ආක්‍රමණ වලට ගොදුරු වුණේ? හේතුව තමයි රට ආරක්ෂා කරගන්න හැම රජුගෙම නිසි සැළසුමක් තිබ්බෙ නැති එක. ඒකට හේතුව මේකයි. අපේ රටේ රජවරුන්ට අනෙක් අධිරාජ්‍යන්ට මෙන් රාජධානිය පැතිරවීමේ පිස්සුවක් තිබෙණෙ නෑ. (විශේෂයෙන්ම මුහුදින් එතෙර) මන්ද ලංකාව බුදුදහමින් පෝෂණය වෙච්ච රටක්. එබැවින් නිකරුණේ විදේශයන් සමඟ යුද්ධයට ගොස් ලේ වැගිරීමක් ඇතිකිරීමේ උවමනාවක් ඔවුන්ට තිබුණෙ නෑ. නමුත් උවමනාවක් ඇතිවෙච්ච වෙලාවට එසේ කරන්නට හැකියාවක් තිබ්බ බව විජයබාහු රජු බුරුමයත්, පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාවත් යටත්කරගැනීමෙන් පේනවා.

5. එම යුගයේ අපේ හිටපු බුද්ධිමතුන්ගෙන් බොහෝ දෙනා ස්වාමීන්වහන්සේලා. වෛද්‍යකර්මය, ජ්‍යොතිෂ්‍යය, සාහිත්‍යය ආදී සියලුම අංශ පෝෂණය වුණේ උන්වහන්සේලාගේ දායකත්වයෙන්. එබැවින් ඒ කාලයේ බිහිවූ සියළුම නිර්මාණ බුදුදහමට සමීපකමක් දැරීමේ පුදුමයක් නැහැ. එසේම නිර්වාණයට අදාළ නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තාරකා විද්‍යාව වගේ විෂයන්ට ඔවුන්ගෙ අවධානය එතරම් යොමුවුණේ නැහැ.

ඔන්න ඔය විදියටයි 15 වස සියවස වන විට ලංකාවත් බටහිර ලෝකයත් තිබුණේ. බටහිරය පුනරුදය අබියස, ලංකාව ස්වයංපෝෂිත නමුත් අනාරක්ෂිත තත්ත්වයක.

6. 16 වන සියවස වෙද්දි බටහිරයන් ඈත පෙරදිගත් ආක්‍රමණය කරන්න පටන්ගන්නවා. ශ්‍රී ලංකාවත් ඊට ගොදුරු වෙනවා. ඒ සමඟ රටේ ආර්ථික දියුණුව අඩපණ වී බාහිරින් යැපෙන තත්ත්වයට පත්වෙනවා. වෙනදා දකුණු ඉන්දීය ආක්‍රමණය අවුරුදු 50කින් 60කින් අවසන් වුවත් බටහිර ආක්‍රමණය අවුරුදු 450ක පමණ කාලයක් අඛණ්ඩව පැවති නිසා මෙවර ලංකාවට ගොඩ ඒමට නොහැකි වෙනවා.

7. නමුත් ඔය අතර බටහිර නව චින්තන රටාවක් පහළ වෙනවා. පල්ලියට සමාජයේ හිමිව තිවූ තැන අඩු වෙනවා. ආක්‍රමණික පාලකයන් බිහිවෙනවා. ඒ නිසා ඔවුන්ගේ අධිරාජ්‍යයන්ට තර්ජනයකින් තොරව නිදහසේ වැඩෙන්න ඉඩ ලැබෙනවා. චින්තනය උච්ච අවධියකට පත්වෙනවා. විද්‍යාව දියුණු වෙනවා. විද්‍යාවේ පිහිටෙන් කාර්මික විප්ලවය ඇතිවෙනවා. ආර්ථිකයන් දියුණු වෙනවා.

ඔන්න ඕකයි මට නම් හිතෙන හැටියට 'ආර්ථික දියුණුවේ' වෙනස්කම් අතර සම්බන්ධය.

මේ බව තවත් තහවුරු කරන සාධකයක් තිබෙනවා. ඒක තමයි චීන ශිෂ්ඨාචාරය. එය මුල් කාලයේ සිටම හුදෙකලාව වැඩුණු ශිෂ්ඨාචාරයක්. කිසිදු බාහිර උපද්‍රවයකින් තොරව පැවති නිසා අදටත් චීනය ඉතා ස්වාධීන රාජ්‍යයක්. එසේම ඊටම ආවේණික විද්‍යාවකට ද එය හිමිකම් කියනවා. ඔවුන්ගේ තාරකා විද්‍යාව ක්‍රි,පූ ගණන් වලදීත් ඉතා දියුණු අවධියක පැවතුණා. හැලීගේ ධූමකේතුවේ මුල්ම සටහන් තබන්නේ චීන තාරකා විද්‍යාඥයන්; ක්‍රි.ව. 1054 ක්‍රැබ් සුපර්නෝවාව නිරීක්ෂණය කරන්නේත් චීන තාරකා විද්‍යාඥයන්. අදටත් ලෝකයේ අග්‍රගණ්‍යම විද්‍යාඥයන් අතර චීනුන් සිටීමෙන් ඒ බව තහවුරු වෙනවා.

මට නම් හිතෙන හැටියට ඔබේ පැනයට පිළිතුර ඕකයි.

Chamitha said...

@ ඇනො: "ජේසු තුමා බුදුන් වහන්සේගේ ගෝලයෙක් වෙලත් සිටියා" කියන කතාව මමත් අසා තිබෙනවා. ඕක පිළිබඳ නියම විවාදයක් ගියා සිළුමිණ පත්තරේ. ඒ "ජේසුස් වහන්සේ නැමැති බුද්ධ ශ්‍රාවකයාණෝ" කියන පොතේ කර්තෘවරයා සහ තවත් කිතුණු පූජකතුමෙක් අතර. ඔය ලිපි පෙළ කියවනකොට මම ඉන්න ඇත්තෙ 5 හෝ 6 වසරෙ. ඒක නිසා හරියටම ඒකෙ තිබ්බ කරුණු සිහියට නඟාගන්න අමාරුයි. මම ඔය කියන පොත නම් කියවලා නැහැ. ඒ ලිපි ටික ආපහු හොයාගන්නත් නැහැ. නමුත් එහි තිබුණු එකම එක කරුණක් මතකයි. ඒක තමයි ක්‍රිස්තුස් වසන්සේගේ 7වන වියේ ඉඳලා 20 වන විය පමණ (මට හරියටම වසස් ප්‍රාන්තරය මතක නැහැ ) වෙනකන් එතුමාගෙ ජීවිතය ගැන බයිබලයේ කිසිම විස්තරයක් කියවෙන්නෙ නැහැ.

ඉතින් කතුවරයා කියනවා මේ කාලයේ ඔහු ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරය කර බුදු දහම ගැන අවබෝධයක් ලබාගත් බව. ඒ වගේම කතුවරයා කියා තිබුණා මේ කතාව ඔහුගේ නිර්මාණයක් නොව හොහෝ බටහිර විචාරකයන් මතුකර ඇති කරුණක් බව. කොහොම වුණත් විවාදය අවසන් වුණේ තීරණයකින් තොරවයි. පූජකතුමාට හැකිවුණේ නැහැ තර්කය බොරු බව ඔප්පු කරන්න නම්. මේ කරුණ සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය නම් කොහොමද කියා මම දන්නෙ නැහැ. කොහොම වුණත් එය මතුකිරීම සම්බන්ධව ඔබට ස්තූතිවන්ත වෙනවා. එක් කිරීමට යමක් තිබෙනවා නම් 'ඇනො' ලෙස හෝ එක් කළාට විරුද්ධත්වයක් නැහැ.

@දසුන්: බොහොම ස්තූතියි ලින්ක් එකට. මම වරක් Zeitgist බෑවා. නමුත් තිබ්බෙ අර මූල්‍ය පද්ධති ගැන කතාව. ඒක ගැනත් යමක් ලියන්න ඕනෙ. ඒත් ඒකට මගේ econ දැනුම අඩුමක බාධාවක්. මේක කොටස් 3ම තියන එකද? කොහොම වුණත් seeds නම් නෑ පුතෝ:(

@ චමිල: බොහොම හොඳයි. ඔබෙත් ලිපිය එනකම් අපි බලාගෙන ඉන්නවා:D වත්මන් බුදුදහමෙ අඩුපාඩු ගැනත් ලියන්න ඕනෙ.

කමෙන්ට් එක submit කරන්න කලින් වෙන කෙනෙක් කමෙන්ට් එකක් දැම්මමත් ඔය අවුල එනවා. නමුත් අද නම් මටත් දරුණු විදිහට ඕක දැනුනා. අන්තිමට ලෙඩේ හොයගත්තා. ඒක තමයි මගේ කමෙන්ට්ස් එක දිග වැඩිකම. අන්තිමට දෙකට කඩල තමයි දැම්මෙ. එතකොට නම් හරිගියා. නමුත් ඔබට නම් එහෙම වෙන්න බෑ. හේතුවක් නම් මට හිතාගන්න බෑ. කොහොම වුණත් කමෙන්ට් එක submit කරන්න ඉස්සෙල්ල ඒක අනිවාර්යයෙන්ම clipboard එකට copy කරල තියාගන්න (Right Click>Copy). මම නම් දැන් ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරනවා.

@කුමාර: ඔබේ කමෙන්ට් එකටත් බොහොම ස්තූතියි.

ගෙම්බා said...

"සැබැවින්ම පෙරදිග ලෝකය බටහිර මෙන් අන්ධකාරයේ නොසිටියත් බටහිරට වඩා ආර්ථික දියුණුවක් අත්කරගත නොහැකි වූයේ ඇයි?"

http://muthunayake.blogspot.com/2009/06/blog-post_15.html

මගේ අදහසද මෙහි මහෞෂධ පඩිතුමගේ අදහසය. ඔය කියන බටහිර ලොකයේ සැබවින්ම දියුනුවක් නැත.

"මා මෙයින් විවේච්නය කොට ඇත්තේ, විදෙශිකයන්ගේ භෞතික විද්යාත්මක දියුනුව යන ආකල්පයය වැරදි බ්වය. ඔවුන්ගේ භෞතික විද්යාත්මක දියුනුව තුල ඔවුන් බලන්නේ, උප‍රිම් පංචකාම සම්පත්තිය. එහෙත් අපගේ සිංහල බෞද්ධ ආකල්පය වුයේ ආධ්‍යත්මික දියුනුවයි. මෙම් ඉතා ස‍රල ආකල්පමය වෙනස පැහදිලි ක‍ර ලාංකිකයන් තේරුම් ගත යුතුය. මා මෙයින් තේරුම් ක‍ර දිමට උත්සාහ කලේ ඔබ් ඔය දියුනු කියා සිතා සිටින රටවල දියුනුවක් නැති බවය. ඔබ ඔය ඉකිබිද අඩා වැලපෙන් ලංකාව මෙ රටවලට වඩා හැම අතින්ම ආධ්‍යත්මික දියුනු වි තිබිනි. දැන් එය නැතිවි යන්නේ ද සුද්දන් අනුක‍්රනය කිරිමට යම නිසා නොවෙද?

****

අවසාන වශයෙන් භෞතික විද්යාත්මක දියුනුව යන ආකල්පයය වඩා ආධ්‍යත්මික දියුනුව යන ආකල්පය මත ක්‍රර්යා නොකලහොත් ලංකාවටද ඔය ඉරණමම් අත්වෙනවා නියතය. එය කිසිදා ආපසු හැරවිය නොහැකි බවද මතක තබා ගන්න."

මහෞෂධ

මහෞෂධ said...

මගේ අදහස.. ඉහත සදහන් සියල්ලම සත්යය. එහෙත්

7. " විද්‍යාව දියුණු වෙනවා. විද්‍යාවේ පිහිටෙන් කාර්මික විප්ලවය ඇතිවෙනවා. ආර්ථිකයන් දියුණු වෙනවා."

මෙය පිලිගත නොහැක. බටහිර ආර්ථිකයන් දියුනු වී නැත. බටහිරයන්ගේ භෞතික විද්යාත්මක දියුනුව යන ආකල්පයය වැරදිය. ඔවුන්ගේ භෞතික විද්යාත්මක දියුනුව තුල ඔවුන් බලන්නේ, උප‍රිම් පංචකාම සම්පත්තිය. එහෙත් අපගේ සිංහල බෞද්ධ ආකල්පය වුයේ ආධ්‍යත්මික දියුනුවයි. මෙම් ඉතා ස‍රල ආකල්පමය වෙනස පැහදිලි ක‍ර ලාංකිකයන් තේරුම් ගත යුතුය. ලංකාව මෙ රටවලට වඩා හැම අතින්ම ආධ්‍යත්මික දියුනු වි තිබිනි. දැන් එය නැතිවි යන්නේ ද බටහිර අනුක‍්රනය කිරිමට යම නිසා නොවෙද?

මෙ බව සිංහල බෞද්ධයන් දැනසිටියේය ඒ බුදු දහමින් ලැබුනු ආභාෂය නිසාය. එම නිසා ඔවුන් හිස් තාක්ෂනය, නිපදවිමට, ඉන්දයන් පිනවිම අරමුනු කොට, තම කාලය ශ‍්රමය වැය නොකලහ. එවන් දර්ශයක් නොතිබුනු කිස්තු ධර්මය නිසා, බටහිරයන් අදටත් නොමග ගොස් ඇත. අපට සිදුවි ඇත්තේ

"මග හොදට තිබේනම්, යන්න දෑසත් පෙනෙයි නම් කිම බැදි වල යන්නේ ?"

Dasun Sameera - දසුන් සමීර said...

ඔව් මේ කොටස් තුනකින් තියෙන එක තමයි. මම හිතනවා මල්ලීට ‍2ක සහ 3 යන කොටස් ගැනත් හොඳ ලිපියක් ලියන්න කරුනු තියෙනවා කියලා. මේකේ සීඩ් නෑ කියලා සයිට් එකේ තිබ්බට ඇත්තටම සීඩ් 100ක් විතර තියෙනවා. මමත් සීඩර් කෙනෙක්නේ ;)

Chamitha said...

@ මහෞෂධ: ඔබ කියන කරුණට මම එකඟ වෙනවා. රටක දියුණුව ආර්ථික සාධකයෙන් පමණක් මනින්නට බැහැ. මම කලින් පිළිතුර ලිව්වෙ සොයුරා අහපු පැනයට පිළිතුරක් විදිහට. එහිදී ඔහු ඍජුවම ඇහුවෙ බටහිරට වඩා පෙරදිග ලෝකයේ ආර්ථික පසුබෑමක් තියෙන්නෙ ඇයි කියලා. අපට ඒක පිළිගන්න වෙනවා. යම් තැනක අඩුපාඩුවක් වෙලා තිබෙනවා. අපට ඒ ප්‍රශ්නයෙන් ගැළවෙන්න බැහැ බෞද්ධ දර්ශනයේ දියුණුව කියා කියන්නේ වෙනම දෙයක්, ඒක නිසා අපට බටහිරයන්ගේ දේවල් වැඩක් නැහැ කියා. මොකද අප ඉන්නෙ ප්‍රායෝගික ලෝකයක. අපට අකැමැත්තෙන් වුවත් අනුගමනය කරන්න වෙන්නෙ බටහිර ආර්ථික ප්‍රතිපත්ති.

ඉතින් මම උත්සාහ කළේ බටහිර දෘෂ්ටි කෝණයෙන්, ඔවුන්ට තේරෙන විදිහට පිළිතුරක් දෙන්න, පෙරදිග පසුබෑමට හේතුව මොකද්ද කියලා. නමුත් අප දන්නවා බටහිරට වඩා අධ්‍යාත්මිකව ඉහළ ස්ථරයක අප තවමත් ඉන්නා බව, අපේ 'වර්තමාන' බෞද්ධ ශාසනයේ (ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිරිස තුළ) මොන වැරද්ද තිබුණත්!

බටහිර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් තිබෙනවා නම් Zeitgist 2 කොටස නැරඹීම වටිනවා. එහිදී බටහිර මූල්‍ය පද්ධතියෙ ව්‍යාකූලත්වය මනාවට විස්තර කරලා තිබෙනවා හිතට තදින් කාවදින විදිහට.

@ දසුන්: බොහොම ස්තූතියි:D

Anonymous said...

buru awajathakaya umba GESU ge uppathtiya hoyanna kalin umbage "jathake " ammagen ahala danaganin.

ගෙම්බා said...

"කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි."

මෙකත් ඔවුන් හිතලා හදාගත්තු එකක්, මොකද, තමන්ගේ සර්ව බලධාරි උතුමා, හිගන්නේකුට දාව ඉපදුනා කියලා පිලිගන්න තියෙන අකමැත්ත නිසා..

@annon
ඔන්න ඔකයි ජාතක කතාව දන් නැත්නම් දැනගන්න ...

Chamitha said...

@ඇනො: ඔබ කියන කතාවට නම් පිළිතුරු දීමේ අවශ්‍යතාවක් මම දකින්නෙ නැහැ.
නමුත් මම මුලින්ම කිව්වෙ, "මෙම ලිපියට හේතුපාදක වන්නේ අධ්‍යාපනික විශ්ලේෂනයක් විනා කිසිවෙකුගේ විශ්වාස හෝ ඇදහීම් වලට අගෞරව කිරීමේ යටි අරමුණක් නොවන බව කරුණාවෙන් සලකන්න......"

මේක ආගම් භේදයක් ඇතිකරන්න දාපු සටහනක් නෙවෙයි. අධ්‍යාපනික වැදගත්කම සළකා පමණයි මෙය ප්‍රකාශයට පත්කළේ. මගේ අරමුණ වුනේ මෙය නොදන්නා පිරිස තුළ බුද්ධි කළම්බනයක් ඇති කරන්න. අනෙක් අතට මේක මගේ නිර්මාණයකුත් නොවෙයි. ඔබට පුලුවන් මීට පක්ෂ විපක්ෂව ප්‍රකාශ වුණු අදහස් දැනගන්න අන්තර්ජාලය ගවේෂණය කරලා. ඒවා දැනගෙන ඔබට පුළුවන් මීට විරුද්ධව ලිපියක් ලියන්න.

ඔබේ මුල් කමෙන්ට් එක කියවීමෙන් පැහැදිලි වනවා මෙවන් දෙයක් තිබෙනවා කියන එකත් ඔබ කලින් නොදැන සිටි බව. එබැවින් දැන් වත් එය දැනගැනීම ගැන සතුටු වන්න. මේක ඉතා විවෘත ලෝකයක්. ඕනෑම කෙනෙකුට ඕනෑම මාදිලියකින් තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහි තිබෙනවා. විශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ එය උපරිමයෙන් තිබෙනවා.

Anonymous යන වචනයට මුවාවී මඩ ගැසීම මගින් ඔබේ මතය තහවුරු කරන්න අමාරුයි. ඔය කමෙන්ට් එක දැක්ක ගමන් ඕනෑම කෙනෙකුට තේරෙනවා කොන්ද පණ නැති කෙනෙකුගේ ක්‍රියාවක් කියා. ඉන් මට වන හානියක් නැහැ. ඒ නිසා එය ඉවත්කරන්න තරම් මහන්සි වීමට මට අවශ්‍යතාවක් නැහැ:-)

අවසාන වශයෙන්,
ඔබ මතක තියාගන්න මම ක්‍රිස්තියානි දහමේ එන හර පද්ධතිය (Code of Ethics)විවේචනය නොකළ බව. හර පද්ධතිය කියන එක සෑම ධර්මයකටම පොදු දෙයක්. මිනිසුන් යහමඟට යොමු කරන්න ඉන් ලැබුණු දායකත්වය මම එය තදින් අගය කරනවා. එමෙන්ම බොහෝ දෙනා ඉන් පන් පන්නරය ලැබූ බවත් මම දන්නවා. නමුත්, මගේ පෞද්ගලික අදහසට අනුව ඉන් සිදු වූ හොඳට වඩා නරක ඉතා විශාලයි (විශේෂයෙන්ම මධ්‍යකාලීන යුගයට පෙර කාල පරිච්ඡේදයේ). ඉන් මානව චින්තනයේ ප්‍රගමණය ඇණහිටියා. ඔබට හිතෙන්නෙ නැද්ද අති උත්කෘෂ්ඨ ග්‍රීක-රෝම ශිෂ්ඨාචාර වල අභාවයත් ක්‍රිස්තියානියේ උපතත් අතර කුමන හෝ සම්බන්ධයක් ඇතැයි කියා? එමෙන්ම පල්ලියෙන් මිනිසුන් ඈත්වෙන්නට පටන්ගත් අවධියේම මානව චින්තනයේ විප්ලවීය වෙනසක් සිදුවීම් ඉතා අහඹු ලෙස සිදුවූ දෙයක්ද? මම මේක කියන්නෙ ආගමික දෘෂ්ටිකෝණයකින් නොවන බවත්, අධ්‍යාපනික ලෙස බවත් මතක තියාගන්න. මේ කරුණ ඔබේ බුද්ධිමත් මොළය අභ්‍යන්තරයේ සංවාදයට බඳුන් කරන්න කියා මම ඉල්ලා සිටිනවා.

Dasun Sameera - දසුන් සමීර said...

@Anonymous
තමන්ගේ නමින් අදහස් දක්වන්නවත් කොන්ද පන නැති අයෙක්නේ. ඔබ ක්‍රිස්තු භක්තිකයෙක් නම් මෙවන් කතා වලින් අගෟරව කරගන්නේ ඔබගේම ආගමටයි.

අනික ඔබ මේ ලිපියවත් අඩුම තරමේ සිහියෙන් කියවලා නෑ. කලබල වෙන්නේ නැතුව දෙතුන් වරක් කියවන්න. ෆිල්ම් එකත් දීලා තියෙනවා ඒකත් බලන්න. වැරදි තියෙනවනම් අපිටත් දැන ගන්න කියල දෙන්න.

අංජන said...

"ජේසුස් වහන්සේ නැමැති බුද්ධ ශ්‍රාවකයාණෝ"
මේ පොත ලිවුවේ කවුද?

මේ පොත ලබා ගන්න පුළුවන් තැනක් කවුරුහරි දන්නවාද?

මම මේ පොත හුගක් කාලයක සිට හොයනවා. තවම සොයා ගන්න බැරි වුනා.

ඔබේ ලිපිය නම් ඉතාමත් අගෙයි. මම හිතනවා තව මේ ගැන ලියන්න පුළුවන් කියලා.

Chamitha said...

@ අංජන: මමත් ඔය පොත ගැන අහල තිබ්බට තාම දැකල නෑ. හම්බුණොත් අපිටත් කියන්න:D

ඔව්. ඔබත් අනිවාර්යයෙන්ම ලියන්න. ආගම් භේදයක් ඇතිවන ලෙසට නෙවෙයි, අධ්‍යාපනික කරුණක් ලෙස. මමත් මෙය ලිව්වේ දන්නෙ නැති අයට "මෙහෙමත් දෙයක් තියනවා" කියන එක කීමේ අරමුණින්. එවැනි දේකට පහර ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. විශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ!

BTW මොකද අපේ ඇනො ට වුණේ?:D

Dasun Sameera - දසුන් සමීර said...

එම්.ඩී. ගුනසේන හරි ගොඩගේ හරි තමයි ප්‍රකාෂකයා.
(බොහේ දුරට එම්.ඩී ගුනසේන විය යුතුයි.)

පොත ලේඛකයනි දෙන්නෙක් ලියල තිබ්බේ. මම ඔය පොත කියෙව්වේ 2003 දි විතර. එක්‍ ලේඛකයෙක්ට නාරද වගේ නමක් තිබ්බා මතකයි. පොත් හලකට ගිහින් ඇහුවොත් හොයාගන්න පුලුවන් වෙයි. මගේ මිත්‍රයෙක් ගාව පොත තියෙනවා. හමුවුන විට කතෘවරුන්ගේ නම් ලියන් එන්නම් ;)

Chamitha said...

එළ එළ. බොහොම ස්තූතියි අයියා. හොඳ ඔත්තුවක්! තවත් විස්තර දැනගත්තොත් කියන්න:D

ජීවන්ත said...
This comment has been removed by the author.
ජීවන්ත said...

"ජේසුස් වහන්සේ නැමැති බුද්ධ ශ්‍රාවකයාණෝ" - මේ පොත මම කියවලා නම් නෑ. නමුත් මට කෙනෙක් කියපු විධියට මේකෙ ජේසුතුමාට පහර ගැසීමක් කෙසේ වෙතත් හීන් නූලෙන් බුදුහිමියන්වත් දේව ආගමික කුලයකට දාන බවයි දැන ගන්න ලැබුනේ!

අනික කට්ටියම "Da Vinci Code" බලල ඇතිනේ! පුලුවන්නම් පොතත් හොයාගෙන කියවන්න. (චිත්‍රපටියට වඩා හොඳ අදහසක් පොතෙන් ගන්න පුළුවන්) අපේ ලංකාවෙ කට්ටිය මේ චිත්‍රපටියට බයවෙලා තහනම් කෙරෙව්වට මොකද මේකෙන් ක්‍රිස්තියානි දහමට හානි කරන්නේ නෑ! (මම මේ කියන්නේ පොත කියවලා) මේ පොතෙන් දෙවියන්ගේ ඒකීයත්වය හෝ බලය ප්‍රශ්න කිරීමක් කොහොමටවත් සිද්ධ වෙන්නේ නෑ. ඒ වෙනුවට දෙවියන් පිළිබඳ හැඟීම වැඩි දියුණු කරනවා. (බොහොම සූක්ෂමව - ඒ බව දැනෙන්නේ නැතිවම අපි තුල දෙවියන් පිළිබඳ පැහැදීමක් ඇති කරලීමට මේ ලේඛකයා සමත්! - ඉතාමත් සියුම් ලෙස අපගේ concious එක bypass කරලා කෙලින්ම sub-concious එකට කතා කරන්න මේ ලේඛකයාට(Dan Brown) ඉතාමත් ඉහල දක්ෂතාවයක් තියෙන්නේ!) ඒ අතරම මේකෙ බුදුදහම වැනි ආගම් වලටත් සියුම් ලෙස පහර දෙනවා. පුළුවන්නම් මේ ලේඛකයාගේම කලින් ලියපු පොතක් වන Angels and demons හොයාගෙන කියවන්න.(මේකෙත් චිත්‍රපටියක් ඇවිල්ලද කොහෙද) කොච්චර දේවවාදියෙක්ද කියල එතකොට තේරෙයි! (මම මේ කිව්වේ Da Vinci Code ගැන මගේ පෞද්ගලික අදහස්)

ජීවන්ත said...

මගේ කලින් comment එකේ මම අර හිරු දෙවියන්ගේ භාෂාව ගැන කිව්වනේ. මම තවත් සම්බන්ධයක් පෙන්නන්නම්. ලංකාවට කියන තවත් නමක්නේ (නියම පැරණි නම) "හෙලය" කියන්නේ. ග්‍රීකයනුත් ඔවුන්ගේ රටට කියන්නේ ඔවුන්ගේ බසින් hella වැනි ‍ශබ්දයක් එන යෙදුමක්! අනික ග්‍රීසියේ නියම official නමත් "Hellenic Republic" නේ! මේවා අතරත් මොකක් හරි සම්බන්ධයක් ඇති කියලයි මට හිතෙන්නේ.

Narada said...

@ගෙම්බා

ඇයි අපිට බැරි ඔය බටහිරට දෝස් කියන ඒක නවත්තලා අපිම හැදෙන්න බලන්නේ නැත්තේ. ඇතැම් මහාචාර්යවරුන් කියන අය කරන්නේ දොස් තියන එකම නිසා මට කලින් තිබ්බ උනන්දුව හීන වෙලා යන්න ගත්තේ, මොකද බැනිල්ලයි වර්නාවයි හැරෙන්න හරි විසදුමක් දිරිගැන්වීමක් නැති නිසා. බටහිරේ මතයයි දැක්මයි එක්ක බැදුණු දියුණුව අපිට වලක්වන්න බැහැ, අපිට දියුණු වෙන්න ඔනේ ඔවුන්ගේ සුක්ෂ්ම බව සහ අඩුපාඩු දැක් හදුනාගෙන ඒවා අපි තුලින් නැති කර හැදෙන එකයි, අන් අයට දිරි ගන්වන ඒකයි, පොළඹවන්න පුලුවන් වුණත් ඒක බලෙන් කරවන්න ගියොත් වැරදි යනවා. අපේ තාක්ෂණය කලාව අරක මේක ගැන කිව්වත් ඇත්ටටම එවායින් ඇතැම් ඒවා නැති වුණේ අපේම වැරද්දක් නිසා, එනම් කූල දේද හා ගුරු මුෂ්ටිය නිසා. මම පසු කාලේක මේ ගැන ලියන්නම්, ඒවාට නොබැන හඳා ගන්නවා නම් අපිට ලොකු පිම්මක් යන්න පුලුවන් වෙයි.

කොහොම වෙනත් චමිතගේ ලිපිය ගැන මම එකඟයි, නමුත් එක දෙයක් ගැන යාන්තමින් මම විශ්වාස කරනවා මේ ජේසුස්, හිරු දෙවියන්ගේ පුත්‍රයා,නබිතුමා සැබෑ මනුෂ‍යා ප්‍රාණියෙකු බවයි. නමුත් මෙවැනි දේ මා ලිව්වේ නැත්තේ එය අයට හිංසාවක් හෝ තැවුලක් වෙයි කියායි. නියමයි, චමිලගේ ලිපිය කියවන්නත් මම ආසාවෙන් සිටින්නේ.

සුදු දහම කෙසේ වෙනත් එහි අනිවාර්‍ය නොවෙන දේ රිතීයක් තරම් අපේ සමාජ ගත වෙල තියෙන බවයි මම දකින්නේ. නමුත් වාසනාවට ඇතැම් සමාජයන් තරම්ම දරුනු වී නැති ඒක නම් වාසනාවක්, නමුත් ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය වෙන්නේ එය වීම කනගාටුවක්.

සක්වලයා said...

@-බිன்ku-,
උඹ බටහිර ගැත්තෙක් කියල උඹේ බ්ලොග් එකයි, උඹ අනික් බ්ලොග් වල දාන කමෙන්ට් යි දැක්කම ඕන එකෙකුට හිතාගන්න පුළුවන්. උඹල අපේ දේවල් විවේචනය කරනවාටනම් හරි කැමතියිනේ (උදා: "චමිලගේ ලිපිය කියවන්නත් මම ආසාවෙන් සිටින්නේ.") බටහිර රටවලට මොනවහරි කියනකොට තමයි උඹලට රිදෙන්නේ! සිංහල බ්ලොග් අවකාශයේ බටහිර විරුද්ධ මොනයම් හෝ මතයක් ආ විට එයට විරුද්ධව ඔබේ අදහස් සෑම තැනකම වාගේ දැකිය හැකියි. උඹේ "බබා" කතා විලාශයත් ඒකට හොඳට උදව් කරගන්නවා නේද?

Narada said...

මට නම් අපේ දෙයක් විවේචන කරනවට ඇති උවමනාවක් නම් නැහැ, චමිලවත් කවුරුත් එසේ දෙයක් කිව්වද? එක්කෝ එසේ මානසිකතවයක් එක්ක බලන කෙනෙක්ට එසේ හිතෙනවා ඇති. ආගම කියන්නේ තමාට තමාගේ ජිවීන රටාවට තිබෙන්නට උපකාරි වන ක්‍රමයක් මිස නීති රීතියක්වත් තබා ව්‍යාපාරික හෝ එවැනි අදහසකට යොදවන්නට අවශ්‍යවන දෙයක් නොවෙයි. (ඔබේ දැක්මට අනුව අපේ කියන්නේ මොකද්ද කියලා තේරුණාට එහෙම හදුනවා ගන්නවාට වඩා පොදුවේ හදුවා ගත්තා නම් යෙහෙයකි ). බුදු දහම, ක්‍රිස්ත්‍රියානි ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම ඇතුලුව ආගම් වල අරයන් මතයන් භාවිතා කර බිස්නස් කර භාවිතා කර ගන්නේ චමිල කී පරිදි ලංකාවේ විතරක් නෙමේ, ලෝකේ අන් ඇතැම් රටවල භාවිතා කරනවා වගේම ඒ රට වල රාජ්‍ය රැදිලා තියේන්නේ ඒවා මතයි. කොන්දක් නැති නිර්නාමික වුණත් මහෞෂධ හා ගෙම්බායැයි ඉන්නේත් ඔබයැයි මට කවුදැයි අනුමාන කරන්න පුලුවන් එය කියා ඔබේ ප්‍රතිරූපය කඩන්න මට අවශ්‍ය නෑ.) චමිත වුණත් ඔබට වඩා බුද්ධිමත්, ඒකයි ඔහුම අපේ අඩුපාඩුවක් මුලින්ම පිලි ගත්තේ. එවා හදා ගන්න පෙන්වා දෙනවාට ඔබ ඇකැමති වීම අපේම අවාසනාවක් වගේම ඔබ හුදෙක් නාමිකව පමණක් ඔය 'අපේකම' ඔලුව උඩ තියාගෙන ඉන්නේ, එහි අරය තුලින් එතෙර වෙන්න චාර්‍යාවක් නැති ඔබ ගැන මම අනුකම්පා කරනවා. නැට්ට පාගාගෙන උඩ බලාගෙන කෙළ ගහගෙන ඉන්නේ ඔබමයි.

Narada said...

ජිවන්ත, ලංකාවට හෙලයා කියන නමයි ශ්‍රිකයේ ඒ නමයි අතර එහෙමම සම්බන්ධයක් කියන්න අමාරුයි. මොකද අවි ආයුධ වෙලදාම් සහ රාජ්‍ය සම්බන්ධය හැරෙන්න වෙනත් දෙයක් සම්බන්ධ බවක් පෙන්න නැහැනේ. මම හිතන්නේ ලංකාවට හෙලදිවයන කියන්න ඇත්තේ හෙලා සිටි නිසාත්, සිංහයකුගෙන් පැවත එන්නේක්යැයි සිතු නිසා වෙන්න ඇති. ඒ රටේ මොකක් හරි වෙනත් අර්ථයක් ඇති මම හිතන්නේ. අනික පිටසක්වලට විවෘත වෙන දොරටු තුනෙන් (ඒක ත්‍රිකෝණාකාර එකක්ලූ) එකක් පිරමිඩය, අනික අපේ රටේ ජේතවනරාමය. අනික මතක නෑනේ. මේක අමතුයි නේද, මේවායේ අද්භූත බවක් තියෙනවා එක්ක, මේ පීරමිට වලින් හෙලිවීමක් ඇති.

මහෞෂධ said...

@chamitha

අපේම කියන ආර්ථික විද්යාවක අවශ්යතාවය, මෙන්න මෙ ලිපියෙන් අපුරුවට විස්ත‍ර ක‍රලා තියෙනවා කියවලා බලන්න.

Please follow the link,

http://www.kalaya.org/files/v21st11.pdf

@all

මගේ සහ ගෙම්බාගෙ සහ සක්වලයා අත‍ර කිසිදු සම්බන්ධයක් නොමැත. බින්කුට නැට්ටක් ඇති නිසා ඔහු එය පාගාගෙන ඇත.

Narada said...

මහෞෂධ, නැත්නම් කමක් නෑ, එය අමතක කර කරුණු කතා කරන්න. ඔබද නොවේ නම් ඔබට කලබල වෙන්න දෙයක් නැත.

Narada said...

මහෞෂධ, කුමන කෙනෙක් කිව්වත් ඔබ දුන් ලිපියේ අන්තිම පේලිය හරි, එය තවත් ශක්තිමත් වෙවි දකුණු ආසියාතියක ක්‍රමයක් කිව්වා නම්. යුරෝපීය සහ ඇමෙරිකන් තුල වෙනස්කම තිබ්බට පොදු ලක්ෂණ තිබෙනවා වගේම අපිටත් දකුණු ආසියාතික අයටත් තියෙනවා නෙව.

ලමයා said...

@-බිன்ku-
ඇයි "දකුණු ආසියාතික" ? මෙච්ච‍ර වෙලා බටහිරයන්ට කඩේ ගිය ඔබ, දැන් ඉල්ලං ප‍රිප්පු කැ පසු, දැන් පාට මාරුකොට "දකුණු ආසියාතියක" කියයි,

ඇයි ඔබට "ලාංකික" ක්‍රමයක් කියා කිමට කොන්ද පණ නැත්තෙ?

මහෞෂධ said...

@chamitha

මෙක BBC උපුටා ගැනිමක්. අතිශයින්ම වැදගත් වෙයි මෙ Anyalisis එකට.

Did Jesus Christ learn Buddhism ??

http://www.youtube.com/watch?v=rmCS7P-vdRM

@බින්කු
*ඔන්න බින්කු මල්ලි අපි නෙමෙයි බටහිරට, ක‍්රිස්තියානි ධර්මයට විවෙචනය ක‍රන්නේ BBC එක හොදේ. ඔවුන් කොත‍රම් අදුරේ අතපත ගානවද කියන එක මෙකෙන් පැහැදිලි වෙන්වා,

අපි එවා කියන කොට බටහිරයන්ට බනින්න එපා කියනවා, දැන් අපිද බනින්නේ ? ඉස්සෙල්ලම මල්ලි, බය නැතුව ඇත්ත පිලිගන්න ජෙසු තුමාගේ ඉදලා හැම දෙයක්ම පෙරදිගින් ණයට ඉල්ල ගත්ත කියලා. පෙරදිග ලාංකිකයෙක් විම අහිමානයක් ක‍රගන්න.

මෙවා වැරදි නම් විවෙච්නය ක‍රන්න. හිත් තැවුල් ගැන හිතන්න එපා, අපි උත්ත‍ර දෙන්නම්.

මෙකේ අන්තිමට කියනවා

"if this is the case this would be the end of the cristinanity" කියලා..

දැන් පුලුවන්නම් BBC එකටත් අවජාතකයා කියලා බනින්න..

Chamitha said...

මං නැති ටිකේ මෙතන පුළුල් සංවාදයක් ගිහිල්ලා කියලා දැක්කම ගොඩක් සතුටු වුණා:D මම හිතන්නෙ අවශ්‍ය වෙන්නෙ මේකයි.

පෞද්ගලික පහරගැසීම් වලින් තොරව සංවාදය ගෙනයන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. පැරණි කරුණු දෙකකට අලුත් පැතිකඩවල් එකතු වීම සහ අලුත් කරුණක් මතුවීම සිදුවීම වෙලා තියනවා.

පළමු එක තමයි ආර්ථිකය. රටකට ආර්ථිකමය අනන්‍යතාවක් තිබිය යුතුයි කියන එක මම පිළිගන්නවා. විශේෂයෙන්ම පවතින ආර්ථික රටාව 100%ක්ම නිවැරදි නැහැ. බටහිර ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි තනිකරම පෞද්ගලික අවශ්‍යතා පසුපස දිවීමට පුද්ගලයන් හුරුකරන හා ඉන්ද්‍රීයයන් පිනවීමට පමණක් තැන දෙන ආර්ථික රටාවක්. මහෞෂධ දීපු ලින්ක් එකේ තිබ්බ විදුසර පුවත්පතේ ලිපිය මම කලින් කියවලා තිබුණා. ඉතා වටිනා ලිපියක්. එය මෙතැනට ගෙන ඒම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා.

අපේම කියා ආර්ථිකයක් ගොඩනැගීම ගැන කතාකරන එම ලිපිය වෙනම සංවාදයට බඳුන් කළ යුතුයි. නමුත් අපට මේ කටයුත්ත, පවතින ගෝලීය ආර්ථික රටාව තුළ කළ හැකිද කියන එකයි ගැටලුව. බින්කු නගන පැනය ඒකයි. රැවුළයි කැඳයි දෙකම බේරගෙන මේ අභියෝගය ජයගන්න විදිහක් තිබෙනවාද? සිතා බලන්න. ඔබේ අදහස් ලියන්න. නමුත් මෙතෙන්දි හැමෝටම ප්‍රායෝගික වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ බටහිර ආර්ථික ප්‍රතිපත්ති, බටහිර උපදෙස්, ආධාර, ණය මත යැපීම නිසා අද අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. අපට ඒ ගැටලුව මඟහැරයාමට ක්‍රමයක් නැහැ. ඒ වගේමයි, ඔය කියන අනන්‍ය ආර්ථික සංකල්පය වත්මන් ගෝලීය ආර්ථික රටාවට පෑහිය හැකි (Compatiable) විය යුතුයි. නැතිනම් අපටත් උතුරු කොරියාව වගේ ලෝකයෙන් වෙන් වී තමයි ඉන්න වෙන්නෙ.

දෙවැනි කරුණ තමයි ජීවන්ත ඉදිරිපත් කරන අදහස. ඇත්තටම කිව්වොත් මට නම් ඒ ගැන අදහසක් නෑ:-) මම නම් හිතාගෙන හිටියෙ Angels and Demons සහ Da Vinci Code කියන්නෙ මම කියවපු ඉතාම විශිෂ්ට ප්‍රබන්ධ දෙකක් කියලා.

දෙවියන් ගැන අදහස අප තුළ ස්ථාපනය කරන්න ඒක උදව් වෙනවා කියලා මම ඇත්තටම හිතල තුබුණේ නැහැ. හිතල බලන්න වටිනා කාරණයක්. නමුත් ජීවන්තට ඒ පිළිබඳව උදාහරණ දක්වන්න පුලුවන්නම් වටිනවා.

'හෙළය' කියන වචනය සංස්කෘත වැනි භාෂාවකින් බිඳී ආ වචනයක්ද? එසේ නම් ඔබ කියන ආකාරයේ සම්බන්ධයක් තිබිය හැකියි. නමුත් මට නම් හරි අදහසක් නෑ.

තුන්වැනි සහ වැදගත්ම කරුණ ලෙස මම දකින්නෙ මහෞෂධ අවසානයට දක්වා තිබෙන වීඩියෝ එක. ඒක ඉතාම වැදගත්. ඉදිරිපත් වෙච්ච අනෙක් කරුණු දීර්ඝ වශයෙන් වෙනත් තැනක කතා කළ යුතුවන ඒවා වුවත් මම මේ වීඩියෝ එක සහ ඒ ආශ්‍රිත වීඩියෝවන් මේ සටහනෙන් සංවාදයට බඳුන්කරන කරුණට අදාළත්වයක් තියන බව පේනවා. එසේම ජේසුස් වහන්සේ පිළිබඳ ලිඛිත සටහන් නොමැති අවධිය ලෙසට මම කලින් කිව් අවුරුදු 7-20 සමය 12-30 ලෙස සංශෝධනය විය යුතුයි. එතුමා ජීවත් වූ අවුරුදු 33න් 18ක් ගැනම සඳහනක් නෑ කියන එක එක අතකින් පුදුම සහගතයි. ඔබ එම වීඩියෝවත් නරඹා ඒ ආශ්‍රිතව තිබෙන වීඩියෝ (Related Videos) ද නරඹන්න.

නමුත් මට නම් හිතෙන හැටියට ජේසුස් වහන්සේ බුදුන්වහන්සේගේ දහම අධ්‍යයනය කළා කියන කරුණට වඩා Zeitgist ඉදිරිපත් කරන තර්කය නිවැරදියි වගේ. එතුමාගෙ ජීවිතයෙ තියන මේ අවුරුදු දහ අටේ ප්‍රශ්නයටත් විසඳුම ඒකම වෙන්න පුලුවන්.

Narada said...
This comment has been removed by the author.
Narada said...
This comment has been removed by the author.
Narada said...

මහෞෂධ අයියා වරද්දවා හිතාගෙන ඉන්නවා වගේ ගෙම්බා වගේම. මට බටහිර රටවල් ගැන තියෙන කිසි ගානක් නෑ, ඒවාට බැණ බැණ විතරක් ඉන්න අයටයි මම ඇකැමති. රතු ඉන්දියානුවන්ගෙන් ගත්ත කුරුස යුද්ධ වලින් ගත්ත බටහිර ජාතිකයන් සතුව තිබෙන බොහෝ අංශ වුණත් වෙනත් වුණත් වෙනත් වෙනත් සංස්කෘත වලටත් භාෂාවලින් ආරෝපණය කර ගත්තු ඒවා. ආහ්, ඔය එක මේවා කිව්වා කියලා මම මොනා හිතන්නද ඉතිං? එකත් පදනම් රහිත කතාවක් විතරයි, මම ඔලුවෙන් හිටගෙන පරණ ආකරයෙන් සිතුවේ නෑ. ඔය කාරණාව මම පිලි ගන්නා බවක් මම කියලා තියෙනවා නෙව.

බුදුන්වහන්සේගේ ජේසුස්ගේ නබිගේ ශිවගේ චරිතාපදනයේ ලිහිඬුකම් වලට එයාලාගේ දහමේ එකයි වටින්නේ. ජේසුස් සාමාන්‍ය මනුස්සයෙක් විය යුතුයි කියායි මා ඔය කී දේ වලට අමතරව හිතුවේ. ඔන්න පැහැදිලි කිරිමක් කලා.

චීනයේ හා ඒ ආශ්‍රිත රටවල්, අරාබියේ හා ඒ ආශ්‍රිත රටවල් බටහිට රටවල වෙළඳ පොළට දර්ජනයක් වුණත් ඒ රට වලට මේ රටවල් බැරි මන්ද? බටහිරේ මෝටර් රථ තැනුවාට ජපානයේ චීනයේ ඒවාට පිලිගැනිම සහ තත්වයක් ඇත්තේ ඇයි. ටෙක්සාස් වල තෙල් කැණුවට අරාබියේ තෙල් වටින්නේ මන්ද? ඒ ආකාරයෙන්ම අපිට ගෝඅලීයකරණය ඇසුරේන් ඒ අනුව අපට සමාන තත්වයක් ඇති එපෙ දේශගුණ හා සංස්කෘත සමානකමක් ඇති දකුණු ආසියාවේ එකමතු බවින් ආර්ථිකමය ක්‍රමයක් හදා ගන්න ඔනේ. ඒ වගෙම අපේ රටේ තිබෙන සීමා රහිත ලිබේරල් විවෘත් ආර්ථීක ක්‍රමය සංශෝධනය කරන්න ඕනේ ඒ එක්කම, අපේම ආර්ථීක ක්‍රමයක් හිතන්නට මුලින් රටේ සම්පත් දියුණු කර නිශ්පාදන හා සේවා දියුණු කරන්න කටයුතු කරන්න ඕඅනේ, ඒ ආකාරයේන් අපිට මටහිරට ඇති බඳිම යම් දුරට අඩු කර ක්‍රමයක් හිතා ගන්න්න පුලුවන්. එසේ නොවෙත් නම් පහදනු මැනැවි.

ලමයා වැනි කොන්දක් නැතිවුන්ට මම කාලය වැය නොකරමු, ඔහුම කටුසු අඟක් එක්ක මල දමා දමා සිටිම ගැන අනුකම්පා කරමි.

Chamitha said...

බින්කු කියන ආර්ථිකය සම්බන්ධ කතාවට මම එකඟයි. පළමුවෙන්ම රට ආසන්න වශයෙන් වත් ස්වයංපෝෂිත විය යුතුයි. අපේම කියා අර්ථක්‍රමයක් ගොඩනගා ගත හැක්කේ එවිට පමණයි. ඒ සඳහා කාර්මික/කෘෂි නිෂ්පාදන හා සේවා දියුණු කර, රටේ ආදායම ඉහළ නංවා, ණය බරින් නිදහස් වී සිටීම අත්‍යවශ්‍යයි. එසේ නැතිව පිටරටින් ණය ගන්නා අතර, එම ණය පියවීමට නැවතත් එම රටවලින්ම ණය ගන්නා අතර අපේම කියා ආර්ථික ක්‍රමයක් ගැන කතාකිරීම විහිළුවක් පමණයි.

නමුත් බින්කු සමඟ එකඟ නොවන තැන තමයි, "බුදුන්වහන්සේගේ, ජේසුස්ගේ, නබිගේ, ශිවගේ චරිතාපදනයේ අඩු ලුහුඬුකම් වලට වඩා එයාලාගේ දහමයි වටින්නේ" යන කරුණ.

මම කියන්නෙ නැහැ ශාස්තෘවරයා පිළිබඳ ගැටලු තිබුණු පමණින් ආගමක කිසිම හරයක් නැහැ කියා. නමුත් මේවායේ පැවැත්මට තර්ජන එල්ල කරන්නෙ මනුෂ්‍ය වර්ගයා තුළම පවතින ආවේණික ගතිගුණයක් නිසා. ඒක තමයි කුතුහලය! කුතුහලය කියන්නෙ මිනිසාගෙන් වෙන් කළ නොහැකි, සමාජමය ගතිගුණයක්. ඒක නිසාම තමයි සෑම ආගමක්ම පාහේ තම අනුගාමිකයන්ගෙ කුතුහලය පාලනය කරන්න කටයුතු යෙදුවේ. තම ආගමික පොත්පත් වල, "අන් ආගම් වලට සවන් නොදෙන්න, මා (දෙවියන් වහන්සේ) කියන කරුණු විමසීමකින් තොරව පිළිගන්න. අනවශ්‍ය ප්‍රශ්න අසන්නන් මරණින් මතු අපාගාමී වීම වැලැක්විය නොහැකියි" යන කරුණු වලට මුල්තැන දීමට ඒවායේ නිර්මාතෘවරුන් කටයුතු කළේ මේ නිසාමයි.

උදා: බයිබලයේ එන පහත සඳහන් පාඨය:
"යමක් ඒ (බයිබලයේ) වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ, මේ පොතෙහි (බයිබලයේ) එන පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද, ශුද්ධ නුවරින් ද, දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක."
-ශුද්ධ වූ යොහාන්. හෙළිදරව්ව 22:18

Chamitha said...

මේ ආගමික තර්ජනයට එක් උදාහරණයක් පමණයි. විශේෂයෙන්ම කුරාණයේ එහෙම, ඉන් පිටත යමක් සිතන්නට වත් එපා යැයි උපදෙස් දී තිබෙන බව මා අසා තිබෙනවා. නමුත් අද අපි ජීවත් වන සමාජය භාෂණයේ හා චින්තනයේ නිදහස උපරිමයෙන් අගය කරන තැනක්. ඊට එරෙහි වීම අර්ථ දැක්වෙන්නෙ මානව හිමිකම් කඩවීමක් ලෙස. ඉතින් මට අසන්න තියෙන්නෙ අපේ සමාජය ඔය තරම් නිදහස් හා සාධාරණ නම් (අඩු තරමින් එසේ යැයි හඳුන්වන්නට වත් කෙනෙක් උත්සාහ කරනවා නම්) ආගමික කරුණු වලට එද්දි විතරක් මොකද වෙනම නීතියක්? ඇයි ආගම මගින් පුද්ගල නිදහස සීමා කරන්නේ? කාටවත් පුලුවන්ද ඔය ප්‍රශ්නයට දෙන්න, පිළිගත හැකි පිළිතුරක්?

ආගමික තර්ජනයට ඔය කාර්යය සාර්ථකව කළ හැකි වුණා සියවස් 15කට අධික කාලයක්. නමුත් අද සමාජය සම්පූර්ණයෙන්ම වෙනස්. මේක කවදාටත් වඩා විවෘතයි. අපි කැමති වුණත් නැතත් මේකෙදි ඔබේත් මගේත් පෞද්ගලිකත්වය රැකගන්න හරිම අමාරුයි. ඔබ හා මම අතහරිමු. අපේ රටේ සහ ලෝකයේ ඉන්නා සුප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ තත්ත්වය කොහොමද? විශේෂයෙන්ම නළු, නිළියන්ගෙ සහ දේශපාලකයන්ගෙ ජීවිතයේ හැම දෙයක්ම සමාජය දැනගන්නවා නේද? සමාජයේ බොහෝ දෙනා (යම් දුරකට) පත්තර වල ඇති නළු නිළියන්ගෙ තොරතුරු තිබෙන කොළම, ටැබ්ලොයිඩ්, මෙන්ම දේශපාලනයෙ 'තිරය පිටුපස' කතා කියවීමට කැමැත්තක් දක්වනවා. මේ නරක පුරුද්දක් බව ඇත්ත. නමුත් ඒක නවත්වන්න පුලුවන්ද? බැහැ. ඇයි ඒ? එකම හේතුව තමයි කුතුහලය! මිනිස්සුන්ට කුතුහලය තිබෙනතාක් කල් පැපරාසින්ට, දේශපාලන කතා කියන විශේෂ ලියුම්කරුවන්ට වැඩ තිබෙනවා.

ඉතින් ඔබ බලාපොරොත්තු වනවාද මෙච්චර පෞද්ගලිකත්වයට හානි කරන සමාජයක් තුළ ආගමික ශාස්තෘවරුන්ට නිදහසක්? අනිවාර්යයෙන්ම ඔවුන්ගෙ චරිතය, සැඟවී ගිය තොරතුරු සොයන්න ඉදිරිපත් වෙනවා පුද්ගලයින්. හරියටම කිව්වොත් පුරාවිද්‍යා සහ සාහිත්‍ය පැපරාසීන්! නියම ආගමක්/දර්ශනයක් නම් මේ අභියෝග වලට මුහුණදිය හැකි විය යුතුයි. එසේ නැතිව ඔබ කරන්නේ වැරදි වැඩක්, ඕක ආගම් විරෝධියි කියන පදනම තුළ ඉඳගෙන, පැපරාසිකරණයේ නිදහස සීමා කිරීම තවදුරටත් යථාර්ථවාදී නැහැ. මේ තත්ත්වය තවදුරටත් පල්ලියට, ඇමරිකානු ආණ්ඩුවට තබා දෙවියන් වහන්සේටවත් පාලනය කරන්න බැහැ.

එසේම මේ කරුණ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න යැයි මම ඉල්ලා සිටිනවා. අපි හිතමු ඔය එල්ල කළ චෝදනා වලින් එකක් වත් සත්‍ය යැයි කියා. එතකොට අවසාන ප්‍රතිඵලය කුමක්ද? එහි හරයත් වැරදියි නොවෙයිද? මූලාරම්භය වැරදියි නම් හරය නිවැරදි වෙන්නෙ කොහොමද? මිහිමත නොසිටි ශාස්තෘවරයෙකුගෙ දහමක් නිවැරදි වෙන්නෙ කොහොමද?

මේ වගේ කරුණු නිසා Zeitgist, Religulous වගේ චිත්‍රපට, "යේසුස් වහන්සේ නැමැති බුද්ධ ශ්‍රාවකයාණෝ" වගේ ග්‍රන්ථ කරළියට පිවිසීම අනාගතයේ තවත් ඉහළ යාවි. ආගමික නායකයන්ට කළ හැක්කේ ඒවාට පිළිතුරු දීමට කරුණු සූදානම් කරගෙන සිටීම පමණයි. ඒවාට පිළිතුරු දීමට අසමත් ආගම්/දර්ශනයන්ට සිදුවනු ඇත්තේ ඩාවින්ගේ පරිණාම වාදයට අනුව මිහිමතින් අතුගෑවී යාමටයි.

ඒ අතරම මම අයත් වන්නෙ, පැවැත්මට, මූලාරම්භයට, මෙතෙක් එකදු සාර්ථක විවේචනයක් හෝ එල්ල කළ නොහැකි වූ බුදු දහමට වීම ගැන මම ආඩම්බර වෙනවා. එසේම අනාගතයේ එල්ල වියහැකි චෝදනාවන්ට ද සාර්ථකව පිළිතුරු සැපයීමට ද ඊට හැකියාව ඇතැයි මම සිතනවා. මා වැරදි විය නොහැකියි. මොකද මා මෙන්ම සුප්‍රකට ග්‍රන්ථ රචක ආතර් සී. ක්ලාක් මහතාත් විසිවන සියවසේ විශිෂ්ටතම පුද්ගලයා, ඇල්බට් අයින්ස්ටයිනුත් මේ මතයේම සිටියා. ආතර් සී ක්ලාක් මහතා පැහැදිලිවම පැවසුවා 2050 වනවිට ලොව ඉතිරිවන එකම දර්ශනය බෞද්ධ දර්ශනය පමණක් යැයි කියා. අයින්ස්ටයින් ද, අනාගත ලෝකයට ගැළපෙන එකම දහම බුදු දහම යැයි පැවසුවා. ඔවුන් වැරදි විය නොහැකියි...!!

Chamitha said...

මේ සංවාදය දැක්කට පස්සෙ ද කොහෙදෝ කෙනෙකු "යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ" ග්‍රන්ථය කොටස් වශයෙන් පළ කරන්නට පටන්ගෙන තිබෙනවා. (http://lostbookslk.wordpress.com/). ඔහුටත් අපේ ස්තූතිය හිමිවනවා.

සංක said...

බුදු හමුදුරුවො විත‍රයි කිව්වෙ "දුටු පමණින් ඇසු පමණින්, මා කියු පලියට විශ්වාස ක‍රන්න එපා කියලා"

ඔය වගේ බනින්න එපා, විවෙචනය ක‍රන්න එපා කිව්වෙ නැහ. බොරු කියන අයට තමයි බැනිල්ලටයි විවෙචනයට බය

ජීවන්ත said...

@චමිත,
“Da Vinci Code” මා කියෙව්වේ මීට වසර කීපයකට කලිනුයි. මං ගාව දැන් පොත ඇත්තෙත් නෑ; reference හෝ උපුටන දෙන්න මතකත් නෑ. මං පොත හොයාගෙන ආයෙත් කියවලා මේ ගැන වෙනමම post එකක් මගේ බ්ලොග් එකේ දාන්නම්. (ටිකක් කල් යයි හො‍ඳේ!)
මේ පොතේ මෙම අදහස දැකීමට පොතේ මතුපිටින් කියා ඇති කතාවට වඩා ගැඹුරින් බැලිය යුතුය. මෙම අදහස දෙන්නේ කතාවේ තියෙන සිද්ධිම නෙවෙයි! මේ සඳහා ගොඩක් උදව් වෙන්නේ සිද්ධි අනුපිලිවෙල හා සිද්ධි අතර සම්බන්ධතාවයයි. ඊට අමතරව ඇඟට පතට නොදැනී ඔහේ කියල දානව කියල හිතෙන පොඩි පොඩි වාක්‍ය කිහිපයකුත් උදව් වෙනවා.
අනික් අතට මේ කතුවරයා (Dan Brown) සෑහෙන දක්ෂයෙක්. මොකද මතුපිටින් පෙනෙන කතාවට පරස්පර අදහසක් (පරස්පර කිව්වට සම්පූර්ණයෙන්ම නෙවෙයි) අපිට නොදැනෙන්න අභ්‍යන්තරයෙන් දෙන්න සෑහෙන දක්ෂතාවයක් තියෙන්න ඕනෙ. ඒ අර්ථයෙන් මමත් ඔහුට ගරු කරනවා.
උදාහරණයක් විධියට ජේසුතුමාගේ bloodline එක සුරැකිය යුතුයි කියන්නේ ඇයි කියල හිතල බලන්න. අනිත් එක මේ අයට බොරුවට උදව් කරලා අන්තිමේදි සියල්ලෙහි මොළකාරයා වන පුද්ගලයාගෙ චරිතයේ යොදාගැනීම තුලින් පල්ලියේ ප්‍රතිරූපය ආරක්ෂා වෙන ආකාරය ගැනත් හිතල බලන්න.
මම මේක දකින්නේ ඉදිරි කාල වලදී ජේසුතුමාගේ චරිතය ආශ්‍ර කරගෙන ඇති විය හැකි විවිධාකාර ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට උත්සාහ දැරීමක් ලෙසටයි. (මෙහිදී සියලු ප්‍රශ්න වලට වියුක්ත පිළිතුරක් ලබා දෙනවා.)
මේකෙ බුදුදහමට පහර දීම අපිට එතරම් දැනෙන්නෙ නැත්තෙ අපි බුදුදහම දන්න හින්දයි. බුදුදහම පොඩ්ඩක්වත් දන්නෙ නැති කෙනෙක්ට මේකෙන් එන අදහස මොකක්ද කියල පොඩ්ඩක් හිතල බලන්න. (මේකෙ මට මතක හැටියට බුදුදහමට දෙවියන් සම්බන්ධ කිරීමක් වගේම බුද්ධෝප්පත්තියේදී සත් පියුම් මතින් ගමන් කිරීමත් ප්‍රහසනයට ලක් කරනවා.)
අනික වතිකානුවත් තහනම් නොකරපු එකක් තහනම් කරලා ලංකාව මහා ආගමික හිතවාදී රාජ්‍යය කියල ලෝකෙටම පෙන්නුවානේ!

Narada said...

@ජීවන්ත

Strongly Agree!

ජීවන්ත said...

මෙතන ආර්ථිකය ගැන කතා දකිද්දියි මතක් උනේ. "Confession of an economic hitman" පොත කියවන්න.(John Perkinsද කොහෙද තමයි කතුවරයා) ගෝලීය ආර්ථිකය, ණය ගැනීම, පුද්ගලීකරණය ආදිය ගැන අමුතුම කතාවක් ඒකෙ තියෙනවා. මේක මේ කතුවරයාගේ චරිතාපදානයක්!

Narada said...

"Confession of an economic hitman" Book by J.Perkin :

http://u.nu/2m4e

ජීවන්ත said...

ප.ලි.
මේ පොතේ සිංහල පරිවර්තනයකුත් තිබුනා - "ආර්ථික ප්‍රහාරකයෙකුගේ පාපොච්චාරණයක්" කියලා.(මේක හරියටම ප්‍රහාරකයෙකුගේද ඝාතකයෙකුගේද කියල හරියටම ෂුවර් නෑ.) ප්‍රකාශක හෝ පරිවර්තක කව්ද කියල මතක නෑ. හැබැයි සරසවි, ගොඩගේ වගේ තැනකින් ඇහුවොත් තියේවි!

Chamitha said...

@ ජීවන්ත: බොහොම හොඳ කරුණක් අයියා!
Confession of an economic hitman ගැන ගොඩක් අහල, බලල තිබ්බට මම තාම ඒක සම්පූර්ණයෙන් කියවල නෑ. ඒකත් කියවන්න ඕනේ:D

Y2K said...

"People believe what they want to believe" anyone can find all of these "made up" stories. මෙතුමා "මම" යන සංකල්පයෙන් කොතරම් මිදිලාද කියන එක මම දන්නෙ නැහැ නමුත් සතය සොයන්න නම් විවෘත මනසක් ඔනැ වනවා එහිදි තමා උපතින් ලැබුනු දෙවල් විශෙශයෙන්ම කුඩා කල ඉගෙන ගත් දෙවල් දෙමාපියන්ගෙ ආගම වැනිදෙවල් මොලෙට කාවදිනවා ඉතින් පසුව එය මොනතරම් අභියොඩවලට ලක්වුනත් කොතරම් අප්‍රයොගික වුනත් මනස කැමති නැ අර මුලින් විශ්වාස කරපු විශ්චාසයන් වෙනස් කරන්න මෙය සැම ආගමිකයන්ටම පොදුයි. වඩා හොදින් බුදුදහම සහ ක්‍රිතුදහම ඉගෙනගත්ත කෙනෙකුට යම් දවසක වැටහිවි ඇත්තරම බුදුන්වත් ජෙසුස් වහන්සෙවත් කවදාකවත් ඇදහීමට ආගමක් ගෙනාවේ නැති බව.

බෞද්ධ අය කැමති අනික් අයගෙ ආගම්වලට ප්‍රහර ගහන මෙවන් පොත්, වර්තාමය වැඩසටහන් කට කතා වලට ඒ අය එහි අනෙක් පැත්තක් නොදකින්නේ ඔවුන්ට ඹදයස්තව සිතන්නට නොහැකි නිසයි, අන්තවාදි ක්‍රිස්තියානි අයත් කෑමති තමන්ගේ දෙවල් හරි කියන දෙවලට Other side of the argument එක ගැන මේ කිසිවකුවත් විවෘත මනසකින් සොයබලන්නෙ නැහැ ඉතින් ඒ අය ඔවුන් සතය යැයි සිතිමට කැමති දේ සතයයි සිතා මිය යනු ඇත.

nethindu89 said...

http://www.scribd.com/doc/135555447/Yesus-Nam-Budhdha-Shrawakayano

Unknown said...

What you have said in the article is totally correct according to the common belief. But one should not forget that this is the way they introduced Christianity to romance who believe in ancient Greek beliefs. People who introduced Christianity to romance just replaced or re wrote the old story back again with new names.
Real jesus didn't born in December he born in Augustus 21st. Read urantia. https://www.urantia.org/urantia-book-standardized/paper-122-birth-and-infancy-jesus

Unknown said...

හෙතුව උපේක්ෂාව

Unknown said...

@Chamitha

As I have read it Horus (Horus the Younger) is the son of Osiris and Isis. He is the god of Sky and Kinship. He is also the god of War and Hunting.

Set is the Brother of Osiris and Isis. He is the god of the desert, storms, disorder, violence.

Set killed the Osiris and therefore Horus went to War to claim his kingdom.

There is another form of Horus as Horus the Elder. Set, Osiris and Isis and his siblings.

Ra is the god of Sun.

I have not come across the life events of Horus mentioned in the original article here. If you can provide the source from where you depicted these similar events it will be much helpful.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.