Pages

Sunday, May 31, 2009

මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය

මේ තියෙන්නෙ මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය,
වික්ටර් රත්නායකගේ
දෙව්රම් වෙහෙරේ, හිමි වැඩ සිටි සමයේ.......



මේක මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අහන විට ඇතිවෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම එදා හිටියා නම් කියල හිතෙනවා.....
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

සහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ.....
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්, නිවී නිවී යන අරුමය කිමදෝ.....

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහෙයි......
එහෙයින් හිමි අනුරුව අබියස සිට, බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට......


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....
.

Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය චිත්‍රපටයක්

අද මම කියන්න යන්නෙ තවත් විශිෂ්ට ගණයේ සම්භාව්‍ය චිත්‍රපටයක් ගැන. 1989දී තිරගත වූ මේ චිත්‍රපටය රොබින් විලියම්ස් ගේ රංගනයෙන් හැඩ වෙලා තියනවා. මට මේක ගැන කිව්වෙ යසිත් ගනේආරච්චි අයියා. ඔහුට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා ඒ ගැන. ඒ වගේම ඔහුගෙ ලිස්ට් එකේ තවත් චිත්‍රපට කිහිපයක්ම මම බලන්න නියමිතයි. දැනට බාමින් පවතිනවා;-)

කතාව මෙහෙමයි. ටොඩ් ඇන්ඩර්සන් කියන්නෙ ඉතාමත්ම ලැජ්ජාශීලී ශිෂ්‍යයෙක්. ඔහුව යැවෙනවා එයාගෙ, කා අතරත් ජනප්‍රිය සහෝදරයා ඉගෙනගත්ත පාසලට. මේක නේවාසික පාසලක්. එහෙදී ඔහුගෙ room-mate වෙන්නෙ නීල්. ඔහු අති දක්ෂයෙක්; ටොඩ් ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, අධ්‍යාපනයටත් ඉතා ලැදියි, ඒ වගේම හැමෝගෙම හිත දිනාගත්ත චරිතයක්. මේ අතරෙ ඔවුන්ගෙ අලුත් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස පත්වෙලා එන්නෙ ජෝන් කීටිං. මොහු සම්ප්‍රදායෙන් මුලුමනින්ම බැහැර වෙච්ච පුද්ගලයෙක්. අධ්‍යාපනයයි බාහිර වැඩයි අතරෙ හිරවෙච්ච මේ පාසලේ ශිෂ්‍යයොන්ට ඔහු අමුතුම ආකාරයේ අත්දැකීම ලබා දෙනවා. ඔහු කවියට ඉතාම ලැදියි.

කවිය තමන්ගෙ ජීවිතයට එක් කරගන්න ආකාරය ඉතා අපූරුවට ඔහු කියාදෙනවා මේ ටොඩ් හා නීල් ඇතුලු ශිෂ්‍ය කැලට. ඒක ඉතා චමත්කාරජනක අත්දැකීමක්; ඉතාම කාව්‍යමයයි. ඔහු කියනවා අනෙක් සෑම විෂයකින්ම කෙරෙන්නෙ ජීවිතය ගොඩනගාගන්න අඩිතාලම වැටෙන එක, නමුත් ජීවිතය ජීවත් වෙන්න උගන්වන්නෙ කවියෙන් කියලා. මේ කරුණු ඉතාම තදින් හිතට කාවදිනවා සිසුන්ගෙ සිත් වලට. මේ අතර ඔහු වැදගත් හෙළිදරව්වක් කරනවා නීල් ඇතුලු ශිෂ්‍යයන්ට. ඒ තමයි මියැදුණු කවියන්ගේ සංගමය, Dead Poets Society ගැන. කතාව ඔච්චරයි; ඉතුරු ටික බලලම දැනගන්න:D

නමුත් එක ඉඟියක් දෙන්නම්. කතාවෙ අවසානය දුක්බරයි. අවසාන විනාඩිය ඉතාම හැඟීම්බරයි.....

නිෂ්පදිත වර්ෂය 1989 වුණත් ඉතාම හොඳ එකක් තියන පිටපතක් මට හම්බුණා. මේ තියෙන්නෙ ඒක. මම ඒකත් දුන්නෙ, සාමාන්‍යයෙන් මේ තරම් පැරණි චිත්‍රපටයක හොඳ පිටපතක් හොයාගන්න අමාරු නිසා....

Wednesday, May 27, 2009

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව

මා අද ලියන්නට යන්නේ ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් පිළිබඳව ය. සැබැවින්ම කිවහොත් මෙය කාලයක් තිස්සේ මගේ සිත තුල පැවති මතවාදී අරගලයකි. එය විසඳාගැනීමට මට බොහෝ කාලයක් ගත විය. මා මේ කියන්නට යන අදහස් කෙනෙකුට දරාගැනීමට අපහසු තරමට ඍජු විය හැක. නමුත් එය සඟවාගෙන සිටීමට වඩා කාගේ හෝ දැනගැනීම පිණිස ලියා තැබීම වටනේ යැයි මම සලකමි.

නවක වදය යනු කුමක්ද? යන පැනයෙන් අපි සංවාදය අරඹමු.

නවක වදය යනු අධ්‍යාපනික ආයතන වලට පැමිණෙන නවක සිසුන් අරභයා කෙරෙන කායික, මානසික සහ අධ්‍යාත්මික අපයෝජනයකි. නවක වදය යන්නෙහි එකම නිර්වචනය එයයි. සමාජයේ වෙනත් සංවිධාන වලට පිවිසෙන නවකයන් හට කෙරෙන අතවරයන් 'නවක වදය' ලෙස හඳුන්වන්නේ නැත. ශ්‍රී ලංකාව යන සන්දර්භය තුල බැලූ කල නවක වදය යන වදන සමඟම බැඳී ඇති තවත් වචනයකි, සරසවිය. සැබැවින්ම සරසවියෙන් පරිබාහිරව නවක වදයක් ගැන කතා කිරීම ද අපහසු කරුණකි. එබැවින් මගේ මතවාදය සමඟ 'සරසවිය' ද තදින් බද්ධ වී පැවතිය හැක.

නැවතත් අපි අපේ තේමාව දෙසට යොමු වෙමු.

ඇතැම්හු 'නවක වදය'ට අලංකාර අර්ථකථන දෙන්නට තැත් කරති. 'වදය' යන වදනින් පිළිබිඹු වන අදහස හරිහැටි ග්‍රහණය කර නොගන්නා ඔවුනට අනුව මෙය නවක හා පැරණි ශිෂ්‍යයන් අතර සුහදතාවය වර්ධනය කරගැනීමට කෙරෙන
හඳුන්වාදීමේ වැඩසටහනකි. (Orientation Program). මේ 'හඳුනාගැනීමේ වදය' හරියට බැටළු හම පොරවාගත් වෘකයෙකු වැනි ය.

එය පටන්ගන්නේ සුහද හමුවකිනි. භීෂණය ක්‍රියාත්මක වන්නේ මැදදී ය. 'භීෂණය' යන වචනය ඇතැම් විට කෙනෙකුට ආගන්තුක විය හැක. නමුත් තමාගේ කැමැත්තට පරිබාහිරව කෙරෙන කායික, මානසික අපයෝජනය ද ගැනෙනුයේ භීෂණයක් ලෙස ය. මීට කැමැත්තෙන් මුහුණදෙන අයෙකු ද අතරින්පතර හමුවේ. ඔවුන්ට ඇත්තේ මනෝ විද්‍යාඥයන් අර්ථ දක්වන පරිදි 'ස්වයං ඝාතක මනෝභාවය'කි. එය සමාන කළ හැක්කේ කුඩා කලදී මිරිස් ගෝනියක බැස තම කයට වද දුන් වේලුවිල්ලේ ප්‍රභාකරන්ගේ මනෝභාවයටයි. නමුත් හඳුන්වාදීමට කුමටද භීෂණයක්? කෝ ඔබ එක වසරේ සිට දහ තුන වසර දක්වා පාසල් ගොස් ප්‍රගුණ කරගත් සමාජ ව්භවතාවන්? ඔබට පාසලේදී කියා දුන්නාද තවත් කෙනෙකු දැන හඳුනාගැනීම පිණිස ඔහු ඉදිරියේ දණ නමා, හාවුන් පැන, ජල තටාක වල බැස ඊටත් එහා ගොස් තවත් කුණුහරුප කිරීමේ අවශ්‍යතාවක්? භීෂණය ගාවා නොගෙන විශ්ව විද්‍යාල තුල එකෙනෙකා හඳුනාගත නොහැක්කේ මන්ද යන පැනයට පිළිගත් හැකි, සාධාරණ පිළිතුරක්, ඔය 'රැගින්' ගැන මොරදෙමින් කෑ ගසන එකදු පුද්ගලයෙකුගෙන් හෝ මම මෙතෙකුදු අසා නැත්තෙමි.

තවත් සමහරෙක් කියන ආකාරයට මෙය අධ්‍යාපන වටපිටාව තුල
බොහෝ දෙනා දැන හඳුනාගැනීම පිණිස භාවිතා කළහැකි උපකරණයකි.

මෙය විහිලුවකි. මානව විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට යම් නිශ්චිත කාලයක් තිල ඇතිකරගත හැකි සියලුම සමීප සමබඳතා ගණන උපරිම වශයෙන් 70- 80 අතරමැද අගයකි. එසේ නම් විශ්ව විද්‍යාලයේ සිටින දහස් ගණනක් වූ සිසුන් හැම කෙනාම ආශ්‍රය කිරීමට යාම කිසිදාක සිදුකළ නොහැකි කර්තව්‍යයකි.

එම කරුණ අතහරිමු, ඒ නැතත් මිතුරු මිතුරියන් ඇතිකරගැනීමට කුමටද නවක වදයක්? තවත් කෙනෙකු අපහසුතාවයට පත්කර, ඔහුගේ චරිතය ඝාතනය කර, ඝාතක වින්දනයක් ලැබීම හරහා ඔබට කෙනෙකුගේ මිත්‍රත්වය දිනාගත හැකිද? ඔහුගේ/ඇයගේ ගෞරවය දිනාගත හැකිද? එපමණක් ද නොවේ. ඔවුන් පවසන පරිදි පරිදි නවක වද සමය අවසානයේදී නවක සහ පැරණි සිසුන් විසිර යන්නේ ළඟම මිතුරන් ලෙසය. මේ තරම් අමූලික මුසාවක් තවත් කොහිද?

'වදය' අවසානයේ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි නවකයා තුල ගෞරවයක් ඇති වී තිබිය හැක. නමුත් එය සැබෑ ගෞරවයක් නොව බිය මුසු ගෞරවයකි. ඔහුට එරෙහිව යාමේ නොහැකියාව සමඟ ජනිත වූ අසරණ භාවය මිශ්‍රිත ගෞරවයකි.

නමුත් ඊට වඩා ප්‍රබල පෞරුෂයක් සහිත ශිෂ්‍යයෙකුගේ සිත තුල ඇති විය හැක්කේ වෙනස් හැඟීමකි. ඒ තමා අපයෝජනයට ලක් කළ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයකි. උක්ත කොටස් දෙකටම අයත් වන ශිෂ්‍යයන් සමාජයට පිවිසෙන්නේ ජීවිතයේ අමිහිරි මතකයක් නැතහොත් කලු පැල්ලමක් එක් කරගත් පුද්ගලයන් වශයෙනි. මේ කොටස් දෙකටම අයත් නොවන තවත් පිරිසක් ද සරසවි තුල වෙසෙති. ඔවුනට තමාට වූ 'හදිය' ගැන කිසිදු අවබෝධයක් නැත. උජාරුවෙන් සිනා සී 'මාත් රැග් එක කෑවා' කියන්නට ඔවුහු මැලි නොවෙති. (මම ද කලක් සිතා සිටියේ මෙසේ වන්නට ය). නමුත් ඔවුන්ට අමතක වූ එක් කරුණක් තිබේ. එනම් තමාට ද නොදැනුවත්ව තමන් තම ආත්මය පාවා දී ඇති බවයි. ඔබටම කියා පාවිච්චි කරන්නට ශරීරයක්, සිතන්නට සිතක් ලැබී තිබෙන්නේ ඒවා තවකෙකුට අවශ්‍ය පරිදි 'නටවන්නට' නොවේ. තමාට අවශ්‍ය අවශ්‍ය පරිදි සිහියෙන්, බුද්ධියෙන් යුතුව පාවිච්චි කරන්නට ය. අනුන් කලිසම ගලවන්න කී විට ගලවන, අනුන්ගේ පදයට නැටවෙන රූකඩයක් වැනි පුද්ගලයෙකුත්, අනුන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට තම ශරීර කූඩුව කැප කරන ගණිකාවකත් අතර වෙනසක් තිබේ ද?

එවන් එකේ ඔබ තවත් අයෙකුට දණ නමන්නේ කුමටද? අප හැමෝටම කෙලින් සිට ගැනීමට කකුල් දෙකක් හා කොන්දක් තිබේ. එසේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ඒවා නැති අයෙකු විලසට හැසිරෙන්නේ ඇයි?

පෞද්ගලිකව, කෙනෙකු යමක් බලෙන් මගේ ඇඟේ ගසන්නට යයි නම් මට ඒ පුද්ගලයාත් කරුණත් යන දෙකම රුස්සන්නේ නැත. තර්ජනයෙන් යමක් කරවන්නට උත්සාහ කළහොත් කිසි සේත්ම එය කරන්නේ ද නැත. මා පමණක් නොව ඕනෑම අයෙකු එසේ ය. තමාට අභිමත පරිදි ජීවත් වීමට සෑම සියලු ජීවියෙකුටම අයිතියක් තිබේ. මානව අයිතීන් තුලින් ඒ බව තහවුරු කර තිබේ. එවන් පදනමක් තුල 'හඳුනාගැනීම' උදෙසා තමා අපයෝජනය කිරීමට කෙනෙකු තවකෙකුට ඉඩ දෙන්නේ ඇයි? එසේ ඉඩ දේ නම් ඉන් ගම්‍ය වන්නේ ඔහුගේ පෞරුෂයේ දුර්වලතාවක් නොවේද?

මෙහි විශ්මය දනවන කරුණ නම් සරසවි සිසුවා ඊට භාජනය වන්නේ තම චින්තනය සහ නිදහසේ සිතීමේ හැකියාව පමණක් නොව කාය ශක්තිය ද උපරිමයෙන් පවතින ඔහුගේ දිවියේ තෙවන දශකයේ මුල් භාගයේ වීමයි. මෙම 'නවක වද' සම්ප්‍රදාය දිගින් දිගටම පැවත්ගෙන එන තමාගේ පාලනයෙන් එපිට පවතින්නක් ලෙස සිතීම ඊට හේතුවයි. සම්ප්‍රදායෙන් එන ව්‍යසනයට ගොදුරු වී තම දිවිය කාලකණ්ණි කර ගැනීමෙන් පසු ඔහුට ඇතිවන්නේ එහි වැරැද්ද වැරැද්ද ලෙස දැක ඉන් අත්මිදීම නොව, තමාට හිමි වූ ඉරණම තමා පසුපසින් එන සොයුරු කැළට ද අත්කර දීමයි. මෙම චක්‍රය කොතැනකින් හෝ බිඳ දමන තුරු සිදුවන්නේ අරුම පුදුම බෝංචි වැල මෙන් අවසානයක් නොමැතිව ගලා යාම ය.

මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් මේ සංසිද්ධිය හරහා මුලු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම සිදුවන අතිමහත් ව්‍යසනකාරී බලපෑමයි. එය තේරුම් ගැනීම පිණිස එක් උදාහරණයක් සෑහේ. 1905දී ඇල්බට් අයින්ස්ටයින්, ලෝකය නව මඟකට යොමු කළ සාපේක්ෂතාවදය ඉදිරිපත් කළේ ඔහුගේ 26 වන වියේදී ය. 26 යනු ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුවෙකු තම අධ්‍යාපනය අවසන් කරන අවධියයි (පන්ති වර්ජන යනාදිය එක්කළ විට). නමුත් ඒ කාලය වනවිට ශ්‍රී ලාංකීය සිසුවෙකුට කළ හැක්කේ කුමක්ද? එවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීම තබා සාමාන්‍ය පර්යේෂණ පත්‍රිකාවක් වත් එළිදක්වාගත හැකිද?

මේ ගැන මම ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ සිසුන්ගේ මනස විකෘති කරන විකෘති විශ්ව විද්‍යාල රටාවටයි. නවක වදයෙන් ඇරඹෙන මේ විකෘතිය සිසුවාගේ ඉතිරි ජීවිතයට ද සම්ප්‍රෂණය වන්නේ ඔහුගේ නිදහස් චින්තන රටාව විනාශ කරලමිනි. එහි අවසානය නම් නිදහසේ සිතීමට නොදන්නා, තවකෙකුගේ අතකොලුවක් වූ 'නිකමෙකු' ගේ බිහිවීමයි.

මෙහි තවත් ඛේදනීය පැතිකඩ නම් කිසිදාක සැබෑ නොවන පටු දේශපාලනික මතවාද වැපිරීම පිණිස ඇතැමුන් විශ්ව විද්‍යාල තිඹිරිගෙවල් කරගැනීමයි. දේශපාලනික මත දැරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. විශ්ව විද්‍යාල තුල එම අයිතිය උපරිමයෙන් ඇත. විශ්ව විද්‍යාල තුල දේශපාලනය ගැන කතා නොකළහොත් කතාකරන්නට වෙන තැනක් ද නැත. මන්ද, අති බහුතරක් වූ දේශීය මෙන්ම විදේශීය දේශපාලකයන් බිහි වී ඇත්තේ විශ්ව විද්‍යාල තුලින් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ශිෂ්‍යයාට තම බුද්ධියෙන් එය තෝරාගැනීමට ඉඩ නොතබා බලෙන් එය කැවීමට තැත් කිරීමයි. එය මේ 'නවක වද' සංස්කෘතියේ තවත් කුහක අංශයකි.

ලිපිය අවසන් කරන්නට පෙර නවක වදයේ නීතිමය පසුබිම ගැනත් සඳහනක් කරන්නට මගේ සිත් විය.

නවක වදය දැනට පවතින්නේ ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වලත් පමණි. වෙනත් රටවල් වල එය පැවතුනත් ඒ ඉතාම අල්ප වශයෙනි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද එය නීතියෙන් තහනම් ය.

2001 වසරේදී නවක වදයට එරෙහිව නඩු තීන්දුවක් දෙමින් ඉන්දියනු ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ එය අර්ථදැක්වීය.
"Any disorderly conduct whether by words spoken or written or by an act which the effect of teasing, treating or handling with rudeness any other student, Indulging in rowdy or indisciplined activities which causes or Is likely to cause annoyance, hardship or psychological harm or to raise fear or apprehension thereof in a fresher or a junior student or asking the students to do any act or perform something which such student will not do in the ordinary course and which has the effect of causing or generating a sense of shame or embarrassment so as to adversely affect the physique or psyche of a fresher or a junior student."
නවක වදය යනු මානව හිමිකම් උල්ලංඝනයකි. මේ හේතු කොටගෙන දැඩි මානසික පීඩනයට ලක්වන සිසුන් ගණන අපමණය. කලාතුරකින් මරණ මෙන්ම සියදිවි නසාගැනීම් ද වාර්තා වේ. ඒ සියල්ල 'හඳුනාගැනීමේ' නාමයෙන් ය. හඳුනාගැනීම පසෙක තබා ගෙදර සිටියා නම් හොඳයි යැයි කෙනෙකුට සිතෙන්නේ මීට මුහුණදීමේදී ය. එහෙත් මීට විරුද්ධව කතා කිරීමට කෙනෙකු සූදානම් වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මන්දැයි තේරුම් ගැනීම අපහසු ය. නීති විරෝධී ක්‍රියාවකට එරෙහි වීම වරදක් ලෙස දකින්නෙකු අපරාධකරුවෙකු නොවන්නේ ද? ඔබ ඊට එරෙහිව නිහඬව සිටින වාරයක් වාරයක් පාසා ඔබ බිලිගන්නේ මේ රටේ ඈත් එපිට දුප්පත් ගම්මානයක ඉගනගෙන අමාරුවෙන් සරසවියට පිවිසෙන අහිංසක දරුවෙකුගේ ජීවිතයයි. මන්ද නගරයේ හැදී වැඩී, නගරයේ ජීවත් වන ශිෂ්‍යයෙකු මීට ගොදුරු වුවත්, අනුන් පාගාගෙන හෝ ගොඩ යාමට ඔවුන් දන්නා බැවිනි.එසේ වුවත් එවැනි කෙනෙකු තුල වුවත් ඇතිවන මානසික බිඳවැටීම අන් කිසිදි ආකාරකින් නැවත ගොඩනැගිය නොහැක.

ඔබ බහුතරයේ මතයට විරුද්ධ වුවහොත් ඔබට විවිධ චෝදනා එල්ල විය හැක. ඇතැමුන් ඔබෙ කොන් කරනවා යැයි තර්ජනය ද කළ හැක. නමුත් වැරැද්ද කෙසේ සිදු වුවත් වැරැද්දම ය. එය කිසිදු ජගතෙකුට සාධාරණීකරණය කළ නොහැක. පිටතින් ඇත්තේ ලස්සන ටොෆි කොළය වුවත් ඇතුලේ ඇත්තේ ගල් කැටයක් නම් එහි කුමන රහක් ද?

වැරැද්ද දුටු තැන ඊට එරෙහි වීමට බුදු සමයේ ද උපදෙස් දී ඇත. තමා වටා සිටිනා සියලු දෙනාම කරන්නේ වැරැද්ද වුවත් කඟවේන අඟක් මෙන් ඍජුව සිටිනා ලෙස බුදුරජාණන් වහන්සේ පැවසීය. මන්ද නිවැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුටත් කිසිදිනෙක වරදින්නේ නැත.

Monday, May 25, 2009

අනිටා ප්‍රතාප්ගේ බොඳවුණු සිහිනය

ලෝකයේ දරුණුම ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකුණු LTTEය මුලුමනින්ම පරාජයට පත් වී ඇති මොහොතක අතීතයේ බොහෝ දෙනා ඒ වෙනුවෙන් කළ කී දෑ සිහිපත් කිරීම ආශ්වාදය ගෙන දෙන කරුණකි. අනිටා ප්‍රතාප්... යනු වේලුපිල්ලේ ප්‍රභාකරන් යන නම සමඟ සමීපවම බද්ධ වී ඇති නමකි. ඔහු අසලටම ගොස් සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට සමත් වූ ලොව එකම මාධ්‍යවේදිනිය ඇයයි. ඇතැමුන් කීවේ ඔවුන් අතර ප්‍රේමයක් ඇති බවයි. ඒ කෙසේ වෙතත් ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා මෙලොවින් තුරන් වී ඇති මොහොතක ඇය ඔහු ගැන කී දෑ කෙටියෙන් හෝ සළකා බැලීම වටී.

අනිටා ප්‍රතාප් යනු ඉන්දීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම චරිතයකි. මුල් කාලයේදී Indian Express හා India Today යන පුවත්පත් වලට සේවය කළ ඇය පසුව ජාත්‍යන්තර TIME සඟරාවේ වසර 8ක් ද ඉන් අනතුරුව කලක් CNN රූපවාහිනී සේවයේ ආසියානු කලාප ප්‍රධානියා ලෙස ද සේවය කළ සම්මානනීය ජනමාධ්‍යවේදිනියකි. ලොව උසම යුද පිටිය (ඉන්දියාව හා පාකිස්ථානය අතර) වූ අඩි 22000ක් උස සියාචෙන් ග්ලැසියරයේ සිට රූපවාහිනී වාර්තාවක් ගෙන ආ ප්‍රථම ජනමාධ්‍යවේදිනිය ඇයයි. තලේබාන් ත්‍රස්තවාදීන් 1997දී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නගරය සියතට ගැනීම ගැන රූපවාහිනී වාර්තාව ගෙන ඒම වෙනුවෙන් එම වසරේ ඇමරිකානු George Polk සම්මානය ද හිමි වූයේ ඇයටයි.

ඇය මුල් වරට ප්‍රභාකරන් හමු වූයේ 1985දී වන්නි කැලයේදී ය. එම හමුව ගැන ඇය මෙසේ කියයි. "මගේ සිතේ ඔහු ගැන තිබූ හැඟීම සහමුලින්ම වෙනස් විය. ඔහු ඉතාම සාමාන්‍ය ලෙස ලා නිල් පාට කමිසයකුත් අළු පාට කලිසමකුත් හැඳ සිටියේ ය. ඔහු ඉතාම පහසුවෙන් කඩවසම් දකුණු ඉන්දීය ව්‍යාපාරිකයෙකු ලෙස වරදවා වටහාගැනීමට ඉඩ තිබිණි".

මුල් කාලයේ සිටම ඇය ප්‍රභාගේ කල්ලිය හැඳින්වූයේ නිදහස් අරගලයක යෙදෙන කැරලිකරුවන් පිරිසක් කියා ය. එපමණක් නොව ඇය ඔවුන්ගේ අරගලය සාර්ථක වන බව ද පැවසුවා ය. ඇය සම්මුඛ සාකච්ඡා ලබාගැනීම පිණිස ඔහුව අවස්ථා දුසිමකට වඩා හමුවිය. දිල්ලියේදී, මදුරාසියේදී මෙන්ම වන්නි කැ
යේදී ද ඇය ඔහු හමු වී ඇත. මේ හමුවීම් අළලා ඇය ශ්‍රී ලංකාව පිළිබඳ 'Island of Blood' නමින් කෘතියක් ද ලියා ඇත.

ඇයට 'ඊළම' පිළිබඳ තිබුණේ අචල විශ්වාසයකි. LTTEය පරාජය වීගෙන එක 2008 නොවැම්බරයේ ද ඇය පැවසුවේ මෙවන් අදහසකි. "මම හිතන විදියට ඊළම දැනටමත් පවතිනවා. ඒ දෙමළ ජනතාවගේ හදවත් වල. ඊළම යනු සත්‍යයක්".

ඇය එතැනින් ද නවතින්නේ නැත. 2008 ජූලි මාසයේදී LTTE හිතවාදී 'පුතිනම්' වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී (මෙන්න ඒ සාකච්ඡාව) ප්‍රභාකරන් ගැන පෞද්ගලික වර්ණනාවක් කරමින් මෙසේ
කියයි. "ඔහු අපේ කාලයේ වැදගත්ම ගරිල්ලා නායකයා ය".

තමාගේ අනාගත බලාපොරොත්තුව ගැන ද පවසන ඇය, "මම තවමත් ප්‍රාර්ථනා කරනවා, මට දිනයක මේ රටට පැමිණ ප්‍රභාකරන්ගේ ජීවිත කථාව ලියන්නට හැකි වේ යැයි කියා. ඒක මගේ ජීවිතයේ සපුරාගැනීමට තියෙන හීනයන්ගෙන් එකක්".

ඒ හීනය දැන් හීනයක්ම පමණයි. ජීවිත කථාව අසාගන්නට දැන් ප්‍රභාකරන් කෙනෙකු නැත. සැබෑ කරගන්නට දැන් ඊළමක් ද නැත. ප්‍රභාකරන් මියයාමෙන් අනතුරුව දැන් අනිටා ප්‍රතාප්ලා ද නිහඬ ය.

මටත් හම්බුණා නොවැ free Ubuntu CD එකක්!

මටත් අද හම්බුණා නොවැ free උබුන්ටු CD එකක්! Ubuntu 9.04 Desktop Edition එකයි ස්ටිකර්ස් 4යි ඇවිත් තිබ්බ. නොමිලේ මොකක් හරි හම්බුණා පුදුම සතුටක්නෙ හැබෑට ඇතිවෙන්නෙ?:O Microsoft එකත් මේ වගේ කැම්පේන් එකක් කරන්නෙ නැත්තෙ ඇයි කියල හිතාගන්න බෑ...

දැන් ටික දවසකට ඉස්සෙල්ල අනුරාධ රත්නවීර අයිය දාල තිබ්බ ලින්ක් එකක් හරහා ගිහින් තමයි මම ඒක ගෙන්නගත්තෙ. ඉතින් අනුරාධ අයියට බොහොම පින්:-) මම හිතන්නෙ තාම ඒ offer එක තියනවා. මෙන්න මෙතනි
න් ගිහින් බලන්න. නිකන් දෙන දේනෙ, ඔයගොල්ලොත් request එකක් දාන්න:D

මගේ උබුන්ටු CD එක

FOSS කියන්නෙ නැගල යන subject එකක් තමයි. මේකෙ speeds එක එහෙම නියමයි. විස්ටා කැලේ. ඒත් විස්ටා තරම් ලස්සන නෑනෙ. ඒක නිසා දැන්ම මාරුවෙන්න අයිඩියාවක් නෑ. මුලින්ම උබුන්ටු, විස්ටා ද්විත්ව ස්ථාපිතයක් තියාගෙන පස්සෙ හිමින් සැරේ මාරුවෙන්න ඕනෙ.

ඒකටත් මට තියන ලොකුම බාධකේ තමයි disk space එක. මම තාම වැඩ කරන්නෙ මගේ ආදි කාලීන 80GB හාඩ් එකෙන්නෙ. ඒකෙන් ගිගා බයිට් 4ක් මේකට වෙන්කරන්න මොකද්දෝ වගේ. හිනා වෙන්න එපා;-) ඒත් මගේ හාඩ් එකේ සින්දුයි ෆිල්ම්සුයි පුරවලා... මෑතකදී බාපු ෆිල්ම්ස් 25කට වැඩිය තියනවා තාම බලපු නැති. මම පුරුදු වෙල ඉන්නෙ ඒවා බලල DVDs වලට write කරාට පස්සෙ මකන්න නිසා දැන්ම මකල දාන්න හිතෙන්නෙ නෑ. සින්දුත් 2000කට වැඩියි. සින්දුත් write කරල තිබ්බට ඒව අහන්නෙ නැතුව මොනව කරන්නද? ඉතින් ඒවත් එහෙම්ම තියනවා. කොහොම වුණත් දැන් නම් කොහෙන් හරි ගිගා බයිට් 4ක් ඉඩ හදාඩන්න ඕනෙ. අලුත් හාඩ් එකක් ගන්නව නම් ඉතින් කාලෙ හැටියට 500GB එකක් වත් ගන්න එපැයි. ඒකටත් මූල්‍ය ප්‍රතිපාදන ලැබුණෙ නෑ තාම. ළඟදි හම්බෙන පාටකුත් නෑ:-(

හ්ම්ම්..... ඔහොම තමයි ඉතින් මගේ ජීවිතේ. බලමු බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා......


ආ, request එකක් දැම්ම නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා;-)

Sunday, May 24, 2009

බ්ලොග් පෝස්ට් එකකට HTML scrpits යෙදීම

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් නිසා තමයි මට මේ ගැන ලියන්න හිතුනෙ. HTML දන්න කියන උදවියට නම් මේක එතරම්ම වැදගත් නැතිවෙන්න පුලුවන්. නමුත් ඒ ගැන නොදන්න සාමාන්‍ය බ්ලොග්කරුවන්ට නම් ඉතාම වැදගත් වෙයි.

කාරණාව මේකයි. අපිට ලිපියක් ලියද්දි සමහර වෙලාවට උවමනා වෙනවා ඒකට HTML sripts යොදන්න. උදාහරණයක් විදියට මගේ මේ ලිපිය බලන්නකෝ. නමුත් මේකෙ තියන HTML script එක කෙලින්ම බ්ලොග් සටහන ලියන්න තියෙන ඉඩේ සටහන් කළාට ඒක ඔබේ අඩවියෙ පෙන්නන්නෙ නෑ. හේතුව තමයි ඔබේ වෙබ් බ්‍රිව්සරය මගින් ඒක පෙන්නනවා (Display කරනවා) වෙනුවට ක්‍රියාත්මක (Execute) කිරීම. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් වෙබ් බ්‍රිව්සරයකින් වෙන්නෙ HTML entities, decode සහ encode කිරීම නිසා.

බ්‍රිව්සරය මේක HTML script එකක් කියල හඳුනගන්නෙ ඒකෙ තියන <, > හා & (Ampersand) ලකුණු වලින්. මේකෙ 'අඩු', 'වැඩි' ලකුණු දෙක < > විදියට භාවිතා වෙන ඕනෙම තැනක මේ අවුල එනවා. හරියටම ෂුවර් නැත්තම් නිකන් පෝස්ට් එකක පහත script එක අලවල පෝස්ට් කරල බලන්නකෝ.
<em>Ampersands & angle brackets need to be encoded.</em>
පෙන්නන්නෙ නෑ නේ?

දැන් ඉතින් මේක පෙන්නගන්න නම් අපිට ඒක encode කරන්න වෙනවා. Encode කරනවා කියන්නෙ මෙච්චරයි. ඕකෙ තියන
  • < ලකුණ වෙනුවට &lt; ත්
  • > වෙනුවට &gt; ත්
  • & වෙනුවට &amp; ත්
යොදන්න. හරිම ලේසියි නේ?

Encode කළාට පස්සෙ අපට කලින් script එක මේ වගේ පෙනෙයි.
&lt;em&gt;Ampersands &amp; angle brackets need to be encoded.&lt;/em&gt;
නමුත් මේක එපා කරපු කර්තව්‍යයක් වෙන්නෙ මහා දිග script එකක් encode කරන්න වුණාම. උදාහරණයක් විදිහට මගේ කලින් පෝස්ට් එකේ තියන script එක බලන්න.

මෙතෙන්දි අපට පිහිට වෙන්න උපාංග තියනවා. මේ වෙබ් අඩවිය එවැන්නක්. ඔබේ script එක එයාට දුන්නහම නොමිලේ ඒක encode කරල දෙන්න එයා සැදී පැහැදී ඉන්නවා.

ඉතින් තවත්
ඔබට මෙවන් ආපදාවක් සිද්ධවෙන්නෙ නැතිවෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.

The End of Prabhakaran - D.B.S. Jeyaraj

This is a great article about the last last days and the demise of the ruthless terrorist leader Thiruvenkadam Veluppillai Prabhakaran. This article solves the a much speculated events regarding the last days of Prabhakaran and his family. D.B.S. Jeyaraj is a freelance Canadian journalist and much accredited person as a neutral observer. He has been targeted of death threats and beatings from hard-core LTTE supporters..

Thiruvenkadam Veluppillai Prabhakaran is no more. The body of the 54-year-old supreme leader of the Liberation Tigers of Tamil Eelam(LTTE) was found on Tuesday May 19 near the Mullaitivu lagoon known as “Nanthikkadal” (sea of conches). He had gunshot wounds in the head and forehead.

Thus ended the life of the man who was once described by the LTTE’s political strategist, Anton Stanislaus Balasingham, as both “the president and prime minister of Tamil Eelam.” Army commander Sarath Fonseka announced the death officially at 12.15 pm on the 19th.

Sooriyathevan

The ephemeral nature of power was illustrated vividly by the death of Prabhakaran who controlled what was perhaps the most powerful guerilla organization in the world and was raised to divine status as “Sooriyathevan” (Sun God) by his sycophantic followers.

The circumstances of his death were, just as in life, mired in controversy. His demise was anticipated before it happened. The discovery of his corpse was revealed in sections of the media even before it was found. Then the LTTE’s chief of International relations, Selvarasa Pathmanathan alias KP issued a denial of the death of his leader.

This has resulted in a bizarre situation where the Tamil diaspora remains overtly calm and cool while the media in Sri Lanka and abroad are going to town with news of his death as well as obituaries . Ironic indeed !

This piece is neither a biography nor an eulogy. It is not even a critique or analysis. What I hope to do is to try and shed some light at least on Prabhakaran’s death.

I have attempted to piece together the events preceding his demise and compile a brief account of his last days from various “informed” sources on either side of the ethnic divide.

Assessment

It appears that Prabhakaran and the LTTE had not been unduly concerned about the advancing Armed forces for quite a while. The Tigers were confident that the army would not be able to proceed beyond a certain point.

This assessment got skewered after the fall of Paranthan which was a major turning point. Paranthan was followed by Kilinochchi and then Elephant pass.

The hasty evacuation of cadres trapped in the peninsula through a “mini – Dunkirk” type of operation indicated that the Tigers were indeed caught napping.

Even after losing the Jaffna – Kandy road or A – 9 highway and all areas to its west the LTTE was yet confident of withstanding the army for a much longer period in areas east of the A – 9 highway.

The final option was to “carve” out an area of about 350 - 450 sq km in Mullaitivu district with access to the coast and then defend it strenuously.

But the rapid progress of the Army during this phase took the LTTE by surprise. Within a relatively quick period the various military divisions and task forces had made sweeping strides into Tiger territory.

As a result the LTTE and hundreds of thousands of civilians were boxed into a small space that kept on shrinking as the army began advancing.

Miscalculations

It was then that the alarm bells began ringing. The civilian casualty toll also started rising as more and more people were crammed into less and less land while the armed forces intensified operations.

Now the diaspora got into the act. Tamils began engaging in world–wide protests and demonstrations. There was a powerful intensity to these. Tamil Nadu too started boiling. New Delhi was under pressure.

It was here that Prabhakaran made four grave miscalculations. Underestimating in two and overestimating in two.

He overestimated the impact and influence of the diaspora in the west and the pro – tiger lobby in Tamil Nadu. The unfolding civilian catastrophe was his trump card.

Prabhakaran thought the western nations could be made to exert adequate pressure on Colombo and make it call off the war. Likewise he thought the passionate emotions of Tamil Nadu could sway New Delhi into moving against the war.

If these were overestimating errors, he also underestimated badly the Rajapaksa regime as well as the armed forces.

Prabhakaran did not expect the armed forces to keep on progressing relentlessly as they did. But despite heavy losses the military juggernaut kept on rolling forward.

More importantly he expected President Mahinda Rajapaksa would cave into pressure and call it quits. Then again Rajapaksa too did not succumb and went ahead with the military campaign.

Blunder

But the biggest blunder of all was to believe wrongly that the LTTE could at some point deliver a crippling blow on the battlefront and exact a heavy casualty toll. This would demoralize the army and help reverse the process, he surmised.

The politico – military situation deteriorated but Prabhakaran living in a fool’s paradise was pretty sure that at some point the military drive would come to a halt. Thus he continued to stay put.

If Prabhakaran was so inclined he could have either relocated clandestinely to the Wanni or Weli – Oya/Manal Aaru jungles or escaped by sea to South – East Asia. But he did not do so.

Apparently he was relying very much on the massive counter – offensive being planned to destroy army defences in the Puthukkudiyiruppu region. But the debacle at Aanandapuram resulting in the deaths of 623 cadres including his northern force commander “Col” Theepan soured those plans.

Even as the army drew closer and closer to the beleaguered Tigers the senior deputies began entreating Prabhakaran to withdraw from the war zone. But Prabhakaran, stubborn and obstinate, would not listen.

As the situation became increasingly perilous Prabhakaran’s point man overseas KP tried to salvage the situation. KP the LTTE’s former chief arms procurer proclaimed as wanted by Interpol was now the global Tiger chief.

Opportunity

The DMK and Congress contesting as allies were depicted as traitors to Tamils as they were not concerned about civilians getting killed and injured in Sri Lanka, the Tiger lobby charged. Some newspapers predicted a clean sweep for the opposition.

This resulted in a senior central govt minister from Tamil Nadu initiating a fresh attempt for a ceasefire in Sri Lanka. He even persuaded Sonia Gandhi to go along with the plan.

The LTTE was asked to issue a declaration that it was prepared to lay down its arms pending negotiations. Even the Tiger declaration was drafted for LTTE approval. The Sri Lankan govt was also asked to proclaim a unilateral ceasefire.

But the LTTE failed to utilize the opportunity. The Tiger consulted their chief supporters in Tamil Nadu like P. Nedumaran and Vaiko. Unwilling to let the Congress and DMK gain credit the duo advised the LTTE to reject the offer. So the LTTE said “illai” (no).

Even as these moves were on with the concurrence of Muttuvel Karunanidhi the Tamil Nadu chief minister , the octogenarian leader, on a sudden whim, went on an indefinite fast. The situation was volatile.

A frantic New Delhi appealed to Colombo. Appreciating India’s concerns the presidential secretariat issued a statement that combat operations had ended and that heavy artillery or aerial attacks would cease.

Indian Home minister P. Chidamparam ran to Karunanidhi and “convinced” him that a ceasefire was on. “Kalaingar” as he is known created a world record by calling off his fast after 5 hours. The crisis was managed. The war however continued in Sri Lanka.

Fighting

Meanwhile the Sri Lankan govt had also declared two limited ceasefires. One was for three days from February 1 to 3. The other was for two days on April 3 and 14. The purpose was to facilitate civilians moving out from the war zone.

But the LTTE imposed further restrictions and the number of civilians coming out dropped during ceasefire days.. But the LTTE exploited the ceasefire in February to mount a very effective counter strike on Feb 4. The April ceasefire was used to construct several new “trench cum bund” defences.

Time was running out. The govt resolved to get really tough. Brig. Prasanna de Silva commanding the 55 division was “transferred” to the 59 division stationed in the south of the ‘war zone”.

A three – pronged drive commenced with the 58 led by Brig. Shavendra Silva proceeding north to south, the 59 moving from south to north and the 53 commanded by Gen. Kamal Gunaratne proceeding from west to east.

After intense fighting resulting in thousands of civilians being killed and injured the 55 and 58 linked up along the Indian ocean coast. The 53 hugged the lagoon banks and moved inwards. The people and Tigers were trapped and boxed in.

In a fresh development there was heavy internal pressure on Prabhakaran. The 2002 ceasefire had seen a lot of cadres marrying. Most marriages were between male and female cadres. Many of these families had two or three young children.

The intensive shelling had resulted in a lot of deaths. Apart from those more than 800 Tigers were seriously injured. Around 2000 family members were also injured. The LTTE leader had to do something.

So Prabhakaran changed his mind again and asked KP to negotiate the surrender to a third party. But it was too late. The defence establishment poised to destroy the LTTE was not going to let that opportunity slip. Colombo stood firm.

Tripartite

So, KP was informed that there could be no third party surrender. The LTTE had to surrender “individually” to the Army. KP’s statement of being ready to “silence their arms” and enter negotiations was of no avail.

When told of the situation, Prabhakaran was furious. KP was berated. Prabhakaran and the senior Tigers went into a brain – storming session. A decision was reached to launch a tripartite venture.

One group of Tigers including Prabhakaran was to break out from trapped positions and cross the lagoon and Paranthan – Mullaitivu road or A – 35 highway. Thereafter the Tigers would move into the vast Wanni jungles and operate. Some would move to the East.

A second group of Tigers would contact the army and negotiate terms of surrender. The main objective was to obtain urgently needed medical treatment for injured cadres, family members and civilians.

The third group was to engage in fierce rear guard action. There was an impression among the Tigers that the 58 commander Shavendra Silva was more “humane” than new 59 commander Prasanna Silva. The LTTE wanted to delay the 59 as far as possible to gain time to negotiate with 58.

The Tiger contingent tasked to fight to the last was led by none other than Charles Anthony the eldest son of Prabhakaran. He was to be assisted by special commander from the east, Ramesh.

Since Prabhakaran had often been accused of letting other people’s children die while cherishing his own, the LTTE leader’s first born was to be sacrificed. Incidently Charles born in 1985 had cut his teeth in active combat during the recent fighting. Earlier he was involved with the LTTE air wing and computer division.

The negotiation attempt was to be conducted by political commissar Nadesan and peace secretariat director Pulidevan. KP in Europe had interacted with several officials and diplomats. They in turn had been in touch with Colombo. A Tamil National Alliance (TNA) parliamentarian from the East had also contacted both the President and defence secretary. The LTTE was told explicitly to come out with white flags raised high.

Surrender

Meanwhile, the LTTE also released seven security personnel in their custody. Four were from the Navy captured by Tigers off the Point Pedro coast in 2006 November when two Dvora gun boats were attacked. Three were soldiers taken prisoner on separate occasions in Muhamaalai and Paranthan last year.

The seven servicemen turned themselves in to the 59 and informed them of the Tiger offer to surrender. They were advised to return and bring the Tiger political leaders. So Nadesan, Pulidevan and Vijitha the Sinhala wife of Nadesan came out with the released prisoners, carrying white flags. The idea was to negotiate terms of surrender with the army.

Subsequently all three were found dead in mysterious circumstances. The LTTE has charged that both were shot dead in cold blood. A Tamil website says that Nadesan’s wife an ex – police constable hailing from Matara district had remonstrated with the army to save her husband and got shot. She had come along for interpreting.

It is alleged that 35 Tigers were following Nadesan a little behind to surrender and were shot dead. But a Govt spokesman has said that some Tigers who disapproved of surrendering to the Army had fired and killed Nadesan and Pulidevan. The truth is yet to be revealed. Also unclear is the fate of those injured cadres and family members and other civilians who intended surrendering to the army.

Attack

While these moves were on the LTTE launched a massive attack on the armed forces shortly after midnight on Sunday. This was because of numerology as Sunday was the 17. Once midnight passed it was Monday 18. There was a time when the LTTE would not engage in major operations on 8, 17 or 26. Because No 8 was considered unlucky. Subsequently these superstitions became irrelevant but at this critical juncture the “Eight” phobia was on.

The attack was in three directions but mainly directed towards the Nandhikkadal lagoon area held by the 53 division. After fierce fighting led by Bhanu the three Tiger contingents broke through.

One was led by Jeyam, one by Pottu Amman and one by Soosai. The three contingents together numbered about 250 – 300. Almost all military leaders were part of the three groups trying to break out while the bulk of the political wing stayed behind to surrender.

Failure

A very large number of Black Tigers died in the assault as explosive – strapped boys and girls jumped on army positions and blew themselves up . This created the “gaps” for other Tigers to penetrate the military cordon.

Though Tigers breached the 53 defences, the soldiers began an intensive artillery barrage in which many died. Also the army had set up layers of defence with more personnel at the back. The LTTE cadres who broke through were to some extent sandwiched later and cut down.

With the assault resulting in failure and many Tigers being encircled several LTTE cadres began consuming cyanide. Similiary the Tiger” defenders” led by Charles Anthony were also routed and several survivors swallowed cyanide to avoid capture. Charles Anthony was found dead with bullet injuries.

The group led by Soosai was initially successful in breaking out. Prabhakaran, wife Madhivadhani Erambu , daughter Duvaraga (23) and younger son Balachandran (11) were also part of the contingent led by Soosai.

Duvaraga, an exceptionally beautiful girl and accomplished dancer had for a short time been a student abroad. She had returned after a while to be with her family and people. Duvaraga had been a member of the Malathy women’s brigade and had fought in recent battles.

The Prabhakaran family of four and forty – seven others managed to penetrate Nandhikkadal defence ring and move north to the Puthumaatalan area.A message sent on behalf of Prabhakaran to the remaining cadres in Mullivaaikkal stated “udaithukondu poyitram” (we’ve broken through and gone).

BodyGuards

This message in turn was conveyed to KP in Europe who was naturally elated. It was expected that the 51 person group would take cover in shrub jungle during day and then move through the night to safety in the jungles. Once this message was sent Prabhakaran and the rest went silent. This was to be expected. Unfortunately this message gave false hopes to KP about the leader being safe.

Though Prabhakaran had at one time hundreds of cadres as bodyguards only 18 elite fighters accompanied him on the flight from Mullivaaikkaal. It has also been said that one bodyguard had a can of gasoline with him to burn the Tiger leader’s body if ever he was killed or committed suicide. This was to prevent the enemy seizing his body.

But all these expectations were belied on that fateful day. Prabhakaran’s body was discovered before dawn on Tuesday May 19 lying on the Nanthikkadal bank. Soldiers of the 4th Vijayabahu infantry regiment led by Lt. Col Rohitha Aluvihare claimed to have found it.

Prabhakaran had been shot at point blank range. Four of his bodyguards were lying dead in the vicinity. Later on it was claimed that the bodies of Madhivadhany, Duvaaraga and Balachandran were found in a bushy patch about 600 metres way from where Prabhakaran’s body was found. Charles Anthony’s body was found elsewhere earlier. The entire family had been wiped out.

Also the bodies of many senior leaders and commanders too were discovered in stages. More than 350 bodies were found. The LTTE was virtually demolished.

Expectations (shared by this writer) that the LTTE leader’s body would never be discovered or found intact, were proved wrong. Pictures released by the Army and defence ministry showed him in uniform and later in his underwear. He was wounded in the head and forehead. Apparently he was not carrying the cyanide capsule. In one picture his open eyes indicated that Prabhakaran was “startled” at the time of his death.

Confusion

Adding to the confusion was premature news about his death. It was anticipated on Saturday May 16 itself, when the military intelligence received information that Prabhakaran and Pottu Amman had either been killed in shelling or taken their own lives. Both going “silent” during the week –end increased this suspicion.

Then on Monday May 18 there was news about three persons trying to get away in an ambulance. The vehicle was destroyed by the army and the charred body of one person was supposedly that of Prabhakaran’s. Sections of the media went to town with the news that Prabhakaran’s body had been found.

But that was wrong and it was only the next morning that the body was discovered. But news had been published already that it had been found.

On Tuesday former eastern LTTE leader “Col” Karuna and ex-Tiger spokesperson Daya Master identified the body. Some journalists and army officers also confirmed it.

But KP created confusion by claiming that Prabhakaran was safe and alive. This fuelled much controversy about the death. Ultimately Gen. Sarath Fonseka made an official pronouncement that the LTTE leader was dead.

If Prabhakaran is really alive as some allege and he turns up in the future the Army commander’s credibility will be severely eroded. Gen. Fonseka cannot be unaware of this and therefore must have been very certain that Prabhakaran was dead.

The onus now is on KP to either admit the LTTE leader’s death or furnish proof that he is still alive. Meanwhile many Tamils continue to believe that Praba lives.

Contacts

Using perhaps the wheeler–dealer techniques learnt through hands on experience in the arms bazaars of the world the talented Mr. Pathmanathan tapped into his vast reservoir of contacts. In a remarkably short time-span KP was interacting with many influential people.

The diplomats of at least four western nations, UN functionaries in Geneva and New York, a foreign cabinet minister and a few prominent western journalists were all in touch with KP.

A tentative plan was conceived. Basically it envisaged the LTTE surrendering to a third party namely the UN but with firm guarantees from two powerful nations in the Western hemisphere. The possibility of troops from those countries landing in Mullaitivu to supervise the “surrender” was also not ruled out

A three – tiered formula regarding the future of LTTE leaders and cadres were also mooted. The top leaders not exceeding fifty along with families were to be given safe passage outside Sri Lanka to a secret destination.

The middle–level functionaries were to face trial in Sri Lanka and be given comparatively light sentences. They were to be rehabilitated after being given some vocational training.

The low – level cadres particularly the new conscripts were to be given a general amnesty. They would be on parole for a period of time and be subject to monitoring.

There was a simple rationale behind this plan strongly backed by a very powerful country. The prevailing situation was seen as a “hostage” situation. The LTTE was seen as a ruthless group holding their own people as hostages.

Negotiation

So some form of negotiation was required where a bargain had to be struck in order to get the Tigers to let the people go. This necessitated some “time and space” for protracted talks. Hence, the request for an extended ceasefire known as the “humanitarian pause.” There was no plan to declare a permanent ceasefire.

Needless to say this project was shot down while in its conceptual stage. The defence establishment on the verge of military victory was not going to let the tigers off the hook under any circumstances. This reaction was predictable.

But what surprised some western diplomats involved in the project was the LTTE attitude. Apparently Prabhakaran was infuriated with KP. Prabhakaran rejected the very idea of surrender and reprimanded KP saying, “Unakkum Porattatm vellum endru Nambikkai Illaiyaa”? (Do you also not have faith that the struggle will succeed).

That was that!

But with parliamentary elections drawing near in India another opportunity arose. The emotional climate in Tamil Nadu and incessant propaganda by the tiger lobby made many candidates of the Dravida Munnetra Kazhagham (DMK) and Congress jittery. Jayalalitha Jayaram’s new found love for Eelam was another cause for worry.

Imperative

It is however imperative that the Government issue a comprehensive statement explaining the deaths of Prabhakaran and his family. Otherwise a Prabhakaran dead will be as controversial as a Prabhakaran living.

Prabhakaran who commenced his militant career with a single pistol had over the years built up the LTTE into a powerful movement running a shadow state and acquired the status of being “Tamil national leader”.

Yet his inability or unwillingness to be flexible had resulted in Prabhakaran losing his movement, family and above all his life in a pathetic manner.

What illustrates the poignant irony of this situation was the sight of his former deputy now a cabinet minister standing with army officers and looking down upon his former leader.


An account of war- Nalaka Gunawardene

This is a great first hand account of the Sri Lankan civil war which I encountered today. I thought of putting this on my blog because of it's amazing balancedness and clarity. The writer is Nalaka Gunawardene, who is a prominent writer and the private secratary of late Sir Arthur C Clark.

The long and bloody Sri Lankan war is over, and not a moment too soon. I really want to believe it. The alternative is too depressing to consider.

Of course, there is no independent verification – it has been a war without witnesses for the past many months, with no journalists or humanitarian workers allowed access. We know that history is written by victors, not losers. I am willing to take a leap of faith if that’s what we need to usher in the long-elusive peace.

As we stand on the threshold of peace, I am overwhelmed with memories of our collective tragedy. I hope we can once again resume our long suspended dreams for a better today and tomorrow.

I have lived all my adult years with this war providing a constantly grim, sometimes in a highly disruptive backdrop. I had just turned a teenager when the Tamil separatist agitations turned into a nasty guerrilla war. I have seen the war in its many different phases, including several uneasy lulls when guns were temporarily silent and truces were negotiated.

I watched most of my own friends join the exodus of genes and talent from a land where they saw no hope or future. I chose to stay on, but questioned the wisdom of it each time a major atrocity took place. I went through six jobs and one marriage, and raised a child who would soon be the same age as I was when the war started.

It’s hard to believe that I survived this seemingly never-ending war. I realise that it has scarred me emotionally, perhaps forever.

But I am among the luckier ones: I have lived through it all with my life and limbs intact. Hundreds of thousands of my fellow Lankans haven’t been so lucky. The official death count, often quoted in the media, has been stuck at 70,000 for far too long. We may never know exactly how many lives perished in the name of liberation, patriotism, anti-terrorism and national security.

We have only ballpark figures for how many were driven away from their lands and homes, or separated from their loved ones. No family has been spared. No one has escaped unscathed. This has been everybody’s war.

Lost generation?

We can assume that most combatants knew what they were fighting for, even if some were not convinced about the cause or process. In contrast, the larger number of innocents caught in the cross-fire often had no idea what they were dying for, or fleeing from.

Suddenly, the labels and divisions seem to matter less. In my mind, all the Burghers, Muslims, Sinhalese and Tamils (to list them alphabetically) who perished in this war have joined a grim roll call of Sri Lanka’s lost generation. Among them were people I knew, worked with or cared for.

Two classmates who joined the official war effort soon gained wings: smart young men with expensive (and deadly) flying machines. One crashed in the prime of his youth. The other deserted soon afterwards; he has been living in exile since.

Some were dreamers and creators. Like my ex-colleague Sudeepa Purnajith, the talented cartoonist who died in a bomb attack on a crowded train in Dehiwala, in July 1996. He was 29 and about to get married.

Others suffered from both nature’s fury and man’s inhumanity to man. Like tsunami survivor Thillainayagam Theeban, 16, who was shot dead in Karaitivu, on the east coast, by unknown gunmen in March 2007. I had tracked his story for a year after the disaster as a story teller. Apparently he was killed for refusing to be recruited as a child soldier.

I want to believe that these cannot and will not happen again. We must not forget the suffering and sacrifices, but if we want healing to begin, we must start forgiving now.

I remember the helpful words of William Makepeace Thackeray: “Good or bad, guilty or innocent — they are all equal now.”

I first invoked these words when the Asian tsunami wreaked havoc in December 2004. As 40,000 of our people died or disappeared within a few calamitous hours, some of us naively hoped that the pounding from the sea would help end the war. That was not to be — much more blood had to be spilled before we reached now and here.

This 30-year war has cost at least thrice as many lives as the tsunami – young and old, soldiers and rebels, men and women, girls and boys. It has cut right across our various ethnic, religious, caste and class divides. “Good or bad, guilty or innocent — they are all equal now.”

Lasting peace, at last?

Now that the war is officially over, will this mark the beginning of real peace? I want to believe so. I want to audaciously dream of peace. The alternative is too dreadful to consider.

I remember the views of my mentor Sir Arthur C. Clarke, who called Sri Lanka his home for half a century. He lived in Colombo through two youth insurrections and much of this bloody war, never once giving up his hope for eventual peace and reconciliation.

He was a master dreamer, but a realistic one. Listing ‘three last wishes’ in his 90th birthday reflections in December 2007, he said: “I dearly wish to see lasting peace established in Sri Lanka as soon as possible. But I’m aware that peace cannot just be wished — it requires a great deal of hard work, courage and persistence.”

Switch gears

Indeed, there is a huge gulf between war mongering and peace building. Can a generation raised on war cries and war drums easily switch gears? Just as the absence of illness is only the beginning of good health, the silencing of guns is merely the starting point on the long road to peace. I want to believe that we can sustain peace with the same fervour with which we pursued or supported the war – on one side or the other.

Can we as a nation finally stop glorifying the war and its weapons, and return to our cultural heritage of ahimsa? How do we turn the current opportunity for peace into something tangible and lasting, so that we don’t allow political violence and war ever again? Do we have what it takes to go beyond chest thumping and finger pointing, and begin to care and share? Would we eventually be able to liberate our minds from our deep-rooted tribalism that sees everything through the prism of us and them?

Can we expect the state to be magnanimous in victory, and begin to unify our utterly and bitterly divided people? Will our governments finally stop pleading perennial emergency and national security as stock excuses for side-stepping the rule of law, ignoring rampant corruption and other lapses of governance?

I have these and many other questions. For a long time, we were told to be good boys and girls, to keep our mouths shut until this war was over. It is, now, so I hope we can talk freely again.

Without fear of bombs

We want to resume our interrupted lives and dreams. I dream of a land where the only label that counts is Sri Lankan, by descent or conversion. I have visions of not being suspected or presumed guilty by the authorities until I prove or protest my innocence. I want to live without fear of bombs, abductors and goon squads.

I dream too of a rapid return to the real norms (not rhetoric) of a functional democracy. This isn’t utopian: as children, my parents’ generation witnessed their country gain political independence, and they grew up in a land where people were free to discuss and debate issues; ask nagging questions when necessary; and change governments regularly at non-violent elections. These are norms, not privileges, in a free society. Norms my generation has forsaken, either out of patriotism or in fear of reprisals.

When will our state start trusting all our people again, irrespective of our origins, allowing everyone the freedom of movement, expression and dissent? Can our society relearn how to react to each ’song’ and not probe the pedigree of its ’singer’?

Just as important, how soon might we as a nation become tolerant and accommodating of each other – allowing the full diversity and choices in political belief, religious faith, intellectual tradition and sexual orientation? Would we see in our lifetime a pluralistic society that once thrived on this maritime island through which genes and ideas have flowed freely for millennia?

Our political leaders, in whom we entrust our collective destiny, now face a historic choice. Leaders of other nations have stood at such crossroads and made radically different choices. African analogies can go only so far in Asia, but at this juncture, it is tempting to ask: would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?

We can only hope that presidents Mahinda and Mandela share more than just five of the seven letters in their names.


Saturday, May 23, 2009

ඔබේ බ්ලොග් එකටත් අලංකාර Tag Cloud එකක්

බලන්න මගේ sidebar එකේ තියන "මගේ බ්ලොග් තේමාවන්" කියන ගැජට් එක. මම මේක හොය හොයා හිටියෙ ටික දවසක ඉඳල. ඊයෙ තමයි හම්බුනේ. ඔන්න ඔයගොල්ලන්ගෙ දැනගැනීම පිණිස අදම දැම්ම ගුරු මුෂ්ටි නැතුව:-)

මේකෙන් වෙන්නෙ එකේ තියන ලිපි වලට අදාළ labels පෙන්නන එක. Categories කියන ගැජට් එකේ කාර්යයම තමයි ඒකෙනුත් කෙරෙන්නෙ. නමුත් flash animated නිසා වඩාත් ලස්සනයි. ලොකු පොඩි කවුරුත් මේ වගේ දේවල් වලට ආස නිසා ඔබේ බ්ලොග් එකටත් සංචාරකයො ආකර්ෂණය කරගන්න කියාපු අංගයක්.

දැන් බලමු මේක පිහිටුවාගන්න විදිය. සරල සුගම පියවර කීපෙකින් විනාඩි 2ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.

පියවර 1: බ්ලොගර් තුලට ලොග් වෙලා Layout> Edit HTML තෝරන්න. එවිට පහත කවුළුව දිස්වනු ඇති.


පියවර 2: ක්‍රියාවලිය අතරමගදී වරදී යැයි සැක නම් කෝකටත් කියා මෙහි ඇති Download Full Template, click කර ඔබේ බ්ලොග් template එක පරිගණකයේ ගබඩා කරගන්න.

පියවර 3: Edit Template හි ඇති Expand Widget Templates කොටුව tick නොකර, පහත සඳහන් පේළිය template එක තුලින් සොයාගන්න.
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
පියවර 4: දැන් ඊට හරියටම පහළින් මේ code එක අලවන්න.
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>
<h2><data:title/></h2>
</b:if>
<div class='widget-content'>

&lt;object type="application/x-shockwave-flash" data="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" width="250" height="200" allowscriptaccess="always" &gt;
&lt;param name="movie" value="http://halotemplates.s3.amazonaws.com/wp-cumulus-example/tagcloud.swf" /&gt;
&lt;param name="bgcolor" value="#ffffff" /&gt;
&lt;param name="flashvars" value="tcolor=0x000000&amp;mode=tags&amp;distr=true&amp;tspeed=100&amp;tagcloud=&lt;tags&gt;
<b:loop values='data:labels' var='label'>
<a expr:dir='data:blog.languageDirection' expr:href='data:label.url' style='12'><data:label.name/></a>
</b:loop>
&lt;/tags&gt;" /&gt;
&lt;p&gt;Blogumulus by &lt;a href='http://www.roytanck.com/'&gt;Roy Tanck&lt;/a&gt; and &lt;a href='http://www.bloggerbuster.com'&gt;Amanda Fazani&lt;/a&gt;&lt;/p&gt;
&lt;/object&gt;



</div>

<b:include name='quickedit'/>
</b:includable>
</b:widget>
පියවර 5: Preview කර ගැටලුවක් නැතිනම් save කරන්න.

පියවර 6: දැන් ඉහත රූපයේ දැක්වෙන ටැබ පේලියේම ඇති page elements වෙත ගොස් අලුතින් මතුවී ඇති labels ගැජට්ටුව සුදුසු පරිදි ස්ථානගත කර save කරන්න.

දැන් ඔබේ කාර්යය අවසන්. අලංකාර labels cloud එකක් දැන් ඔබේ බ්ලොග් එකේ දැකිය හැකි විය යුතුයි.

මේ cloud එක තවත් අලංකාර කරන්නට අවශ්‍ය නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත 4 වන පියවරේ script එක තුල රතු පාටින් ඇති කොටස් වෙනස් කිරීම. එමගින් ගැජට් එකේ දිග, පළල, අකුරු වල වර්ණය හා පසුබිමේ වර්ණය තමන්ට අභිමත පරිදි සැකසිය හැකියි. වර්ණ දක්වා තියෙන්නෙ Hex colour වලින් නිසා chart එකක් බලල ඔබට කැමති වර්ණයේ code එක හොයාගන්න ඕනෙ. ඒම මෙතනින් හෝ මෙතනින්
ඔයගොල්ලන්ට කරන්න පුලුවන්.

හැබැයි මේ ගැජට් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි සිංහල ලේබල් පෙන්නන්නෙ නෑ. ඒ නිසා සිංහලෙන් විතරක්ම වැඩ කරන කට්ටියට මේක හරියන්නෙ නැතිවෙයි. නමුත් English ලේබල් එකක් හරි තියනව නම් වැඩේ ගොඩ.

මෙපමණයි ඒක ගැන කියන්න තියෙන්නෙ. කියල තියන පිළිවෙලට කරොත් කිසිම අවුලක් නෑ. හැබැයි පුතෝ වෙන ඒව කරල ඇවිත් මට කියන්න එපා පුතාගෙ බ්ලොග් එකේ layout එක මට හදල දෙන්න කියල.

වැඩේ හරි නම් තැන්කූ පාරක් දෙන්න අමතක කරන්න එපා:-)

ප්‍රභාකරන්ගේගේ නුදුටු සේයාරුව

මේ ඇත්තේ ප්‍රභාකරන් නම් කුරිරු ත්‍රස්තවාදියාගේ මරණයයි. එක්දහස් නවසිය හැත්තෑ පහේ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පාගේ ඝාතනයේ සිට අසීමිත ඝාතන සංඛාවක් සැලසුම් කළ ඔහුගේ මොළය ම පසාරු වී යන ලෙස තිරස් අතට වෙඩි පහරක් එල්ල වීම ඇත්ත වශයෙන්ම දෛවයේ සරදමක් නොවේද?
මේ දෙස බලා කිසිවෙකුත් සතුටු විය යුතු නොවේ. නමුත් ගැඹුරු ලෙස සිතන්න යමක් සෑම කෙනෙකුගේම සිත් තුල එය ඉතිරි කරනවා නොවේද?

This is a largely unseen photo of Velupillai Prabhakaran's death. Isn't it ironical that the same brain which planned innumerable atrocities, ridden with a bullet went right through? I added the scene here not to jubilate over it, but to make you think something you never thought of........

Thursday, May 21, 2009

එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි


මුලු මහත් ශ්‍රී ලංකාවම දැන් එක රටක්. එක කොඩියයි දැන් මේ රටට තියෙන්නේ... තවත් මායිම් වලින් බෙදපු සිතියමක්. ඒ උන්ගෙ කෑල්ල, මේ අපේ කෑල්ල කියා කියන්න තවත් 'උන්' කියල කොටසක් ඉතුරු වෙලා නෑ. ඇත්තටම ඒක කොච්චර ආශ්වාදජනක හැඟීමක් ද? ඒක පැහැදිලි කරන්න අමාරුයි. රටක් ජාතියක්, පුද්ගලයෙක් දශක ගණනාවක් වෙහෙස වෙලා ලබාගන්න දේක වටිනාකම කොච්චර ඉහළයිද? දවස් ගණනක් එක දිගට මඩ වගුරු වල බැහැල ඉඳල, ජීවිතයත් මරණයත් අතර සටනක් කරල අවසානයේ ජය කණුව ස්පර්ශ කරන කොමාන්ඩෝ සෙබලෙක්ගෙ හිතේ ඇතිවන හැඟීම කොයි වගේ ඇත්ද? එවන් හැඟීමක් අත්විඳින්න තරම් මම වාසනාවන්තයෙක් නොවුණත්, වීරයෙක් නොවුණත්, ඒ හැඟීමෙන් කොටසක් හෝ විඳින්න මා ජීවත්වන උතුම් රටේ වීරත්වය මට ඉඩ දීල තියෙනවා...

ඒ හැඟීම අසමසමයි. ඒක හුදු ලිංගික තෘප්තියටත් වඩා වැඩියි. කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සෙ තම කාලය, ශ්‍රමය, ධනය ඇතුලු සියලු දේ කැප කරල ලබන ජයග්‍රහණය තමයි විශිෂ්ටතම ජයග්‍රහණය. එතකොට ඒක ජාතියකට ආදේශ කළාම? කොයි තරම් අනභිභවනීය ද? අතීතයට පමණක් සීමා වෙලා තිබ්බ සිංහල වීරත්වය වර්තමානයටත් ඇවිත් තියෙනවා. දැන් අපිත් වැඩකාර ජාතියක්. අපි අද්විතීයයි. තවදුරටත් අපේ බ්ලොග් අඩවි වලට Battle Progress Maps අවශ්‍ය නෑ. මගේ අඩවියේ තිබ්බ එකත් අද මම අයින් කළා. ඒක අයින් කරන කොට මහ ඇතිවෙච්ච හැඟීම? මම ඒක ගැන කතා නොකර ඉන්නම්.

එසේ නම් සමුගන්නට අවසරයි. ආයුබෝවන්
යුද්ධය. නැවතත් අපේ පැත්තෙ එන්න එපා. අපි ඔබ සදහටම විනාශ කළා...

ආඩම්බරයි සොයුර ආඩම්බරයි, ආඩම්බරයි..!!


Wednesday, May 20, 2009

උද්ධමනය හා සිම්බාබ්වේ..... (hikz)

ටිකක් හිනා වෙන්න තමයි මේක දැම්මෙ. මෙහෙමත් රටවල් ලෝකෙ තියනව නේද කියල හිතෙනව මේව දැක්කම. හෙ හේ. මේ සිම්බාබ්වේ... ලෝකයේ වැඩිම උද්ධමන වේගය තිබෙන රට. 1980 දි එහේ උද්ධමනය 7% යි. 2008 ජූලි වෙද්දි සියයට මිලියන 231යි. 2008 නොවැම්බර් වෙද්දි සියයට සෙක්ස්ටිලියන 89.7 යි:-) ඔබ දන්නවද සෙක්ස්ටිලියනයක් කියන්නෙ කීයක්ද කියලා? නම වගේම ඒකෙ අගයත් හිනා යන ගණනක්. එකයි බින්දු 21යි. ඒ කියන්නෙ ඒ වෙනකොට සිම්බාබ්වේ දේශයේ උද්ධමනය 89 700 000 000 000 000 000 000% ක්..!! ඒ මදිවට මේ සුපිරි උද්ධමනය පැය 24.7කට වරක් දෙගුණ වෙනවා. ඉතින් මේව දකිද්දි හිනා නොවී පුලුවන්ද?

සිම්බාබ්වේ වල මුදල් නෝට්ටු දැක්කම ඊටත් වඩා හිනා යනව. මේ තියෙන්නෙ සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සියයේ නෝට්ටුව.

අධික උද්ධමනයෙන් බේරෙන්න ඒ රටේ නිලධාරීන් කරපු එකම දේ අලුතෙන් මුදල් අච්චු ගහන එක. මේ
සෙල්ලම කොච්චර දුර දිග ගියාද කියනවනම් ජර්මනියෙන් මුදල් නෝට්ටු අච්චු ගහන කොළ එරටට එවන එකත් නවත්තන්න ගියා. ගණන් කරන්නත් බැරි තරම් විශාල අගයන් වලට නෝට්ටු වල අගය ඉගළ ගියාම මේ රටේ මහ බැංකුව (Reserve Bank of Zimbabwe) කළේ අලුතෙන් ගහන නෝට්ටු වල බින්දු හලන එක. එක සැරයක් මදිවට දෙසරයක්ම කරන්න සිද්ධ වුණා මේ වැඩේ. ඒ අවස්ථා දෙකේදි හලපු මුලු බින්දු ගණන 25ක්..!! ඒ කියන්නෙ සෙප්ටිලියන 10ක්. (හි හී... ආයෙත් අවුල් ගැහුව නේ?) මෙහෙම බින්දු ඉවත් කරන්නෙ නැතුව තවත් නෝට්ටු මුද්‍රණය කළා නම් මේ වෙනකොට සිම්බාබ්වේ මහ බැංකුව නිකුත් කරන්නෙ සෙප්ටිලියට 10යේ නෝට්ටු. ඒ කියන්නෙ ඒවා මත තියෙන්නෙ මේ වගේ අගයක්: 10 000 000 000 000 000 000 000 000 ZWD

මේ තියෙන්නෙ සිම්බාබ්වේ ජාතිකයගේ එදිනෙදා ජීවිතය.

පාන් ගෙඩියක් ගන්න ගෙදර ඉස්සරහ තියෙන කඩේට යන ගමන්...

මුදල් නෝට්ටුව සහ ඒකෙන් ගන්න පුලුවන් බිත්තර ගණන...

ඇඳුමක් ගන්න ගියාම...

පොකට් මනී වලට කීයක් හරි...

නවාතැන්පොළට සල්ලි ගෙවන ගමන්...

මීට පෙරාතුව ලෝකයේ වැඩිම උද්ධමනය වාර්තා වෙලා තියෙන්නෙ හංගේරියාවෙන්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සමයේදී. අගය සියයට ක්වින්ටිලියන 4.19ක්. ඒ කියන්නෙ එකයි බින්දු 18යි. එනම් 4 190 000 000 000 000 000% යි.

කොහොම වුණත් සිම්බාබ්වේ රටෙන් මේ කියවෙන කතාව ඉතාම දුක්බරයි. අපිටත් මෙහෙම වුණා නම්? හෆොයි...............

Saturday, May 16, 2009

පශ්චාත් LTTE ශ්‍රී ලංකාව ජනිත වීමට පෙර මා ලියන අවසන් බ්ලොග් සටහන

LTTE ත්‍රස්තවාදයේ අවසන් රාත්‍රිය අදයි. ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා දැනටත් ජීවත්ව සිටියි නම් ඔහු තම ජීවිතයේ ගත කරන අවසන් රාත්‍රිය ද අදයි. හෙට ශ්‍රී ලංකාවට හිරු පායන්නේ නැවුම් බලාපොරොත්තු නැවුම් අපේක්ෂා පොදි බැඳගත් එකම ශ්‍රී ලාංකීය මිනිස් කැලක් ලෙසයි. මහා වැස්සක් වැස්සාට පසුව ඇතිවන නිස්කලංක භාවය සාමය අගයන සෑම සියලු ජනතාවගේ සිත් සතන් වලට දැනෙන්නේ හෙටයි.

තවත් සැකෙවින් කිවහොත් "යුද්ධය" යන ලේබලය යටතේ බ්ලොග් පෝස්ට් ලිවීමට සිංහල බ්ලොග්කරුවන් හට තව දුරටත් ඇවැසි නොවන්නේ හෙට දිනයේ සිටයි.

1983 සිට ශ්‍රී ලාංකිකයන් සෑම කෙනෙකුටම අවශ්‍යව තිබුණු දෙය මෙයයි. නිදහසේ පාරේ ඇවිද යන්න පුලුවන් රටක්! දවස ගානේ බෝම්බ නොපිපිරෙන රටක්! කාටවත් යටත් නැති රටක්! යුද්ධයක් නැති රටක්! දවස ගානේ මිනී නොමැරෙන රටක්.....!! මේ රටේ වයස 26ට අඩු කිසිම කෙනෙක් යුද්ධයක් නැති මාතෘ භූමියක මෙතෙක් කල් ජීවත් වී නැත. හෙට අප ලබන ජයග්‍රහණයේ වටිනාම පැතිකඩ එයයි... හෙට සිට අප ජීවත් වන්නේ "යුද්ධය" නැති රටකයි..!!

ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි වුවත් "යුද්ධය" යන වචනය තුරන්ව ගිය තැන අනෙක් සියලු දෑ කෙමෙන් කෙමෙන් ක්ෂිතිජයේ සැඟව යනු ඇත.

මානව චර්යාවේ නොදියුණුම අංගය යුද්ධයයි. නමුත් "යුද්ධය" යන වචනය මහා බලවත් ය. එයට සමාජයේ අන් සියලු අවස්ථාවන් යටපත් කර දැමීමේ හැකියාවක් පවතී. "යුද්ධය" යන වචනය නොඇසෙන තැන සිතටත් ගතටත් දෙසවනටත් ප්‍රියංකර වූද අහ්ලාදජනක වූද සුරම්‍ය පුරයක් වන්නේ එබැවිනි.

දැන් වහාම කළ යුතු එක් දෙයක් තිබේ. අපේ සහෝදරයන්ගේ රුධිරය මතින් මේ ලබාගත් ජයග්‍රහණය නැවත වරක් වියැකී යන්නට නොදී ආරක්ෂා කරගැනීමයි. එක් යුද්ධයක් අවසන් වූ විගස තවත් යුද්ධයක් ඇරඹීමේ අඩිතාලම දමා දීමෙන් සෑම සියලු දෙනාම වැළකිය යුතුය. මන්ද අප මේ කර්තව්‍යය වෙනුවෙන් දැනටමත් ඇති තරම් කාලය වැය කර තිබෙන බැවිනි; ශ්‍රමය වැයකර තිබෙන බැවිනි; මුදල් වැය කර තිබෙන බැවිනි; එමෙන්ම.... රුධිරය වැය කර තිබෙන බැවිනි. තවත් වැය කරන්නට ඒවා අප සතුව නැත. දශක තුනක් තිස්සේ මේ උමතු මැරතන් තරඟය දුවා ශ්‍රී ලංකා මාතාව දැන් සිටින්නේ හති වැටිලා ය.

ඒ නිසා හෙටින් ඇරඹෙන අලුත් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රභාකරන් කෙනෙකුට උපත ලබා නොදෙන තැනකට අප ඕ පත්කළ යුතු ය... හෙට ලබන ජයග්‍රහණය සැබෑම විජයග්‍රහණයක් වන්නේ එවිටයි....

Friday, May 15, 2009

ප්‍රභාකරන් සියදිවි හානි කරගනී

මට මේ දැන් ලැබුණු නිල නොවන ආරංචියකින් ඉතාම වැදගත් පුවතක් කියවුණා. රූපවාහිනී සංස්ථාව ඇතුලෙන් තමයි මේක ඇවිත් තියෙන්නෙ. හරියටම ඇත්තද නම් දන්නෙ නැහැ. නමුත් කියන විදිහට, අවුරුදු 37ක් තිස්සෙ අපේ ශ්‍රී ලංකා මාතෘ භූමියට ශාපයක් වෙච්ච වේලුපිල්ලේ පිරබාහරන් නම් ත්‍රස්තවාදියා ඔහුගෙ සගයනුත් එක්ක සිය දිවි හානි කරගෙන..!!

ඔවුන්ගෙ සිරුරු හම්බ වෙල නෑ. කලින් කියල තිබ්බ විදිහටම ඒව ගිනි තියල විනාශ කරලලු. මේක ඇත්ත වෙන්න හොඳටම ඉඩකඩ තිබෙනවා.

දශක ගණනාවක් තිස්සෙ මේ රටේ ජනතාව පුල පුලා බලා සිටි මොහොත මේක වෙන්න පුලුවන්.....!!

ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාවන්ට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොසැලෙන නායකත්වයට ජය වේවා..!!

ජය ශ්‍රී..!!

හබල් නියතය නැවතත් අලුත් වෙයි

නූතන විශ්ව න්‍යායවේදයේ (Cosmology) වැදගත්ම සංකල්පය මහා පිපිරුම් න්‍යායයි (Big Bang Theory). මින් කියවෙන්නේ විශ්වය යනු එක්තරා ක්ෂණයකදී නොගිණිය හැකි තරම් කුඩා වූ ද අනන්ත වූ ඝණත්වයකින් යුක්ත වූ ද ලක්ෂ්‍යකින් ඇරඹී නොනවත්වා ප්‍රසාරණය වෙමින් පවතින පද්ධතියක් බවයි. ගණිතමය වශයෙන් ද පරීක්ෂණාත්මක වශයෙන් ද මෙහි ආරම්භය කෙසේ වෙතත් ප්‍රසාරණය වන බව තහවුරු කරනු ලැබ තිබේ.

ගණිතමය වශයෙන් තහවුරු කිරීමට යාමේදී විශ්ව න්‍යායවේදීන්ට විසඳීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් නම් විශ්වය ප්‍රසාරණය වන වේගය කුමක් ද යන්නයි. මෙහිදී සැලකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ ප්‍රසාරණ වේගය සෑම තැනම එක සමාන නොවන බවයි. මෙය තේරුම් ගැනීම ඉතා පහසු ය. වැලි ගොඩක සඟවා තිබෙන පුපුරණ ද්‍රව්‍යයක් ගැන සිතන්න. එය පුපුරා යන විට වඩාත්ම වේගයෙන් ඉවතට විසි වන්නේ පොළොවට සමීපවම ඇති වැලි තට්ටුව ය. පොළොව තුල ඇති වැලි විසි වන්නේ ඊට වඩා අඩු වේගයෙනි. ඒ ආකාරයටම ප්‍රසාරණය වන විශ්වයේ ඈතම කොණේ ඇති මන්දාකිණි වඩාත් වේගයෙන් ඉවතට ඇදී යයි. නමුත් ඒ එක් සබඳතාවකට අනුව ය.

එනම්,

මන්දාකිණියක් ඉවතව ඇදී යන වේගය එයත් නිරීක්ෂකයාත් අතර දුරට අනුලෝමව සමානුපාතික වේ.

Vr α D

මෙහි
Vr = Radial Velocity (ඈත් වීමේ ප්‍රවේගය)
D = Distance (දුර)

මෙය සිදුවීමට නිරීක්ෂකයා විශ්වය මධ්‍යයේම සිටිය යුතු නොවේ. හරියට බැලුමක් මත ඇඳි තිත් කිහිපයක් බැලුම පුම්න්බන විට එක ලෙස ඈත් වන්නාක් මෙන් නිරීක්ෂකයා කුමන ස්ථානයක සිට නිරීක්ෂණය කළත් මන්දාකිණි එක ලෙසටම ඔහුගෙන් ඈත්ව යනු පෙනේ. මේ බව මුලින්ම ලොවට ප්‍රකාශ කළේ එඩ්වින් හබල් විසින් 1929දී ය. හබල්ට ගරු කිරීමක් වශයෙන් මෙහි සමානුපාතික නියතය, හබල් නියතය ලෙස නම් කරන ලදී.

සමානුපාතික නියතය යෙදූ පසු,
Vr = H0D

මෙහි
H0 = හබල් නියතය
මෙම හබල් නියතය වෙනත් නියතයන් මෙන් සෛද්ධාන්තිකව සොයාගැනීමට හැකියාවක් නොමැති නිසා අනිවාර්යයෙන්ම ඈත තිබෙන මන්දාකිණි වල ඈත්වීමේ ප්‍රවේගයන් පරීක්ෂණාත්මකව මැන, ඒ සමඟම ඊට ඇති දුර ද සොයාගෙන ඉහත සමීකරණයට ආදේශ කිරීම මගින්ම සොයාගත යුතු ය. ඈත් වීමේ ප්‍රවේගයන් රක්ත විස්ථාපනය මැනීමෙන් ඉතා පහසුවෙන් සොයාගත හැකි වුවත් දුර සොයාගැනීමට නම් ඉතා සංකීර්ණ ක්‍රමවේදයන් භාවිත කළ යුතු වේ. එනිසා හබල් නියතයට ලැබෙන අගය 100%ක් නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසු ය.

මෙය පළමුව ගණනය කළ එඩ්වින් හබල් ඊට ලබාගත් අගය (මන්දාකිණි 46ක් අධ්‍යයනය කිරීමෙන්) දැන් පිළිගත් අගය පරාසයට වඩා හත් ගුණයකින් පමණ වැඩි ය. එනම් මෙගා පාසෙක් එකට, තත්පරයට කිලෝමීටර් 500කි. (500 km/s/Mpc). ඊට කාලයත් සමඟම විවිධ අගයන් ලැබිණි. නමුත් අවසානයේදී සැබෑ අගය තිබිය යුත්තේ 50ත් 100ත් km/s/Mpc අතර බව විද්‍යාඥයන් හට පසක් විය. ඒ අනුව 2003දී අභ්‍යාවකාශගත කළ WMAP චන්ද්‍රිකාවේ (Wilkinson Microwave Anisotropy Probe) ගණනය කිරීම් වලට අනුව ලබාගත් අගය 72 km/s/Mpc විය. නමුත් මෙහි වැරදීමේ ඉඩකඩ ± 8ක් විය.

ඉන් අවුරුදු 6කට පසු දැන් හබල් නියතයට තවත් අගයක් ලැබී තිබේ. එය 74.2 km/s/Mpc කි. නමුත් මෙය කලින් අගයට වඩා දෙගුණයකින් පමණ නිරවද්‍ය ය. එනම් වරදේ ඉඩකඩ ± 3.6 km/s/Mpc වේ. මෙය තාරකා විද්‍යාත්මකව ඉතා වැදගත් ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මන්ද විශ්වයේ වයස නිර්ණය කිරීමට මෙන්ම විශ්වයේ උපත විශ්ලේශනය කිරීමට පවා H0හි අගය ඉතා වැදගත් වන බැවිනි. මෙම සොයාගැනීම කරනු ලැබූයේ Space Telescope Science Institute හි හා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ Supernova H0 for the Equation of State (SHOES) පර්යේෂණ කණ්ඩායම මගිනි. මේ සඳහා උපයෝගී කරගනු ලැබූයේ හබල් දුරේක්ෂය මගින් ලබාගත් NGC 4258 නම් මන්දාකිණියේ සහ වෙනත් මන්දාකිණි වල Type 1a සුපර්නෝවා පිපිරීම් වලට අදාළ ඡායාරූප ය.

Thursday, May 14, 2009

සෙනසුරාදාට පෙර...

දැන් වෙලාව බ්‍රහස්පතින්දා (14-05-2008) රෑ 12යි. කාලය වේගයෙන් ගතවී යන්නේ ලංකාව මෑත ඉතිහාසයේ මුහුණදුන් අභියෝගාත්මකම දින කිහිපයේ අවසානයත් සමඟයි. නමුත් තවමත් සියල්ල අවසන් නැත. ග්‍රීස් ගහේ නැග සිටින තරඟකරුවා දැන් කොඩිය මත අත තබාගෙන එය ගැලවීමට සූදානමින් සිටියි. මම මේ කියන්නේ වෙන කිසිවක් ගැන නොව වසර 26ක් මුළුල්ලේ ඇදී ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද ගැටලුවේ අවසාන මොහොත දැන් දැන් එළඹෙමින් පවතින නිසා ය. නමුත් මේ වනවිට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ත්‍රස්තවාදීන් සමඟ පමණක් නොව කාලය සමඟ ද සටනක් දීමට සිදු වී තිබේ. ඒ ඇයි? මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කට පියාගෙන සිටි බැරැක් ඔබාම ද අද මුල් වරට තම මුඛය විවෘත කළේ ය. ගැටලුව එය ද?

නැත. එය නොවේ. දැනට සති ගණනාවක් මුළුල්ලේ පැවති ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල සෙනසුරාදා උදෑසන වන විට නිකුත් වීමට නියමිත ය. ඒ සමඟම එරට තුල දැවැන්ත සටනක් ඇරඹේ. ඒ රජයක් පිහිටුවීමට ය. ඉන්දීය මැතිවරණ ක්‍රමය තුළ තනි පක්ෂයකට රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති නිසා ප්‍රධාන පක්ෂයන්ට අනිවාර්යයෙන්ම කුඩා පක්ෂ බිලිබා ගත යුතුය. ඒ අතරින් ද තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන DMK හා AIDMK පක්ෂ ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 540 න් 39 කටම හිමිකම් කියන තමිල්නාඩු ප්‍රාන්තය සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජා තනන ප්‍රාන්තය ලෙසයි. මේ ප්‍රාන්තය තුල ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ 2 වන කොන්ග්‍රසයට හෝ භාරතීය ජනතා පක්ෂයට සැලකිය යුතු බලයක් හිමි නැත. ඒ නිසා 84 හැවිරිදි මුතුවේලු කරුණානිධිගේ නායකත්වයෙන් යුතු DMK හෝ ජයලලිතා ජයරාම් හෙවත් "අම්මා" ගේ නායකත්වයෙන් යුතු AIDMK යන පක්ෂ වලින් බහුතර ආසන ගණනක් හිමිකරගන්නා පක්ෂය බිලිබා ගැනීමට අනිවාර්යයෙන්ම කොන්ග්‍රසයට හා BJPයට අවශ්‍ය වේ. නමුත් මේ මැතිවරණය තුලත් කොන්ග්‍රසයට වැඩි වාසි හිමි නිසා ඔවුන්ට AIDMK පක්ෂය අවශ්‍ය කරන තත්වයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම එය ලංකාවට හොඳ ලකුණක් නොවේ.

මන්ද ජයලලිතා මැතිවරණ කාලය තුල කී කතා ලංකාවට පැහැදිලිවම තර්ජනාත්මක ඒවා නිසා ය. වරක් ඇය කීවේ තමා දිනුවහොත් ඉන්දීය හමුදාව ලංකාවට යවා ලංකාව තුල වෙනම ඊළමක් ඇති කරන බව ය. ඉතින් එවන් පක්ෂයක් තමිල්නාඩුව තුළ බලයට පත් වුවහොත් එහි සහයෝගය ගැනීමට නම් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තරමක හෝ ඊට සමාන කටයුත්තක් කිරීමට ඇවැසි ය. සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොන්ග්‍රස් පක්ෂයේ ආණ්ඩුවක් පවතින වකවානුවක එවැන්නක් වීමේ ඉඩකඩ ඉතා අඩු වුවත් ඉහත කරුණ නිසා ඔවුන් පත් විය හැකි මහත් අපහසුතාවයෙන් ගලවාගැනීමේ මහත් වගකීම ද පැවරී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන් මතම ය. ඒ සෙනසුරාදා උදෑසන වන්නට පෙර ඊළම අවසන් කර දීමෙනි. ලබාගන්නට ඊළමක් නැති තැන ඒ සඳහා කෙරෙන ඉල්ලීම ද කුණුකූඩයට යාම වැලැක්විය නොහැක.

කෙසේ හෝ වේවා පසුගිය කාලය තුල ශ්‍රී ලංකාව ගෙනගිය මහා යුද මෙහෙයුමට තිරය පිටුපස සිට (නිහඬව හිඳීමෙන්) මහත් මෙහෙයක් කළ කොන්ග්‍රස් පක්ෂය බේරාගැනීම මේ මොහොතේ ලංකාවේ යුතුකමකි. ඒ නිසා හෙට (හෝ අද) දිනය තුළ යුද පෙරමුණේ ප්‍රබල වෙනසක් සිදුවීම අත්‍යාවශ්‍ය ය. එය ඉන්දියානුවන්ට ද ශ්‍රී ලාංකිකයන් වන අපට ද එක ලෙස තීරණාත්මක ය.

Tuesday, May 12, 2009

STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම: සැබෑම මෙහෙයුමක්

STS-125 අභ්‍යාවකාශ ෂටල මෙහෙයුම සිදු වුණේ අපේ වෙලාවෙන් ඊයේ (11-05-2009) රාත්‍රී 11.30 ට. ඇට්ලන්ටිස් ෂටලය තමයි ඊයේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත වුණේ. මම ඒක සජීවීව බැලුවා Nasa TV එකේ. පිස්සු හැදෙන සඳ. කියල වැඩක් නෑ. මාර ගති. කලින් ඒක ගැන කියන්න බැරි වුණාට සමා වෙන්න ඕනෙ. අපි ඊළඟ සැරේ ලයිව් බලමු හොඳේ?

මේ තියෙන්නෙ ඊයෙ සිදුවුණු සිදුවීම් මාලාවෙ වැදගත් දර්ශන පෙළක්. ඔබටත් උනන්දුවක් තියනව නම් හොදින් නරඹන්න...

මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

මෘදුකාංග මංකොල්ලය හෙවත් software piracy වලින් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ කොතෙක්ද යත් ලංකාවේ භාවිතා වන මෘදුකාංග වලින් 90% ක්ම අනවසර ඒවා බව හෙළි වී තිබේ. මේ පුවත අද Daily Mirror පුවත්පතේ දුටු මට නැගුණේ එකම පැනයකි. ඉතිරි 10% කෝ??? මේ රටේ නීත්‍යානුකූල මෘදුකාංග (නිදහස් කේත් හැරුණු විට) පාවිච්චි කරන පුද්ගලයන් 10%ක් ඉන්නවා යැයි කීම අදහාගත නොහැකි දෙයක් බවට දැන් පත්වී තිබේ.

ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන මෘදුකාංග අන්තර්ජාලයේ පහසුවෙන්ම බාගත කිරීමට තියෙද්දීත් කෙනෙකු මුදල් ගෙවා ලබාගන්නා මෘදුකාංග පසුපස යන්නේ යැයි කීම විහිළුවක් නොවේද? නමුත් එහි තවත් පැත්තක් ද තිබේ. අනවසර ලෙස පරිහරණය කරන එක මෘදුකාංග පිටපතක් පාසා එහි හිමිකරුවාට අහිමි වන්නේ විශාල මුදලකි. එමෙන්ම ඒ සමඟ අනතුරට පත්වන රැකියා ගණන ද සුලුපටු නොවේ. ලෝක ආර්ථිකය ද බරපතල ඇදවැටී ඇති මොහොතක එවන් දෙයක බලපෑම ඉතා විශාල ය. 2008 වසරේදී මෘදුකාංග මංකොල්ලය නිසා අහිමි වූ මුලු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 53ක් යැයි කියවේ. එය 2007 වසර හා සන්සන්දනය කළ විට 11% ක වර්ධනයකි. එහෙත් ඒ පැතිකඩයන් කෙසේ වෙතත් මේ මංකොල්ලයට නම් පහසුවෙන් නැවතීමේ තිත තැබිය නොහැකි බව ඉඳුරාම කිව හැක.

මෘදුකාංග මංකොල්ලය ප්‍රධාන වශයෙන්ම කොටස් 4කි.
  1. Industrial piracy: මහා පරිමාණයෙන් සැබෑ මෘදුකාංග ව්‍යාජ ලෙස පිටපත් කොට විකිණීම.
  2. Corporate piracy: ඕනෑම අයෙකුට ලබාගත හැකි ලෙස peer-to-peer, LAN හෝ අන්තර්ජාලයෙන් හුවමාරු කිරීම.
  3. Reseller piracy: පරිගණක දෘඩාංග විකුණන ආයතන මගින් ව්‍යාජ මෘදුකාංග හාඩ් ඩිස්කයේ තැන්පත් කොට පාරිභෝගිකයාට ලබා දීම..
  4. Home piracy: මිතුරන් අතර හෝ සැබෑ මෘදුකාංගයක් හුවමාරු කිරීම. Bulletin board system එකක් ක්‍රියාත්මක කිරීම.
ආසියාව තුල ඉහත කී ආකාර වලට කෙරෙන මෘදුකාංග මංකොල්ලයෙන් ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශයයි. ඔවුන්ගේ ප්‍රතිශතය 92%ක්. පහත දැක්වෙන්නෙ විවිධ රටවල් වල මෘදුකාංග මංකොල්ලයේ ප්‍රතිශතයන් කිහිපයක්.

දැන් දැන් බොහෝ දෙනා අර්ධ වශයෙන් හෝ නිදහස් කේත මෘදුකාංග භාවිතයට යොමු වුණත් භාවිත කරන ප්‍රමාණයත් නීති විරෝධී නිසා අනාගතයේදී මේ ප්‍රතිශතය තවත් වැඩි වුණොත් මිස අඩු වෙතැයි බලාපොරොත්තු විය නොහැක.

VLC 0.9.9 ඇවිත්..!!

ලෝකයේ හොඳම media player එකේ අලුත්ම වෙළුම ඇවිත්..!

තවමත් ඉපැරණි Windows Media Player එක අල්ලගෙන දඟලන ඈයොත් ඉන්න පුලුවන් නිසා මම ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඔබ කවදා හෝ
media file එකක් play කරගන්න බැරුව කරදරයට පත්වෙලා තියනවද? ඔබ film එකක් බලන්න හෝ සින්දුවක් අහන්න යද්දි ඔබේ player එක කියල කියනවද "---- doesn't recognize this media format" කියලා? ඒ කියන්නෙ ඔබ පාවිච්චි කරන්නෙ VLC Media Player එක නෙවෙයි.

VLC භාවිතා කරන කෙනෙකුට කවදාවත් ඒ වගේ අකරතැබ්බයකට මුහුණදෙන්න වෙන්නෙ නෑ. මොකද ඒකට සාමාන්‍යයෙන් මිහිමත තියන ඕනෙම media file එකක් play කරන්න පුලුවන් නිසා..!! VLC කියන්නෙ මුලුමනින්ම නිදහස් කේත මෘදුකාංගයක්. ක්‍රැක් කිරීම් අනවශ්‍යයි. පැච් කිරීම් අනවශ්‍යයි. කිසිම කරදරයක් නෑ. බාපු ගමන් එක දිගට පාවිචිචි කරන්න පුලුවන් මැරෙනකල්;-)

ඒක තමයි මේක අතිශය ජනප්‍රිය වෙන්න හේතුව...

දැන් ඇවිත් තියෙන්නෙ ඒකෙ අලුත්ම වෙළුම, VLC 0.9.9. ඊලඟට එන්නෙ හැමෝම බලාගෙන ඉන්න VLC 1.0.0. මේ වෙළුම තුලත් අලුත් features ගණනාවක්ම අන්තර්ගත වෙනව මෙන්න මේ ආකාරයේ.
  • Windows මත පැනල කිහිපයක play කළ හැකියි. මේක මම ගොඩක් අගය කරන දෙයක්. උදාහරණයක් විදියට සින්දු අහද්දි මේ හරහා, play list එකකට නොදමා වෙන වෙනම සින්දු කිහිපයක්ම play කරන්න පුලුවන්.
  • Intel මත පදනම් වූ MAC පරිගණක මත හොඳ video performance එකක් ලබාදෙන්න පුලුවන්.
  • Windows මත විවිධ decoders හා යාවත්කාලීනයන්.
  • libxml2 >=2.7.3 සමඟ workaround bug එකක්.
  • මීට අමතරව FFmpeg භාවිතා කරමින් Real Video 3.0 හා 4.0 සඳහා experimental native decoder එකකුත් එකතු කරල තියනවා. මේ මගින් Real media files වලට තිබෙන බාධාවන් ඉවත්ව යනවා.
මෙවන් විවිධාකාර සංස්කරණයන් සහිත VLC 0.9.9 ඔබට බාගත කරගන්න පුලුවන් මෙනතින්.

VLC වලට ඇතැමුන් එල්ල කරන චෝදනාව තමයි එහි interface එක. ඒක වැඩිදියුණු කරගන්න ඕන කෙනෙකුට මෙතනින් ඕනෙ තරම් skins හොයාගන්න පුලුවන්. නමුත් ලස්සන ගැන සැලකිලිමත් නොවන, වැඩ විතරක් අගය කරන කෙනෙක්ට නම් ඒව ඕන නැතිවෙයි...:-)

Monday, May 11, 2009

අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)

IMDB වර්ගීකරණයේ පළමු ස්ථානයට එන චිත්‍රපටය ගැන තමයි මම අද කියන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මම මේක ගැන කලින් කිසිම දෙයක් අහල තිබ්බෙ නෑ. ඒ වර්ගීකරණයේ පළමු තැනට ආපු නිසාම තමයි මට බලන්න හිතුනෙ. විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් කියල අවිවාදයෙන් සඳහන් කරන්න පුලුවන්.

මම චිත්‍රපටයක දැකපු හොඳම හැරවුම (twist එක) තියෙන්නෙ මේකෙ කියල මට හිතෙනවා. සරලව කිව්වොත් මෙහෙමයි. ඔබ ඕනෑම චිත්‍රපටයක් බලද්දි ඒක ගැන යම් අදහසක් ඇතිකරගන්නවානෙ සාමාන්‍යයෙන්? ඉන්පසු ඒ ඔබ හදාගත්ත රාමුව තුල දිගටම ඉන්න උත්සාහ කරනවා. නමුත් පැය 2ක් ඒක බැලුවට පස්සෙ, අවසානයට මිනිත්තු දෙක තුනක් පමණක් තියෙද්දි ඒ හදාගත්ත රාමුව එක් වරම බිඳවැටුණොත්? අන්න ඒ වගේ දේකට තමයි ඔබට මේ චිත්‍රපටය බලද්දි මුහුණදෙන්න වෙන්නෙ.

දැන් මම කතාව කෙටියෙන් කියන්නම්. නමුත් ඉහත කරුණ නිසාම එය කියද්දි මට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙන්න යන දේ ගැන නිකමට වත් ඉඟියක් දුන්නොත් මේකෙ ඔබට නරඹා රසවිඳින්න දෙයක් නැතුව යන්න ඉඩ තියන නිසා.

ඇන්ඩෲ (ඇන්ඩි) ඩෆ්‍රස් කියන්නෙ බැංකුවක ඉහළ නිලයක් දරන පුද්ගලයෙක්. තාමත් ගොඩක් තරුණයි. නමුත් ඔහුට බොරුවට චෝදනා එල්ල වෙනව තමන්ගෙ බිරිඳ සහ ඇගේ පෙම්වතා මරාදැමීම සම්බන්ධව. (හ්ම්ම්... ඒක නම් මරන්නම වටින
දෙයක් කියන එක වෙනම කතාවක්). තමන්ගෙ නිර්දෝෂී බව ඔප්පු කරගන්න ඔහුට බැරි වෙනව. ඇන්ඩිට දඬුවම් නියම වෙනවා. නිව් ඉංග්ලන්ඩ් හි ශෝෂෑන්ක් බන්ධනාගාරයට ඔහු යැවෙනව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2කට..!! එක් පුද්ගලයෙකුට එක් වාරය බැගින්...

කතාවෙ වැඩිම කොටසක් වෙන්වන්නෙ ඔහුගෙ බන්ධනාගාර ජීවිතය වෙනුවෙන්. සාමාන්‍ය සිරකරුවෙකුගෙ ජීවිතයෙන් වෙනස් තමන්ගෙ බන්ධනාගාර ජීවිතය ඔහු සම්පූර්ණයෙන්ම කැප කරන්නෙ එහි දියුණුව සඳහා. පාලකයාගේ සිට, සෑම කෙනාගේම සිත දිනාගන්නා ඔහු ඒ තුල අලුත්ම පුස්තකාලයක් ගොඩනගනවා. ඒ අතරම මූල්‍ය පාලනය පිළිබඳ තම දැනුම උපයෝගී කරගෙන සියලුම පොලිස් නිලධාරීන්ගේ සහ අන් සියලුම පාලකයන්ගෙ බදු කටයුතු කරනව බන්ධනාගාරය තුලම ඉඳගෙන. අවසානයෙ තමා සිරබත් කන බන්ධනාගාරයම පත්වෙනව ඔහුගෙ කාර්යාලය බවට. ඒ කොතෙක්ද කියනව නම් ඔහුට වෙනම කාර්යාල කාමරයකුත් වෙන්වෙනව බන්ධනාගාරය තුල.

මේ අතරෙ බන්ධනාගාරයට එනව අලුත් සිරකරුවො පිරිසක්. ඒ අතරෙ ඉන්නව ඔහුව ඒ පත්වෙල ඉන්න තත්වයෙන් මුදාගන්න පුලුවන් කෙනෙක්. ඔහු දන්නවා ඇන්ඩිගෙ බිරිඳගෙ සැබෑ මිනීමරුව කවුද කියල. නමුත් ඔහුට හැකියාවක් ලැබෙන්නෙ නෑ ඇන්ඩිව බේරගන්න. ඔහුගෙ සේවය ලබාගන්නා පාලකයන් අතින්ම ඒ පුද්ගලයා මියයනව. ඇන්ඩිගෙ දෛවය ලියවෙන්නෙ ඔය ආකාරයට...

දෛවයේ කුරිරු සරදමට ලක් වූ පුද්ගලයෙකුගෙ රූපයක් දැන් ඔබේ සිත තුල මැවිල ඇති අනිවාර්යයෙන්ම. ඔවු ඔබ නිවැරදියි. නැත්තම් මෙහෙම විනැහියක් වෙයි යැ කිසිම කෙනෙකුට?

නමුත්...

නමුත් මම කතාව නවත්වනවා ඔතනින්. ඉතුරු ටික ඔයගොල්ලොම බලන්න.

එක්තරා ස්ථානයකදි ඔබ ගොඩනගාගත්ත චිත්‍රය බිඳවැටෙනව මුලුමනින්ම.
නමුත් කොහොමද? එකම එක ගල් කැට පහරකින්...!!

ගල් කැටයක්? හ හා.. මම දන්නව ඔබට තේරුම් ගන්න අමාරුයි. නමුත් මගෙන් නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. හිතට නැගුණු උභතෝකෝටිකය විසඳගන්න ඕනෙ නම් ඔබම බලල විසඳගන්න.

නමුත් මේ ටිකත් කලින් කියන්න ඕනෙ. මේ චිත්‍රපටය ඉතාම සම්භාවනීය එකක්. ත්‍රිලර් එකක් බලල ලැබෙන වින්දනය ලබාගන්න නම් මේක බලන්න එපා. ඉහත සිද්ධිය හැරුණම මේ මුලු චිත්‍රපටයම මිනිස් මනස ගැන තියුණු විවරණයක් වගේ. තමන්ගේ සියලුම සන්තකයන්ගෙන් වෙන්ව ජීවත් වන පුද්ගලයෙකුගෙ මනස ක්‍රියාකරන ආකාරය ඉතා අපූරු ලෙස මෙහි දැක්වෙනව පියවරෙන් පියවර. ඉතාම සංවේදියි...

ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් අධ්‍යක්ෂණය කළ ටිම් රොබින්ස්ගේ රංගනයෙන් හැඩගැන්වුණු The Shawshank Redemption (1994) ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වී තිබෙනවා...

"Fear can hold your prisoner
Hope can set you free"


ප.ලි. මේ ලිපියට දාන්න පින්තූරයක් හොය හොය යද්දි මට හම්බුනා නියම ලිපියක් Warez-BB එකේ. (මේ තියෙන්නෙ). ඔබට High Definition වීඩියෝ එකම බාගත කරන්න ඕනෙ නම් ඕක පාවිච්චි කරන්න. නමුත් මාසයක් විතර යයි. හික්ස්.. මේක VC-1 කොඩෙක් එකෙන් තියෙන්නෙ. මම ගණන් හදල බලපු විදියට මුලු සසිස් එක ගිගා බයිට් 30.38ක් පමණ. අනේ මන්ද, මේවත් බාන මිනිස්සු ඉන්නවද මන්දා...