Pages

Thursday, May 7, 2009

සුදුස්සාට සුදුසු තැන දියව්

මේ තියෙන්නේ පෙරේදා පළමුදා අපේ ආරක්ෂක හමුදාවන් කොටි හැත්තගෙන් අත්පත් කරගන්නට යෙදුණු මුහුදු උමඟක කොටස්. හරි නම් මෙවන් යෝධ වැඩකට අත ගැසූ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය තිබෙන්නේ අපේ රටේ යැයි අප කියන්න ඕනෙ අභිමානයෙන්. නමුත් අපට හිමි අභිමානය අපේම කට්ටිය විසින් නැති කිරීමට උත්සාහ දැරීම ගැන මට නම් තියෙන්නෙ කෝපයක්.

මොකද මේක හොයාගත්ත දවසෙ අපේ රටේ ඔක්කොම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිව්වෙ මේක සබ්මැරීනයක් කියලා. හොඳ වෙලාවට පහුවෙනිදා අපේ සමන් කුමාර රාමවික්‍රම අයිය මේක 'මුහුදු උමඟක්' කියල හොයාගත්ත නිසා වැඩේ ගොඩ ගියා. පස්සෙ හැමෝම ඒක නිවැරදි කළා. මුලින් නම් නොදැනුවත්ම නිසා එහෙම වුණා කියමුකො. ඒත් මං අදත් දැක්ක ශානක ද සිල්වා මලය මේක සබ්මැරීනයක් කියල කියනව.

පොඩ්ඩක් මේකෙ සයිස් එක දිහා ඇස් ඇරල බලන්න. දිග අඩි 360යි. පළල අඩි 25යි. යකෝ මේවගේ සබ්මැරීනයක් මූදෙ පාකරන්න න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකින් වත් ශක්තිය දෙන්න ඕනෙ. මං දන්න තරමින් ලෝකෙ ඒ වගේ බඩු තියෙන්නෙ ඇමරිකාව, රුසියාව, එංගලන්තය වගේ රටවල් කීපෙකට විතරයි.
කියන්න බෑ ඉතින්. නෝර්වේ කාරයො ඒකත් උන්ගෙන් උස්සල කොටින්ට දීලද කවුද දන්නෙ?

ඒත් මේකෙ නිෂ්පාදනය කිරීමේ නියම ගෞරවය අපි කොටින්ට දෙන්න ඕනෙ. සබ්මැරීන වගේම, තවත් ගොඩක් දේවල් කොටි ලෝක ත්‍රස්තවාදයට හඳුන්වා දුන්න. (මං ඒක ගැන කලිනුත් ලිව්ව). මට නම් හිතෙන හැටියට මේව ගැන හිතල, හොයල බලල, ලෝකෙ නියම තැනින් උදව් අරන්, නිෂ්පාදනය කරන්න නම් නියම ටෙක්නිකල් පොරක් ඉන්න ඕනෙ කොටි අතරෙ. ප්‍රභාව අල්ලනව වගේම ඌවත් අල්ලගන්න එක ඉතාම වැදගත්...


1 comments:

Chrishi said...

සුදුස්සාට සුදුසු තැන දෙනවනම් විනයාගමුර්ති මුරලිදරන් මහත්තයාව යුද හමුදාවෙ මාණ්ඩලික ප්‍රධානි තනතුරට වගේ පත් කරන්න ඕනෙ. මොකද මට හිතෙන විදියට නිදහස් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම රණශූරයා තමයි කරුණා අම්මාන්.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.