Pages

Tuesday, May 12, 2009

මෘදුකාංග මංකොල්ලයෙන් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

මෘදුකාංග මංකොල්ලය හෙවත් software piracy වලින් ආසියාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ කොතෙක්ද යත් ලංකාවේ භාවිතා වන මෘදුකාංග වලින් 90% ක්ම අනවසර ඒවා බව හෙළි වී තිබේ. මේ පුවත අද Daily Mirror පුවත්පතේ දුටු මට නැගුණේ එකම පැනයකි. ඉතිරි 10% කෝ??? මේ රටේ නීත්‍යානුකූල මෘදුකාංග (නිදහස් කේත් හැරුණු විට) පාවිච්චි කරන පුද්ගලයන් 10%ක් ඉන්නවා යැයි කීම අදහාගත නොහැකි දෙයක් බවට දැන් පත්වී තිබේ.

ඕනෑම කෙනෙකුට අවශ්‍ය කරන මෘදුකාංග අන්තර්ජාලයේ පහසුවෙන්ම බාගත කිරීමට තියෙද්දීත් කෙනෙකු මුදල් ගෙවා ලබාගන්නා මෘදුකාංග පසුපස යන්නේ යැයි කීම විහිළුවක් නොවේද? නමුත් එහි තවත් පැත්තක් ද තිබේ. අනවසර ලෙස පරිහරණය කරන එක මෘදුකාංග පිටපතක් පාසා එහි හිමිකරුවාට අහිමි වන්නේ විශාල මුදලකි. එමෙන්ම ඒ සමඟ අනතුරට පත්වන රැකියා ගණන ද සුලුපටු නොවේ. ලෝක ආර්ථිකය ද බරපතල ඇදවැටී ඇති මොහොතක එවන් දෙයක බලපෑම ඉතා විශාල ය. 2008 වසරේදී මෘදුකාංග මංකොල්ලය නිසා අහිමි වූ මුලු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 53ක් යැයි කියවේ. එය 2007 වසර හා සන්සන්දනය කළ විට 11% ක වර්ධනයකි. එහෙත් ඒ පැතිකඩයන් කෙසේ වෙතත් මේ මංකොල්ලයට නම් පහසුවෙන් නැවතීමේ තිත තැබිය නොහැකි බව ඉඳුරාම කිව හැක.

මෘදුකාංග මංකොල්ලය ප්‍රධාන වශයෙන්ම කොටස් 4කි.
  1. Industrial piracy: මහා පරිමාණයෙන් සැබෑ මෘදුකාංග ව්‍යාජ ලෙස පිටපත් කොට විකිණීම.
  2. Corporate piracy: ඕනෑම අයෙකුට ලබාගත හැකි ලෙස peer-to-peer, LAN හෝ අන්තර්ජාලයෙන් හුවමාරු කිරීම.
  3. Reseller piracy: පරිගණක දෘඩාංග විකුණන ආයතන මගින් ව්‍යාජ මෘදුකාංග හාඩ් ඩිස්කයේ තැන්පත් කොට පාරිභෝගිකයාට ලබා දීම..
  4. Home piracy: මිතුරන් අතර හෝ සැබෑ මෘදුකාංගයක් හුවමාරු කිරීම. Bulletin board system එකක් ක්‍රියාත්මක කිරීම.
ආසියාව තුල ඉහත කී ආකාර වලට කෙරෙන මෘදුකාංග මංකොල්ලයෙන් ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශයයි. ඔවුන්ගේ ප්‍රතිශතය 92%ක්. පහත දැක්වෙන්නෙ විවිධ රටවල් වල මෘදුකාංග මංකොල්ලයේ ප්‍රතිශතයන් කිහිපයක්.

දැන් දැන් බොහෝ දෙනා අර්ධ වශයෙන් හෝ නිදහස් කේත මෘදුකාංග භාවිතයට යොමු වුණත් භාවිත කරන ප්‍රමාණයත් නීති විරෝධී නිසා අනාගතයේදී මේ ප්‍රතිශතය තවත් වැඩි වුණොත් මිස අඩු වෙතැයි බලාපොරොත්තු විය නොහැක.

2 comments:

Anonymous said...

හොර මෘදුකාංග භාවිතයෙන් පාඩු වෙන්නේ FOSS කර්මාන්තයටමයි.

Wiz Kun said...

ඔබ ඔය කතා කරන්නේ පුද්ගලික පරිගනක සහ සුලු පරිමාන ව්යාපාර සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන පමනක් සිතා. නමුත් රජයේ සහ මහා පරිමාන ආයතන වල බහුල වශයෙන් Original Software, Free (but not open source) Software සහ Custom Made Software භාවිතා වෙනවා. මං හිතන්නේ ලංකාවේ 10% කට වඩා නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කරනවා.

අනෙක ඉතිං ඔය පොඩි පොඩි දේ වලට FOSS පාවිච්චි කලාට සමහර Professional දේවල් වලට FOSS ඒවා මදි වෙන අවස්ථා තියෙනවා.

ඔබ හිතාගෙන ඉන්නේ හැම FOSS එකක්ම නොමිලේම දෙනවා කියලද. එතකොට Support & Services වලට Subscription ගෙවන්න වෙන ඒවා... ගොඩක්ම Propriotory වලට යන්නේ ඒවායේ පහසුව, පුහුනු කිරීමට ඇති පහසුව, අලෙවියෙන් පසු සේවය ආදී හේතු නිසා. එහෙම බැලුවහම FOSS වගේම Propriotory ත් අවශ්‍යයි. පරිගනක සාක්ශරතාවය මෙච්චර දියිනු විනේ Pirated Software නිසා.

Propriotory Software සමාගම් වලට මහා පරිමාන සහ රාජ්ය ආයතන වලින් විෂාල ආදායමක් ලැබෙනවා. Ofiice එකේදී Licenced Software පාවිච්චි කරන අය ගෙදර පරිගනකයේ Pirated දාගත්තට ඔය ලොකු Software Company වලට පාඩුවක් නැහැ!

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.