Pages

Thursday, May 21, 2009

එය වූ කලී ඉතා ආශ්වාදජනක හැඟීමකි


මුලු මහත් ශ්‍රී ලංකාවම දැන් එක රටක්. එක කොඩියයි දැන් මේ රටට තියෙන්නේ... තවත් මායිම් වලින් බෙදපු සිතියමක්. ඒ උන්ගෙ කෑල්ල, මේ අපේ කෑල්ල කියා කියන්න තවත් 'උන්' කියල කොටසක් ඉතුරු වෙලා නෑ. ඇත්තටම ඒක කොච්චර ආශ්වාදජනක හැඟීමක් ද? ඒක පැහැදිලි කරන්න අමාරුයි. රටක් ජාතියක්, පුද්ගලයෙක් දශක ගණනාවක් වෙහෙස වෙලා ලබාගන්න දේක වටිනාකම කොච්චර ඉහළයිද? දවස් ගණනක් එක දිගට මඩ වගුරු වල බැහැල ඉඳල, ජීවිතයත් මරණයත් අතර සටනක් කරල අවසානයේ ජය කණුව ස්පර්ශ කරන කොමාන්ඩෝ සෙබලෙක්ගෙ හිතේ ඇතිවන හැඟීම කොයි වගේ ඇත්ද? එවන් හැඟීමක් අත්විඳින්න තරම් මම වාසනාවන්තයෙක් නොවුණත්, වීරයෙක් නොවුණත්, ඒ හැඟීමෙන් කොටසක් හෝ විඳින්න මා ජීවත්වන උතුම් රටේ වීරත්වය මට ඉඩ දීල තියෙනවා...

ඒ හැඟීම අසමසමයි. ඒක හුදු ලිංගික තෘප්තියටත් වඩා වැඩියි. කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සෙ තම කාලය, ශ්‍රමය, ධනය ඇතුලු සියලු දේ කැප කරල ලබන ජයග්‍රහණය තමයි විශිෂ්ටතම ජයග්‍රහණය. එතකොට ඒක ජාතියකට ආදේශ කළාම? කොයි තරම් අනභිභවනීය ද? අතීතයට පමණක් සීමා වෙලා තිබ්බ සිංහල වීරත්වය වර්තමානයටත් ඇවිත් තියෙනවා. දැන් අපිත් වැඩකාර ජාතියක්. අපි අද්විතීයයි. තවදුරටත් අපේ බ්ලොග් අඩවි වලට Battle Progress Maps අවශ්‍ය නෑ. මගේ අඩවියේ තිබ්බ එකත් අද මම අයින් කළා. ඒක අයින් කරන කොට මහ ඇතිවෙච්ච හැඟීම? මම ඒක ගැන කතා නොකර ඉන්නම්.

එසේ නම් සමුගන්නට අවසරයි. ආයුබෝවන්
යුද්ධය. නැවතත් අපේ පැත්තෙ එන්න එපා. අපි ඔබ සදහටම විනාශ කළා...

ආඩම්බරයි සොයුර ආඩම්බරයි, ආඩම්බරයි..!!


2 comments:

Narada said...

"ඒ හැඟීම අසමසමයි. ඒක හුදු ලිංගික තෘප්තියටත් වඩා වැඩියි."

? ? ? ? ?

ඒ කතාව නම් හොඳ දෙයක් නෙමේ. දෙකේ වෙනසක් තියෙනවානේ.

! ! ! ! !

Chamitha said...

හෙ හේ... මෙහෙමයි, මිනිස්සු තෘප්තිය කියල හොයන දේවල් අතරින් වැදගත් එකක් වෙන ලිංගිකත්වයටත් වඩා කාලය සමඟ හරඹ කරල ලබන ජයග්‍රහණය වැදගත් කියන එකයි මම අදහස් කළේ. කොහොම වුණත් මේක පුද්ගලානුබද්ධයි. සමහරු තාවකාලික සුවයක් ලබනවා ලිංගිකත්වය වගේ දේකින්. තවත් සමහරු වෙනස් ආකාරයක සුවයක් ලබනවා තමන්ට හිමි 'කාර්යය' නිම කිරීමෙන්. කොහොම නමුත් දෙවැනුව සඳහන් කළ අවස්ථාවෙදි කෙනෙකුට ලැබෙන කිසිවක් නොදැනෙන, නොහැඟෙන, 'රික්තයක්' තුල ජීවත් වනවා මෙන් ලබන තත්ත්වය තමයි උතුම්ම සුවය කියල මම හිතන්නෙ. අදහස අපැහැදිලි නම් සමාවෙන්න. මට ඒක මීටත් වඩා පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ...

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.