Pages

Tuesday, May 5, 2009

ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්

ලෝකයේ සෑම දේශපාලනඥයෙකුටම අනිවාර්යයෙන් තිබිය යුතු සුදුසුකම කථිකත්වයයි. එය නැතිව දේශපාලනය කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. කථිකත්වය දේශපාලන ජනප්‍රියතාවයට හේතුවන ආකාරය පෙන්වීමට පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය කදිම උදාහරණයකි. බැරැක් ඔබාමාට ජනපති පුටුවට මූලිකවම හේතු වූයේ තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාමේදී ඔහු පෙන්වූ දක්ෂතාවයයි; නැතහොත් කථිකත්වයයි.

දේශපාලනය හා කථිකත්වය අතර ඇති සබඳතාව පෙන්වීමට ඇත්තටම එතරම් දුර බැහැරක යායුතු නැත. අප වෙසෙන ලංකාව ද ඊට ඇති තරම් උදාහරණ සපයයි. එකිනෙක විස්තර කිරීමට අවශ්‍ය නොවන්නේ ඔබට ඒ බව වටහාගැනීම එතරම් අමාරු නැති බැවිනි.

ඒවා කෙසේ වෙතත් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දේශපාලන කථිකයා ලෙස සැලකෙන්නේ ජර්මනියේ හිටපු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ය. මෙම කතාවන් නැරඹීමෙන් ඔබට ඒ පිළිබඳව හොඳ අදහසක් ලබාගත හැකිවනු ඇති...





7 comments:

Narada said...

කථිකත්වය යහපතට යෙදිය හැකිවුවත් විනාශයට යොදවනවා නොවැ.

C4 said...

ඔව් චමිත තමන්ගේ මතවාදය මිනිස්සුන්ගේ සිත් තුල තැම්පත් කිරිමට කථිකත්වය විසාල පිටුවහලක් වෙනවා
මිනිස්සුන් ගේ සංවෙදි මානසික නිල වලට කතාකරන්න පුලුවන් පුද්ගලයාට තම කර්ය කිරිමට ඉතාමත් පහසුයි

Gayan Kalhara said...

මම ගොඩක් ගරු කරන නායකයෙක් තමයි මේ. යුදෙව්වන් සම්බන්දව දුරදිග ගියත්. ජර්මනිය අද මේ තත්වයේ ඉන්නෙ (අන් ජාතීන් මේක කියන්න කොහොම අකමැති උනත්) හිට්ලර් නිසා. මිත්‍ර හමුදා විසින් ගෙන ගිය ප්‍රචාර නිසා ගොඩක් යටපත් උනත් පලමු ලෝක යුද්දෙන් කඩා වැටුනු ජර්මනිය අවුරුදු කිහිපයකින් ලොව බලවත්ම හමුදාවක් (මේකට මුහුණ දෙන්න රටවල් කීයක් එකතු උනාද?) හා ස්වයංපෝශිත ආර්තිකයකින් යුතු කලබව හංගන්ට බෑ. අනිත් එක දෙවෙනි ලෝක යුද්දෙ ඔච්චර ඉක්මනට පටන් ගන්නෙ නෑ. ජර්මනියෙ ආර්තික දියුණුවට (අද ඇමරිකාව මෙන්) එදා ඊර්ශ්‍යාවෙන් සිටි බ්‍රිතාන්‍ය ඇඟිල්ලෙන් ඇන ඇන කල දේවල් නොවේ නම්. උන්ට වුවමනා උනේ ජර්මනියෙන් ලැබුනු යුද වන්දියත්, ජර්මනිය සිටි ගැති යටත් විජිත ස්වභාවයත්

මම තවමත් විස්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අප රට ගොඩගැනීමට හැක්කේ ෆැසිස්ට් වාදයට බවයි.

සුද්දා අපට ප්‍රජාතන්ත්‍ර වාදය දුන්නේ රට ගැන ආදරයකට නොව නොනිල වශයෙන් දිගටම අප යටත්විජිතයක් මෙන් තබා ගැනීමට. අප්‍රිකා රටවල එකිනෙකා මරාගන්නා තත්වයට අද පත්වෙ ඇත්තේත් එයමයි. ඔවුන් අපරටේ එතරම් සාර්තක නොවුනේ අප සතුව තිබෙන බෞද්ධ සංස්කෘතිය නිසායි. ඒත් අදටත් වෙන හානිය සුලුපටු නෑ...

(ඔබ ඔබේ පාඨකයන් ගැන සිතන්නේ නම් කරුණාකර වර්ඩ් වෙරිෆිකේශනය ඉවත් කරන්න, ඔබට එයින් සැලසෙන ආරක්ශාවක් නෑ )

Sasika Nanayakkara said...

මෙසේ කථිකතවයෙන් ලොවම ජයගත් පුද්ගලයින් දැකිය හැක.මෙවැනි අය සේම මෙම කථිකත්වයෙන් නාගන්නා අයද දැකිය හැක.මොවුන්ද මේ අයුරින්ම දක්වනවා නම් මැනවි.

Chamitha said...

වර්ඩ් වෙරිෆිකේෂනය ඉවත් කරන ලදී. සොරි.com වෙන්න ඕනෙ සිද්ධ වෙච්ච කරදරේට. මට ඒක ගානක් ගියේ නෑ:-)

Ramachandra said...

@ගයාන්-බෲ‍නෝ ආපිට්ස් කියල ලේඛකයෙක්ගේ(ඔහු හිට්ලර්ගේ පාලන කාලයේ වද කදවුරක ජීවත්වූ ජර්මානු ජාතිකයෙක්)naked among wolves කියල කෘතියක් තියනවා.ඒක වෘකයන් අතර නග්නව කියල සිංහලයට හැරවිලා තියනවා.පුලුවන් නම් හොයාගෙන කියවන්න.
ඒක කියවලා ඉවර වෙලත් ෆැසිස්ට්වාදය හොදයි කියල ඔබ කියනවා නම් ඔබේ අදහසේ සිතා බැලිය යුතු යමක් තියනවා කියල කියන්න පුලුවන්

Anonymous said...

ඔබේ පැතුම් ඉක්මනටම ඉටුවේවි.
මම ඉන් අදහස් කරන්නේ නැහැ පවතින රජය පැසිස්ට් කියා.....එහෙත් එසේ වීමට ප්‍රධානීන් පොලඹවන ආකාරයේ පටු දේශප්‍රේමී රැළක් මෙරට බෝ වී ඇති බව පැහැදිලියි.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.