Pages

Friday, May 15, 2009

ප්‍රභාකරන් සියදිවි හානි කරගනී

මට මේ දැන් ලැබුණු නිල නොවන ආරංචියකින් ඉතාම වැදගත් පුවතක් කියවුණා. රූපවාහිනී සංස්ථාව ඇතුලෙන් තමයි මේක ඇවිත් තියෙන්නෙ. හරියටම ඇත්තද නම් දන්නෙ නැහැ. නමුත් කියන විදිහට, අවුරුදු 37ක් තිස්සෙ අපේ ශ්‍රී ලංකා මාතෘ භූමියට ශාපයක් වෙච්ච වේලුපිල්ලේ පිරබාහරන් නම් ත්‍රස්තවාදියා ඔහුගෙ සගයනුත් එක්ක සිය දිවි හානි කරගෙන..!!

ඔවුන්ගෙ සිරුරු හම්බ වෙල නෑ. කලින් කියල තිබ්බ විදිහටම ඒව ගිනි තියල විනාශ කරලලු. මේක ඇත්ත වෙන්න හොඳටම ඉඩකඩ තිබෙනවා.

දශක ගණනාවක් තිස්සෙ මේ රටේ ජනතාව පුල පුලා බලා සිටි මොහොත මේක වෙන්න පුලුවන්.....!!

ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාවන්ට හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොසැලෙන නායකත්වයට ජය වේවා..!!

ජය ශ්‍රී..!!

18 comments:

Chanaka Aruna Munasinghe said...

මතු ආත්ම භාවයන්වලදීවත් ත්‍රස්තවාදයෙන් අත්මිදේවා.
අවසානයේදී නිවන් සැප ලැබේවා !!!

පිස්සු පූසා said...

චැහ්...
කුදලං ඇවිත් එල්ලන්න තිබ්බනං තමා හොඳ...

වෙන මොකවත් නිසා නෙමේ... දෙමල ජනතාවගෙ විමුක්තිකාමියා විදියට පෙනී ඉඳලා අන්තිම මොහොතෙ ඒ මිනිස්සු පලිහක් කරගෙන බිල්ලට දෙන්න හදපු පාහර බල්ලෙක් නිසා.

මෙච්චරකල් උගේ පිට කහපු, පු* හෝදපු, කඩේ ගියපු එක සක්කිලියෙකුටවත් පෙනුනෙ නෑ ඕක. සටන් කරේ ඒ මිනිස්සුන්ගෙ විමුක්තියට නං ඇයි ඒ මිනිස්සුන්ට මුවා වෙලා ගැලවෙන්න හැදුවෙ? ඇයි ඒ මිනිස්සු බිල්ලට දෙන්න හැදුවෙ? දීපල්ලා මේවට උත්තර.

ඔය වගේ පාහර බල්ලන්ට රජ කාලෙ නං කලේ හතරට කපල හතර වාහල්කඩ වල එල්ලපු එක.

Thameera said...

මටත් ඔය ආරංචිය කොහෙන් කොහෙන් හරි ආව. විශ්වාස කරන්න පුළුවන්. සුසෙයිගෙ පවුලෙ අය බෝට්ටුවෙන් පැනල යන්න හැදුව කියන එකෙන් තේරෙන්නෙ උන්ට පනින්න පුළුවන් ‍හොඳම විදිය බෝට්ටුව කියන එක. මේකෙන් සුසෙයිවත් ප්‍රභාකරන්වත්‍ තාම පැනල නෑ කියන එකත් උන්ටත් බෝට්ටුවකින් ඇර පනින්න විදියක් නෑ කියන එකත් කියවෙනව.

අනිත් එක ප්‍රභාකරන් අපේ හමුදාව අතින් මැරෙන්න උන් ඉඩ තියන එකක් නෑ. සියදිවි නසාගෙන පුච්චල දාන එක තමයි විසඳුම.

අපේ මුර දේවතාවන්ට තුති!!!

Thameera said...

මටත් ඔය ආරංචිය කොහෙන් කොහෙන් හරි ආව. විශ්වාස කරන්න පුළුවන්. සුසෙයිගෙ පවුලෙ අය බෝට්ටුවෙන් පැනල යන්න හැදුව කියන එකෙන් තේරෙන්නෙ උන්ට පනින්න පුළුවන් ‍හොඳම විදිය බෝට්ටුව කියන එක. මේකෙන් සුසෙයිවත් ප්‍රභාකරන්වත්‍ තාම පැනල නෑ කියන එකත් උන්ටත් බෝට්ටුවකින් ඇර පනින්න විදියක් නෑ කියන එකත් කියවෙනව.

අනිත් එක ප්‍රභාකරන් අපේ හමුදාව අතින් මැරෙන්න උන් ඉඩ තියන එකක් නෑ. සියදිවි නසාගෙන පුච්චල දාන එක තමයි විසඳුම.

අපේ මුර දේවතාවන්ට තුති!!!

Chanaka Aruna Munasinghe said...

සුසෙයිගෙ පවුලෙ පැනල යාම කලින් සෙට් කර ගත්ත එකක් වෙන්නත් පුළුවන්. සුසෙයිගෙ නෝන කියන්නෙ කරුණා අම්මාන් ඇමති තුමාගේ අක්කදො නංගිදොනෙ.

ඒක කරුණාගෙ ටිකිරි මොලේ වෙන්න ඇති

budhajeewa said...

ඕක මැරුන කියල ප්‍රචාරෙ ඇරල මූ ගැන තියෙන අවධානෙ අඩු කරගෙන පනින්න හදනවද දන්නෙත් නෑ.

මතකද කරුණා ද කොහෙද කියල තිබ්බ මහත ඌරට සියදිවි හානි කරගන්න තරං ආත්‍ම ශක්‍තියක් නැතෙයි කියල ?

පොතේ ගුරා said...

ආරංචිය ඇත්තක් නම් ඉතින් මල් 7යි.. :)

Thilina said...

නිවුස් එක ඇත්ත නම් බඩුම තමා. ඒත් විශ්වාස කරන්න අමාරුයි. ඔය ප්‍රභාකරන් පොන්*යා නම් ලේසියෙන් මැරෙන එකෙක් නෙවේ.

යූත්මැක්ස් said...

ත්‍රස්තවාදියො ටික මැරුන නම් ඉක්මනටම සිවිල් ජනතාව මුදා ගන්න පුළුවන්. කට්ටිය මැරුනෙ සිවිල් ජනතාවත් එක්කම ද දන්නෙ නැහැ නේද.

Chamitha said...

මට ආරංචිය ආව විදිහට නිව්ස් එක රිලීස් කරන එක ආණ්ඩුව කල් යව යව ඉන්නවා ඉන්දියාවෙ ඉලෙක්ෂන් එකේ රිසාල්ට්ස් කියනකන්. ඇයි කියල නම් කියන්න බෑ.
කොහොම වුණත් ඔය පොර ඉක්මනට මැරිල යනව නම් ලොකු දෙයක්..;)

Sasika Nanayakkara said...

මේක ප්‍රභාගේ තව පැලැන් එකක් ද කියන්නත් බැහැනේ.කොහෙට හරි පැනලා සියදිවි නසාගෙන පුච්චලා දාල කිව්වාම අවධානය වෙනතකට යනවනේ.
හැබැයි මු සිය දිවි නසා ගෙන නම් හොදයි.එත් වෙන්න තිබුනේ පන පිටින් අහුවෙලා ලංකාවේ ත්‍රස්ථවාදයෙන් බැට කැ සියළුම ජනතාවට දෙන්න තිබ්බේ අවස්ථාවක් ගහල මරන්න නෙමේ කොනිත්තලා මරන්න.

Anu said...

නං හිතංන්නෑ. ඕක බොරු ප්‍රචාරයක් වෙන්න ඕනි. අවධානය අඩු කරන්න කරපු දෙයක් වෙන්න බැරි නෑ.

Anonymous said...

හෙහෙ...
ඕකව කිතිකවලා මරන්න තියෙන්නේ :D

Anu said...

ඔකව මරන්න හොද නෑ. වද දෙන්න ඕනි වයසට ගිහිං මැරෙනකං >:)

ශාකුන්තල | Shaakunthala said...

ප්‍රභා තවම මැරිලා නෑ නේද? මේක චමිතගේ සිහින කොදෙව්වෙ එක හීනයක්වත්ද?

Chamitha said...

හෙ හේ.. ශාකුන්තල අයියා මරු කතාව කිව්වෙ. ඒත් මේ නිව්ස් එක මට ආවෙ කලින් කිව්ව වගේ රූපවාහිනී සංස්ථාව ඇතුලෙන්. ඒක පරක්කු වෙල වත් සිද්ධ වෙන්න එපායැ. වෙලාද, වෙමින් පවතිනවද කියන එක තමයි දැන් ප්‍රශ්නෙ. මේ බලන්න: http://www.defence.lk/new.asp?fname=20090516_08

unpsuganthan13 said...

2009.05.17 ඉරිදා ලංකාදීපයේ 11වන පිටුව බලන්න.

Chamitha said...

අවසාන වශයෙන් බැලුවහම මගේ ආරංචි මාර්ගය වැරදියි. හෙ හේ... ප්‍රභාකරන් කියන බයගුල්ලට සියදිවි හානි කරගන්න තරම් වත් ආත්ම ශක්තියක් තිබිල නෑ...

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.