Pages

Sunday, May 31, 2009

Dead Poets Society (1989) - අග්‍රගණ්‍ය සම්භාව්‍ය චිත්‍රපටයක්

අද මම කියන්න යන්නෙ තවත් විශිෂ්ට ගණයේ සම්භාව්‍ය චිත්‍රපටයක් ගැන. 1989දී තිරගත වූ මේ චිත්‍රපටය රොබින් විලියම්ස් ගේ රංගනයෙන් හැඩ වෙලා තියනවා. මට මේක ගැන කිව්වෙ යසිත් ගනේආරච්චි අයියා. ඔහුට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා ඒ ගැන. ඒ වගේම ඔහුගෙ ලිස්ට් එකේ තවත් චිත්‍රපට කිහිපයක්ම මම බලන්න නියමිතයි. දැනට බාමින් පවතිනවා;-)

කතාව මෙහෙමයි. ටොඩ් ඇන්ඩර්සන් කියන්නෙ ඉතාමත්ම ලැජ්ජාශීලී ශිෂ්‍යයෙක්. ඔහුව යැවෙනවා එයාගෙ, කා අතරත් ජනප්‍රිය සහෝදරයා ඉගෙනගත්ත පාසලට. මේක නේවාසික පාසලක්. එහෙදී ඔහුගෙ room-mate වෙන්නෙ නීල්. ඔහු අති දක්ෂයෙක්; ටොඩ් ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, අධ්‍යාපනයටත් ඉතා ලැදියි, ඒ වගේම හැමෝගෙම හිත දිනාගත්ත චරිතයක්. මේ අතරෙ ඔවුන්ගෙ අලුත් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස පත්වෙලා එන්නෙ ජෝන් කීටිං. මොහු සම්ප්‍රදායෙන් මුලුමනින්ම බැහැර වෙච්ච පුද්ගලයෙක්. අධ්‍යාපනයයි බාහිර වැඩයි අතරෙ හිරවෙච්ච මේ පාසලේ ශිෂ්‍යයොන්ට ඔහු අමුතුම ආකාරයේ අත්දැකීම ලබා දෙනවා. ඔහු කවියට ඉතාම ලැදියි.

කවිය තමන්ගෙ ජීවිතයට එක් කරගන්න ආකාරය ඉතා අපූරුවට ඔහු කියාදෙනවා මේ ටොඩ් හා නීල් ඇතුලු ශිෂ්‍ය කැලට. ඒක ඉතා චමත්කාරජනක අත්දැකීමක්; ඉතාම කාව්‍යමයයි. ඔහු කියනවා අනෙක් සෑම විෂයකින්ම කෙරෙන්නෙ ජීවිතය ගොඩනගාගන්න අඩිතාලම වැටෙන එක, නමුත් ජීවිතය ජීවත් වෙන්න උගන්වන්නෙ කවියෙන් කියලා. මේ කරුණු ඉතාම තදින් හිතට කාවදිනවා සිසුන්ගෙ සිත් වලට. මේ අතර ඔහු වැදගත් හෙළිදරව්වක් කරනවා නීල් ඇතුලු ශිෂ්‍යයන්ට. ඒ තමයි මියැදුණු කවියන්ගේ සංගමය, Dead Poets Society ගැන. කතාව ඔච්චරයි; ඉතුරු ටික බලලම දැනගන්න:D

නමුත් එක ඉඟියක් දෙන්නම්. කතාවෙ අවසානය දුක්බරයි. අවසාන විනාඩිය ඉතාම හැඟීම්බරයි.....

නිෂ්පදිත වර්ෂය 1989 වුණත් ඉතාම හොඳ එකක් තියන පිටපතක් මට හම්බුණා. මේ තියෙන්නෙ ඒක. මම ඒකත් දුන්නෙ, සාමාන්‍යයෙන් මේ තරම් පැරණි චිත්‍රපටයක හොඳ පිටපතක් හොයාගන්න අමාරු නිසා....

2 comments:

Narada said...

Should Watch! Thanks for tips!

(Damn God, I have only 60GB limited internet connection! shik!)

පොතේ ගුරා said...

බලමු බලමු..එළ ෆිල්ම් එකක් වගෙ.. :)

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.