Pages

Monday, May 11, 2009

අංක එකේ චිත්‍රපටය: The Shawshank Redemption (1994)

IMDB වර්ගීකරණයේ පළමු ස්ථානයට එන චිත්‍රපටය ගැන තමයි මම අද කියන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මම මේක ගැන කලින් කිසිම දෙයක් අහල තිබ්බෙ නෑ. ඒ වර්ගීකරණයේ පළමු තැනට ආපු නිසාම තමයි මට බලන්න හිතුනෙ. විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් කියල අවිවාදයෙන් සඳහන් කරන්න පුලුවන්.

මම චිත්‍රපටයක දැකපු හොඳම හැරවුම (twist එක) තියෙන්නෙ මේකෙ කියල මට හිතෙනවා. සරලව කිව්වොත් මෙහෙමයි. ඔබ ඕනෑම චිත්‍රපටයක් බලද්දි ඒක ගැන යම් අදහසක් ඇතිකරගන්නවානෙ සාමාන්‍යයෙන්? ඉන්පසු ඒ ඔබ හදාගත්ත රාමුව තුල දිගටම ඉන්න උත්සාහ කරනවා. නමුත් පැය 2ක් ඒක බැලුවට පස්සෙ, අවසානයට මිනිත්තු දෙක තුනක් පමණක් තියෙද්දි ඒ හදාගත්ත රාමුව එක් වරම බිඳවැටුණොත්? අන්න ඒ වගේ දේකට තමයි ඔබට මේ චිත්‍රපටය බලද්දි මුහුණදෙන්න වෙන්නෙ.

දැන් මම කතාව කෙටියෙන් කියන්නම්. නමුත් ඉහත කරුණ නිසාම එය කියද්දි මට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙන්න යන දේ ගැන නිකමට වත් ඉඟියක් දුන්නොත් මේකෙ ඔබට නරඹා රසවිඳින්න දෙයක් නැතුව යන්න ඉඩ තියන නිසා.

ඇන්ඩෲ (ඇන්ඩි) ඩෆ්‍රස් කියන්නෙ බැංකුවක ඉහළ නිලයක් දරන පුද්ගලයෙක්. තාමත් ගොඩක් තරුණයි. නමුත් ඔහුට බොරුවට චෝදනා එල්ල වෙනව තමන්ගෙ බිරිඳ සහ ඇගේ පෙම්වතා මරාදැමීම සම්බන්ධව. (හ්ම්ම්... ඒක නම් මරන්නම වටින
දෙයක් කියන එක වෙනම කතාවක්). තමන්ගෙ නිර්දෝෂී බව ඔප්පු කරගන්න ඔහුට බැරි වෙනව. ඇන්ඩිට දඬුවම් නියම වෙනවා. නිව් ඉංග්ලන්ඩ් හි ශෝෂෑන්ක් බන්ධනාගාරයට ඔහු යැවෙනව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2කට..!! එක් පුද්ගලයෙකුට එක් වාරය බැගින්...

කතාවෙ වැඩිම කොටසක් වෙන්වන්නෙ ඔහුගෙ බන්ධනාගාර ජීවිතය වෙනුවෙන්. සාමාන්‍ය සිරකරුවෙකුගෙ ජීවිතයෙන් වෙනස් තමන්ගෙ බන්ධනාගාර ජීවිතය ඔහු සම්පූර්ණයෙන්ම කැප කරන්නෙ එහි දියුණුව සඳහා. පාලකයාගේ සිට, සෑම කෙනාගේම සිත දිනාගන්නා ඔහු ඒ තුල අලුත්ම පුස්තකාලයක් ගොඩනගනවා. ඒ අතරම මූල්‍ය පාලනය පිළිබඳ තම දැනුම උපයෝගී කරගෙන සියලුම පොලිස් නිලධාරීන්ගේ සහ අන් සියලුම පාලකයන්ගෙ බදු කටයුතු කරනව බන්ධනාගාරය තුලම ඉඳගෙන. අවසානයෙ තමා සිරබත් කන බන්ධනාගාරයම පත්වෙනව ඔහුගෙ කාර්යාලය බවට. ඒ කොතෙක්ද කියනව නම් ඔහුට වෙනම කාර්යාල කාමරයකුත් වෙන්වෙනව බන්ධනාගාරය තුල.

මේ අතරෙ බන්ධනාගාරයට එනව අලුත් සිරකරුවො පිරිසක්. ඒ අතරෙ ඉන්නව ඔහුව ඒ පත්වෙල ඉන්න තත්වයෙන් මුදාගන්න පුලුවන් කෙනෙක්. ඔහු දන්නවා ඇන්ඩිගෙ බිරිඳගෙ සැබෑ මිනීමරුව කවුද කියල. නමුත් ඔහුට හැකියාවක් ලැබෙන්නෙ නෑ ඇන්ඩිව බේරගන්න. ඔහුගෙ සේවය ලබාගන්නා පාලකයන් අතින්ම ඒ පුද්ගලයා මියයනව. ඇන්ඩිගෙ දෛවය ලියවෙන්නෙ ඔය ආකාරයට...

දෛවයේ කුරිරු සරදමට ලක් වූ පුද්ගලයෙකුගෙ රූපයක් දැන් ඔබේ සිත තුල මැවිල ඇති අනිවාර්යයෙන්ම. ඔවු ඔබ නිවැරදියි. නැත්තම් මෙහෙම විනැහියක් වෙයි යැ කිසිම කෙනෙකුට?

නමුත්...

නමුත් මම කතාව නවත්වනවා ඔතනින්. ඉතුරු ටික ඔයගොල්ලොම බලන්න.

එක්තරා ස්ථානයකදි ඔබ ගොඩනගාගත්ත චිත්‍රය බිඳවැටෙනව මුලුමනින්ම.
නමුත් කොහොමද? එකම එක ගල් කැට පහරකින්...!!

ගල් කැටයක්? හ හා.. මම දන්නව ඔබට තේරුම් ගන්න අමාරුයි. නමුත් මගෙන් නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. හිතට නැගුණු උභතෝකෝටිකය විසඳගන්න ඕනෙ නම් ඔබම බලල විසඳගන්න.

නමුත් මේ ටිකත් කලින් කියන්න ඕනෙ. මේ චිත්‍රපටය ඉතාම සම්භාවනීය එකක්. ත්‍රිලර් එකක් බලල ලැබෙන වින්දනය ලබාගන්න නම් මේක බලන්න එපා. ඉහත සිද්ධිය හැරුණම මේ මුලු චිත්‍රපටයම මිනිස් මනස ගැන තියුණු විවරණයක් වගේ. තමන්ගේ සියලුම සන්තකයන්ගෙන් වෙන්ව ජීවත් වන පුද්ගලයෙකුගෙ මනස ක්‍රියාකරන ආකාරය ඉතා අපූරු ලෙස මෙහි දැක්වෙනව පියවරෙන් පියවර. ඉතාම සංවේදියි...

ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් අධ්‍යක්ෂණය කළ ටිම් රොබින්ස්ගේ රංගනයෙන් හැඩගැන්වුණු The Shawshank Redemption (1994) ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වී තිබෙනවා...

"Fear can hold your prisoner
Hope can set you free"


ප.ලි. මේ ලිපියට දාන්න පින්තූරයක් හොය හොය යද්දි මට හම්බුනා නියම ලිපියක් Warez-BB එකේ. (මේ තියෙන්නෙ). ඔබට High Definition වීඩියෝ එකම බාගත කරන්න ඕනෙ නම් ඕක පාවිච්චි කරන්න. නමුත් මාසයක් විතර යයි. හික්ස්.. මේක VC-1 කොඩෙක් එකෙන් තියෙන්නෙ. මම ගණන් හදල බලපු විදියට මුලු සසිස් එක ගිගා බයිට් 30.38ක් පමණ. අනේ මන්ද, මේවත් බාන මිනිස්සු ඉන්නවද මන්දා...

10 comments:

රොයිලි said...

මම නම් torrent එක බෑවා.තාම බැලුවේ නෑ.බානව නම් මෙන්න link එක.

http://www.mininova.org/tor/919979

Anonymous said...

මේක ගැන අහලා තියෙනවා.. ඒත් බලන්න බැරි වුනා..බලන්න ඕනේ....

ඔත්තුවට ස්තුතියි

Saliya Ekanayake said...

This is the best film I have ever watched. I saw this in TV for the first time and then downloaded and watched again. Yes, it has the best twist.

Chamitha said...

@ everyone: මේ වගේ විශිෂ්ට ගණයේ සම්භාව්‍ය චිත්‍රපට වලට කැමති ටික දෙනෙක් හරි ඉන්නව කියන එක අහන්නත් සතුටුයි..:)

Unknown said...

1 of da best films i hav evr watched. watched when i was little..not dat little. mayb at grade 7. (if i rem corr..whn da MTV was MTV not MTV n Sirasa n Shakthi)
i really liked dis film evn thn. my 'the best' at da tym.i ddnt read ur whole article. only da 1st paragrph. the 'twist' was not dat surprising (2 me). it was not a totally unexpcted thng. bt still a gr8 'twist'.
ddnt kno its IMDB rankd 1st! well..it deserv it. a beautiful film. watch it, if u hav nt already. if u hav...watch it again aftr smtym. u myt find smthng new.

"Hope is a dangerous thing to lose"
-1 of my fav quotes (4m da film shawshank redemption (nice title))

-CZ-

Chamitha said...

@Crinpact: Yeah, it absolutely is a great movie. I know the 'twist' might not be totally unexpected. I too had the feeling that Andy might run away one day. But his method of action is, whoa, startling.

A must watch, in the end...

somebody-anybody said...

->
http://www.imdb.com/chart/top
http://www.imdb.com/title/tt0111161/


මේක සම්මාන ලැබෙන ජාතියෙ එකක් නම් නෙමෙයි!

පැය 1.30 කම්මැලි නැති Action Films බලද්දි පැය බාගයක් ගියාද කියලවත් තෙරෙන්නෙ නෑ නෙ!
මේකෙ කතාව පැය 2යි. ඒත් බලද්දි පැය 4ක් විත‍ර ගියා වගේ දැනුනා.
[ඒ වුණාට එක දිගට බලාගෙන ඉන්න පුළුවන්! :]


value of Life
value of Freedom
value of Time
value of Effort
value of Hope

Kanishka Hennayake said...

මේ 2010යි, 1994 ෆිල්ම් එකට අවුරුදු 16 යි… අදයි මේක බැලුවේ… කියලා වැඩක් නෑ, එල … තව අවුරුදු 100ක් ගියත් ඔනි කෙනෙක්ට ජිවිතය කියන්නේ මොකද්ද කියලා විදින්න වටින බයිස්කෝප් එකක් …

රත්නේ said...

ඇත්තටම බයිස්කෝ අඩවියෙ comment එකක තිබුනු link එකක් Click කරලා මම මේ පැත්තේ ආවේ.film එක ගැන හොද විස්තරයක්
මේතන තියනවා. ස්තුති

ගොඩාක්ම ලස්සනයි මට මේ ෆිල්ම් එක.

Chamila said...

මේක ගැන නම් කියල වැඩක් නැ.අයේ බලන්නම ඕනේ.හැබැයි මුළු චිත්‍රපටියම එක දිගට බලන්න ඕන.යේ මමනම් බලපු හොදම චිත්‍රපටියක්.elamakiri අයේ කතා දෙකක් නැ.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.